ත්‍රිපිටකය
3. උරුවෙලවග්ගො 3. උරුවෙල වර්‍ගය
1. පඨමඋරුවෙලසුත්තං 1. සද්‍ධම්ම ගරුක සූත්‍රය
2. දුතියඋරුවෙලසුත්තං 2. බුද්‍ධාපචායන සූත්‍රය
3. ලොකසුත්තං 3. ලොකවිජානන සූත්‍රය
4. කාළකාරාමසුත්තං 4. කාලකාරාම සූත්‍රය
24
එකං සමයං භගවා සාකෙතෙ විහරති කාළකාරාමෙ (කොළිකාරාමෙ (ක.)). තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘යං , භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තමහං ජානාමි.
‘‘යං, භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තමහං අබ්භඤ්ඤාසිං. තං තථාගතස්ස විදිතං, තං තථාගතො න උපට්ඨාසි.
‘‘යං , භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තමහං න ජානාමීති වදෙය්‍යං, තං මමස්ස මුසා.
‘‘යං, භික්ඛවෙ...පෙ.... තමහං ජානාමි ච න ච ජානාමීති වදෙය්‍යං, තංපස්ස (තං පිස්ස (ස්‍යා. කං.), තං මමස්ස (ක.)) තාදිසමෙව.
‘‘යං, භික්ඛවෙ...පෙ.... තමහං නෙව ජානාමි න න ජානාමීති වදෙය්‍යං, තං මමස්ස කලි.
‘‘ඉති ඛො, භික්ඛවෙ, තථාගතො දට්ඨා දට්ඨබ්බං, දිට්ඨං න මඤ්ඤති, අදිට්ඨං න මඤ්ඤති, දට්ඨබ්බං න මඤ්ඤති, දට්ඨාරං න මඤ්ඤති; සුත්වා සොතබ්බං, සුතං න මඤ්ඤති, අසුතං න මඤ්ඤති, සොතබ්බං න මඤ්ඤති, සොතාරං න මඤ්ඤති; මුත්වා මොතබ්බං, මුතං න මඤ්ඤති, අමුතං න මඤ්ඤති, මොතබ්බං න මඤ්ඤති, මොතාරං න මඤ්ඤති; විඤ්ඤත්වා විඤ්ඤාතබ්බං, විඤ්ඤාතං න මඤ්ඤති, අවිඤ්ඤාතං න මඤ්ඤති, විඤ්ඤාතබ්බං න මඤ්ඤති, විඤ්ඤාතාරං න මඤ්ඤති. ඉති ඛො, භික්ඛවෙ, තථාගතො දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු තාදීයෙව තාදී (තාදිසොව තාදී (ස්‍යා. කං.), තාදිසෙ යෙව තාදී (පී.), තාදීයෙව තාදීයෙවෙකා (ක.)). තම්හා ච පන තාදිම්හා (තාදිතම්හා (සී. පී.)) අඤ්ඤො තාදී උත්තරිතරො වා පණීතතරො වා නත්ථීති වදාමී’’ති.
‘‘යං කිඤ්චි දිට්ඨංව සුතං මුතං වා,
අජ්ඣොසිතං සච්චමුතං පරෙසං;
න තෙසු තාදී සයසංවුතෙසු,
සච්චං මුසා වාපි පරං දහෙය්‍ය.
‘‘එතඤ්ච සල්ලං පටිකච්ච (පටිගච්ච (සී. පී.)) දිස්වා,
අජ්ඣොසිතා යත්ථ පජා විසත්තා;
ජානාමි පස්සාමි තථෙව එතං,
අජ්ඣොසිතං නත්ථි තථාගතාන’’න්ති. චතුත්ථං;
24
“එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර කාලකාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු, “පිනවතුන් වහන්සැ” යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දිව්‍ය මනුෂ්‍යයන් සහිත ප්‍රජාවෙහි, දෙවියන් සහිත ලෝකයෙහි යම් රූපායතනයක් ඇද්ද, යම් ශබ්දායතනයක් ඇද්ද, ගන්‍ධරස ඵොට්ඨබ්බායතනයක් ඇද්ද, සැප දුක් ආදී ධර්‍මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණෙන ලද්දක් ඇද්ද, සොයන ලද්දක් වේද, සිතින් හසුරුවන ලද්දක් වේද,
“ඒ සියල්ල මම මනාව අවබෝධ කෙළෙමි. එය තථාගතයන් විසින් ප්‍රකටව දැන ගන්නා ලදී. ඒ ෂඩ්ද්වාරික අරමුණු කරා තථාගත තෙමේ තෘෂ්ණා දෘෂ්ටි දෙකින් මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දිව්‍ය මනුෂ්‍යයන් සහිත ප්‍රජාවෙහි, දෙවියන් සහිත ලෝකයෙහි යම් රූපායතනයක් ඇද්ද, යම් ශබ්දායතනයක් ඇද්ද, ගන්‍ධරස ඵොට්ඨබ්බායතනයක් ඇද්ද, සැප දුක් ආදී ධර්‍මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණෙන ලද්දක් ඇද්ද, සොයන ලද්දක් වේද, සිතින් හසුරුවන ලද්දක් වේද, එය මම දනිමියි කියන්නෙම් නම් එය මගේ මුසාවක් වන්නේය.
“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දිව්‍ය මනුෂ්‍යයන් සහිත ප්‍රජාවෙහි, දෙවියන් සහිත ලෝකයෙහි යම් රූපායතනයක් ඇද්ද, යම් ශබ්දායතනයක් ඇද්ද, ගන්‍ධරස ඵොට්ඨබ්බායතනයක් ඇද්ද, සැප දුක් ආදී ධර්‍මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණෙන ලද්දක් ඇද්ද, සොයන ලද්දක් වේද, සිතින් හසුරුවන ලද්දක් වේද, එය මම දනිමියිද, නොදනිමියිද කියන්නේ නම් එයද එවැනිම මුසාවකි. එය මම නොම දනිමි. නොද දනිමියි කියන්නේ නම් එය මගේ දෝෂයකි.
“මහණෙනි, මෙසේ තථාගත තෙම දැක්ක යුත්ත දැක, දක්නා ලද්ද තෘෂ්ණාදී වශයෙන් නොහඟියි. නොදක්නා ලද්ද දක්නෙමියි නොහඟියි. දක්නා ලද්දද, නොදක්නා ලද්දද, නොහඟියි. දක්නෙකු නොහඟියි. ඇසිය යුත්ත අසා, අසනලද්ද නොහඟියි. නොඇසිය යුත්ත නොහඟියි. ඇසිය යුත්තද, නොඇසිය යුත්තද, නොහඟියි. අසන්නෙකු නොහඟියි. නාසය, දිව, කය යන තුනෙන් දැනගතයුත්ත දැන නොහඟියි. නාසය, දිව, කන යන තුනෙන් නොදැක ගත යුත්ත නොහඟියි. නාසය, දිව, කය යන තුනෙන් දැනගත යුත්තද, නොදැන ගතයුත්තද නොහඟියි. දැනගන්නා නොහඟියි. දතයුත්ත දැන, දතයුත්තෙහි නොහඟියි. නොදතයුත්තෙහි නොහඟියි. දත යුත්තද, නොදතයුත්තද නොහඟියි. දන්නා නොහඟියි. මහණෙනි, මෙසේ වනාහි තථාගතයන් වහන්සේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤා.වූ ධර්‍මයන්හි එක සමානමය. එනිසා තාදීය. ඒ තාදීභාවයෙන් අතිශයින් උතුම්වූ හෝ ප්‍රණීතවූ හෝ අනික් තාදී පුද්ගලයෙක් නැතැයි කියමි.
“අනුන් ඇදහීමෙන් සත්‍යයයි නිෂ්ටාවට පැමිණ ගන්නා ලද යම්කිසි දක්නා ලද්දක් හෝ අසන ලද්දක් හෝ දන්නා ලද්දක් හෝ තමාම සිහි කොට ගත් ග්‍රහණ ඇති දෘෂ්ටි ගතිකයන් කෙරෙහි ඇත්තක් හෝ බොරුවක් හෝ අනිකක් උතුම්කොට නොඅදහන්නේය. ඔවුන් අතරෙහි තාදී නොවේ. මේ දෘෂ්ටිය නමැති හුල බොධි මූලයෙහිම දැක, යම් තැනෙක්හි ලැගුනාවූ සත්ත්‍වයෝ නිමාවට ගියාහුද, එය එසේ දනිමි. දකිමි. තථාගතයන්ට එසේ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් බැසගැන්මක් නැත.”
5. බ්‍රහ්මචරියසුත්තං 5. බ්‍රහ්මචරියවාස සූත්‍රය
6. කුහසුත්තං 6. ධම්ම විරූහන සූත්‍රය
7. සන්තුට්ඨිසුත්තං 7. අප්පසුලභ සූත්‍රය
8. අරියවංසසුත්තං 8. (මහා) අරියවංශ සූත්‍රය
9. ධම්මපදසුත්තං 9. ධම්මපද චතුක්ක සූත්‍රය
10. පරිබ්බාජකසුත්තං 10. සප්පීනියා තීර සූත්‍රය