(10) 5. ලොණකපල්ලවග්ගො | (10) 5. ලෝණඵල වර්ගය |
1. අච්චායිකසුත්තං | 1. අච්චායික කරණීය සූත්‍රය |
93
‘‘තීණිමානි
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, තීණිමානි භික්ඛුස්ස අච්චායිකානි කරණීයානි. කතමානි තීණි? අධිසීලසික්ඛාසමාදානං, අධිචිත්තසික්ඛාසමාදානං, අධිපඤ්ඤාසික්ඛාසමාදානං - ඉමානි ඛො, භික්ඛවෙ, තීණි භික්ඛුස්ස අච්චායිකානි කරණීයානි. තස්ස ඛො තං, භික්ඛවෙ, භික්ඛුනො නත්ථි සා ඉද්ධි වා අනුභාවො වා - ‘අජ්ජෙව මෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චතු ස්වෙ වා උත්තරස්වෙ වා’ති. අථ ඛො, භික්ඛවෙ, හොති සො සමයො යං තස්ස භික්ඛුනො අධිසීලම්පි සික්ඛතො අධිචිත්තම්පි සික්ඛතො අධිපඤ්ඤම්පි සික්ඛතො අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං - ‘තිබ්බො නො ඡන්දො භවිස්සති අධිසීලසික්ඛාසමාදානෙ, තිබ්බො ඡන්දො භවිස්සති අධිචිත්තසික්ඛාසමාදානෙ
|
93
“මහණෙනි, ගෘහපති ගොවියා විසින් ඉක්මනින් කළ යුතුවූ වැඩ තුනක් වෙත්. කවර තුනක්ද යත්? මහණෙනි, ගෘහපති ගොවි තෙමේ කෙත වහ වහා මනාව සාන්නේ වෙයි. වහ වහා මනාව සමතලා කරන්නේ වෙයි. වහ වහා සී සා, වහ වහා සමතලා කොට, වහ වහා බීජ වපුරන්නේ වෙයි. වහ වහා බීජ වපුරා, වහ වහා වතුර බඳින්නේද, වතුර හරින්නේ ද වෙයි. මහණෙනි, මේ ගොවි ගෘහපතියා විසින් ඉක්මනින් කටයුතුවූ වැඩ තුන වෙත්.
“මහණෙනි, ඒ ගෘහපති ගොවියාහට, ‘මාගේ ධන්‍ය අදම පැළ වෙත්වා, හෙට ගැබ් ගනිත්වා, අනිද්දා පැසෙත්වා’ යි ඎද්ධියක් හෝ ආනුභාවයක් හෝ නැත. යම් කලෙක ඒ ගෘහපති ගොවියාගේ ඒ ධාන්‍ය ඎතු පරිණාමයට පැමිණ පැළවන්නේත්, ගැබ් ගන්නේත්, පැසෙන්නේත් වෙයිද, එබඳු කාලයක් ඇත්තේය.
“මහණෙනි, එසේම භික්ෂුව විසින් ඉක්මනින් කළ යුතුවූ වැඩ තුනක් වෙත්. කවර තුනක්ද? අධිහීල ශික්ෂා සමාදානයද, අධිචිත්ත ශික්ෂා සමාදානයද, අධිප්‍රඥා ශික්ෂා සමාදානයද වෙයි. මහණෙනි, මේ භික්ෂුව විසින් ඉක්මනින් කළ යුතු තුන වෙත්.
“මහණෙනි, ඒ භික්ෂුවට, ‘අදම හෝ හෙටම හෝ අනිද්දාම හෝ මාගේ සිත ආශ්‍රවයන් කෙරෙන් මිදේවා’ යි ඎද්ධියක් හෝ ආනුභාවයක් හෝ නැත.
“මහණෙනි, හුදෙක් යම් කලෙක අධිශීලයෙහි හික්මෙන්නාවූද, අධිචිත්තයෙහි හික්මෙන්නාවූද, අධිප්‍රඥාවෙහි හික්මෙන්නාවූද, ඒ භික්ෂුවගේ සිත ආශ්‍රවයන් කෙරෙන් මිදෙයිද, එබඳු කාලයක් ඇත්තේය.
“මහණෙනි, එහෙයින් අධිශීල ශික්ෂා සමාදානයෙහි මාගේ බලවත් කැමැත්ත වන්නේය. අධිචිත්ත ශික්ෂා සමාදානයෙහි මාගේ බලවත් කැමැත්ත වන්නේය. අධිප්‍රඥා ශික්ෂා සමාදානයෙහි මාගේ බලවත් කැමැත්ත වන්නේයයි මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
|
2. පවිවෙකසුත්තං | 2. පවිවෙකත්ත සූත්‍රය |
94
‘‘තීණිමානි
‘‘තත්රිදං, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා චීවරපවිවෙකස්මිං පඤ්ඤාපෙන්ති, සාණානිපි ධාරෙන්ති, මසාණානිපි ධාරෙන්ති, ඡවදුස්සානිපි ධාරෙන්ති, පංසුකූලානිපි ධාරෙන්ති, තිරීටානිපි ධාරෙන්ති, අජිනම්පි ධාරෙන්ති, අජිනක්ඛිපම්පි ධාරෙන්ති, කුසචීරම්පි ධාරෙන්ති, වාකචීරම්පි ධාරෙන්ති, ඵලකචීරම්පි ධාරෙන්ති, කෙසකම්බලම්පි ධාරෙන්ති, වාලකම්බලම්පි ධාරෙන්ති
‘‘තත්රිදං, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා පිණ්ඩපාතපවිවෙකස්මිං පඤ්ඤාපෙන්ති. සාකභක්ඛාපි හොන්ති, සාමාකභක්ඛාපි හොන්ති, නීවාරභක්ඛාපි හොන්ති, දද්දුලභක්ඛාපි හොන්ති, හටභක්ඛාපි හොන්ති, කණභක්ඛාපි හොන්ති, ආචාමභක්ඛාපි හොන්ති, පිඤ්ඤාකභක්ඛාපි හොන්ති, තිණභක්ඛාපි හොන්ති, ගොමයභක්ඛාපි හොන්ති, වනමූලඵලාහාරා යාපෙන්ති පවත්තඵලභොජී. ඉදං ඛො, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා පිණ්ඩපාතපවිවෙකස්මිං පඤ්ඤාපෙන්ති.
‘‘තත්රිදං, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා සෙනාසනපවිවෙකස්මිං පඤ්ඤාපෙන්ති අරඤ්ඤං රුක්ඛමූලං සුසානං
(රුක්ඛමූලං භුසාගාරං සුසානං (ක.)) වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං භුසාගාරං
(සුඤ්ඤාගාරං (ක.)). ඉදං ඛො, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා සෙනාසනපවිවෙකස්මිං පඤ්ඤාපෙන්ති. ඉමානි ඛො, භික්ඛවෙ, තීණි
‘‘තීණි ඛො පනිමානි, භික්ඛවෙ, ඉමස්මිං ධම්මවිනයෙ භික්ඛුනො පවිවෙකානි. කතමානි තීණි? ඉධ, භික්ඛවෙ, භික්ඛු සීලවා ච හොති, දුස්සීල්යඤ්චස්ස පහීනං හොති, තෙන ච විවිත්තො හොති; සම්මාදිට්ඨිකො ච හොති, මිච්ඡාදිට්ඨි චස්ස පහීනා හොති, තාය ච විවිත්තො හොති; ඛීණාසවො ච හොති, ආසවා චස්ස පහීනා හොන්ති, තෙහි ච විවිත්තො හොති
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, කස්සකස්ස ගහපතිස්ස සම්පන්නං සාලික්ඛෙත්තං. තමෙනං කස්සකො ගහපති සීඝං සීඝං
(සීඝසීඝං (සී. ස්‍යා. කං. පී.)) ලවාපෙය්ය. සීඝං සීඝං ලවාපෙත්වා සීඝං සීඝං සඞ්ඝරාපෙය්ය. සීඝං සීඝං සඞ්ඝරාපෙත්වා සීඝං සීඝං
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, යතො භික්ඛු සීලවා ච හොති, දුස්සීල්යඤ්චස්ස පහීනං හොති, තෙන ච විවිත්තො හොති; සම්මාදිට්ඨිකො ච හොති, මිච්ඡාදිට්ඨි චස්ස පහීනා හොති, තාය ච විවිත්තො හොති; ඛීණාසවො ච හොති, ආසවා චස්ස පහීනා හොන්ති, තෙහි ච විවිත්තො හොති. අයං වුච්චති, භික්ඛවෙ, ‘භික්ඛු අග්ගප්පත්තො සාරප්පත්තො සුද්ධො සාරෙ පතිට්ඨිතො’’’ති. දුතියං.
|
94
“මහණෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ විවේක තුනක් පනවත්. කවර තුනක්ද යත්? චීවර පවිවේකය, (සිවුරෙහි ආසාවෙන් වෙන්වීම), පිණ්ඩපාත පවිවේකය, (ආහාරයෙහි ආශාවෙන් වෙන්වීම), සේනාසන පවිවේකය (සෙනසුනෙහි ආශාවෙන් වෙන්වීම) යන මේ තුනය.
“මහණෙනි, එයින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙය චීවර පවිවේකයෙහි පනවත්. හන වැහැරිද දරත්. හන මිශ්‍ර වස්ත්‍රද දරත්. මල සිරුරුවලින් ඉවත් කරණ ලද වස්ත්‍රද දරත්. බිම විසිකර දමන ලද වස්ත්‍රද, රුක් පතුරුද දරත්. දිවි සම්ද දරත්. මැදින් පලන ලද කුර සහිත දිවි සම්ද දරත්. කුසතණ වැහැරිද දරත්. දුහුල් වැහැරිද දරත්. ලෑලි තීරුද දරත්. හිසකේ වලින කළ වස්ත්‍රද දරත්. අස් ලොමින් කළ වස්ත්‍රද දරත්. බකමූණු පිහාටුද දරත්. මහණෙනි, මෙය අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ චීවර පවිවේකයෙහි පනවත්.
“මහණෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙය පිණ්ඩපාත විවේකයෙහි පණවත්. අමුකොළ කන්නාහුද වෙත්. බඩ හාමු කන්නාහුද වෙත්. ඉබේට හැදුණ වී වර්ග කන්නාහුද වෙත්. සම් කුඩු කන්නාහුද වෙත්. රුක් මැලියන් කන්නාහුද වෙත්. වී කුඩු කන්නාහුද වෙත්. දංකුඩ කන්නාහුද වෙත්. පුනක්කු කන්නාහුද වෙත්. තෘණ කන්නාහුද වෙත්. ගොම කන්නාහුද වෙත්. වනමුල් ගෙඩි කන්නාහුද වෙත්. මහණෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙය පිණ්ඩපාත විවේකයෙහි පනවත්.
“මහණෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙය සේනාසන විවේකයෙහි පනවත්. අරණ්‍යයය, රුක්මුලය, සොහොනය, ගමට දුර කැලයය, එළිමහණ, පිදුරු ගොඩ, කමත යන මේයි. මහණෙනි, මෙය අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ සේනාසන විවේකයෙහි පනවත්. මහණෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මේ විවේක තුන පනවත්.
“මහණෙනි, මේ ධර්ම විනය සංඛ්‍යාත ශාසනයෙහි භික්ෂුවට විවේක තුනක් වෙත්. කවර තුනක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සිල්වත් වේද, ඔහු විසින් දුස්සීල බව පහකරණ ලද්දේ වෙයිද, එයින් වෙන්වූයේ වෙයිද, සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද, ඔහු විසින් මිත්‍යාදෘෂ්ටිය පහ කරණ ලද්දේ වෙයිද, එයින් වෙන් වූයේ වෙයිද, ක්ෂය කරණ ලද ආශ්‍රව ඇත්තේ වෙයිද, ඔහු විසින් ආශ්‍රවයෝ පහ කරණ ලද්දාහු වෙත්ද, එයින් වෙන්වූයේ වෙයිද, මහණෙනි, මේ මහණ තෙම සීලයෙන් කෙළවරට පැමිණියේ යයිද, සීල සාරයට පැමිණියේ යයිද, පිරිසිදු වූයේ යයිද, සීල, සමාධි ප්‍රඥා සාරයෙහි පිහිටියේ යයිද, කියනු ලැබේ.
“මහණෙනි, ගෘහපති ගොවියාගේ පැසුණාවූ හාල් කෙතක් වේද, ගෘහපති ගොවිතෙම වහ වහා සිඳුවන්නේය. වහ වහා සිඳුවා, වහ වහා එකතු කරවන්නේය. වහ වහා එකතු කරවා, වහ වහා කමතෙහි රැස් කරවන්නේය. වහ වහා කමතෙහි රැස් කරවා, වහ වහා කොළ ගස්වන්නේය. වහ වහා කොළ ගස්වා, මඩවන්නේය. වහ වහා මඩවා, මැඩුවන් බාන්නේය. වහ වහා මැඩුවන් බා, වහ වහා බොල් පොලා හරින්නේය. වහ වහා බොල් පොලා හැර, වහ වහා අටු කොටු වලට ගෙන්වන්නේය. වහ වහා ගෙන්වා, වහ වහා කොටවන්නේය. වහ වහා කොටවා, වහ වහා පොතු ඉවත් කරන්නේය. මහණෙනි, ඒ ගෘහපති ගොවියාගේ ඒ ධාන්‍ය මෙසේ අග්‍ර බවට පැමිණියාහුද, සාර බවට පැමිණියාහුද, පිරිසිදුවූවාහුද, සාරයෙහි පිහිටියාහුද වෙත්.
“මහණෙනි, එසේ මහණ තෙමේ සිල්වත්වූයේ වෙයිද, ඔහු විසින් දුස්සීල බව පහ කරණ ලද්දේ වෙයිද, එයින් වෙන් වූයේ වෙයිද, සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වේද, ඔහු විසින් මිත්‍යා දෘෂ්ටිය පහ කරණ ලද්දේ වෙයිද, එයින් වෙන්වූයේ වෙයිද, ක්ෂය කරණ ලද ආශ්‍රවයන් ඇත්තේ වෙයිද, ඔහු විසින් ආශ්‍රවයෝ ක්ෂය කරණ ලද්දාහු වෙත්ද, එයින් වෙන්වූයේ වෙයිද, මහණෙනි, මේ මහණ තෙමේ අග්‍ර බවට පැමිණියේ යයිද, සාර බවට පැමිණියේ යයිද, පිරිසිදු වූයේ යයිද, සාරයෙහි පිහිටියේ යයිද කියනු ලැබේ.
|
3. සරදසුත්තං | 3. සරදසුත්තං |
95
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, සරදසමයෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ ආදිච්චො නභං අබ්භුස්සක්කමානො
(අබ්භුස්සුක්කමානො (සී. පී.)) සබ්බං ආකාසගතං තමගතං අභිවිහච්ච භාසතෙ ච තපතෙ ච විරොචති ච.
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, යතො අරියසාවකස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උප්පජ්ජති
(උදපාදි (සබ්බත්ථ)), සහ
‘‘අථාපරං ද්වීහි ධම්මෙහි නිය්යාති අභිජ්ඣාය ච බ්යාපාදෙන ච. සො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. තස්මිං චෙ, භික්ඛවෙ, සමයෙ අරියසාවකො කාලං කරෙය්ය, නත්ථි තං
(තස්ස (ක.)) සංයොජනං යෙන
|
95
“මහණෙනි, යම් සේ සරත් ඎතුවෙහි අහස පිරිසිදු වූ කල්හි, පහවූ වළාකුල් ඇති කල්හි, අහස මැදට පැමිණි සූර්‍ය්‍යයා අහසෙහි සියලු අඳුරු දුරුකොට ආලෝක කරන්නේද, තවන්නේද, බබලන්නේද වෙයි. මහණෙනි, එසේම යම් විටෙක ආර්‍ය්‍ය ශ්‍රාවකයාහට කෙළෙස් රජස් රහිතවූ, කෙළස් මල දුරුවූ ධර්ම චක්ෂුස (සෝවාන් මාර්ග ඥානය) පහළ වූයේද, මහණෙනි, ඒ සෝවාන් මාර්ග ඥානය පහළවීම සමගම ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන පහවෙත්.
“ඉන් පසුව අභිද්යාවෙන්ද, ව්යාපාදයෙන්ද, යන ධර්ම දෙකින් එතර වෙයි. හෙතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුසලයන්ගෙන් වෙන්වම, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි ආර්‍ය්‍ය ශ්‍රවක තෙම කාලක්‍රියා කරන්නේ නම් යම් සංයෝජනයකින් බැඳුනු ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නැවත මේ ලෝකයට පැමිණෙන්නේ නම් ඔහුට එබඳු සංයෝජනයක් නැත්තේය.
|
4. පරිසාසුත්තං | 3. අග්ගවතී (හෝ) පරිසත්තය සූත්‍රය |
96
‘‘තිස්සො
‘‘කතමා
‘‘කතමා ච, භික්ඛවෙ, වග්ගා පරිසා? ඉධ, භික්ඛවෙ, යස්සං පරිසායං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති, අයං වුච්චති, භික්ඛවෙ, වග්ගා පරිසා.
‘‘කතමා ච, භික්ඛවෙ, සමග්ගා පරිසා? ඉධ, භික්ඛවෙ, යස්සං පරිසායං භික්ඛූ සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරන්ති, අයං වුච්චති, භික්ඛවෙ, සමග්ගා පරිසා.
‘‘යස්මිං
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, උපරිපබ්බතෙ ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ තං උදකං යථානින්නං පවත්තමානං පබ්බතකන්දරපදරසාඛා පරිපූරෙති, පබ්බතකන්දරපදරසාඛා පරිපූරා කුසොබ්භෙ
(කුස්සුම්භෙ (සී. පී.), කුසුම්භෙ (ස්‍යා. කං. ක.)) පරිපූරෙන්ති, කුසොබ්භා පරිපූරා මහාසොබ්භෙ
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, යස්මිං සමයෙ භික්ඛූ සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි
|
96
“මහණෙනි, මේ පිරිස් තුනකි. කවර තුනක්ද? අග්‍රවූ පිරිසය, වර්ග (භෙද) වූ පිරිසය, සමගි පිරිසය යනුයි.
“මහණෙනි, අග්‍රවූ පිරිස නම් කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසක ස්ථවිර භික්ෂූහු ප්‍රත්‍ය බහුලකොට ඇත්තෝ නොවෙත්ද, ශාසනය ලිහිල්කොට ගත්තෝ නොවෙත්ද, නීවරණයන්හි බහා තබන ලද බර ඇත්තාහු වෙත්ද, ත්‍රිවිධ විවේකය පෙරටු කොට ඇත්තාහු වෙත්ද, නොපැමිණි ගුණයන්ට පැමිණීම පිණිසද, අවබෝධ නොකළ ගුණයන් අවබෝධ කරණු පිණිසද, ප්රත්යක්ෂ නොකළ ගුණයන් ප්රත්යක්ෂ කිරීම පිණිසද, වීර්‍ය්‍ය කරන්නේ වෙයිද, ඔවුන්ගේ පසු ජනතාව ඔවුන් අනුව යන්නීය. පසු ජනතාවද ප්‍රත්‍ය බහුලකොට ඇත්තී නොවෙයි. ශාසනය ලිහිල් කොට ගන්නී නොවෙයි. නීවරණයන්හි බහා තබන ලද බර ඇත්තී වෙයි. විවේකය පෙරටු කොට ඇත්තී වෙයි. නොපැමිණි ගුණයන්ට පැමිණීම පිණිසත්, අවබෝධ නොකළ ගුණයන් අවබෝධ කිරීම පිණිසත්, ප්රත්යක්ෂ නොකළ ගුණයන් ප්රත්යක්ෂ කිරීම පිණිසත්, වීර්‍ය්‍යය කරහි. මහණෙනි, මේ අග්‍ර පිරිස යයි කියනු ලැබේ.
“මහණෙනි, වර්ග පිරිස නම් කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසක් භික්ෂූහු හටගත් ඩබර ඇතිව, හටගත් කලහ ඇතිව, විරුද්ධ වාදයට පැමිණ, ඔවු නොවුන් වචන නමැති ආවුධවලින් විද ගනිමින්, වාසය කෙරෙද්ද, මහණෙනි, මේ වර්ග පිරිසයයි කියනු ලැබේ.
“මහණෙනි, සමගි පිරිස නම් කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසක භික්ෂූහු සමගිව සතුටු වෙමින්, විවාද නොකරමින්, කිරිත්, වතුරත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරත්ද, මහණෙනි, මේ පිරිස සමගි පිරිස යයි කියනු ලැබේ..
“මහණෙනි, යම් කලෙක භික්ෂූහු සමගිව, සතුටුව, විවාද නොකරමින්, කිරිත් වතුරත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරද්ද,
“මහණෙනි, එකල්හි භික්ෂූහු බොහෝ පින් රැස් කරත්. මහණෙනි, එකල්හි යම් මුදිතා විත්ත සමාධියක් වේද, ඒ මුදිතා චිත්ත සමාධියයයි කියන ලද බ්‍රහ්ම විහරණයෙන් යුක්තව වාසය කරත්. මුදිතායෙන් සතුටු වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තාහුගේ නාම කය සංසිඳෙයි. සංසිඳුනු කය ඇත්තේ සැපය විඳියි. සැපවත්වූවහුගේ සිත සමාධියට පැමිණෙයි.
“මහණෙනි, මෙසේ කඳුකරයෙහි මහපොද ඇති වැසි වස්නා කල්හි ඒ ජලය පහත් තැන් කරා ගලා යන්නේ කඳුරැලි ඇල දොළ පිරීයන්නේද, කඳුරැලි ඇල දොළ පිරී යාමෙන් කුඩා පතස් පිරෙයිද, කුඩා පතස් පිරීමෙන් මහ පතස් පිරෙයිද, මහ පතස් පිරීමෙන් කුඩා ගංගා පිරෙයිද, කුඩා ගංගා පිරීමෙන් මහ ගංගා පිරෙයිද, මහ ගංගා පිරීමෙන් සමුද්‍රය පිරෙයිද, මහණෙනි, එපරිද්දෙන් යම් කලෙක භික්ෂූහු සමගිව, සතුටුව, විවාද නොකරමින්, කිරිත් දියත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්‍රිය චක්ෂුසින් බලමින් වාසය කරත්ද,
“මහණෙනි, එකල්හි භික්ෂූහු බොහෝ පින් රැස් කරත්. මහණෙනි, එකල්හි භික්ෂූහු යම් මුදිතා සමාධියක් ඇත්නම් ඒ මුදිතා බ්‍රහ්ම විහරණයෙන් යුක්තව වාසය කරයි. මුදිතාවෙන් යුක්ත වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීතියෙන් යුක්තවූවහුගේ නාම කය සංසිඳෙයි. සංසිඳුනු කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධියට පැමිණෙයි. මහණෙනි, මේ වනාහි තුන් පිරිස වේයයි වදාළ සේක.
|
5. පඨමආජානීයසුත්තං | 5. අස්සාජානි සූත්‍රය |
97
‘‘තීහි, භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො
(භද්දො (ක.)) අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්තෙව සඞ්ඛ්‍යං
(සඞ්ඛං (සී. ස්‍යා. කං. පී.)) ගච්ඡති. කතමෙහි තීහි? ඉධ, භික්ඛවෙ, රඤ්ඤො භද්රො අස්සාජානීයො වණ්ණසම්පන්නො ච හොති බලසම්පන්නො ච ජවසම්පන්නො ච. ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්තෙව සඞ්ඛ්‍යං ගච්ඡති. එවමෙවං ඛො, භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු වණ්ණසම්පන්නො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු වණ්ණසම්පන්නො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු බලසම්පන්නො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු ආරද්ධවීරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු ජවසම්පන්නො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති; ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති; ‘අයං
|
97
“මහණෙනි, අඞ්ග තුනකින් යුත් යහපත්වූ රජහුගේ අජානීය අශ්ව තෙම රජු විසින් පරිභෝග කළ යුත්තේ, රජුට සුදුසුවූයේ වෙයි. රජහුගේ අඞ්ගයෙක යන සංඛ්‍යාවට පැමිණෙයි.
“කවර අඞ්ග තුනෙකින්ද? මහණෙනි, මෙහි රජහුගේ යහපත්වූ අජානීය අශ්ව තෙම වර්ණයෙන් යුක්තවූයේ වෙයිද, බලයෙන් යුක්තවූයේ වෙයිද, ජවයෙන් යුක්තවූයේ වෙයිද, මහණෙනි, මේ අඞ්ග තුනෙන් යුත් රජහුගේ යහපත් අජානීය අශ්ව තෙම රජු විසින් පරිභෝග කළ යුත්තේ, රජුට සුදුසුවූයේ වෙයි.
“මහණෙනි, එසේම ධර්ම තුනකින් යුත් මහණ තෙමේ ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. දුර සිට ගෙනෙන ලද ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. ඇඳිලි බැඳ නමස්කාර කිරීමට සුදුසුවූයේ වෙයි. ලෝකයාගේ අනුත්තර පුන්‍ය ක්ෂෙත්රය වෙයි.
“කවර තුනකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම වර්ණයෙන් යුක්ත වූයේද වෙයි. බලයෙන් යුක්තවූයේද වෙයි. ජවයෙන් යුක්තවූයේද වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙම වර්ණයෙන් යුක්තවූයේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සිල්වත්වූයේ, ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවරවූයේ, ආචාර ගෝචර දෙකින් යුක්තව වාසය කරයිද, කුඩා වරදෙහිද භය දකිමින් ශික්‍ෂාපයන්හි දැඩි සමාදානයෙන් යුක්තව වාසය කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ වර්ණයෙන් යුක්තවූයේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහන තෙමේ බලයෙන් යුක්තවූයේ වෙයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහන තෙමේ අකුශල ධර්මයන්ගේ ප්රහාණය පිණිසත්, කුශල ධර්මයන්ගේ වැඩීම පිණිසත්, පටන්ගන්නා ලද වීර්‍ය්‍යයෙන් යුක්තව, දැඩි වීර්‍ය්‍යයෙන් යුක්තව, දෘඪ පරාක්‍රමයෙන් යුක්තව, කුසල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇතිව වාසය කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ බලයෙන් යුක්ත වූයේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ ජවයෙන් යුක්ත වූයේ වෙයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මෙය දුකයයි තත්වාකාරයෙන් දනීද, මෙය දුකට හේතුවයයි තත්වාකාරයෙන් දනීද, මෙය දුක නැතිකිරීමයයි තත්වාකාරයෙන් දනීද, මෙය දුක් නැතිකිරීමේ මාර්ගයයයි තත්වාකාරයෙන් දනීද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම ජවයෙන් යුක්තවූයේ වෙයි.
“මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුත් මහණ තෙමේ ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. දුර සිට ගෙනෙන ලද ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. ඇඳිලි බැඳ නමස්කාර කිරීමට සුදුසුවූයේ වෙයි. ලෝකයාගේ අනුත්තර පුන්‍ය ක්ෂෙත්රය වේය” යි වදාළ සේක.
|
6. දුතියආජානීයසුත්තං | 6. දුතිය අස්සාජානීය සූත්‍රය |
98
‘‘තීහි, භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්තෙව සඞ්ඛයං ගච්ඡති. කතමෙහි තීහි? ඉධ, භික්ඛවෙ, රඤ්ඤො භද්රො අස්සාජානීයො වණ්ණසම්පන්නො ච හොති බලසම්පන්නො ච ජවසම්පන්නො ච. ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො
‘‘කථඤ්ච
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු බලසම්පන්නො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු ආරද්ධවීරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු බලසම්පන්නො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු ජවසම්පන්නො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී
|
98
“මහණෙනි, අඞ්ග තුනකින් යුත් යහපත්වූ රජහුගේ අජානීය අශ්ව තෙම රජු විසින් පරිභෝග කළ යුත්තේ, රජුට සුදුසුවූයේ වෙයි. රජහුගේ අඞ්ගයෙක යන සංඛ්‍යාවට පැමිණෙයි.
“කවර අඞ්ග තුනෙකින්ද? මහණෙනි, මෙහි රජහුගේ යහපත්වූ අජානීය අශ්ව තෙම වර්ණයෙන් යුක්තවූයේ වෙයිද, බලයෙන් යුක්තවූයේ වෙයිද, ජවයෙන් යුක්තවූයේ වෙයිද, මහණෙනි, මේ අඞ්ග තුනෙන් යුත් රජහුගේ යහපත් අජානීය අශ්ව තෙම රජු විසින් පරිභෝග කළ යුත්තේ, රජුට සුදුසුවූයේ වෙයි.
“මහණෙනි, එසේම ධර්ම තුනකින් යුත් මහණ තෙමේ ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. දුර සිට ගෙනෙන ලද ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. ඇඳිලි බැඳ නමස්කාර කිරීමට සුදුසුවූයේ වෙයි. ලෝකයාගේ අනුත්තර පුන්‍ය ක්ෂෙත්රය වෙයි.
“කවර තුනකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම වර්ණයෙන් යුක්ත වූයේද වෙයි. බලයෙන් යුක්තවූයේද වෙයි. ජවයෙන් යුක්තවූයේද වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙම වර්ණයෙන් යුක්තවූයේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සිල්වත්වූයේ, ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවරවූයේ, ආචාර ගෝචර දෙකින් යුක්තව වාසය කරයිද, කුඩා වරදෙහිද භය දකිමින් ශික්‍ෂාපයන්හි දැඩි සමාදානයෙන් යුක්තව වාසය කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ වර්ණයෙන් යුක්තවූයේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහන තෙමේ බලයෙන් යුක්තවූයේ වෙයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහන තෙමේ අකුශල ධර්මයන්ගේ ප්රහාණය පිණිසත්, කුශල ධර්මයන්ගේ වැඩීම පිණිසත්, පටන්ගන්නා ලද වීර්‍ය්‍යයෙන් යුක්තව, දැඩි වීර්‍ය්‍යයෙන් යුක්තව, දෘඪ පරාක්‍රමයෙන් යුක්තව, කුසල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇතිව වාසය කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ බලයෙන් යුක්ත වූයේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ ජවයෙන් යුක්ත වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් ඒ ලෝකයෙන් නොඑන ස්වභාවය ඇත්තාවූ, එය පිරිනිවෙන්නාවූ, ඔපපාතික පුද්ගලයෙක් වෙයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ ජවයෙන් යුක්ත වූයේ වෙයි.
“මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුත් මහණ තෙමේ ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. දුර සිට ගෙනෙන ලද ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. ඇඳිලි බැඳ නමස්කාර කිරීමට සුදුසුවූයේ වෙයි. ලෝකයාගේ අනුත්තර පුන්‍ය ක්ෂෙත්රය වේය” යි වදාළ සේක.
|
7. තතියආජානීයසුත්තං | 7. තතිය අස්සාජානි සූත්‍රය |
99
‘‘තීහි, භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්තෙව සඞ්ඛයං ගච්ඡති. කතමෙහි තීහි? ඉධ
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු වණ්ණසම්පන්නො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු සීලවා හොති
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු බලසම්පන්නො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු ආරද්ධවීරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු බලසම්පන්නො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු ජවසම්පන්නො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු ජවසම්පන්නො හොති. ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’’ති. සත්තමං.
|
99
“මහණෙනි, අඞ්ග තුනකින් යුත් යහපත්වූ රජහුගේ අජානීය අශ්ව තෙම රජු විසින් පරිභෝග කළ යුත්තේ, රජුට සුදුසුවූයේ වෙයි. රජහුගේ අඞ්ගයෙක යන සංඛ්‍යාවට පැමිණෙයි.
“කවර අඞ්ග තුනෙකින්ද? මහණෙනි, මෙහි රජහුගේ යහපත්වූ අජානීය අශ්ව තෙම වර්ණයෙන් යුක්තවූයේ වෙයිද, බලයෙන් යුක්තවූයේ වෙයිද, ජවයෙන් යුක්තවූයේ වෙයිද, මහණෙනි, මේ අඞ්ග තුනෙන් යුත් රජහුගේ යහපත් අජානීය අශ්ව තෙම රජු විසින් පරිභෝග කළ යුත්තේ, රජුට සුදුසුවූයේ වෙයි.
“මහණෙනි, එසේම ධර්ම තුනකින් යුත් මහණ තෙමේ ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. දුර සිට ගෙනෙන ලද ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. ඇඳිලි බැඳ නමස්කාර කිරීමට සුදුසුවූයේ වෙයි. ලෝකයාගේ අනුත්තර පුන්‍ය ක්ෂෙත්රය වෙයි.
“කවර තුනකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම වර්ණයෙන් යුක්ත වූයේද වෙයි. බලයෙන් යුක්තවූයේද වෙයි. ජවයෙන් යුක්තවූයේද වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණ තෙම වර්ණයෙන් යුක්තවූයේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සිල්වත්වූයේ, ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවරවූයේ, ආචාර ගෝචර දෙකින් යුක්තව වාසය කරයිද, කුඩා වරදෙහිද භය දකිමින් ශික්‍ෂාපයන්හි දැඩි සමාදානයෙන් යුක්තව වාසය කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ වර්ණයෙන් යුක්තවූයේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහන තෙමේ බලයෙන් යුක්තවූයේ වෙයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහන තෙමේ අකුශල ධර්මයන්ගේ ප්රහාණය පිණිසත්, කුශල ධර්මයන්ගේ වැඩීම පිණිසත්, පටන්ගන්නා ලද වීර්‍ය්‍යයෙන් යුක්තව, දැඩි වීර්‍ය්‍යයෙන් යුක්තව, දෘඪ පරාක්‍රමයෙන් යුක්තව, කුසල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇතිව වාසය කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ බලයෙන් යුක්ත වූයේ වෙයි.
“මහණෙනි, කෙසේනම් මහණ තෙම ජවයෙන් යුක්තවූයේ වෙයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ, අර්හත්ඵල සමාධියත්, අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහි තෙමේම විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කොට දැන, ඊට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම ජවයෙන් යුක්තවූයේ වෙයි.
“මහණෙනි, මේ අඞ්ග තුනෙන් යුත් මහණ තෙමේ ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූයේ වෙයි. දුර සිට ගෙනෙන ලද ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූයේ වෙයි. ඇඳිලි බැඳ නමස්කාර කිරීමට සුදුසුවූයේ වෙයි. ලෝකයාගේ අනුත්තර පුන්‍ය ක්ෂෙත්රය වේය” යි වදාළ සේක.
|
8. පොත්ථකසුත්තං | 8. පොත්ථකූපම සූත්‍රය |
100
‘‘නවොපි
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, නවො චෙපි භික්ඛු හොති දුස්සීලො පාපධම්මො. ඉදමස්ස දුබ්බණ්ණතාය වදාමි. සෙය්යථාපි
‘‘එවරූපො චායං, භික්ඛවෙ, ථෙරො භික්ඛු සඞ්ඝමජ්ඣෙ භණති. තමෙනං භික්ඛූ එවමාහංසු - ‘කිං නු ඛො තුය්හං බාලස්ස අබ්යත්තස්ස භණිතෙන, ත්වම්පි නාම භණිතබ්බං මඤ්ඤසී’ති! සො කුපිතො අනත්තමනො තථාරූපිං වාචං නිච්ඡාරෙති
‘‘නවම්පි, භික්ඛවෙ, කාසිකං වත්ථං වණ්ණවන්තඤ්චෙව හොති සුඛසම්ඵස්සඤ්ච මහග්ඝඤ්ච; මජ්ඣිමම්පි, භික්ඛවෙ
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, නවො චෙපි භික්ඛු හොති සීලවා කල්යාණධම්මො, ඉදමස්ස සුවණ්ණතාය වදාමි. සෙය්යථාපි තං, භික්ඛවෙ, කාසිකං වත්ථං වණ්ණවන්තං තථූපමාහං, භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. යෙ ඛො පනස්ස සෙවන්ති භජන්ති පයිරුපාසන්ති දිට්ඨානුගතිං ආපජ්ජන්ති, තෙසං තං හොති දීඝරත්තං හිතාය සුඛාය. ඉදමස්ස සුඛසම්ඵස්සතාය වදාමි. සෙය්යථාපි තං, භික්ඛවෙ, කාසිකං වත්ථං සුඛසම්ඵස්සං තථූපමාහං, භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. යෙසං ඛො පන සො පටිග්ගණ්හාති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරං
‘‘එවරූපො චායං, භික්ඛවෙ, ථෙරො භික්ඛු සඞ්ඝමජ්ඣෙ භණති
|
100
“මහණෙනි, අලුත්වූ වැහැරි වස්ත්‍රයද දුර්වර්ණ වූයේද, කෲර ස්පර්ශය ඇත්තේද, නොවටින්නේද වෙයි. මහණෙනි, මධ්‍යම තරමේ කල් ගතවූ වැහැරි වස්ත්‍රයද, දුර්වර්ණ වූයේත්, කෲර ස්පර්ශය ඇත්තේත්, නොවටින්නේත් වෙයි. මහණෙනි, පරණවූ වැහැරි වස්ත්‍රයද, දුර්වර්ණ වූයේත්, කෲර ස්පර්ශය ඇත්තේත්, නොවටින්නේත් වෙයි.
“මහණෙනි, පරණවූ වැහැරි වස්ත්‍රය හැළිවලන් පිසින්නක් හෝ කරත්. කසළ ගොඩෙහි හෝ දමත්.
“මහණෙනි, එසේම නවක භික්ෂු තෙමේද,
“දුශ්ශිලවූයේ, ලාමක ස්වභාවය ඇත්තේ වෙයිද, මෙය ඔහුගේ දුර්වර්ණ තාවයයි කියමි. මහණෙනි, ඒ වැහැරි වස්ත්‍රය යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා කොට කියමි. මහණෙනි, යම් කෙනෙක් ඔහු සේවනය කරද්ද, භජනය කරද්ද, පයුරුපාසනය කරද්ද, අනුගමනය කරද්ද, ඔවුන්ට එය බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතියි. මෙය ඔහුගේ කෲර ස්පර්ශයයි කියමි.
“මහණෙනි, යම්සේ වැහැරි වස්ත්‍රය කෲර ස්පර්ශ ඇත්තේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා කොට කියමි. යමෙකුන්ගේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය බෙහෙත් පිරිකර පිළිගනියි නම් ඔවුන්ට එය මහත්ඵල ඇත්තේත් නොවෙයි. මහත් ආනිසංස ඇත්තේත් නොවෙයි. මෙය ඔහුගේ නොවටිනා බවයයි කියමි.
“මහණෙනි, යම්සේ ඒ වැහැරි වස්ත්‍රය නොවටින්නේ වේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමාකොට කියමි.
“මහණෙනි, මධ්‍යම භික්ෂු තෙමේද දුශ්ශිලවූයේ, ලාමක ස්වභාවය ඇත්තේ වෙයිද, මෙය ඔහුගේ දුර්වර්ණ තාවයයි කියමි. මහණෙනි, ඒ වැහැරි වස්ත්‍රය යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා කොට කියමි. මහණෙනි, යම් කෙනෙක් ඔහු සේවනය කරද්ද, භජනය කරද්ද, පයුරුපාසනය කරද්ද, අනුගමනය කරද්ද, ඔවුන්ට එය බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතියි. මෙය ඔහුගේ කෲර ස්පර්ශයයි කියමි.
“මහණෙනි, යම්සේ වැහැරි වස්ත්‍රය කෲර ස්පර්ශ ඇත්තේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා කොට කියමි. යමෙකුන්ගේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය බෙහෙත් පිරිකර පිළිගනියි නම් ඔවුන්ට එය මහත්ඵල ඇත්තේත් නොවෙයි. මහත් ආනිසංස ඇත්තේත් නොවෙයි. මෙය ඔහුගේ නොවටිනා බවයයි කියමි.
“මහණෙනි, යම්සේ ඒ වැහැරි වස්ත්‍රය නොවටින්නේ වේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමාකොට කියමි.
“මහණෙනි, ස්ථවිර භික්ෂු තෙමේද, දුශ්ශිලවූයේ, ලාමක ස්වභාවය ඇත්තේ වෙයිද, මෙය ඔහුගේ දුර්වර්ණ තාවයයි කියමි. මහණෙනි, ඒ වැහැරි වස්ත්‍රය යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා කොට කියමි. මහණෙනි, යම් කෙනෙක් ඔහු සේවනය කරද්ද, භජනය කරද්ද, පයුරුපාසනය කරද්ද, අනුගමනය කරද්ද, ඔවුන්ට එය බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතියි. මෙය ඔහුගේ කෲර ස්පර්ශයයි කියමි.
“මහණෙනි, යම්සේ වැහැරි වස්ත්‍රය කෲර ස්පර්ශ ඇත්තේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා කොට කියමි. යමෙකුන්ගේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය බෙහෙත් පිරිකර පිළිගනියි නම් ඔවුන්ට එය මහත්ඵල ඇත්තේත් නොවෙයි. මහත් ආනිසංස ඇත්තේත් නොවෙයි. මෙය ඔහුගේ නොවටිනා බවයයි කියමි.
“මහණෙනි, යම්සේ ඒ වැහැරි වස්ත්‍රය නොවටින්නේ වේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමාකොට කියමි.
“මහණෙනි, මෙබඳුවූ ස්ථවිර භික්ෂුතෙම සංඝයා මධ්‍යයෙහි කථාකරයිද, ඔහුට භික්ෂූහු ‘බාලවූ, අව්‍යක්තවූ ඔබගේ කීමෙන් කිනම් අර්ථයෙක්ද? ඔබත් කියයුත්තෙකු කොට හඟින්නෙහිදැ’ යි කියන්නාහුය. කිපුණාවූ, නොසතුටුවූ සිත් ඇත්තාවූ හෙතෙම යම් වචනයකින් සඞඝතෙම වැහැරි වස්ත්‍රය කසල ගොඩට දමන්නාක් මෙන් ඔහු බැහැර කරන්නේද එබඳු වචනයක් කියයි.
මහණෙනි, අලුත්වූද කසී වස්ත්‍රය වර්ණයෙන් යුක්තවූයේද, සැප ස්පර්ශයෙන් යුක්ත වූයේද, බොහෝ වටින්නේද වෙයි. මහණෙනි, මධ්‍යමවූ කසී වස්ත්‍රයද වර්ණයෙන් යුක්තවූයේද, සැප ස්පර්ශයෙන් යුක්තවූයේද, බොහෝ වටින්නේද වෙයි. මහණෙනි, පරණවූ කසී වස්ත්‍රයද වර්ණයෙන් යුක්තවූයේද, සැප ස්පර්ශයෙන් යුක්තවූයේද, බොහෝ වටින්නේද වෙයි. මහණෙනි, පරණවූ ද කසී සලුව රත්න වේලන්නක හෝ කරත්. සුවඳ කරඬුවෙහි හෝ තැනපත් කරත්.
මහණෙනි, එසේම නවකවූද භික්ෂුව,
“සිල්වත් වූයේ, යහපත් ස්වභාව ඇත්තේ වෙයිද, මෙය ඔහුගේ යහපත් වර්ණ ඇති බවයයි කියමි. මහණෙනි, යම්සේ කසී වස්ත්‍රය වර්ණයෙන් යුක්තවූයේද, මහණෙනි, මම මේ පුද්ගලයාද එබඳු උපමා ඇත්තෙකැයි කියමි. මහණෙනි, යම් කෙනෙක් ඔහු සේවනය කරද්ද, භජනය කරද්ද, පයුරුපාසනය කරද්ද. අනුගමනය කරද්ද එය ඔවුන්ට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස වෙයි. මහණෙනි, මෙය ඔහුගේ සැප ස්පර්ශය ඇති බවයයි කියමි.
“යම් කෙනෙකුන්ගේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර පිළිගනියිද, එය ඔවුන්ට මහත්ඵල ඇත්තේ වෙයි. මහානිසංස ඇත්තේ වෙයි. මෙය ඔහුගේ බොහෝ වටිනා බවයයි කියමි.
“මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා ඇත්තෙකැයි කියමි.
“මහණෙනි, මධ්‍යමවූ භික්ෂුවද සිල්වත් වූයේ, යහපත් ස්වභාව ඇත්තේ වෙයිද, මෙය ඔහුගේ යහපත් වර්ණ ඇති බවයයි කියමි. මහණෙනි, යම්සේ කසී වස්ත්‍රය වර්ණයෙන් යුක්තවූයේද, මහණෙනි, මම මේ පුද්ගලයාද එබඳු උපමා ඇත්තෙකැයි කියමි. මහණෙනි, යම් කෙනෙක් ඔහු සේවනය කරද්ද, භජනය කරද්ද, පයුරුපාසනය කරද්ද. අනුගමනය කරද්ද එය ඔවුන්ට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස වෙයි. මහණෙනි, මෙය ඔහුගේ සැප ස්පර්ශය ඇති බවයයි කියමි.
“යම් කෙනෙකුන්ගේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර පිළිගනියිද, එය ඔවුන්ට මහත්ඵල ඇත්තේ වෙයි. මහානිසංස ඇත්තේ වෙයි. මෙය ඔහුගේ බොහෝ වටිනා බවයයි කියමි.
“මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා ඇත්තෙකැයි කියමි.
“මහණෙනි, ස්ථවිර භික්ෂු තෙමේද, සිල්වත් වූයේ, යහපත් ස්වභාව ඇත්තේ වෙයිද, මෙය ඔහුගේ යහපත් වර්ණ ඇති බවයයි කියමි. මහණෙනි, යම්සේ කසී වස්ත්‍රය වර්ණයෙන් යුක්තවූයේද, මහණෙනි, මම මේ පුද්ගලයාද එබඳු උපමා ඇත්තෙකැයි කියමි. මහණෙනි, යම් කෙනෙක් ඔහු සේවනය කරද්ද, භජනය කරද්ද, පයුරුපාසනය කරද්ද. අනුගමනය කරද්ද එය ඔවුන්ට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස වෙයි. මහණෙනි, මෙය ඔහුගේ සැප ස්පර්ශය ඇති බවයයි කියමි.
“යම් කෙනෙකුන්ගේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර පිළිගනියිද, එය ඔවුන්ට මහත්ඵල ඇත්තේ වෙයි. මහානිසංස ඇත්තේ වෙයි. මෙය ඔහුගේ බොහෝ වටිනා බවයයි කියමි.
“මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා ඇත්තෙකැයි කියමි.
“මහණෙනි, මෙබඳුවූ ස්ථවිර භික්ෂු තෙමේ සංඝයා මධ්‍යයෙහි කථා කරයිද, ඔහුට භික්ෂූහු මෙසේ කියත්. කෙසේද, ‘ආයුෂ්මත්වරුනි, නිශ්ශබ්ද වව්. තෙරුන්වහන්සේ ධර්මයත් විනයත් ප්‍රකාශකරත්’ කියායි. මහණෙනි, එහෙයින් තොප විසින් ‘කසී වස්ත්‍රයකට උපමා ඇත්තෝ වන්නෙමු. වැහැරි වස්ත්‍රයකට උපමා ඇත්තෝ නොවන්නෙමු’ යි හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයයි වදාළ සේක.”
|
9. ලොණකපල්ලසුත්තං | 9. ලොණ ඵල (හෝ) යථා කම්ම වෙදනීය සූත්‍රය |
101
‘‘යො
(යො ඛො (ස්‍යා. කං.), යො ච ඛො (ක.)), භික්ඛවෙ, එවං වදෙය්ය - ‘යථා යථායං පුරිසො කම්මං කරොති තථා තථා තං පටිසංවෙදියතී’ති, එවං සන්තං, භික්ඛවෙ, බ්රහ්මචරියවාසො න හොති, ඔකාසො න පඤ්ඤායති සම්මා දුක්ඛස්ස අන්තකිරියාය
‘‘කථංරූපස්ස, භික්ඛවෙ, පුග්ගලස්ස අප්පමත්තකම්පි පාපකම්මං කතං තමෙනං නිරයං උපනෙති? ඉධ පන, භික්ඛවෙ, එකච්චො පුග්ගලො අභාවිතකායො හොති අභාවිතසීලො අභාවිතචිත්තො අභාවිතපඤ්ඤො පරිත්තො අප්පාතුමො අප්පදුක්ඛවිහාරී. එවරූපස්ස, භික්ඛවෙ, පුග්ගලස්ස අප්පමත්තකම්පි පාපකම්මං කතං තමෙනං නිරයං උපනෙති.
‘‘කථංරූපස්ස, භික්ඛවෙ, පුග්ගලස්ස තාදිසංයෙව අප්පමත්තකං පාපකම්මං කතං දිට්ඨධම්මවෙදනීයං හොති, නා’ණුපි ඛායති, කිං බහුදෙව? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො භාවිතකායො
‘‘සෙය්යථාපි
‘‘එවමෙවං
‘‘කථංරූපස්ස, භික්ඛවෙ, පුග්ගලස්ස අප්පමත්තකම්පි පාපකම්මං කතං තමෙනං නිරයං උපනෙති? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො අභාවිතකායො හොති අභාවිතසීලො අභාවිතචිත්තො අභාවිතපඤ්ඤො පරිත්තො අප්පාතුමො අප්පදුක්ඛවිහාරී. එවරූපස්ස, භික්ඛවෙ, පුග්ගලස්ස අප්පමත්තකම්පි පාපකම්මං කතං තමෙනං නිරයං උපනෙති.
‘‘කථංරූපස්ස, භික්ඛවෙ, පුග්ගලස්ස තාදිසංයෙව අප්පමත්තකං පාපකම්මං කතං දිට්ඨධම්මවෙදනීයං හොති, නාණුපි ඛායති, කිං බහුදෙව? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො භාවිතකායො හොති භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤො අපරිත්තො මහත්තො අප්පමාණවිහාරී. එවරූපස්ස, භික්ඛවෙ, පුග්ගලස්ස තාදිසංයෙව අප්පමත්තකං පාපකම්මං කතං දිට්ඨධම්මවෙදනීයං හොති, නාණුපි ඛායති, කිං බහුදෙව.
‘‘ඉධ
‘‘කථංරූපො, භික්ඛවෙ, අඩ්ඪකහාපණෙනපි බන්ධනං නිගච්ඡති, කහාපණෙනපි බන්ධනං නිගච්ඡති, කහාපණසතෙනපි බන්ධනං නිගච්ඡති? ඉධ, භික්ඛවෙ, එකච්චො දලිද්දො හොති අප්පස්සකො අප්පභොගො. එවරූපො, භික්ඛවෙ, අඩ්ඪකහාපණෙනපි බන්ධනං නිගච්ඡති, කහාපණෙනපි බන්ධනං නිගච්ඡති, කහාපණසතෙනපි බන්ධනං නිගච්ඡති.
‘‘කථංරූපො, භික්ඛවෙ, අඩ්ඪකහාපණෙනපි න බන්ධනං නිගච්ඡති, කහාපණෙනපි න බන්ධනං නිගච්ඡති, කහාපණසතෙනපි න බන්ධනං නිගච්ඡති? ඉධ, භික්ඛවෙ, එකච්චො අඩ්ඪො හොති මහද්ධනො මහාභොගො. එවරූපො, භික්ඛවෙ, අඩ්ඪකහාපණෙනපි න බන්ධනං නිගච්ඡති, කහාපණෙනපි න බන්ධනං නිගච්ඡති, කහාපණසතෙනපි න බන්ධනං නිගච්ඡති. එවමෙවං ඛො, භික්ඛවෙ, ඉධෙකච්චස්ස පුග්ගලස්ස අප්පමත්තකං පාපකම්මං කතං. තමෙනං නිරයං උපනෙති. ඉධ
‘‘කථංරූපස්ස, භික්ඛවෙ, පුග්ගලස්ස අප්පමත්තකං පාපකම්මං කතං, තමෙනං නිරයං උපනෙති? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො අභාවිතකායො හොති අභාවිතසීලො අභාවිතචිත්තො අභාවිතපඤ්ඤො පරිත්තො අප්පාතුමො අප්පදුක්ඛවිහාරී. එවරූපස්ස, භික්ඛවෙ, පුග්ගලස්ස තාදිසංයෙව අප්පමත්තකං පාපකම්මං කතං තමෙනං නිරයං උපනෙති.
‘‘කථංරූපස්ස, භික්ඛවෙ, පුග්ගලස්ස තාදිසංයෙව අප්පමත්තකං පාපකම්මං කතං දිට්ඨධම්මවෙදනීයං හොති, නාණුපි ඛායති, කිං බහුදෙව? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො භාවිතකායො හොති භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤො අපරිත්තො මහත්තො අප්පමාණවිහාරී. එවරූපස්ස, භික්ඛවෙ, පුග්ගලස්ස තාදිසංයෙව අප්පමත්තකං පාපකම්මං කතං දිට්ඨධම්මවෙදනීයං හොති, නාණුපි ඛායති, කිං බහුදෙව.
‘‘ඉධ
‘‘කථංරූපං, භික්ඛවෙ, ඔරබ්භිකො වා උරබ්භඝාතකො වා උරබ්භං අදින්නං ආදියමානං පහොති හන්තුං වා බන්ධිතුං වා ජාපෙතුං වා යථාපච්චයං වා කාතුං? ඉධ, භික්ඛවෙ, එකච්චො දලිද්දො හොති අප්පස්සකො අප්පභොගො. එවරූපං
‘‘කථංරූපං, භික්ඛවෙ, ඔරබ්භිකො වා උරබ්භඝාතකො වා උරබ්භං අදින්නං ආදියමානං නප්පහොති හන්තුං වා බන්ධිතුං වා ජාපෙතුං වා යථාපච්චයං වා කාතුං
‘‘කථංරූපස්ස, භික්ඛවෙ, පුග්ගලස්ස අප්පමත්තකම්පි පාපකම්මං කතං තමෙනං නිරයං උපනෙති? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො අභාවිතකායො හොති අභාවිතසීලො අභාවිතචිත්තො අභාවිතපඤ්ඤො පරිත්තො අප්පාතුමො අප්පදුක්ඛවිහාරී. එවරූපස්ස, භික්ඛවෙ, පුග්ගලස්ස
‘‘කථංරූපස්ස
‘‘යො, භික්ඛවෙ, එවං වදෙය්ය - ‘යථා යථායං පුරිසො කම්මං කරොති තථා තථා තං පටිසංවෙදෙතී’ති, එවං සන්තං, භික්ඛවෙ, බ්රහ්මචරියවාසො න හොති, ඔකාසො න පඤ්ඤායති සම්මා දුක්ඛස්ස අන්තකිරියාය. යො ච ඛො, භික්ඛවෙ, එවං වදෙය්ය - ‘යථා යථා වෙදනීයං අයං පුරිසො කම්මං කරොති තථා තථා තස්ස විපාකං පටිසංවෙදෙතී’ති, එවං සන්තං, භික්ඛවෙ, බ්රහ්මචරියවාසො හොති, ඔකාසො පඤ්ඤායති සම්මා දුක්ඛස්ස අන්තකිරියායා’’ති. නවමං.
|
101
“මහණෙනි, යමෙක් ‘මේ පුරුෂ තෙමේ යම් යම් ආකාරයකින් කර්ම කෙරේද, ඒ කර්මය ඒ ඒ ආකාරයෙන් විපාක දෙන්නේය’ යි කියන්නේ නම් මහණෙනි, එසේ ඇති කල්හි මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යය වාසයක් නොවන්නේය. මනාව දුක් කෙළවර කිරීමට අවකාශයක් නොපෙනෙන්නේය..
“මහණෙනි, යමෙක් (දිට්ඨ ධම්ම වේදනීයාදී වශයෙන්) යම් යම් ආකාරයකින් විණද යුතුවූ කර්ම කෙරේද, ඒ කර්මයාගේ විපාක ඒ ඒ ආකාරයෙන් විඳින්නේයයි කියන්නේ නම් එසේ ඇති කල්හි මාර්ග බ්‍රහ්මචර්‍ය්‍ය වාසයක් ඇත්තේය. මනාව දුක් කෙළවර කිරිමට අවකාශයක් පෙනෙන්නේය.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු විසින් ස්වල්ප මාත්‍ර පාපයකුදු කරන ලද්දේද, ඒ පාප කර්මය ඔහු නිරයට පමුණුවයි. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු විසින් කරණ ලද එබඳුවූම ස්වල්ප මාත්‍ර පාපය මේ ආත්මයෙහිම විපාක දෙන කර්මයක් වේ. පරලොව ස්වල්ප විපාකයකුද්ර නොදෙයි. බොහෝ විපාක ගැන කියනුම කිම?
“මහණෙනි, කවර පුද්ගලයෙකු විසින් ස්වල්ප මාත්‍ර පාපයකුදු කරණ ලද්දේ නම්, ඒ පාප කර්මය ඔහු නිරයට පමුණුවයිද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නොවඩන ලද කය ඇත්තාවූද, නොවඩන ලද සිල් ඇත්තාවූද, නොවඩන ලද සිත් ඇත්තාවූද වෙයිද, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූද, ගුණයෙන් කුඩාවූද, ගුණ හීන කයක් ඇත්තාවූද, සුලු පවකද දුක් විඳින්නෙක් වේද, මහණෙනි, මෙබඳු පුද්ගලයා විසින් සුලු පවක් කරණ ලද්දේද, එය ඔහු නිරයට පමුණුවයි.
“මහණෙනි, කෙබඳුවූ පුද්ගලයකු විසින් කරණ ලද එබඳුවූ ස්වල්ප මාත්‍ර කර්මය මේ ආත්මයෙහි විපාක දෙන පරලොව බොහෝවූ විපාක තබා සුලු විපාකයකුදු නොදෙන කර්මයක් වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වඩනලද කය ඇති, වඩනලද සිල් ඇති, වඩන ලද සිත් ඇති, වඩනලද ප්‍රඥාව ඇති, ගුණයෙන් කුඩා නොවූ, ගුණ මහත්වයෙන් මහත්වූ, රහත් භික්ෂුවක් වෙයිද, මහණෙනි, එබඳු පුද්ගලයා විසින් කරණ ලද එබඳු ස්වල්ප කර්මය මේ ආත්මයෙහිම විපාක දෙන පරලොව බොහෝ විපාක තබා සුලු විපාකයකුදු නොදෙන කර්මයක් වෙයි.
“මහණෙනි, යම්සේ පුරුෂයෙක් කුඩා වතුර භාජනයකට ලුණු කැටයක් දමන්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? ඒ කුඩා දිය බඳුනෙහි ඒ ස්වල්ප ජලය ඒ ලුණු කැටයෙන් නොබිය හැකි ලුණු රස වන්නේද? - “ස්වාමීනි, එසේය.”
“ඊට හේතුව කවරේද?” - “ස්වාමීනි, ඒ දිය බඳුනෙහි ස්වල්ප ජලය ඒ ලුණු ඇටයෙන් නොබිය හැකි ලුණු රස වන්නේය.
“මහණෙනි, යම්සේ පුරුෂ තෙමේ ලුණු ඇටයක් ගංගා නම් ගඟෙහි දමන්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නෙහිද? ගංගානම් ගඟ ඒ ලුණු ඇටයෙන් නොබිය හැකි ලුණු රස වන්නේද?’ - “ස්වාමීනි, එසේ නොවේමය.”
“ඊට හේතු කවරේද?” - “ස්වාමීනි, ඒ ගංගානම් ගඟෙහි මහා දිය කඳ ඒ ලුණු ඇටයෙන් ‘නොබිය හැකි ලුණු රස’ නොවන්නේය.”
“මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකු විසින් කරණ ලද ස්වල්පවූ පාප කර්මයද ඔහු නිරයට පමුණුවයි. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු විසින් කරණ ලද එබඳුවූම ස්වල්ප මාත්‍ර පාප කර්මය මේ ආත්මයෙහි විපාක දෙන්නාවූ පරලොව බොහෝ විපාක ලබා සුලු විපාකයකුදු නොදෙන්නාවූ කර්මයක් වෙයි.
“මහණෙනි, කවර පුද්ගලයෙකු විසින් ස්වල්ප මාත්‍ර පාපයකුදු කරණ ලද්දේ නම්, ඒ පාප කර්මය ඔහු නිරයට පමුණුවයිද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නොවඩන ලද කය ඇත්තාවූද, නොවඩන ලද සිල් ඇත්තාවූද, නොවඩන ලද සිත් ඇත්තාවූද වෙයිද, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූද, ගුණයෙන් කුඩාවූද, ගුණ හීන කයක් ඇත්තාවූද, සුලු පවකද දුක් විඳින්නෙක් වේද, මහණෙනි, මෙබඳු පුද්ගලයා විසින් සුලු පවක් කරණ ලද්දේද, එය ඔහු නිරයට පමුණුවයි.
“මහණෙනි, කෙබඳුවූ පුද්ගලයකු විසින් කරණ ලද එබඳුවූ ස්වල්ප මාත්‍ර කර්මය මේ ආත්මයෙහි විපාක දෙන පරලොව බොහෝවූ විපාක තබා සුලු විපාකයකුදු නොදෙන කර්මයක් වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වඩනලද කය ඇති, වඩනලද සිල් ඇති, වඩන ලද සිත් ඇති, වඩනලද ප්‍රඥාව ඇති, ගුණයෙන් කුඩා නොවූ, ගුණ මහත්වයෙන් මහත්වූ, රහත් භික්ෂුවක් වෙයිද, මහණෙනි, එබඳු පුද්ගලයා විසින් කරණ ලද එබඳු ස්වල්ප කර්මය මේ ආත්මයෙහිම විපාක දෙන පරලොව බොහෝ විපාක තබා සුලු විපාකයකුදු නොදෙන කර්මයක් වෙයි.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් අඩ කහවණුවෙනුදු හිර දඬුවමට පැමිණෙයි. කහවණුවෙනුදු හිර දඬුවමට පැමිණෙයි.”
“කහවණු සියයකිනුදු හිර දඬුවමට පැමිණෙයි. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අඩ කහවණුවෙනුදු හිර දඬුවමට නොපැමිණෙයි. කහවණුවෙනුදු හිර දඬුවමට නොපැමිණෙයි. කහවණු සියයකිනුදු හිර දඬුවමට නොපැමි ණෙනි. මහණෙනි, කෙබඳු පුද්ගලයා අඩ කහවණුවෙනුදු, කහවණුවෙනුදු, කහවණු සියයෙනුදු හිර දඬුවමට පැමිණෙයිද?
“මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් ධනය නැත්තාවූ, කිසිවක් කරගත නොහැකිවූ දිලින්දෙක් වෙයිද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ අඩ කහවණුවෙනුදු සිර දඬුවමට පැමිණෙයි. කහවණුවෙනුදු සිර දඬුවමට පැමිණෙයි. කහවණු සියයකිනුදු සිර දඬුවමට පැමිණෙයි. මහණෙනි, කෙබඳුවූ පුද්ගල තෙමේ අඩ කහවණුවෙනුදු සිර දඬුවමට නොපැමිණෙයිද. කහවණුවෙනුදු සිර දඬුවමට නොපැමිණෙයිද. කහවණු සියයකිනුදු සිර දඬුවමට නොපැමිණෙයිද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ධනයෙන් ආඪ්යවේද, මහත් ධන ඇත්තේ වේද, මහත් භෝග ඇත්තේ වෙයිද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ අඩ කහවණුවෙනුදු සිර දඬුවමට නොපැමිණෙයි. කහවණුවෙනුදු සිර දඬුවමට නොපැමිණෙයි. කහවණු සියයකිනුදු සිර දඬුවමට නොපැමිණෙයි.
“මහණෙනි, එපරිද්දෙන්ම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකු විසින් කරණ ලද සුලු පාප කර්මයද ඔහු නිරයට පමුණුවයි. මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයකු විසින් කරණ ලද එබඳු ස්වල්ප මාත්‍ර කර්මය මේ ආත්මයෙහි විපාක දෙන කර්මයක්ව පරලොව බොහෝ විපාක තබා සුලු විපාකයකුදු නොදෙන කර්මයක් වෙයි.
“මහණෙනි, කෙබඳු පුද්ගලයකු විසින් කරණ ලද ස්වල්ප මාත්‍රවූද කර්මය ඔහු නිරයට පමුණුවයිද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වඩන ලද කය ඇති වඩන ලද සිල් ඇති, වඩන ලද සිත් ඇති, වඩන ලද ප්‍රඥාව ඇති, ගුණයෙන් කුඩා නොවූ, ගුණ මහත්වයෙන් මහත්වූ රහත් භික්ෂුවක් වෙයිද, මහණෙනි, එබඳුවූ පුද්ගලයා විසින් කරන ලද ස්වල්පවූද පාප කර්මය ඔහු නිරයට පමුණුවයි.
“මහණෙනි, කෙබඳු පුද්ගලයෙකු විසින් කරන ලද පරලොව බොහෝවූ විපාක තබා සුලු විපාකයකුඳු නොදෙයි. මහණෙනි, යම් සේ එළුවන් අයිතිකාරයෙක් හෝ එළුවන් මරන්නෙක් හෝ එළුවකු සොරකම් කරන්නාවූ ඇතමෙකු නසන්ට හෝ සිර කරන්ට හෝ ධනයෙන් පිරිහෙවන්ට හෝ කැමැත්තක් කරන්නට හෝ සමර්ථ වෙයි.
“එළුවෙකු සොරකම් කරන්නාවූ ඇතමෙකු නසන්නට හෝ සිර කරන්නට හෝ ධනයෙන් පිරිහෙවන්නට හෝ කැමැත්තක් කරන්නට හෝ නුපුළුවන් වෙයි. මහණෙනි, එළුවන් අයිතිකාරයෙක් හෝ එළුවන් මරන්නෙක් හෝ එළුවන් සොරකම් කරන්නාවූ කෙබන්දෙකු නසන්ට හෝ සිර කරන්ට හෝ ධනයෙන් පිරිහෙවන්ට හෝ් කැමැත්තක් කරන්ට හෝ සමර්ථ වෙයිද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් ස්වල්ප ධනය ඇත්තාවූ, කිසිවක් කරගත නොහැකි දිළින්දෙක් වෙයිද, මහණෙනි, එළුවන් අයිතිකාරයෙක් හෝ එළුවන් මරන්නෙක් හෝ එළුවකු සොරකම් කරන්නාවූ මෙබඳු පුද්ගලයා මරන්නට හෝ සිර කරන්නට හෝ ධනයෙන් පිරිහෙවන්නට හෝ කැමැත්තක් කරන්නට හෝ සමර්ථ වෙයි.
“මහණෙනි, එළුවන් අයිතිකාරයෙක් හෝ එළුවන් මරන්නෙක් හෝ එළුවකු සොරකම් කරන්නාවූ කෙබඳු පුද්ගලයා මරන්නට හෝ සිර කරන්නට හෝ ධනයෙන් පිරිහෙවන්නට හෝ කැමැත්තක් කරන්නට හෝ සමර්ථ නොවේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ධනයෙන් ආඪ්‍යවූයේද, මහත් ධන ඇත්තේද, මහත් භෝග ඇත්තේද, රජෙක් හෝ වේද, රාජ මහාමාත්‍යයෙක් හෝ වේද, මහණෙනි, එළුවන් අයිතිකාරයෙක් හෝ එළුවන් මරන්නෙක් හෝ එළුවකු සොරකම් කරන්නාවූ එබඳු පුද්ගලයා නසන්නට හෝ සිර කරන්නට හෝ ධනයෙන් පිරිහෙවන්නට හෝ කැමැත්තක් කරන්නට හෝ සමර්ථ නොවේ. ඒකාන්තයෙන්, පින්වත, මාගේ එඵවා හෝ එළුවාගේ වටිනාකම හෝ දෙවයි ඔහුට යාඥා කරන්නේය.
“මහණෙනි, එසේම අතැම් පුද්ගලයකු විසින් කරන ලද ස්වල්ප මාත්‍ර කර්මයද ඔහු නිරයට පමුණුවයි. මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයකු විසින් කරනලද එබඳුවූම ස්වල්පමාත්‍ර කර්මය මේ ආත්මයෙහි විපාක දෙන පරලොව බෙහෝවූ විපාක තබා සුලු විපාකයකුදු නොදෙන කර්මයක් වෙයි.
“මහණෙනි, කෙබඳු පුද්ගලයෙකු විසින් කරණ ලද ස්වල්පමාත්‍රවූද කර්මය ඔහු නිරයට පමුණුවයිද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වඩන ලද කය ඇති, වඩන ලද සිල් ඇති, වඩන ලද සිත් ඇති, වඩන ලද ප්‍රඥාව ඇති, ගුණයෙන් කුඩා නොවූ, ගුණ මහත්වයෙන් මහත්වූ, රහත් භික්ෂුවක් වෙයිද,
“මහණෙනි, මේ පුරිස තෙමේ යම් යම් ආකාරයකින් කර්ම කෙරේද, ඒ කර්මය ඒ ඒ ආකාරයෙන් විපාක දෙන්නේයයි යමෙක් මෙසේ කියන්නේද, මහණෙනි, එසේ ඇති කල්හි මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවක් නොවන්නේය. මනාකොට දුක් කෙළවර කිරීමකගේ අවකාශය නොපෙනෙන්නේය. මහණෙනි, මේ පුරුෂ තෙමේ යම් යම් ආකාරයකින් විඳිය යුතු ඒ ඒ ආකාරයෙන් ඔහු විසින් විපාක විඳිය යුතු වන්නේයයි යමෙක් කියන්නේද, මහණෙනි, එසේ ඇති කල්හි මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යයාව වන්නේය. මනාකොට දුක් කෙළවර කිරීමේ අවකාශය පෙනෙන්නේය.
|
10. පංසුධොවකසුත්තං | 10. ජාතරූපධොවන සූත්‍රය |
102
‘‘සන්ති
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, සන්ති අධිචිත්තමනුයුත්තස්ස භික්ඛුනො ඔළාරිකා උපක්කිලෙසා කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං, තමෙනං සචෙතසො භික්ඛු දබ්බජාතිකො පජහති විනොදෙති
‘‘සො සචෙ ආකඞ්ඛති - ‘අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභවෙය්යං - එකොපි හුත්වා බහුධා අස්සං, බහුධාපි හුත්වා එකො අස්සං; ආවිභාවං, තිරොභාවං; තිරොකුට්ටං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡෙය්යං, සෙය්යථාපි ආකාසෙ; පථවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරෙය්යං, සෙය්යථාපි උදකෙ; උදකෙපි අභිජ්ජමානෙ
(අභිජ්ජමානො (සී. පී. ක.)) ගච්ඡෙය්යං, සෙය්යථාපි පථවියං; ආකාසෙපි පල්ලඞ්කෙන කමෙය්යං
‘‘සො සචෙ ආකඞ්ඛති - ‘දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ
‘‘සො
‘‘සො සචෙ ආකඞ්ඛති
‘‘සො සචෙ ආකඞ්ඛති - ‘දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සෙය්යං චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානෙය්යං - ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා
‘‘සො සචෙ ආකඞ්ඛති - ‘ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්ය’න්ති, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සතිආයතනෙ’’ති. දසමං.
|
102
“මහණෙනි, ස්වර්ණයාගේ ඖදාරික උපක්ලේශයෝ ඇත්තාහ. එනම්, පස්, වැලි, කැට කැබිලිති යන මේවාය.
“ඒ ස්වර්ණය පස් සෝදන්නෙක් හෝ පස් සොදන්නෙකුගේ අතවැසියෙක් හෝ ඔරුවක දමා සෝදයි. මනාව සෝදයි. සොලව සොලවා සෝදයි.
“ඒ පස්, වැලි පහකළ කල්හි, නැතිකළ කල්හි, ස්වර්ණයාගේ මධ්‍යමවූ උපක්ලේශයෝ ඇත්තාහ. එනම්, කුඩා ගල් කැට, ගොරෝසු වැලි යන මේවාය.
“ඒ ස්වර්ණය පස් සෝදන්නා හෝ පස් සෝදන්නාගේ අතවැසියා හෝ සෝදයි, මනාකොට සෝදයි, සොළවමින් සෝදයි.
“ඒ කුඩා ගල්, වැලිකැට පහවූ කල්හි, නැතිව ගිය කල්හි ස්වර්ණයාගේ සියුම් උපක්ලේශයෝ ඇත්තාහ. එනම්, සියුම් වැලි, කළු වැලි යන මේවාය.
“ඒ ස්වර්ණය පස් සෝදන්නා හෝ පස් සෝදන්නාගේ අතවැසියා හෝ සෝදයි. මනාව සෝදයි. සොළවමින් සෝදයි.
“එය පහවූ කල්හි, එය නැතිවූ කල්හි, රන් කුඩු පමණක් ඉතිරි වෙත්. රන් කරුවා හෝ රන්කරුවාගේ අතවැසියා හෝ එම රන් කුඩු කෝවෙහි දමා ගිනි පිඹියි. මනාව ගිනි පිඹියි. නැවත, නැවත ගිනි පිඹියි. ගිනි පිඹින ලද, මනාව ගිනි පිඹින ලද, නැවත, නැවත ගිනි පිඹිනලද, ඒ ස්වර්ණය යෝග්‍ය නොවූයේ, දුරු නොවූ කහ පාට ඇත්තේ, මෘදු නොවූයේ, වැඩට යෝග්‍ය නොවූයේ, බැබලීමක් නැත්තේ, බිඳෙනසුලුවූයේ, රන්කමට මනාව නොපැමිණෙයි.
“මහණෙනි, රන්කරු තෙමේ හෝ රන්කරු අතවැසි තෙමේ හෝ එම ස්වර්ණයට ගිනි පිඹියි. මනාව ගිනි පිඹියි. නැවත, නැවත ගිනි පිඹියි. එසේ ගිනි පිඹින ලද, මනාව ගිනි පිඹින ලද, නැවත, නැවත ගිනි පිඹින ලද, ඒ ස්වර්ණය, යෝග්‍ය වන්නාවූද, කහපාට දුරුවූද, මෘදුවූද, වැඩට යෝග්‍යවූද, බබළන්නාවූද, නොබිඳෙන්නාවූද, රන්කමට මනාව පැමිණෙන්නාවූද කාලයක් වන්නේය.
“යම් මේ පළඳනා විශේෂයකින් ඉදින් රන්පටකින්, ඉදින් කුණ්ඩලාභරණයකින්, ඉදින් ග්රීවාභරණයකින්, ඉදින් රන් මාලයකින් කැමති වෙයි නම් ඔහුගේ ඒ අර්ථය සම්පූර්ණ වෙයි.
“මහණෙනි, එපරිද්දෙන්ම සමථ විදර්ශනා භාවනාවන්හි යෙදෙන්නාවූ භික්ෂුවට ඕළාරික උපක්ලේශයෝ ඇත්තාහ. එනම්: කාය දුශ්චරිතය, වාක් දුශ්චරිතය, මනො දුශ්චරිතය යන මොහුය.
“සමාධියෙන් යුත් නුවණැති ඒ භික්ෂුව, ඒ උපක්ලේශයන් පහකරයි. දුරු කරයි. නැවත නූපදින බවට පමුණුවයි.
“එහ පහවූ කල්හි, දුරුවූ කල්හි, සමථ විදර්ශනා භාවනායෙහි යෙදෙන්නාවූ භික්ෂුවට මධ්‍යම උපක්ලේශයෝ ඇත්තාහ. එනම්, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක යන මොහුය.
“සමාධියෙන් යුත් නුවණැති ඒ භික්ෂුව එය පහ කරයි. දුරු කරයි. නැති කරයි.
“එය පහවූ කල්හි, දුරුවූ කල්හි, නැතිවූ කල්හි, සමථ විදර්ශනා භාවනාවෙහි යෙදෙන්නාවූ භික්ෂුවට සියුම්වූ උපක්ලේශයෝ ඇත්තාහ. එනම්, ජාති විතර්ක, ජනපද විතර්ක, මට අන්‍යයෝ අවමන් නොකෙරෙත්වායි සිතන විතර්ක යන මොහුය.
සමාධියෙන් යුත් නුවණැති ඒ භික්ෂුව එය පහ කරයි, දුරු කරයි.
දුරු කරයි. නැති කරයි,
“එය පහවූ කල්හි, දුරුවූ කල්හි, නැතිවූ කල්හි ඉන්පසු ධර්ම විතර්කයෝම (දශ විදර්ශනෝපක්ලේශයෝම) ඉතිරි වෙත්. ඒ සමාධිය ශාන්ත නොවේ. ප්‍රණීත නොවේ. කෙලෙස් සංසිඳීමෙන් ලබන ලද්දේ නොවෙයි. එකඟ බවට පැමිණියේ නොවෙයි. උත්සාහයෙන් ක්ලේශයන් නිග්‍රහකොට වළක්වන ලද්දේ වෙයි. මහණෙනි, යම් කලෙක්හි තමා කෙරෙහිම සිටීද, මොනවට හිඳීද, එකඟ බවට පැමිණෙයිද, අරමුණෙහි මනාව පිහිටයිද, ඒ කාලය වෙයිද, ඒ සමාධිය ශාන්ත වෙයි. ප්‍රණීත වෙයි. කෙලෙස් සංසිඳවීමෙන් ලබන ලද්දේ වෙයි. එකඟ බවට පැමිණියේ වෙයි. උත්සාහයෙන් කෙලෙසුන් නිග්‍රහ කොට නොවළක්වන ලද්දේ වෙයි.
“විශේෂ ඥානයෙන් දතයුතුවූ යම් යම් ධර්මයකට සිත නමයි නම් කරුණු ඇති ඇති සැටියෙන් විශේෂ ඥානයෙන් දතයුතුවූ ඒ ඒ ධර්මයන් දත හැකි බවට පැමිණෙයි. හෙතෙම ඉදින් නොයෙක් ඎද්ධිවිධි අනුභව කරන්නෙමැයි කැමති වෙයි නම්,
“එකෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්ව එකෙක් වෙයි. ප්‍රකට බවටද, මුවා වීමටද, භිත්තිය සරසටද, පවුර සරසටද, පව්ව සරසටද, අහසෙහි මෙන් නොගැටෙමින් යෙයි. ජලයෙහි මෙන් පොළවෙහිද කිමිදීම මතුවීම කෙරෙයි. පොළවෙහි මෙන් ජලයෙහිද දිය නොබෙදමින් යයි. පියාපත් ඇති පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යඞ්කයෙන් ගමන් කෙරෙයි. මෙසේ මහත් ඎද්ධි ඇත්තාවූ, මෙසේ මහත් ආනුභාව ඇත්තාවූ, මේ සඳ හිරු දෙදෙනද අතින් පිරිමදී. බඹලොව දක්වාත් කයින් වසඟයෙහි පවත්වයි. කැමතිවන්නේ නම් කරුණු ඇති ආකාරයෙන් ඒ ඒ දෙයෙහි හැකි බවට පැමිණෙන්නේය.
“හෙතෙම ඉදින් මනුෂ්‍යත්වය ඉක්ම සිටියාවූ දිව්‍ය ශ්‍රොත ධාතුවෙන් දුරවූද, සමීපවූද, දිව්‍යවූද, මනුෂ්‍යවූද, දෙවැදෑරුම් ශබ්දයන් අසන්නෙමැයි කැමතිවෙයි නම් කරුණු ඇති සැටියෙන් ඒ ඒ ශබ්ද ඇසිය හැකි බවට පැමිණෙයි.
“ඉදින් හෙතෙම අන්‍ය සත්ත්වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත් තමාගේ සිතින් දැනගන්නෙමි, රාග සහිත සිත, රාග සහිත සිතයයි දැනගන්නෙමි. රාග රහිත සිත, රාග රහිත සිතයයි දැනගන්නෙමි. ද්වේෂ සහිත සිත, ද්වේෂ සහිත සිතයයි දැනගන්නෙමි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දැනගන්නෙමි. විසුරුණු සිත, වික්ෂිප්ත සිතයයි දැනගන්නෙමි. මහද්ගත සිත. මහද්ගත සිතයයි දැනගන්නෙමි. අමහද්ගත සිත අමහද්ගත සිතයයි දැනගන්නෙමි. සඋත්තර සිත, සඋත්තර සිතයයි දැනගන්නෙමි. අනුත්තර සිත, අනුත්තර සිතයයි දැනගන්නෙමි. සමාහිත සිත, සමාහිත සිතයයි දැනගන්නෙමි. අසමාහිත සිත අසමාහිත සිතයයි දැනගන්නෙමි. අවිමුත්ත සිත අවිමුත්ත සිතයයි දැනගන්නෙමි. විමුත්ත සිත විමුත්ත සිතයයි දැනගන්නෙමි. කැමැති වෙයි නම් එහි කරුණු ඇතිසැටියෙන් හැකි බවට පැමිණෙයි.
“ඉදින් හෙතෙම පෙර විසූ ස්කන්ධයන් සිහි කරන්නෙමියි කැමති වෙයි නම්, එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති සතලිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් නැසෙන කල්පයන්ද, නොයෙක් වැඩෙන කල්පයන්ද, නොයෙක් නැසෙන හා වැඩෙන කල්පයන්ද සිහිකෙරෙයි. (කෙසේද) “මම අසවල් තැන උපන්නෙම් මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි. මෙසේ නොයෙක් පෙර විසූ ස්කන්ධයන් සිහි කරන්නෙමියි කැමති වේ නම් එය කරුණු ඇති සැටියෙන් කළ හැකි බවට පැමිණෙයි.
“හෙතෙම පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්ම පවත්නාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණ ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කම්වූ පරිද්දෙන් පැමිණියාවූ, සත්ත්වයන් දැනගණී. කැමතිවේනම් එය කරුණු ඇති සැටියෙන් කළ හැකි බවට පැමිණෙයි.
“ඉදින් හෙතෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියත්, අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහි තෙමේම විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නෙමැයි කැමති වෙයි නම් එය කරුණු ඇති සැටියෙන් කළ හැකි බවට පැමිණෙන්නේය.
|
11. නිමිත්තසුත්තං | 11. අර්ධචිත්තානුයොග සූත්‍රය |
103
‘‘අධිචිත්තමනුයුත්තෙන, භික්ඛවෙ, භික්ඛුනා තීණි නිමිත්තානි කාලෙන කාලං මනසි කාතබ්බානි - කාලෙන කාලං සමාධිනිමිත්තං මනසි කාතබ්බං, කාලෙන කාලං පග්ගහනිමිත්තං මනසි කාතබ්බං, කාලෙන කාලං උපෙක්ඛානිමිත්තං මනසි කාතබ්බං. සචෙ, භික්ඛවෙ, අධිචිත්තමනුයුත්තො භික්ඛු එකන්තං සමාධිනිමිත්තංයෙව මනසි කරෙය්ය, ඨානං තං චිත්තං කොසජ්ජාය සංවත්තෙය්ය. සචෙ, භික්ඛවෙ, අධිචිත්තමනුයුත්තො භික්ඛු එකන්තං පග්ගහනිමිත්තංයෙව මනසි කරෙය්ය, ඨානං තං චිත්තං උද්ධච්චාය සංවත්තෙය්ය. සචෙ, භික්ඛවෙ
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, සුවණ්ණකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා උක්කං බන්ධෙය්ය
(බන්ධති... ආලිම්පති (විසුද්ධි. 1.181 තංටීකායං ච) ම. නි. අට්ඨ. 1.76; ම. නි. 3.360 තංඅට්ඨකථාටීකාසු ච පස්සිතබ්බං), උක්කං
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, අධිචිත්තමනුයුත්තෙන භික්ඛුනා තීණි නිමිත්තානි කාලෙන කාලං මනසි කාතබ්බානි - කාලෙන කාලං සමාධිනිමිත්තං මනසි කාතබ්බං, කාලෙන කාලං පග්ගහනිමිත්තං මනසි කාතබ්බං, කාලෙන කාලං උපෙක්ඛානිමිත්තං මනසි කාතබ්බං. සචෙ, භික්ඛවෙ, අධිචිත්තමනුයුත්තො
‘‘සො
|
103
“මහණෙනි, සමථ විදර්ශනාවන්හි යෙදී වාසය කරන්නාවූ භික්ෂුව විස්න කලින් කල කරුණු තුනක් මෙනෙහි කළ යුතුය. කලින් කල සමාධිය පිළිබඳ කරුණු මෙනෙහි කළ යුතුය. කලින් කල වීර්‍ය්‍යය පිළිබඳ කරුණු මෙනෙහි කළ යුතුය. කලින් කල උපෙක්ෂාව පිළිබඳ කරුණු මෙනෙහි කළ යුතුය.
“මහණෙනි, සමථ විදර්ශනාවන්හි යෙදුනාවූ මහණ තෙමේ ඉදින් සමාධිය පිළිබඳ කරුණුම ඒකාන්තයෙන් මෙනෙහි කරන්නේ නම්, එය සිත කුසීත භාවයට වැටීමට ඉඩ ඇත්තේය. මහණෙනි, ඉදින් සමථ විදර්ශනාවන්හි යෙදුන භික්ෂුව, ඉදින් වීර්‍ය්‍යය පිළිබඳ කරුණුම ඒකාන්තයෙන් මෙනෙහි කරන්නේ නම්, සිත වික්ෂිප්ත භාවයෙහි වැටීමට ඉඩ ඇත්තේය. මහණෙනි, ඉදින් සමථ විදර්ශනාවන්හි යෙදුණු භික්ෂුව ඒකානතයෙන් උපෙක්ෂාව පිළිබඳ කරුණුම මෙනෙහි කරන්නේ නම්, සිත ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස මනාව එකඟ නොවීමට හේතු ඇත්තේය.
“මහණෙනි, යම් කලෙක සමථ විදර්ශනාවන්හි යෙදුනාවූ භික්ෂුව කලින් කල සමාධිය පිළිබඳ කරුණු මෙනෙහි කරයි නම්, කලින් කල වීර්‍ය්‍යය පිළිබඳ කරුණු මෙනෙහි කරයි නම්, කලින් කල උපෙක්ෂාව පිළිබඳ කරුණු මෙනෙහි කරයි නම්, ඒ සිත මෘදුද වෙයි, කර්මන්යද වෙයි. බබලන්නේද වෙයි, නොබිඳෙන්නේද වෙයි, ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස මනාව සමාධියට පැමිණෙයි.
“මහණෙනි, රන්කරුවෙක් හෝ, රන්කරු අතවැසියෙක් හෝ අඟුරු කබලක් පිළියෙල කරන්නේය. අඟුරු කබලක් පිළියෙල කොට එහි අඟුරු දමා, ගිනි දල්වා, නළයෙන් පිඹ ගිනි ගන්වන්නේය. ගිනිගන්වා, අඬුවෙන් රත්රන් ගෙන අඟුරු මැද තබන්නේය. අඟුරු මැද තබා, කලින් කල පිඹින්නේය. කලින් කල වතුර ඉසින්නේය. කලින් කල මධ්‍යස්ථ වන්නේය. මහණෙනි, ඉදින් රන්කරුවා හෝ රන්කරු අතවැසියා හෝ එකාන්තයෙන් ඉතා වැඩියෙන් පිඹින්නේ නම් ඒ රත්රන් දැවී යන්නට ඉඩ ඇත්තේය. මහණෙනි, ඉදින් ඒ රන්කරුවා හෝ රන්කරු අතවැසියා හෝ ඒකානතයෙන් වැඩියෙන් වතුර ඉසින්නේ නම්, ඒ රත්රන් නිවී යන්නට ඉඩ ඇත්තේය. මහණෙනි, ඉදින් රන්කරුවා හෝ රන්කරු අතවැසියා හෝ මැදහත් වන්නේ නම් ඒ රත්රන් මනාව පැසීමට යන්නේය. මහණෙනි, යම් කලෙක රන්කරුවා හෝ රන්කරු අතවැසියා හෝ කලින් කල පිඹින්නේද, කලින් කල වතුර ඉසින්නේද, කලින් කල මැදහත් වන්නේද, ඒ රත්රන් මෘදුද, කර්මන්යද, බබලන්නේද, නොබිඳෙන්නේද, වෙයි. යම් යම් පළඳනා විකෘති කැමති වෙයි නම්, ඉදින් රන් පටකින්, ඉදින් කුණ්ඩලාභරණයකින්, ඉදින් ග්රීවාහරණයකින්, ඉදින් රන් මාලයකින් කැමති වේ නම් ඒ ඒ දෙය සම්පූර්ණ වන්නේය.
“මහණෙනි, එසේම සමථ විදර්ශනා භාවනාවන්හි යෙදෙන්නාවූ භික්ෂුව විසින් කරුණු තුනක් මෙනෙහි කළ යුතුය. කලින් කල සමාධි නිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින් කල පග්ගහ නිමිත්ත (වීර්‍ය්‍යය) මෙනෙහි කළ යුතුය. කලින් කල උපෙක්ඛා නිමිත්ත (මැදහත්වීම) මෙනෙහි කළ යුතුය.
“මහණෙනි, සමථ විදර්ශනා භාවනාවෙහි යෙදුනාවූ මහණ තෙමේ ඒකාන්තයෙන් සමාධි නිමිත්තම මෙනෙහි කරන්නේ නම් එය සිත කුසීත බව පිණිස පැවැත්මට හේතු වන්නේය. මහණෙනි, ඉදින් සමථ විදර්ශනාවෙහි යෙදුණු මහණ තෙමේ ඒකාන්තයෙන් පග්ගහ නිමිත්ත (වීර්‍ය්‍යය) මෙනෙහි කරන්නේ නම් එය වික්ෂිප්ත භාවය පිණිස පැවැත්මට හේතු වන්නේය. මහණෙනි, ඉදින් සමථ විදර්ශනා භාවනාවෙහි යෙදුණ මහණ තෙමේ උපෙක්ඛා නිමිත්ත මෙනෙහි කරන්නේ නම් එය සිත ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස මනාව සමාධියට නොපැමිණීමට හේතු වන්නේය.
“මහණෙනි, යම් කලෙක සමථ විදර්ශනා භාවනාවෙන් යුත් මහණ තෙමේ කලින් කල සමාධි නිමිත්ත මෙනෙහි කරයිද, කලින් කල පග්ගහ නිමිත්ත මෙනෙහි කරයිද, කලින් කල උපෙක්ඛා නිමිත්ත මෙනෙහි කරයිද, ඒ සිත මෘදුද, කර්මන්යද, පිරිසිදුද, නොබිඳෙන සුලුද වෙයි. ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස සිත මනාකොට සමාධියට පැමිණෙයි.
“අභිඥාවෙන් දතයුතුවූ යම් යම් ධර්මයකට අභිඥාවෙන් දැනගැනීම පිණිස සිත නමයිද, ඒ ඒ දෙයෙහි කරුණු ඇති සැටියෙන් හැකි බවට පැමිණෙයි. ඉදින් හෙතෙම කැමති වන්නේ නම් නොයෙක් ඎද්ධිවිධි අනුභව කරන්නේය.
“ඉදින් ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියත්, අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහි තෙමේම විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරන්නෙම්යයි කැමතිවන්නේ නම් කරුණු ඇති සැටියෙන් ඒ ඒ දෙයෙහි කළ හැකි බවට පැමිණෙන්නේය.”
|