ත්‍රිපිටකය
අඞ්ගුත්තරනිකායො අඞ්ගුත්තරනිකායො
චතුක්කනිපාතපාළි චතුක්ක නිපාතය
1. භණ්ඩගාමවග්ගො 1. භණ්ඩගාම වර්‍ගය
1. අනුබුද්ධසුත්තං 1. භණ්ඩගාම (හෝ) අනුබෝධ සූත්‍රය
2. පපතිතසුත්තං 2. පපතිත සූත්‍රය
3. පඨමඛතසුත්තං 3. පළමුවැනි ඛත උපහත සූත්‍රය
4. දුතියඛතසුත්තං 4. දෙවෙනි ඛත උපහත සූත්‍රය
5. අනුසොතසුත්තං 5. අනුසෝතගාමී සූත්‍රය
5
‘‘චත්තාරොමෙ , භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො? අනුසොතගාමී පුග්ගලො, පටිසොතගාමී පුග්ගලො, ඨිතත්තො පුග්ගලො, තිණ්ණො පාරඞ්ගතො (පාරගතො (සී. ස්‍යා. කං.)) ථලෙ තිට්ඨති බ්‍රාහ්මණො. කතමො ච, භික්ඛවෙ, අනුසොතගාමී පුග්ගලො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො කාමෙ ච පටිසෙවති, පාපඤ්ච කම්මං කරොති. අයං වුච්චති, භික්ඛවෙ, අනුසොතගාමී පුග්ගලො.
‘‘කතමො ච, භික්ඛවෙ, පටිසොතගාමී පුග්ගලො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො කාමෙ ච නප්පටිසෙවති, පාපඤ්ච කම්මං න කරොති, සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන අස්සුමුඛොපි රුදමානො පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරති. අයං වුච්චති, භික්ඛවෙ, පටිසොතගාමී පුග්ගලො.
‘‘කතමො ච, භික්ඛවෙ, ඨිතත්තො පුග්ගලො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති, තත්ථ පරිනිබ්බායී, අනාවත්තිධම්මො තස්මා ලොකා. අයං වුච්චති, භික්ඛවෙ, ඨිතත්තො පුග්ගලො.
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො තිණ්ණො පාරඞ්ගතො ථලෙ තිට්ඨති බ්‍රාහ්මණො? ඉධ , භික්ඛවෙ, එකච්චො පුග්ගලො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ, පුග්ගලො තිණ්ණො පාරඞ්ගතො ථලෙ තිට්ඨති බ්‍රාහ්මණො. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මි’’න්ති.
‘‘යෙ කෙචි කාමෙසු අසඤ්ඤතා ජනා,
අවීතරාගා ඉධ කාමභොගිනො;
පුනප්පුනං ජාතිජරූපගාමි තෙ (ජාතිජරූපගාහිනො (සී.), ජාතිජරූපගා හි තෙ (ස්‍යා. කං.)),
තණ්හාධිපන්නා අනුසොතගාමිනො.
‘‘තස්මා හි ධීරො ඉධුපට්ඨිතස්සතී,
කාමෙ ච පාපෙ ච අසෙවමානො;
සහාපි දුක්ඛෙන ජහෙය්‍ය කාමෙ,
පටිසොතගාමීති තමාහු පුග්ගලං.
‘‘යො වෙ කිලෙසානි පහාය පඤ්ච,
පරිපුණ්ණසෙඛො අපරිහානධම්මො;
චෙතොවසිප්පත්තො සමාහිතින්ද්‍රියො,
ස වෙ ඨිතත්තොති නරො පවුච්චති.
‘‘පරොපරා යස්ස සමෙච්ච ධම්මා,
විධූපිතා අත්ථගතා න සන්ති;
ස වෙ මුනි (ස වෙදගූ (සී. ස්‍යා. කං. පී.)) වුසිතබ්‍රහ්මචරියො,
ලොකන්තගූ පාරගතොති වුච්චතී’’ති. පඤ්චමං;
5
“මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයන් සතර දෙනෙක් ඇත්තාහ. විද්‍යමාන වෙත්. ඒ කවර සතර දෙනෙක්ද යත්?
“කෙලෙස් ජල පහරට අනුව යන පුද්ගලයාය, කෙලෙස් ජල පහරේ උඩු අතට යන පුද්ගලයාය, කෙලෙස් ජල පහරෙහි නැවතී සිටින පුද්ගලයාය, කෙලෙස් ජල පහරින් එතෙරවූ, පරතෙරට ගිය නිවණ නමැති ගොඩ සිටි උතුම් පුද්ගලයාය යන සතර දෙනයි.
“මහණෙනි, ජල පාරට අනුව යන පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන් සේවනය කරයිද, පව්කම් රැස් කරයිද, මහණෙනි, මේ අනුසෝතගාමී පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, උඩු අතට යන යන පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන් නොසෙවුනේද, පව්කම් නොකරයිද, දුකින්, දොම්නසින්, කඳුළු පිරුණු මුහුණින් අඬමින් නමුත් පරිපූර්‍ණ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරේද, මහණෙනි, මේ උඩු අතට යන පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, නැවතී සිටින පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඔරම්භාගීය සංයෝජන පස ක්‍ෂයවීමෙන් ඔපපාතික වේද, ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ එහිම පිරිනිවෙන්නේ වේද, මේ සිටියාවූ පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, කෙලෙස් ජල පහරින් එතරවූ, පරතෙරට ගිය, නිවණ නමැති ගොඩ සිටි උතුම් පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක්, ආශ්‍රවයන් ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත අර්‍හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද, මෙලොවම තෙමේ විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ කෙලෙස් ජල පහරින් එතරවූ, පරතෙරට ගිය, නිවණ නමැති ගොඩ සිටි, උතුම් පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත් යයි වදාළ සේක.
“මේ ලෝකයෙහි කාමයන්හි සංවරනුවූ, තෘෂ්ණාවට බැසගත්, යම්කිසි ජන කෙනෙක් වෙත්ද, කාම භෝගීවූ, නැවත, නැවත ඉපදීමට, ජරාවට බැස ගන්නාවූ ඔවුහු ශ්‍රොතයට අනුව යන්නාහුය. එසේ හෙයින් මේ ලෝකයෙහි එළඹ සිටි සිහි ඇති ඤාණවන්ත තෙමේ කාමයන්ද, පාපයන්ද සේවනය නොකරන්නේ, දුකින් වුවත් කාමයන් අත්හරින්නේය. ඒ පුද්ගලයා පටිසෝතගාමීයයි කීහු. යමෙක් ඒකාන්තයෙන් පිරිපුන් ශෙඛ වූයේද, නොපිරිහෙන ස්වභාව ඇත්තේද, චිත්ත වසියට පැමිණියේද, සංසුන් ඉඳුරන් ඇත්තේද, හෙතෙම ඒකාන්තයෙන් සිටි මනුෂ්‍යයා යයි කියනු ලැබේ. යමෙකු විසින් කුශලාකුශල ධර්මයෝ සංසිඳුවා පිඹහරින ලද්දාහුද, විද්‍යමාන නොවෙත්ද, අස්තයට යවන ලද්දාහුද, ඥානයේ කෙළවරට ගිය, වැස නිමවන ලද මග බඹසර ඇති, ලෝකයේ කෙළවරට ගිය පුද්ගලයා පරතෙරට පැමිණියේයයි කියනු ලැබේ.”
6. අප්පස්සුතසුත්තං 6. අප්පස්සුත සූත්‍රය
7. සොභනසුත්තං 7. සංඝ සොභක සූත්‍රය
8. වෙසාරජ්ජසුත්තං 8. චතුවෙසාරජ්ජ සූත්‍රය
9. තණ්හුප්පාදසුත්තං 9. තණ්හුප්පාද සූත්‍රය
10. යොගසුත්තං 10. යොග විසංයොග සූත්‍රය