ත්‍රිපිටකය
(6) 1. පුඤ්ඤාභිසන්දවග්ගො (6) 1. පුඤ්ඤාභිසන්‍ද වර්‍ගය
1. පඨමපුඤ්ඤාභිසන්දසුත්තං 1. පඨම පුඤ්ඤාභිසන්‍ද සූත්‍රය
2. දුතියපුඤ්ඤාභිසන්දසුත්තං 2. දුතිය පුඤ්ඤාභිසන්‍ද සූත්‍රය
3. පඨමසංවාසසුත්තං 3. මධුරක (ගහපති) සූත්‍රය
53
එකං සමයං භගවා අන්තරා ච මධුරං අන්තරා ච වෙරඤ්ජං අද්ධානමග්ගප්පටිපන්නො හොති. සම්බහුලාපි ඛො ගහපතී ච ගහපතානියො ච අන්තරා ච මධුරං අන්තරා ච වෙරඤ්ජං අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. අථ ඛො භගවා මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ ( ) ((පඤ්ඤත්තෙ ආසනෙ) (පී. ක.)) නිසීදි. අද්දසංසු ඛො ගහපතී ච ගහපතානියො ච භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං. දිස්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ ගහපතී ච ගහපතානියො ච භගවා එතදවොච -
‘‘චත්තාරොමෙ, ගහපතයො, සංවාසා. කතමෙ චත්තාරො? ඡවො ඡවාය සද්ධිං සංවසති, ඡවො දෙවියා සද්ධිං සංවසති, දෙවො ඡවාය සද්ධිං සංවසති, දෙවො දෙවියා සද්ධිං සංවසති.
‘‘කථඤ්ච, ගහපතයො, ඡවො ඡවාය සද්ධිං සංවසති? ඉධ , ගහපතයො, සාමිකො හොති පාණාතිපාතී අදින්නාදායී කාමෙසුමිච්ඡාචාරී මුසාවාදී සුරාමෙරයමජ්ජපමාදට්ඨායී දුස්සීලො පාපධම්මො මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති අක්කොසකපරිභාසකො සමණබ්‍රාහ්මණානං ; භරියාපිස්ස හොති පාණාතිපාතිනී අදින්නාදායිනී කාමෙසුමිච්ඡාචාරිනී මුසාවාදිනී සුරාමෙරයමජ්ජපමාදට්ඨායිනී දුස්සීලා පාපධම්මා මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති අක්කොසිකපරිභාසිකා සමණබ්‍රාහ්මණානං. එවං ඛො, ගහපතයො, ඡවො ඡවාය සද්ධිං සංවසති.
‘‘කථඤ්ච , ගහපතයො, ඡවො දෙවියා සද්ධිං සංවසති? ඉධ, ගහපතයො, සාමිකො හොති පාණාතිපාතී අදින්නාදායී කාමෙසුමිච්ඡාචාරී මුසාවාදී සුරාමෙරයමජ්ජපමාදට්ඨායී දුස්සීලො පාපධම්මො මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති අක්කොසකපරිභාසකො සමණබ්‍රාහ්මණානං; භරියා ඛ්වස්ස හොති පාණාතිපාතා පටිවිරතා අදින්නාදානා පටිවිරතා කාමෙසුමිච්ඡාචාරා පටිවිරතා මුසාවාදා පටිවිරතා සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා සීලවතී කල්‍යාණධම්මා විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති අනක්කොසිකපරිභාසිකා සමණබ්‍රාහ්මණානං. එවං ඛො, ගහපතයො, ඡවො දෙවියා සද්ධිං සංවසති.
‘‘කථඤ්ච, ගහපතයො, දෙවො ඡවාය සද්ධිං සංවසති? ඉධ, ගහපතයො, සාමිකො හොති පාණාතිපාතා පටිවිරතො අදින්නාදානා පටිවිරතො කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො මුසාවාදා පටිවිරතො සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො සීලවා කල්‍යාණධම්මො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති අනක්කොසකපරිභාසකො සමණබ්‍රාහ්මණානං; භරියා ඛ්වස්ස හොති පාණාතිපාතිනී...පෙ.... සුරාමෙරයමජ්ජපමාදට්ඨායිනී දුස්සීලා පාපධම්මා මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති අක්කොසිකපරිභාසිකා සමණබ්‍රාහ්මණානං. එවං ඛො, ගහපතයො, දෙවො ඡවාය සද්ධිං සංවසති.
‘‘කථඤ්ච, ගහපතයො, දෙවො දෙවියා සද්ධිං සංවසති? ඉධ, ගහපතයො, සාමිකො හොති පාණාතිපාතා පටිවිරතො...පෙ.... සීලවා කල්‍යාණධම්මො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති අනක්කොසකපරිභාසකො සමණබ්‍රාහ්මණානං; භරියාපිස්ස හොති පාණාතිපාතා පටිවිරතා...පෙ.... සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා සීලවතී කල්‍යාණධම්මා විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති අනක්කොසිකපරිභාසිකා සමණබ්‍රාහ්මණානං. එවං ඛො, ගහපතයො, දෙවො දෙවියා සද්ධිං සංවසති. ඉමෙ ඛො, ගහපතයො, චත්තාරො සංවාසා’’ති.
‘‘උභො ච හොන්ති දුස්සීලා, කදරියා පරිභාසකා;
තෙ හොන්ති ජානිපතයො, ඡවා සංවාසමාගතා.
‘‘සාමිකො හොති දුස්සීලො, කදරියො පරිභාසකො;
භරියා සීලවතී හොති, වදඤ්ඤූ වීතමච්ඡරා;
සාපි දෙවී සංවසති, ඡවෙන පතිනා සහ.
‘‘සාමිකො සීලවා හොති, වදඤ්ඤූ වීතමච්ඡරො;
භරියා හොති දුස්සීලා, කදරියා පරිභාසිකා;
සාපි ඡවා සංවසති, දෙවෙන පතිනා සහ.
‘‘උභො සද්ධා වදඤ්ඤූ ච, සඤ්ඤතා ධම්මජීවිනො;
තෙ හොන්ති ජානිපතයො, අඤ්ඤමඤ්ඤං පියංවදා.
‘‘අත්ථාසං පචුරා හොන්ති, ඵාසුකං (ඵාසත්තං (සී.), වාසත්ථං (පී.)) උපජායති;
අමිත්තා දුම්මනා හොන්ති, උභින්නං සමසීලිනං.
‘‘ඉධ ධම්මං චරිත්වාන, සමසීලබ්බතා උභො;
නන්දිනො දෙවලොකස්මිං, මොදන්ති කාමකාමිනො’’ති. තතියං;
53
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මධුරාවටත්, වේරඤ්ජාවටත් අතර දීර්‍ඝ මාර්‍ගයට පිළිපන්නේ විය. බොහෝ ගෘහපතීහුද, ගෘහිණියෝද, වෙරඤ්ජාවටත්, මධුරාවටත් අතර දීර්‍ඝ මාර්‍ගයට පිළිපන්නාහු වෙත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මාර්‍ගයෙන් නික්ම එක්තරා ගසක් මුල වැඩහුන් සේක. ඒ ගෘහපතීහුද, ගෘහපතිනියෝද, එක්තරා රුකක් මුල වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුවාහුය. දැක, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක හුන් ඒ ගෘහපතීන්ටද, ගෘහපතිනියන්ටද, භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ගෘහපතිවරුනි, මේ එක්ව වාසය කිරීම් සතරක් වෙත්. කවර සතරක්ද යත්, මළකඳක්, මළකඳක් සමග වාසය කරයි. මළකඳක්, දෙව්දුවක් සමග වාසය කරයි. දෙවියෙක්, මළකඳක් සමග වාසය කරයි. දෙවියෙක් දෙව්දුවක් සමග වාසය කරයි.”
“ගෘහපතිවරුනි, කෙසේ නම් මළකඳක්, මළකඳක් සමග වාසය කරයිද?
“ගෘහපතිවරුනි, මේ ලෝකයෙහි ස්වාමි පුරුෂයා සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, රහමෙර බොන්නේ වේද, දුස්සීලද, ලාමක ස්වභාව ඇත්තේ වේද, මසුරු මලින් යටකොට ගත් සිතින් ගෙහි වෙසේද? ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව කරයිද?
“ඔහුගේ භාර්‍ය්‍යාවද ප්‍රාණඝාත කරන්නියක් වේද, නුදුන් දේ ගන්නියක් වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නියක් වේද, බොරු කියන්නියක් වේද, රහමෙර බොන්නියක් වේද, දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තීද, මසුරු මලින් යටකොට ගත් සිතින් ගෙයි වසාද ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව කරයිද
“ගෘහපතිවරුනි, මෙසේ වනාහි මළකඳක්, මළකඳක් සමග වාසය කරයි.”
“ගෘහපතිවරුනි, කෙසේ නම් මළකඳක්, දෙවඟනක් සමග වාසය කරයිද? ගෘහපතිවරුනි, මේ ලෝකයෙහි ස්වාමි පුරුෂයා සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, රහමෙර බොන්නේ වේද, දුස්සීලද, ලාමක ස්වභාව ඇත්තේ වේද, මසුරු මලින් යටකොට ගත් සිතින් ගෙහි වෙසේද? ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව කරයිද?
“ඔහුගේ භාර්‍ය්‍යාව සතුන් මැරීමෙන් වැළකුනීද, නුදුන් දේ ගැනීමෙන් වැළකුනීද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනීද, බොරු කීමෙන් වැළකුනීද, රහමෙර බීමෙන් වැළකුනීද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තීද, මසුරු මළ දුරුකළ සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද,
“ගෘහපතිවරුනි, මෙසේ මළකඳක්, දෙව්දුවක් සමග ආශ්‍රය කිරීමක් වැන්න.
“ගෘහපතිවරුනි, කෙසේනම් දෙවියෙක්, මළකඳක් සමග වාසය කරයිද”
“ගෘහපතිවරුනි, මේ ලෝකයෙහි ස්වාමිපුරුෂයෙක් ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, පහවූ මසුරු මලින් යුත් සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද,
“ඔහුගේ භාර්‍ය්‍යාව ප්‍රාණඝාත කරන්නියක් වේද, නුදුන් දේ ගන්නියක් වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නියක් වේද, බොරු කියන්නියක් වේද, රහමෙර බොන්නියක් වේද, දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තීද, මසුරු මලින් යටකොට ගත් සිතින් ගෙයි වසාද ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව කරයිද මෙසේ වනාහි දෙවියෙක් මළකඳක් සමග වාසය කරයි.
“ගෘහපතිවරුනි, කෙසේ නම් දෙවියෙක් දෙව්දුවක් සමග වාසය කරයිද? ගෘහපතිවරුනි, මේ ලෝකයෙහි ස්වාමිපුරුෂයෙක් ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, පහවූ මසුරු මලින් යුත් සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද, ඔහුගේ භාර්‍ය්‍යාවද සතුන් මැරීමෙන් වැළකුනීද, නුදුන් දේ ගැනීමෙන් වැළකුනීද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනීද, බොරු කීමෙන් වැළකුනීද, රහමෙර බීමෙන් වැළකුනීද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තීද, මසුරු මළ දුරුකළ සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද, ගෘහපතිවරුනි මෙසේ දෙවියෙක් දෙවඟනක් සමග වාසය කරයි. ගෘහපතිවරුනි, මේ එක්ව විසීම් සතර වෙත්.
“දෙදෙනම දුස්සීලද, ලොහොබීද, පරිභව කෙරේද, ඒ අඹු සැමි දෙදෙන මළකඳක්, මළකඳක් හා වාසයට පැමිණියාහුය. ස්වාමියා දුස්සීලද, මසුරුද පරිභව කෙරේද, භාර්‍ය්‍යාව ශීලවන්තද, යාචක ජනයාගේ වචන දන්නේද, පහවූ මසුරුකම ඇත්තේද, ඒ දෙවඟන, මළකඳක්වූ ස්වාමියෙකු සමග වසයි. සැමියා සිල්වත්ද, යාචක ජනයාගේ වචන දන්නේ වේද, පහවූ මසුරු මල ඇත්තේද, භාර්‍ය්‍යාව දුස්සීල වේද, තද මසුරුද, පරිභව කරයිද, ඒ මළකඳ, දෙවියෙකු සමග වසයි. දෙදෙනම ශ්‍රද්‍ධාවන්තද, යාචක ජනයාගේ වචන දනිත්ද, ඉන්‍ද්‍රිය සංයමයෙන් යුක්ත වූවාහුද, ධාර්මික ජීවිකාවෙන් යුක්තවූවාහුද, ඔවුනොවුන් ප්‍රිය වචන කියන්නාහුද, ඔවුහු අඹු සැමියෝ වෙති. ඔවුන්ගේ වස්තූහු වැඩෙත්. පහසුව පිණිස පහළවේ. සමාන සිල් ඇති දෙදෙනෙකුගේ අමිත්‍රයෝ නොසතුටු වෙත්. සම ශීල පැවතුම් ඇති දෙදෙන මෙලොව ධර්‍මයෙහි හැසිර, කැමති දේ ලබමින් සතුටු වන්නාහු දිව්‍ය ලෝකයෙහි සතුටු වෙත්.”
4. දුතියසංවාසසුත්තං 4. චතුසංවාස සූත්‍රය
5. පඨමසමජීවීසුත්තං 5. නකුලපිතු සූත්‍රය
6. දුතියසමජීවීසුත්තං 6. සමජීව සූත්‍රය
7. සුප්පවාසාසුත්තං 7. සුප්පවාස සූත්‍රය
8. සුදත්තසුත්තං 8. සුදත්ත සූත්‍රය
9. භොජනසුත්තං 9. ඨාන චතුක්කදාන සූත්‍රය
10. ගිහිසාමීචිසුත්තං 10. ගිහි සාමීචි පටිපදා සූත්‍රය