(13) 3. කුසිනාරවග්ගො | (13) 3. භාරංඩු (හෝ) කුසිනාරා වර්ගය |
1. කුසිනාරසුත්තං | 1. බලිහරණ සූත්‍රය |
124
එකං
‘‘ඉධ, භික්ඛවෙ, භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. තමෙනං ගහපති වා ගහපතිපුත්තො වා උපසඞ්කමිත්වා ස්වාතනාය භත්තෙන නිමන්තෙති
‘‘තස්ස එවං හොති - ‘සාධු වත ම්යායං ගහපති වා ගහපතිපුත්තො වා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙති සම්පවාරෙතී’ති. එවම්පිස්ස හොති - ‘අහො වත මායං ගහපති වා ගහපතිපුත්තො වා ආයතිම්පි එවරූපෙන පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙය්ය
‘‘ඉධ පන, භික්ඛවෙ, භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. තමෙනං ගහපති වා ගහපතිපුත්තො වා උපසඞ්කමිත්වා ස්වාතනාය භත්තෙන නිමන්තෙති. ආකඞ්ඛමානො, භික්ඛවෙ, භික්ඛු අධිවාසෙති. සො තස්සා රත්තියා අච්චයෙන පුබ්බණ්හසමයං නිවාසෙත්වා
‘‘තස්ස න එවං හොති - ‘සාධු වත ම්යායං ගහපති වා
|
124
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර බලිහරණ නම් වන ලැහැබෙහි වාසය කරන සේක. එතල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, භික්ෂූන්ට, ‘මහණෙනි,’ යි කියා ආමන්ත්‍රණය කළ සේක. එවිට භික්ෂූහු, ‘ස්වාමීනි’ කියා උත්තර දුන්හ.
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කරයි. ඔහු කරා ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ එළඹ, පසු දිනය පිණිස බතින් නිමන්ත්‍රණය කරයි. කැමැත්තාවූ භික්ෂුතෙමේ නිමන්ත්‍රණය ඉවසයි. හෙතෙම ඒ රාත්‍රියෙන් පසු පෙරවරු කාලයෙහි පාත්‍ර සිව්රු ගෙන ඒ ගෘහපතියාගේ හෝ ගෘහපති පුත්‍රයාගේ හෝ ගෙදොර යම් තැනකද, එහි පැමිණෙයි. පැමිණ පනවන ලද ආසනයෙහි හිඳගනියි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීතවූ කෑ යුතු දෙයින්ද, බුදිය යුතු දෙයින්ද, සියතින් වළඳවයි. ‘ඇත, ඇත’ කියා ප්රතික්ෂෙප කරවයි.
“ඒ භික්ෂුවට මෙසේ සිතෙයිද, කෙසේද? ‘මේ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ නැවතද මා මෙබඳු ප්‍රණීත කෑ යුතු දෙයින්, බුදිය යුතු දෙයින්, සියතින් වළඳවන්නේ නම්, ‘ඇත, ඇත’ කියා ප්රතික්ෂෙප කරවන්නේ නම් යහපති’ කියායි. හෙතෙම ඒ පිණ්ඩපාතය තෘෂ්ණාවෙන් ඇලී, මූර්ඡාවී, තෘෂ්ණාවෙහි ගැලී, ආදීනව නොදන්නෙක්ව, නික්මීමේ ප්‍රඥාව නැත්තෙක්ව වළඳයි. හෙතෙම එහි කාම විතර්කද කල්පනා කරයි. විහිංසා විතර්කද කල්පනා කරයි.
“මහණෙනි, මම මෙබඳු භික්ෂුවකට දෙන ලද දානය මහත් ඵල ඇත්තේයයි නොකියමි. කුමක් හෙයින්ද? මහණෙනි, ඒ භික්ෂුව ප්‍රමාදව වාසය කරයි.
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කරයි. ඔහු කරා ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ එළඹ, පසු දිනය පිණිස බතින් නිමන්ත්‍රණය කරයි. කැමැත්තාවූ භික්ෂුතෙමේ නිමන්ත්‍රණය ඉවසයි. හෙතෙම ඒ රාත්‍රියෙන් පසු පෙරවරු කාලයෙහි පාත්‍ර සිව්රු ගෙන ඒ ගෘහපතියාගේ හෝ ගෘහපති පුත්‍රයාගේ හෝ ගෙදොර යම් තැනකද, එහි පැමිණෙයි. පැමිණ පනවන ලද ආසනයෙහි හිඳගනියි. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ ප්‍රණීතවූ කෑ යුතු දෙයින්ද, බුදිය යුතු දෙයින්ද, සියතින් වළඳවයි. ‘ඇත, ඇත’ කියා ප්රතික්ෂෙප කරවයි.
“ඔහුට මෙසේ අදහස් නොවෙයි. කෙසේද? ‘මේ ගෘහපති තෙමේ හෝ ගෘහපති පුත්‍ර තෙමේ හෝ පසුව මෙවැනි ප්‍රණීත කෑ යුතු දෙයින් හෝ බුදිය යුතු දෙයින් හෝ සියතින් මා වළඳවන්නේ නම්, ‘ඇත, ඇත’ කියා ප්රතික්ෂෙප කරවන්නේ නම් යහපත්ය’ කියායි. හෙතෙම ආහාරය තෘෂ්ණාවෙන් නොබැඳී, මූර්ඡා නොවී, තෘෂ්ණාවෙහි නොගිලී, ආදීනව දකිමින්, නික්මෙණ ප්‍රඥාවෙන් යුක්තව වළඳයි. හෙතෙම එහි නෛෂ්ක්‍රම්‍ය විතර්කද කල්පනා කරයි. අව්‍යාපාද විතර්කද කල්පනා කරයි. අවිහිංසා විතර්කද කල්පනා කරයි.
“මහණෙනි, මම මෙබඳු භික්ෂුවට දෙන ලද දානය මහත්ඵල වන්නේයයි කියමි. කුමක් හෙයින්ද, මහණෙනි, මේ මහණ තෙම අප්‍රමාදව වාසය කරයි.”
|
2. භණ්ඩනසුත්තං | 2. භණ්ඩන ජාත සූත්‍රය |
125
‘‘යස්සං, භික්ඛවෙ, දිසායං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති, මනසි කාතුම්පි මෙ එසා, භික්ඛවෙ, දිසා න ඵාසු හොති, පගෙව ගන්තුං! නිට්ඨමෙත්ථ ගච්ඡාමි - ‘අද්ධා තෙ ආයස්මන්තො තයො ධම්මෙ පජහිංසු, තයො ධම්මෙ බහුලමකංසු
(බහුලීමකංසු (ස්‍යා. කං. පී.)). කතමෙ තයො ධම්මෙ පජහිංසු? නෙක්ඛම්මවිතක්කං, අබ්යාපාදවිතක්කං, අවිහිංසාවිතක්කං - ඉමෙ තයො ධම්මෙ පජහිංසු. කතමෙ තයො ධම්මෙ බහුලමකංසු? කාමවිතක්කං, බ්යාපාදවිතක්කං, විහිංසාවිතක්කං - ඉමෙ තයො ධම්මෙ බහුලමකංසු’. යස්සං, භික්ඛවෙ, දිසායං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති, මනසි කාතුම්පි මෙ එසා, භික්ඛවෙ, දිසා න ඵාසු හොති, පගෙව ගන්තුං! නිට්ඨමෙත්ථ ගච්ඡාමි - ‘අද්ධා තෙ ආයස්මන්තො ඉමෙ තයො ධම්මෙ පජහිංසු, ඉමෙ තයො ධම්මෙ බහුලමකංසු’’’.
‘‘යස්සං පන, භික්ඛවෙ, දිසායං භික්ඛූ සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරන්ති, ගන්තුම්පි මෙ එසා, භික්ඛවෙ, දිසා ඵාසු හොති, පගෙව මනසි කාතුං! නිට්ඨමෙත්ථ ගච්ඡාමි - ‘අද්ධා තෙ ආයස්මන්තො තයො ධම්මෙ
|
125
“මහණෙනි, යම් දිශාවෙක භික්ෂූහු හටගත් ඩබර ඇතිව, හටගත් කලහ ඇතිව, විවාදයට පැමිණ, ඔවුනොවුන් මුඛ නමැති ආයුධවලින් ඇන කොටා ගනිමින් වාසය කරද්ද, මහණෙනි, මා විසින් ඒ දිසාව මෙනෙහි කිරීමටවත් පහසු නොවේ. යාම ගැන කියනුම කිම? මෙහිදී ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු ධර්ම තුනක් අත් හළහ. ධර්ම තුනක් බහුල කළාහුයයි නිශ්චයට පැමිණෙමි.
“කිනම් ධර්ම තුනක් අත් හැරියාහුද? නෛෂ්ක්‍රම්‍ය විතර්කය, අව්‍යාපාද විතර්කය, අවිහිංසා විතර්කය යන මේ ධර්ම තුන අත් හළහ. කවර ධර්ම තුනක් බහුල කළාහුද? කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය යන මේ ධර්ම තුන බහුල කළාහුය.
“මහණෙනි, යම් දිශාවෙක භික්ෂූහු හටගත් ඩබර ඇතිව, හටගත් කලහ ඇතිව, විවාදයට පැමිණ, ඔවුනොවුන් මුඛ නමැති ආයුධවලින් ඇන කොටා ගනිමින් වාසය කරද්ද, මහණෙනි, මා විසින් ඒ දිසාව මෙනෙහි කිරීමටවත් පහසු නොවේ. යාම ගැන කියනුම කිම? මෙහිදී ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු ධර්ම තුනක් අත් හළහ. ධර්ම තුනක් බහුල කළාහුයයි නිශ්චයට පැමිණෙමි.
“මහණෙනි, යම් දිශාවෙක භික්ෂූහු සමගිව, සතුටුවෙමින්, වාද නොකරමින්, කිරිත්, වතුරත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරද්ද, මහණෙනි, මා විසින් ඒ දිශාවට යාමටද පහසු වෙයි. මෙනෙහි කිරීම ගැන කියනුම කිම? ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු මේ ධර්ම තුන අත්හළහ, මේ ධර්ම තුන බහුල කළහයි නිශ්චයට පැමිණෙමි.
“කවර ධර්ම තුනක් අත්හළහුද? කාම විතර්කයද, ව්‍යාපාද විතර්කද, විහිංසා විතර්කයද යන මේ ධර්ම තුන දුරු කළහ. කවර ධර්ම තුනක් බහුල කළාහුද? නෛශ්ක්‍රම්‍ය විතර්කයද, අව්‍යාපාද විතර්කයද, අවිහිංසා විතර්කයද යන මේ ධර්ම තුන බහුල කළහ.
“මහණෙනි, යම් දිශාවෙක භික්ෂූහු සමගිව, සතුටුවෙමින්, වාද නොකරමින්, කිරිත්, වතුරත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරද්ද, මහණෙනි, මා විසින් ඒ දිශාවට යාමටද පහසු වෙයි. මෙනෙහි කිරීම ගැන කියනුම කිම? ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු මේ ධර්ම තුන අත්හළහ, මේ ධර්ම තුන බහුල කළහයි නිශ්චයට පැමිණෙමි.
|
3. ගොතමකචෙතියසුත්තං | 3. ගොතමක සූත්‍රය |
126
එකං
‘‘අභිඤ්ඤායාහං, භික්ඛවෙ, ධම්මං දෙසෙමි, නො අනභිඤ්ඤාය. සනිදානාහං, භික්ඛවෙ, ධම්මං දෙසෙමි, නො අනිදානං. සප්පාටිහාරියාහං, භික්ඛවෙ, ධම්මං දෙසෙමි, නො අප්පාටිහාරියං. තස්ස මය්හං, භික්ඛවෙ, අභිඤ්ඤාය ධම්මං දෙසයතො නො අනභිඤ්ඤාය, සනිදානං ධම්මං දෙසයතො නො අනිදානං, සප්පාටිහාරියං ධම්මං දෙසයතො නො අප්පාටිහාරියං, කරණීයො ඔවාදො, කරණීයා අනුසාසනී. අලඤ්ච පන වො, භික්ඛවෙ, තුට්ඨියා, අලං අත්තමනතාය, අලං සොමනස්සාය - ‘සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො ධම්මො, සුප්පටිපන්නො සඞ්ඝො’’’ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති. ඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ සහස්සී ලොකධාතු අකම්පිත්ථාති. තතියං.
|
126
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර ගොතමක චෛත්‍යයෙහි වාසය කරයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක.
“මහණෙනි, මම ප්රත්යක්ෂකොට දැන ධර්මය දේශනා කරමි. ප්රත්යක්ෂ වශයෙන් නොදැන නොවේ. මහණෙනි, කරුණු සහිතව ධර්ම දේශනා කරමි. කරුණු රහිතව නොවේ. විරුද්ධ කරුණු දුරු කරමින්ම ධර්ම දේශනා කරමි. විරුද්ධ කරුණු දුරු නොකරමින් නොවේ. මහණෙනි, ප්රත්යක්ෂ නොකොට නොව ප්රත්යක්ෂ කොටම දැන ධර්මය දේශනා කරන්නාවූ, කරුණු නැතුව නොව, කරුණු සහිතවම ධර්ම දේශනා කරන්නාවූ, විරුද්ධ කරුණු දුරු නොකොට නොව, විරුද්ධ කරුණු දුරු කොටම ධර්ම දේශනා කරන්නාවූ, මාගේ අවවාදය කළ යුතුය. මාගේ අනුශාසනය කළ යුතුය.
“මහණෙනි, තොපට තුටුවීමට සුදුසුය. සතුටු සිත් ඇතිවීමට සුදුසුය. සොම්නස් වීමට සුදුසුය. භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයහ. ධර්මය ස්වාක්ඛාතය. සංඝයා සුප්‍රතිපන්නය.”
“භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ඒ භික්ෂූහු සතුටු සිත් ඇත්තාහු, භාග්‍යවතුන් වහන්සේ ගේ වචනයට සතුටුවූහ. මේ දේශනාව කරණ කල්හි දස දහසක් චක්‍රවාළ කම්පා විය.
|
4. භරණ්ඩුකාලාමසුත්තං | 4. භරණ්ඩුකාලාම සූත්‍රය |
127
එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො යෙන කපිලවත්ථු තදවසරි. අස්සොසි ඛො මහානාමො සක්කො - ‘‘භගවා කිර කපිලවත්ථුං
‘‘ගච්ඡ, මහානාම, කපිලවත්ථුස්මිං, තථාරූපං ආවසථං ජාන යත්ථජ්ජ මයං එකරත්තිං විහරෙය්යාමා’’ති. ‘‘එවං
අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච - ‘‘නත්ථි, භන්තෙ, කපිලවත්ථුස්මිං තථාරූපො ආවසථො
අථ ඛො භගවා යෙන භරණ්ඩුස්ස කාලාමස්ස අස්සමො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා පාදෙ පක්ඛාලෙසි. අථ ඛො මහානාමස්ස සක්කස්ස එතදහොසි - ‘‘අකාලො ඛො අජ්ජ භගවන්තං පයිරුපාසිතුං. කිලන්තො
අථ ඛො මහානාමො සක්කො තස්සා රත්තියා අච්චයෙන යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො මහානාමං සක්කං භගවා එතදවොච - ‘‘තයො ඛොමෙ, මහානාම, සත්ථාරො සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො? ඉධ, මහානාම, එකච්චො සත්ථා කාමානං පරිඤ්ඤං පඤ්ඤාපෙති; න රූපානං පරිඤ්ඤං පඤ්ඤාපෙති, න වෙදනානං පරිඤ්ඤං පඤ්ඤාපෙති. ඉධ පන, මහානාම, එකච්චො සත්ථා කාමානං පරිඤ්ඤං පඤ්ඤාපෙති
එවං වුත්තෙ භරණ්ඩු කාලාමො මහානාමං සක්කං එතදවොච - ‘‘එකාති, මහානාම, වදෙහී’’ති. එවං වුත්තෙ භගවා මහානාමං සක්කං එතදවොච - ‘‘නානාති, මහානාම, වදෙහී’’ති. දුතියම්පි ඛො භරණ්ඩු කාලාමො මහානාමං සක්කං එතදවොච - ‘‘එකාති, මහානාම, වදෙහී’’ති. දුතියම්පි ඛො භගවා මහානාමං සක්කං එතදවොච - ‘‘නානාති, මහානාම, වදෙහී’’ති. තතියම්පි ඛො භරණ්ඩු කාලාමො මහානාමං සක්කං එතදවොච - ‘‘එකාති, මහානාම
අථ ඛො භරණ්ඩු කාලාමස්ස එතදහොසි - ‘‘මහෙසක්ඛස්ස වතම්හි මහානාමස්ස සක්කස්ස සම්මුඛා සමණෙන ගොතමෙන යාවතතියං අපසාදිතො. යංනූනාහං කපිලවත්ථුම්හා පක්කමෙය්ය’’න්ති. අථ ඛො භරණ්ඩු කාලාමො කපිලවත්ථුම්හා පක්කාමි. යං කපිලවත්ථුම්හා පක්කාමි තථා පක්කන්තොව අහොසි න පුන පච්චාගච්ඡීති. චතුත්ථං.
|
127
“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට චාරිකාවෙහි වඩිනා සේක් කිඹුල්වත්පුරයට වැඩි සේක. මහානාම ශාක්‍ය තෙමේ, භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩි සේකැයි ඇසීය. එකල්හි මහානාම ශාක්‍ය තෙමේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි මහානාම ශාක්‍යයාහට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහානාමය, යම් තැනක අපි අද එක් රැයක් වාසය කරමුද, ඊට සුදුසු ආවාසයක් දැන ගනුව” කියායි. මහානාම ශාක්‍ය තෙමේ, “ස්වාමීනි, එසේය” යි භාග්‍යවතුන් වහන්සේ ට පිළිතුරු දී, කිඹුල්වත්පුරයට පැමිණ, මුළු කිඹුල්වත්පුරයෙහි ඇවිද, කිඹුල්වත්පුරයෙහි යම් තැනෙක භාග්‍යවතුන් වහන්සේ එක් රැයක් වාසය කරන්නේද, ඊට සුදුසු ආවාසයක් නුදුටුවේය.
“එකල්හි මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අද යම් තැනෙක එක් රැයක් වාසය කරන්නේද, ඊට සුදුසු ආවාසයක් නැත. ස්වාමීනි, මේ භාග්‍යවතුන් වහන්සේගේ පුරාණ, එකට විසූ ශ්රමණයෙක්වූ, භරංඩුකාලාම නම් ශ්‍රමණ තෙම ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ආශ්‍රමයෙහි එක් රැයක් වසන සේක්වා” යි කීය.
“මහානාමය, යව. ඇතිරියක් අතුරව” යි වදාළ සේක. මහකොම ශාක්‍ය තෙමේ, “ස්වාමීනි, එසේය” යි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී, භරංඩුකාලාමයාගේ ආශ්‍රමය යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, ඇතිරියක් අතුට, පා සේදීම පිණිස පැන් තබා, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, “ස්වාමීනි, ඇතිරියක් අතුරණ ලදී. පා දොවීම පිණිස පැන් තබන ලදී. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දැන් කාලය දන්නා සේකැ” යි කීය.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භරංඩුකාලාමයාගේ ආශ්‍රමය යම් තැනෙක්හිද, එහි වැඩි සේක. වැඩ පනවන ලද ආසනයෙහි වැඩහුන්සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ පා සේදූහ. ඉක්බිති මහානාම ශාක්‍යයාහට මෙසේ අදහස් විය. “අද භාග්‍යවතුන් වහන්සේ පයුරුපාසනය කිරීමට කල් නොවේ. භාග්‍යවතුන් වහන්සේ වෙහෙස වූහ. දැන මම හෙට භාග්‍යවතුන් වහන්සේ පයුරුපාසනය කරන්නෙමි” යි කියායි. මෙසේ සිතා භාග්‍යවතුන් වහන්සේ වැඳ ගෞරවකොට ගියේය.
“ඉක්බිති මහානාම ශාක්‍ය තෙම ඒ රාත්‍රිය ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හිඳ ගත්තේය. එක් පසෙක හිඳගත් මහානාම ශාක්‍යයාහට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහානාමය, ලෝකයෙහි මේ ශාස්තෲවරයෝ තුන් දෙනෙක් ඇත්තාහුය. කවර තුන් දෙනෙක්ද? මහානාමය, මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෲවරයෙක් කාමයන්ගේ ඉක්මවීම පනවයි. රූපයන්ගේ ඉක්මවීම නොපනවයි. වේදනාවන්ගේ ඉක්මවීම නොපනවයි.
“මහානාමය, මේ ලෝකයෙහි ඇතැම් ශාස්තෲවරයෙක් කාමයන්ගේද ඉක්මවීම පණවයි. රූපයන්ගේද ඉක්මවීම පනවයි. වේදනාවන්ගේ ඉක්මවීම නොපනවයි.
“මහානාමය, මෙහි ඇතැම් ශාස්තෲවරයෙක් කාමයන්ගේද ඉක්මවීම පනවයි. රූපයන්ගේද ඉක්මවීම පනවයි. වේදනාවන්ගේද ඉක්මවීම පනවයි.
“මහානාමය, මේ ශාස්තෲවරයෝ තුන්දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. මහානාමය, මේ තුන් ශාස්තෲවරයන්ගේම නිෂ්ටාව එකක්මද, නැතහොත් වෙන්වූ නිෂ්ටා වෙත්ද?”
මෙසේ වදාළ කල්හි භරංඩුකාලාම තෙමේ, “මහානාමය, එකෙකැයි කියව” යි මහානාම ශාක්‍යයන්හට කීය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ, “මහානාමය, වෙන් වෙන් වූයේයයි කියව” යි මහානාම ශාක්‍යයන්ට වදාළ සේක.
දෙවනුවත් මෙසේ වදාළ කල්හි භරංඩුකාලාම තෙමේ, “මහානාමය, එකෙකැයි කියව” යි මහානාම ශාක්‍යයන්හට කීය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ, “මහානාමය, වෙන් වෙන් වූයේයයි කියව” යි මහානාම ශාක්‍යයන්ට වදාළ සේක. තෙවනුවත් මෙසේ වදාළ කල්හි භරංඩුකාලාම තෙමේ, “මහානාමය, එකෙකැයි කියව” යි මහානාම ශාක්‍යයන්හට කීය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ, “මහානාමය, වෙන් වෙන් වූයේයයි කියව” යි මහානාම ශාක්‍යයන්ට වදාළ සේක.
“එකල්හි භරංඩුකාලාමයාට මෙබඳු සිතක් විය. ‘මහෙශාක්‍යවූ මහානාම ශාක්‍යයා ඉදිරියෙහි මම ශ්‍රමණ ගෞතමයන් විසින් අප්‍රසාදයට පත්කරන ලද්දේ වෙමි. මම කිඹුල්වත්පුරයෙන් ඉවත්ව යන්නෙම් නම් මැනවි’ කියායි. ඉක්බිති භරංඩුකාලාම තෙමේ කිඹුල්වත්පුරයෙන් ඉවත්ව ගියේය. යම් හෙයකින් කිඹුල්වත්පුරයෙන් නික්ම ගියේද, එසේ ගියේම විය. නැවත නො ආයේය.”
|
5. හත්ථකසුත්තං | 5. හත්ථක දෙවපුත්ත සූත්‍රය |
128
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො හත්ථකො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා - ‘‘භගවතො පුරතො ඨස්සාමී’’ති ඔසීදතිමෙව සංසීදතිමෙව
(ඔසීදති චෙව සංසීදති ච (සී. පී.), ඔසීදති සංසීදති (ස්‍යා. කං.)), න සක්කොති සණ්ඨාතුං. සෙය්යථාපි නාම සප්පි වා තෙලං වා වාලුකාය ආසිත්තං ඔසීදතිමෙව සංසීදතිමෙව, න සණ්ඨාති; එවමෙවං හත්ථකො දෙවපුත්තො - ‘‘භගවතො පුරතො ඨස්සාමී’’ති ඔසීදතිමෙව සංසීදතිමෙව, න සක්කොති සණ්ඨාතුං.
අථ
‘‘යෙ තෙ, හත්ථක, ධම්මා පුබ්බෙ මනුස්සභූතස්ස පවත්තිනො අහෙසුං, අපි නු තෙ තෙ ධම්මා එතරහි පවත්තිනො’’ති? ‘‘යෙ ච මෙ, භන්තෙ, ධම්මා පුබ්බෙ මනුස්සභූතස්ස පවත්තිනො අහෙසුං, තෙ ච මෙ ධම්මා එතරහි පවත්තිනො; යෙ ච මෙ, භන්තෙ, ධම්මා පුබ්බෙ මනුස්සභූතස්ස
‘‘නාහං භගවතො දස්සනස්ස, තිත්තිමජ්ඣගා
(තිත්ති තිත්තිසම්භවං (ක.)) කුදාචනං;
සඞ්ඝස්ස උපට්ඨානස්ස, සද්ධම්මසවනස්ස ච.
‘‘අධිසීලං සික්ඛමානො, සද්ධම්මසවනෙ රතො;
තිණ්ණං ධම්මානං අතිත්තො, හත්ථකො අවිහං ගතො’’ති. පඤ්චමං;
|
128
“මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි හත්ථක නම් බ්‍රහ්ම දිව්‍ය පුත්‍ර තෙමේ යහපත් රාත්‍රියක, ශෝභාමත් ශරීර වර්ණ ඇතිව, මුළු ජේතවනාරාමය ආලෝක කොට, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි සිටින්නෙමියි ගිලෙන්නේද, මතුවන්නේද වෙයි. පිහිටීමට නොහැකි වෙයි. යම්සේ ගිතෙල් හෝ තෙල් හෝ වැල්ලෙහි ඉසින ලද්දේ, ගිලෙන්නෙත්, මතුවන්නේත් වේද, එමෙන් හන්ථක දේව පුත්‍ර තෙමේ, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිටින්නෙමියි, ගිලෙන්නේද, මතුවන්නේද වෙයි. පිහිටීමට නොහැකි වෙයි.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හන්ථක බ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාට, “හන්ථකය, ඖදාරික ආත්ම භාවයක් මවා ගනුව” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි හන්ථක බ්‍රහ්ම දේවපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී ඖදාරික ආත්ම භාවයක් මවා භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක සිටියේය. එක් පසෙක සිටියාවූ හන්ථක දිව්‍ය පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“හත්ථක, පෙර මනුෂ්‍යව වාසය කරද්දී ඉගෙන ගත් යම් ධර්ම තොපට වූවාහු නම් ඒ ධර්මයෝ තොපට දැනුදු ධාරණව පවත්නාහුද?” යනුයි.
“ස්වාමීනි, පෙර මනුෂ්‍යවූ මා හට යම් ධර්මයෝ ධාරණව පැවැත්තාහුද, ඒ ධර්මයෝ දැනුදු මට ධාරණව ඇත්තාහුය. පෙර මනුෂ්‍යවූ මා හට යම් ධර්මයෝ ධාරණව නොපැවැත්තාහුද, ඒ ධර්මයෝද දැන් මා හට ධාරණව ඇත්තාහුය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දැන් භික්ෂූන්ගෙන්, භික්ෂුණීන්ගෙන්, උපාසකයන්ගෙන්, උපාසිකාවන්ගෙන්, රජුන්ගෙන්, රාජ මහාමාත්‍යයන්ගෙන්, තීර්ථකයන්ගෙන්, තීර්ථක ශ්‍රාවකයන්ගෙන් ආකීර්ණව වාසය කරන සේක්ද, ස්වාමීනි, එසේම මම දිව්‍ය පුත්‍රයන්ගෙන් ආකීර්ණව වාසය කරමි. ස්වාමීනි, දුර සිටද දිව්‍ය පුත්‍රයෝ හත්ථක දිව්‍ය පුත්‍රයාගෙන් ධර්මය අසන්නෙමැයි පැමිණෙත්. ස්වාමීනි, මම කරුණු තුනකින් තෘප්තියක් නැතිව, සෑහීමක් නැතිව කාලක්‍රියා කෙළෙමි. කවර තුනකින්ද, ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ දැකීමෙන් ඇතිවීමක් සෑහීමක් නැතිව කාලක්‍රියා කෙළෙමි. ස්වාමීනි, මම ධර්ම ශ්‍රවණ කිරීමෙහි තෘප්තියක් සෑහීමක්, නැතිව කාලක්‍රියා කෙළෙමි. ස්වාමීනි, මම සංඝයාට උපස්ථාන කිරීමෙහි තෘප්තියක් නැතිව, ඇතිවීමක් නැතිව කාලක්‍රියා කෙළෙමි. ස්වාමීනි, මම මේ තුන් ධර්මයන්ගේ තෘප්තියක් සෑහීමක් නැතිව කාලක්‍රියා කෙළෙමි.
“මම භාග්‍යවතුන් වහන්සේගේ දැක්මෙහිද, සංඝයාට උපස්ථාන කිරීමෙහිද, බණ ඇසීමෙහිද, කිසි කලෙක තෘප්තියට නොපැමිණියෙමි.
“අධිශීලයෙහි හික්මෙන්නාවූ, ධර්ම ශ්‍රවණයෙහි ඇලුණාවූ, ධර්ම තුනකින් තෘප්තියක් නැත්තාවූ හත්ථක තෙමේ අවිහ බඹලොවට ගියේය.”
|
6. කටුවියසුත්තං | 6. කටුවිය කත සූත්‍රය |
129
එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය බාරාණසිං පිණ්ඩාය පාවිසි. අද්දසා
‘‘මා ඛො ත්වං, භික්ඛු, අත්තානං කටුවියමකාසි. තං වත භික්ඛු කටුවියකතං අත්තානං ආමගන්ධෙන
(ආමගන්ධෙ (සී. ස්‍යා. කං. පී.)) අවස්සුතං මක්ඛිකා නානුපතිස්සන්ති නාන්වාස්සවිස්සන්තීති
(නානුබන්ධිස්සන්ති (ක.)), නෙතං ඨානං විජ්ජතී’’ති. අථ ඛො සො භික්ඛු භගවතා ඉමිනා ඔවාදෙන ඔවදිතො සංවෙගමාපාදි. අථ ඛො භගවා බාරාණසියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො භික්ඛූ ආමන්තෙසි -
‘‘ඉධාහං, භික්ඛවෙ, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය බාරාණසිං
‘‘‘මා ඛො ත්වං, භික්ඛු, අත්තානං කටුවියමකාසි. තං වත භික්ඛු කටුවියකතං අත්තානං ආමගන්ධෙන අවස්සුතං මක්ඛිකා නානුපතිස්සන්ති නාන්වාස්සවිස්සන්තීති, නෙතං ඨානං විජ්ජතී’ති. අථ ඛො, භික්ඛවෙ, සො භික්ඛු මයා ඉමිනා ඔවාදෙන ඔවදිතො සංවෙගමාපාදී’’ති. එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කිං නු ඛො, භන්තෙ, කටුවියං? කො ආමගන්ධො? කා මක්ඛිකා’’ති?
‘‘අභිජ්ඣා ඛො, භික්ඛු, කටුවියං; බ්යාපාදො ආමගන්ධො; පාපකා අකුසලා විතක්කා මක්ඛිකා. තං වත, භික්ඛු, කටුවියකතං අත්තානං ආමගන්ධෙන අවස්සුතං මක්ඛිකා නානුපතිස්සන්ති නාන්වාස්සවිස්සන්තීති, නෙතං ඨානං විජ්ජතී’’ති.
‘‘අගුත්තං
මක්ඛිකානුපතිස්සන්ති
‘‘කටුවියකතො
ආරකා හොති නිබ්බානා, විඝාතස්සෙව භාගවා.
‘‘ගාමෙ වා යදි වාරඤ්ඤෙ, අලද්ධා සමථමත්තනො
(සමමත්තනො (සී. ස්‍යා. කං.), සම්මමත්තනො (පී.));
පරෙති
(චරෙති (ස්‍යා. ක.)) බාලො දුම්මෙධො, මක්ඛිකාහි පුරක්ඛතො.
‘‘යෙ ච සීලෙන සම්පන්නා, පඤ්ඤායූපසමෙරතා;
උපසන්තා සුඛං සෙන්ති, නාසයිත්වාන මක්ඛිකා’’ති. ඡට්ඨං;
|
129
“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරනැස්නුවර මිගදාය නම් ඉසිපතනයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පාත්‍රා සිව්රු ගෙන බරණැස්නුවරට පිඬු පිණිස වැඩියහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ගවයන් විකුණන තැනක හටගත් පුලිල ගසක් සමීපයෙහි පිඬු පිණිස හැසිරෙන සේක් ධ්‍යාන සැපයක් නැති හෙයින්, ස්වල්ප ආශ්වාදයක් ඇති කාම ගුණ සැප වශයෙන් ශාසනයෙන් බාහිර ආශ්වාදයක් ඇති, මුළාවූ සිහිය ඇති, නුවණ නැති, සමාධියෙන් තොරවූ, විසිර ගිය සිත් ඇති, විවෘත කළ ඉන්ද්රියයන් ඇති භික්ෂුවක් දැක, ඒ භික්ෂුවට මෙසේ වදාළ සේක.
“මහණ, මහණ, තෝ තමා ඉඳුල් අහරක් මෙන් නොකළ යුතුය. මහණ, ඒ ඉඳුල් අහරක් මෙන් කරන ලද, ක්‍රෝධය නමැති පිලී ගඳ හමන, කෙලෙසුන්ගෙන් තෙත්වූ, ඒ තමා ක්ලේශ නමැති මැස්සෝ ලුහුනොබඳිත්. ලුහුබැඳ නොකත් යන මීට හේතු නැත්තේය යනුයි.
“එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් අවවාද කරන ලද ඒ මහණ තෙමේ සෝවාන් ඵලයට පැමිණියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බරණැසෙහි පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ භික්ෂූනට ආමන්ත්‍රණය කළ සේක.
“මහණෙනි, මම පෙරවරු කාලයෙහි පාත්‍ර සිව්රු ගෙන බරණැසෙහි පිඬු පිණිස පැමිණියෙමි. මහණෙනි, මම ගවයන් විකුණන ස්ථානයෙහි හටගත් පුලිල ගස සමීපයෙහි පිඬු පිණිස හැසිරෙන්නෙම් ස්වල්ප ආශ්වාදය ඇති, බාහිර ආශ්වාදය ඇති, සිහි මුළාවූ, නුවණ නැත්තාවූ, සමාධියක් නැත්තාවූ, වික්ෂිප්ත සිත් ඇත්තාවූ, විවෘත කළ ඉන්ද්රිය ඇත්තාවූ එක්තරා භික්ෂුවක් දිටිමි. දැක ඒ භික්ෂුවට මෙසේ කීමි. කෙසේද?
“මහණ, මහණ, තෝ තමා ඉඳුල් අහරක් මෙන් නොකළ යුතුය. මහණ, ඒ ඉඳුල් අහරක් මෙන් කරන ලද, ක්‍රෝධය නමැති පිලී ගඳ හමන, කෙලෙසුන්ගෙන් තෙත්වූ, ඒ තමා ක්ලේශ නමැති මැස්සෝ ලුහුනොබඳිත්. ලුහුබැඳ නොකත් යන මීට හේතු නැත්තේය යනුයි.
“මහණෙනි, එකල්හි මා විසින් මේ අවවාදයෙන් අවවාද කරන ලද ඒ මහණ තෙම සෝවාන් ඵලයට පැමිණියේයයි වදාළ සේක.
“මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක්, ‘ස්වාමීනි, ඉඳුල් බත යනු කුමක්ද? පිලීගඳ යනු කුමක්ද? මැස්සෝ යනු කුමක්දැ?’ යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.
“මහණ, ඉඳුල් බත නම් අභිද්යාවය. පිලීගඳ නම් ව්යාපාදයය. මැස්සෝ නම් ලාමක අකුශල විතර්කයෝය. මහණ, ඒ ඉඳුල් බතක් කරන ලද, පිලීගඳ හමන්නාවූ, කෙලෙසුන්ගෙන් තෙත්වූ තමා, අකුසල විතර්ක නමැති මැස්සෝ ලුහු නොබඳිත්. ලුහුබැඳ නොකත් යන මීට හේතු නැත්තේය” යි වදාළ සේක.
“ඇස්, කන් නොරක්නා ලද, ඉන්ද්රියයන්හි සංවර නොවූ, ඔහු රාග විතර්ක නමැති මැස්සෝ ලුහුබඳිත්.”
“තමා ඉඳුල් බතක් මෙන් කරන ලද්දාවූ, පිලීගඳ හමන්නාවූ, කෙලෙසුන්ගෙන් තෙත්වූ මහණ තෙමේ නිර්වානයෙන් දුරු වූයේ, දුකටම භාජන වූවෙක් වන්නේය.”
“ගමෙහි හෝ ආරණ්‍යයෙහි හෝ තමාගේ සංසිඳීමක් නොලත් අඥාන බාල තෙමේ මැස්සන්ගෙන් පෙරටුව ගමන් කරන්නේය.”
“යම් කෙනෙක් සීලයෙන් යුක්තව, ප්‍රඥාවෙන් සංසිඳීමෙහි ඇලී වෙසෙත්ද, ඔවුහු මැස්සන් නසා සංසිඳුනාහු සැපසේ සයනය කරත්.”
|
7. පඨමඅනුරුද්ධසුත්තං | 7. පඨම අනුරුද්ධ සූත්‍රය |
130
අථ ඛො ආයස්මා අනුරුද්ධො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා අනුරුද්ධො භගවන්තං එතදවොච - ‘‘ඉධාහං, භන්තෙ, දිබ්බෙන චක්ඛුනා
‘‘තීහි ඛො, අනුරුද්ධ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. කතමෙහි තීහි? ඉධ, අනුරුද්ධ, මාතුගාමො පුබ්බණ්හසමයං මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති, මජ්ඣන්හිකසමයං ඉස්සාපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති, සායන්හසමයං කාමරාගපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති
|
130
එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, අනුරුද්ධ ස්ථවිර තෙමේ, භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය.
“ස්වාමීනි, මම මිනිස් බව ඉක්මවූ පිරිසිදු දිවැසින් බොහෝ සෙයින් ස්ත්‍රිය කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති, විනාශව වැටෙන්නාවූ නිරයෙහි උපදින බව දකිමි. ස්වාමීනි, කෙතෙක් ධර්මයන්ගෙන් යුත් ස්ත්‍රිය කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති, විනාශව වැටෙන්නාවූ නිරයෙහි උපදින්නේද?” යනුයි.
“අනුරුද්ධය, ධර්ම තුනකින් යුත් ස්ත්‍රිය කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති, විනාශව වැටෙන්නාවූ නිරයෙහි උපදියි. කවර තුනකින්ද යත්?
“අනුරුද්ධය, මේ ලෝකයෙහි ස්ත්‍රිය උදය වරුවෙහි මසුරු මලයෙන් මඩනා ලද සිතින් ගෙයි වාසය කරත්. දවල් කාලයෙහි ඊර්ෂ්‍යාවෙන් මඩනා ලද සිතින් ගෙයි වාසය කරයි. සවස් කාලයෙහි රාගයෙන් මඩනා ලද සිතින් ගෙයි වාසය කරයි.
“අනුරුද්ධය, මේ ධර්ම තුනෙන් යුත් ස්ත්‍රිය කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති, විනාශව වැටෙන්නාවූ නිරයෙහි උපදියි.”
|
8. දුතියඅනුරුද්ධසුත්තං | 8. දුතිය අනුරුද්ධ සූත්‍රය |
131
අථ ඛො ආයස්මා අනුරුද්ධො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මතා
‘‘යං ඛො තෙ, ආවුසො අනුරුද්ධ, එවං හොති - ‘අහං දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සහස්සං ලොකං වොලොකෙමී’ති, ඉදං තෙ මානස්මිං. යම්පි තෙ, ආවුසො අනුරුද්ධ, එවං හොති - ‘ආරද්ධං ඛො පන මෙ වීරියං අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා, පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ග’න්ති, ඉදං තෙ උද්ධච්චස්මිං. යම්පි තෙ, ආවුසො අනුරුද්ධ, එවං හොති - ‘අථ ච පන මෙ නානුපාදාය ආසවෙහි චිත්තං විමුච්චතී’ති, ඉදං
අථ ඛො ආයස්මා අනුරුද්ධො අපරෙන
|
131
“ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ හා සතුටුවිය. සතුටු විය යුතු, සිහි කටයුතු කථා කොට නිමවා එක් පසෙක හිඳ ගත්තේය. එක් පසෙක හිඳගත් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළේය.
“ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මම මිනිසත් බව ඉක්මවූ පිරසිදුවූ දිවැසින් ලෝක දහසක් බලමි. මා විසින් පටන් ගන්නාද වීර්‍ය්‍යය නොහැකුළුනේය. සිහිය එළඹ සිටියාය. මුළා නොවූවාය. කය සංසිඳුනේය. දාහ රහිත වූයේය. සිත එකඟව සමාධියට පැමිණියේය. එවිටද මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අල්වා නොගෙන ආශ්රවයන්ගෙන් නොමිදේය” යි කීය.
“ඇවැත් අනුරුද්ධය, තොපට ‘මම මෙසේ මිනිසත් බව ඉක්මවූ, පිරිසිදු දිවැසින් දහසක් ලෝකයන් බලමි’ යන යමක් ඇද්ද, මෙය තොපගේ මානය වෙයි. අනුරුද්ධය, තොපට, මෙසේ මා විසින් වීර්‍ය්‍යය පටන් ගන්නා ලදී. වීර්‍ය්‍යය නොහැකුළුණේය. නුමුළාවූ සිහිය එළඹ සිටියාය. කය සංසිඳුණේය. දාහ රහිත විය. සිත එකඟ විය. සමාධියට පැමිණියේය. යන යමක් වේද, මෙය තොපගේ උද්ධච්චය වෙයි.
“අනුරුද්ධය, තොපට මෙසේ එවිටද මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අල්වා නොගෙන ආශ්‍රවයන් කෙරෙන් නොමිදේය යන යමක් වේද, මෙය තොපගේ විචිකිච්ඡාව වෙයි. “ආයුෂ්මත් අනුරුද්ධ තෙමේ මේ ධර්ම තුන හැර දමා මේ ධර්ම තුන මෙනෙහි නොකොට නිර්වාණ ධාතුවට හිත එළවන්නේ නම් මැනවි” යයි වදාළේය.
“එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ තනිව සමූහයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නේ, නොබෝ කලකින්ම කුල පුත්‍රයෝ යම් අර්ථයක් පිණිස ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇති ඒ අනුත්තර ධර්මය මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් දැන, ඊට පැමිණ වාසය කෙළේය.
“ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් පසු ආත්ම භාවයක් නැතැයි දැන ගත්තේය. අනුරුද්ධ තෙමේ රහතුන් අතුරෙන් එක්තරා රහත් පුද්ගලයෙක් විය.”
|
9. පටිච්ඡන්නසුත්තං | 9. පටිච්ඡන්නවහන සූත්‍රය |
132
‘‘තීණිමානි, භික්ඛවෙ, පටිච්ඡන්නානි ආවහන්ති
(වහන්ති (සී. ස්‍යා. කං. පී.)), නො විවටානි. කතමානි තීණි? මාතුගාමො, භික්ඛවෙ, පටිච්ඡන්නො ආවහති, නො විවටො; බ්රාහ්මණානං, භික්ඛවෙ, මන්තා පටිච්ඡන්නා ආවහන්ති, නො විවටා
‘‘තීණිමානි
|
132
“මහණෙනි, වසන ලද්දාවූ තිදෙනෙකුන් දරත්. විවෘත කරන ලදුව නොදරත්. කවර තුනක්ද?
“මහණෙනි, මාගම (ස්ත්‍රිය) වසන ලද්දේම දරයි. විවෘතකෙළේ නොදරයි. මහණෙනි, බ්‍රාහ්මණයන්ගේ මන්ත්‍ර වසන ලද්දාහුම දරත්, විවෘතකොට නොදරත්. මහණෙනි, මිත්‍යාදෘෂ්ටිය වසන ලදුවම දරයි. විවෘත කරන ලදුව නොදරයි. මහණෙනි, මේ කරුණු තුන වසන ලදුව දරත්. විවෘතකොට නොදරත්.
“මහණෙනි, තිදෙනෙක් විවෘත කරන ලද්දාහුම බබලත්. වසන ලද්දාහුම නොබබලත්. කවර තිදෙනෙක්ද යත්?
“මහණෙනි, සඳමඬල විවෘතකරන ලද්දේම බබලයි. වසන ලද්දේ නොබබලයි. මහණෙනි, හිරුමඬල විවෘතකරන ලද්දේම බබලයි. වසන ලද්දේ නොබබලයි. මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්මය විවෘතකරන ලද්දේම බබලයි. වසන ලද්දේ නොබබලයි. මහණෙනි, මේ තිදෙන විවෘතකරන ලද්දාහුම බබලත්. වසන ලද්දාහු නොබබලත්.” යයි වදාළ සේක..
|
10. ලෙඛසුත්තං | 10. ලෙඛූපම සූත්‍රය |
133
‘‘තයොමෙ, භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො? පාසාණලෙඛූපමො පුග්ගලො, පථවිලෙඛූපමො පුග්ගලො, උදකලෙඛූපමො
‘‘කතමො ච, භික්ඛවෙ, පථවිලෙඛූපමො පුග්ගලො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො අභිණ්හං කුජ්ඣති. සො ච ඛ්වස්ස කොධො න දීඝරත්තං අනුසෙති. සෙය්යථාපි, භික්ඛවෙ, පථවියා ලෙඛා ඛිප්පං ලුජ්ජති වාතෙන වා උදකෙන වා, න චිරට්ඨිතිකා හොති; එවමෙවං ඛො, භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො අභිණ්හං කුජ්ඣති. සො ච ඛ්වස්ස කොධො න දීඝරත්තං අනුසෙති. අයං වුච්චති, භික්ඛවෙ, පථවිලෙඛූපමො පුග්ගලො.
‘‘කතමො ච, භික්ඛවෙ, උදකලෙඛූපමො පුග්ගලො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො ආගාළ්හෙනපි වුච්චමානො ඵරුසෙනපි
|
133
“මහණෙනි, ලෝකයෙහි පුද්ගලයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද? ගලේ ඇඳි ඉර වැනි පුද්ගල තෙමේද, පොළොවේ ඇඳි ඉර වැනි පුද්ගල තෙමේද, දියේ ඇඳි ඉර වැනි පුද්ගල තෙමේද, වෙයි.
“මහණෙනි, ගලේ ඇඳි ඉර වැනි පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර කිපෙයි. හෙතෙම ඒ ක්‍රෝධය බොහෝ කාලයක් පවත්වයි. මහණෙනි, යම්සේ ගලේ ඇඳි ඉර වාතයෙන් හෝ ජලයෙන් හෝ වහා නොමැකෙන්නේද, බොහෝ කලක් පවත්නේද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර කිපෙයිද, හෙතෙම ඒ ක්‍රෝධය බොහෝ කල් පවත්වයිද, මහණෙනි, මෙතෙම ගලේ ඇඳි ඉර වැනි පුද්ගලයායයි කියමි.
“මහණෙනි, පොළොවේ ඇඳි ඉර වැනි පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර කිපෙයි. හෙතෙම ඒ ක්‍රෝධය බොහෝ කලක් නොපවත්වයි. මහණෙනි, යම්සේ පොළොවේ ඇඳි ඉර වාතයෙන් හෝ ජලයෙන් හෝ වහා මැකේද, බොහෝ කල් නොපවතියිද, මහණෙනි, එසේම ඇතැම් පුද්ගලයෙක් නිතර කිපෙයිද, හෙතෙම ඒ ක්‍රෝධය බොහෝ කල් නොපවත්වයිද, මහණෙනි, මෙතෙම පොළොවේ ඇඳි ඉර වැනි පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, දියේ ඇඳි ඉර වැනි පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩිකොට කියනු ලබන්නේද, ඵරුෂව කියනු ලබන්නේද, අමනාපයෙන් කියනු ලබන්නේද, සම්බන්ධ වන්නේමය. සංසන්දනය වන්නේමය. සතුටු වන්නේමය. මහණෙනි, යම්සේ ජලයෙහි ඇඳි ඉර වහා මැකී යන්නේද, බොහෝ කල් නොපවත්තේද, මහණෙනි, එමෙන්ම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩිව කියනු ලබන්නේද, ඵරුෂව කියනු ලබන්නේද, අමනාපයෙන් කියනු ලබන්නේද, සම්බන්ධ වන්නේමය. සංසන්දනය වන්නේමය. සතුටු වන්නේමය. මහණෙනි, මෙතෙම දියේ ඇඳි ඉර වැනි පුද්ගලයායයි කියනු ලැබේ. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ තිදෙනෙක් ඇත්තාහුය.”
|