ත්‍රිපිටකය
5. රොහිතස්සවග්ගො 5. රොහිතස්ස වර්‍ගය
1. සමාධිභාවනාසුත්තං 1. සමාධිභාවනා සූත්‍රය
2. පඤ්හබ්‍යාකරණසුත්තං 2. පඤ්හව්‍යාකරණ සූත්‍රය
42
‘‘චත්තාරිමානි , භික්ඛවෙ, පඤ්හබ්‍යාකරණානි (පඤ්හාබ්‍යාකරණානි (ක.)). කතමානි චත්තාරි? අත්ථි, භික්ඛවෙ, පඤ්හො එකංසබ්‍යාකරණීයො; අත්ථි, භික්ඛවෙ, පඤ්හො විභජ්ජබ්‍යාකරණීයො; අත්ථි, භික්ඛවෙ, පඤ්හො පටිපුච්ඡාබ්‍යාකරණීයො; අත්ථි, භික්ඛවෙ, පඤ්හො ඨපනීයො. ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි පඤ්හබ්‍යාකරණානී’’ති.
‘‘එකංසවචනං එකං, විභජ්ජවචනාපරං;
තතියං පටිපුච්ඡෙය්‍ය, චතුත්ථං පන ඨාපයෙ.
‘‘යො ච තෙසං (නෙසං (සී. ස්‍යා. කං.)) තත්ථ තත්ථ, ජානාති අනුධම්මතං;
චතුපඤ්හස්ස කුසලො, ආහු භික්ඛුං තථාවිධං.
‘‘දුරාසදො දුප්පසහො, ගම්භීරො දුප්පධංසියො;
අථො අත්ථෙ අනත්ථෙ ච, උභයස්ස හොති කොවිදො (උභයත්ථස්ස කොවිදො (ස්‍යා. කං.)).
‘‘අනත්ථං පරිවජ්ජෙති, අත්ථං ගණ්හාති පණ්ඩිතො;
අත්ථාභිසමයා ධීරො, පණ්ඩිතොති පවුච්චතී’’ති. දුතියං;
42
“මහණෙනි, මේ ප්‍රශ්න විසඳීම් සතරක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්, මහණෙනි, ඒකාන්තයෙන් විසඳිය යුතු ප්‍රශ්නයක් ඇත්තේය. මහණෙනි, බෙදා විසඳියයුතු ප්‍රශ්නයක්ද ඇත්තේය. මහණෙනි, ප්‍රශ්නකොට විසඳියයුතු ප්‍රශ්නයක් ඇත්තේය. මහණෙනි, නොවිසඳා තැබියයුතු ප්‍රශ්නයක් ඇත්තේය. මහණෙනි, මේ ප්‍රශ්න ප්‍රකාශකිරීම් සතරය.
“ඒකාන්තයෙන් කිවයුතු එකෙක. බෙදා කිවයුතු අනිකෙක. විචාරියයුතු තුන්වැන්නය. සතරවැන්න වනාහි තැබිය යුතුය. යමෙක් ඒ ඒ තන්හි ධර්‍මයට අනුව ඒ ප්‍රශ්නයන් දනීද, එබඳු භික්‍ෂුව ප්‍රශ්න සතරෙහි දක්‍ෂයයි කීහු. හෙතෙම නොගැටිය හැකි, මැඩපැවැත්විය නොහැකි, ගැඹුරු ගත් දේ වෙනස් නොකළ හැකි, අර්ත්‍ථයෙහිද, අනර්ත්‍ථයෙහිදැයි යන දෙක්හිම දක්‍ෂවෙයි. ඒ පණ්ඩිත තෙම අනර්‍ථය දුරුකරයි. අර්‍ථය ගනියි. අර්‍ථය අවබෝධ කළ හෙතෙම නැණවත්, පණ්ඩිත පුද්ගලයායයි කියනු ලැබේ.”
3. පඨමකොධගරුසුත්තං 3. කොධගරුතා සූත්‍රය
4. දුතියකොධගරුසුත්තං 4. අසද්‍ධම්ම චතුක්ක සූත්‍රය
5. රොහිතස්සසුත්තං 5. පළමුවෙනි රොහිතස්ස සූත්‍රය
6. දුතියරොහිතස්සසුත්තං 6. දුතිය රොහිතස්ස සූත්‍රය
7. සුවිදූරසුත්තං 7. සුවිදුරවිදුර සූත්‍රය
8. විසාඛසුත්තං 8. විශාඛ පඤ්චාල පුත්ත සූත්‍රය
9. විපල්ලාසසුත්තං 9. චතුවිපල්ලාස සූත්‍රය
10. උපක්කිලෙසසුත්තං 10. චන්‍දිම සුරියොපක්කිලෙස සූත්‍රය