ත්‍රිපිටකය
3. උරුවෙලවග්ගො 3. උරුවෙල වර්‍ගය
1. පඨමඋරුවෙලසුත්තං 1. සද්‍ධම්ම ගරුක සූත්‍රය
2. දුතියඋරුවෙලසුත්තං 2. බුද්‍ධාපචායන සූත්‍රය
3. ලොකසුත්තං 3. ලොකවිජානන සූත්‍රය
4. කාළකාරාමසුත්තං 4. කාලකාරාම සූත්‍රය
5. බ්‍රහ්මචරියසුත්තං 5. බ්‍රහ්මචරියවාස සූත්‍රය
6. කුහසුත්තං 6. ධම්ම විරූහන සූත්‍රය
7. සන්තුට්ඨිසුත්තං 7. අප්පසුලභ සූත්‍රය
8. අරියවංසසුත්තං 8. (මහා) අරියවංශ සූත්‍රය
28
‘‘චත්තාරොමෙ , භික්ඛවෙ, අරියවංසා අග්ගඤ්ඤා රත්තඤ්ඤා වංසඤ්ඤා පොරාණා අසංකිණ්ණා අසංකිණ්ණපුබ්බා, න සංකීයන්ති න සංකීයිස්සන්ති, අප්පටිකුට්ඨා සමණෙහි බ්‍රාහ්මණෙහි විඤ්ඤූහි. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරෙන චීවරෙන, ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී, න ච චීවරහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති, අලද්ධා ච චීවරං න පරිතස්සති, ලද්ධා ච චීවරං අගධිතො (අගථිතො (සී. පී.)) අමුච්ඡිතො අනජ්ඣොසන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති; තාය ච පන ඉතරීතරචීවරසන්තුට්ඨියා නෙවත්තානුක්කංසෙති, නො (න (දී. නි. 3.309)) පරං වම්භෙති. යො හි තත්ථ දක්ඛො අනලසො සම්පජානො පතිස්සතො, අයං වුච්චති, භික්ඛවෙ, භික්ඛු පොරාණෙ අග්ගඤ්ඤෙ අරියවංසෙ ඨිතො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරෙන පිණ්ඩපාතෙන, ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදී, න ච පිණ්ඩපාතහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති, අලද්ධා ච පිණ්ඩපාතං න පරිතස්සති, ලද්ධා ච පිණ්ඩපාතං අගධිතො අමුච්ඡිතො අනජ්ඣොසන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති; තාය ච පන ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා නෙවත්තානුක්කංසෙති , නො පරං වම්භෙති. යො හි තත්ථ දක්ඛො අනලසො සම්පජානො පතිස්සතො, අයං වුච්චති, භික්ඛවෙ, භික්ඛු පොරාණෙ අග්ගඤ්ඤෙ අරියවංසෙ ඨිතො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරෙන සෙනාසනෙන, ඉතරීතරසෙනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදී, න ච සෙනාසනහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති, අලද්ධා ච සෙනාසනං න පරිතස්සති, ලද්ධා ච සෙනාසනං අගධිතො අමුච්ඡිතො අනජ්ඣොසන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති; තාය ච පන ඉතරීතරසෙනාසනසන්තුට්ඨියා නෙවත්තානුක්කංසෙති, නො පරං වම්භෙති. යො හි තත්ථ දක්ඛො අනලසො සම්පජානො පතිස්සතො, අයං වුච්චති, භික්ඛවෙ, භික්ඛු පොරාණෙ අග්ගඤ්ඤෙ අරියවංසෙ ඨිතො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු භාවනාරාමො හොති භාවනාරතො, පහානාරාමො හොති පහානරතො; තාය ච පන භාවනාරාමතාය භාවනාරතියා පහානාරාමතාය පහානරතියා නෙවත්තානුක්කංසෙති, නො පරං වම්භෙති. යො හි තත්ථ දක්ඛො අනලසො සම්පජානො පතිස්සතො, අයං වුච්චති, භික්ඛවෙ, භික්ඛු පොරාණෙ අග්ගඤ්ඤෙ අරියවංසෙ ඨිතො. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො අරියවංසා අග්ගඤ්ඤා රත්තඤ්ඤා වංසඤ්ඤා පොරාණා අසංකිණ්ණා අසංකිණ්ණපුබ්බා, න සංකීයන්ති න සංකීයිස්සන්ති, අප්පටිකුට්ඨා සමණෙහි බ්‍රාහ්මණෙහි විඤ්ඤූහි.
‘‘ඉමෙහි ච පන, භික්ඛවෙ, චතූහි අරියවංසෙහි සමන්නාගතො භික්ඛු පුරත්ථිමාය චෙපි දිසාය විහරති ස්වෙව අරතිං සහති, න තං අරති සහති; පච්ඡිමාය චෙපි දිසාය විහරති ස්වෙව අරතිං සහති, න තං අරති සහති; උත්තරාය චෙපි දිසාය විහරති ස්වෙව අරතිං සහති, න තං අරති සහති; දක්ඛිණාය චෙපි දිසාය විහරති ස්වෙව අරතිං සහති, න තං අරති සහති. තං කිස්ස හෙතු? අරතිරතිසහො හි, භික්ඛවෙ, ධීරො’’ති.
‘‘නාරති සහති ධීරං (වීරං (සී.)), නාරති ධීරං සහති;
ධීරොව අරතිං සහති, ධීරො හි අරතිස්සහො.
‘‘සබ්බකම්මවිහායීනං , පනුණ්ණං (පණුන්නං (?)) කො නිවාරයෙ;
නෙක්ඛං ජම්බොනදස්සෙව, කො තං නින්දිතුමරහති;
දෙවාපි නං පසංසන්ති, බ්‍රහ්මුනාපි පසංසිතො’’ති. අට්ඨමං;
28
“මහණෙනි, මේ ආර්‍ය්‍යවංස සතර අග්‍රයයි දත යුත්තාහ. බොහෝ පැරණියයි දත යුත්තාහ. වංශය (පරපුර) යයි දත යුත්තාහ. අථත් දෙයක් නොවේයයි දත යුත්තාහ. බැහැර නොකරණ ලද්දාහ. පෙර බුදුවරයන් විසිනුදු අත් නොහරින ලදහ. දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් අත්නොහරින්නාහ. ශ්‍රමණයන් විසිනුදු, බ්‍රහ්මණයන් විසිනුදු, නුවණැත්තන් විසිනුදු ගර්‍හා නොකරණ ලද්දාහ. කවර සතර දෙනෙක්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ලැබුණු යම්කිසි සිවුරකින් සතුටුවූයේ වේද, ලැබුණු යම්කිසි සිවුරක් ගැන සතුටුවීමෙහි ගුණ කියන්නේ වේද, සිවුරක් නිසා නුසුදුසු සෙවීමකට නොපැමිණෙයි. සිවුරු නොලැබීම හේතුකොටගෙන නොතැවෙයි. සිවුරු ලැබද, එහි නොඇලුණේ, මුසපත් නොවූයේ, නොගිලුණේ, ආදීනව දකිමින්, සසරින් නික්මීමේ නුවණින් යුක්තව පරිභොග කරයිද, ලැබුණු යම්කිසි සිවුරකින් සතුටුවීමෙන් තමන් උසස්කොට නොසිතයිද, අනුන් පහත්කොට නොසිතයිද,
“ලද දෙයින් සතුටුවීමෙහි දක්‍ෂවූයේ, අලස නොවූයේ, නුවණින් හා සිහියෙන් යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්‍රයයි දත යුතු පැරණි ආර්‍ය්‍ය වංශයෙහි සිටියේය.
“මහණෙනි, නැවතද භික්‍ෂු තෙමේ ලැබුණු යම්කිසි පිණ්ඩපාතයකින් සතුටුවූයේ වේද, ලැබුණු යම්කිසි පිණ්ඩපාතයකින් සතුටුවීමේ ගුණ කියන්නේ වේද, පිණ්ඩපාත හේතුවෙන් නුසුදුසු සෙවීමකට නොපැමිණේද පිණ්ඩපාතය නොලැබීම නිසා නොතැවෙයිද. පිණ්ඩපාතය ලැබද, එහි නොඇලුණේ, තෘෂ්ණාවෙන් මුසපත් නුවූයේ, නොගිලුණේ, ආදීනව දකිමින්, සසරින් මිදීමේ නුවණින් යුක්තව වළඳයිද, ඒ ලැබුණු යම්කිසි පිණ්ඩපාතයකින් සතුටුවීමෙන් තමන් උසස්කොට නොසිතයිද, අනුන් පහත්කොට නොසිතයිද, හෙතෙමේ
“ලද දෙයින් සතුටුවීමෙහි දක්‍ෂවූයේ, අලස නොවූයේ, නුවණින් හා සිහියෙන් යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්‍රයයි දත යුතු පැරණි ආර්‍ය්‍ය වංශයෙහි සිටියේය.
“මහණෙනි, නැවතද භික්‍ෂු තෙමේ ලැබුණු යම්කිසි සෙනසුනකින් සතුටුවූයේ වේද, ලැබුණු යම්කිසි සෙනසුනකින් සතුටුවීමේ ගුණ කියන්නේ වේද, සෙනසුන් හේතුවෙන් නුසුදුසු සෙවීමකට නොපැමිණේද සෙනසුනක් නොලැබීම නිසා නොතැවෙයිද. සෙනසුන ලැබද, ලෝභ නුවූයේ, තෘෂ්ණාවෙන් මුසපත් නුවූයේ, නොගිලුණේ, ආදීනව දකිමින්, සසරින් මිදීමේ නුවණින් පරිභොග කරයිද, ඒ ලැබුණු යම්කිසි සේනාසනයකින් සතුටුවීමෙන් තමන් උසස්කොට නොසිතයිද, අනුන් පහත්කොට නොසිතයි,
“ලද දෙයින් සතුටුවීමෙහි දක්‍ෂවූයේ, අලස නොවූයේ, නුවණින් හා සිහියෙන් යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්‍රයයි දත යුතු පැරණි ආර්‍ය්‍ය වංශයෙහි සිටියේය.
“මහණෙනි, නැවතද භික්‍ෂුතෙම භාවනාවෙහි කැමැත්ත ඇත්තේ වේද, භාවනාවෙහි ඇලුනේ වේද, කෙලෙස් ප්‍රහාණයෙහි කැමැත්ත ඇත්තේද, කෙලෙස් ප්‍රහාණයෙහි ඇලුනේ වේද, ඒ භාවනාවෙහි කැමැත්තෙන්, භාවනාවෙහි ඇල්මෙන්, කෙලෙස් පහ කිරීමෙහි කැමැත්තෙන්, කෙලෙස් පහ කිරීමෙහි ඇල්මෙන්, තමා උසස් කොට නොසිතයි. අනුන් පහත් කොට නොසිතයි.
“හෙතෙමේ එහි දක්‍ෂ වූයේ නොමැළි වූයේ. මනාව දන්නා නුවණින්ද, සිහියෙන්ද යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්‍රයයි දතයුතු පුරාණ ආර්‍ය්‍ය වංශයෙහි සිටියේය.
“මහණෙනි, මේ ආර්‍ය්‍ය වංශ සතර අග්‍රයයි දත යුත්තාහ. බොහෝ පැරණියයි දත යුත්තාහ. වංශයයි දත යුත්තාහ. අළුත් දෙයක් නොවේයයි දත යුත්තාහ. බැහැර නොකරණ ලද්දාහ. පෙර බුදුවරයන් විසිනුදු ඉවත් නොකරණ ලදහ. දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් අත් නොහරිත්. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද, ගර්‍හා නොකරණ ලදී.
“මහණෙනි, මේ සතර ආර්‍ය්‍ය වංශයෙන් යුක්තවූ භික්‍ෂුව ඉදින් පෙරදිග වසන්නේද, හෙතෙමේම අරතිය (සසුන්හි නොඇල්ම) යටපත් කරයි. අරතිය තොමෝ ඔහු යටපත් නොකරයි. ඉදින් පච්ඡිම දිශාවෙහි වාසය කරන්නේද, හෙතෙමේම අරතිය යටපත් කරයි. අරති තොමෝ ඔහු යටපත් නොකරයි. උතුරු දිශාවෙහි ඉදින් වසන්නේද, හෙතෙමේම අරතිය යටපත් කරයි. අරති තොමෝ ඔහු යටපත් නොකරයි. දකුණු දිසාවෙහි වසන්නේද, හෙතෙමේ අරතිය යටපත් කරයි. අරති තොමෝ ඔහු යටපත් නොකරයි. ඊට හේතු කවරේද? ප්‍රාඥ තෙමේ, අරතියද, පඤ්ච කාම ගුණයන්හි ඇලීමද, අභිභවනය කරන්නේය.
“අරති තොමෝ වීර්‍ය්‍යවන්තයා අභිභවනය නොකරයිද, එහෙයින් අරතිය ධීරයා යටපත් නොකරයි. ධීර තෙමේ අරතිය අභිභවනය කරයිද, එහෙයින් ධීරයා අරතිය මඩින්නේ නම් වේ. සියලු ත්‍රෛභූමික ධර්‍මයන් පිරිසිඳ, කෙලෙසුන් පහකොට සිටි ඔහු, කවර නම් රාග, දෝෂ, මෝහයෙක් වලක්වන්නේද? ජාම්බොනද ස්වර්‍ණයක් වැනි ඔහුට කවරෙක් නින්‍දා කිරීමට සුදුසුද? ඔහුට දෙවියෝද ප්‍රශංසා කරත්. බ්‍රහ්මයා විසිනුදු ප්‍රශංසා කරණ ලදී.”
9. ධම්මපදසුත්තං 9. ධම්මපද චතුක්ක සූත්‍රය
10. පරිබ්බාජකසුත්තං 10. සප්පීනියා තීර සූත්‍රය