4. චක්කවග්ගො | 4. චක්ක වර්ගය |
1. චක්කසුත්තං | 1. චතු චක්ක සූත්‍රය |
31
‘‘චත්තාරිමානි
‘‘පතිරූපෙ
සම්මාපණිධිසම්පන්නො, පුබ්බෙ පුඤ්ඤකතො නරො;
ධඤ්ඤං ධනං යසො කිත්ති, සුඛඤ්චෙතංධිවත්තතී’’ති. පඨමං;
|
31
“මහණෙනි, යමකින් යුක්තවූ දෙවි මිනිසුන්ට සම්පත් සතරක් පවත්නාහුද, යමකින් යුක්ත දිව්‍ය මනුෂ්‍යයෝ භොගයන්හි නොබෝ කලකින් මහත් බවට, විපුල බවට පමුණුවත්ද, මේ සම්පත් සතරකි. කවර සතරක්ද යත්?
“සුදුසු ප්‍රදේශයෙහි වාසයද, සත්පුරුෂයන්ගේ ආශ්‍රයද, තමන් මනාකොට පිහිටුවීම, පෙර රැස්කළ පින් ඇති බවද, යමකින් යුක්ත දෙවි මිනිසුන්ට සම්පත් සතරක් පවත්වයි. යමකින් යුක්තවූ දෙවි මිනිස්සු නොබෝ කලකින් භොගයන්හි මහත්වයට, විපුලත්වයට පැමිණෙත්ද, මහණෙනි, මේ සම්පත් සතර වෙත්.
“සුදුසු ප්‍රදේශයන්හි වසන්නේද, ආර්‍ය්‍ය චිත්තය (දියුණු) කරන්නෙක් වන්නේය. තමා මනාකොට පිහිටුවීමෙන් යුක්තවූ, පෙරකළ පින් ඇති, මනුෂ්‍යතෙම ධාන්යයටද, ධනයටද, යසසටද, කීර්තියටද, යන මේ සැපයට අධිකව පැමිණේ.”
|
2. සඞ්ගහසුත්තං | 2. සංගහවත්ථු සූත්‍රය |
32
‘‘චත්තාරිමානි, භික්ඛවෙ, සඞ්ගහවත්ථූනි. කතමානි චත්තාරි? දානං, පෙය්‍යවජ්ජං, අත්ථචරියා, සමානත්තතා - ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි සඞ්ගහවත්ථූනී’’ති.
‘‘දානඤ්ච පෙය්යවජ්ජඤ්ච
(සඞ්ගහෙ (අට්ඨකථායං පාඨන්තරං) දී. නි. 3.273 පස්සිතබ්බං), අත්ථචරියා ච යා ඉධ;
සමානත්තතා ච ධම්මෙසු, තත්ථ තත්ථ යථාරහං;
එතෙ ඛො සඞ්ගහා ලොකෙ, රථස්සාණීව යායතො.
‘‘එතෙ ච සඞ්ගහා නාස්සු, න මාතා පුත්තකාරණා;
ලභෙථ මානං පූජං වා, පිතා වා පුත්තකාරණා.
‘‘යස්මා
තස්මා මහත්තං පප්පොන්ති, පාසංසා ච භවන්ති තෙ’’ති. දුතියං;
|
32
“මහණෙනි, මේ සංග්‍රහ වස්තු සතරක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
“දානය, ප්‍රිය වචනය, අර්‍ත්‍ථචර්‍ය්‍යාව, සමානාත්මතාව යන සතරයි. මහණෙනි, මේ සතර සංග්‍රහ වස්තූහුය.
“මේ ලෝකයෙහි දීමද, ප්‍රිය වචනයද, අභිවෘද්ධිය ඇතිවන කථාද, ඒ ඒ ධර්මයන්හි සුදුසු පරිද්දෙන් සමානාත්මතාවද යන ලෝකයෙහි මේ සංග්‍රහයෝ වනාහි යන රථයාගේ ඇණය මෙනි. මවු තොමෝ මේ සංග්‍රහයන් පුත්‍රයන්ට නොකරන්නාහූ, ඉදින් පියතෙමේ මේ සංග්‍රහයන් පුතාට නොකරන්නේද, සැලකිල්ලක් හෝ පූජාවක් හෝ නොලබන්නාහුය. යම්සේ පණ්ඩිතයෝ මේ සංග්‍රහයෝ සමව බලත්ද, එසේ හෙයින් ඔවුහු මහත්වයට පැමිණෙත්, ප්රශංසාර්හද වෙත්.”
|
3. සීහසුත්තං | 3. සීහොපම සූත්‍රය |
33
‘‘සීහො
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, යදා තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා, සො ධම්මං දෙසෙති - ‘ඉති සක්කායො, ඉති සක්කායසමුදයො, ඉති සක්කායනිරොධො
(සක්කායස්ස අත්ථඞ්ගමො (අට්ඨ., සං. නි. 3.78) ‘‘සක්කායනිරොධගාමිනී’’ති පච්ඡිමපදං පන පස්සිතබ්බං), ඉති සක්කායනිරොධගාමිනී පටිපදා’ති. යෙපි තෙ, භික්ඛවෙ, දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා උච්චෙසු විමානෙසු චිරට්ඨිතිකා, තෙපි තථාගතස්ස ධම්මදෙසනං සුත්වා යෙභුය්යෙන භයං සංවෙගං සන්තාසං ආපජ්ජන්ති - ‘අනිච්චා වත කිර, භො, මයං සමානා නිච්චම්හාති අමඤ්ඤිම්හ; අද්ධුවා වත කිර, භො, මයං සමානා ධුවම්හාති අමඤ්ඤිම්හ; අසස්සතා වත කිර, භො, මයං සමානා සස්සතම්හාති අමඤ්ඤිම්හ. මයං කිර, භො, අනිච්චා අද්ධුවා අසස්සතා සක්කායපරියාපන්නා’ති. එවං මහිද්ධිකො ඛො, භික්ඛවෙ, තථාගතො සදෙවකස්ස ලොකස්ස, එවං මහෙසක්ඛො එවං මහානුභාවො’’ති.
‘‘යදා
සදෙවකස්ස ලොකස්ස, සත්ථා අප්පටිපුග්ගලො.
‘‘සක්කායඤ්ච
අරියඤ්චට්ඨඞ්ගිකං මග්ගං, දුක්ඛූපසමගාමිනං.
‘‘යෙපි දීඝායුකා දෙවා, වණ්ණවන්තො යසස්සිනො;
භීතා සන්තාසමාපාදුං, සීහස්සෙවි’තරෙමිගා.
‘‘අවීතිවත්තා සක්කායං, අනිච්චා කිර භො මයං;
සුත්වා අරහතො වාක්යං, විප්පමුත්තස්ස තාදිනො’’ති
(සං. නි. 3.78). තතියං;
|
33
“මහණෙනි, මෘගරාජවූ සිංහ තෙම සවස් වේලාවෙහි ගුහාවෙන් නික්මෙයි. ගුහාවෙන් නික්ම කෙසරු සලා ඇඟ සොලවයි. කෙසරු සලා හාත්පස සතර දිශාව බලයි. හාත්පස සතර දිශාව බලා, තුන්වරක් සිංහනාද කරයි. තුන්වරක් සිංහනාද කොට ගොදුරු පිණිස නික්මෙයි. මහණෙනි, යම් ඒ තිරිසන්ගත ප්‍රාණීහු නාද කරන්නාවූ, මෘගරාජවූ සිංහයාගේ ශබ්දය අසත්ද, ඔවුහු බොහෝ සෙයින් භයට, සංවේගයට, තැතිගැන්මට පැමිණෙත්. ගුල්වල වාසය කරන්නාහු, ගුලට ප්‍රවිෂ්ට වෙත්. ජලයෙහි වාසය කරන්නාහු, ජලයට ප්‍රවිෂ්ට වෙත්. වනයෙහි වාසය කරන්නාහු, වනයට ප්‍රවිෂ්ට වෙත්. පක්ෂීහු ආකාශයට යත්.
“මහණෙනි, ගම්, නියම්ගම්, රාජධානීන්හි තද වරපට බන්ධනයෙන් බඳින ලද රජුගේ ඇත්තු වෙද්ද, ඔවුහුද ඒ බන්ධන සිඳ බිඳ, බිය වූවාහු, මළ මූත්‍ර කරමින්, යම් ඒ තැනක පලායත්. මහණෙනි, තිරිසන්ගත සතුන් අතරින් සිංහවූ මෘග රාජයා මෙසේ මහත් ඎද්ධි ඇත්තේය. මෙසේ මහෙසාක්‍ය වන්නේය. මෙසේ මහානුභාව ඇත්තේය.
“මහණෙනි, එසේම යම් කලෙක්හි අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, අෂ්ටවිද්‍යා, පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තවූ, සුගතවූ, ලෝකය දත්, නිරුත්තර පුරුෂධම්ම සාරථීවූ, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවූ, බුද්ධවූ, භාග්‍යවත්වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදී. හෙතෙමේ මේ සක්කාය නම් පඤ්චඋපාදානස්කන්‍ධයෝය. මේ සක්කාය සමුදය නම් පඤ්චඋපාදානස්කන්ධයට හේතුවයි. මේ සක්කාය නිරෝධයය. මේ සක්කාය නිරෝධගාමිණී ප්‍රතිපදාවයයි ධර්මය වදාරයි.
“මහණෙනි, දීර්ඝායුෂ්කවූ, වර්ණවත්වූ, සැප බහුලකොට ඇත්තාවූ, උස්වූ විමානවල බොහෝකල් සිටින්නාවූ, යම් දේවතා කෙනෙක් ඇද්ද, ඔවුහුද තථාගතයන් වහන්සේගේ ධර්මය අසා බොහෝ සෙයින්, භයට, සංවේගයට, තැතිගැන්මට පැමිණෙත්. පින්වත්නි, ඒකාන්තයෙන් අනිත්‍යවූ අපි, නිත්‍යයයි සිතුවෙමු. පින්වත්නි, ඒකාන්තයෙන් අනියතවූ අපි, නියතයයි සිතුවෙමු. පින්වත්නි, අශාස්වත අපි, ශාස්වතයයි සිතුවෙමු. අපිදු පින්වත්නි, අනිත්‍ය වෙමු, අනියත වෙමු, අශාස්වත වෙමු, පඤ්චඋපාදානස්කන්ධයට ඇතුළත් වෙමු කියායි. මහණෙනි, තථාගත තෙම, මෙසේ මහත් සෘද්ධි ඇත්තේය.. දෙවියන් සහිත ලෝකයට මෙසේ මහේශාක්‍යය. මෙසේ මහානුභාව ඇත්තේය.
“දෙවියන් සහිත ලෝකයාගේ අතිපුද්ගලවූ, ශාස්තෲවූ බුදුරජ තෙම, පඤ්චඋපාදානස්කන්ධ සංඛ්‍යාත සක්කායද, එහි නිරෝධයද, එහි හේතුවද, දුක්ඛයාගේ සංසිඳීමට පැමිණෙන මාර්ගයද, විශිෂ්ට ඥානයෙන් දැන, යම් කලෙක්හි ධර්ම චක්‍රය පැවැත්වූයේද, වර්ණවත්වූ, යසස් ඇත්තාවූ, දීර්ඝායුෂ්කවූ දෙවියෝ සෙසු මෘගයෝ සිංහයාට මෙන් කෙලෙසුන්ගෙන් මිදුනාවූ, තාදීවූ, බුදුරජානන් වහන්සේ ගේ වචනය අසා, පින්වත්නි, අපි ඒකාන්තයෙන් අනිත්‍ය වෙමු. සක්කාය නොඉක්මවූ වෙමුයි බිය වූවාහුය. තැතිගැන්මට පැමිණියාහුය.”
|
4. අග්ගප්පසාදසුත්තං | 4. අග්ගප්පසාද සූත්‍රය |
34
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, අග්ගප්පසාදා. කතමෙ චත්තාරො? යාවතා, භික්ඛවෙ, සත්තා අපදා වා ද්විපදා
(දිපදා (සී. පී.) අ. නි. 5.32; ඉතිවු. 90) වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤිනාසඤ්ඤිනො වා, තථාගතො තෙසං අග්ගමක්ඛායති අරහං සම්මාසම්බුද්ධො. යෙ, භික්ඛවෙ, බුද්ධෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
‘‘යාවතා, භික්ඛවෙ, ධම්මා සඞ්ඛතා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො තෙසං අග්ගමක්ඛායති. යෙ, භික්ඛවෙ, අරියෙ අට්ඨඞ්ගිකෙ මග්ගෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
‘‘යාවතා, භික්ඛවෙ, ධම්මා සඞ්ඛතා වා අසඞ්ඛතා වා, විරාගො තෙසං අග්ගමක්ඛායති, යදිදං මදනිම්මදනො පිපාසවිනයො ආලයසමුග්ඝාතො වට්ටුපච්ඡෙදො තණ්හාක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. යෙ, භික්ඛවෙ, විරාගෙ ධම්මෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති.
‘‘යාවතා
‘‘අග්ගතො වෙ පසන්නානං, අග්ගං ධම්මං විජානතං;
අග්ගෙ බුද්ධෙ පසන්නානං, දක්ඛිණෙය්යෙ අනුත්තරෙ.
‘‘අග්ගෙ ධම්මෙ පසන්නානං, විරාගූපසමෙ සුඛෙ;
අග්ගෙ සඞ්ඝෙ පසන්නානං, පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ.
‘‘අග්ගස්මිං දානං දදතං, අග්ගං පුඤ්ඤං පවඩ්ඪති;
අග්ගං ආයු ච වණ්ණො ච, යසො කිත්ති සුඛං බලං.
‘‘අග්ගස්ස දාතා මෙධාවී, අග්ගධම්මසමාහිතො;
දෙවභූතො මනුස්සො වා, අග්ගප්පත්තො පමොදතී’’ති
(ඉතිවු. 90). චතුත්ථං;
|
34
“මහණෙනි, මේ අග්‍ර පැහැදීම් සතරක් වෙත්. කවර සතරක්ද යත්.
“මහණෙනි, පා නැත්තාවූ හෝ දෙපා ඇත්තාවූ හෝ පා සතරක් ඇත්තාවූ හෝ බොහෝ පා ඇත්තාවූ හෝ, රූප අත්තාවූ හෝ රූප නැත්තාවූ හෝ, සංඥා ඇත්තාවූ හෝ සංඥා නැත්තාවූ හෝ, භවාග්‍රයෙහි ඉපදුනාවූ හෝ යම්තාක් සත්ත්වයෝ ඇත්තාහුද, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙම ඔවුන්ට අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක් බුදුන් කෙරෙහි පැහැදුණාහුද, ඔවුහු අග්‍රවූ දෙයෙහි පැහැදුනාහු වෙති. අග්‍ර දෙයෙහි පැහැදුනවුන්ට, අග්‍ර විපාකය වේ. මහණෙනි, සංඛත ධර්මයෝ යම් තාක් ඇත්තාහුද, ඔවුන් අතුරෙන් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි පැහැදුණාහුද, ඔවුහු අග්‍ර දෙයෙහි පැහැදුනෝය. අග්‍ර දෙයෙහි පැහැදුනවුන්ට, අග්‍ර විපාකය වේ. මහණෙනි, සංඛතවූ හෝ අසංඛත වූ හෝ යම්තාක් ධර්ම වෙත්ද, ඔවුන් අතුරෙන් විරාග සංඛ්‍යාත නිර්වාණය අග්‍රයයි කියනු ලැබේ. මදය නොමදයක් කරන, පිපාස සංසිඳුවන, තෘෂ්ණාව නසන, වට්ටය සිඳින, තෘෂ්ණා ක්ෂයවූ, විරාගවූ, නිරෝධවූ නිර්වාණයක් නිර්වාණයයි. මහණෙනි, යම් කෙනෙක් ධර්මයෙහි පැහැදුනාහුද, ඔවුහු අග්‍ර දෙයෙහි පැහැදුණාහුය. අග්‍ර දෙයෙහි පැහැදුණවුන්ට අග්‍ර විපාකවේ. මහණෙනි, යම්තාක් සමූහයෝ වෙත්ද, ඔවුන් අතුරෙන් පුරුෂ යුග සතරක්වූ, පුරුෂ පුද්ගලයන් අට දෙනෙක් වූ, ආහුණෙය්‍යවූ, පාහුණෙය්‍යවූ, දක්ඛිණෙය්යවූ, අඤ්ජලිකරණීයවූ භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ශ්‍රාවක සංඝයා අග්‍රයි. මහණෙනි, යම් කෙනෙක් සංඝයා කෙරෙහි පැහැදුණාහුද, ඔවුහු අග්‍ර දෙයෙහි පැහැදුණාහුය. අග්‍ර දෙයෙහි පැහැදුණවුන්ට අග්‍ර විපාකය වේ. මහණෙනි, මේ අග්‍රයන් කෙරෙහි පැහැදීම් සතරය.
“ඒකාන්තයෙන් අග්‍රවූවන්ට පැහැදුනවුන්ට, අග්‍රවූ ධර්මය දැනගන්නවුන්ට, නිරුත්තර, අග්‍ර දක්ෂිණෙය්යවූ, බුදුන් කෙරෙහි පැහැදුනවුන්ට, රාගයෙන් දුරුවූ, සංසිඳීම් සැපය ඇති, අග්‍ර ධර්මයෙහි පැහැදුනවුන්ටද, නිරුත්තර පුන්යක්ෂෙත්රවූ අග්‍ර සංඝයා කෙරෙහි පැහැදුණවුන්ටද, අග්‍ර වස්තූන් කෙරෙහි දන් දෙන්නවුන්ටද, අග්‍රවූ පින් වැඩෙයි. අග්‍රවූ ආයු, වර්ණ, සැප, බල, යසස්, කීර්ති ලැබෙයි. අග්‍ර ධර්මයන්ගෙන් යුක්තවූ, අග්‍ර පුද්ගලයාට දන් දෙන්නාවූ, අග්‍ර ධර්මයෙන් යුත් නුවණැති පුද්ගල තෙමේ දෙවි වූයේ හෝ, මනුෂ්‍ය වූයේ හෝ, අග්‍ර සැපයට පැමිණ සතුටු වෙයි.”
|
5. වස්සකාරසුත්තං | 5. වස්සකාර සූත්‍රය |
35
එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො භගවන්තං එතදවොච -
‘‘චතූහි ඛො මයං, භො ගොතම, ධම්මෙහි සමන්නාගතං මහාපඤ්ඤං මහාපුරිසං පඤ්ඤාපෙම
‘‘නෙව ඛො ත්යාහං, බ්‍රාහ්මණ, අනුමොදාමි න පටික්කොසාමි
‘‘අච්ඡරියං, භො ගොතම, අබ්භුතං, භො ගොතම! යාව සුභාසිතං චිදං භොතා ගොතමෙන. ඉමෙහි ච මයං, භො ගොතම, චතූහි ධම්මෙහි සමන්නාගතං භවන්තං ගොතමං ධාරෙම; භවඤ්හි ගොතමො බහුජනහිතාය පටිපන්නො බහුජනසුඛාය; බහු තෙ
(බහුස්ස (ස්‍යා. කං. ක.)) ජනතා අරියෙ ඤායෙ පතිට්ඨාපිතා, යදිදං කල්යාණධම්මතා කුසලධම්මතා. භවඤ්හි ගොතමො යං විතක්කං ආකඞ්ඛති විතක්කෙතුං තං විතක්කං විතක්කෙති, යං විතක්කං නාකඞ්ඛති විතක්කෙතුං න තං විතක්කං විතක්කෙති, යං සඞ්කප්පං ආකඞ්ඛති සඞ්කප්පෙතුං තං සඞ්කප්පං සඞ්කප්පෙති, යං සඞ්කප්පං නාකඞ්ඛති සඞ්කප්පෙතුං න තං සඞ්කප්පං සඞ්කප්පෙති. භවඤ්හි ගොතමො චෙතොවසිප්පත්තො විතක්කපථෙ. භවඤ්හි ගොතමො චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී
‘‘අද්ධා
‘‘යො වෙදි සබ්බසත්තානං, මච්චුපාසප්පමොචනං;
හිතං දෙවමනුස්සානං, ඤායං ධම්මං පකාසයි;
යං වෙ දිස්වා ච සුත්වා ච, පසීදන්ති බහූ ජනා
(පසීදති බහුජ්ජනො (සී. ස්‍යා. කං. පී.)).
‘‘මග්ගාමග්ගස්ස කුසලො, කතකිච්චො අනාසවො;
බුද්ධො අන්තිමසාරීරො
(අන්තිමධාරිතො (ක.)), ‘‘(මහාපඤ්ඤො)
(( ) ස්‍යා. පොත්ථකෙ නත්ථි) මහාපුරිසොති වුච්චතී’’ති. පඤ්චමං;
|
35
“එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම් තන්හි වේළුවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති මගධ මහාමාත්‍යවූ, වස්සකාර බ්‍රාහ්මණ තෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ කථාව කොට නිමවා එකත් පසෙක සිටියේය.
එකත් පසෙක සිටි, මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණ තෙම, භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, අපි කරුණු සතරකින් යුක්තවූ, මහත්වූ ප්‍රඥා ඇති මහා පුරුෂයෙකු පනවමු’ යි කීයේය. කවර සතරකින්ද යත්, භවත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයෙහි ඇසූ ඒ ඒ දෙයින් බහුශ්‍රුතවූයේ වේද, මේ මේ භාෂිතයාගේ අර්ත්ථයය, මේ මේ භාෂිතයාගේ අර්ත්ථයයි. ඒ ඒ භාෂිතයාගේ අර්ත්ථය දනීද, කර බොහෝ කල් ගිය දේද, කියා බොහෝ කල් ගිය දේද සිහි කරන්නාවූ, නැවත නැවත සිහි කරන්නාවූ සිහි ඇත්තේ වේද, ගෘහස්තයන්ට අයත්වූ කටයුතුවූ යමක් වේද, එහි දක්ෂවේද, අලස නුවූයේ වේද, මෙය කළ යුතුය, සංවිධාන කළයුතුයයි ඒ ඒ කටයුත්තෙහි උපායභූත ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද, භවත් ගෞතමයන් වහන්ස, මේ කරුණු සතරින් යුක්තවූ, මහත්වූ ප්‍රඥා ඇති මහා පුරුෂයා පනවමි.”
“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් භවත් ගෞතමයන් වහන්සේ මෙය පිළිගතයුතු නම් පිළිගනිත්වා. භවත් ගෞතමයන් වහන්ස, ඉදින් භවත් ගෞතමයන් වහන්සේ මෙය ප්රතික්ෂෙප කටයුතු නම් ප්රතික්ෂෙප කෙරෙත්වා.”
“බ්‍රාහ්මණය, මම මෙය පිළිගැනීමද නොකරමි. ප්රතික්ෂෙපද නොකරමි. බ්‍රාහ්මණය, මම කරුණු සතරකින් යුක්තවූ, මහා ප්‍රාඥ, මහා පුරුෂයෙකු පනවමි. කවර කරුණු සතරකින්ද යත්.
“බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි බොහෝ දෙනාගේ හිත පිණිස පිළිපන්නේ වේද, බොහෝ දෙනාගේ සැප පිණිස පිළිපන්නේ වේද, බොහෝ ජන සමූහයා යහපත් ස්වභාවය වූද, කුශල ස්වභාවය වූද, විදර්ශනා සහිත ආර්‍ය්‍ය මාර්ගයෙහි පිහිටුවන්නේ වේද, හෙතෙම යම් විතර්කයක් සිතන්නට කැමැති නම් ඒ විතර්කයයි සිතයිද, යම් විතර්කයක් සිතන්නට නොකැමැති නම් ඒ විතර්කය නොසිතයිද, යම් කල්පනාවක් සිතන්නට කැමති නම් එය කල්පනා කරයි. යම් කල්පනාවක් සිතන්නට නොහැකි නම් එය කල්පනා නොකරයි. මෙසේ විතර්කයන්හි සිත වසඟ කරගත හැකි බවට පැමිණියේ වේද,
“ඉතා පිරිසිදු සිතින් උපන් මේ ආත්මයෙහිම සැප විහරණ ඇත්තාවූ, ධ්‍යාන සතර කැමති පරිදි ලබන්නේ, පහසුවෙන් ලබන්නේ, නිදුකින් ලබන්නේ වේද, ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිත අර්හත් ඵල සමාධියද, අර්හත් ඵල ප්‍රඥාවද මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරයිද, බ්‍රාහ්මණය, මම ඔවුන් පිළිගැනීමද නොකරමි. ප්රතික්ෂෙපද නොකරමි. බ්‍රාහ්මණය, මම මේ ධර්ම සතරින් යුක්තවූ, මහත් ප්‍රඥා ඇති මහා පුරුෂයෙකු පනවමි.”
“භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යය. භවත් ගෞතමයන් වහන්ස, අද්භූතය. භවත් ගෞතමයන් වහන්සේ විසින් එපමණම යහපත් වචනයක් වදාරණ ලදී. අපි මේ ධර්ම සතරින් යුක්තවූ භාග්‍යවතුන් වහන්සේ දරමු. භවත් ගෞතමයන් වහන්සේ බොහෝ දෙනාගේ හිත පිණිස, බොහෝ දෙනාගේ සැප පිණිස, පිළිපන්නාහු වෙත්. යහපත් ස්වභාවය වූද, කුසල ස්වභාවය වූද, ආර්‍ය්‍ය මාර්ගයෙහි බොහෝ ජනයා පිහිටුවන්නාහුද වෙත්. භවත් ගෞතමයන් වහන්සේ යම් විතර්කයක් සිතන්ට කැමති නම් ඒ විතර්කය සිතන්නාහ. යම් විතර්කයක් සිතන්ට නොකැමැති නම් ඒ විතර්කය නොසිතන්නාහ. යම් කල්පනාවක් කල්පනා කරන්ට කැමැති නම් ඒ කල්පනාව කල්පනා කරන්නාහ. යම් කල්පනාවක් කල්පනා කරන්ට නොකැමැති නම් ඒ කල්පනාව කල්පනා නොකරන්නාහ. භවත් ගෞතමයන් වහන්සේ විතර්කයන්හි සිත වසඟ කළ හැකි බවට පැමිණි සේක.
“භවත් ගෞතමයන් වහන්සේ, ඉතා පිරිසිදු සිතින් උපන් මේ ආත්මයෙහිම සැප විහරණ ඇත්තාවූ, ධ්‍යාන සතර කැමති පරිදි ලබන්නාහුද, නිදුකින් ලබන්නාහුද, පහසුවෙන් ලබන්නාහුද වෙත්. භවත් ගෞතමයන් වහන්සේ, ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියද, අර්හත් ඵල ප්‍රඥාවද මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන පැමිණ වාසය කරණ සේක.”
“බ්‍රාහ්මණය, තොප විසින් ඒකාන්තයෙන් උසස්කර කියන වචනයක් කියන ලද්දේ වෙමි. එතකුදු වුවත් මම තොපට ප්‍රකාශ කරමි. බ්‍රාහ්මණය, මම වනාහි බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස පිළිපන්නේ වෙමි. මා විසින් බොහෝ ජන සමූහයා යහපත් ස්වභාවයවූ, කුශල ධර්ම ස්වභාවයවූ, ආර්‍ය්‍ය මාර්ගයෙහි පිහිටුවන ලදහ. බ්‍රාහ්මණය, මම වනාහි යම් විතර්කයක් සිතන්නට කැමැත්තෙම්ද, ඒ විතර්කය සිතන්නෙමි. යම් විතර්කයක් සිතන්නට නොකැමැත්තෙම්ද ඒ විතර්කය නොසිතමි. යම් කල්පනාවක් කල්පනා කරන්නට කැමැත්තෙම්ද, ඒ කල්පනාව කල්පනා කරමි. යම් කල්පනාවක් කල්පනා කිරීමට නොකැමැත්තෙම් නම් ඒ කල්පනාව කල්පනා නොකරමි. බ්‍රාහ්මණය, මම විතර්කයන්හි සිත වසඟ කළ හැකි බවට පැමිණියෙමි. බ්‍රාහ්මණය, මම වනාහි ඉතා පිරිසිදු සිතින් උපන්, මෙලොවම සැප විහරණ ඇති ධ්‍යාන සතර කැමති පරිදි ලබන්නේද, පහසුවෙන් ලබන්නේද, නිදුකින් ලබන්නේද වෙමි. බ්‍රාහ්මණය, මම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියද, අර්හත් ඵල ප්‍රඥාවද මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන පැමිණ වාසය කරමි.
“බොහෝ දෙනා යමක් ඒකාන්තයෙන් දැකද, අසාද පහදිත්. සියලු සත්ත්වයන් මාරපාසයෙන් මිදීම යමෙක් දැන ගත්තේද? උන්වහන්සේ දෙව් මිනිසුන්ට හිතවත්වූ න්‍යාය ධර්මය ප්‍රකාශ කළ සේක්ද? මග නොමග දක්ෂවූ, කළ කටයුතු ඇති, ආශ්‍රව රහිත, අන්තිම සිරුර දරන, මහා ප්‍රාඥා බුදුරජානන් වහන්සේ මහා පුරුෂයයි කියනු ලැබේ.”
|
6. දොණසුත්තං | 6. දොණ (බ්‍රාහ්මණ) සූත්‍රය |
36
එකං සමයං භගවා අන්තරා ච උක්කට්ඨං අන්තරා ච සෙතබ්‍යං අද්ධානමග්ගප්පටිපන්නො හොති. දොණොපි සුදං බ්රාහ්මණො අන්තරා ච උක්කට්ඨං අන්තරා ච සෙතබ්‍යං අද්ධානමග්ගප්පටිපන්නො හොති. අද්දසා ඛො දොණො බ්රාහ්මණො භගවතො පාදෙසු චක්කානි සහස්සාරානි සනෙමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරානි; දිස්වානස්ස එතදහොසි - ‘‘අච්ඡරියං වත, භො, අබ්භුතං වත, භො! න වතිමානි මනුස්සභූතස්ස පදානි භවිස්සන්තී’’ති!! අථ
‘‘දෙවො නො භවං භවිස්සතී’’ති? ‘‘න ඛො අහං, බ්‍රාහ්මණ, දෙවො භවිස්සාමී’’ති. ‘‘ගන්ධබ්බො නො භවං භවිස්සතී’’ති? ‘‘න ඛො අහං, බ්‍රාහ්මණ, ගන්ධබ්බො භවිස්සාමී’’ති. ‘‘යක්ඛො නො භවං භවිස්සතී’’ති? ‘‘න ඛො අහං, බ්‍රාහ්මණ, යක්ඛො භවිස්සාමී’’ති. ‘‘මනුස්සො නො භවං භවිස්සතී’’ති? ‘‘න ඛො අහං, බ්‍රාහ්මණ, මනුස්සො භවිස්සාමී’’ති.
‘‘‘දෙවො නො භවං භවිස්සතී’ති, ඉති පුට්ඨො සමානො - ‘න ඛො අහං, බ්‍රාහ්මණ, දෙවො භවිස්සාමී’ති වදෙසි. ‘ගන්ධබ්බො නො භවං භවිස්සතී’ති, ඉති පුට්ඨො සමානො - ‘න ඛො අහං, බ්‍රාහ්මණ, ගන්ධබ්බො භවිස්සාමී’ති වදෙසි. ‘යක්ඛො නො භවං භවිස්සතී’ති, ඉති පුට්ඨො සමානො - ‘න ඛො අහං, බ්‍රාහ්මණ, යක්ඛො භවිස්සාමී’ති වදෙසි. ‘මනුස්සො නො භවං භවිස්සතී’ති, ඉති පුට්ඨො සමානො - ‘න ඛො අහං, බ්‍රාහ්මණ, මනුස්සො භවිස්සාමී’ති වදෙසි. අථ කො චරහි භවං භවිස්සතී’’ති?
‘‘යෙසං ඛො අහං, බ්‍රාහ්මණ, ආසවානං අප්පහීනත්තා දෙවො භවෙය්යං, තෙ මෙ ආසවා පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා. යෙසං ඛො අහං, බ්‍රාහ්මණ, ආසවානං
‘‘යෙන
යක්ඛත්තං යෙන ගච්ඡෙය්යං, මනුස්සත්තඤ්ච අබ්බජෙ;
තෙ මය්හං, ආසවා ඛීණා, විද්ධස්තා විනළීකතා.
‘‘පුණ්ඩරීකං
නුපලිප්පාමි
(නුපලිම්පාමි (ක.)) ලොකෙන, තස්මා බුද්ධොස්මි බ්රාහ්මණා’’ති. ඡට්ඨං;
|
36
“එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨා නුවරටත්, සෙතව්‍ය නුවරටත් අතරෙහිවූ දීර්ඝ මාර්ගයට පිළිපන් සේක. දොණ බ්‍රාහ්මණ තෙමේද, උක්කට්ඨා නුවරටත්, සෙතව්‍ය නුවරටත් අතරෙහිවූ දීර්ඝ මාර්ගයට පිළිපන්නේ වේ. දොණ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන්හි දහසක් අර ඇති, නිම් වළලු සහිත, නාභිය සහිත, සියලු ආකාරයෙන් පිරුණාවූ චක්රයන් දැක්කේය. දැක, “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්ය්යයි, පින්වත්නි, ඒකාන්තයෙන් පුදුමයි. ඒකාන්තයෙන් මේ මිනිස් වූවෙකුගේ පා නොවන්නාහුය.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මාර්ගයෙන් ඉවත්ව, පලක් බැඳ, ශරීරය ඎජුව තබා, සිහිය ඉදිරියෙහි පිහිටුවා, එක්තරා වෘක්ෂ මූලයෙක්හි වැඩ සිටි සේක. ඉක්බිති, දොණ බ්‍රාහ්මණ තෙම, භාග්‍යවතුන් වහන්සේගේ පිය අනුව යන්නේ, එක්තරා වෘක්ෂ මූලයක වැඩ සිටි ප්‍රසාද ජනකවූ, පැහැදිය යුතු ශාන්ත ඉඳුරන් ඇති, සන්සුන් සිත් ඇති, උතුම්වූ අර්හත් මාර්ග නම් දමථයටත්, මාර්ග සමාධි නම් සමථයටත් පැමිණි භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දාන්තවූ, රක්නා ලද සන්සුන් ඉඳුරන් ඇති, භාග්‍යවතුන් වහන්සේ දැක, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට
“පින්වතුන් වහන්සේ දෙවියෙක් නොවන්නේදැ?” යි ඇසීය.
“බ්‍රාහ්මණය, මම දෙවියෙක් නොවන්නෙමි.”
“පින්වතුන් වහන්සේ ගාන්ධර්වයෙක් නොවන්නේද?” - “බ්‍රාහ්මණය, මම ගාන්ධර්වයෙක්ද නොවන්නෙමි.” “පින්වතුන් වහන්සේ යක්ෂයෙක් නොවන්නේද?” - “බ්‍රාහ්මණය, මම යක්ෂයෙක්ද නොවන්නෙමි.”
“පින්වත් තෙමේ මනුෂ්‍යයෙක් නොවන්නේද?” - “බ්‍රාහ්මණය, මම මනුෂ්‍යයෙක්ද නොවන්නෙමි.”
“පින්වතුන් වහන්සේ දෙවියෙක් නොවන්නේදැ” යි මෙසේ විචාරණ ලද්දේම, “බමුණ, මම දෙවියෙක්ද නොවන්නෙමි.” යි වදාළෙහිය. “පින්වතුන් වහන්සේ ගාන්ධර්වයෙක් නොවන්නේදැ?” යි මෙසේ විචාරණ ලද්දේම “බමුණ, මම ගාන්ධර්වයෙක් නොවන්නේය” යි වදාළෙහිය. “පින්වතුන් වහන්සේ යක්ෂයෙක් නොවන්නෙහිදැ?” යි මෙසේ විචාරණ ලද්දේම, “බමුණ, මම යක්ෂයෙක් නොවේය” යි මෙසේ වදාළෙහිය. “පින්වතුන් වහන්සේ මනුෂ්‍යයෙක් නොවේදැ?” යි මෙසේ විචාරණ ලද්දේම, “බමුණ, මම මනුෂ්‍යයෙක් නොවේය” යි මෙසේ වදාළෙහිය. වැලිදු දැන් පින්වතුන් වහන්සේ කවරෙක් වන්නෙහිද?”
“බමුණ, මම යම් ආශ්‍රව කෙනෙකුන් ප්‍රහීණ නොවූ බැවින් දෙවියෙක් වන්නෙම්ද, මා විසින් ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ කරණ ලදහ. සිඳින ලද මුල් ඇත්තාහ. සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. අභාවයට යවන ලද්දාහ. මතු නූපදින තත්ත්වයට පමුණුවන ලද්දාහ. බමුණ, මම යම් ආශ්‍රව කෙනෙකුන් ප්‍රහීණ නොකළ බැවින් ගාන්ධර්වයෙක් වන්නෙම්ද, මා විසින් ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ කරණ ලදහ. සිඳින ලද මුල් ඇත්තාහ. සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. අභාවයට යවන ලද්දාහ. මතු නූපදින තත්ත්වයට පමුණුවන ලද්දාහ. බමුණ, මම යම් ආශ්‍රව කෙනෙකුන් ප්‍රහීණ නොකළ බැවින් යක්ෂයෙක් වන්නෙම්ද, මා විසින් ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ කරණ ලදහ. සිඳින ලද මුල් ඇත්තාහ. සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. අභාවයට යවන ලද්දාහ. මතු නූපදින තත්ත්වයට පමුණුවන ලද්දාහ. බමුණ, මම යම් ආශ්‍රව කෙනෙකුන් ප්‍රහීණ නොකළ බැවින් මනුෂ්‍යයෙක් වන්නෙම්ද, මා විසින් ඒ ආශ්‍රවයෝ ප්‍රහීණ කරණ ලදහ. සිඳින ලද මුල් ඇත්තාහ. සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. අභාවයට යවන ලද්දාහ. මතු නූපදින තත්ත්වයට පමුණුවන ලද්දාහ. මනුෂ්‍ය දීනත්වයට පමුණුවන ලද්දාහ.
“බමුණ, උපුලක් හෝ පියුමක් හෝ සුදු පියුමක් හෝ ජලයෙහි හට ගන්නේ, ජලයෙහි වැඩුනේ, ජලයෙන් උඩට නැංඟේ. ජලය හා නොගැටුනේ යම්සේ සිටීද, බමුණ, එසේම මම ලෝකයෙහි උපන්නේ, ලෝකයෙහි වැඩුණේ, ලෝකය හා නොගැටුනේ, ලෝකය අභිබවා වාසය කරමි. බමුණ, මා බුද්ධයයි දරව.”
“යම් ආශ්‍රවයක් හේතුකොටගෙන දෙවියන් අතර උත්පත්තියක් වන්නේද, අහසින් යන ගාන්ධර්වයෙක් හෝ වන්නේද, යමකින් යක්ෂත්වයට යන්නේද, මනුෂ්‍යත්වයට යන්නේද, අණ්ඩජ යෝනියෙහි උපදින්නේද, මට ඒ ආශ්‍රවයෝ ක්ෂය වූවාහුය. පිඹ හරින ලද්දාහ. පහකළ බැඳුම් ඇත්තාහ. යහපත්වූ උපුලක් යම්සේ ජලයෙන් නොමැකේද, එමෙන් ලෝකයා හා නොඇලෙමි. බමුණ, එසේ හෙයින් මම බුද්ධ වෙමි.”
|
7. අපරිහානියසුත්තං | 7. අපරිහානීය ධම්ම සූත්‍රය |
37
‘‘චතූහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො පරිහානාය නිබ්බානස්සෙව සන්තිකෙ. කතමෙහි චතූහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු සීලසම්පන්නො හොති, ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති, භොජනෙ මත්තඤ්ඤූ හොති, ජාගරියං අනුයුත්තො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු සීලසම්පන්නො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු සීලසම්පන්නො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති
‘‘කථඤ්ච
‘‘කථඤ්ච
‘‘සීලෙ පතිට්ඨිතො භික්ඛු, ඉන්ද්රියෙසු ච සංවුතො;
භොජනම්හි ච මත්තඤ්ඤූ, ජාගරියං අනුයුඤ්ජති.
‘‘එවං විහාරී ආතාපී, අහොරත්තමතන්දිතො;
භාවයං කුසලං ධම්මං, යොගක්ඛෙමස්ස පත්තියා.
‘‘අප්පමාදරතො භික්ඛු, පමාදෙ භයදස්සි වා
(භයදස්සාවී (ක.) ධ. ප. 32 ධම්මපදෙපි);
අභබ්බො පරිහානාය, නිබ්බානස්සෙව සන්තිකෙ’’ති. සත්තමං;
|
37
“මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ මහණතෙම පිරිහීමට නුසුදුසුය. නිවන සමීපයෙහිම වේ. කවර සතරකින්ද යත්.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම, සීලයෙන් යුක්තවේද, ඉන්ද්රියයන්හි වසන ලද දොරටු ඇත්තේ වේද, භොජනයෙහි පමණ දන්නේද, නිදි දුරු කිරීමෙහි යෙදුනේ වේද, මහණෙනි, මහණ තෙම කෙසේ සීලයෙන් යුක්ත වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම, සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවරයෙන් සංවරවූයේ වේද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවූයේ වේද, සුලු වරදෙහිද භය දක්නා සුළු වේද, ශික්ෂාපද දැඩිකොට ගෙන හික්මේද, මහණෙනි, භික්ෂුව මෙසේ සීල සම්පන්නයෙක් වේ.
“මහණෙනි, භික්ෂු තෙම කෙසේ ඉන්ද්රියන්හි වසන ලද දොරටු ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම, ඇසින් රූපයක් දැක, නිමිති නොගන්නේ වේද, අනුබ්‍යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් චක්ෂුරින්ද්රියයෙහි අසංවරව වාසය කරණ මොහු කරා ලෝභ, දෝස යන ලාමක අකුසල ධර්මයෝ ලුහුබඳනාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදීද, ඇස රකීද, ඇසෙහි සංවරයට පැමිණේද, “කණින් ශබ්දයක් අසා නිමිති නොගන්නේ වේද, අනුබ්‍යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් ශ්රොතෙන්ද්රියයෙහි අසංවරව වාසය කරණ මොහු කරා ලෝභ, දෝස යන ලාමක අකුසල ධර්මයෝ ලුහුබඳනාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදීද, කණ රකීද, කණෙහි සංවරයට පැමිණේද,
“නාසයෙන් ගඳක් ආඝ්‍රාණය කොට නිමිති නොගන්නේ වේද, අනුබ්‍යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් ඝ්රානෙන්ද්රියයෙහි අසංවරව වාසය කරණ මොහු කරා ලෝභ, දෝස යන ලාමක අකුසල ධර්මයෝ ලුහුබඳනාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදීද, නාසය රකීද, නාසයෙහි සංවරයට පැමිණේද,
“දිවෙන් රසයක් විඳ නිමිති නොගන්නේ වේද, අනුබ්‍යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් ජිව්හෙන්ද්රියයෙහි අසංවරව වාසය කරණ මොහු කරා ලෝභ, දෝස යන ලාමක අකුසල ධර්මයෝ ලුහුබඳනාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදීද, දිව රකීද, දිවෙහි සංවරයට පැමිණේද,
“ශරීරයෙන් ස්පර්ශයක් ස්පර්ශකොට නිමිති නොගන්නේ වේද, අනුබ්‍යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් කායෙන්ද්රියයෙහි අසංවරව වාසය කරණ මොහු කරා ලෝභ, දෝස යන ලාමක අකුසල ධර්මයෝ ලුහුබඳනාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදීද, කය රකීද, කයෙහි සංවරයට පැමිණේද,
“සිතින් ධර්මයක් දැන නිමිති නොගන්නේ වේද, අනුබ්‍යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් සිතෙහි අසංවරව වාසය කරන්නහු කරා ලෝභ, ද්වේෂ නම් ලාමක අකුසල ධර්මයෝ ලුහුබඳනාහුද, එය සංවරය පිණිස පිළිපදීද, මනින්ද්රියය රකීද, මනින්ද්රියයෙහි සංවරයට පැමිණෙයිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම ඉන්ද්රියයන්හි වසන ලද දොරටු ඇත්තේ වේ.
“මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙම භොජනයෙහි පමණ දන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නුවණින් කල්පනාකොට ආහාර ගනියිද, ක්‍රීඩා පිණිස නොවේ, මද වැඩීම පිණිස නොවේ, සැරසීම පිණිස නොවේ, අලංකාරය පිණිස නොවේ, මේ ශරීරයාගේ පැවැත්ම පිණිසම, යැපීම පිණිසම, වෙහෙස දුරු කරගැනීම පිණිසම, බ්‍රහ්මචර්‍ය්‍යාවට අනුග්‍රහ පිණිසම වේ. මෙසේ පරණ වේදනා මැඩ පවත්වමි. අළුත් වේදනා නූපදවන්නෙමි. මාගේ ජීවිත යාත්‍රාවද වන්නේය. නිවරදද වන්නේය. සැප විහරණයද වන්නේයයි නුවණින් මෙනෙහිකොට ආහාර වළඳන්නේය. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම භොජනයෙහි පමණ දන්නේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙම නිදි දුරු කිරීමෙහි යෙදුනේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දවල් දවස සක්මන් කිරීමෙන් සහ හිඳීමෙන් වැළැක්විය යුතු ක්ලේශ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියෙහි ප්‍රථම යාමයෙහිද, සක්මන් කිරීමෙන් සහ හිඳීමෙන් වැළැක්විය යුතු ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි දකුණැලයෙන්, දකුණු පය මත වම් පය මඳක් ඇද තබා, නැගිටින සංඥාව මෙනෙහිකොට, සිහි ඇතිව, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව සිංහසෙය්‍යාව කරයි. රාත්‍රියෙහි අවසන් යාමය නැගිට සක්මන් කිරීමෙන් සහ හ්ිඳීමෙන් වැළැක්වියයුතු ක්ලේශ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම නිදි දුරු කිරීමෙහි යෙදුනේ වේ. මහණෙනි, මේ ධර්ම සතරින් යුක්තවූ මහණ තෙම පිරිහීමට නුසුදුසුය, නිවන සමීපයේම වේ
“මහණතෙම ශීලයෙහි පිහිටියේද, ඉන්ද්රියයන්හි සංවරවූයේද, භොජනයෙහි පමණ දන්නේද, නිදි දුරු කිරීමෙහි යෙදෙයිද, රෑ දවල් දෙක්හි මෙසේ වාසය කරමින් යොගයන්ගෙන් මිදීමට පැමිණීම පිණිස කුශල ධර්ම වඩන්නාවූ, අප්‍රමාදයෙහි ඇලුණාවූ, ප්‍රමාදයෙහි භය දක්නා සුලු භික්ෂු තෙම පිරිහීමට යෝග්‍ය නොවේ. නිවන සමීපයෙහිම සිටියේ වෙයි.”
|
8. පතිලීනසුත්තං | 8. පටිළීන සූත්‍රය |
38
‘‘පනුණ්ණපච්චෙකසච්චො
‘‘කථඤ්ච
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු පස්සද්ධකායසඞ්ඛාරො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු පස්සද්ධකායසඞ්ඛාරො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු පතිලීනො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛුනො අස්මිමානො පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවංකතො ආයතිං අනුප්පාදධම්මො. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු පතිලීනො හොති. පනුණ්ණපච්චෙකසච්චො, භික්ඛවෙ, භික්ඛු ‘සමවයසට්ඨෙසනො පස්සද්ධකායසඞ්ඛාරො පතිලීනො’ති වුච්චතී’’ති.
(ඉතිවු. 55 ඉතිවුත්තකෙපි) ‘‘කාමෙසනා
ඉති සච්චපරාමාසො, දිට්ඨිට්ඨානා සමුස්සයා.
(ඉතිවු. 55 ඉතිවුත්තකෙපි) ‘‘සබ්බරාගවිරත්තස්ස, තණ්හක්ඛයවිමුත්තිනො;
එසනා පටිනිස්සට්ඨා, දිට්ඨිට්ඨානා සමූහතා.
‘‘ස වෙ සන්තො සතො භික්ඛු, පස්සද්ධො අපරාජිතො;
මානාභිසමයා බුද්ධො, පතිලීනොති වුච්චතී’’ති. අට්ඨමං;
|
38
“මහණෙනි, මෙයම සත්‍යයයි වෙන වෙනම ගත් දෘෂ්ටි දුරු කළ, සියලු සෙවීම් අත්හළ, ආශ්වාස, ප්‍රශ්වාස සංසිඳවූ මහණ තෙම විවේකයට පැමිණි යේයයි කියනු ලැබේ. මහණෙනි, කෙසේනම් මහණ තෙම මෙය සත්‍යයයි වෙන වෙනම ගත් දෘෂ්ටි දුරු කෙළේ වෙයිද? මහණෙනි, මේ ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මේම සත්‍යයයි ගත් නොයෙක් බොහෝවූ දෘෂ්ටි වෙත්ද, ඒ කවරහුද? ලෝකය ශාශ්වතයයි කියා හෝ ලෝකය අශාශ්වතයයි කියා හෝ ලෝකය අන්තයක් ඇත්තේයයි කියා හෝ ලෝකය අන්තයක් නැත්තේයයි කියා හෝ එයම ජීවයද, එයම ශරීරයද වෙයි කියා හෝ අනිකක් ජීවය අනිකක් ශරීරය කියා හෝ සත්ත්වයා මරණින් මතු වෙයි කියා හෝ සත්ත්වයා මරණින් මතු නොවෙයි කියා හෝ සත්ත්වයා මරණින් මතු වෙයි නොවෙයි කියා හෝ සත්ත්වයා මරණින් මතු නොවෙයි නොදනොවෙයි කියා හෝ ගන්නාවූ දෘෂ්ටීහුය. භික්ෂුව විසින් ඒ සියලු දෘෂ්ටි උදුරා දමන ලද්දාහුද, හරන ලද්දාහුද, දුරු කරණ ලද්දාහුද, මුදන ලද්දාහුද, පහ කරණ ලද්දාහුද, ඉවත් කරණ ලද්දාහුද, මහණෙනි, මහණ තෙම මෙසේ වනාහි උදුරා දමන ලද වෙන වෙනම ගත් දෘෂ්ටි ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙම දුරු කළ සියලු සෙවීම් ඇත්තේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවගේ (අනාගාමී මාර්ගයෙන්) කාමයන් සෙවීම ප්‍රහීණවූයේ වේද, (අර්හත් මාර්ගයෙන්) භවයන් සෙවීම ප්‍රහීණ වූයේ වේද, (අර්හත් මාර්ගයෙන්) බ්රහ්මවර්ය්යා සෙවීම සංසිඳුනේ වේද, මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම දුරුකළ සියලු සෙවීම් ඇත්තේ වේ.
“මහණෙනි, කෙසේ නම් භික්ෂු තෙම සංසිඳුනු ආශ්වාස, ප්‍රශ්වාස ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සැපය ප්‍රහීන වීමෙන්ද, දුක්ඛය ප්‍රහීන වීමෙන්ද, සොම්නස්, දොම්නස් දෙදෙනාගේ අස්තඞ්ගතයෙන්, දුක් නැති, සැප නැති, උපෙක්ෂා ස්මෘති දෙකින් පිරිසිදුවීම් ඇති, චතුර්ථධ්යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම සංසිඳුනු ආශ්වාස, ප්‍රශ්වාස ඇත්තේ වේ.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙම විවේකයෙන් යුක්ත වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණහට ‘මම වෙමි මානය ප්‍රහීනවූයේ වේද, සිඳින ලද මුල් ඇත්තේද, අග සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේද, අභාවයට යවන ලද්දේද, මතු නූපදින තත්ත්වයට කරණ ලද්දේද,’ මහණෙනි, මෙසේ වනාහි භික්ෂු තෙම විවේකයෙන් යුක්තවූයේ වෙයි. මහණෙනි, මෙයම සත්‍යයයි බැහැර කර ගත් භික්ෂුව මනාව හරණ ලද සියලු සෙවීම් ඇත්තේ, බර හරින ලද කාය සංස්කාර ඇත්තේ, එක්කෙනෙක් බවට පැමිණියේයයි කියනු ලැබේ.”
“සියලු රාගයන්ගෙන් දුරුවූ, අර්හත් ඵල විමුක්තියෙන් යුක්තවූ, යමෙකු විසින් බ්‍රහ්මචරිය එසනාව සහ කාමෙසනා භවෙසනාව යන එසනා (සෙවීම්) දුරුකරණ ලද්දාහුද, මෙයම සත්‍යයයි ඔසවාගත් වැරදි දැකීම් සහ දෘෂ්ටි උදුරා දමන ලද්දාහුද, ඒකාන්තයෙන් ශාන්තවූ, සිහි ඇත්තාවූ, සංසිඳුනාවූ, නොපැරදවිය හැක්කාවූ, මානය දුරු කළාවූ, චතුස්සත්‍ය අවබෝධ කළාවූ මහණ තෙම විචේකයෙන් යුක්තවූයේය” යි කියනු ලැබේ.
|
9. උජ්ජයසුත්තං | 9. උජ්ජය සූත්‍රය |
39
අථ
‘‘යථාරූපෙ ච ඛො, බ්‍රාහ්මණ, යඤ්ඤෙ නෙව ගාවො හඤ්ඤන්ති, න අජෙළකා හඤ්ඤන්ති, න කුක්කුටසූකරා හඤ්ඤන්ති, න විවිධා පාණා සඞ්ඝාතං ආපජ්ජන්ති; එවරූපං ඛො අහං, බ්‍රාහ්මණ, නිරාරම්භං යඤ්ඤං වණ්ණෙමි, යදිදං නිච්චදානං අනුකුලයඤ්ඤං. තං කිස්ස හෙතු? එවරූපඤ්හි, බ්‍රාහ්මණ, නිරාරම්භං යඤ්ඤං උපසඞ්කමන්ති අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නා’’ති.
‘‘අස්සමෙධං පුරිසමෙධං, සම්මාපාසං වාජපෙය්යං නිරග්ගළං
මහායඤ්ඤා මහාරම්භා
(සම්මාපාසං වාජපෙය්යං; නිරග්ගළං මහාරම්භා (පී.) සං. නි. 1.120), න තෙ හොන්ති මහප්ඵලා.
‘‘අජෙළකා ච ගාවො ච, විවිධා යත්ථ හඤ්ඤරෙ;
න තං සම්මග්ගතා යඤ්ඤං, උපයන්ති මහෙසිනො.
‘‘යෙ
අජෙළකා ච ගාවො ච, විවිධා නෙත්ථ හඤ්ඤරෙ
(නාජෙළකා ච ගාවො ච, විවිධා යත්ථ හඤ්ඤරෙ (ස්‍යා. කං.));
තඤ්ච සම්මග්ගතා යඤ්ඤං, උපයන්ති මහෙසිනො.
‘‘එතං
එතං
(එවං (ස්‍යා. කං. ක.)) හි යජමානස්ස, සෙය්යො හොති න පාපියො;
යඤ්ඤො ච විපුලො හොති, පසීදන්ති ච දෙවතා’’ති. නවමං;
|
39
“ඉක්බිති උජ්ජාය නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතුවූ, සිහි කටයුතුවූ, කථා කොට නිමවා එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන් උජ්ජාය බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“භවත් ගෞතමයන් වහන්සේත් යාග කිරීම වර්ණනා කෙරෙද්ද?” යනුය. “බ්‍රාහ්මණය, මම සියලු යාග වර්ණනා නොකරමි. බ්‍රහ්මණය, මම සියලුම යාග වර්ණනා නොකරන්නේද නොවෙමි. බ්‍රාහ්මණය, යම් බඳු යාගයෙක්හි ගවයන් මරත්ද, එළු බැටලුවන් මරත්ද, කුකුළන් ඌරන් මරත්ද, නොයෙක් ප්‍රාණීහු විනාශයට පමුණුවත්ද, බමුණ, මම මෙබඳුවූ ප්‍රාණඝාතය පිළිබඳ බොහෝ කටයුතු සහිත යාග වර්ණනා නොකරමි. ඊට හේතු කවරේද?
“බමුණ, මෙබඳු ප්‍රාණඝාතය පිළිබඳ බොහෝ කටයුතු ඇති යාගයට රහත්හු හෝ, රහත් මාර්ගයට පිළිපන්නාහු හෝ නොඑළඹෙත්. බමුණ, යම් බඳු යාගයෙක්හි ගවයන් නොමරත්ද, එළු බැටලුවන් නොමරත්ද, කුකුළන් ඌරන් නොමරත්ද, නොයෙක් සතුන් මරණයට නොපමුණුවත්ද, බ්‍රාහ්මණය, මම මෙබඳුවූ ප්‍රාණඝාතය පිළිබඳ බොහෝ කටයුතු නැති යාගය වර්ණනා කරමි. එනම්: සලාක දානයත්, පරම්පරාගත දානයත් යන දෙකයි. ඊට හේතු කවරේද? බමුණ, මෙබඳු නිරාරම්භ දානයට රහත්හු හෝ රහත් මාර්ගයට පිළිපන්නාහු හෝ පැමිණෙත්.
“අස්සමෙධ යාගය, පුරුෂමෙධ යාගය, සම්මාපාස යාගය, වාජපෙය්‍ය යාගය, නිරග්ගල යාගය, යන මහත් කටයුතු ඇති ඒ මහා යාගයෝ මහත්ඵල නොවෙත්. එළු බැටලුවන්ද, ගවයන්ද යන නානාප්‍රකාර සත්ත්වයෝ යම් යාගයෙක්හි නසනු ලැබෙත්ද, ඒ යාගයන් යහපත්මාර්ගයෙහි පිළිපන් මහත් ඎෂීහු කරා නොපැමිණෙත්. යම්කිසි යාගයක් මහත් කටයුතු නැත්තේද, පරම්පරාගතව එන්නේද, එළු බැටළුවන්ද, ගවයන්ද, නානාප්‍රකාර සත්ත්වයෝ මෙහි නසනු නොලැබෙත්ද, යහපත් මාර්ගයෙහි පිළිපන් මහර්ෂීහු ඒ යාගයට පැමිණෙත්. ඤාණවන්ත මේ යාගය කරන්නේය. මේ යාගය මහත් ඵලයි. මෙය යාගය කරන්නා ශ්‍රේෂ්ඨවේ. ලාමකයෙක් නොවේ. යාගයද මහත් ඵල වේ. දෙවියෝද පහදිත්.”
|
10. උදායීසුත්තං | 10. උදායි බ්‍රාහ්මණ සූත්‍රය |
40
අථ ඛො උදායී
(උදායි (සබ්බත්ථ)) බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා
‘‘යථාරූපෙ ච ඛො, බ්‍රාහ්මණ, යඤ්ඤෙ නෙව ගාවො හඤ්ඤන්ති, න අජෙළකා හඤ්ඤන්ති, න කුක්කුටසූකරා හඤ්ඤන්ති, න විවිධා පාණා සඞ්ඝාතං ආපජ්ජන්ති; එවරූපං ඛො අහං, බ්‍රාහ්මණ, නිරාරම්භං යඤ්ඤං වණ්ණෙමි
‘‘අභිසඞ්ඛතං නිරාරම්භං, යඤ්ඤං කාලෙන කප්පියං;
තාදිසං
‘‘විවටච්ඡදා
(විවත්තච්ඡදා (සී. පී.), විවට්ටච්ඡදා (ක.)) යෙ ලොකෙ, වීතිවත්තා කුලං ගතිං;
යඤ්ඤමෙතං පසංසන්ති, බුද්ධා යඤ්ඤස්ස
(පුඤ්ඤස්ස (ස්‍යා. කං. පී.)) කොවිදා.
‘‘යඤ්ඤෙ වා යදි වා සද්ධෙ, හබ්යං
(හව්යං (සී. පී.), හුඤ්ඤං (ස්‍යා. කං.)) කත්වා යථාරහං;
පසන්නචිත්තො යජති
(පසන්නචිත්තා යජන්ති (ක.)), සුඛෙත්තෙ බ්රහ්මචාරිසු.
‘‘සුහුතං
යඤ්ඤො ච විපුලො හොති, පසීදන්ති ච දෙවතා.
‘‘එවං
(එතං (ක.) අ. නි. 6.37) යජිත්වා මෙධාවී, සද්ධො මුත්තෙන චෙතසා;
අබ්‍යාබජ්ඣං සුඛං ලොකං, පණ්ඩිතො උපපජ්ජතී’’ති. දසමං;
|
40
“ඉක්බිති උදායි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතු කථා කොට නිමවා එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් උදායි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ගෞතමයන් වහන්නේ යාගය වර්ණනා කරන්නේද?” යනුයි.
“බමුණ, මම සියලු යාගම වර්ණනා නොකරමි. බ්‍රාහ්මණය, මම සියලු යාග වර්ණනා නොකරන්නෙම්ද නොවෙමි. බමුණ, යම් බඳු යාගයෙක්හි ගවයන් මරත්ද, එළු බැටළුවන් මරත්ද, ඌරන් කුකුළන් මරත්ද, නොයෙක් ප්‍රාණීහු විනාශයට පමුණුවත්ද, බමුණ, මම මෙබඳුවූ බොහෝ කටයුතු ඇති, ප්‍රාණීන් මරණ යාග වර්ණනා නොකරමි. ඊට හේතු කවරේද?
“බමුණ, මෙබඳුවූ බොහෝ කටයුතු ඇති යාගයට රහත්හු හෝ රහත් මාර්ගයට පිළිපන්නාහු හෝ නොපැමිණෙත්. බමුණ, යම්බඳු යාගයෙක්හි ගවයන් නොමරත්ද, එළුවන් බැටළුවන් නොමරත්ද, කුකුලන් ඌරන් නොමරත්ද, නොයෙක් ප්‍රාණීන් විනාශයට නොපමුණුවද්ද, බමුණ, මම මෙබඳු යාග වර්ණනා කරමි. එනම්, නිත්‍ය දානයත්, පරම්පරාවේ එන දානයත්ය. ඊට හේතු කවරේද? බමුණ මෙබඳු ප්‍රාණීන් නොමරණ යාගයට රහත්හු හෝ රහත් මාර්ගයට පිළිපන්නාහු එළඹෙත්.
“සුඳුසු කාලයෙක්හි රැස් කරණ ලද කැපවූ සතුන් නොමරණ යාගයක් වේද, එබඳු යාගය කරා සංයමවූ බ්‍රහ්මචාරීහු පැමිණෙත්. කාලයද ගතියද ඉක්මවූ, පහකළ කෙළෙස් වැසුම් ඇති, පිණට දක්ෂ යම් බුදුවරයෝ ලෝකයෙහි වෙත්ද, උන්වහන්සේලා මේ යාගය පසසත්. ප්‍රකෘති දානයෙහි හෝ මතක දානයෙහි හෝ පැහැදුනු සිත් ඇත්තේ, සුදුසු පරිද්දෙන් දෙය්ය ධර්මයන් සකස්කොට, බ්‍රහ්මචාරීන් කෙරෙහි යහපත් ක්ෂෙත්රයෙහි පුදයි. දක්ෂිණාවට සුදුස්සන් කෙරෙහි යමක් කරණ ලද්දේද, එය මනාකොට නිමකරණ ලද්දකි. මනාකොට පුදන ලද්දකි. මනාකොට පැමිණෙන ලද්දකි. පිදීමද මහත්වේ. දෙවියෝද පහදිත්. පරිත්‍යාග චිත්තයෙන් යුක්තව, ශ්රද්ධාවත් ප්‍රඥාවන්ත තෙම මෙසේ යාගකොට පණ්ඩිත තෙම ව්‍යාපාද නැති, සැපවත් භවයකට පැමිණේ.”
|