ත්‍රිපිටකය
(9) 4. සමණවග්ගො (9) 4. සමණ වර්‍ගය
1. සමණසුත්තං 1. සමණ කරණීය සූත්‍රය
2. ගද්‍රභසුත්තං 2. ගද්‍රභසුත්තං
3. ඛෙත්තසුත්තං 3. පුබ්බකරණීය සූත්‍රය
4. වජ්ජිපුත්තසුත්තං 4. වජ්ජිපුත්තක සූත්‍රය
85
එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො අඤ්ඤතරො වජ්ජිපුත්තකො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො වජ්ජිපුත්තකො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘සාධිකමිදං, භන්තෙ, දියඩ්ඪසික්ඛාපදසතං (දියඩ්ඪං සික්ඛාපදසතං (සී.)) අන්වද්ධමාසං උද්දෙසං ආගච්ඡති. නාහං , භන්තෙ, එත්ථ සක්කොමි සික්ඛිතු’’න්ති. ‘‘සක්ඛිස්සසි පන ත්වං, භික්ඛු, තීසු සික්ඛාසු සික්ඛිතුං - අධිසීලසික්ඛාය, අධිචිත්තසික්ඛාය අධිපඤ්ඤාසික්ඛායා’’ති? ‘‘සක්කොමහං, භන්තෙ, තීසු සික්ඛාසු සික්ඛිතුං - අධිසීලසික්ඛාය, අධිචිත්තසික්ඛාය, අධිපඤ්ඤාසික්ඛායා’’ති. ‘‘තස්මාතිහ ත්වං, භික්ඛු, තීසු සික්ඛාසු සික්ඛස්සු - අධිසීලසික්ඛාය, අධිචිත්තසික්ඛාය, අධිපඤ්ඤාසික්ඛාය’’.
‘‘යතො ඛො ත්වං, භික්ඛු, අධිසීලම්පි සික්ඛිස්සසි, අධිචිත්තම්පි සික්ඛිස්සසි, අධිපඤ්ඤම්පි සික්ඛිස්සසි, තස්ස තුය්හං භික්ඛු අධිසීලම්පි සික්ඛතො අධිචිත්තම්පි සික්ඛතො අධිපඤ්ඤම්පි සික්ඛතො රාගො පහීයිස්සති, දොසො පහීයිස්සති, මොහො පහීයිස්සති. සො ත්වං රාගස්ස පහානා දොසස්ස පහානා මොහස්ස පහානා යං අකුසලං න තං කරිස්සසි, යං පාපං න තං සෙවිස්සසී’’ති.
අථ ඛො සො භික්ඛු අපරෙන සමයෙන අධිසීලම්පි සික්ඛි, අධිචිත්තම්පි සික්ඛි, අධිපඤ්ඤම්පි සික්ඛි. තස්ස අධිසීලම්පි සික්ඛතො අධිචිත්තම්පි සික්ඛතො අධිපඤ්ඤම්පි සික්ඛතො රාගො පහීයි, දොසො පහීයි, මොහො පහීයි. සො රාගස්ස පහානා දොසස්ස පහානා මොහස්ස පහානා යං අකුසලං තං නාකාසි, යං පාපං තං න සෙවීති. චතුත්ථං.
85
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර මහවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. එසමයෙහි එක්තරා වජ්ජි පුත්තක භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ඒ වජ්ජිපුත්තක භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. කෙසේද?
“ස්වාමීනි, අඩ මසක් පාසා එක්සිය පනසක් ශික්‍ෂාපද උදෙසීමට පැමිණෙයිද, ස්වාමීනි, මම මේ ශික්‍ෂාපද සමූහයෙහි හික්මීමට නොහැක්කෙමි” යනුවෙනි.
“මහණ, ඔබට අධිශීල ශික්‍ෂාව, අධිචිත්ත ශික්‍ෂාව, අධිප්‍රඥා ශික්‍ෂාව යන මේ ත්‍රි ශීලයෙහි හික්මිය හැකිද?”
“ස්වාමීනි, මම අධිශීල ශික්‍ෂාව, අධිචිත්ත ශික්‍ෂාව, අධිප්‍රඥා ශික්‍ෂාව යන ත්‍රි ශික්‍ෂාවෙහි හික්මීමට හැකි වෙමි” යි කීය.
“මහණ, එසේ නම් ඔබ අධිශීල ශික්‍ෂාව, අධිචිත්ත ශික්‍ෂාව, අධිප්‍රඥා ශික්‍ෂාව යන ත්‍රි ශික්‍ෂාවෙහි හික්මෙව.
“මහණ, යම් කලෙක පටන් ඔබ අධිශීලයෙහිද හික්මෙන්නෙහි නම්, අධිචිත්තයෙහිද හික්මෙන්නෙහි නම්, අධිප්‍රඥාවෙහිද හික්මෙන්නෙහි නම්, අධිශීලයෙහිද හික්මෙන්නාවූ, අධිචිත්තයෙහිද හික්මෙන්නාවූ, අධිප්‍රඥාවෙහිද හික්මෙන්නාවූ, ඔබගේ රාගය පහවන්නේය. ද්වේෂය පහවන්නේය. මෝහය පහවන්නේය.
“ඒ ඔබ රාගය පහවීමෙන්, ද්වේෂය පහවීමෙන්, මෝහය පහවීමෙන්, යමක් අකුසල්ද, එය නොකරන්නෙහිය. යමක් පාපයද, එය සේවනය නොකරන්නෙහිය.” යි වදාළ සේක.
“ඉක්බිති, ඒ භික්‍ෂුව පසුකාලයෙහි අධිශීලයෙහිද හික්මුණේය, අධිචිත්තයෙහිද හික්මුණේය, අධිප්‍රඥාවෙහිද හික්මුණේය, අධිශීලයෙහි හික්මුණාවූද, අධිචිත්තයෙහි හික්මුණාවූද, අධිප්‍රඥාවෙහි හික්මුණාවූද, ඔහුගේ රාගය පහවිය. ද්වේෂය පහවිය. මෝහය පහවිය. හෙතෙම රාගය පහවීම හේතුකොටගෙන, ද්වේෂය පහවීම හේතුකොටගෙන, මෝහය පහවීම හේතුකොටගෙන, යමක් අකුසල්නම්, එය නොකෙළේය. යමක් පවුනම් එය සේවනය නොකෙළේය.”
5. සෙක්ඛසුත්තං 5. සෙඛපඤ්හ සූත්‍රය
6. පඨමසික්ඛාසුත්තං 6. සික්ඛාත්තය සූත්‍රය
7. දුතියසික්ඛාසුත්තං 7. දුතිය සික්ඛාත්තය සූත්‍රය
8. තතියසික්ඛාසුත්තං 8. තෘතීය සික්ඛාත්තය සූත්‍රය
9. පඨමසික්ඛත්තයසුත්තං 9. චතුත්‍ථ සික්ඛත්තය සූත්‍රය
10. දුතියසික්ඛත්තයසුත්තං 10. පඤ්චම සික්ඛත්තය සූත්‍රය
11. සඞ්කවාසුත්තං 11. පඞ්කධා සූත්‍රය