ත්‍රිපිටකය
3. උරුවෙලවග්ගො 3. උරුවෙල වර්‍ගය
1. පඨමඋරුවෙලසුත්තං 1. සද්‍ධම්ම ගරුක සූත්‍රය
2. දුතියඋරුවෙලසුත්තං 2. බුද්‍ධාපචායන සූත්‍රය
3. ලොකසුත්තං 3. ලොකවිජානන සූත්‍රය
4. කාළකාරාමසුත්තං 4. කාලකාරාම සූත්‍රය
5. බ්‍රහ්මචරියසුත්තං 5. බ්‍රහ්මචරියවාස සූත්‍රය
6. කුහසුත්තං 6. ධම්ම විරූහන සූත්‍රය
7. සන්තුට්ඨිසුත්තං 7. අප්පසුලභ සූත්‍රය
27
‘‘චත්තාරිමානි , භික්ඛවෙ, අප්පානි ච (චෙව (ක.)) සුලභානි ච, තානි ච අනවජ්ජානි. කතමානි චත්තාරි? පංසුකූලං, භික්ඛවෙ, චීවරානං අප්පඤ්ච සුලභඤ්ච , තඤ්ච අනවජ්ජං. පිණ්ඩියාලොපො, භික්ඛවෙ, භොජනානං අප්පඤ්ච සුලභඤ්ච, තඤ්ච අනවජ්ජං. රුක්ඛමූලං, භික්ඛවෙ, සෙනාසනානං අප්පඤ්ච සුලභඤ්ච, තඤ්ච අනවජ්ජං. පූතිමුත්තං, භික්ඛවෙ, භෙසජ්ජානං අප්පඤ්ච සුලභඤ්ච, තඤ්ච අනවජ්ජං. ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි අප්පානි ච සුලභානි ච, තානි ච අනවජ්ජානි. යතො ඛො, භික්ඛවෙ, භික්ඛු අප්පෙන ච තුට්ඨො හොති සුලභෙන ච, ඉදමස්සාහං අඤ්ඤතරං සාමඤ්ඤඞ්ගන්ති (සාමඤ්ඤන්ති (ක.)) වදාමී’’ති.
‘‘අනවජ්ජෙන තුට්ඨස්ස, අප්පෙන සුලභෙන ච;
සෙනාසනමාරබ්භ, චීවරං පානභොජනං;
විඝාතො හොති චිත්තස්ස, දිසා නප්පටිහඤ්ඤති.
‘‘යෙ චස්ස ධම්මා අක්ඛාතා, සාමඤ්ඤස්සානුලොමිකා;
අධිග්ගහිතා තුට්ඨස්ස, අප්පමත්තස්ස සික්ඛතො’’ති. සත්තමං;
27
“මහණෙනි, සුලුවූද, සුලභවූද, නිවරදවූද මේ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
“මහණෙනි, සිවුරු අතුරෙන් පාංශුකූල චීවරය සුලුද, සුලභද, නිවැරදිද වේ. මහණෙනි, භොජනයන්ගෙන් පිණ්ඩපාත භොජනය, සුලුද, සුලභද, නිරවද්‍යද වේ. මහණෙනි, සේනාසන අතුරෙන් වෘක්‍ෂ මූල සේනාසනය, සුලුද, සුලභද, නිරවද්‍යද වේ. මහණෙනි, බෙහෙත් අතුරින් ගොමුත්‍රය, සුලුද, සුලභද, නිවරදද වේ. මහණෙනි, මේ සතර සුලුද, සුලභද, නිරවද්‍යද වෙත්.
“මහණෙනි, යම් කලක පටන් භික්‍ෂුව සුලු දෙයින් සතුටුවූයේ වේද, සුලභ දෙයින් සතුටුවූයේ වේද, මේ ඔහුගේ එක්තරා ශ්‍රමණ භාවයට සුදුසු අංගයකැයි කියනු ලැබේ.
“සුලුද, සුලභවූද සෙනසුන්, සිවුරු, පියයුතු පානය, බුදියයුතු අහර යන නිර්දෝශ දෙයින් සතුටු භික්‍ෂුවගේ සිතට බාධාවක්, (දුකක්) නොවේ. දිශාවන්හි නොගැටේ. අප්‍රමාද සතුටු සිත් ඇති භික්‍ෂුවට පැවිදිකමට අනුලෝමවූ යම් ධර්‍ම කෙනෙක් වදාරණ ලද්දාහුද, ඔව්හු ලබන ලද්දාහ.”
8. අරියවංසසුත්තං 8. (මහා) අරියවංශ සූත්‍රය
9. ධම්මපදසුත්තං 9. ධම්මපද චතුක්ක සූත්‍රය
10. පරිබ්බාජකසුත්තං 10. සප්පීනියා තීර සූත්‍රය