ත්‍රිපිටකය
(6) 1. පුඤ්ඤාභිසන්දවග්ගො (6) 1. පුඤ්ඤාභිසන්‍ද වර්‍ගය
1. පඨමපුඤ්ඤාභිසන්දසුත්තං 1. පඨම පුඤ්ඤාභිසන්‍ද සූත්‍රය
2. දුතියපුඤ්ඤාභිසන්දසුත්තං 2. දුතිය පුඤ්ඤාභිසන්‍ද සූත්‍රය
3. පඨමසංවාසසුත්තං 3. මධුරක (ගහපති) සූත්‍රය
4. දුතියසංවාසසුත්තං 4. චතුසංවාස සූත්‍රය
5. පඨමසමජීවීසුත්තං 5. නකුලපිතු සූත්‍රය
55
එවං මෙ සුතං - එකං සමයං භගවා භග්ගෙසු විහරති සුසුමාරගිරෙ (සුංසුමාරගිරෙ (සී. ස්‍යා. කං. පී.)) භෙසකළාවනෙ (භෙසකලාවනෙ (සී. පී. ක.)) මිගදායෙ. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන නකුලපිතුනො ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො නකුලපිතා ච ගහපති නකුලමාතා ච ගහපතානී යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො නකුලපිතා ගහපති භගවන්තං එතදවොච -
‘‘යතො මෙ, භන්තෙ, නකුලමාතා ගහපතානී දහරස්සෙව දහරා ආනීතා, නාභිජානාමි නකුලමාතරං ගහපතානිං මනසාපි අතිචරිතා, කුතො පන කායෙන! ඉච්ඡෙය්‍යාම මයං, භන්තෙ, දිට්ඨෙ චෙව ධම්මෙ අඤ්ඤමඤ්ඤං පස්සිතුං අභිසම්පරායඤ්ච අඤ්ඤමඤ්ඤං පස්සිතු’’න්ති. නකුලමාතාපි ඛො ගහපතානී භගවන්තං එතදවොච - ‘‘යතොහං, භන්තෙ, නකුලපිතුනො ගහපතිස්ස දහරස්සෙව දහරා ආනීතා, නාභිජානාමි නකුලපිතරං ගහපතිං මනසාපි අතිචරිතා, කුතො පන කායෙන! ඉච්ඡෙය්‍යාම මයං, භන්තෙ , දිට්ඨෙ චෙව ධම්මෙ අඤ්ඤමඤ්ඤං පස්සිතුං අභිසම්පරායඤ්ච අඤ්ඤමඤ්ඤං පස්සිතු’’න්ති.
‘‘ආකඞ්ඛෙය්‍යුං චෙ, ගහපතයො, උභො ජානිපතයො දිට්ඨෙ චෙව ධම්මෙ අඤ්ඤමඤ්ඤං පස්සිතුං අභිසම්පරායඤ්ච අඤ්ඤමඤ්ඤං පස්සිතුං උභොව (උභො ච (සී. පී.)) අස්සු සමසද්ධා සමසීලා සමචාගා සමපඤ්ඤා, තෙ දිට්ඨෙ චෙව ධම්මෙ අඤ්ඤමඤ්ඤං පස්සන්ති අභිසම්පරායඤ්ච අඤ්ඤමඤ්ඤං පස්සන්තී’’ති (පස්සිස්සන්තීති (ක.)).
‘‘උභො සද්ධා වදඤ්ඤූ ච, සඤ්ඤතා ධම්මජීවිනො;
තෙ හොන්ති ජානිපතයො, අඤ්ඤමඤ්ඤං පියංවදා.
‘‘අත්ථාසං පචුරා හොන්ති, ඵාසුකං උපජායති;
අමිත්තා දුම්මනා හොන්ති, උභින්නං සමසීලිනං.
‘‘ඉධ ධම්මං චරිත්වාන, සමසීලබ්බතා උභො;
නන්දිනො දෙවලොකස්මිං, මොදන්ති කාමකාමිනො’’ති. පඤ්චමං;
55
“එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගු රට සුංසුමාර පර්‍වතයෙහි, භෙසකලා වනයෙහි, මිගදායෙහි වාසය කරණ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලාවෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙන, නකුල පිතෘ ගෘහපතියාගේ ගෘහය යම් තැනකද, එහි වැඩි සේක. වැඩ, පණවන ලද අසුනෙහි වැඩහුන් සේක.
එකල්හි නකුල පිතෘ ගෘහපති තෙමේද, නකුල මාතා ගෘහපතිනියද, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, යම් කලක බාල වයස්වූ නකුල මාතාව, බාල වයස්වූ මා ගෙන එන ලද්දීද, නකුල මාතා ගෘහපතිනිය සිතිනුදු ඉක්මවා හැසිරීමක් නොදනිමි. කයින් කියනුම කවරේද? ස්වාමීනි, අපි මෙලොවද ඔවුනොවුන් දකින්නට කැමතිවෙමු. පරලොවද ඔවුනොවුන් දකින්නට කැමති වෙමු” යි කීයේය.
“නකුල මාතා ගෘහපතනියද, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, යම් කාලයක බාල වයසෙහිවූ නකුල පිතෘ ගෘහපතියාට බාල වයසෙහි සිටි මම ගෙන එන ලද්දෙමි. නකුල පිතෘ ගෘහපතිතෙම සිතිනුදු මා ඉක්මවා හැසිරීමක් නොදනිමි. කයින් කියනුම කවරේද? ස්වාමීනි, අපි මෙලෙස මෙලොවද ඔවුනොවුන් දකින්නට කැමතිවෙමු. පරලොවද ඔවුනොවුන් දකින්නට කැමති වෙමු.”
“ගෘහපතිවරුනි, අඹු සැමි දෙදෙන මෙලොවද ඔවුන් දක්නටද, පරලොව ඔවුනොවුන් දක්නටද, කැමැත්තේ නම් දෙදෙනම සමාන ශ්‍රද්‍ධා, සමාන සීල, සමාන ත්‍යාග, සමාන ප්‍රඥා ඇත්තෝ වන්නාහුය. ඔවුහු මෙලොවද ඔවුනොවුන් දකිත්. පරලොවද ඔවුනොවුන් දකිත්” යයි වදාළ සේක.
“අඹු සැමි දෙදෙන ශ්‍රද්‍ධාවන්තද, යාචක ජනයාගේ වචන දන්නාහුද, සංයමද, ධාර්මික ජීවිකාවෙන් යුක්තද, ඔවුහු ඔවුනොවුන් ප්‍රිය වචන කියන්නාහු වෙත්ද, ඔවුන්ගේ වස්තූහු බොහෝ වෙත්. පහසුව පිණිස පවතී. සමාන ස්වභාව ඇති දෙදෙනාගේ අමිත්‍රයෝ දුර්මුඛ වෙත්. සමාන සීල පැවතුම් ඇති දෙදෙන මෙලොව ධර්‍මයෙහි හැසිර කැමති දෙයින් කැමති වෙමින් සතුටු වන්නාහු දෙව්ලොවදීත් සතුටුවෙත්.”
6. දුතියසමජීවීසුත්තං 6. සමජීව සූත්‍රය
7. සුප්පවාසාසුත්තං 7. සුප්පවාස සූත්‍රය
8. සුදත්තසුත්තං 8. සුදත්ත සූත්‍රය
9. භොජනසුත්තං 9. ඨාන චතුක්කදාන සූත්‍රය
10. ගිහිසාමීචිසුත්තං 10. ගිහි සාමීචි පටිපදා සූත්‍රය