ත්‍රිපිටකය
(7) 2. පත්තකම්මවග්ගො (7) 2. පත්ත කම්ම වර්‍ගය
1. පත්තකම්මසුත්තං 1. පත්ත කම්ම සූත්‍රය
2. ආනණ්‍යසුත්තං 2. අනණසුඛ සූත්‍රය
62
අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච -
‘‘චත්තාරිමානි, ගහපති, සුඛානි අධිගමනීයානි ගිහිනා කාමභොගිනා කාලෙන කාලං සමයෙන සමයං උපාදාය. කතමානි චත්තාරි? අත්ථිසුඛං, භොගසුඛං, ආනණ්‍යසුඛං (අණණසුඛං (සී. ස්‍යා. කං. පී.)), අනවජ්ජසුඛං.
‘‘කතමඤ්ච, ගහපති, අත්ථිසුඛං? ඉධ, ගහපති, කුලපුත්තස්ස භොගා හොන්ති උට්ඨානවීරියාධිගතා බාහාබලපරිචිතා සෙදාවක්ඛිත්තා ධම්මිකා ධම්මලද්ධා . සො ‘භොගා මෙ අත්ථි උට්ඨානවීරියාධිගතා බාහාබලපරිචිතා සෙදාවක්ඛිත්තා ධම්මිකා ධම්මලද්ධා’ති අධිගච්ඡති සුඛං, අධිගච්ඡති සොමනස්සං. ඉදං වුච්චති, ගහපති, අත්ථිසුඛං.
‘‘කතමඤ්ච, ගහපති, භොගසුඛං? ඉධ, ගහපති, කුලපුත්තො උට්ඨානවීරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි පරිභුඤ්ජති පුඤ්ඤානි ච කරොති. සො ‘උට්ඨානවීරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි පරිභුඤ්ජාමි පුඤ්ඤානි ච කරොමී’ති අධිගච්ඡති සුඛං, අධිගච්ඡති සොමනස්සං. ඉදං වුච්චති, ගහපති, භොගසුඛං .
‘‘කතමඤ්ච, ගහපති, ආනණ්‍යසුඛං? ඉධ, ගහපති, කුලපුත්තො න කස්සචි කිඤ්චි ධාරෙති අප්පං වා බහුං වා. සො ‘න කස්සචි කිඤ්චි ධාරෙමි (කිඤ්චි වා දෙති (ක.)) අප්පං වා බහුං වා’ති අධිගච්ඡති සුඛං, අධිගච්ඡති සොමනස්සං. ඉදං වුච්චති, ගහපති, ආනණ්‍යසුඛං.
‘‘කතමඤ්ච, ගහපති, අනවජ්ජසුඛං? ඉධ, ගහපති, අරියසාවකො අනවජ්ජෙන කායකම්මෙන සමන්නාගතො හොති, අනවජ්ජෙන වචීකම්මෙන සමන්නාගතො හොති, අනවජ්ජෙන මනොකම්මෙන සමන්නාගතො හොති. සො ‘අනවජ්ජෙනම්හි කායකම්මෙන සමන්නාගතො, අනවජ්ජෙන වචීකම්මෙන සමන්නාගතො, අනවජ්ජෙන මනොකම්මෙන සමන්නාගතො’ති අධිගච්ඡති සුඛං, අධිගච්ඡති සොමනස්සං. ඉදං වුච්චති, ගහපති, අනවජ්ජසුඛං. ඉමානි ඛො, ගහපති, චත්තාරි සුඛානි අධිගමනීයානි ගිහිනා කාමභොගිනා කාලෙන කාලං සමයෙන සමයං උපාදායා’’ති.
‘‘ආනණ්‍යසුඛං ඤත්වාන, අථො අත්ථිසුඛං පරං;
භුඤ්ජං භොගසුඛං මච්චො, තතො පඤ්ඤා විපස්සති.
‘‘විපස්සමානො ජානාති, උභො භොගෙ සුමෙධසො;
අනවජ්ජසුඛස්සෙතං, කලං නාග්ඝති සොළසි’’න්ති. දුතියං;
62
“ඉක්බිති අනේපිඬු ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය.
“එකත්පසෙක හුන් අනාථ පිණ්ඩික ගෘහපතිහට භාග්‍යවතුන් වහන්සේ, “ගෘහපතිය, කාමභෝගී ගිහියා විසින් කලින් කල, අවස්ථාවෙන් අවස්ථාව ලැබියයුතු මේ සැප සතරක් වෙත්. කවර සතරක්ද යත්, අර්ත්‍ථ සුඛය, (ඇති සැපය), භොග සුඛය, (පරිභොග සැපය), අණන සුඛය, (ණය නැති සැපය), අනවජ්ජ සුඛය, (නිවරද සැපය) යන සතරයි.
“ගෘහපතිය, අර්ත්‍ථ සුඛය කවරේද? ගෘහපතිය, මෙහි කුල පුත්‍රයෙකුට උත්‍ථාන වීර්‍ය්‍යයෙන් සරිකර ගත් බාහු බලයෙන් රැස්කළ ඩහදිය වැගිරවීමෙන් දැහැමින් ලත් ධාර්මිකවූ වස්තුව ඇත්තේද, හෙතෙම උත්‍ථාන වීර්‍ය්‍යයෙන්, බාහු බලයෙන්, ඩහදිය වගුරුවීමෙන්, දැහැමින් ලත් ධාර්මික වස්තුව ඇතැයි සැපක් ලබයි. සොම්නසක් ලබයි. ගෘහපතිය, මේ අර්ත්‍ථ සුඛයයි.
“ගෘහපතිය, භොග සුඛය කවරේද? ගෘහපතිය, මෙහි කුලපුත්‍ර තෙම උත්‍ථාන වීර්‍ය්‍යයෙන්, බාහු බලයෙන්, ඩහදිය වගුරුවීමෙන්, ධර්මික කර්‍මයන්ගෙන්, දැහැමින් ලත් වස්තුව පරිභොග කරයි. පින්ද කරයි. හෙතෙම උත්‍ථාන වීර්‍ය්‍යයෙන් බාහු බලයෙන්, ඩහදිය වගුරුවීමෙන්, ධාර්මික විධියෙන් දැහැමින් ලත් වස්තුව පරිභොග කරමි, පින්ද කරමියි සැපක් ලබයි. ගෘහපතිය, මේ භොග සුඛයයි කියනු ලැබේ.”
“ගෘහපතිය, අණන සුඛය කවරේද, ගෘහපතිය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම ස්වල්පයක් හෝ බොහෝ හෝ කිසිවකුට කිසිවක් ණය නැත්තේද, හෙතෙම ස්වල්පයක් හෝ වැඩියක් හෝ කිසිවෙකුට කිසිවක් ණය නැතැයි සැපක් ලබයි. සොම්නසක් ලබයි. ගෘහපතිය, මේ අණන සුඛයයි.”
“ගෘහපතිය, අනවජ්ජ සුඛය කවරේද? ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නිවැරදි කාය කර්‍මයෙන් යුක්තවූයේ වේද, නිවැරදි වාක් කර්‍මයෙන් යුක්තවූයේ වේද, නිවැරදි මනො කර්‍මයෙන් යුක්තවූයේ වේද, හෙතෙම නිවැරදි කාය කර්‍මයෙන් යුක්තවූයේ වෙයි. නිවැරදි වාක් කර්‍මයෙන් යුක්තවූයේ වෙයි. නිවැරදි මනො කර්‍මයෙක් යුක්තවූයේ වෙමියි. සැපක් ලබයි. සොම්නසක් ලබයි. ගෘහපතිය, මේ අනවජ්ජ සුඛයයි කියනු ලැබේ. ගෘහපතිය, මේ සතර සැපය කාමභෝගී ගිහියා විසින් කලින් කල, අවස්ථාවෙන් අවස්ථාව ලැබිය යුත්තාහ.”
“අනවජ්ජ සුඛය දැන නැවත අර්ත්‍ථ සුඛය සිහි කරන්නේය. භොගය සුවසේ අනුභව කරණ මනුෂ්‍ය තෙම නැවත ප්‍රඥාවෙන් මනාසේ බලයි. නුවණින් බලන්නාවූ ඥානවන්ත පුද්ගල තෙමේ, පළමු සැප තුන අනවජ්ජ සුඛයාගේ සොලොස් කලාවෙන් කලාවටවත් නොඅගීයයි දැනගනියි.”
3. බ්‍රහ්මසුත්තං 3. සබ්‍රහ්මක (කුල) සූත්‍රය
4. නිරයසුත්තං 4. නිරයගාමී ධම්ම සූත්‍රය
5. රූපසුත්තං 5. රූප්පමාණ සූත්‍රය
6. සරාගසුත්තං 6. බන්‍ධන වඩ්ඪන සූත්‍රය
7. අහිරාජසුත්තං 7. අහිරාජ සූත්‍රය
8. දෙවදත්තසුත්තං 8. අත්තවධ (දෙව දත්ත) සූත්‍රය
9. පධානසුත්තං 9. පධාන චතුක්ක සූත්‍රය
10. අධම්මිකසුත්තං 10. අධම්මිකරාජ සූත්‍රය