ත්‍රිපිටකය
5. රොහිතස්සවග්ගො 5. රොහිතස්ස වර්‍ගය
1. සමාධිභාවනාසුත්තං 1. සමාධිභාවනා සූත්‍රය
41
‘‘චතස්සො ඉමා, භික්ඛවෙ, සමාධිභාවනා. කතමා චතස්සො? අත්ථි, භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති; අත්ථි, භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්සනප්පටිලාභාය සංවත්තති; අත්ථි, භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්පජඤ්ඤාය සංවත්තති; අත්ථි, භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්තති.
‘‘කතමා ච, භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති? ඉධ, භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං, භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති.
‘‘කතමා ච, භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්සනප්පටිලාභාය සංවත්තති? ඉධ, භික්ඛවෙ, භික්ඛු ආලොකසඤ්ඤං මනසි කරොති, දිවාසඤ්ඤං අධිට්ඨාති - යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා. ඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති. අයං, භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්සනප්පටිලාභාය සංවත්තති.
‘‘කතමා ච, භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්පජඤ්ඤාය සංවත්තති? ඉධ, භික්ඛවෙ, භික්ඛුනො විදිතා වෙදනා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති; විදිතා සඤ්ඤා...පෙ.... විදිතා විතක්කා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. අයං, භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්පජඤ්ඤාය සංවත්තති.
‘‘කතමා ච, භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්තති? ඉධ, භික්ඛවෙ, භික්ඛු පඤ්චසු උපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සී විහරති - ‘ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො (අත්ථගමො (සී. පී.)); ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථඞ්ගමො; ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථඞ්ගමො; ඉති සඞ්ඛාරා, ඉති සඞ්ඛාරානං සමුදයො, ඉති සඞ්ඛාරානං අත්ථඞ්ගමො; ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමො’ති. අයං, භික්ඛවෙ, සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්තති. ඉමා ඛො, භික්ඛවෙ, චතස්සො සමාධිභාවනා. ඉදඤ්ච පන මෙතං, භික්ඛවෙ, සන්ධාය භාසිතං පාරායනෙ පුණ්ණකපඤ්හෙ -
‘‘සඞ්ඛාය ලොකස්මිං පරොපරානි,
යස්සිඤ්ජිතං නත්ථි කුහිඤ්චි ලොකෙ;
සන්තො විධූමො අනීඝො නිරාසො,
අතාරි සො ජාතිජරන්ති බ්‍රූමී’’ති (සු. නි. 1054; චූළනි. පුණ්ණකමාණවපුච්ඡා 73). පඨමං;
41
“මේ සමාධි භවනා සතර දෙනෙකි. කවර සතර දෙනෙක්ද යත්, මහණෙනි, වඩන ලද, බහුල කරණ ලද, සමාධි භාවනාවක් මේ ආත්මයෙහි සැප විහරණ පිණිස වන්නීද, එබඳු සමාධි භාවනාවක් ඇත්තේය. මහණෙනි, වඩන ලද, බහුල කරණ ලද සමාධි භාවනාවක්, දිව්‍යචක්‍ෂුරභිඥානය පිණිස වන්නේද, එබඳු සමාධි භාවනාවක් ඇත්තේය. වඩන ලද්දාවූ, බහුල කරණ ලද්දාවූ සමාධි භාවනාවක්, සිහිය හා නුවණින් දැනීම පිණිස පවතීද, මහණෙනි, එබඳු සමාධි භාවනාවක් ඇත. වඩන ලද, බහුල කරණ ලද, සමාධි භාවනාවක්, ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස පවතියිද, එබඳු සමාධි භාවනාවක් ඇත.
“මහණෙනි, වඩනලද, බහුල කරණ ලද, කවර සමාධි භාවනාවක් මේ ආත්මයෙහි සැප විහරණය පිණිස පවතීද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම, කාමයන්ගෙන් වෙන්ව, අකුශලයන්ගෙන් වෙන්වම, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, වඩන ලද, බහුල කරණ ලද මේ සමාධි භාවනාව මේ ආත්මයෙහි සැප විහරණය පිණිස පවතීයයි කියනු ලැබේ.
“මහණෙනි, වඩන ලද, බහුල කරණ ලද කවර සමාධි භාවනාවක් දිව්‍ය චක්‍ෂුස ලැබීම පිණිස පවතීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ආලෝක සංඥාව මෙනෙහි කරයිද, දහවල්ය යන සංඥාව මෙනෙහි කරයිද, දහවල් යම් සේද, එසේම රාත්‍රියද, රාත්‍රිය යම් සේද, එසේද දවාලද, මෙසේ විවෘතවූ, නොවැසුණාවූ සිතින් ආලෝක සහිත සිත වඩයිද, මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරණ ලද්දාවූ, මේ සමාධි භාවනාව දිව්‍ය චක්‍ෂුව ලැබීම පිණිස පවතී.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරණ ලද්දාවූ කවර සමාධි භාවනාවක් සිහිය හා නුවණින් දැනීම පිණිස පවතීද, මහණෙනි, මේ ශාසනයෙහි මහණහට ප්‍රකටව වේදනාවෝ උපදිත්ද, ප්‍රකටව වේදනා හටගනිත්ද, ප්‍රකටව වේදනා අභාවයට යත්ද, ප්‍රකටව හටගනිත්ද, ප්‍රකටව අභාවයට යෙත්ද, ප්‍රකටවූ සංඥා, ප්‍රකටවූ විතර්‍ක උපදිත්ද, මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ සමාධි භාවනා තොමෝ සිහිය හා නුවණින් දැනීම පිණිස පවතී.
“මහණෙනි, වඩන ලද්දාවූ, බහුල කරණ ලද්දාවූ, කවර සමාධි භාවනාව ආශ්‍රවයන් ක්‍ෂයවීම පිණිස පවතීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම උපාදාන ස්කන්‍ධ පසෙහි ඉපදීමද, විනාශයද, දකිමින් වාසය කරයිද, මේ රූපයයි, මේ රූපයාගේ ඉපදීමයි, මේ රූපයාගේ නැතිවීමයි, මේ වේදනාවයි, මේ වේදනාවගේ ඉපදීමයි, මේ වේදනාවගේ නැතිවීමයි, මේ සංඥාවයි, මේ සංඥාවගේ ඉපදීමයි, මේ සංඥාවගේ නැතිවීමයි, මේ සංස්කාරයෝයි. මේ සංස්කාරයන්ගේ ඉපදීමයි, මේ සංස්කාරයන්ගේ නැතිවීමයි, මේ විඤ්ඤාණයයි, මේ විඤ්ඤාණයාගේ ඉපදීමයි, මේ විඤ්ඤාණයාගේ නැතිවීමයි,
“මහණෙනි, මේ වඩන ලද්දාවූ, බහුල කරණ ලද්දාවූ, මේ සමාධි භාවනාව ආශ්‍රවයන් ක්‍ෂයවීම පිණිස පවතී. මහණෙනි, මේ සතර සමාධි භාවනාවෝයි. මහණෙනි, පරායන සූත්‍රයෙහි, පුණ්ණක ප්‍රශ්නයෙහි මෙය වනාහි මේ සඳහා වදාරණ ලදී.
“ලෝකයෙහි කිසි තැනක යමෙකුට ස්කන්‍ධ, ධාතු, ආයතන, ආරම්මණ යන මොවුන් කෙරෙහි සැළීමක් නැද්ද, සත්ත්‍ව ලෝකයෙහි උසස් පහත් භෙදය දැන ශාන්තවූයේද, පහවූ ක්‍රොධ නමැති දුම් ඇත්තේද, දුක් නැත්තේද, ආශා නැත්තේද, හෙතෙම ජාති, ජරා, මරණය පහ කෙළේයයි කියමි.”
2. පඤ්හබ්‍යාකරණසුත්තං 2. පඤ්හව්‍යාකරණ සූත්‍රය
3. පඨමකොධගරුසුත්තං 3. කොධගරුතා සූත්‍රය
4. දුතියකොධගරුසුත්තං 4. අසද්‍ධම්ම චතුක්ක සූත්‍රය
5. රොහිතස්සසුත්තං 5. පළමුවෙනි රොහිතස්ස සූත්‍රය
6. දුතියරොහිතස්සසුත්තං 6. දුතිය රොහිතස්ස සූත්‍රය
7. සුවිදූරසුත්තං 7. සුවිදුරවිදුර සූත්‍රය
8. විසාඛසුත්තං 8. විශාඛ පඤ්චාල පුත්ත සූත්‍රය
9. විපල්ලාසසුත්තං 9. චතුවිපල්ලාස සූත්‍රය
10. උපක්කිලෙසසුත්තං 10. චන්‍දිම සුරියොපක්කිලෙස සූත්‍රය