(7) 2. පත්තකම්මවග්ගො | (7) 2. පත්ත කම්ම වර්ගය |
1. පත්තකම්මසුත්තං | 1. පත්ත කම්ම සූත්‍රය |
61
අථ
‘‘චත්තාරොමෙ
‘‘භොගෙ ලද්ධා සහධම්මෙන යසො මෙ ආගච්ඡතු සහ ඤාතීහි සහ උපජ්ඣායෙහීති, අයං දුතියො ධම්මො ඉට්ඨො කන්තො මනාපො දුල්ලභො ලොකස්මිං.
‘‘භොගෙ ලද්ධා සහධම්මෙන යසං ලද්ධා සහ ඤාතීහි සහ උපජ්ඣායෙහි චිරං ජීවාමි දීඝමායුං පාලෙමීති, අයං තතියො ධම්මො ඉට්ඨො කන්තො මනාපො දුල්ලභො ලොකස්මිං.
‘‘භොගෙ ලද්ධා සහධම්මෙන යසං ලද්ධා සහ ඤාතීහි සහ උපජ්ඣායෙහි චිරං ජීවිත්වා දීඝමායුං පාලෙත්වා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජාමීති, අයං චතුත්ථො ධම්මො ඉට්ඨො කන්තො මනාපො දුල්ලභො ලොකස්මිං. ඉමෙ ඛො, ගහපති, චත්තාරො ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං.
‘‘ඉමෙසං ඛො, ගහපති, චතුන්නං ධම්මානං ඉට්ඨානං කන්තානං මනාපානං දුල්ලභානං ලොකස්මිං චත්තාරො ධම්මා පටිලාභාය සංවත්තන්ති. කතමෙ චත්තාරො? සද්ධාසම්පදා, සීලසම්පදා, චාගසම්පදා, පඤ්ඤාසම්පදා.
‘‘කතමා
‘‘කතමා ච, ගහපති, සීලසම්පදා? ඉධ, ගහපති, අරියසාවකො පාණාතිපාතා පටිවිරතො හොති...පෙ.... සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. අයං වුච්චති, ගහපති, සීලසම්පදා.
‘‘කතමා ච, ගහපති, චාගසම්පදා? ඉධ, ගහපති, අරියසාවකො විගතමලමච්ඡෙරෙන
‘‘කතමා
‘‘ස ඛො සො, ගහපති, අරියසාවකො අභිජ්ඣාවිසමලොභො චිත්තස්ස උපක්කිලෙසොති, ඉති විදිත්වා අභිජ්ඣාවිසමලොභං චිත්තස්ස උපක්කිලෙසං පජහති. බ්යාපාදො චිත්තස්ස උපක්කිලෙසොති, ඉති විදිත්වා බ්යාපාදං චිත්තස්ස උපක්කිලෙසං පජහති. ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසොති, ඉති විදිත්වා ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසං පජහති. උද්ධච්චකුක්කුච්චං චිත්තස්ස
‘‘යතො ච ඛො, ගහපති, අරියසාවකස්ස
‘‘ස ඛො සො, ගහපති, අරියසාවකො උට්ඨානවීරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි චත්තාරි පත්තකම්මානි කත්තා හොති. කතමානි චත්තාරි? ඉධ ගහපති, අරියසාවකො උට්ඨානවීරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි අත්තානං සුඛෙති පීණෙති සම්මා සුඛං පරිහරති. මාතාපිතරො සුඛෙති පීණෙති සම්මා සුඛං පරිහරති. පුත්තදාරදාසකම්මකරපොරිසෙ සුඛෙති පීණෙති සම්මා සුඛං පරිහරති. මිත්තාමච්චෙ සුඛෙති පීණෙති සම්මා සුඛං පරිහරති. ඉදමස්ස පඨමං ඨානගතං හොති පත්තගතං ආයතනසො පරිභුත්තං.
‘‘පුන
‘‘පුන චපරං, ගහපති, අරියසාවකො උට්ඨානවීරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි පඤ්චබලිං කත්තා හොති - ඤාතිබලිං, අතිථිබලිං, පුබ්බපෙතබලිං, රාජබලිං, දෙවතාබලිං. ඉදමස්ස තතියං ඨානගතං හොති පත්තගතං ආයතනසො පරිභුත්තං.
‘‘පුන චපරං, ගහපති, අරියසාවකො උට්ඨානවීරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි යෙ තෙ සමණබ්රාහ්මණා මදප්පමාදා පටිවිරතා ඛන්තිසොරච්චෙ නිවිට්ඨා එකමත්තානං දමෙන්ති, එකමත්තානං සමෙන්ති, එකමත්තානං පරිනිබ්බාපෙන්ති, තථාරූපෙසු සමණබ්රාහ්මණෙසු උද්ධග්ගිකං දක්ඛිණං පතිට්ඨාපෙති සොවග්ගිකං සුඛවිපාකං සග්ගසංවත්තනිකං
‘‘ස ඛො සො, ගහපති, අරියසාවකො උට්ඨානවීරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි ඉමානි චත්තාරි පත්තකම්මානි කත්තා හොති. යස්ස කස්සචි, ගහපති, අඤ්ඤත්ර ඉමෙහි චතූහි පත්තකම්මෙහි භොගා පරික්ඛයං ගච්ඡන්ති, ඉමෙ වුච්චන්ති, ගහපති, භොගා අට්ඨානගතා අපත්තගතා අනායතනසො පරිභුත්තා. යස්ස කස්සචි, ගහපති, ඉමෙහි චතූහි පත්තකම්මෙහි භොගා පරික්ඛයං ගච්ඡන්ති, ඉමෙ වුච්චන්ති, ගහපති, භොගා ඨානගතා පත්තගතා ආයතනසො පරිභුත්තා’’ති.
‘‘භුත්තා භොගා භතා භච්චා
(ගතා භූතා (ක.) භටා භච්චා (ස්‍යා. කං.)), විතිණ්ණා ආපදාසු මෙ;
උද්ධග්ගා දක්ඛිණා දින්නා, අථො පඤ්චබලී කතා;
උපට්ඨිතා
‘‘යදත්ථං භොගං ඉච්ඡෙය්ය, පණ්ඩිතො ඝරමාවසං;
සො
‘‘එතං
ඉධෙව නං පසංසන්ති, පෙච්ච සග්ගෙ පමොදතී’’ති. පඨමං;
|
61
“ඉක්බිති අනේපිඬු ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය.
එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපතියාහට, “ගෘහපතිය, ලෝකයෙහි ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, දුර්ලභවූ මේ සතර ධර්ම කෙනෙක් වෙත්ය” යි වදාළසේක. “කවර සතර දෙනෙක්ද යත්, මට ධර්මයෙන්ම භෝගයෝ උපදිත්වා යනු ලෝකයෙහි ඉෂ්ටවූ, කැමති වන්නාවූ, මන වඩන්නාවූ, දුර්ලභවූ මේ පළමුවන කාරණයයි.
“ධර්මයෙන්ම භොගයන් ලැබ, ඤාතීන් සමග, උපාධ්‍යායයන් සමග මාගේ කීර්තිය උස්ව නගීවා යන ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ මෙය ලෝකයෙහි දුර්ලභවූ මේ දෙවෙනි කාරණයයි.”
“ධර්මයෙන්ම භොගයන් ලැබ, කීර්තිය ලැබ, ඤාතීන් හා උපාධ්‍යායයන් හා බොහෝ කල් ජීවත් වෙමි. දීර්ඝ කාලයක් ආයුෂ විඳිමියි යන ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ මෙය ලෝකයෙහි දුර්ලභවූ මේ තුන්වෙනි කාරණයයි.”
“ධර්මයෙන්ම භොගයන් ලැබ, කීර්තිය ලැබ, ඤාතීන් හා උපාධ්‍යායයන් සමග බොහෝ කල් ජීවත්වී, දීර්ඝ කාලයක් ආයුෂ පාලනය කොට කායයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදිමි යන ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ මෙය ලෝකයෙහි දුර්ලභවූ සතරවන කාරණයයි.”
“ලෝකයෙහි ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, දුර්ලභවූ, මේ කරුණු සතර වෙති. ලෝකයෙහි ඊෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ, දුර්ලභවූ මේ සතර ධර්මයන් ලැබීම පිණිස ධර්ම සතරක් පවතිත්. කවර සතරක්ද යත්,
“ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය යන සතරයි. ගෘහපතිය, ශ්‍රද්ධා සම්පත්තිය කවරීද?
“ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ශ්රද්ධාවත් වේද, ඒ භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූයහ, අනුත්තර පුරිසදම්ම සාරථීයහ, දෙවි මිනිසුන්ගේ ශාස්තෲයහ, චතුස්සත්‍යය අවබෝධ කලහ. භාග්‍යවත්හයි, තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය විශ්වාස කරයිද, ගෘහපතිය, මේ ශ්‍රද්ධා සම්පත්තියයයි කියනු ලැබේ.
“ගෘහපතිය, ශීල සම්පත්තිය කවරේද? “ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම, ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, පහවූ මසුරු මලින් යුත් සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද, ගෘහපතිය, මේ සීල සම්පත්තියයි කියනු ලැබේ.
“ගෘහපතිය, ත්‍යාග සම්පත්තිය කවරේද? ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම, පහවූ මසුරු මලින් යතු සිතින් ගෙයි වෙසේද, මුදවන ලද ත්‍යාග ඇත්තේද, ශුද්ධ කරණ ලද අත් ඇත්තේද, දානයෙහි ඇලුනේද, ඉල්ලීමට සුදුසු වූයේද, දීම, බෙදීම දෙකෙහි ඇලුනේද, ගෘහපතිය, මේ ත්‍යාග සම්පදායයි කියනු ලැබේ.
“ගෘහපතිය, ප්‍රඥා සම්පත්තිය කවරේද?
“ගෘහපතිය, අභිජ්ඣා, විෂමලෝභයෙන් මඩනාලද සිතින් වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු වරද්දයි. නොකටයුතුදේ කිරීමෙන්, කටයුතුදේ නොකිරීමෙන්, යසසින්ද, සැපයෙන්ද පිරිහෙයි. ගෘහපතිය, ව්‍යාපාදයෙන් මඩනාලද සිතින් වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු නොකරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපෙන්ද පිරිහෙයි. ගෘහපතිය, ථීනම්ද්‍ධයෙන් මඩනාලද සිතින් වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු නොකරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපෙන්ද පිරිහෙයි. ගෘහපතිය, උද්ධච්චකුක්කුච්චයෙන් යුක්තව වාසය කරන්නේ කටයුතු නොකරයි. නොකටයුතු කරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපයෙන්ද පිරිහෙයි. ගෘහපතිය, විචිකිච්ඡාවෙන් මඩනාලද සිතින් යුක්තව වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු නොකරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපෙන්ද පිරිහෙයි.
“ගෘහපතිය, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම අභිජ්ඣා විෂම ලෝභය සිතේ කිලුටකැයි මෙසේ දැන, සිතට උපක්ලේශවූ අභිජ්ඣා විෂම ලෝභය දුරුකරයි. ව්‍යාපාදය සිතේ කිලුටකැයි මෙසේ දැන, සිතට උපක්ලේශවූ ව්‍යාපාදය දුරලයි. ථීනම්ද්ධය සිතේ උපක්ලේශයකැයි දැන සිතට උපක්ලේශවූ ථීනම්ද්ධය දුරලයි. උද්ධච්චකුක්කුච්චය සිතේ උපක්ලෙශයකැයි දැන සිතට උපක්ලේශවූ උද්ධච්චකුක්කුච්චය දුරලයි. විචිකිච්ඡාව සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ විචිකිච්ඡාව දුරලයි. ගෘහපතිය, යම් කලක පටන් ආර්‍ය්‍ය ශ්රාවකයාට අභිජ්ඣා විෂම ලෝභය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ අභිජ්ඣා විෂම ලෝභය ප්‍රහීණවූයේ වේද, ව්‍යාපාදය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ ව්‍යාපාදය ප්‍රහීණවූයේ වේද, ථීනම්ද්ධය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ ථීනම්ද්ධය ප්‍රහීණවූයේ වේද, උද්ධච්චකුක්කුච්චය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණවූයේ වේද, විචිකිච්ඡාව සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ විචිකිච්ඡාව ප්‍රහීණවූයේ වේද, ගෘහපතිය, මේ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මහත් ප්‍රඥා ඇත්තේද, පැතුරුණු ඒ ඒ ප්‍රඥාව ඇත්තේද, පැමිණි දේ දන්නේද, ප්‍රඥාවෙන් සමන්විතවූයේද, ගෘහපතිය, මේ ප්‍රඥා සම්පදායයි කියනු ලැබේ.
“ගෘහපතිය, ඉෂ්ටවූ කාන්තවූ, මන වඩන්නාවූ, ලෝකයෙහි දුර්ලභවූ, මේ සතර ධර්මයන් ලැබීම පිණිස මේ සතර ධර්මයෝ පවතිත්.
“ගෘහපතිය, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම උට්ඨාන වීර්‍ය්‍යයෙන් පැමිණෙන ලද, අතේ බලයෙන් පුරුදුවූ, දහඩිය වැගිරවීමෙන් දැහැමින් ලද ධාර්මික භොගයන්ගෙන් කර්ම සතරක් කරන්නේ වේ. කවර සතරක්ද යත්,
“ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරන ලද ඩහදිය වගුරුවමින් දැහැමින් ලත් ධාර්මික වස්තුවෙන් තමා සුවපත් කරයි. පිනවයි. යහපත්සේ, සුවසේ පරිහරණය කරයි. මවු පියන් සුවපත් කරයි. පිනවයි. මනාකොට සුවසේ පරිහරණය කරයි. අඹු දරු දාස කම්කරු පුරුෂයන් සුවපත් කරයි. පිනවයි. මනාකොට, සුවසේ පරිහරණය කරයි. හිතවතුන් සුවපත් කරයි. පිනවයි. යහපත්සේ, සුවසේ පරිහරණය කරයි. මේ කරුණු සහිතව පරිභොග කරණ, යුක්ති සහගතව පරිභෝග කරණ කළයුතු දේ අනුව පරිභොග කරණ පළමුවෙනි කාරණය වන්නේය.
“ගෘහපතිය, නැවතද ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද, ඩහදිය වගුරවමින්, දැහැමින් ලත් ධාර්මික වස්තුවෙන් ගින්නෙන් හෝ ජලයෙන් හෝ රජුන්ගෙන් හෝ සොරුන්ගෙන් හෝ අප්‍රියයන්ගෙන් හෝ දායාද ගන්නවුන්ගෙන් හෝ යම් ඒ ආපදා කෙනෙක් වෙත්ද, එබඳු ආපදාවන්හිදී වස්තුව කරණකොටගෙන ඒ ආපදාවන් වලක්වා ගනියිද, තමා සුවපත් කරයිද, මේ කරුණු සහිතව පරිභෝග කරණ යුක්ති සහගතව පරිභොග කරණ, කළයුතුදේ අනුව පරිභොග කරණ දෙවෙනි කාරණයයි.
“ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වගුරුවමින් දැහැමින් ලත් ධාර්මික වස්තුවෙන් ඤාති බලි (නෑයන්ට දීම), ආගන්තුක බලි (ආගන්තුකයන්ට දීම), පුබ්බපෙත බලි (මළගියවුන් උදෙසා දෙන දාන), රාජ බලි (රජුන්ට දීම), දෙවතා බලි (දෙවියන්ට පිදීම), යන පඤ්චවිධ බලි දෙන්නේ වේද, මේ ඔහුගේ කරුණු සහිතව, යුක්ති සහිතව, කළයුතු දේ අනුව කරන තුන්වැනි පරිභෝගයයි.
“ගෘහපතිය, නැවත ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීමෙන්, උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලබන ලද, ධාර්මිකවූ, දැහැමින් ලද ධනයෙන්, මදයෙන් හා ප්‍රමාදයෙන් වෙන්වූ, ඉවසීමට හා සිල්වත් බවට බැසගත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ හුදකලාව තමාගේ ආත්මය දමනය කරත්ද, හුදකලාව තමාගේ සිත කෙලෙසුන්ගෙන් සංසිඳවත්ද, හුදකලාව තමන්ම ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවෙත්ද, එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි මතු මතු භූමීන්හි විපාක දෙන ස්වර්ගය පිණිස පවත්නා සැප විපාක ඇති අග්‍ර සැප පිණිස පවත්නා දක්ෂිණාව (දානය) පිහිටුවයිද, මේ ඔහුගේ කරුණු සහිතව, යුක්ති සහිතව කළයුතු දේ අනුව පවත්වන සතරවැනි පරිභෝගයයි.
“ගෘහපතිය, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීමෙන්, උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලබන ලද, ධාර්මිකවූ, දැහැමින් ලද ධනයෙන්, මේ යුතුකම් කරන්නේ වෙයි. ගෘහපතිය, යම් කිසිවකුගේ ධනය මේ යුතුකම් සතරින් වෙන්ව විනාශයට යත්ද, ගෘහපතිය, මේ භෝගයෝ අස්ථානයට පැමිණියාහුය. නුසුදුසු තැනට පැමිණියාහුය. යුතුකම් නොකොට පරිභොග කරණ ලදහයි කියනු ලැබේ. ගෘහපතිය, යම් කිසිවකුට මේ යුතුකම් සතරින් භොගයෝ ක්ෂය වෙතුද, ගෘහපතිය, මේ භොගයෝ නිසි තැනට පැමිණියාහුය. සුදුසු බවට පැමිණියාහුය. යුතුකම් කොට පරිභොග කළාහුයයි කියනු ලැබේ.
“මා විසින් වස්තුව පරිභොග කරන ලදී. පොෂ්ය කළ යුත්.ෝ පොෂ්ය කරන ලදහ. ආපදා එතෙර කරන ලදහ.”
“උසස් භූමීන්හි උපදින දක්ෂිණා දෙන ලදහ. තවද, පස්වැදෑරුම් බලි කරන ලදහ. සංයමවූ, බ්‍රහ්මචාරීවූ සිල්වත්හු උපස්ථාන කරන ලදහ. ගිහිගෙයි වාසය කරන්නාවූ පණ්ඩිත තෙමේ යම් අර්‍ත්‍ථයක් පිණිස වස්තුව කැමති වන්නේද,
“ඒ අර්ථයට මා විසින් පැමිණෙන ලදී. නොතැවිය යුත්ත කරන ලදී. පඤ්ච සීල නම් ආර්‍ය්‍ය ධර්මයෙහි පිහිටි මෙය සිහි කරන්නාවූ යම් මනුෂ්‍යයෙක් වේද, ඔහුට මෙලොවද ප්‍රශංසා කරත්. පරලොව ස්වර්ගයෙහි සතුටු වෙයි.”
|
2. ආනණ්යසුත්තං | 2. අනණසුඛ සූත්‍රය |
62
අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච -
‘‘චත්තාරිමානි, ගහපති, සුඛානි අධිගමනීයානි ගිහිනා කාමභොගිනා කාලෙන කාලං සමයෙන සමයං උපාදාය. කතමානි චත්තාරි? අත්ථිසුඛං, භොගසුඛං, ආනණ්‍යසුඛං
(අණණසුඛං (සී. ස්‍යා. කං. පී.)), අනවජ්ජසුඛං.
‘‘කතමඤ්ච, ගහපති, අත්ථිසුඛං? ඉධ, ගහපති, කුලපුත්තස්ස භොගා හොන්ති උට්ඨානවීරියාධිගතා බාහාබලපරිචිතා සෙදාවක්ඛිත්තා ධම්මිකා ධම්මලද්ධා
‘‘කතමඤ්ච, ගහපති, භොගසුඛං? ඉධ, ගහපති, කුලපුත්තො උට්ඨානවීරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි පරිභුඤ්ජති පුඤ්ඤානි ච කරොති. සො ‘උට්ඨානවීරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි පරිභුඤ්ජාමි පුඤ්ඤානි ච කරොමී’ති අධිගච්ඡති සුඛං, අධිගච්ඡති සොමනස්සං. ඉදං වුච්චති, ගහපති, භොගසුඛං
‘‘කතමඤ්ච, ගහපති, ආනණ්‍යසුඛං? ඉධ, ගහපති, කුලපුත්තො න කස්සචි කිඤ්චි ධාරෙති අප්පං වා බහුං වා. සො ‘න කස්සචි කිඤ්චි ධාරෙමි
(කිඤ්චි වා දෙති (ක.)) අප්පං වා බහුං වා’ති අධිගච්ඡති සුඛං, අධිගච්ඡති සොමනස්සං. ඉදං වුච්චති, ගහපති, ආනණ්‍යසුඛං.
‘‘කතමඤ්ච, ගහපති, අනවජ්ජසුඛං? ඉධ, ගහපති, අරියසාවකො අනවජ්ජෙන කායකම්මෙන සමන්නාගතො හොති, අනවජ්ජෙන වචීකම්මෙන සමන්නාගතො හොති, අනවජ්ජෙන මනොකම්මෙන
‘‘ආනණ්‍යසුඛං ඤත්වාන, අථො අත්ථිසුඛං පරං;
භුඤ්ජං භොගසුඛං මච්චො, තතො පඤ්ඤා විපස්සති.
‘‘විපස්සමානො ජානාති, උභො භොගෙ සුමෙධසො;
අනවජ්ජසුඛස්සෙතං, කලං නාග්ඝති සොළසි’’න්ති. දුතියං;
|
62
“ඉක්බිති අනේපිඬු ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය.
“එකත්පසෙක හුන් අනාථ පිණ්ඩික ගෘහපතිහට භාග්‍යවතුන් වහන්සේ, “ගෘහපතිය, කාමභෝගී ගිහියා විසින් කලින් කල, අවස්ථාවෙන් අවස්ථාව ලැබියයුතු මේ සැප සතරක් වෙත්. කවර සතරක්ද යත්, අර්ත්ථ සුඛය, (ඇති සැපය), භොග සුඛය, (පරිභොග සැපය), අණන සුඛය, (ණය නැති සැපය), අනවජ්ජ සුඛය, (නිවරද සැපය) යන සතරයි.
“ගෘහපතිය, අර්ත්ථ සුඛය කවරේද? ගෘහපතිය, මෙහි කුල පුත්‍රයෙකුට උත්ථාන වීර්‍ය්‍යයෙන් සරිකර ගත් බාහු බලයෙන් රැස්කළ ඩහදිය වැගිරවීමෙන් දැහැමින් ලත් ධාර්මිකවූ වස්තුව ඇත්තේද, හෙතෙම උත්ථාන වීර්‍ය්‍යයෙන්, බාහු බලයෙන්, ඩහදිය වගුරුවීමෙන්, දැහැමින් ලත් ධාර්මික වස්තුව ඇතැයි සැපක් ලබයි. සොම්නසක් ලබයි. ගෘහපතිය, මේ අර්ත්ථ සුඛයයි.
“ගෘහපතිය, භොග සුඛය කවරේද? ගෘහපතිය, මෙහි කුලපුත්‍ර තෙම උත්ථාන වීර්‍ය්‍යයෙන්, බාහු බලයෙන්, ඩහදිය වගුරුවීමෙන්, ධර්මික කර්මයන්ගෙන්, දැහැමින් ලත් වස්තුව පරිභොග කරයි. පින්ද කරයි. හෙතෙම උත්ථාන වීර්‍ය්‍යයෙන් බාහු බලයෙන්, ඩහදිය වගුරුවීමෙන්, ධාර්මික විධියෙන් දැහැමින් ලත් වස්තුව පරිභොග කරමි, පින්ද කරමියි සැපක් ලබයි. ගෘහපතිය, මේ භොග සුඛයයි කියනු ලැබේ.”
“ගෘහපතිය, අණන සුඛය කවරේද, ගෘහපතිය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම ස්වල්පයක් හෝ බොහෝ හෝ කිසිවකුට කිසිවක් ණය නැත්තේද, හෙතෙම ස්වල්පයක් හෝ වැඩියක් හෝ කිසිවෙකුට කිසිවක් ණය නැතැයි සැපක් ලබයි. සොම්නසක් ලබයි. ගෘහපතිය, මේ අණන සුඛයයි.”
“ගෘහපතිය, අනවජ්ජ සුඛය කවරේද? ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නිවැරදි කාය කර්මයෙන් යුක්තවූයේ වේද, නිවැරදි වාක් කර්මයෙන් යුක්තවූයේ වේද, නිවැරදි මනො කර්මයෙන් යුක්තවූයේ වේද, හෙතෙම නිවැරදි කාය කර්මයෙන් යුක්තවූයේ වෙයි. නිවැරදි වාක් කර්මයෙන් යුක්තවූයේ වෙයි. නිවැරදි මනො කර්මයෙක් යුක්තවූයේ වෙමියි. සැපක් ලබයි. සොම්නසක් ලබයි. ගෘහපතිය, මේ අනවජ්ජ සුඛයයි කියනු ලැබේ. ගෘහපතිය, මේ සතර සැපය කාමභෝගී ගිහියා විසින් කලින් කල, අවස්ථාවෙන් අවස්ථාව ලැබිය යුත්තාහ.”
“අනවජ්ජ සුඛය දැන නැවත අර්ත්ථ සුඛය සිහි කරන්නේය. භොගය සුවසේ අනුභව කරණ මනුෂ්‍ය තෙම නැවත ප්‍රඥාවෙන් මනාසේ බලයි. නුවණින් බලන්නාවූ ඥානවන්ත පුද්ගල තෙමේ, පළමු සැප තුන අනවජ්ජ සුඛයාගේ සොලොස් කලාවෙන් කලාවටවත් නොඅගීයයි දැනගනියි.”
|
3. බ්රහ්මසුත්තං | 3. සබ්‍රහ්මක (කුල) සූත්‍රය |
63
‘‘සබ්රහ්මකානි, භික්ඛවෙ
(ඉතිවු. 106), තානි කුලානි යෙසං පුත්තානං මාතාපිතරො අජ්ඣාගාරෙ පූජිතා හොන්ති. සපුබ්බාචරියකානි, භික්ඛවෙ, තානි කුලානි
‘‘බ්‍රහ්මාති, භික්ඛවෙ, මාතාපිතූනං
(මාතාපිතුන්නං (සී. පී.)) එතං අධිවචනං. පුබ්බාචරියාති, භික්ඛවෙ, මාතාපිතූනං එතං අධිවචනං. පුබ්බදෙවතාති
(පුබ්බදෙවාති (සී. ස්‍යා. කං.)), භික්ඛවෙ, මාතාපිතූනං එතං අධිවචනං. ආහුනෙය්යාති, භික්ඛවෙ, මාතාපිතූනං එතං අධිවචනං. තං කිස්ස හෙතු? බහුකාරා, භික්ඛවෙ, මාතාපිතරො, පුත්තානං ආපාදකා පොසකා ඉමස්ස ලොකස්ස දස්සෙතාරො’’ති.
‘‘බ්‍රහ්මාති මාතාපිතරො, පුබ්බාචරියාති වුච්චරෙ;
ආහුනෙය්යා ච පුත්තානං, පජාය අනුකම්පකා.
‘‘තස්මා
අන්නෙන අථ පානෙන, වත්ථෙන සයනෙන ච;
උච්ඡාදනෙන න්හාපනෙන, පාදානං ධොවනෙන ච.
‘‘තාය නං පාරිචරියාය, මාතාපිතූසු පණ්ඩිතා;
ඉධෙව නං පසංසන්ති, පෙච්ච සග්ගෙ පමොදතී’’ති. තතියං;
|
63
“මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මව් පියවරු සිය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත්ද, ඒ කුලයෝ බ්රාහ්මයා සහිත කුල වෙති. මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මව් පියවරු සිය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත්ද, ඒ කුලයෝ පූර්වාචාර්ය්යයන් සහිත වෙත්. මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මව් පියවරු සිය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත්ද, ඒ කුලයෝ පූර්වදේවතාවන් සහිතය. මහණෙනි, යම් පුත්‍ර කෙනෙකුන් විසින් මව් පියවරු සිය ගෘහයෙහි පුදන ලද්දාහු වෙත්ද, ඒ කුලයෝ දුර සිට ගෙනෙන ලද දෙය දීමට සුදුසු කුල වෙති.
“මහණෙනි, බ්‍රහ්ම යනු මවු පියන්ට නමකි. මහණෙනි, පූර්වාචාර්ය්ය යනු මවු පියන්ට නමකි. මහණෙනි, පූර්වදේවතා යනු මවු පියන්ට නමකි. මහණෙනි, ආහුනෙය්‍ය යනු මවු පියන්ට නමකි. ඊට හේතු කවරේද? මහණෙනි, මව්පියෝ පුත්‍රයන්ට බොහෝ උපකාර ඇත්තාහ. හදා වඩන්නෝය. පෝෂ්‍යය කරන්නෝය. මේ ලොව පෙන්වන්නාහුය.”
“ප්‍රජාවට අනුකම්පා කරණ මව්පියෝ පුත්‍රයන්ට බ්‍රහ්මයෝ යයිද, පූර්වාචාර්ය්යයෝ යයිද, දුර සිට ගෙනවුත් පිදිය යුත්තෝ යයිද, කියනු ලැබෙත්. එසේ හෙයින් ඤාණවන්ත තෙමේ ඔවුන් වඳින්නේය. ආහාරයෙන්ද, නැවත පානයෙන්ද, වස්ත්‍රයෙන්ද, සේනාසනයෙන්ද, ඇඟ ඉලීමෙන්ද, නැහැවීමෙන්ද, පා දෙවීමෙන්ද සත්කාර කරන්නේය.. මවුපියන් කෙරෙහි කරණ මේ උපකාරයන් මෙලොවම ඔහුට ප්‍රශංසා කරත්. පරලොව ස්වර්ගයෙහි සතුට වේය” යි වදාළ සේක.
|
4. නිරයසුත්තං | 4. නිරයගාමී ධම්ම සූත්‍රය |
64
‘‘චතූහි
‘‘පාණාතිපාතො අදින්නාදානං, මුසාවාදො ච වුච්චති;
පරදාරගමනඤ්චාපි, නප්පසංසන්ති පණ්ඩිතා’’ති. චතුත්ථං;
|
64
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ තැනැත්තේ ගෙන එන ලද්දාක් බිම හෙළුවාක් මෙන් නරකයෙහි උපදියි.
“කවර සතරකින්ද යත්. සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බිම හෙළුවාක් මෙන් නරකයෙහි උපදියි.”
“සතුන් මැරීමද, නුදුන් දේ ගැනීමද, බොරු කීමද, පරදාරාවන් කරා යාමද, පණ්ඩිතයෝ ප්‍රශංසා නොකෙරෙත්යයි කියනු ලැබේ.”
|
5. රූපසුත්තං | 5. රූප්පමාණ සූත්‍රය |
65
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ
‘‘යෙ ච රූපෙ පමාණිංසු
(යෙ ච රූපෙන පාමිංසු (සී. ස්‍යා. කං. පී.)), යෙ ච ඝොසෙන අන්වගූ;
ඡන්දරාගවසූපෙතා, නාභිජානන්ති තෙ ජනා
(න තෙ ජානන්ති තං ජනා (සී. ස්‍යා. කං. පී.)).
‘‘අජ්ඣත්තඤ්ච
සමන්තාවරණො බාලො, ස වෙ ඝොසෙන වුය්හති.
‘‘අජ්ඣත්තඤ්ච න ජානාති, බහිද්ධා ච විපස්සති;
බහිද්ධා ඵලදස්සාවී, සොපි ඝොසෙන වුය්හති.
‘‘අජ්ඣත්තඤ්ච පජානාති, බහිද්ධා ච විපස්සති;
විනීවරණදස්සාවී, න සො ඝොසෙන වුය්හතී’’ති. පඤ්චමං;
|
65
“මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි වෙත්. කවර සතර දෙනෙක්ද යත්, රූපය ප්‍රමාණයයි ගෙන, රූපයෙහි පැහැදෙන පුද්ගලයාය, ශබ්දය ප්‍රමාණයයි ගෙන, ශබ්දයෙහි පැහැදෙන පුද්ගලයාය, රූක්ෂ ප්‍රතිපත්තිය ප්‍රමාණයයි ගෙන, රූක්ෂ ප්රතිපත්තියෙහි පැහැදෙන පුද්ගලයාය, ධර්මය ප්‍රමාණයයි ගෙන, ධර්මයෙහි පැහැදෙන පුද්ගලයාය, මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.”
“යමෙක් රූපය ප්‍රමාණ කළාහුද, යමෙක් ශබ්දයෙහි පැහැදුනාහුද? ඡන්ද රාග වශයෙන් යුක්ත ඔවුහු ඒ ජනයා නොහඳුනත්. අධ්‍යාත්මයද නොදනිත්. පිටත්හි ප්රතිපත්තියද නොදනී. ඒකාන්තයෙන් ඒ බාල තෙම ශබ්දයෙන් පමණක් ප්‍රමාණ කරයිද, හාත්පසින් ආවරණවූයේ වේ. අධ්‍යාත්ම ගුණය නොදනීද, බාහිර ප්‍රතිපත්ති නොදනීද, බාහිර සත්කාර ඵල දක්නේ, හෙතෙමේද ශබ්දයෙන් මුලාවෙයි. අධ්‍යාත්ම ගුණය දනීද, බාහිර ප්රත්පත්ති නුවණින් දකීද, විවෘතව පෙනෙන ඔහු ශබ්දයෙන් මුළාවට ගෙන නොයයි.”
|
6. සරාගසුත්තං | 6. බන්ධන වඩ්ඪන සූත්‍රය |
66
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො? සරාගො, සදොසො, සමොහො, සමානො - ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මි’’න්ති.
‘‘සාරත්තා
මොහෙන ආවුතා
(අධමා (සී. ස්‍යා. කං. පී.)) සත්තා, බද්ධා
(බන්ධා (ක.)) වඩ්ඪෙන්ති බන්ධනං.
‘‘රාගජං දොසජඤ්චාපි, මොහජං චාපවිද්දසූ;
කරොන්තාකුසලං කම්මං
(ධම්මං (ක.)), සවිඝාතං දුඛුද්රයං.
‘‘අවිජ්ජානිවුතා පොසා, අන්ධභූතා අචක්ඛුකා;
යථා ධම්මා තථා සන්තා, න තස්සෙවන්ති
(නස්සෙවන්ති (සී.)) මඤ්ඤරෙ’’ති. ඡට්ඨං;
|
66
“මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයන් සතරදෙනෙක් විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්, රාග සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත, මාන සහිත පුද්ගලයෝය. මහණෙනි, මේ පුද්ගලයන් සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
“ඇලුම් කටයුතු දෙයෙහි ඇළුණු, ප්‍රිය රූපයන්ට තුටුවන, මෝහයෙන් බැඳුනු අධර්ම සත්ත්වයෝ බැම්ම වඩත්.” “අඥාන සත්ත්වයෝ රාගයෙන් හටගන්නාවූද, ද්වේෂයෙන් හටගන්නාවූද, මෝහයෙන් හටගන්නාවූද, දුක් සහිත මත්තෙහිද දුක් ගෙන දෙන අකුශල කර්ම කරත්.”
“අන්ධවූ, ප්‍රඥා චක්ෂුස රහිත අවිද්‍යාවෙන් වැසුණු පුරුෂයෝ රාගාදී ධර්මයන්හි සිටියාහු එබඳු සත්ත්‍වයෝයයි නොහඟිත්.”
|
7. අහිරාජසුත්තං | 7. අහිරාජ සූත්‍රය |
67
එකං
‘‘න හි නූන
(න හ නූන (සී. ස්‍යා. කං. පී.)) සො, භික්ඛවෙ, භික්ඛු චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරි. සචෙ හි සො, භික්ඛවෙ, භික්ඛු චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරෙය්ය, න හි සො, භික්ඛවෙ, භික්ඛු අහිනා දට්ඨො කාලඞ්කරෙය්‍ය.
‘‘කතමානි චත්තාරි? විරූපක්ඛං අහිරාජකුලං, එරාපථං අහිරාජකුලං, ඡබ්යාපුත්තං අහිරාජකුලං, කණ්හාගොතමකං අහිරාජකුලං. න හි නූන සො, භික්ඛවෙ, භික්ඛු ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරි. සචෙ හි සො, භික්ඛවෙ, භික්ඛු ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරෙය්ය, න හි සො, භික්ඛවෙ, භික්ඛු අහිනා දට්ඨො කාලඞ්කරෙය්‍ය.
‘‘අනුජානාමි, භික්ඛවෙ, ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරිතුං අත්තගුත්තියා අත්තරක්ඛාය අත්තපරිත්තායා’’ති.
(චූළව. 251; ජා. 1.2.105 පස්සිතබ්බං) ‘‘විරූපක්ඛෙහි මෙ මෙත්තං, මෙත්තං එරාපථෙහි මෙ;
ඡබ්යාපුත්තෙහි මෙ මෙත්තං, මෙත්තං කණ්හාගොතමකෙහි ච.
‘‘අපාදකෙහි මෙ මෙත්තං, මෙත්තං ද්විපාදකෙහි
(දිපාදකෙහි (සී. ස්‍යා. කං. පී.)) මෙ;
චතුප්පදෙහි
‘‘මා
මා මං චතුප්පදො හිංසි, මා මං හිංසි බහුප්පදො.
‘‘සබ්බෙ සත්තා සබ්බෙ පාණා, සබ්බෙ භූතා ච කෙවලා;
සබ්බෙ භද්‍රානි පස්සන්තු, මා කඤ්චි
(කිඤ්චි (ස්‍යා. කං. ක.)) පාපමාගමා.
‘‘අප්පමාණො
අප්පමාණො සඞ්ඝො, පමාණවන්තානි සරීසපානි
(සිරිංසපානි (සී. ස්‍යා. කං. පී.)).
‘‘අහිවිච්ඡිකා සතපදී, උණ්ණනාභී සරබූ මූසිකා;
කතා මෙ රක්ඛා කතා මෙ පරිත්තා
(කතං මෙ පරිත්තං (?)), පටික්කමන්තු භූතානි;
සොහං නමො භගවතො, නමො සත්තන්නං සම්මාසම්බුද්ධාන’’න්ති. සත්තමං;
|
67
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර අසල, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි සැවැත් නුවර එක්තරා භික්ෂුවක් සර්පයකු විසින් දෂ්ට කරණ ලද්දේ කළුරිය කළේ විය. ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නාහුය. එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, සැවැත්නුවර එක්තරා භික්ෂුවක් සර්පයකු විසින් දෂ්ට කරණ ලදුව කළුරිය කරණ ලද්දේය” යි කීවාහුය.
“මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව සතර සර්පරාජ කුලයන් වෙත මෛත්‍රී සිත නොපැතිරවිය. මහණෙනි, ඉදින් ඒ භික්ෂුව සතර සර්පරාජ කුලයන් වෙත මෛත්‍රී සිත පැතිරවූයේ නම්, මහණෙනි, ඒ භික්ෂුව සර්පයකු විසින් දෂ්ට කරණ ලදුව කළුරිය නොකරන්නේය.
“සතර සර්පරාජ කුලයෝ කවරහුද? විරූපාක්ෂ නම් සර්පරාජ කුලය, එරාපථ නම් සර්පරාජ කුලය, ඡබ්‍යා පුත්ත නම් සර්පරාජ කුලය, කණ්හා ගොතම නම් සර්පරාජ කුලය, යන සතරයි.”
“මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව සතර සර්පරාජ කුලයන් වෙත මෛත්‍රී සිත නොපැතිරවිය. මහණෙනි, ඉදින් ඒ භික්ෂුව සතර සර්පරාජ කුලයන් වෙත මෛත්‍රී සිත පැතිරවූයේ නම්, මහණෙනි, ඒ භික්ෂුව සර්පයකු විසින් දෂ්ට කරණ ලදුව කළුරිය නොකරන්නේය.
“මහණෙනි, මේ සතර අහිරාජ කුලයන් තමාගේ ගොපනය පිණිස, තමාගේ ආරක්ෂාව පිණිස, තමාගේ රැකවරණ පිණිස, මෛත්‍රී සිතින් පතුරුවන්නට අනු දනිමි.”
“මාගේ මෛත්‍රිය විරූපාක්ෂ නාග කුලයන් වෙත වේවා. මාගේ මෛත්‍රිය එරාපථ නාග කුලය වෙත වේවා. මාගේ මෛත්‍රිය ඡබ්‍යා පුත්ත නාග කුලය වෙත වේවා. මාගේ මෛත්‍රිය කණ්හා ගොතමක නාග කුලය වෙත වේවා.”
“මාගේ මෛත්‍රිය පා නැත්තන් වෙත වේවා. මාගේ මෛත්‍රිය දෙපා ඇත්තන් වෙත වේවා. මාගේ මෛත්‍රිය සතර පා ඇත්තන් වෙත වේවා. මාගේ මෛත්‍රිය බොහෝ පා ඇත්තන් වෙත වේවා. පා නැත්තෙක් මා, නොපෙලාවා, දෙපා ඇත්තෙක් මා, නොපෙලාවා, සතර පා ඇත්තෙක් මා නොපෙලාවා, බොහෝ පා ඇත්තෙක් මා නොපෙලාවා,
“සියලු සත්ත්වයෝ, සියල් ප්‍රාණීහු, සියලු භූතයෝ, සියල්ලෝ යහපත දකිත්වා. කිසි දුකක් නොපැමිණේවා.
“බුදුරජ තෙම අප්‍රමාණ ගුණ ඇත්තේය. ධර්මය අප්‍රමාණ ගුණ ඇත්තේය. සංඝයා අප්‍රමාණ ගුණ ඇත්තේය. ප්‍රමාණවත් බඩගානා සර්පයෝද, ගෝනුස්සා්ද, පත්තෑයෝද, මකුළුවෝද, හිකනල්ලුද, හූනෝද, මීයෝද මා විසින් ආරක්ෂා කරණ ලද්දාහ. මා විසින් ගොපනය කරණ ලද්දාහුය. භූතයෝ දුරු වෙත්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි. සත් බුදුවරයන්ට නමස්කාර කරමි.”
|
8. දෙවදත්තසුත්තං | 8. අත්තවධ (දෙව දත්ත) සූත්‍රය |
68
එකං
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, කදලී අත්තවධාය ඵලං දෙති, පරාභවාය ඵලං දෙති; එවමෙවං ඛො, භික්ඛවෙ, අත්තවධාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි, පරාභවාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි.
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, වෙළු අත්තවධාය ඵලං දෙති, පරාභවාය ඵලං දෙති; එවමෙවං ඛො, භික්ඛවෙ, අත්තවධාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි, පරාභවාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි.
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, නළො අත්තවධාය ඵලං දෙති, පරාභවාය ඵලං දෙති; එවමෙවං ඛො, භික්ඛවෙ, අත්තවධාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි, පරාභවාය දෙවදත්තස්ස
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, අස්සතරී අත්තවධාය ගබ්භං ගණ්හාති, පරාභවාය ගබ්භං ගණ්හාති; එවමෙවං ඛො, භික්ඛවෙ, අත්තවධාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි, පරාභවාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදී’’ති.
‘‘ඵලං
සක්කාරො කාපුරිසං හන්ති, ගබ්භො අස්සතරිං යථා’’ති
(චූළව. 335; සං. නි. 1.183; 2.184; නෙත්ති. 90). අට්ඨමං;
|
68
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ, රජගහ නුවර ගිජුකුළු පව්වෙහි.දෙව්දත් තෙරුන් වහන්සේ ගිය නොබෝ කල්හි වාසය කරණ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් තෙරුන් වහන්සේ අරභයා භික්ෂූන් ආමන්ත්‍රණය කළ සේක.
“මහණෙනි, දෙව්දත්හට ලාභ, සත්කාර, ප්‍රශංසා තමාගේ විනාශය පිණිස පහළවිය. මහණෙනි, යම්සේ කෙසෙල් ගස තම විනාශය පිණිස පූදියිද, පිරිහීමට පූදියිද, මහණෙනි, එසේම දෙව්දත්හට ලාභ, සත්කාර, ප්‍රශංසා තම විනාශය පිණිස විය. දෙව්දත්හට ලාභ, සත්කාර, ප්‍රශංසා පිරිහීමට පහළවිය. මහණෙනි, යම්සේ හුණගස තම විනාශය පිණිස පූදියිද, පිරිහීමට පූදියිද, මහණෙනි, එසේම දෙව්දත්හට තම විනාශය පිණිස ලාභ, සත්කාර, ප්‍රශංසා පහළ විය. පිරිහීමට ලාභ, සත්කාර, ප්‍රශංසා පහළවිය.
“මහණෙනි, යම්සේ බට ගස තමාගේ විනාශය පිණිස පූදියිද, පිරිහීම පිණිස පූදියිද, එසේම දෙව්දත්හට තම විනාශය පිණිස ලාභ, සත්කාර, ප්‍රශංසා පහළ විය. පිරිහීමට ලාභ, සත්කාර, ප්‍රශංසා පහළවිය. මහණෙනි, යම්සේ වෙළඹ තම විනාශය පිණිස ගැබ් ගනියිද, පිරිහීම පිණිස ගැබ් ගනියිද, මහණෙනි, එසේම දේවදත්තහට තම විනාශය පිණිස ලාභ, සත්කාර, ප්‍රශංසා පහළ විය.”
“ඒකාන්තයෙන් යම්සේ ඵලය කෙසෙල් ගස නසයි. හුණගස ඵලය නිසා නැසෙයි. බට ගස ඵලය නිසා නැසෙයි. ගර්භය වෙළඹ නසයි. සත්කාරය නින්දිත පුරුෂයන් නසයි.”
|
9. පධානසුත්තං | 9. පධාන චතුක්ක සූත්‍රය |
69
‘‘චත්තාරිමානි
‘‘කතමඤ්ච, භික්ඛවෙ, පහානප්පධානං? ඉධ, භික්ඛවෙ, භික්ඛු උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉදං වුච්චති, භික්ඛවෙ, පහානප්පධානං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, භාවනාප්පධානං? ඉධ, භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉදං වුච්චති, භික්ඛවෙ, භාවනාප්පධානං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, අනුරක්ඛණාප්පධානං? ඉධ, භික්ඛවෙ, භික්ඛු උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉදං
‘‘සංවරො ච පහානඤ්ච, භාවනා අනුරක්ඛණා;
එතෙ පධානා චත්තාරො, දෙසිතාදිච්චබන්ධුනා;
යො හි
(යෙහි (?)) භික්ඛු ඉධාතාපී, ඛයං දුක්ඛස්ස පාපුණෙ’’ති. නවමං;
|
69
“මහණෙනි, මේ ප්‍රධාන වීර්‍ය්‍ය සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්. සංවරය පිණිස පවත්නා ප්‍රධාන වීර්‍ය්‍ය, කෙලෙස් ප්රහාණය පිණිස පවත්නා (ප්‍රධාන) වීර්‍ය්‍ය, කුශල ධර්මයන් වැඩීම පිණිස පවත්නා (ප්‍රධාන) වීර්‍ය්‍යය, කුශල ධර්මයන් ආරක්ෂා කිරීම පිණිස පවත්නා (ප්‍රධාන) වීර්‍ය්‍ය, යන සතරයි.
“මහණෙනි, සංවර ප්‍රධානය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්මයන් නොඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍යය පටන් ගනීද, සිත පිහිටුවයිද, ප්‍රධන් වීර්‍ය්‍ය කරයිද, මහණෙනි, මේ සංවර ප්රධානයයි කියනු ලැබේ.
“මහණෙනි, ප්‍රහාණ ප්‍රධානය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම උපන් ලාමක අකුශල ධර්මයන් පහකිරීම පිණිස කැමැත්ත ඇති කරයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍යය කරයිද, සිත යොදවයිද, ප්‍රධන් වීර්‍ය්‍ය කරයිද,
මේ ප්‍රහාණ ප්රධානයයි කියනු ලැබේ.
“මහණෙනි, භාවනා ප්‍රධානය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නූපන් කුශල ධර්මයන් ඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍යය පටන් ගනීද, සිත යොදවයිද, ප්‍රධන් වීර්‍ය්‍ය කරයිද, මේ භාවනා ප්රධානයයි කියනු ලැබේ.
“මහණෙනි, අනුරක්ෂණ ප්‍රධානය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම උපන් කුශල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, මුළාවීම නොවීම පිණිස, වැඩිවීම පිණිස, විපුලත්වයට යාම පිණිස, සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍යය පටන් ගනීද, සිත යොදවයිද, ප්‍රධන් වීර්‍ය්‍ය කරයිද, මහණෙනි, මේ අනුරක්ෂණ ප්රධානයයි කියනු ලැබේ. මහණෙනි, මේ සතර ප්රධානයෝයි.
“යම් හෙයකින් මෙහි භික්ෂු තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ වේද, දුක්ඛයන්ගේ ක්ෂය බවට පැමිණෙයිද, ඒ වීර්‍ය්‍යයෝ සංවරයද, ප්‍රහාණයද, භාවනාවද, අනුරක්ෂණයදැයි ප්‍රධාන සතර, සූර්ය්ය වංශයෙහිවූ බුදුරජානන් වහන්සේ විසින් වදාරණ ලදහ.”
|
10. අධම්මිකසුත්තං | 10. අධම්මිකරාජ සූත්‍රය |
70
‘‘යස්මිං
‘‘යස්මිං, භික්ඛවෙ, සමයෙ රාජානො ධම්මිකා හොන්ති, රාජායුත්තාපි තස්මිං සමයෙ ධම්මිකා හොන්ති. රාජායුත්තෙසු ධම්මිකෙසු බ්රාහ්මණගහපතිකාපි තස්මිං සමයෙ ධම්මිකා හොන්ති. බ්රාහ්මණගහපතිකෙසු ධම්මිකෙසු නෙගමජානපදාපි තස්මිං සමයෙ ධම්මිකා හොන්ති. නෙගමජානපදෙසු ධම්මිකෙසු සමං චන්දිමසූරියා පරිවත්තන්ති. සමං චන්දිමසූරියෙසු පරිවත්තන්තෙසු සමං නක්ඛත්තානි තාරකරූපානි පරිවත්තන්ති. සමං නක්ඛත්තෙසු තාරකරූපෙසු පරිවත්තන්තෙසු සමං රත්තින්දිවා පරිවත්තන්ති. සමං රත්තින්දිවෙසු පරිවත්තන්තෙසු සමං මාසද්ධමාසා පරිවත්තන්ති. සමං මාසද්ධමාසෙසු පරිවත්තන්තෙසු සමං උතුසංවච්ඡරා පරිවත්තන්ති. සමං උතුසංවච්ඡරෙසු පරිවත්තන්තෙසු සමං වාතා වායන්ති සමා පඤ්ජසා. සමං වාතෙසු වායන්තෙසු සමෙසු පඤ්ජසෙසු දෙවතා අපරිකුපිතා භවන්ති. දෙවතාසු අපරිකුපිතාසු දෙවො සම්මා ධාරං අනුප්පවෙච්ඡති. දෙවෙ සම්මා ධාරං අනුප්පවෙච්ඡන්තෙ සමපාකානි සස්සානි භවන්ති. සමපාකානි, භික්ඛවෙ, සස්සානි මනුස්සා පරිභුඤ්ජන්තා දීඝායුකා ච හොන්ති වණ්ණවන්තො ච බලවන්තො ච අප්පාබාධා චා’’ති.
‘‘ගුන්නං
සබ්බා තා ජිම්හං ගච්ඡන්ති, නෙත්තෙ ජිම්හං ගතෙ සති.
‘‘එවමෙවං මනුස්සෙසු, යො හොති සෙට්ඨසම්මතො;
සො චෙ අධම්මං චරති, පගෙව ඉතරා පජා;
සබ්බං
‘‘ගුන්නං චෙ තරමානානං, උජුං ගච්ඡති පුඞ්ගවො;
සබ්බා තා උජුං ගච්ඡන්ති, නෙත්තෙ උජුං ගතෙ සති.
‘‘එවමෙවං
සො සචෙ
(සො චෙව (සී. පී.), සො චෙ (ස්‍යා.)) ධම්මං චරති, පගෙව ඉතරා පජා;
සබ්බං
|
70
“මහණෙනි, යම් කාලයෙක්හි රජවරු අධාර්මික වෙත්ද, ඒ කාලයෙහි රාජකාර්‍ය්‍යයෙහි නියුක්ත පුරුෂයෝද අධාර්මික වෙත්. මහණෙනි, ඒ රාජකාර්‍ය්‍යයන්හි නියුක්ත පුරුෂයන් අධාර්මිකවූ කල්හි, බමුණු ගැහැවියෝද අධාර්මික වෙත්. බමුණු ගැහැවියන් අධාර්මිකවූ කල්හි, නියම්ගම් දනව් වාසීහුද, අධාර්මික වෙත්. නියම්ගම් දනව් වැසියන්, අධාර්මික වූ කල්හි චන්ද්‍ර සූර්‍ය්‍යයෝ විෂමව ගමන් කරත්. චන්ද්‍ර සූර්ය්යයන් විෂමව ගමන් කරන කල්හි නැකැත් හා තරු විෂමව යත්. නැකැත් හා තරු විෂමව යන කල්හි රෑ දාවල් විෂම වෙත්. රෑ දාවල් විෂම වන කල්හි, මාස අර්ධ මාසයෝ විෂම වෙත්. මාස අර්ධ මාස විෂමවූ කල්හි, ඎතු සංවත්සර විෂම වෙත්. ඎතු සංවත්සර විෂම වූ කල්හි වාතයෝ විෂමව හමත්. මාර්ගයේ නොහමත්. විෂම මාර්ගයන්හි, විෂම වාතයන් හමන කල්හි දෙවියෝ කිපෙත්. දෙවියන් කුපිතවූ කල්හි වළාකුළු මනාව ධාරා නොහෙළත්. වළාකුළු මනාව ධාරා නොහෙළන කළ විෂමව පැසෙන ශස්යයෝ වෙත්. මහණෙනි, විෂමව පැසෙන ශස්‍ය අනුභව කරණ මනුෂ්‍යයෝ අලුපායුෂ්ක වූවාහු, දුවර්‍ණ වූවාහු, දුර්වල වූවාහු, බොහෝ ලෙඩ ඇත්තාහු වෙත්.
“මහණෙනි, යම් කාලයක රජවරු ධාර්මික වෙත්ද, ඒ කාලයෙහි රාජකාර්‍ය්‍යයෙහි නියුක්තයෝද ධාර්මික වෙත්. රාජකාර්‍ය්‍යයන්හි නියුක්තයන් ධාර්මික කල්හි බමුණු ගැහැවියන්ද ධාර්මික වෙත්. බමුණු ගැහැවියන් ධාර්මික කල්හි නියම්ගම් දනව් වැස්සෝ ඒ කාලයෙහි ධාර්මික වෙත්. නියම්ගම් දනව් වැසියන් ධාර්මික කල්හි චන්ද්‍ර සූර්‍ය්‍යයෝ සමව ගමන් කරත්. චන්ද්‍ර සූර්ය්යයන් සමව ගමන් කරණ කල, නැකැත් තාරකා සමව ගමන් කෙරත්. නැකැත් තාරකා සමව ගමන් කරණ කල. රෑ දාවල් සමව සිටිත්. රෑ දාවල් සමව සිටි කල්හි, මාස අර්ධ මාසයෝ සමව යෙත්. මාස අර්ධ මාස සමවූ කල්හි, ඎතු සංවත්සර සම වෙත්. ඎතු සංවත්සර සමවූ කල්හි, සමව නියම මාර්ගයෙහි වාතය හමයි. සමව නියම මාර්ගයෙහි වාතය හමණ කල, දෙවියෝ ප්‍රීති වෙත්. දෙවියෝ නොකිපි කල්හි වළාකුළු මනාකොට ධාරා හෙලයි. වළාකුළු මනාකොට ධාරා හෙලන කල, ශස්යයෝ සමව පැසෙත්. මහණෙනි, සමානව පැසුණු ශස්‍ය අනුභව කරණ මනුෂ්‍යයෝ දීර්ඝායුෂ ඇත්තාහුද, වර්ණවත්ද, ශක්තිමත් වූවාහුද, නීරෝග වූවාහුද වෙත්.
“ගවයන් එතරවන කල්හි ප්‍රධාන ගවයා ඇදට යයිද, නෙතෘවරයා ඇදවූ කල්හි සියල්ලෝ ඇදට යත්.
“එසේම මනුෂ්‍යයන් අතරෙහි යමෙක් ශ්‍රේෂ්ඨයයි සම්මතද, හෙතෙම ඉදින් අධර්මයෙහි හැසිරෙයිද, සෙසු ජනයා ගැන කියනුම කවරේද?
“ඉදින් රජ අධාර්මික වුවහොත් මුළු රටම අධාර්මික වේ. “ගවයන් එතරවන කල්හි ප්‍රධාන ගවයා ඎජුව යයිද, ප්‍රධානියා ඎජුවූ කල්හි ඒ සියල්ලෝ ඎජු වෙත්.
“එසේම මනුෂ්‍යයන් අතරෙහි යමෙක් ශ්‍රෙෂඨයයි සම්මතද, හෙතෙම ධර්මයෙහි හැසිරෙයිද, අනික් ජනයා ගැන කියනුම කවරේද, ඉදින් රජතෙම ධාර්මිකද, සියලු රටම සැපසේ හොබී.”
|