(14) 4. යොධාජීවවග්ගො | (14) 4. යොධාජීව වර්ගය |
1. යොධාජීවසුත්තං | 1. යොධාජීව සූත්‍රය |
134
‘‘තීහි
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු දූරෙ පාතී හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං - ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. යා කාචි වෙදනා අතීතානාගතපච්චුප්පන්නා අජ්ඣත්තා වා බහිද්ධා වා ඔළාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යා දූරෙ සන්තිකෙ වා, සබ්බං වෙදනං
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු අක්ඛණවෙධී හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති; ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති; ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති; ‘අයං දුක්ඛනිරොධගාමිනී
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු මහතො කායස්ස පදාලෙතා හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු මහන්තං අවිජ්ජාක්ඛන්ධං පදාලෙති. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු මහතො කායස්ස පදාලෙතා හොති. ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු
|
134
“මහණෙනි, අඞ්ග තුනකින් යුත් යුද්ධභට තෙමේ රජුට සුදුසුවූයේ, රජුගේ පරිභෝගය වූයේ, රජුගේ අඞ්ගයක යන සංඛ්‍යාවට පැමිණෙයි. කවර තුනකින්ද යත්? මහණෙනි, මෙහි යුද්ධභට තෙමේ දුර විදින්නේ වේද, නොවරදින සේ විදින්නේ වේද, මහත් ඝන දේ විදින්නේ වේද, මහණෙනි, මේ අඞඟ තුනෙන් යුත් යුද්ධ භට තෙමේ රජුට සුදුසුවූයේ, රජුගේ පරිභෝගය වූයේ, රජුගේ අඞඟය යන සංඛ්‍යාවට පැමිණෙයි.
“මහණෙනි, එපරිද්දෙන්ම ධර්ම තුනකින් යුත් මහණ තෙමේ ආහුනෙය්‍ය වන්නේද, පාහුණෙය්‍ය වන්නේද, දක්ඛිණෙය්‍ය වන්නේද, අඤ්ජලිකරණීය වන්නේද, ලෝකයාගේ අනුත්තර පුන්‍ය ක්ෂෙත්රය වන්නේද වෙයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දුර විදින්නේ වෙයි. නොවරදිනසේ විදින්නේ වෙයි. ඝන දෙය විදින්නේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙම දුර විදින්නේ වෙයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මවූද, බාහිරවූද, ඔළාරිකවූද, සුඛුමවූද, හීනවූද, ප්‍රණීතවූද, දුරවූද, සමීපවූද යම් රූපයක් ඇත්තේද, ඒ සියලු රූපය, එය මගේ නොවෙයි, එය මම නොවෙමි, එය මගේ ආත්මය නොවේයයි තත්ත්වාකාරයෙන් කරුණු සහිතව දකියිද,
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මවූද, බාහිරවූද, ඔළාරිකවූද, සුඛුමවූද, හීනවූද, ප්‍රණීතවූද, ඒ සියලු වේදනා, ඒ මාගේ නොවෙයි, ඒ මම නොවෙමි, ඒ මාගේ ආත්මය නොවේයයි තත්ත්වාකාරයෙන් කරුණු සහිතව දකියිද,
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මවූද, බාහිරවූද, ඔළාරිකවූද, සුඛුමවූද, හීනවූද, ප්‍රණීතවූද, ඒ සියලු සංඥා, ඒ මාගේ නොවේ, ඒ මම නොවෙමි, ඒ මාගේ ආත්මය නොවේයයි තත්ත්වාකාරයෙන් කරුණු සහිතව දකියිද,
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මවූද, බාහිරවූද, ඔළාරිකවූද, සුඛුමවූද, හීනවූද, ප්‍රණීතවූද, ඒ සියලු සංස්කාර, ඒ මගේ නොවෙයි, ඒ මම නොවෙමි, ඒ මගේ ආත්මය නොවේයයි තත්ත්වාකාරයෙන් කරුණු සහිතව දකියිද,
“මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම දුර විදින්නෙක් වෙයි. මහණෙනි, කෙසේ වනාහි මහණ තෙම නොවරදින සේ විදින්නෙක් වෙයිද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මේ දුකයයි තත්ත්වාකාරයෙන් දකියිද, මේ දුකට හේතුවයයි තත්ත්වාකාරයෙන් දකියිද, මේ දුක නැති කිරීමයයි තත්ත්වාකාරයෙන් දකියිද, මේ දුක නැතිකිරීමේ මාර්ගයයි තත්ත්වාකාරයෙන් දකියිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම නොවරදින සේ විදින්නෙක් වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙම මහත් දෙයක් පලායන සේ විදින්නෙක් වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මහත් අවිද්යාස්කන්ධය පලන්නේද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම මහත් දෙයක් පලන්නෙක් වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් සමන්විතවු මහණ තෙමේ, ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිනෙය්‍ය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලෝකයාගේ අනුත්තර පුන්යක්ෂෙත්රය වෙයි.”
|
2. පරිසාසුත්තං | 2. උක්කාචිත විනීත සූත්‍රය |
135
‘‘තිස්සො ඉමා, භික්ඛවෙ, පරිසා. කතමා තිස්සො? උක්කාචිතවිනීතා පරිසා, පටිපුච්ඡාවිනීතා පරිසා, යාවතාවිනීතා
(යාවතජ්ඣාවිනීතා (අට්ඨකථායං පාඨන්තරං)) පරිසා - ඉමා ඛො, භික්ඛවෙ, තිස්සො පරිසා’’ති. දුතියං.
|
135
“මහණෙනි, මේ පිරිස් තුනෙකි. කවර තුනක්ද යත්? කරුණු විමසා නොහික්මවන ලද පිරිසය, කරුණු විමසා හික්මවන ලද පිරිසය, අදහස් දැන හික්මුනාවූ පිරිසය යන තුනයි. මහණෙනි, මේ තෙපිරිස වන්නීය.”
|
3. මිත්තසුත්තං | 3. දුද්දදමිත්ත සූත්‍රය |
136
‘‘තීහි
|
136
“මහණෙනි, මේ අඞඟ තුනකින් සමන්විතවූ මිත්‍ර තෙම සේවනය කළ යුතුය. කවර තුනකින්ද යත්? දීමට දුෂ්කර දෙය දෙන්නේද, කිරීමට දුෂ්කර දේ කරන්නේද, ඉවසීමට දුෂ්කර දේ ඉවසන්නේද, මහණෙනි, මේ අඞඟ තුනෙන් යුත් මිත්‍ර තෙම සේවනය කළ යුත්තේය.”
|
4. උප්පාදාසුත්තං | 4. ධම්මනියාමතා සූත්‍රය |
137
‘‘උප්පාදා වා, භික්ඛවෙ, තථාගතානං අනුප්පාදා වා තථාගතානං, ඨිතාව සා ධාතු
|
137
“මහණෙනි, තථාගතයන් උපන් කල හෝ නුපන් කල හෝ සියලු සංස්කාරයෝ අනිත්‍යය යන ධර්මස්වභාවය, ධර්මනියාමය ඇත්තේමය.
“ඒ ස්වභාවය තථාගත තෙම අවබෝධ කරයි, ප්‍රතිවේධ කරයි. අවබෝධකොට, ප්‍රතිවේධකොට සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයයි ප්‍රකාශ කරයි, දේශනා කරයි, පනවයි, පිහිටුවයි, විවරණය කරයි, විභජනය කරයි, ප්‍රකට කරයි.
“මහණෙනි, තථාගතයන් වහන්සේලා උපන් කල හෝ නූපන් කල හෝ සියලු සංස්කාරයෝ දුකය යන මේ ධර්ම ස්වභාවය, ධර්ම නියාමය ඇත්තේය.
“ඒ ස්වභාවය තථාගත තෙම අවබෝධ කරයි, ප්‍රතිවේධ කරයි. අවබෝධකොට, ප්‍රතිවේධකොට සියලු සංස්කාර ධර්මයෝ දුකයයි ප්‍රකාශ කරයි, දේශනා කරයි, පනවයි, පිහිටුවයි, විවරණය කරයි, විභජනය කරයි, ප්‍රකට කරයි.
“මහණෙනි, තථාගතයන් වහන්සේලා උපන් කල හෝ නූපන් කල හෝ සියලු සංස්කාරයෝ අනාත්මය යන මේ ධර්ම ස්වභාවය, ධර්ම නියාමය ඇත්තේමය.
“ඒ ස්වභාවය තථාගත තෙම අවබෝධ කරයි, ප්‍රතිවේධ කරයි. අවබෝධකොට, ප්‍රතිවේධකොට සියලු සංස්කාර ධර්මයෝ අනාත්මයයි ප්‍රකාශ කරයි, දේශනා කරයි, පනවයි, පිහිටුවයි, විවරණය කරයි, විභජනය කරයි, ප්‍රකට කරයි.
|
5. කෙසකම්බලසුත්තං | 5. කෙසකම්බලූපම සූත්‍රය |
138
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, යානි කානිචි තන්තාවුතානං වත්ථානං, කෙසකම්බලො තෙසං පටිකිට්ඨො අක්ඛායති. කෙසකම්බලො, භික්ඛවෙ, සීතෙ සීතො, උණ්හෙ උණ්හො, දුබ්බණ්ණො, දුග්ගන්ධො, දුක්ඛසම්ඵස්සො. එවමෙවං ඛො, භික්ඛවෙ, යානි කානිචි පුථුසමණබ්රාහ්මණවාදානං
(සමණප්පවාදානං (සී. ස්‍යා. කං. පී.)) මක්ඛලිවාදො තෙසං පටිකිට්ඨො අක්ඛායති.
‘‘මක්ඛලි, භික්ඛවෙ, මොඝපුරිසො එවංවාදී එවංදිට්ඨි - ‘නත්ථි කම්මං, නත්ථි කිරියං, නත්ථි වීරිය’න්ති. යෙපි
‘‘සෙය්යථාපි
|
138
“මහණෙනි, නූල්වලින් වියන ලද යම් වස්ත්‍ර වෙද්ද, ඒ පොරෝනයන් අතුරෙන් හිසකෙස්වලින් වියන ලද කම්බලය ඉතා පහත්යයි කියනු ලැබේද, මහණෙනි, කෙශකම්බලය, ශීත කාලයෙහි සීතලය, උෂ්ණ කාලයෙහි උෂ්ණය. දුර්වර්ණය, දුර්ගන්ධය. මහණෙනි, එසේම බොහෝවූ ශ්‍රමණ වාදයන් අතුරෙන්, මක්ඛලී වාදය ඉතා පහත්යයි කියනු ලැබේ.
“මහණෙනි, මක්ඛලී හිස් පුරුෂ තෙමේ මෙබඳු වාද ඇත්තේ, මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. කර්මයක් නැත, ක්‍රියාවක් නැත, වීර්‍ය්‍යයක් නැත කියායි.
“මහණෙනි, අතීත කාලයෙහි යම් ඒ අර්හත්වූ සම්‍යක් සම්බුදුවරයෝ වූවාහුද, ඒ භාග්‍යවතුන් වහන්සේලාද කර්මවාදීහු, ක්‍රියාවාදීහු, විරියවාදීහු වූවාහුය
“මහණෙනි, මක්ඛලී හිස් පුරුෂ තෙමේ මෙබඳු වාද ඇත්තේ, මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. කර්මයක් නැත, ක්‍රියාවක් නැත, වීර්‍ය්‍යයක් නැත කියායි.
“මහණෙනි, අනාගත කාලයෙහි අර්හත්වූ යම් සම්‍යක් සම්බුදුවරයෝ වන්නාහුද, මක්ඛලී හිස් පුරුෂ තෙමේ, ඒ භාග්‍යවතුන් වහන්සේලාද කර්මයක් නැත, ක්‍රියාවක් නැත, විර්‍ය්‍යයක් නැතැයි ප්රතික්ෂෙප කරයි.
“මහණෙනි, මේ කාලයෙහි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ මමද කර්මවාදී වෙමි, ක්‍රියාවාදී වෙමි, වීර්ය්යවාදී වෙමි. මහණෙනි, මක්ඛලී හිස් පුරුෂ තෙම කර්මයක් නැත, ක්‍රියාවක් නැත, වීර්‍ය්‍යයක් නැතැයි මාද ප්රතික්ෂෙප කරයි.
“මහණෙනි, යම්සේ ගංගා දොරටුවෙහි කෙමිනක් දමන්නේ නම්, බොහෝ මත්ස්‍යයන්ගේ අහිත පිණිස, දුක් පිණිස, හානිය පිණිස, විනාශය පිණිස පවත්නේද, මහණෙනි, එපරිද්දෙන්ම, මක්ඛලී හිස් පුරුෂ තෙම බොහෝ සත්ත්වයන්ගේ අහිත පිණිස, දුක් පිණිස, හානිය පිණිස, විනාශය පිණිස ලෝකයෙහි උපන් මිනිස් කෙමිනකැයි හඟිමි.”
|
6. සම්පදාසුත්තං | 6. තිසම්පදා සූත්‍රය |
139
‘‘තිස්සො
|
139
“මහණෙනි, මේ සම්පත් තුනෙකි. කවර තුනෙක්ද? ශ්‍රද්ධා සම්පත්තියද, සීල සම්පත්තියද, ප්‍රඥා සම්පත්තියද වෙත්. මහණෙනි, මේ ත්‍රිවිධ සම්පත්තීහුය.”
|
7. වුද්ධිසුත්තං | 7. වුද්ධිත්තය සූත්‍රය |
140
‘‘තිස්සො ඉමා, භික්ඛවෙ, වුද්ධියො. කතමා තිස්සො? සද්ධාවුද්ධි, සීලවුද්ධි, පඤ්ඤාවුද්ධි - ඉමා ඛො, භික්ඛවෙ, තිස්සො වුද්ධියො’’ති. සත්තමං.
|
140
“මහණෙනි, මේ අභිවෘද්ධි තුනෙකි. කවර තුනක්ද? ශ්‍රද්ධා අභිවෘද්ධියද, ශීල අභිවෘද්ධියද, ප්‍රඥා අභිවෘද්ධියද, වෙයි. මහණෙනි, මේ අභිවෘද්ධි තුනයි.
|
8. අස්සඛළුඞ්කසුත්තං | 8. ඛලුඞ්ක සූත්‍රය |
141
‘‘තයො ච, භික්ඛවෙ, අස්සඛළුඞ්කෙ දෙසෙස්සාමි තයො ච පුරිසඛළුඞ්කෙ. තං සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘කතමෙ ච, භික්ඛවෙ, තයො අස්සඛළුඞ්කා? ඉධ
‘‘කතමෙ ච, භික්ඛවෙ, තයො පුරිසඛළුඞ්කා? ඉධ, භික්ඛවෙ, එකච්චො පුරිසඛළුඞ්කො ජවසම්පන්නො හොති; න වණ්ණසම්පන්නො, න ආරොහපරිණාහසම්පන්නො. ඉධ පන, භික්ඛවෙ, එකච්චො පුරිසඛළුඞ්කො
‘‘කථඤ්ච, භික්ඛවෙ, පුරිසඛළුඞ්කො ජවසම්පන්නො හොති; න වණ්ණසම්පන්නො න ආරොහපරිණාහසම්පන්නො? ඉධ, භික්ඛවෙ, භික්ඛු ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො සංසාදෙති
‘‘කථඤ්ච, භික්ඛවෙ, පුරිසඛළුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච; න ආරොහපරිණාහසම්පන්නො? ඉධ, භික්ඛවෙ, භික්ඛු ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො විස්සජ්ජෙති, නො සංසාදෙති. ඉදමස්ස වණ්ණස්මිං වදාමි. න පන ලාභී හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානං. ඉදමස්ස න ආරොහපරිණාහස්මිං වදාමි. එවං ඛො
‘‘කථඤ්ච, භික්ඛවෙ, පුරිසඛළුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච? ඉධ, භික්ඛවෙ, භික්ඛු ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති...පෙ.... ‘අයං
|
141
“මහණෙනි, අශ්ව පෝතකයන් තිදෙනෙකුත්, පුරුෂ පෝතකයන් තිදෙනෙකුත් දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.” “එසේය, ස්වාමීනි,” යි කියා ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.
“මහණෙනි, අශ්ව පොතකයන් තිදෙනා නම් කවරහුද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව පෝතකයෙක් ජවයෙන් යුක්ත වෙයි. වර්ණයෙන් යුක්ත නොවෙයි. උස මහතින් යුක්ත නොවෙයි. මහණෙනි, ලෝකයෙහි ඇතැම් අශ්ව පෝතකයෙක් ජවයෙන් යුක්තවූයේද වෙයි. වර්ණයෙන් යුක්තවූයේද වෙයි. උස මහතින් යුක්තවූයේ නොවෙයි. මහණෙනි, ලෝකයෙහි ඇතැම් අශ්ව පොතකයෙක් ජවයෙන් යුක්තවූයේද වෙයි. වර්ණයෙන් යුක්තවූයේද වෙයි. උස මහතින් යුක්තවූයේද වෙයි. මහණෙනි, මේ අශ්ව පෝතකයෝ තිදෙන වෙත්.
“මහණෙනි, පුරුෂ පෝතකයෝ තිදෙන කවරහුද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුරුෂ පෝතකයෙක් ජවයෙන් යුක්ත වූයේ වෙයි. වර්ණයෙන් යුක්ත වූයේ නොවෙයි. උස මහතින් යුක්ත වූයේ නොවෙයි. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුරුෂ පෝතකයෙක් ජවයෙන් යුක්තවූයේද වෙයි. වර්ණයෙන් යුක්තවූයේද වෙයි. උස මහතින් යුක්තවූයේ නොවෙයි. මහණෙනි, ලෝකයෙහි ඇතැම් පුරුෂ පොතකයෙක් ජවයෙන් යුක්තවූයේද වෙයි. වර්ණයෙන් යුක්තවූයේද වෙයි. උස මහතින් යුක්තවූයේද වෙයි.
“මහණෙනි, කෙසේ නම් පුරුෂ පෝතක තෙම ජවයෙන් යුක්ත වෙයිද, වර්ණයෙන් යුක්ත නොවෙයිද, උස මහතින් යුක්ත නොවෙයිද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මෙය දුකයයි තත්ත්වාකාරයෙන් දනීද, මේ දුකට හේතුවයයි තත්ත්වාකාර යෙන් දනීද, මේ දුක නිරුද්ධ කිරීමයයි තත්ත්‍වාකායෙන් දනීද, මේ දුක නිරුද්ධකිරීමේ මාර්ගයයයි තත්ත්වාකාරයෙන් දනීද, මෙය ඔහුගේ ජවයයි කියමි.
“අභිධර්මයෙහි හෝ අභිවිනයෙහි ප්‍රශ්නයක් අසන ලද්දේ පැකිලෙයිද, නොවිසඳයිද, මෙය ඔහුගේ වර්ණයෙන් යුක්ත නොවීමයයි කියමි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්පව්වය, භෙසජ්ජ පරික්ඛාරයන්ගේ ලාභියෙක් නොවේද, මෙය ඔහුගේ උස මහතින් යුක්ත නොවීමයයි කියමි. මහණෙනි, මෙසේ වනාහි පුරුෂ පොතක තෙම ජවයෙන් යුක්තවූයේ වෙයි. වර්ණයෙන් යුක්ත නොවූයේද වෙයි. උස මහතින් යුක්ත නොවූයේද වෙයි. මහණෙනි, කෙසේ නම් පුරුෂ පොතක තෙම ජවයෙන් යුක්තවූයේ වේද, වර්ණයෙන් යුක්තවූයේ වේද, උස මහතින් යුක්තවූයේ නොවේද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මෙය දුකයයි තත්ත්වාකාරයෙන් දනීද, මේ දුකට හේතුවයයි තත්ත්වාකාරයෙන් දනීද, මේ දුක නිරුද්ධ කිරීමයයි තත්ත්‍වාකායෙන් දනීද, මේ දුක නිරුද්ධකිරීමේ මාර්ගයයයි තත්ත්වාකාරයෙන් දනීද, මෙය ඔහුගේ ජවයයි කියමි.
“අභිධර්මයෙහි හෝ අභිවිනයෙහි ප්‍රශ්නයක් අසන ලද්දේ විසඳයිද නොපැකිලෙයිද, මෙය ඔහුගේ වර්ණයයි කියමි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්පව්වය, භෙසජ්ජ පරික්ඛාරයන් නොලබන්නේවේද, මෙය ඔහුගේ උස මහතින් යුක්ත නොවීමයයි කියමි. මහණෙනි, මෙසේ වනාහි පුරුෂ පොතක තෙම ජවයෙන් යුක්තවූයේද වෙයි. වර්ණයෙන් යුක්ත වූයේද වෙයි. උස මහතින් යුක්ත නොවූයේද වෙයි.
“මහණෙනි, කෙසේ නම් පුරුෂ පොතක තෙම ජවයෙන් යුක්තවූයේත් වෙයිද, වර්ණයෙන් යුක්තවූයේත් වෙයිද, උස මහතින් යුක්තවූයේත් වෙයිද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මෙය දුකයයි තත්ත්වාකාරයෙන් දනීද, මේ දුකට හේතුවයයි තත්ත්වාකාරයෙන් දනීද, මේ දුක නිරුද්ධ කිරීමයයි තත්ත්‍වාකායෙන් දනීද, මේ දුක නිරුද්ධකිරීමේ මාර්ගයයයි තත්ත්වාකාරයෙන් දනීද, මෙය ඔහුගේ ජවයයි කියමි.
“අභිධර්මයෙහි හෝ අභිවිනයෙහි හෝ ප්‍රශ්නයක් අසන ලද්දේ විසඳයිද නොපැකිලෙයිද, මෙය ඔහුගේ වර්ණයෙන් යුක්තවීමයයි කියමි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්පව්වය, භෙසජ්ජ පරික්ඛාරයන් ලබන්නේ වෙයිද, මෙය ඔහුගේ උස මහතින් යුක්ත වීමයයි කියමි.
“මහණෙනි, මෙසේ වනාහි පුරුෂ පොතක තෙම ජවයෙන් යුක්තවූයේද වර්ණයෙන් යුක්ත වූයේද උස මහතින් යුක්ත වූයේද වෙයි.”
|
9. අස්සපරස්සසුත්තං | 9. අස්සසදස්ස සූත්‍රය |
142
‘‘තයො ච, භික්ඛවෙ, අස්සපරස්සෙ
(අස්සසදස්සෙ (සී ස්‍යා. කං. පී.)) දෙසෙස්සාමි තයො ච පුරිසපරස්සෙ
(පුරිසසදස්සෙ (සී. ස්‍යා. කං. පී.)). තං සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘කතමෙ
‘‘කතමෙ ච, භික්ඛවෙ, තයො පුරිසපරස්සා? ඉධ, භික්ඛවෙ, එකච්චො පුරිසපරස්සො ජවසම්පන්නො හොති; න වණ්ණසම්පන්නො න ආරොහපරිණාහසම්පන්නො. ඉධ පන, භික්ඛවෙ, එකච්චො පුරිසපරස්සො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච; න ආරොහපරිණාහසම්පන්නො. ඉධ පන, භික්ඛවෙ
‘‘කථඤ්ච
‘‘කථඤ්ච, භික්ඛවෙ, පුරිසපරස්සො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච, න ආරොහපරිණාහසම්පන්නො? ඉධ, භික්ඛවෙ, භික්ඛු පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො විස්සජ්ජෙති, නො සංසාදෙති. ඉදමස්ස වණ්ණස්මිං වදාමි. න ඛො පන ලාභී හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානං. ඉදමස්ස න ආරොහපරිණාහස්මිං වදාමි. එවං ඛො, භික්ඛවෙ, පුරිසපරස්සො ජවසම්පන්නො ච හොති; වණ්ණසම්පන්නො ච, න ආරොහපරිණාහසම්පන්නො.
‘‘කථඤ්ච
|
142
“මහණෙනි, දැමුණු අශ්වයන් තිදෙනෙකුත්, දැමුණු අශ්වයන් බඳු පුරුෂයන් තිදෙනෙකුත් දේශනා කරමි. එය අසව්.
“මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.” “එසේය, ස්වාමීනි,” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක
“මහණෙනි, දැමුණු අශ්වයන් තිදෙන නම් කවරහුද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් දැමුණු අශ්වයෙක් ජවයෙන් යුක්තවූයේ වෙයි, වර්ණයෙන් යුක්ත නොවූයේ වෙයි, උස මහතින් යුක්ත නොවූයේ වෙයි. මහණෙනි, ඇතැම් දැමුණු අශ්වයෙක් ජවයෙන් යුක්තවුයේ වෙයි, වර්ණයෙන් යුක්තවූයේ වෙයි, උස මහතින් යුක්තවූයේ නොවෙයි.
“මහණෙනි, ඇතැම් දැමුණු අශ්වයෙක් ජවයෙන් යුක්තවූයේද වෙයි, වර්ණයෙන් යුක්තවූයේද වෙයි. උස මහතින් යුක්තවූයේද වෙයි. මහණෙනි, මේ දැමුණු අශ්වයෝ තිදෙන වෙති.
“මහණෙනි, දැමුණු අශ්වයා බඳු පුරුෂයන් තිදෙන කවරහුද? මහණෙනි, මෙහි ඇතැම් දැමුණු අශ්වයාට බඳු පුරුෂයෙක් ජවයෙන් යුක්තවූයේ වෙයි, වර්ණයෙන් යුක්ත නොවූයේ වෙයි. උස මහතින් යුක්ත නොවූයේ වෙයි. මහණෙනි, මෙහි ඇතැම් දැමුණු අශ්වයාට බඳු පුරුෂයෙක් ජවයෙන් යුක්තවූයේ වෙයි, වර්ණයෙන් යුක්තවූයේද වෙයි, උස මහතින් යුක්ත නොවූයේ වෙයි. මහණෙනි, මෙහි ඇතැම් දැමුණු අශ්වයාට බඳු පුරුෂයෙක් ජවයෙන් යුක්තවූයේද වෙයි, වර්ණයෙන් යුක්තවූයේද වෙයි, උස මහතින් යුක්තවූයේද වෙයි.
“මහණෙනි, කෙසේ නම් දැමුණු අශ්වයාට බඳු පුරුෂ තෙම ජවයෙන් යුක්තවූයේ වෙයිද, වර්ණයෙන් යුක්ත නොවූයේ වෙයිද, උස මහතින් යුක්ත නොවූයේ වෙයිද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම පඤ්ච ඔරංභාගීය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් එහිම පිරිනිවන් පාන්නාවූ, ඒ බඹ ලොවින් ආපසු නොඑන ස්වභාවය ඇත්තාවූ ඔපපාතික අනාගාමී පුද්ගලයෙක් වේද, මෙය ඔහුගේ ජවයයි කියමි. අභිධර්මයෙහි හෝ අභිවිනයෙහි ප්‍රශ්නයක් අසන ලද්දේ පැකිලෙයිද, නොවිසඳයිද, මෙය ඔහුගේ වර්ණයෙන් යුක්ත නොවීමයයි කියමි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්පව්වය, භෙසජ්ජ පරික්ඛාරයන් නොලබන්නෙක් වේද, මෙය ඔහුගේ උස මහතින් යුක්ත නොවීමයයි කියමි.
“මහණෙනි, මෙසේ වනාහි දැමුණු අශවයෙකුට බඳු පුරුෂ තෙමේ ජවයෙන් යුක්තවූයේ වෙයි, වර්ණයෙන් යුක්ත නොවූයේද, උස මහතින් යුක්ත නොවූයේද වෙයි.
“මහණෙනි, කෙසේ නම් දැමුණු අශ්වයෙකුට බඳු පුරුෂ තෙම ජවයෙන් යුක්තවූයේ වෙයිද, වර්ණයෙන් යුක්තවූයේ වෙයිද, උස මහතින් යුක්ත නොවූයේ වෙයිද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම පඤ්චඔරංභාගීය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් එහිම පිරිනිවන් පාන්නාවූ, ඒ ලෝකයෙන් නැවත ආපසු නොඑන්නාවූ, ඕපපාතික අනාගාමී පුද්ගලයෙක් වෙයිද, මෙය ඔහුගේ ජවයෙන් යුක්තවීම යයි කියමි.
“අභිධර්මයෙහි හෝ අභිවිනයෙහි ප්‍රශ්නයක් අසන ලද්දේ විසඳයිද, නොපැකිලෙයිද, මෙය ඔහුගේ වර්ණයයි කියමි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්පව්වය, භෙසජ්ජ පරික්ඛාරයන් නොලබන්නෙක් වේද, මෙය ඔහුගේ උස මහතින් යුක්ත නොවීමයයි කියමි. මහණෙනි, මෙසේ වනාහි දැමුණ අශ්වයෙකුට බඳු පුරුෂ තෙම ජවයෙන් යුක්තවූයේද වෙයි, වර්ණයෙන් යුක්තවූයේද වෙයි, උස මහතින් යුක්ත නොවූයේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් දැමුණු අශ්වයෙකුට බඳු පුරුෂ තෙම ජවයෙන් යුක්තවූයේත් වෙයිද, වර්ණයෙන් යුක්තවූයේත් වෙයිද, උස මහතින් යුක්තවූයේත් වෙයිද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම පඤ්චඔරංභාගීය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් එහිම පිරිනිවෙන්නාවූ, ඒ ලෝකයෙන් නැවත නොඑන්නාවූ, ඕපපාතික අනාගාමී පුද්ගලයෙක් වේද, මෙය ඔහුගේ ජවයෙන් යුක්තවීම යයි කියමි. “අභිධර්මයෙහි හෝ අභිවිනයෙහි ප්‍රශ්නයක් අසන ලද්දේ විසඳයිද, නොපැකිලෙයිද, මෙය ඔහුගේ වර්ණයෙන් යුක්තවීමයයි කියමි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්පව්වය, භෙසජ්ජ පරික්ඛාරයන් ලබන්නේ වෙයිද, මෙය ඔහුගේ උස මහතින් යුක්තවීමයයි කියමි. මහණෙනි, මෙසේ වනාහි දැමුණ අශ්වයෙකුට බඳු පුරුෂ තෙම ජවයෙන් යුක්තවූයේද, වර්ණයෙන් යුක්තවූයේද, උස මහතින් යුක්තවූයේද වෙයි.
“මහණෙනි, මේ වනාහි දැමුණු අශ්වයාට බඳු පුරුෂයන් තිදෙන වෙති.
|
10. අස්සාජානීයසුත්තං | 10. භද්දාජානීය සූත්‍රය |
143
‘‘තයො ච, භික්ඛවෙ, භද්රෙ අස්සාජානීයෙ දෙසෙස්සාමි තයො ච භද්රෙ පුරිසාජානීයෙ. තං සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘කතමෙ
‘‘කතමෙ ච භික්ඛවෙ, තයො භද්‍රා පුරිසාජානීයා? ඉධ, භික්ඛවෙ, එකච්චො භද්රො පුරිසාජානීයො...පෙ.... ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භද්රො පුරිසාජානීයො...පෙ.... ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච? ඉධ, භික්ඛවෙ, භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං
|
143
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර මොරවාප නම් පරිබ්‍රාජකාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනි,’ යි ආමන්ත්‍රණය කළහ. භික්ෂූහු, “ස්වාමීනි,” යි පිළිතුරු දුන්නෝය.
“මහණෙනි, ධර්ම තුනකින් යුත් භික්ෂුව ඒකාන්තයෙන් නිෂ්ටාවට පැමිණියේ, ඒකාන්තයෙන් යොගයන් ක්ෂය කිරීමට පැමිණියේ, ඒකාන්තයෙන් බ්‍රහ්මචාරීවූයේ, ඒකාන්තයෙන් අවසානයට පැමිණියේ, දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි. කවර ධර්ම තුනකින්ද?
“අශෛක්ෂවූ ශීලස්කන්ධයෙන්ද, අශෛක්ෂවූ සමාධිස්කන්ධයෙන්ද අශෛක්ෂවූ ප්රඥාස්කන්ධයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් භික්ෂුතෙම ඒකාන්තයෙන් නිෂ්ටාවට පැමිණියේ, ඒකාන්තයෙන් යොගයන් ක්ෂය කිරීමට පැමිණියේ, ඒකාන්තයෙන් බ්‍රහ්මචාරීවූයේ, ඒකාන්තයෙන් අවසානයට පැමිණියේ, දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි.”
|
11. පඨමමොරනිවාපසුත්තං | 11. පඨමමොරනිවාපසුත්තං |
144
එකං සමයං භගවා රාජගහෙ විහරති මොරනිවාපෙ පරිබ්බාජකාරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘තීහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං. කතමෙහි තීහි? අසෙක්ඛෙන සීලක්ඛන්ධෙන, අසෙක්ඛෙන සමාධික්ඛන්ධෙන, අසෙක්ඛෙන පඤ්ඤාක්ඛන්ධෙන. ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සාන’’න්ති. එකාදසමං.
|
144 |
12. දුතියමොරනිවාපසුත්තං | 12. මොරනිවාප සූත්‍රය |
145
‘‘තීහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී
|
145
“මහණෙනි, ධර්ම තුනකින් යුත් භික්ෂුතෙමේ ඒකාන්තයෙන් නිෂ්ටාවට පැමිණියේ, ඒකාන්තයෙන් යොගයන් ක්ෂය කළේ, ඒකාන්තයෙන් බ්‍රහ්මචාරීවූයේ, ඒකාන්තයෙන් අවසානයට පැමිණියේ, දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි. කවර ධර්ම තුනකින්ද?
“ඎද්ධි ප්‍රාතිහාර්‍ය්‍යයෙන්ද, ආදේසනා ප්‍රාතිහාර්‍ය්‍යයෙන්ද, අනුශාසනා ප්රතිහාර්ය්යයෙන්ද වෙයි.
“මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් භික්ෂු තෙමේ ඒකාන්තයෙන් යොගයන් ක්ෂය කෙළේ, ඒකාන්තයෙන් බ්‍රහ්මචාරීවූයේ, ඒකාන්තයෙන් අවසානයට පැමිණියේ, දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි.”
|
13. තතියමොරනිවාපසුත්තං | 13. තතියමොරනිවාපසුත්තං |
146
‘‘තීහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං. කතමෙහි තීහි? සම්මාදිට්ඨියා, සම්මාඤාණෙන, සම්මාවිමුත්තියා - ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො
|
146 |