ත්‍රිපිටකය
(12) 2. ආපායිකවග්ගො (12) 2. ආපායික වර්‍ගය
1. ආපායිකසුත්තං 1. ආපායික සූත්‍රය
2. දුල්ලභසුත්තං 2. දුල්ලභ පාතුභාව සූත්‍රය
3. අප්පමෙය්‍යසුත්තං 3. අප්පමෙය්‍ය සූත්‍රය
4. ආනෙඤ්ජසුත්තං 4. අරිය පුථුජ්ජන සූත්‍රය
5. විපත්තිසම්පදාසුත්තං 5. විපත්තිසම්පදා සූත්‍රය
118
‘‘තිස්සො ඉමා, භික්ඛවෙ, විපත්තියො. කතමා තිස්සො? සීලවිපත්ති, චිත්තවිපත්ති, දිට්ඨිවිපත්ති. කතමා ච, භික්ඛවෙ, සීලවිපත්ති? ඉධ, භික්ඛවෙ, එකච්චො පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසුමිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, පිසුණවාචො හොති, ඵරුසවාචො හොති, සම්ඵප්පලාපී හොති. අයං වුච්චති, භික්ඛවෙ, සීලවිපත්ති.
‘‘කතමා ච, භික්ඛවෙ, චිත්තවිපත්ති? ඉධ, භික්ඛවෙ, එකච්චො අභිජ්ඣාලු හොති බ්‍යාපන්නචිත්තො. අයං වුච්චති, භික්ඛවෙ, චිත්තවිපත්ති.
‘‘කතමා ච, භික්ඛවෙ, දිට්ඨිවිපත්ති? ඉධ, භික්ඛවෙ, එකච්චො මිච්ඡාදිට්ඨිකො හොති විපරීතදස්සනො - ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකතදුක්කටානං , කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති. අයං වුච්චති, භික්ඛවෙ, දිට්ඨිවිපත්ති. සීලවිපත්තිහෙතු වා, භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති; චිත්තවිපත්තිහෙතු වා, භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති; දිට්ඨිවිපත්තිහෙතු වා, භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. ඉමා ඛො, භික්ඛවෙ, තිස්සො විපත්තියොති.
‘‘තිස්සො ඉමා, භික්ඛවෙ, සම්පදා. කතමා තිස්සො? සීලසම්පදා, චිත්තසම්පදා, දිට්ඨිසම්පදා. කතමා ච, භික්ඛවෙ, සීලසම්පදා? ඉධ, භික්ඛවෙ, එකච්චො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුණාය වාචාය පටිවිරතො හොති, ඵරුසාය වාචාය පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති. අයං වුච්චති, භික්ඛවෙ, සීලසම්පදා.
‘‘කතමා ච, භික්ඛවෙ, චිත්තසම්පදා? ඉධ, භික්ඛවෙ, එකච්චො අනභිජ්ඣාලු හොති අබ්‍යාපන්නචිත්තො. අයං වුච්චති, භික්ඛවෙ, චිත්තසම්පදා.
‘‘කතමා ච, භික්ඛවෙ, දිට්ඨිසම්පදා? ඉධ, භික්ඛවෙ, එකච්චො සම්මාදිට්ඨිකො හොති අවිපරීතදස්සනො - ‘අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති. අයං වුච්චති, භික්ඛවෙ, දිට්ඨිසම්පදා. සීලසම්පදාහෙතු වා, භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති; චිත්තසම්පදාහෙතු වා, භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති ; දිට්ඨිසම්පදාහෙතු වා, භික්ඛවෙ, සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. ඉමා ඛො, භික්ඛවෙ, තිස්සො සම්පදා’’ති. පඤ්චමං.
118
“මහණෙනි, මේ විපත්ති තුනෙකි. කවර තුනක්ද යත්? සීල විපත්තිය, චිත්ත විපත්තිය, දිට්ඨි විපත්තිය යන මොහුය. මහණෙනි, සීල විපත්තිය නම් කවරීද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සතුන් මරන්නේ වෙයිද, සොරකම් කරන්නේ වෙයිද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වෙයිද, බොරු කියන්නේ වෙයිද, කේලාම් කියන්නේ වෙයිද, ඵරුස වචන කියන්නේ වෙයිද, ප්‍රලාප කියන්නේ වෙයිද,
“මහණෙනි, මෙය සීල විපත්තියයි කියනු ලැබේ.
“මහණෙනි, චිත්ත විපත්තිය කවරීද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අභිද්‍යාව බහුලකොට ඇත්තේ, ව්‍යාපාද සිත් ඇත්තේ වෙයිද, මහණෙනි, මෙය චිත්ත විපත්තියයි කියනු ලැබේ.
“මහණෙනි, දිට්ඨි විපත්තිය කවරීද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වෙයිද, විපරීත දැකුම් ඇත්තේ වෙයිද, දීමෙහි පලක් නැත, මහා දානයෙහි පලක් නැත, පිදීමෙහි පලක් නැත, කරනලද හොඳ නරක කර්‍මයන්ගේ පල විපාක නැත. මෙලොවක් නැත, පරලොවක් නැත, මවුට හොඳ හෝ නරක කිරීමෙහි විපාක නැත, පියාට හොඳ හෝ නරක කිරීමෙහි විපාක නැත. මැරී නැවත උපදින්නාවූ සත්ත්‍වයෝ නැත. ලෝකයෙහි යහපත් මග ගියාවූ, මනාව පිළිපදින්නාවූ, මෙලොවත් පරලොවත් තෙමේ විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට යම් මහණ බමුණු කෙනෙක් ප්‍රකාශ කෙරෙද්ද, එවැනි මහණ බමුණෝ ලෝකයෙහි නැත. යන දෘෂ්ටි ඇත්තේ වෙයිද, මහණෙනි, මේ දිට්ඨි විපත්තියයි කියනු ලැබේ.
“මහණෙනි, සීල විපත්තිය හේතුකොට ගෙන හෝ, සත්ත්‍වයෝ කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති විනාශයට පැමිණෙත්. නිරයෙහි උපදිත්. මහණෙනි, චිත්ත විපත්තිය හේතුකොට ගෙන හෝ සත්ත්‍වයෝ කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, විනාශයට පැමිණෙත්. නිරයෙහි උපදිත්. මහණෙනි, දිට්ඨි විපත්තිය හේතුකොට ගෙන හෝ සත්ත්‍වයෝ කය බිඳීමෙන් මරණින් පසු, සැපයෙන් පහවූ, නපුරු ගති ඇති විනාශයට පැමිණෙත්. නිරයෙහි උපදිත්. මහණෙනි, මේ වනාහි විපත්ති තුන වෙත්.
“මහණෙනි, සම්පත් තුනකි. කවර තුනක්ද? සීල සම්පත්තිය, චිත්ත සම්පත්තිය, දිට්ඨි සම්පත්තිය යන මොහුයි. මහණෙනි, සීල සම්පත්තිය නම් කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් සතුන් මැරීමෙන් වැළකුණේ වේද, සොරකම් කිරීමෙන් වැළකුණේ වේද, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වේද, බොරු කීමෙන් වැළකුණේ වේද, කේලාම් කීමෙන් වැළකුණේ වේද, ඵරුෂ වචන කීමෙන් වැළකුණේ වේද, ප්‍රලාප කීමෙන් වැළකුණේ වේද,
“මහණෙනි, මේ වනාහි සීල සම්පත්තියයි කියනු ලැබේ. මහණෙනි, චිත්ත සම්පත්තිය නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් අභිද්‍යාව බහුල කොට නැත්තේ වේද, ව්‍යාපාද සිත් නැත්තේ වේද, මහණෙනි, මේ චිත්ත සම්පත්තියයි කියනු ලැබේ. මහණෙනි, දිට්ඨි සම්පත්තිය නම් කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුන් දෙයෙහි විපක ඇත, මහා දානයෙහි විපාක ඇත, පිදීමෙහි විපාක ඇත, කරන ලද හොඳ නරක කර්‍මයන්ගේ විපාක ඇත. මෙලොවක් ඇත, පරලොවක් ඇත, මවුට හොඳ හෝ නරක කිරීමෙහි විපාක ඇත, පියාට හොඳ හෝ නරක කිරීමෙහි විපාක ඇත. මැරී නැවත උපදින්නාවූ සත්ත්‍වයෝ ඇත. යම් කෙනෙක්, මෙලොවද පරලොවද තෙමේ විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට ප්‍රකාශ කරද්ද, යහපත් මාර්‍ගයෙහි ගමන් කළාවූ, මනාව පිළිපන්නාවූ, එවැනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි ඇතැයි ගත් සම්‍යක් දෘෂ්ටි ඇත්තෝ වෙයිද, විපරීත නොවූ දෘෂ්ටි ඇත්තෝ වෙයිද, මහණෙනි, මෙය දිට්ඨි සම්පත්තියයි කියනු ලැබේ.
“මහණෙනි, සීල සම්පත්තිය හේතුකොට ගෙනද සත්ත්‍වයෝ කය බිඳීමෙන් මරණින් පසු යහපත් පැමිණීම් ඇත්තාවූ ස්වර්‍ග ලෝකයෙහි උපදිත්. මහණෙනි, චිත්ත සම්පත්තිය හේතුකොට ගෙනද සත්ත්‍වයෝ කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයෙහි උපදිත්. මහණෙනි, දිට්ඨි සම්පත්තිය හේතුකොට ගෙනද සත්ත්‍වයෝ කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයෙහි උපදිත්.
“මහණෙනි, මේ වනාහි සම්පත් තුන වෙත්.
6. අපණ්ණකසුත්තං 6. අපණ්ණක සූත්‍රය
7. කම්මන්තසුත්තං 7. කම්මන්ත සූත්‍රය
8. පඨමසොචෙය්‍යසුත්තං 8. සොචෙය්‍ය සූත්‍රය
9. දුතියසොචෙය්‍යසුත්තං 9. දුතිය සොචෙය්‍ය සූත්‍රය
10. මොනෙය්‍යසුත්තං 10. මොනෙය්‍ය සූත්‍රය