ත්‍රිපිටකය
5. රොහිතස්සවග්ගො 5. රොහිතස්ස වර්‍ගය
1. සමාධිභාවනාසුත්තං 1. සමාධිභාවනා සූත්‍රය
2. පඤ්හබ්‍යාකරණසුත්තං 2. පඤ්හව්‍යාකරණ සූත්‍රය
3. පඨමකොධගරුසුත්තං 3. කොධගරුතා සූත්‍රය
4. දුතියකොධගරුසුත්තං 4. අසද්‍ධම්ම චතුක්ක සූත්‍රය
5. රොහිතස්සසුත්තං 5. පළමුවෙනි රොහිතස්ස සූත්‍රය
6. දුතියරොහිතස්සසුත්තං 6. දුතිය රොහිතස්ස සූත්‍රය
7. සුවිදූරසුත්තං 7. සුවිදුරවිදුර සූත්‍රය
8. විසාඛසුත්තං 8. විශාඛ පඤ්චාල පුත්ත සූත්‍රය
9. විපල්ලාසසුත්තං 9. චතුවිපල්ලාස සූත්‍රය
49
‘‘චත්තාරොමෙ , භික්ඛවෙ, සඤ්ඤාවිපල්ලාසා චිත්තවිපල්ලාසා දිට්ඨිවිපල්ලාසා . කතමෙ චත්තාරො? අනිච්චෙ, භික්ඛවෙ, නිච්චන්ති සඤ්ඤාවිපල්ලාසො චිත්තවිපල්ලාසො දිට්ඨිවිපල්ලාසො; දුක්ඛෙ, භික්ඛවෙ, සුඛන්ති සඤ්ඤාවිපල්ලාසො චිත්තවිපල්ලාසො දිට්ඨිවිපල්ලාසො; අනත්තනි, භික්ඛවෙ, අත්තාති සඤ්ඤාවිපල්ලාසො චිත්තවිපල්ලාසො දිට්ඨිවිපල්ලාසො; අසුභෙ, භික්ඛවෙ, සුභන්ති සඤ්ඤාවිපල්ලාසො චිත්තවිපල්ලාසො දිට්ඨිවිපල්ලාසො. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො සඤ්ඤාවිපල්ලාසා චිත්තවිපල්ලාසා දිට්ඨිවිපල්ලාසා.
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, නසඤ්ඤාවිපල්ලාසා නචිත්තවිපල්ලාසා නදිට්ඨිවිපල්ලාසා. කතමෙ චත්තාරො? අනිච්චෙ, භික්ඛවෙ, අනිච්චන්ති නසඤ්ඤාවිපල්ලාසො නචිත්තවිපල්ලාසො නදිට්ඨිවිපල්ලාසො; දුක්ඛෙ, භික්ඛවෙ, දුක්ඛන්ති නසඤ්ඤාවිපල්ලාසො නචිත්තවිපල්ලාසො නදිට්ඨිවිපල්ලාසො; අනත්තනි, භික්ඛවෙ, අනත්තාති නසඤ්ඤාවිපල්ලාසො නචිත්තවිපල්ලාසො නදිට්ඨිවිපල්ලාසො; අසුභෙ, භික්ඛවෙ, අසුභන්ති නසඤ්ඤාවිපල්ලාසො නචිත්තවිපල්ලාසො නදිට්ඨිවිපල්ලාසො . ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො නසඤ්ඤාවිපල්ලාසා නචිත්තවිපල්ලාසා නදිට්ඨිවිපල්ලාසා’’ති.
‘‘අනිච්චෙ නිච්චසඤ්ඤිනො, දුක්ඛෙ ච සුඛසඤ්ඤිනො;
අනත්තනි ච අත්තාති, අසුභෙ සුභසඤ්ඤිනො;
මිච්ඡාදිට්ඨිහතා සත්තා, ඛිත්තචිත්තා විසඤ්ඤිනො.
‘‘තෙ යොගයුත්තා මාරස්ස, අයොගක්ඛෙමිනො ජනා;
සත්තා ගච්ඡන්ති සංසාරං, ජාතිමරණගාමිනො.
‘‘යදා ච බුද්ධා ලොකස්මිං, උප්පජ්ජන්ති පභඞ්කරා;
තෙ ඉමං ධම්මං (තෙමං ධම්මං (සී. ස්‍යා. කං.)) පකාසෙන්ති, දුක්ඛූපසමගාමිනං.
‘‘තෙසං සුත්වාන සප්පඤ්ඤා, සචිත්තං පච්චලද්ධා තෙ;
අනිච්චං අනිච්චතො දක්ඛුං, දුක්ඛමද්දක්ඛු දුක්ඛතො.
‘‘අනත්තනි අනත්තාති, අසුභං අසුභතද්දසුං;
සම්මාදිට්ඨිසමාදානා, සබ්බං දුක්ඛං උපච්චගු’’න්ති (පටි. ම. 1.236). නවමං;
49
“මහණෙනි, මේ විපරීත සංඥාවෝ, විපරීත චිත්තයෝ, විපරීත දෘෂ්ටීහු සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
“මහණෙනි, අනිත්‍යයෙහි නිත්‍යය යන මෙය විපරීත සංඥාවකි. විපරීත චිත්තයකි, විපරීත දෘෂ්ටියකි. මහණෙනි, දුකෙහි සැපය යන මෙය විපරීත සංඥාවකි. විපරීත සිතකි, විපරීත දෘෂ්ටියකි. මහණෙනි, අනාත්මයෙහි ආත්මය යන මෙය විපරීත සංඥාවකි. විපරීත චිත්තයකි, විපරීත දෘෂ්ටියකි. මහණෙනි, අසුභයෙහි ශුභය යන මෙය විපරීත සංඥාවකි. විපරීත චිත්තයකි, විපරීත දෘෂ්ටියකි.
“මහණෙනි, මේ සතර විපරීත සංඥාවෝය. විපරීත චිත්තයෝය. විපරීත දෘෂ්ටීහුය. මහණෙනි, මේ සතර විපරීත සංඥාවෝ නොවෙති. විපරීත චිත්තයෝ නොවෙති. විපරීත දෘෂ්ටීහු නොවෙති. කවර සතර දෙනෙක්ද?
“මහණෙනි, අනිත්‍යයෙහි අනිත්‍යය යන මෙය විපරීත සංඥාවක් නොවේ. විපරීත චිත්තයක් නොවේ, විපරීත දෘෂ්ටියක් නොවේ. මහණෙනි, දුකෙහි දුකය යන මෙය විපරීත සංඥාවක් නොවේ. විපරීත චිත්තයක් නොවේ, විපරීත දෘෂ්ටියක් නොවේ. මහණෙනි, අනාත්මයෙහි අනාත්මය යන මෙය විපරීත සංඥාවක් නොවේ. විපරීත චිත්තයක් නොවේ, විපරීත දෘෂ්ටියක් නොවේ. මහණෙනි, අසුභයෙහි අශුභය යන මෙය විපරීත සංඥාවක් නොවේ. විපරීත චිත්තයක් නොවේ, විපරීත දෘෂ්ටියක් නොවේ. මහණෙනි, මේ සතර සංඥා විපය්‍යාසයෝ නොවෙති. චිත්ත විපර්‍ය්‍යාසයෝ නොවෙති. දිට්ඨි විපර්‍ය්‍යාසයෝ නොවෙති.”
“අනිත්‍යයෙහි නිත්‍යය යන සංඥා ඇත්තාවූද, දුකෙහි සැපය යන සංඥා ඇත්තාවූද, අනාත්මයෙහි ආත්මය යන සංඥා ඇත්තාවූද, අශුභයෙහි ශුභය යන සංඥා ඇත්තාවූද, වික්‍ෂිප්තවූ සිත් ඇති, විපරීත සංඥා ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටි ගත්, මාරයාගේ බැම්මෙහි බැදුනාවූ, යොගයන් ක්‍ෂය නොකළ ජනයන් වන ඒ සත්ත්‍වයෝ ඉපදීමට, මරණයට පැමිණෙමින් සසර ගමන් කරත්. යම් කලෙක්හි ආලෝකය ඇති කරන්නාවූ බුදුවරයෝ ලෝකයෙහි උපදිත්ද, ඔවුහු දුක සංසිඳීමට යන මේ ධර්‍මය ප්‍රකාශ කරත්. නුවණැත්තෝ ඔවුන්ගේ ධර්‍මය අසා ස්වකීය චිත්තය ලැබ, අනිත්‍යය අනිත්‍යය වශයෙන් දැක්කාහුය. දුක, දුක වශයෙන් දැක්කාහුය. අනාත්මය, අනාත්මය වශයෙන් දැක්කාහුය. අශුභය, අශුභ වශයෙන් දැක්කාහුය. සම්‍යක් දෘෂ්ටි ඇතිවීමෙන් සියලු දුක ඉක්මවූවාහුය.”
10. උපක්කිලෙසසුත්තං 10. චන්‍දිම සුරියොපක්කිලෙස සූත්‍රය