ත්‍රිපිටකය
4. චක්කවග්ගො 4. චක්ක වර්‍ගය
1. චක්කසුත්තං 1. චතු චක්ක සූත්‍රය
2. සඞ්ගහසුත්තං 2. සංගහවත්‍ථු සූත්‍රය
3. සීහසුත්තං 3. සීහොපම සූත්‍රය
33
‘‘සීහො , භික්ඛවෙ, මිගරාජා සායන්හසමයං ආසයා නික්ඛමති. ආසයා නික්ඛමිත්වා විජම්භති. විජම්භිත්වා සමන්තා චතුද්දිසා අනුවිලොකෙති. සමන්තා චතුද්දිසා අනුවිලොකෙත්වා තික්ඛත්තුං සීහනාදං නදති. තික්ඛත්තුං සීහනාදං නදිත්වා ගොචරාය පක්කමති. යෙ ඛො පන තෙ, භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා සීහස්ස මිගරඤ්ඤො නදතො සද්දං සුණන්ති, තෙ යෙභුය්‍යෙන භයං සංවෙගං සන්තාසං ආපජ්ජන්ති. බිලං බිලාසයා පවිසන්ති, දකං දකාසයා (උදකං උදකාසයා (ක.) සං. නි. 3.78; පටි. ම. අට්ඨ. 1.1.37 පස්සිතබ්බං) පවිසන්ති, වනං වනාසයා පවිසන්ති, ආකාසං පක්ඛිනො භජන්ති . යෙපි තෙ, භික්ඛවෙ, රඤ්ඤො නාගා ගාමනිගමරාජධානීසු දළ්හෙහි වරත්තෙහි බන්ධනෙහි බද්ධා, තෙපි තානි බන්ධනානි සඤ්ඡින්දිත්වා සම්පදාලෙත්වා භීතා මුත්තකරීසං චජමානා යෙන වා තෙන වා පලායන්ති. එවං මහිද්ධිකො ඛො, භික්ඛවෙ, සීහො මිගරාජා තිරච්ඡානගතානං පාණානං, එවං මහෙසක්ඛො එවං මහානුභාවො.
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, යදා තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා, සො ධම්මං දෙසෙති - ‘ඉති සක්කායො, ඉති සක්කායසමුදයො, ඉති සක්කායනිරොධො (සක්කායස්ස අත්ථඞ්ගමො (අට්ඨ., සං. නි. 3.78) ‘‘සක්කායනිරොධගාමිනී’’ති පච්ඡිමපදං පන පස්සිතබ්බං), ඉති සක්කායනිරොධගාමිනී පටිපදා’ති. යෙපි තෙ, භික්ඛවෙ, දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා උච්චෙසු විමානෙසු චිරට්ඨිතිකා, තෙපි තථාගතස්ස ධම්මදෙසනං සුත්වා යෙභුය්‍යෙන භයං සංවෙගං සන්තාසං ආපජ්ජන්ති - ‘අනිච්චා වත කිර, භො, මයං සමානා නිච්චම්හාති අමඤ්ඤිම්හ; අද්ධුවා වත කිර, භො, මයං සමානා ධුවම්හාති අමඤ්ඤිම්හ; අසස්සතා වත කිර, භො, මයං සමානා සස්සතම්හාති අමඤ්ඤිම්හ. මයං කිර, භො, අනිච්චා අද්ධුවා අසස්සතා සක්කායපරියාපන්නා’ති. එවං මහිද්ධිකො ඛො, භික්ඛවෙ, තථාගතො සදෙවකස්ස ලොකස්ස, එවං මහෙසක්ඛො එවං මහානුභාවො’’ති.
‘‘යදා බුද්ධො අභිඤ්ඤාය, ධම්මචක්කං පවත්තයී;
සදෙවකස්ස ලොකස්ස, සත්ථා අප්පටිපුග්ගලො.
‘‘සක්කායඤ්ච නිරොධඤ්ච, සක්කායස්ස ච සම්භවං;
අරියඤ්චට්ඨඞ්ගිකං මග්ගං, දුක්ඛූපසමගාමිනං.
‘‘යෙපි දීඝායුකා දෙවා, වණ්ණවන්තො යසස්සිනො;
භීතා සන්තාසමාපාදුං, සීහස්සෙවි’තරෙමිගා.
‘‘අවීතිවත්තා සක්කායං, අනිච්චා කිර භො මයං;
සුත්වා අරහතො වාක්‍යං, විප්පමුත්තස්ස තාදිනො’’ති (සං. නි. 3.78). තතියං;
33
“මහණෙනි, මෘගරාජවූ සිංහ තෙම සවස් වේලාවෙහි ගුහාවෙන් නික්මෙයි. ගුහාවෙන් නික්ම කෙසරු සලා ඇඟ සොලවයි. කෙසරු සලා හාත්පස සතර දිශාව බලයි. හාත්පස සතර දිශාව බලා, තුන්වරක් සිංහනාද කරයි. තුන්වරක් සිංහනාද කොට ගොදුරු පිණිස නික්මෙයි. මහණෙනි, යම් ඒ තිරිසන්ගත ප්‍රාණීහු නාද කරන්නාවූ, මෘගරාජවූ සිංහයාගේ ශබ්දය අසත්ද, ඔවුහු බොහෝ සෙයින් භයට, සංවේගයට, තැතිගැන්මට පැමිණෙත්. ගුල්වල වාසය කරන්නාහු, ගුලට ප්‍රවිෂ්ට වෙත්. ජලයෙහි වාසය කරන්නාහු, ජලයට ප්‍රවිෂ්ට වෙත්. වනයෙහි වාසය කරන්නාහු, වනයට ප්‍රවිෂ්ට වෙත්. පක්‍ෂීහු ආකාශයට යත්.
“මහණෙනි, ගම්, නියම්ගම්, රාජධානීන්හි තද වරපට බන්‍ධනයෙන් බඳින ලද රජුගේ ඇත්තු වෙද්ද, ඔවුහුද ඒ බන්‍ධන සිඳ බිඳ, බිය වූවාහු, මළ මූත්‍ර කරමින්, යම් ඒ තැනක පලායත්. මහණෙනි, තිරිසන්ගත සතුන් අතරින් සිංහවූ මෘග රාජයා මෙසේ මහත් ඎද්‍ධි ඇත්තේය. මෙසේ මහෙසාක්‍ය වන්නේය. මෙසේ මහානුභාව ඇත්තේය.
“මහණෙනි, එසේම යම් කලෙක්හි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, අෂ්ටවිද්‍යා, පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තවූ, සුගතවූ, ලෝකය දත්, නිරුත්තර පුරුෂධම්ම සාරථීවූ, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවූ, බුද්‍ධවූ, භාග්‍යවත්වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදී. හෙතෙමේ මේ සක්කාය නම් පඤ්චඋපාදානස්කන්‍ධයෝය. මේ සක්කාය සමුදය නම් පඤ්චඋපාදානස්කන්‍ධයට හේතුවයි. මේ සක්කාය නිරෝධයය. මේ සක්කාය නිරෝධගාමිණී ප්‍රතිපදාවයයි ධර්මය වදාරයි.
“මහණෙනි, දීර්‍ඝායුෂ්කවූ, වර්‍ණවත්වූ, සැප බහුලකොට ඇත්තාවූ, උස්වූ විමානවල බොහෝකල් සිටින්නාවූ, යම් දේවතා කෙනෙක් ඇද්ද, ඔවුහුද තථාගතයන් වහන්සේගේ ධර්මය අසා බොහෝ සෙයින්, භයට, සංවේගයට, තැතිගැන්මට පැමිණෙත්. පින්වත්නි, ඒකාන්තයෙන් අනිත්‍යවූ අපි, නිත්‍යයයි සිතුවෙමු. පින්වත්නි, ඒකාන්තයෙන් අනියතවූ අපි, නියතයයි සිතුවෙමු. පින්වත්නි, අශාස්වත අපි, ශාස්වතයයි සිතුවෙමු. අපිදු පින්වත්නි, අනිත්‍ය වෙමු, අනියත වෙමු, අශාස්වත වෙමු, පඤ්චඋපාදානස්කන්‍ධයට ඇතුළත් වෙමු කියායි. මහණෙනි, තථාගත තෙම, මෙසේ මහත් සෘද්‍ධි ඇත්තේය.. දෙවියන් සහිත ලෝකයට මෙසේ මහේශාක්‍යය. මෙසේ මහානුභාව ඇත්තේය.
“දෙවියන් සහිත ලෝකයාගේ අතිපුද්ගලවූ, ශාස්තෲවූ බුදුරජ තෙම, පඤ්චඋපාදානස්කන්‍ධ සංඛ්‍යාත සක්කායද, එහි නිරෝධයද, එහි හේතුවද, දුක්ඛයාගේ සංසිඳීමට පැමිණෙන මාර්‍ගයද, විශිෂ්ට ඥානයෙන් දැන, යම් කලෙක්හි ධර්ම චක්‍රය පැවැත්වූයේද, වර්‍ණවත්වූ, යසස් ඇත්තාවූ, දීර්‍ඝායුෂ්කවූ දෙවියෝ සෙසු මෘගයෝ සිංහයාට මෙන් කෙලෙසුන්ගෙන් මිදුනාවූ, තාදීවූ, බුදුරජානන් වහන්සේ ගේ වචනය අසා, පින්වත්නි, අපි ඒකාන්තයෙන් අනිත්‍ය වෙමු. සක්කාය නොඉක්මවූ වෙමුයි බිය වූවාහුය. තැතිගැන්මට පැමිණියාහුය.”
4. අග්ගප්පසාදසුත්තං 4. අග්ගප්පසාද සූත්‍රය
5. වස්සකාරසුත්තං 5. වස්සකාර සූත්‍රය
6. දොණසුත්තං 6. දොණ (බ්‍රාහ්මණ) සූත්‍රය
7. අපරිහානියසුත්තං 7. අපරිහානීය ධම්ම සූත්‍රය
8. පතිලීනසුත්තං 8. පටිළීන සූත්‍රය
9. උජ්ජයසුත්තං 9. උජ්ජය සූත්‍රය
10. උදායීසුත්තං 10. උදායි බ්‍රාහ්මණ සූත්‍රය