ත්‍රිපිටකය
4. චක්කවග්ගො 4. චක්ක වර්‍ගය
1. චක්කසුත්තං 1. චතු චක්ක සූත්‍රය
2. සඞ්ගහසුත්තං 2. සංගහවත්‍ථු සූත්‍රය
3. සීහසුත්තං 3. සීහොපම සූත්‍රය
4. අග්ගප්පසාදසුත්තං 4. අග්ගප්පසාද සූත්‍රය
5. වස්සකාරසුත්තං 5. වස්සකාර සූත්‍රය
6. දොණසුත්තං 6. දොණ (බ්‍රාහ්මණ) සූත්‍රය
36
එකං සමයං භගවා අන්තරා ච උක්කට්ඨං අන්තරා ච සෙතබ්‍යං අද්ධානමග්ගප්පටිපන්නො හොති. දොණොපි සුදං බ්‍රාහ්මණො අන්තරා ච උක්කට්ඨං අන්තරා ච සෙතබ්‍යං අද්ධානමග්ගප්පටිපන්නො හොති. අද්දසා ඛො දොණො බ්‍රාහ්මණො භගවතො පාදෙසු චක්කානි සහස්සාරානි සනෙමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරානි; දිස්වානස්ස එතදහොසි - ‘‘අච්ඡරියං වත, භො, අබ්භුතං වත, භො! න වතිමානි මනුස්සභූතස්ස පදානි භවිස්සන්තී’’ති!! අථ ඛො භගවා මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. අථ ඛො දොණො බ්‍රාහ්මණො භගවතො පදානි අනුගච්ඡන්තො අද්දස භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං පාසාදිකං පසාදනීයං සන්තින්ද්‍රියං සන්තමානසං උත්තමදමථසමථමනුප්පත්තං දන්තං ගුත්තං සංයතින්ද්‍රියං (යතින්ද්‍රියං (මහාව. 257)) නාගං. දිස්වාන යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච -
‘‘දෙවො නො භවං භවිස්සතී’’ති? ‘‘න ඛො අහං, බ්‍රාහ්මණ, දෙවො භවිස්සාමී’’ති. ‘‘ගන්ධබ්බො නො භවං භවිස්සතී’’ති? ‘‘න ඛො අහං, බ්‍රාහ්මණ, ගන්ධබ්බො භවිස්සාමී’’ති. ‘‘යක්ඛො නො භවං භවිස්සතී’’ති? ‘‘න ඛො අහං, බ්‍රාහ්මණ, යක්ඛො භවිස්සාමී’’ති. ‘‘මනුස්සො නො භවං භවිස්සතී’’ති? ‘‘න ඛො අහං, බ්‍රාහ්මණ, මනුස්සො භවිස්සාමී’’ති.
‘‘‘දෙවො නො භවං භවිස්සතී’ති, ඉති පුට්ඨො සමානො - ‘න ඛො අහං, බ්‍රාහ්මණ, දෙවො භවිස්සාමී’ති වදෙසි. ‘ගන්ධබ්බො නො භවං භවිස්සතී’ති, ඉති පුට්ඨො සමානො - ‘න ඛො අහං, බ්‍රාහ්මණ, ගන්ධබ්බො භවිස්සාමී’ති වදෙසි. ‘යක්ඛො නො භවං භවිස්සතී’ති, ඉති පුට්ඨො සමානො - ‘න ඛො අහං, බ්‍රාහ්මණ, යක්ඛො භවිස්සාමී’ති වදෙසි. ‘මනුස්සො නො භවං භවිස්සතී’ති, ඉති පුට්ඨො සමානො - ‘න ඛො අහං, බ්‍රාහ්මණ, මනුස්සො භවිස්සාමී’ති වදෙසි. අථ කො චරහි භවං භවිස්සතී’’ති?
‘‘යෙසං ඛො අහං, බ්‍රාහ්මණ, ආසවානං අප්පහීනත්තා දෙවො භවෙය්‍යං, තෙ මෙ ආසවා පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා. යෙසං ඛො අහං, බ්‍රාහ්මණ, ආසවානං අප්පහීනත්තා ගන්ධබ්බො භවෙය්‍යං... යක්ඛො භවෙය්‍යං... මනුස්සො භවෙය්‍යං, තෙ මෙ ආසවා පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා. සෙය්‍යථාපි, බ්‍රාහ්මණ, උප්පලං වා පදුමං වා පුණ්ඩරීකං වා උදකෙ ජාතං උදකෙ සංවඩ්ඪං උදකා අච්චුග්ගම්ම තිට්ඨති අනුපලිත්තං උදකෙන; එවමෙවං ඛො අහං, බ්‍රාහ්මණ, ලොකෙ ජාතො ලොකෙ සංවඩ්ඪො ලොකං අභිභුය්‍ය විහරාමි අනුපලිත්තො ලොකෙන. බුද්ධොති මං, බ්‍රාහ්මණ, ධාරෙහී’’ති.
‘‘යෙන දෙවූපපත්‍යස්ස, ගන්ධබ්බො වා විහඞ්ගමො;
යක්ඛත්තං යෙන ගච්ඡෙය්‍යං, මනුස්සත්තඤ්ච අබ්බජෙ;
තෙ මය්හං, ආසවා ඛීණා, විද්ධස්තා විනළීකතා.
‘‘පුණ්ඩරීකං යථා වග්ගු, තොයෙන නුපලිප්පති (නුපලිම්පති (ක.));
නුපලිප්පාමි (නුපලිම්පාමි (ක.)) ලොකෙන, තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණා’’ති. ඡට්ඨං;
36
“එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨා නුවරටත්, සෙතව්‍ය නුවරටත් අතරෙහිවූ දීර්‍ඝ මාර්‍ගයට පිළිපන් සේක. දොණ බ්‍රාහ්මණ තෙමේද, උක්කට්ඨා නුවරටත්, සෙතව්‍ය නුවරටත් අතරෙහිවූ දීර්‍ඝ මාර්‍ගයට පිළිපන්නේ වේ. දොණ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන්හි දහසක් අර ඇති, නිම් වළලු සහිත, නාභිය සහිත, සියලු ආකාරයෙන් පිරුණාවූ චක්‍රයන් දැක්කේය. දැක, “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයි, පින්වත්නි, ඒකාන්තයෙන් පුදුමයි. ඒකාන්තයෙන් මේ මිනිස් වූවෙකුගේ පා නොවන්නාහුය.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මාර්‍ගයෙන් ඉවත්ව, පලක් බැඳ, ශරීරය ඎජුව තබා, සිහිය ඉදිරියෙහි පිහිටුවා, එක්තරා වෘක්‍ෂ මූලයෙක්හි වැඩ සිටි සේක. ඉක්බිති, දොණ බ්‍රාහ්මණ තෙම, භාග්‍යවතුන් වහන්සේගේ පිය අනුව යන්නේ, එක්තරා වෘක්‍ෂ මූලයක වැඩ සිටි ප්‍රසාද ජනකවූ, පැහැදිය යුතු ශාන්ත ඉඳුරන් ඇති, සන්සුන් සිත් ඇති, උතුම්වූ අර්‍හත් මාර්‍ග නම් දමථයටත්, මාර්‍ග සමාධි නම් සමථයටත් පැමිණි භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දාන්තවූ, රක්නා ලද සන්සුන් ඉඳුරන් ඇති, භාග්‍යවතුන් වහන්සේ දැක, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට
“පින්වතුන් වහන්සේ දෙවියෙක් නොවන්නේදැ?” යි ඇසීය.
“බ්‍රාහ්මණය, මම දෙවියෙක් නොවන්නෙමි.”
“පින්වතුන් වහන්සේ ගාන්‍ධර්‍වයෙක් නොවන්නේද?” - “බ්‍රාහ්මණය, මම ගාන්‍ධර්‍වයෙක්ද නොවන්නෙමි.” “පින්වතුන් වහන්සේ යක්‍ෂයෙක් නොවන්නේද?” - “බ්‍රාහ්මණය, මම යක්‍ෂයෙක්ද නොවන්නෙමි.”
“පින්වත් තෙමේ මනුෂ්‍යයෙක් නොවන්නේද?” - “බ්‍රාහ්මණය, මම මනුෂ්‍යයෙක්ද නොවන්නෙමි.”
“පින්වතුන් වහන්සේ දෙවියෙක් නොවන්නේදැ” යි මෙසේ විචාරණ ලද්දේම, “බමුණ, මම දෙවියෙක්ද නොවන්නෙමි.” යි වදාළෙහිය. “පින්වතුන් වහන්සේ ගාන්‍ධර්‍වයෙක් නොවන්නේදැ?” යි මෙසේ විචාරණ ලද්දේම “බමුණ, මම ගාන්‍ධර්‍වයෙක් නොවන්නේය” යි වදාළෙහිය. “පින්වතුන් වහන්සේ යක්‍ෂයෙක් නොවන්නෙහිදැ?” යි මෙසේ විචාරණ ලද්දේම, “බමුණ, මම යක්‍ෂයෙක් නොවේය” යි මෙසේ වදාළෙහිය. “පින්වතුන් වහන්සේ මනුෂ්‍යයෙක් නොවේදැ?” යි මෙසේ විචාරණ ලද්දේම, “බමුණ, මම මනුෂ්‍යයෙක් නොවේය” යි මෙසේ වදාළෙහිය. වැලිදු දැන් පින්වතුන් වහන්සේ කවරෙක් වන්නෙහිද?”
“බමුණ, මම යම් ආශ්‍රව කෙනෙකුන් ප්‍රහීණ නොවූ බැවින් දෙවියෙක් වන්නෙම්ද, මා විසින් ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ කරණ ලදහ. සිඳින ලද මුල් ඇත්තාහ. සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. අභාවයට යවන ලද්දාහ. මතු නූපදින තත්ත්‍වයට පමුණුවන ලද්දාහ. බමුණ, මම යම් ආශ්‍රව කෙනෙකුන් ප්‍රහීණ නොකළ බැවින් ගාන්ධර්‍වයෙක් වන්නෙම්ද, මා විසින් ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ කරණ ලදහ. සිඳින ලද මුල් ඇත්තාහ. සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. අභාවයට යවන ලද්දාහ. මතු නූපදින තත්ත්‍වයට පමුණුවන ලද්දාහ. බමුණ, මම යම් ආශ්‍රව කෙනෙකුන් ප්‍රහීණ නොකළ බැවින් යක්‍ෂයෙක් වන්නෙම්ද, මා විසින් ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ කරණ ලදහ. සිඳින ලද මුල් ඇත්තාහ. සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. අභාවයට යවන ලද්දාහ. මතු නූපදින තත්ත්‍වයට පමුණුවන ලද්දාහ. බමුණ, මම යම් ආශ්‍රව කෙනෙකුන් ප්‍රහීණ නොකළ බැවින් මනුෂ්‍යයෙක් වන්නෙම්ද, මා විසින් ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ කරණ ලදහ. සිඳින ලද මුල් ඇත්තාහ. සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. අභාවයට යවන ලද්දාහ. මතු නූපදින තත්ත්‍වයට පමුණුවන ලද්දාහ. මනුෂ්‍ය දීනත්‍වයට පමුණුවන ලද්දාහ.
“බමුණ, උපුලක් හෝ පියුමක් හෝ සුදු පියුමක් හෝ ජලයෙහි හට ගන්නේ, ජලයෙහි වැඩුනේ, ජලයෙන් උඩට නැංඟේ. ජලය හා නොගැටුනේ යම්සේ සිටීද, බමුණ, එසේම මම ලෝකයෙහි උපන්නේ, ලෝකයෙහි වැඩුණේ, ලෝකය හා නොගැටුනේ, ලෝකය අභිබවා වාසය කරමි. බමුණ, මා බුද්‍ධයයි දරව.”
“යම් ආශ්‍රවයක් හේතුකොටගෙන දෙවියන් අතර උත්පත්තියක් වන්නේද, අහසින් යන ගාන්ධර්‍වයෙක් හෝ වන්නේද, යමකින් යක්‍ෂත්‍වයට යන්නේද, මනුෂ්‍යත්‍වයට යන්නේද, අණ්ඩජ යෝනියෙහි උපදින්නේද, මට ඒ ආශ්‍රවයෝ ක්‍ෂය වූවාහුය. පිඹ හරින ලද්දාහ. පහකළ බැඳුම් ඇත්තාහ. යහපත්වූ උපුලක් යම්සේ ජලයෙන් නොමැකේද, එමෙන් ලෝකයා හා නොඇලෙමි. බමුණ, එසේ හෙයින් මම බුද්‍ධ වෙමි.”
7. අපරිහානියසුත්තං 7. අපරිහානීය ධම්ම සූත්‍රය
8. පතිලීනසුත්තං 8. පටිළීන සූත්‍රය
9. උජ්ජයසුත්තං 9. උජ්ජය සූත්‍රය
10. උදායීසුත්තං 10. උදායි බ්‍රාහ්මණ සූත්‍රය