ත්‍රිපිටකය
3. උරුවෙලවග්ගො 3. උරුවෙල වර්‍ගය
1. පඨමඋරුවෙලසුත්තං 1. සද්‍ධම්ම ගරුක සූත්‍රය
2. දුතියඋරුවෙලසුත්තං 2. බුද්‍ධාපචායන සූත්‍රය
3. ලොකසුත්තං 3. ලොකවිජානන සූත්‍රය
23
‘‘ලොකො , භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො. ලොකස්මා තථාගතො විසංයුත්තො. ලොකසමුදයො, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො. ලොකසමුදයො තථාගතස්ස පහීනො. ලොකනිරොධො, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො. ලොකනිරොධො තථාගතස්ස සච්ඡිකතො. ලොකනිරොධගාමිනී පටිපදා, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධා. ලොකනිරොධගාමිනී පටිපදා තථාගතස්ස භාවිතා.
‘‘යං, භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, සබ්බං තං තථාගතෙන අභිසම්බුද්ධං. තස්මා ‘තථාගතො’ති වුච්චති.
‘‘යඤ්ච, භික්ඛවෙ, රත්තිං තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣති යඤ්ච රත්තිං අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, යං එතස්මිං අන්තරෙ භාසති ලපති නිද්දිසති සබ්බං තං තථෙව හොති, නො අඤ්ඤථා. තස්මා ‘තථාගතො’ති වුච්චති.
‘‘යථාවාදී, භික්ඛවෙ, තථාගතො තථාකාරී, යථාකාරී තථාවාදී. ඉති යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී. තස්මා ‘තථාගතො’ති වුච්චති.
‘‘සදෙවකෙ, භික්ඛවෙ, ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය තථාගතො අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථු දසො වසවත්තී. තස්මා ‘තථාගතො’ති වුච්චති’’.
‘‘සබ්බං ලොකං අභිඤ්ඤාය, සබ්බං ලොකෙ යථාතථං;
සබ්බං ලොකං (සබ්බලොක (සී. ස්‍යා. කං. පී.)) විසංයුත්තො, සබ්බලොකෙ අනූපයො.
‘‘ස වෙ සබ්බාභිභූ ධීරො, සබ්බගන්ථප්පමොචනො;
ඵුට්ඨ’ස්ස පරමා සන්ති, නිබ්බානං අකුතොභයං.
‘‘එස ඛීණාසවො බුද්ධො, අනීඝො ඡින්නසංසයො;
සබ්බකම්මක්ඛයං පත්තො, විමුත්තො උපධිසඞ්ඛයෙ.
‘‘එස සො භගවා බුද්ධො, එස සීහො අනුත්තරො;
සදෙවකස්ස ලොකස්ස, බ්‍රහ්මචක්කං පවත්තයී.
‘‘ඉති දෙවා මනුස්සා ච, යෙ බුද්ධං සරණං ගතා;
සඞ්ගම්ම තං නමස්සන්ති, මහන්තං වීතසාරදං.
‘‘දන්තො දමයතං සෙට්ඨො, සන්තො සමයතං ඉසි;
මුත්තො මොචයතං අග්ගො, තිණ්ණො තාරයතං වරො.
‘‘ඉති හෙතං නමස්සන්ති, මහන්තං වීතසාරදං;
සදෙවකස්මිං ලොකස්මිං, නත්ථි තෙ (නත්ථි තෙ (සී. ස්‍යා. කං. පී.)) පටිපුග්ගලො’’ති. තතියං;
23
“මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් ලෝකය (දුකඛ සත්‍යය) මනාව අවබෝධ කරණ ලදී. තථාගතයන් වහන්සේ ලෝකයෙන් වෙන්වූහ. මහණෙනි, ලෝකයට හේතුව තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරණ ලදී. ලෝකයට හේතුව තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරණ ලදී. මහණෙනි, ලොක නිරෝධය තථාගතයන් වහන්සේ විසින් ප්‍රතිවේධ කරණ ලදී. ලොක නිරෝධය තථාගතයන් වහන්සේ විසින් ප්‍රත්‍යක්‍ෂ කරණ ලදී. මහණෙනි, ලොක නිරෝධගාමිනී ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරණ ලදී. ලොක නිරෝධගාමිනී ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් වඩන ලදී.
“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, දෙවි මිනිසුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවෙහි දෙවියන් සහිත ලෝකයාගේ යම් රූපායතනයක් වේද, ශබ්දායතනයක් වේද, ගන්‍ධ රස පොට්ඨබ්බායතනයක් වේද, සැප දුක් ආදී ධර්‍මාරම්මණයක් වේද, සොයා හෝ නොසොයා පැමිණි, යමක් වේද, සොයන ලද්දක් වේද, සිතින් හැසිරෙන ලද්දක් වේද, ඒ සියල්ල තථාගතයන් වහන්සේ විසින් මනාව අවබෝධ කරණ ලදී. එසේ හෙයින් තථාගතයයි කියනු ලැබේ.
“මහණෙනි, යම් රාත්‍රියක තථාගත තෙම අවබෝධ කරයිද, යම් රාත්‍රියක පිරිනිවෙයිද, මේ අතරෙහි යමක් වදාරයිද, කථාකරයිද, දක්වයිද, ඒ සියල්ල එසේම වේ. අනික් විධියකින් නොවේ. එසේ හෙයින් තථාගතයයි කියනු ලැබේ. මහණෙනි, තථාගත තෙම යම්සේ කියන්නේද, එසේම කරන්නේ වෙයි. යම්සේ කරන්නේද, එසේම කියන්නේ වෙයි. මෙසේ යම්සේ කියන්නේද, එසේ කරන්නේද, යම්සේ කරන්නේද, එසේ කියන්නේද. එහෙයින් තථාගතයයි කියනු ලැබේ.
“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, දෙවි මිනිසුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවෙහි දෙවි මිනිසුන් සහිත ලෝකයන් තථාගත තෙම සියල්ලන් මැඩ පවත්වන්නේය. කවරකු විසිනුත් මැඩ පැවැත්විය නොහැක. ඒකාන්තයෙන් දක්නේය. වශඟයෙහි පවත්වන්නේය. එහෙයින් තථාගතයයි කියනු ලැබේ.
“සියලු ලෝකය දැන, ත්‍රිවිධ ලෝකය යම්සේද, එසේ අවිපරීතකොට දැන, සියලු ලෝකයෙහි නොඇලුනේ, සියලු ලෝකයෙහි තෘෂ්ණා දෘෂ්ටි දෙකින් තොරවූයේ, සියලු ගැට මුදන්නාවූ, සියල්ල මැඩ පවත්වන්නාවූ, ප්‍රඥාවත්වූ, උන්වහන්සේ කිසිවකින් බිය නැති, පරම ශාන්ත නිවන ස්පර්‍ශ කෙළේ වේ.
“ආශ්‍රවයන් ක්‍ෂය කළාවූ, දුක් නැත්තාවූ, සිඳිනලද සැක ඇත්තාවූ, සියලු කර්‍මයන් ක්‍ෂය කළාවූ, බුදුරජ තෙම, නිවන අරමුණුකොට ඇත්තාවූ ඵල විමුක්තියෙන් මිදුනේ වෙයි. ඒ භාග්‍යවත් තෙම බුද්‍ධය. උන්වහන්සේ අනුත්තරවූ සිංහ නම්. දෙවියන් සහිත ලෝකයාට ශ්‍රේෂ්ඨ ධර්‍ම චක්‍රය පැවැත්වූයේය.
“එහෙයින් යම් දෙවියෝද, මනුෂ්‍යයෝද, බුදුන් සරණ ගියාහුද, ඔවුහු එක්ව පහවූ දැවීම් ඇති උන්වහන්සේ නමස්කාර කරත්. දැමුණේය. දමනය කරන්නවුන්ට ශ්‍රේෂ්ඨය. සංසිඳුනේය. සංසිඳෙන්නවුන්ට ඎෂිය. මිදුනේය. මිදෙන්නවුන්ට අග්‍රය. එතෙර විය. එතෙර වන්නවුන්ට උතුමි. දෙවියන් සහිත ලෝකයෙහි නුඹ වහන්සේට සමාන පුද්ගලයෙක් නැතැයි මෙසේ මහත්වූ වීතසාරදයන් වහන්සේ වඳිත්.”
4. කාළකාරාමසුත්තං 4. කාලකාරාම සූත්‍රය
5. බ්‍රහ්මචරියසුත්තං 5. බ්‍රහ්මචරියවාස සූත්‍රය
6. කුහසුත්තං 6. ධම්ම විරූහන සූත්‍රය
7. සන්තුට්ඨිසුත්තං 7. අප්පසුලභ සූත්‍රය
8. අරියවංසසුත්තං 8. (මහා) අරියවංශ සූත්‍රය
9. ධම්මපදසුත්තං 9. ධම්මපද චතුක්ක සූත්‍රය
10. පරිබ්බාජකසුත්තං 10. සප්පීනියා තීර සූත්‍රය