ත්‍රිපිටකය
අඞ්ගුත්තරනිකායො අඞ්ගුත්තරනිකායො
චතුක්කනිපාතපාළි චතුක්ක නිපාතය
1. භණ්ඩගාමවග්ගො 1. භණ්ඩගාම වර්‍ගය
1. අනුබුද්ධසුත්තං 1. භණ්ඩගාම (හෝ) අනුබෝධ සූත්‍රය
2. පපතිතසුත්තං 2. පපතිත සූත්‍රය
3. පඨමඛතසුත්තං 3. පළමුවැනි ඛත උපහත සූත්‍රය
4. දුතියඛතසුත්තං 4. දෙවෙනි ඛත උපහත සූත්‍රය
5. අනුසොතසුත්තං 5. අනුසෝතගාමී සූත්‍රය
6. අප්පස්සුතසුත්තං 6. අප්පස්සුත සූත්‍රය
6
‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො? අප්පස්සුතො සුතෙන අනුපපන්නො, අප්පස්සුතො සුතෙන උපපන්නො, බහුස්සුතො සුතෙන අනුපපන්නො, බහුස්සුතො සුතෙන උපපන්නො. කථඤ්ච, භික්ඛවෙ, පුග්ගලො අප්පස්සුතො හොති සුතෙන අනුපපන්නො ? ඉධ , භික්ඛවෙ, එකච්චස්ස පුග්ගලස්ස අප්පකං සුතං හොති - සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො තස්ස අප්පකස්ස සුතස්ස න අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය (න ධම්මමඤ්ඤාය (පී. ක.)) ධම්මානුධම්මප්පටිපන්නො හොති. එවං ඛො, භික්ඛවෙ, පුග්ගලො අප්පස්සුතො හොති සුතෙන අනුපපන්නො.
‘‘කථඤ්ච, භික්ඛවෙ, පුග්ගලො අප්පස්සුතො හොති සුතෙන උපපන්නො? ඉධ, භික්ඛවෙ, එකච්චස්ස පුග්ගලස්ස අප්පකං සුතං හොති - සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො තස්ස අප්පකස්ස සුතස්ස අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මප්පටිපන්නො හොති. එවං ඛො, භික්ඛවෙ, පුග්ගලො අප්පස්සුතො හොති සුතෙන උපපන්නො.
‘‘කථඤ්ච, භික්ඛවෙ, පුග්ගලො බහුස්සුතො හොති සුතෙන අනුපපන්නො? ඉධ, භික්ඛවෙ, එකච්චස්ස පුග්ගලස්ස බහුකං සුතං හොති - සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො තස්ස බහුකස්ස සුතස්ස න අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය (න ධම්මමඤ්ඤාය (පී.)) ධම්මානුධම්මප්පටිපන්නො හොති. එවං ඛො, භික්ඛවෙ, පුග්ගලො බහුස්සුතො හොති සුතෙන අනුපපන්නො.
‘‘කථඤ්ච, භික්ඛවෙ, පුග්ගලො බහුස්සුතො හොති සුතෙන උපපන්නො? ඉධ, භික්ඛවෙ, එකච්චස්ස පුග්ගලස්ස බහුකං සුතං හොති - සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො තස්ස බහුකස්ස සුතස්ස අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මප්පටිපන්නො හොති. එවං ඛො, භික්ඛවෙ, පුග්ගලො බහුස්සුතො හොති සුතෙන උපපන්නො. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මි’’න්ති.
‘‘අප්පස්සුතොපි චෙ හොති, සීලෙසු අසමාහිතො;
උභයෙන නං ගරහන්ති, සීලතො ච සුතෙන ච.
‘‘අප්පස්සුතොපි චෙ හොති, සීලෙසු සුසමාහිතො;
සීලතො නං පසංසන්ති, තස්ස සම්පජ්ජතෙ සුතං.
‘‘බහුස්සුතොපි චෙ හොති, සීලෙසු අසමාහිතො;
සීලතො නං ගරහන්ති, නාස්ස සම්පජ්ජතෙ සුතං.
‘‘බහුස්සුතොපි චෙ හොති, සීලෙසු සුසමාහිතො;
උභයෙන නං පසංසන්ති, සීලතො ච සුතෙන ච.
‘‘බහුස්සුතං ධම්මධරං, සප්පඤ්ඤං බුද්ධසාවකං;
නෙක්ඛං ජම්බොනදස්සෙව, කො තං නින්දිතුමරහති;
දෙවාපි නං පසංසන්ති, බ්‍රහ්මුනාපි පසංසිතො’’ති. ඡට්ඨං;
6
“මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයන් සතර දෙනෙක් ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
“ශ්‍රුතයෙන් නූපන් අල්පශ්‍රුතයාය, ශ්‍රුතයෙන් උපන් අල්පශ්‍රුතයාය, ශ්‍රුතයෙන් නූපන් බහුශ්‍රුතයාය, ශ්‍රුතයෙන් උපන් බහුශ්‍රුතයාය යන සතර දෙනයි.
“මහණෙනි, ශ්‍රුතයෙන් නූපන් අල්පශ්‍රුතයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකු විසින් සූත්‍ර, ගෙය්‍ය, වෛය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන ධර්‍ම ස්වල්පයක් ඇසූයේ වේද, ස්වල්පයක් ඇසූ ඒ ධර්‍මයෙහි අර්ත්‍ථය නොදැන, ධර්‍මය නොදැන, ධර්‍මානුධර්‍මයෙහි නොයෙදුනේ වේද, මහණෙනි, මෙසේ වනාහි මේ පුද්ගලයා ශ්‍රුතයෙන් නූපන් අල්පශ්‍රුතයෙක් වේ.
“මහණෙනි, ශ්‍රුතයෙන් උපන් අල්පශ්‍රුත පුද්ගලයා කෙසේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකු විසින් සූත්‍ර, ගෙය්‍ය, වෛය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල සංඛ්‍යාත ධර්‍මය ස්වල්පයක් අසන ලද්දේද, හෙතෙම ස්වල්පයක් අසන ලද ඒ ධර්‍මයාගේ අර්ත්‍ථය දැන, ධර්‍මය දැන, ධර්‍මානුධර්‍මයෙහි පිළිපන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගලයා ශ්‍රුතයෙන් උපන් අල්පශ්‍රුතයාවේ.
“මහණෙනි, කෙසේ වනාහි ශ්‍රුතයෙන් නූපන් බහුශ්‍රුතයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකු විසින් සූත්‍ර, ගෙය්‍ය, වෛය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන බොහෝ ධර්‍මයන් අසන ලද්දේ වේද, ඔහු බොහෝ අසන ලද ඒ ධර්‍මයාගේ අර්ත්‍ථය දැන, ධර්‍මය දැන, ධර්‍මානුධර්‍මයෙහි පිළිපන්නේ නොවේද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගලතෙම ශ්‍රුතයෙන් නූපන් බහුශ්‍රුතයා වේ.
“මහණෙනි, කෙසේ නම් ශ්‍රුතයෙන් උපන් බහුශ්‍රුතයා වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකු විසින් සූත්‍ර, ගෙය්‍ය, වෛය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධර්‍ම, වේදල්ල යන ධර්මයන් බොහෝ කොට අසන ලද්දේ වේද, හෙතෙම බොහෝ අසන ලද ඒ ධර්මයාගේ අර්ත්‍ථය දැන, ධර්මය දැන, ධර්මානුධර්මයෙහි පිළිපන්නේ වේද, මහණෙනි, මොහු මෙසේ වනාහි ශ්‍රුතයෙන් උපන් බහුශ්‍රුතයායයි කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
“ඉදින් සීලයන්හි පිහිටා සිත එකඟ නොකළ අල්පශ්‍රුතයෙක් වේද, ඔහු සීලයෙන්ද, ශ්‍රුතයෙන්ද යන දෙකින්ම ගැරහුම් ලබත්. ඉදින් සීලයන්හි පිහිටා සිත එකඟ කළ අල්පශ්‍රුතයෙක් වේද, ඔහුට සීලයෙන් ප්‍රශංසා කරත්. ඔහුට ශ්‍රුතය සම්පූර්‍ණ නොවේ. ඉදින් සීලයෙහි සංයම නොවූ බහුශ්‍රුතයෙක් වේද, ඔහුට සීලයෙන් ගරහත්. ඔහුට ශ්‍රුතය සම්පූර්‍ණ වේ. ඉදින් සීලයන්හි සංයමවූ බහුශ්‍රුතයෙක් වේද, ඔහුට සීලයෙන්ද, ශ්‍රුතයෙන්ද යන දෙකින් ප්‍රශංසා කරත්. බහුශ්‍රුතවූ, ධර්මධරවූ නුවණැත් තාවූ බුද්‍ධශ්‍රාවකයා ජම්බොනද ස්වර්‍ණයක් මෙන් කවරෙක් ඔහුට නින්‍දා කරන්නට සුදුසුද? ඔහුට දෙවියෝද ප්‍රශංසා කරත්. බ්‍රහ්මයා විසින්ද ප්‍රශංසා කරණ ලදී.”
7. සොභනසුත්තං 7. සංඝ සොභක සූත්‍රය
8. වෙසාරජ්ජසුත්තං 8. චතුවෙසාරජ්ජ සූත්‍රය
9. තණ්හුප්පාදසුත්තං 9. තණ්හුප්පාද සූත්‍රය
10. යොගසුත්තං 10. යොග විසංයොග සූත්‍රය