ත්‍රිපිටකය
(7) 2. පත්තකම්මවග්ගො (7) 2. පත්ත කම්ම වර්‍ගය
1. පත්තකම්මසුත්තං 1. පත්ත කම්ම සූත්‍රය
61
අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච -
‘‘චත්තාරොමෙ , ගහපති, ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං. කතමෙ චත්තාරො? භොගා මෙ උප්පජ්ජන්තු සහධම්මෙනාති, අයං පඨමො ධම්මො ඉට්ඨො කන්තො මනාපො දුල්ලභො ලොකස්මිං.
‘‘භොගෙ ලද්ධා සහධම්මෙන යසො මෙ ආගච්ඡතු සහ ඤාතීහි සහ උපජ්ඣායෙහීති, අයං දුතියො ධම්මො ඉට්ඨො කන්තො මනාපො දුල්ලභො ලොකස්මිං.
‘‘භොගෙ ලද්ධා සහධම්මෙන යසං ලද්ධා සහ ඤාතීහි සහ උපජ්ඣායෙහි චිරං ජීවාමි දීඝමායුං පාලෙමීති, අයං තතියො ධම්මො ඉට්ඨො කන්තො මනාපො දුල්ලභො ලොකස්මිං.
‘‘භොගෙ ලද්ධා සහධම්මෙන යසං ලද්ධා සහ ඤාතීහි සහ උපජ්ඣායෙහි චිරං ජීවිත්වා දීඝමායුං පාලෙත්වා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජාමීති, අයං චතුත්ථො ධම්මො ඉට්ඨො කන්තො මනාපො දුල්ලභො ලොකස්මිං. ඉමෙ ඛො, ගහපති, චත්තාරො ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං.
‘‘ඉමෙසං ඛො, ගහපති, චතුන්නං ධම්මානං ඉට්ඨානං කන්තානං මනාපානං දුල්ලභානං ලොකස්මිං චත්තාරො ධම්මා පටිලාභාය සංවත්තන්ති. කතමෙ චත්තාරො? සද්ධාසම්පදා, සීලසම්පදා, චාගසම්පදා, පඤ්ඤාසම්පදා.
‘‘කතමා ච, ගහපති, සද්ධාසම්පදා? ඉධ, ගහපති, අරියසාවකො සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි, සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. අයං වුච්චති, ගහපති, සද්ධාසම්පදා.
‘‘කතමා ච, ගහපති, සීලසම්පදා? ඉධ, ගහපති, අරියසාවකො පාණාතිපාතා පටිවිරතො හොති...පෙ.... සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. අයං වුච්චති, ගහපති, සීලසම්පදා.
‘‘කතමා ච, ගහපති, චාගසම්පදා? ඉධ, ගහපති, අරියසාවකො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණි වොසග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. අයං වුච්චති, ගහපති, චාගසම්පදා.
‘‘කතමා ච, ගහපති, පඤ්ඤාසම්පදා? අභිජ්ඣාවිසමලොභාභිභූතෙන , ගහපති, චෙතසා විහරන්තො අකිච්චං කරොති, කිච්චං අපරාධෙති. අකිච්චං කරොන්තො කිච්චං අපරාධෙන්තො යසා ච සුඛා ච ධංසති. බ්‍යාපාදාභිභූතෙන, ගහපති, චෙතසා විහරන්තො අකිච්චං කරොති, කිච්චං අපරාධෙති. අකිච්චං කරොන්තො කිච්චං අපරාධෙන්තො යසා ච සුඛා ච ධංසති. ථිනමිද්ධාභිභූතෙන, ගහපති, චෙතසා විහරන්තො අකිච්චං කරොති කිච්චං අපරාධෙති. අකිච්චං කරොන්තො කිච්චං අපරාධෙන්තො යසා ච සුඛා ච ධංසති. උද්ධච්චකුක්කුච්චාභිභූතෙන, ගහපති, චෙතසා විහරන්තො අකිච්චං කරොති, කිච්චං අපරාධෙති. අකිච්චං කරොන්තො කිච්චං අපරාධෙන්තො යසා ච සුඛා ච ධංසති. විචිකිච්ඡාභිභූතෙන, ගහපති, චෙතසා විහරන්තො අකිච්චං කරොති, කිච්චං අපරාධෙති. අකිච්චං කරොන්තො කිච්චං අපරාධෙන්තො යසා ච සුඛා ච ධංසති.
‘‘ස ඛො සො, ගහපති, අරියසාවකො අභිජ්ඣාවිසමලොභො චිත්තස්ස උපක්කිලෙසොති, ඉති විදිත්වා අභිජ්ඣාවිසමලොභං චිත්තස්ස උපක්කිලෙසං පජහති. බ්‍යාපාදො චිත්තස්ස උපක්කිලෙසොති, ඉති විදිත්වා බ්‍යාපාදං චිත්තස්ස උපක්කිලෙසං පජහති. ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසොති, ඉති විදිත්වා ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසං පජහති. උද්ධච්චකුක්කුච්චං චිත්තස්ස උපක්කිලෙසොති, ඉති විදිත්වා උද්ධච්චකුක්කුච්චං චිත්තස්ස උපක්කිලෙසං පජහති. විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලෙසොති, ඉති විදිත්වා විචිකිච්ඡං චිත්තස්ස උපක්කිලෙසං පජහති.
‘‘යතො ච ඛො, ගහපති, අරියසාවකස්ස අභිජ්ඣාවිසමලොභො චිත්තස්ස උපක්කිලෙසොති, ඉති විදිත්වා අභිජ්ඣාවිසමලොභො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති. බ්‍යාපාදො චිත්තස්ස උපක්කිලෙසොති, ඉති විදිත්වා බ්‍යාපාදො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති. ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසොති, ඉති විදිත්වා ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති. උද්ධච්චකුක්කුච්චං චිත්තස්ස උපක්කිලෙසොති, ඉති විදිත්වා උද්ධච්චකුක්කුච්චං චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති. විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලෙසොති, ඉති විදිත්වා විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති. අයං වුච්චති, ගහපති, අරියසාවකො මහාපඤ්ඤො පුථුපඤ්ඤො ආපාතදසො (ආපාථදසො (සී. ස්‍යා. කං. පී.)) පඤ්ඤාසම්පන්නො (හාසපඤ්ඤො (ක.)). අයං වුච්චති, ගහපති , පඤ්ඤාසම්පදා. ඉමෙසං ඛො, ගහපති, චතුන්නං ධම්මානං ඉට්ඨානං කන්තානං මනාපානං දුල්ලභානං ලොකස්මිං ඉමෙ චත්තාරො ධම්මා පටිලාභාය සංවත්තන්ති.
‘‘ස ඛො සො, ගහපති, අරියසාවකො උට්ඨානවීරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි චත්තාරි පත්තකම්මානි කත්තා හොති. කතමානි චත්තාරි? ඉධ ගහපති, අරියසාවකො උට්ඨානවීරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි අත්තානං සුඛෙති පීණෙති සම්මා සුඛං පරිහරති. මාතාපිතරො සුඛෙති පීණෙති සම්මා සුඛං පරිහරති. පුත්තදාරදාසකම්මකරපොරිසෙ සුඛෙති පීණෙති සම්මා සුඛං පරිහරති. මිත්තාමච්චෙ සුඛෙති පීණෙති සම්මා සුඛං පරිහරති. ඉදමස්ස පඨමං ඨානගතං හොති පත්තගතං ආයතනසො පරිභුත්තං.
‘‘පුන චපරං, ගහපති, අරියසාවකො උට්ඨානවීරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි යා තා හොන්ති ආපදා අග්ගිතො වා උදකතො වා රාජතො වා චොරතො වා අප්පියතො වා දායාදතො (අ. නි. 5.41), තථාරූපාසු ආපදාසු පරියොධාය සංවත්තති. සොත්ථිං අත්තානං කරොති. ඉදමස්ස දුතියං ඨානගතං හොති පත්තගතං ආයතනසො පරිභුත්තං.
‘‘පුන චපරං, ගහපති, අරියසාවකො උට්ඨානවීරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි පඤ්චබලිං කත්තා හොති - ඤාතිබලිං, අතිථිබලිං, පුබ්බපෙතබලිං, රාජබලිං, දෙවතාබලිං. ඉදමස්ස තතියං ඨානගතං හොති පත්තගතං ආයතනසො පරිභුත්තං.
‘‘පුන චපරං, ගහපති, අරියසාවකො උට්ඨානවීරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි යෙ තෙ සමණබ්‍රාහ්මණා මදප්පමාදා පටිවිරතා ඛන්තිසොරච්චෙ නිවිට්ඨා එකමත්තානං දමෙන්ති, එකමත්තානං සමෙන්ති, එකමත්තානං පරිනිබ්බාපෙන්ති, තථාරූපෙසු සමණබ්‍රාහ්මණෙසු උද්ධග්ගිකං දක්ඛිණං පතිට්ඨාපෙති සොවග්ගිකං සුඛවිපාකං සග්ගසංවත්තනිකං . ඉදමස්ස චතුත්ථං ඨානගතං හොති පත්තගතං ආයතනසො පරිභුත්තං.
‘‘ස ඛො සො, ගහපති, අරියසාවකො උට්ඨානවීරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි ඉමානි චත්තාරි පත්තකම්මානි කත්තා හොති. යස්ස කස්සචි, ගහපති, අඤ්ඤත්‍ර ඉමෙහි චතූහි පත්තකම්මෙහි භොගා පරික්ඛයං ගච්ඡන්ති, ඉමෙ වුච්චන්ති, ගහපති, භොගා අට්ඨානගතා අපත්තගතා අනායතනසො පරිභුත්තා. යස්ස කස්සචි, ගහපති, ඉමෙහි චතූහි පත්තකම්මෙහි භොගා පරික්ඛයං ගච්ඡන්ති, ඉමෙ වුච්චන්ති, ගහපති, භොගා ඨානගතා පත්තගතා ආයතනසො පරිභුත්තා’’ති.
‘‘භුත්තා භොගා භතා භච්චා (ගතා භූතා (ක.) භටා භච්චා (ස්‍යා. කං.)), විතිණ්ණා ආපදාසු මෙ;
උද්ධග්ගා දක්ඛිණා දින්නා, අථො පඤ්චබලී කතා;
උපට්ඨිතා සීලවන්තො, සඤ්ඤතා බ්‍රහ්මචාරයො.
‘‘යදත්ථං භොගං ඉච්ඡෙය්‍ය, පණ්ඩිතො ඝරමාවසං;
සො මෙ අත්ථො අනුප්පත්තො, කතං අනනුතාපියං.
‘‘එතං (එවං (ක.)) අනුස්සරං මච්චො, අරියධම්මෙ ඨිතො නරො;
ඉධෙව නං පසංසන්ති, පෙච්ච සග්ගෙ පමොදතී’’ති. පඨමං;
61
“ඉක්බිති අනේපිඬු ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය.
එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපතියාහට, “ගෘහපතිය, ලෝකයෙහි ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, දුර්‍ලභවූ මේ සතර ධර්‍ම කෙනෙක් වෙත්ය” යි වදාළසේක. “කවර සතර දෙනෙක්ද යත්, මට ධර්‍මයෙන්ම භෝගයෝ උපදිත්වා යනු ලෝකයෙහි ඉෂ්ටවූ, කැමති වන්නාවූ, මන වඩන්නාවූ, දුර්‍ලභවූ මේ පළමුවන කාරණයයි.
“ධර්‍මයෙන්ම භොගයන් ලැබ, ඤාතීන් සමග, උපාධ්‍යායයන් සමග මාගේ කීර්තිය උස්ව නගීවා යන ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ මෙය ලෝකයෙහි දුර්‍ලභවූ මේ දෙවෙනි කාරණයයි.”
“ධර්‍මයෙන්ම භොගයන් ලැබ, කීර්තිය ලැබ, ඤාතීන් හා උපාධ්‍යායයන් හා බොහෝ කල් ජීවත් වෙමි. දීර්‍ඝ කාලයක් ආයුෂ විඳිමියි යන ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ මෙය ලෝකයෙහි දුර්ලභවූ මේ තුන්වෙනි කාරණයයි.”
“ධර්‍මයෙන්ම භොගයන් ලැබ, කීර්තිය ලැබ, ඤාතීන් හා උපාධ්‍යායයන් සමග බොහෝ කල් ජීවත්වී, දීර්‍ඝ කාලයක් ආයුෂ පාලනය කොට කායයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයෙහි උපදිමි යන ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ මෙය ලෝකයෙහි දුර්ලභවූ සතරවන කාරණයයි.”
“ලෝකයෙහි ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, දුර්ලභවූ, මේ කරුණු සතර වෙති. ලෝකයෙහි ඊෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ, දුර්ලභවූ මේ සතර ධර්‍මයන් ලැබීම පිණිස ධර්‍ම සතරක් පවතිත්. කවර සතරක්ද යත්,
“ශ්‍රද්‍ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය යන සතරයි. ගෘහපතිය, ශ්‍රද්‍ධා සම්පත්තිය කවරීද?
“ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ශ්‍රද්‍ධාවත් වේද, ඒ භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූයහ, අනුත්තර පුරිසදම්ම සාරථීයහ, දෙවි මිනිසුන්ගේ ශාස්තෲයහ, චතුස්සත්‍යය අවබෝධ කලහ. භාග්‍යවත්හයි, තථාගතයන් වහන්සේගේ බුද්ධත්‍වය විශ්වාස කරයිද, ගෘහපතිය, මේ ශ්‍රද්‍ධා සම්පත්තියයයි කියනු ලැබේ.
“ගෘහපතිය, ශීල සම්පත්තිය කවරේද? “ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම, ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, පහවූ මසුරු මලින් යුත් සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද, ගෘහපතිය, මේ සීල සම්පත්තියයි කියනු ලැබේ.
“ගෘහපතිය, ත්‍යාග සම්පත්තිය කවරේද? ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම, පහවූ මසුරු මලින් යතු සිතින් ගෙයි වෙසේද, මුදවන ලද ත්‍යාග ඇත්තේද, ශුද්‍ධ කරණ ලද අත් ඇත්තේද, දානයෙහි ඇලුනේද, ඉල්ලීමට සුදුසු වූයේද, දීම, බෙදීම දෙකෙහි ඇලුනේද, ගෘහපතිය, මේ ත්‍යාග සම්පදායයි කියනු ලැබේ.
“ගෘහපතිය, ප්‍රඥා සම්පත්තිය කවරේද?
“ගෘහපතිය, අභිජ්ඣා, විෂමලෝභයෙන් මඩනාලද සිතින් වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු වරද්දයි. නොකටයුතුදේ කිරීමෙන්, කටයුතුදේ නොකිරීමෙන්, යසසින්ද, සැපයෙන්ද පිරිහෙයි. ගෘහපතිය, ව්‍යාපාදයෙන් මඩනාලද සිතින් වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු නොකරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපෙන්ද පිරිහෙයි. ගෘහපතිය, ථීනම්ද්‍ධයෙන් මඩනාලද සිතින් වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු නොකරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපෙන්ද පිරිහෙයි. ගෘහපතිය, උද්‍ධච්චකුක්කුච්චයෙන් යුක්තව වාසය කරන්නේ කටයුතු නොකරයි. නොකටයුතු කරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපයෙන්ද පිරිහෙයි. ගෘහපතිය, විචිකිච්ඡාවෙන් මඩනාලද සිතින් යුක්තව වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු නොකරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපෙන්ද පිරිහෙයි.
“ගෘහපතිය, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම අභිජ්ඣා විෂම ලෝභය සිතේ කිලුටකැයි මෙසේ දැන, සිතට උපක්ලේශවූ අභිජ්ඣා විෂම ලෝභය දුරුකරයි. ව්‍යාපාදය සිතේ කිලුටකැයි මෙසේ දැන, සිතට උපක්ලේශවූ ව්‍යාපාදය දුරලයි. ථීනම්ද්‍ධය සිතේ උපක්ලේශයකැයි දැන සිතට උපක්ලේශවූ ථීනම්ද්‍ධය දුරලයි. උද්‍ධච්චකුක්කුච්චය සිතේ උපක්ලෙශයකැයි දැන සිතට උපක්ලේශවූ උද්‍ධච්චකුක්කුච්චය දුරලයි. විචිකිච්ඡාව සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ විචිකිච්ඡාව දුරලයි. ගෘහපතිය, යම් කලක පටන් ආර්‍ය්‍ය ශ්‍රාවකයාට අභිජ්ඣා විෂම ලෝභය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ අභිජ්ඣා විෂම ලෝභය ප්‍රහීණවූයේ වේද, ව්‍යාපාදය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ ව්‍යාපාදය ප්‍රහීණවූයේ වේද, ථීනම්ද්‍ධය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ ථීනම්ද්‍ධය ප්‍රහීණවූයේ වේද, උද්‍ධච්චකුක්කුච්චය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ උද්‍ධච්චකුක්කුච්චය ප්‍රහීණවූයේ වේද, විචිකිච්ඡාව සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ විචිකිච්ඡාව ප්‍රහීණවූයේ වේද, ගෘහපතිය, මේ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මහත් ප්‍රඥා ඇත්තේද, පැතුරුණු ඒ ඒ ප්‍රඥාව ඇත්තේද, පැමිණි දේ දන්නේද, ප්‍රඥාවෙන් සමන්විතවූයේද, ගෘහපතිය, මේ ප්‍රඥා සම්පදායයි කියනු ලැබේ.
“ගෘහපතිය, ඉෂ්ටවූ කාන්තවූ, මන වඩන්නාවූ, ලෝකයෙහි දුර්ලභවූ, මේ සතර ධර්‍මයන් ලැබීම පිණිස මේ සතර ධර්‍මයෝ පවතිත්.
“ගෘහපතිය, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම උට්ඨාන වීර්‍ය්‍යයෙන් පැමිණෙන ලද, අතේ බලයෙන් පුරුදුවූ, දහඩිය වැගිරවීමෙන් දැහැමින් ලද ධාර්මික භොගයන්ගෙන් කර්‍ම සතරක් කරන්නේ වේ. කවර සතරක්ද යත්,
“ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරන ලද ඩහදිය වගුරුවමින් දැහැමින් ලත් ධාර්මික වස්තුවෙන් තමා සුවපත් කරයි. පිනවයි. යහපත්සේ, සුවසේ පරිහරණය කරයි. මවු පියන් සුවපත් කරයි. පිනවයි. මනාකොට සුවසේ පරිහරණය කරයි. අඹු දරු දාස කම්කරු පුරුෂයන් සුවපත් කරයි. පිනවයි. මනාකොට, සුවසේ පරිහරණය කරයි. හිතවතුන් සුවපත් කරයි. පිනවයි. යහපත්සේ, සුවසේ පරිහරණය කරයි. මේ කරුණු සහිතව පරිභොග කරණ, යුක්ති සහගතව පරිභෝග කරණ කළයුතු දේ අනුව පරිභොග කරණ පළමුවෙනි කාරණය වන්නේය.
“ගෘහපතිය, නැවතද ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද, ඩහදිය වගුරවමින්, දැහැමින් ලත් ධාර්මික වස්තුවෙන් ගින්නෙන් හෝ ජලයෙන් හෝ රජුන්ගෙන් හෝ සොරුන්ගෙන් හෝ අප්‍රියයන්ගෙන් හෝ දායාද ගන්නවුන්ගෙන් හෝ යම් ඒ ආපදා කෙනෙක් වෙත්ද, එබඳු ආපදාවන්හිදී වස්තුව කරණකොටගෙන ඒ ආපදාවන් වලක්වා ගනියිද, තමා සුවපත් කරයිද, මේ කරුණු සහිතව පරිභෝග කරණ යුක්ති සහගතව පරිභොග කරණ, කළයුතුදේ අනුව පරිභොග කරණ දෙවෙනි කාරණයයි.
“ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වගුරුවමින් දැහැමින් ලත් ධාර්මික වස්තුවෙන් ඤාති බලි (නෑයන්ට දීම), ආගන්තුක බලි (ආගන්තුකයන්ට දීම), පුබ්බපෙත බලි (මළගියවුන් උදෙසා දෙන දාන), රාජ බලි (රජුන්ට දීම), දෙවතා බලි (දෙවියන්ට පිදීම), යන පඤ්චවිධ බලි දෙන්නේ වේද, මේ ඔහුගේ කරුණු සහිතව, යුක්ති සහිතව, කළයුතු දේ අනුව කරන තුන්වැනි පරිභෝගයයි.
“ගෘහපතිය, නැවත ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීමෙන්, උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලබන ලද, ධාර්මිකවූ, දැහැමින් ලද ධනයෙන්, මදයෙන් හා ප්‍රමාදයෙන් වෙන්වූ, ඉවසීමට හා සිල්වත් බවට බැසගත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ හුදකලාව තමාගේ ආත්මය දමනය කරත්ද, හුදකලාව තමාගේ සිත කෙලෙසුන්ගෙන් සංසිඳවත්ද, හුදකලාව තමන්ම ක්ලේශ පරිනිර්‍වාණයෙන් පිරිනිවෙත්ද, එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි මතු මතු භූමීන්හි විපාක දෙන ස්වර්‍ගය පිණිස පවත්නා සැප විපාක ඇති අග්‍ර සැප පිණිස පවත්නා දක්‍ෂිණාව (දානය) පිහිටුවයිද, මේ ඔහුගේ කරුණු සහිතව, යුක්ති සහිතව කළයුතු දේ අනුව පවත්වන සතරවැනි පරිභෝගයයි.
“ගෘහපතිය, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීමෙන්, උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලබන ලද, ධාර්මිකවූ, දැහැමින් ලද ධනයෙන්, මේ යුතුකම් කරන්නේ වෙයි. ගෘහපතිය, යම් කිසිවකුගේ ධනය මේ යුතුකම් සතරින් වෙන්ව විනාශයට යත්ද, ගෘහපතිය, මේ භෝගයෝ අස්ථානයට පැමිණියාහුය. නුසුදුසු තැනට පැමිණියාහුය. යුතුකම් නොකොට පරිභොග කරණ ලදහයි කියනු ලැබේ. ගෘහපතිය, යම් කිසිවකුට මේ යුතුකම් සතරින් භොගයෝ ක්‍ෂය වෙතුද, ගෘහපතිය, මේ භොගයෝ නිසි තැනට පැමිණියාහුය. සුදුසු බවට පැමිණියාහුය. යුතුකම් කොට පරිභොග කළාහුයයි කියනු ලැබේ.
“මා විසින් වස්තුව පරිභොග කරන ලදී. පොෂ්‍ය කළ යුත්.ෝ පොෂ්‍ය කරන ලදහ. ආපදා එතෙර කරන ලදහ.”
“උසස් භූමීන්හි උපදින දක්‍ෂිණා දෙන ලදහ. තවද, පස්වැදෑරුම් බලි කරන ලදහ. සංයමවූ, බ්‍රහ්මචාරීවූ සිල්වත්හු උපස්ථාන කරන ලදහ. ගිහිගෙයි වාසය කරන්නාවූ පණ්ඩිත තෙමේ යම් අර්ත්‍ථයක් පිණිස වස්තුව කැමති වන්නේද,
“ඒ අර්‍ථයට මා විසින් පැමිණෙන ලදී. නොතැවිය යුත්ත කරන ලදී. පඤ්ච සීල නම් ආර්‍ය්‍ය ධර්‍මයෙහි පිහිටි මෙය සිහි කරන්නාවූ යම් මනුෂ්‍යයෙක් වේද, ඔහුට මෙලොවද ප්‍රශංසා කරත්. පරලොව ස්වර්‍ගයෙහි සතුටු වෙයි.”
2. ආනණ්‍යසුත්තං 2. අනණසුඛ සූත්‍රය
3. බ්‍රහ්මසුත්තං 3. සබ්‍රහ්මක (කුල) සූත්‍රය
4. නිරයසුත්තං 4. නිරයගාමී ධම්ම සූත්‍රය
5. රූපසුත්තං 5. රූප්පමාණ සූත්‍රය
6. සරාගසුත්තං 6. බන්‍ධන වඩ්ඪන සූත්‍රය
7. අහිරාජසුත්තං 7. අහිරාජ සූත්‍රය
8. දෙවදත්තසුත්තං 8. අත්තවධ (දෙව දත්ත) සූත්‍රය
9. පධානසුත්තං 9. පධාන චතුක්ක සූත්‍රය
10. අධම්මිකසුත්තං 10. අධම්මිකරාජ සූත්‍රය