ත්‍රිපිටකය
(11) 1. සම්බොධවග්ගො (11) 1. සම්බොධි වර්‍ගය
1. පුබ්බෙවසම්බොධසුත්තං 1. පුබ්බෙ සම්බොධා සූත්‍රය
2. පඨමඅස්සාදසුත්තං 2. අස්සාද පරියෙසන සූත්‍රය
3. දුතියඅස්සාදසුත්තං 3. දුතියඅස්සාදසුත්තං
4. සමණබ්‍රාහ්මණසුත්තං 4. සමණබ්‍රාහ්මණසුත්තං
5. රුණ්ණසුත්තං 5. රුණ්ණමිදං සූත්‍රය
6. අතිත්තිසුත්තං 6. නත්‍ථිතිත්ති සූත්‍රය
7. අරක්ඛිතසුත්තං 7. චිත්තරක්ඛණ සූත්‍රය
110
අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච - ‘‘චිත්තෙ, ගහපති, අරක්ඛිතෙ කායකම්මම්පි අරක්ඛිතං හොති, වචීකම්මම්පි අරක්ඛිතං හොති , මනොකම්මම්පි අරක්ඛිතං හොති. තස්ස අරක්ඛිතකායකම්මන්තස්ස අරක්ඛිතවචීකම්මන්තස්ස අරක්ඛිතමනොකම්මන්තස්ස කායකම්මම්පි අවස්සුතං හොති, වචීකම්මම්පි අවස්සුතං හොති, මනොකම්මම්පි අවස්සුතං හොති. තස්ස අවස්සුතකායකම්මන්තස්ස අවස්සුතවචීකම්මන්තස්ස අවස්සුතමනොකම්මන්තස්ස කායකම්මම්පි පූතිකං හොති, වචීකම්මම්පි පූතිකං හොති, මනොකම්මම්පි පූතිකං හොති. තස්ස පූතිකායකම්මන්තස්ස පූතිවචීකම්මන්තස්ස පූතිමනොකම්මන්තස්ස න භද්දකං මරණං හොති, න භද්දිකා කාලඞ්කිරියා.
‘‘සෙය්‍යථාපි, ගහපති, කූටාගාරෙ දුච්ඡන්නෙ කූටම්පි අරක්ඛිතං හොති, ගොපානසියොපි අරක්ඛිතා හොන්ති, භිත්තිපි අරක්ඛිතා හොති; කූටම්පි අවස්සුතං හොති, ගොපානසියොපි අවස්සුතා හොන්ති, භිත්තිපි අවස්සුතා හොති; කූටම්පි පූතිකං හොති, ගොපානසියොපි පූතිකා හොන්ති, භිත්තිපි පූතිකා හොති.
‘‘එවමෙවං ඛො, ගහපති, චිත්තෙ අරක්ඛිතෙ කායකම්මම්පි අරක්ඛිතං හොති, වචීකම්මම්පි අරක්ඛිතං හොති, මනොකම්මම්පි අරක්ඛිතං හොති. තස්ස අරක්ඛිතකායකම්මන්තස්ස අරක්ඛිතවචීකම්මන්තස්ස අරක්ඛිතමනොකම්මන්තස්ස කායකම්මම්පි අවස්සුතං හොති, වචීකම්මම්පි අවස්සුතං හොති, මනොකම්මම්පි අවස්සුතං හොති. තස්ස අවස්සුතකායකම්මන්තස්ස අවස්සුතවචීකම්මන්තස්ස අවස්සුතමනොකම්මන්තස්ස කායකම්මම්පි පූතිකං හොති, වචීකම්මම්පි පූතිකං හොති, මනොකම්මම්පි පූතිකං හොති. තස්ස පූතිකායකම්මන්තස්ස පූතිවචීකම්මන්තස්ස පූතිමනොකම්මන්තස්ස න භද්දකං මරණං හොති, න භද්දිකා කාලඞ්කිරියා.
‘‘චිත්තෙ , ගහපති, රක්ඛිතෙ කායකම්මම්පි රක්ඛිතං හොති, වචීකම්මම්පි රක්ඛිතං හොති, මනොකම්මම්පි රක්ඛිතං හොති. තස්ස රක්ඛිතකායකම්මන්තස්ස රක්ඛිතවචීකම්මන්තස්ස රක්ඛිතමනොකම්මන්තස්ස කායකම්මම්පි අනවස්සුතං හොති, වචීකම්මම්පි අනවස්සුතං හොති, මනොකම්මම්පි අනවස්සුතං හොති. තස්ස අනවස්සුතකායකම්මන්තස්ස අනවස්සුතවචීකම්මන්තස්ස අනවස්සුතමනොකම්මන්තස්ස කායකම්මම්පි අපූතිකං හොති, වචීකම්මම්පි අපූතිකං හොති, මනොකම්මම්පි අපූතිකං හොති. තස්ස අපූතිකායකම්මන්තස්ස අපූතිවචීකම්මන්තස්ස අපූතිමනොකම්මන්තස්ස භද්දකං මරණං හොති, භද්දිකා කාලඞ්කිරියා.
‘‘සෙය්‍යථාපි, ගහපති , කූටාගාරෙ සුච්ඡන්නෙ කූටම්පි රක්ඛිතං හොති, ගොපානසියොපි රක්ඛිතා හොන්ති, භිත්තිපි රක්ඛිතා හොති; කූටම්පි අනවස්සුතං හොති, ගොපානසියොපි අනවස්සුතා හොන්ති, භිත්තිපි අනවස්සුතා හොති; කූටම්පි අපූතිකං හොති, ගොපානසියොපි අපූතිකා හොන්ති, භිත්තිපි අපූතිකා හොති.
එවමෙවං ඛො, ගහපති, චිත්තෙ රක්ඛිතෙ කායකම්මම්පි රක්ඛිතං හොති, වචීකම්මම්පි රක්ඛිතං හොති, මනොකම්මම්පි රක්ඛිතං හොති. තස්ස රක්ඛිතකායකම්මන්තස්ස රක්ඛිතවචීකම්මන්තස්ස රක්ඛිතමනොකම්මන්තස්ස කායකම්මම්පි අනවස්සුතං හොති, වචීකම්මම්පි අනවස්සුතං හොති, මනොකම්මම්පි අනවස්සුතං හොති. තස්ස අනවස්සුතකායකම්මන්තස්ස අනවස්සුතවචීකම්මන්තස්ස අනවස්සුතමනොකම්මන්තස්ස කායකම්මම්පි අපූතිකං හොති, වචීකම්මම්පි අපූතිකං හොති, මනොකම්මම්පි අපූතිකං හොති. තස්ස අපූතිකායකම්මන්තස්ස අපූතිවචීකම්මන්තස්ස අපූතිමනොකම්මන්තස්ස භද්දකං මරණං හොති, භද්දිකා කාලඞ්කිරියා’’ති. සත්තමං.
110
“එකල්හි අනේපිඬු සිටු තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක හිඳගත්තේය. එක් පසෙක හිඳගත් අනේපිඬු ගෘහපතිහට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ගෘහපතිය, සිත නොරැකි කල්හි කාය කර්‍මයද නොරක්නා ලද්දේය, වාක් කර්‍මයද නොරක්නා ලද්දේය. මනො කර්‍මයද නොරක්නා ලද්දේය.
“නොරක්නා ලද කාය කර්‍මය ඇති, නොරක්නා ලද වාක් කර්‍මය ඇති, නොරක්නා ලද මනො කර්‍මය ඇති ඔහුගේ කාය කර්‍මයද කෙලෙසුන්ගෙන් තෙත් වූයේ වෙයි. වාක් කර්මයද කෙලෙසුන්ගෙන් තෙත් වූයේ වෙයි. මනො කර්‍මයද කෙලෙසුන්ගෙන් තෙත් වූයේ වෙයි. ඒ තෙත්වූ කාය කර්‍මය ඇති, තෙත්වූ වාක් කර්‍මය ඇති, තෙත්වූ මනො කර්‍මය ඇති, කාය කර්‍මද කුණුවූයේ වෙයි. වාක් කර්‍මද කුණුවූයේ වෙයි. මනො කර්‍මද කුණුවූයේ වෙයි. කුණුවූ කාය කර්ම ඇති, කුණුවූ වාක් කර්‍ම ඇති, කුණුවූ මනො කර්‍ම ඇති ඔහුගේ මරණය යහපත් නොවේ. යහපත් කාලක්‍රියාවක් නොවේ.
“ගෘහපතිය, කුළුගෙය මනාව සෙවිලි නොකළ කල්හි මුදුනද නොරැකුණේ වෙයි. පරාළද නොරැකුණාහු වෙති. භික්තිද නොරැකුණාහු වෙති. මුදුනද තෙත්වූයේ වෙයි. පරාලද තෙත්වූවාහු වෙත්. භික්තිද තෙත්වූවාහු වෙත්. මුදුනද කුණුවූයේ වෙයි. පරාලද කුණුවූවාහු වෙත්. භික්තිද කුණුවූවාහු වෙත්.
“ගෘහපතිය, එසේම සිත නොරැකි කල්හි කාය කර්‍මද නොරැකුණේ වෙයි. වාක් කර්‍මද නොරැකුණේ වෙයි. මනො කර්‍මද නොරැකුණේ වෙයි. නොරක්නා ලද කාය කර්‍මය ඇති, නොරක්නා ලද වාක් කර්‍මය ඇති, නොරක්නා ලද මනො කර්‍මය ඇති ඔහුගේ කාය කර්‍මයද කෙලෙසුන්ගෙන් තෙත් වූයේ වෙයි. වාක් කර්මයද කෙලෙසුන්ගෙන් තෙත් වූයේ වෙයි. මනො කර්‍මයද කෙලෙසුන්ගෙන් තෙත් වූයේ වෙයි. ඒ තෙත්වූ කාය කර්‍මය ඇති, තෙත්වූ වාක් කර්‍මය ඇති, තෙත්වූ මනො කර්‍මය ඇති, ඔහුගේ කාය කර්මද කුණුනොවූයේ වෙයි. වාක් කර්මද කුණුනොවූයේ වෙයි. මනො කර්මද කුණුනොවූයේ වෙයි. කුණු නොවූ කාය කර්ම ඇති, කුණු නොවූ වාක් කර්ම ඇති, කුණුනොවූ මනො කර්ම ඇති ඔහුගේ මරණය යහපත් වෙයි. කාලක්‍රියාව යහපත් වෙයි.
“ගෘහපතිය, සිත රැකි කල්හි කායකර්‍මද රැකුණේ වෙයි. වාක්කර්මද රැකුණේ වෙයි. මනොකර්මද රැකුණේ වෙයි. රැකුණ කායකර්ම ඇති, රැකුණ වාක්කර්ම ඇති, රැකුණ මනොකර්ම ඇති ඔහුගේ කායකර්මද තෙත් නොවූයේ වෙයි. වාක්කර්මද තෙත් නොවූයේ වෙයි. මනොකර්මද තෙත් නොවූයේ වෙයි. තෙත්නොවූ කායකර්ම ඇති, තෙත් නොවූ වාක්කර්ම ඇති, තෙත් නොවූ මනොකර්ම ඇති, ඔහුගේ කායකර්මද කුණු නොවූයේ වෙයි. වාක්කර්මද කුණු නොවූයේ වෙයි. මනොකර්‍මද කුණු නොවූයේ වෙයි. කුණු නොවූ කායකර්ම ඇති, කුණු නොවූ වාක්කර්ම ඇති, කුණු නොවූ මනොකර්ම ඇති ඔහුගේ මරණය යහපත් වෙයි. කාලක්‍රියාව යහපත් වෙයි..
“ගෘහපතිය, කුළුගෙය මනාව සෙවිලිකළ කල්හි මුදුණද රැකුණේ වෙයි. පරාළද රැකුණේ වෙයි.. භිත්තිද රැකුණේ වෙයි.. මුදුනද තෙත් නොවූයේ වෙයි. පරාලද තෙත් නොවූයේ වෙයි. භික්තිද තෙත් නොවූයේ වෙයි. මුදුනද කුණු නොවූයේ වෙයි. පරාලද කුණු නොවූයේ වෙයි. භික්තිද කුණු නොවූයේ වෙයි.
“ගෘහපතිය, එසේම සිත රැකි කල්හි කායකර්‍මද රැකුණේ වෙයි. වාක්කර්මද රැකුණේ වෙයි. මනොකර්මද රැකුණේ වෙයි. රැකුණ කායකර්ම ඇති, රැකුණ වාක්කර්ම ඇති, රැකුණ මනොකර්ම ඇති ඔහුගේ කායකර්මද තෙත් නොවූයේ වෙයි. වාක්කර්මද තෙත් නොවූයේ වෙයි. මනොකර්මද තෙත් නොවූයේ වෙයි. තෙත්නොවූ කායකර්ම ඇති, තෙත් නොවූ වාක්කර්ම ඇති, තෙත් නොවූ මනොකර්ම ඇති, ඔහුගේ කායකර්මද කුණු නොවූයේ වෙයි. වාක්කර්මද කුණු නොවූයේ වෙයි. මනොකර්‍මද කුණු නොවූයේ වෙයි. කුණු නොවූ කායකර්ම ඇති, කුණු නොවූ වාක්කර්ම ඇති, කුණු නොවූ මනොකර්ම ඇති ඔහුගේ මරණය යහපත් වෙයි. කාලක්‍රියාව යහපත් වෙයි..
8. බ්‍යාපන්නසුත්තං 8. චිත්ත ව්‍යාපාද සූත්‍රය
9. පඨමනිදානසුත්තං 9. පඨම කම්ම නිදාන සූත්‍රය
10. දුතියනිදානසුත්තං 10. දුතිය කම්මනිදාන සූත්‍රය