ත්‍රිපිටකය
5. රොහිතස්සවග්ගො 5. රොහිතස්ස වර්‍ගය
1. සමාධිභාවනාසුත්තං 1. සමාධිභාවනා සූත්‍රය
2. පඤ්හබ්‍යාකරණසුත්තං 2. පඤ්හව්‍යාකරණ සූත්‍රය
3. පඨමකොධගරුසුත්තං 3. කොධගරුතා සූත්‍රය
4. දුතියකොධගරුසුත්තං 4. අසද්‍ධම්ම චතුක්ක සූත්‍රය
5. රොහිතස්සසුත්තං 5. පළමුවෙනි රොහිතස්ස සූත්‍රය
45
එකං සමයං භගවා (සං. නි. 1.107) සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො රොහිතස්සො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො රොහිතස්සො දෙවපුත්තො භගවන්තං එතදවොච -
‘‘යත්ථ නු ඛො, භන්තෙ, න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති, සක්කා නු ඛො සො, භන්තෙ, ගමනෙන ලොකස්ස අන්තො ඤාතුං වා දට්ඨුං වා පාපුණිතුං වා’’ති? ‘‘යත්ථ ඛො, ආවුසො, න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති, නාහං තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්‍යං දට්ඨෙය්‍යං පත්තෙය්‍යන්ති වදාමී’’ති.
‘‘අච්ඡරියං , භන්තෙ, අබ්භුතං, භන්තෙ! යාව සුභාසිතමිදං, භන්තෙ, භගවතා - ‘යත්ථ ඛො, ආවුසො, න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති, නාහං තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්‍යං දට්ඨෙය්‍යං පත්තෙය්‍යන්ති වදාමී’’’ති.
‘‘භූතපුබ්බාහං, භන්තෙ, රොහිතස්සො නාම ඉසි අහොසිං භොජපුත්තො ඉද්ධිමා වෙහාසඞ්ගමො. තස්ස මය්හං, භන්තෙ, එවරූපො ජවො අහොසි, සෙය්‍යථාපි නාම දළ්හධම්මා (දළ්හධම්මො, අ. නි. 9.38; ම. නි. 1.161 (සබ්බත්ථ) ටීකා ච මොග්ගල්ලානබ්‍යාකරණං ච ඔලොකෙතබ්බං) ධනුග්ගහො සික්ඛිතො කතහත්ථො කතූපාසනො ලහුකෙන අසනෙන අප්පකසිරෙන තිරියං තාලච්ඡායං අතිපාතෙය්‍ය. තස්ස මය්හං, භන්තෙ, එවරූපො පදවීතිහාරො අහොසි, සෙය්‍යථාපි නාම පුරත්ථිමා සමුද්දා පච්ඡිමො සමුද්දො. තස්ස මය්හං, භන්තෙ, එවරූපෙන ජවෙන සමන්නාගතස්ස එවරූපෙන ච පදවීතිහාරෙන එවරූපං ඉච්ඡාගතං උප්පජ්ජි - ‘අහං ගමනෙන ලොකස්ස අන්තං පාපුණිස්සාමී’ති. සො ඛො අහං, භන්තෙ, අඤ්ඤත්‍රෙව අසිතපීතඛායිතසායිතා අඤ්ඤත්‍ර උච්චාරපස්සාවකම්මා අඤ්ඤත්‍ර නිද්දාකිලමථපටිවිනොදනා වස්සසතායුකො වස්සසතජීවී වස්සසතං ගන්ත්වා අප්පත්වාව ලොකස්ස අන්තං අන්තරායෙව කාලඞ්කතො.
‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! යාව සුභාසිතමිදං, භන්තෙ, භගවතා - ‘යත්ථ ඛො, ආවුසො, න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති, නාහං තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්‍යං දට්ඨෙය්‍යං පත්තෙය්‍යන්ති වදාමී’’’ති.
‘‘‘යත්ථ ඛො, ආවුසො, න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති, නාහං තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්‍යං දට්ඨෙය්‍යං පත්තෙය්‍ය’න්ති වදාමි. න චාහං, ආවුසො, අප්පත්වාව ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමි. අපි චාහං, ආවුසො, ඉමස්මිංයෙව බ්‍යාමමත්තෙ කළෙවරෙ (කළෙබරෙ (සී. පී.)) සසඤ්ඤිම්හි සමනකෙ ලොකඤ්ච පඤ්ඤාපෙමි ලොකසමුදයඤ්ච ලොකනිරොධඤ්ච ලොකනිරොධගාමිනිඤ්ච පටිපද’’න්ති.
‘‘ගමනෙන න පත්තබ්බො, ලොකස්සන්තො කුදාචනං;
න ච අප්පත්වා ලොකන්තං, දුක්ඛා අත්ථි පමොචනං.
‘‘තස්මා හවෙ ලොකවිදූ සුමෙධො,
ලොකන්තගූ වුසිතබ්‍රහ්මචරියො;
ලොකස්ස අන්තං සමිතාවි ඤත්වා,
නාසීසතී (නාසිංසතී (සී.)) ලොකමිමං පරඤ්චා’’ති. පඤ්චමං;
45
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවණ ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති රෝහිතස්ස නම් දිව්‍ය පුත්‍ර තෙම කාලය ඉක්ම ගිය රාත්‍රියෙහි බබලන ශරීර වර්‍ණයෙන් යුක්තව, ජේතවනය ආලෝක කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය.
“එකත්පසෙක සිටි රොහිතස්ස දිව්‍ය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “යම් තැනෙක්හි නූපදියිද, නොදිරයිද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ස්වාමීණි, ගමණින් ලෝකයෙහි කෙළවර දැනගන්ට හෝ දකින්ට හෝ පැමිනෙන්ට හෝ හැක්කේදැ” යි ඇසීය.
“ඇවැත්නි, යම් තැනක නොඋපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ලෝකයෙහි ඒ කෙළවරට පා ගමණින් ගොස් දත යුතුයයි, දැක්ක යුතුයයි, පැමිණිය යුතුයයි නොකියමි.”
“ස්වාමීනි, ආශ්චර්‍ය්‍යයයි. ස්වාමීනි, පුදුමයි. “ඇවැත්නි, යම් තැනක නොඋපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ලෝකයෙහි ඒ කෙළවරට පා ගමණින් ගොස් දත යුතුයයි, දැක්ක යුතුයයි, පැමිණිය යුතුයයි නොකියමි.” යන යමක් වදාළේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය යහපත්කොට වදාරණ ලදී.
“ස්වාමීනි, මම පෙර ඉර්ධි ඇති, අහසින් යන්නාවූ, වැදි පුත්‍රවූ, රෝහිතස්ස නම් ඎෂියෙත් වූවෙමි. ස්වාමීනි, ඒ මට හික්මුනාවූ, කළ පුරුද්ද ඇති, දක්වන ලද ශිල්ප ඇති, සැහැල්ලු ඊයකින් නිදුකින් තල් සෙවනැල්ලක් ඉක්මවන්නේ නම් එබඳු උතුම් දුන්නක් ඇති දුනු දරන්නෙක් යම් සේද, එබඳු ජවයක් වූයේය. යම්සේ පූර්‍වදිග මුහුදින් බටහිර මුහුද යම් සේද, එබඳු පා මාරුවක් වූයේය. ‘මෙබඳු ජවයකින් යුත්, මෙබඳු ගමන් ඇති, ඒ මට, මම ගමනින් ලෝකයෙහි කෙළවරට යන්නෙමි’ යි මෙබඳු අදහසක් ඇතිවිය. ස්වාමීනි, ඒ මම කෑම් බීම් දෙක හැර, මල මූත්‍ර කිරීම් හැර, නිදීම් ක්ලාන්ත සංසිඳවීම් හැර, වර්‍ෂ සීයක් ඇත්තේ, වර්‍ෂ සියයක් ජීවත් වන්නේ, වර්‍ෂ සියයක් ගොස් ලෝකයෙහි අන්තයට නොපැමිණම, ලෝකය අතරෙහිම කාලක්‍රියා කළෙමි.
“භාගයවතුන් වහන්සේ විසින්, “ඇවැත්නි, යම් තැනක නොඋපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ලෝකයෙහි ඒ කෙළවරට පා ගමණින් ගොස් දත යුතුයයි, දැක්ක යුතුයයි, පැමිණිය යුතුයයි නොකියමි.” යි වදාරණ ලද්ද, භාග්‍යවතුන් වහන්සේ විසින් යහපත් කොටම වදාරණ ලද්දකි.”
“ඇවැත්නි, යම් තැනක නොඋපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, නූපදීද, ලෝකයෙහි ඒ කෙළවරට පා ගමණින් ගොස් දත යුතුයයි, දැක්ක යුතුයයි, පැමිණිය යුතුයයි නොකියමි. ඇවැත්නි, එහෙත් යම් තැනක නූපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, ඇවැත්නි, මම ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරිම නොකියමි. ඇවැත්නි, මම සංඥාවෙන් යුත්, සිතින් යුත් මේ බඹයක් පමණ ශරීරයෙහි ලෝකයද, (දුක්ඛ සත්‍යයද) පනවමි. ලෝක සමුදයද (දුකට හේතුවද) පනවමි. ලෝක නිරෝධයද පනවමි. ලොක නිරෝධයට පැමිණෙන මාර්‍ගයද පණවමි.”
“කිසිකලෙක ලෝකයාගේ කෙළවරට ගමණින් නොපැමිණිය හැක. ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුකින් මිදීමක් නැත. එසේ හෙයින් ඒකාන්තයෙන් ලෝකය දත් ප්‍රඥාවත්, ලෝකයෙහි කෙළවරට ගිය, වැස නිමවන ලද බඹසර ඇති, පව් සමනය කළ ලෝකයාගේ කෙළවර දැන, මෙලොවද, පරලොවද බලාපොරොත්තු නොවෙමි.”
6. දුතියරොහිතස්සසුත්තං 6. දුතිය රොහිතස්ස සූත්‍රය
7. සුවිදූරසුත්තං 7. සුවිදුරවිදුර සූත්‍රය
8. විසාඛසුත්තං 8. විශාඛ පඤ්චාල පුත්ත සූත්‍රය
9. විපල්ලාසසුත්තං 9. චතුවිපල්ලාස සූත්‍රය
10. උපක්කිලෙසසුත්තං 10. චන්‍දිම සුරියොපක්කිලෙස සූත්‍රය