(8) 3. ආනන්දවග්ගො | (8) 3. ආනන්ද වර්ගය |
1. ඡන්නසුත්තං | 1. ඡන්නපරිබ්බාජක සූත්‍රය |
72
එකං
‘‘කිං පන තුම්හෙ, ආවුසො, රාගෙ ආදීනවං දිස්වා රාගස්ස පහානං පඤ්ඤාපෙථ, කිං දොසෙ ආදීනවං දිස්වා දොසස්ස පහානං පඤ්ඤාපෙථ, කිං මොහෙ ආදීනවං දිස්වා මොහස්ස පහානං
‘‘රත්තො
‘‘දුට්ඨො ඛො, ආවුසො, දොසෙන...පෙ.... මූළ්හො ඛො, ආවුසො, මොහෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි චෙතෙති, උභයබ්‍යාබාධායපි චෙතෙති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති; මොහෙ පහීනෙ නෙවත්තබ්‍යාබාධායපි චෙතෙති, න පරබ්‍යාබාධායපි චෙතෙති, න උභයබ්‍යාබාධායපි චෙතෙති, න චෙතසිකං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. මූළ්හො ඛො, ආවුසො, මොහෙන අභිභූතො පරියාදින්නචිත්තො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං
‘‘අත්ථි පනාවුසො, මග්ගො අත්ථි පටිපදා එතස්ස රාගස්ස දොසස්ස මොහස්ස පහානායා’’ති? ‘‘අත්ථාවුසො, මග්ගො අත්ථි පටිපදා එතස්ස රාගස්ස දොසස්ස මොහස්ස පහානායා’’ති. ‘‘කතමො පනාවුසො, මග්ගො කතමා පටිපදා එතස්ස රාගස්ස දොසස්ස මොහස්ස පහානායා’’ති? ‘‘අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං - සම්මාදිට්ඨි...පෙ.... සම්මාසමාධි. අයං ඛො, ආවුසො, මග්ගො අයං පටිපදා එතස්ස රාගස්ස දොසස්ස මොහස්ස පහානායා’’ති. ‘‘භද්දකො ඛො, ආවුසො, මග්ගො භද්දිකා පටිපදා එතස්ස රාගස්ස දොසස්ස මොහස්ස පහානාය. අලඤ්ච පනාවුසො ආනන්ද, අප්පමාදායා’’ති. පඨමං.
|
72
“මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආනන්ද ස්ථවිරයෝ සැවැත්නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ සිටියෝය. එකල්හි ඡන්න පරිබ්‍රාජක තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එක් පසෙක හිඳගත්තේය.
“එක් පසෙක හිඳගත් ඡන්න පරිබ්‍රාජක තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය, “ඇවැත් ආනන්දයෙනි, ඔබ වහන්සේලාද රාගය පහ කිරීම පනවන්නාහුය. ද්වේෂය පහ කිරීම පනවන්නාහුය. මෝහය පහ කිරීම පනවන්නාහුය. ඇවැත්නි, අපිද රාගය පහ කිරීම පනවන්නෙමු. ද්වේෂය පහ කිරීම පනවන්නෙමු මෝහය පහ කිරීම පනවන්නෙමු. ඇවැත්නි, නුඹවහන්සේලා රාගයෙහි කිනම් ආදීනවයක් දැක රාගය පහකිරීම පනවන්නහුද, ද්වේෂයෙහි කිනම් ආදීනවයක් දැක ද්වේෂය පහකිරීම පනවන්නහුද, මෝහයෙහි කිනම් ආදීනවයක් දැක මෝහය පහකිරීම පනවන්නහුද?”
“ඇවැත්නි, රාගයෙන් ඇලුණාවූ, රාගයෙන් මඩනා ලද්දාවූ, රාගයෙන් විනාශ කළ සිත් ඇත්තාවු පුද්ගලතෙම තමහට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. දෙදෙනාටම දුක් පිණිසද සිතයි. මානසිකවූද දුකක්, දොම්නසක් විඳියි.
“රාගය පහවූ කල්හි, තමහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද නොසිතයි. දෙදෙනාටම දුක් පිණිසද නොසිතයි.
“ඇවැත්නි, රාගයෙන් ඇලුණාවූ, රාගයෙන් මඩනා ලද, රාගයෙන් විනාශ කළ සිත් ඇත්තේ, කයින් දුෂ්චරිත කරයි. වචනයෙන් දුෂ්චරිත කරයි. සිතින් දුෂ්චරිත කරයි. රාගය පහවූ කල්හි කයින් දුෂ්චරිත නොකරයි. වචනයෙන් දුෂ්චරිත නොකරයි. සිතින් දුෂ්චරිත නොකරයි.
“ඇවැත්නි, රාගයෙන් ඇලුණාවූ, රාගයෙන් මඩනා ලද්දාවූ, රාගයෙන් විනාශ කළ සිත් ඇත්තේ, තමාගේ අර්ත්ථයද තත්වූ පරිදි නොදනියි. පරාර්ත්ථයද තත්වූ පරිදි නොදනියි. ආත්මාර්‍ත්‍ථ පරාන්ර්ථ දෙකමද තත්වූ පරිදි නොදනියි.
“රාගය පහවූ කල්හි, තමාගේ අර්ත්ථයද තත්වූ පරිදි දනියි. පරාර්ත්ථයද තත්වූ පරිදි දනියි. ආත්මාර්‍ත්‍ථ පරාන්ර්ථ දෙකමද තත්වූ පරිදි දනියි.
“ඇවැත්නි, රාගය සත්ත්වයා අන්ධ කරන්නෙකි. නුවණැස නැති කරන්නෙකි. නොදැනීම ඇති කරන්නෙකි. ප්‍රඡාව නිරුද්ධ කරන්නෙකි. දුක්ඛ පක්ෂයෙහි සිටියේය. නිවන් පිණිස නොපවත්නේය.
“ඇවැත්නි, ද්වේෂයෙන් ඇලුණාවූ, ද්වේෂයෙන් මඩනා ලද්දාවූ, ද්වේෂයෙන් විනාශ කළ සිත් ඇත්තාවු පුද්ගලතෙම තමහට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. දෙදෙනාටම දුක් පිණිසද සිතයි. මානසිකවූද දුකක්, දොම්නසක් විඳියි.
“ද්වේෂය පහවූ කල්හි, තමහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද නොසිතයි. දෙදෙනාටම දුක් පිණිසද නොසිතයි.
“ඇවැත්නි, ද්වේෂයෙන් ඇලුණාවූ, ද්වේෂයෙන් මඩනා ලද, ද්වේෂයෙන් විනාශ කළ සිත් ඇත්තේ, කයින් දුෂ්චරිත කරයි. වචනයෙන් දුෂ්චරිත කරයි. සිතින් දුෂ්චරිත කරයි. ද්වේෂය පහවූ කල්හි කයින් දුෂ්චරිත නොකරයි. වචනයෙන් දුෂ්චරිත නොකරයි. සිතින් දුෂ්චරිත නොකරයි.
“ඇවැත්නි, ද්වේෂයෙන් ඇලුණාවූ, ද්වේෂයෙන් මඩනා ලද්දාවූ, ද්වේෂයෙන් විනාශ කළ සිත් ඇත්තේ, තමාගේ අර්ත්ථයද තත්වූ පරිදි නොදනියි. පරාර්ත්ථයද තත්වූ පරිදි නොදනියි. ආත්මාර්‍ත්‍ථ පරාන්ර්ථ දෙකමද තත්වූ පරිදි නොදනියි.
“ද්වේෂය පහවූ කල්හි, තමාගේ අර්ත්ථයද තත්වූ පරිදි දනියි. පරාර්ත්ථයද තත්වූ පරිදි දනියි. ආත්මාර්‍ත්‍ථ පරාන්ර්ථ දෙකමද තත්වූ පරිදි දනියි.
“ඇවැත්නි, ද්වේෂය සත්ත්වයා අන්ධ කරන්නෙකි. නුවණැස නැති කරන්නෙකි. නොදැනීම ඇති කරන්නෙකි. ප්‍රඡාව නිරුද්ධ කරන්නෙකි. දුක්ඛ පක්ෂයෙහි සිටියේය. නිවන් පිණිස නොපවත්නේය.
“ඇවැත්නි, මෝහයෙන් ඇලුණාවූ, මෝහයෙන් මඩනා ලද්දාවූ, මෝහයෙන් විනාශ කළ සිත් ඇත්තාවු පුද්ගලතෙම තමහට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. දෙදෙනාටම දුක් පිණිසද සිතයි. මානසිකවූද දුකක්, දොම්නසක් විඳියි.
“මෝහය පහවූ කල්හි, තමහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද නොසිතයි. දෙදෙනාටම දුක් පිණිසද නොසිතයි.
“ඇවැත්නි, මෝහයෙන් ඇලුණාවූ, මෝහයෙන් මඩනා ලද, මෝහයෙන් විනාශ කළ සිත් ඇත්තේ, කයින් දුෂ්චරිත කරයි. වචනයෙන් දුෂ්චරිත කරයි. සිතින් දුෂ්චරිත කරයි. මෝහය පහවූ කල්හි කයින් දුෂ්චරිත නොකරයි. වචනයෙන් දුෂ්චරිත නොකරයි. සිතින් දුෂ්චරිත නොකරයි.
“ඇවැත්නි, මෝහයෙන් ඇලුණාවූ, මෝහයෙන් මඩනා ලද්දාවූ, මෝහයෙන් විනාශ කළ සිත් ඇත්තේ, තමාගේ අර්ත්ථයද තත්වූ පරිදි නොදනියි. පරාර්ත්ථයද තත්වූ පරිදි නොදනියි. ආත්මාර්‍ත්‍ථ පරාන්ර්ථ දෙකමද තත්වූ පරිදි නොදනියි.
“මෝහය පහවූ කල්හි, තමාගේ අර්ත්ථයද තත්වූ පරිදි දනියි. පරාර්ත්ථයද තත්වූ පරිදි දනියි. ආත්මාර්‍ත්‍ථ පරාන්ර්ථ දෙකමද තත්වූ පරිදි දනියි.
“ඇවැත්නි, මෝහය සත්ත්වයා අන්ධ කරන්නෙකි. නුවණැස නැති කරන්නෙකි. නොදැනීම ඇති කරන්නෙකි. ප්‍රඡාව නිරුද්ධ කරන්නෙකි. දුක්ඛ පක්ෂයෙහි සිටියේය. නිවන් පිණිස නොපවත්නේය.
“ඇවැත්නි, අපි රාගයෙහි මේ ආදීනව දැක රාගය පහකිරීම පනවමු. ද්වේෂයෙහි මේ ආදීනව දැක ද්වේෂය පහකිරීම පනවමු. මෝහයෙහි මේ ආදීනව දැක මෝහය පහකිරීම පනවමු.
“ඇවැත්නි, මේ රාගය, ද්වේෂය, මෝහය පහකිරීම පිණිස මාර්ගයක් ඇත්තේද? ප්‍රතිපදාවක් ඇත්තීද?” “ඇවැත්නි, මේ රාගය, ද්වේෂය, මෝහය පහකිරීම පිණිස මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තීය”
“ඇවැත්නි, මේ රාගය, ද්වේෂය, මෝහය පහකිරීම පිණිස පවත්නාවූ මාර්ගය කුමක්ද, ප්‍රතිපදාව කුමක්ද?”
“මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයමැයි. ඒ් කෙසේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේය. ඇවැත්නි, මේ රාගය, ද්වේෂය, මෝහය පහකිරීම පිණිස, මේ මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාව වෙයි.”
“ඇවැත්නි, මේ රාගය, ද්වේෂය, මෝහය පහකිරීම පිණිස, පවත්නාවූ මාර්ගය යහපත්ය. ප්‍රතිපදාව යහපත්ය. ඇවැත්නි, අප්රමාදවීමට සුදුසුය” යි කීය.
|
2. ආජීවකසුත්තං | 2. ආජීවක සාවක සූත්‍රය |
73
එකං
‘‘කෙසං නො, භන්තෙ ආනන්ද, ධම්මො ස්වාක්ඛාතො? කෙ ලොකෙ සුප්පටිපන්නා? කෙ ලොකෙ සුකතා’’ති
(සුගතාති (සී. ස්‍යා. කං. පී.))? ‘‘තෙන හි, ගහපති, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි, යථා තෙ ඛමෙය්ය තථා නං බ්යාකරෙය්යාසි. තං කිං මඤ්ඤසි, ගහපති, යෙ රාගස්ස පහානාය ධම්මං දෙසෙන්ති, දොසස්ස පහානාය ධම්මං දෙසෙන්ති, මොහස්ස පහානාය ධම්මං දෙසෙන්ති, තෙසං ධම්මො ස්වාක්ඛාතො නො වා? කථං වා තෙ එත්ථ හොතී’’ති? ‘‘යෙ
‘‘තං කිං මඤ්ඤසි, ගහපති, යෙ රාගස්ස පහානාය පටිපන්නා, දොසස්ස පහානාය පටිපන්නා, මොහස්ස පහානාය පටිපන්නා, තෙ ලොකෙ සුප්පටිපන්නා
‘‘තං කිං මඤ්ඤසි, ගහපති, යෙසං රාගො පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවංකතො ආයතිං අනුප්පාදධම්මො, යෙසං දොසො පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවඞ්කතො ආයතිං අනුප්පාදධම්මො, යෙසං මොහො පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවංකතො ආයතිං අනුප්පාදධම්මො, තෙ ලොකෙ සුකතා නො වා? කථං වා තෙ එත්ථ හොතී’’ති? ‘‘යෙසං, භන්තෙ, රාගො පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවංකතො ආයතිං අනුප්පාදධම්මො, යෙසං දොසො පහීනො...පෙ.... යෙසං මොහො පහීනො
‘‘ඉති
‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! න චෙව නාම සධම්මුක්කංසනා භවිස්සති, න ච පරධම්මාපසාදනා
(න පරධම්මාපසාදනා (සී. පී.), න පරධම්මවම්භනා (ම. නි. 2.236)). ආයතනෙව
(ආයතනෙ ච (ම. නි. 2.236)) ධම්මදෙසනා, අත්ථො ච වුත්තො, අත්තා ච අනුපනීතො. තුම්හෙ, භන්තෙ ආනන්ද, රාගස්ස පහානාය ධම්මං දෙසෙථ, දොසස්ස...පෙ.... මොහස්ස පහනාය ධම්මං
‘‘අභික්කන්තං, භන්තෙ, අභික්කන්තං, භන්තෙ! සෙය්යථාපි, භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය - ‘චක්ඛුමන්තො රූපානි දක්ඛන්තී’ති; එවමෙවං අය්යෙන ආනන්දෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං, භන්තෙ ආනන්ද, තං භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං අය්යො ආනන්දො ධාරෙතු, අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. දුතියං.
|
73
එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම කොසඹෑ නුවර ඝොෂිතාරාමයෙහි වාසය කරයි. එකල්හි, ආජීවකයන්ගේ ශ්‍රාවකයෙක්වූ, එක්තරා ගෘහපතියෙක් ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වැඳ එක් පසෙක හිඳ ගත්තේය.
එක්පසෙක හිඳගත් ඒ ආජීවකයන්ගේ ශ්‍රාවක ගෘහපති තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ගෙන් මෙය ඇසීය. “ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, කවරකුන්ගේ ධර්මය මනාකොට දේශනා කරණ ලද්දේද? ලෝකයෙහි කවරහු මනාව පිළිපන්නාහුද? කවරහු ලෝකයෙහි යහපත් මාර්ගයෙහි ගියාහුද?” යනුයි.
“ගෘහපතිය, එසේනම් මේ කාරණය ඔබගෙන්ම අසමි. ඔබට යම් විදියකින් වැටහේ නම් එය එසේ ප්‍රකාශ කරව. ගෘහපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද? යම් කෙනෙක් රාගය පහ කිරීම පිණිස දහම් දෙසත්ද, ද්වේෂය පහ කිරීම පිණිස දහම් දෙසත්ද, මෝහය පහ කිරීම පිණිස දහම් දෙසත්ද, ඔවුන්ගේ ධර්මය මනාකොට දේශනා කරණ ලද්දක් වේද, නොවේද? මෙහි ඔබගේ අදහස කුමක්ද?”
“ස්වාමීනි, යම් කෙනෙක් රාගය පහකිරීම පිණිස දහම් දෙසත් නම්, ද්වේෂය පහකිරීම පිණිස දහම් දෙසත් නම්, මෝහය පහකිරීම පිණිස දහම් දෙසත් නම්, ඔවුන්ගේ ධර්මය මනාකොට දේශනා කරණ ලද්දක් වෙයි. යනු මෙහි මගේ අදහසයි.”
“ගෘහපතිය, ඒ කුමකැයි සිතන්නෙහිද? යම් කෙනෙක් රාගය පහ කිරීම පිණිස පිළිපන්නාහුද, ද්වේෂය පහ කරණු පිණිස පිළිපන්නාහුද, මෝහය පහ කරණු පිණිස පිළිපන්නාහුද, ලෝකයෙහි ඔවුහු මනාකොට පිළිපන්නාහු වෙත්ද, නොවෙත්ද? මෙහි ඔබගේ අදහස කුමක් වෙයිද?”
“ස්වාමීනි, යම් කෙනෙක් ලෝකයෙහි රාගය පහ කිරීම පිණිස පිළිපන්නාහු වෙත්ද, ද්වේෂය පහ කිරීම පිණිස පිළිපන්නාහු වෙත්ද, මෝහය පහ කිරීම පිණිස පිළිපන්නාහු වෙත්ද, ඔවුහු ලෝකයෙහි මනාව පිළිපන්නාහු වෙත් යනු මගේ අදහස වෙයි.”
“ගෘහපතිය, ඒ කුමකැයි සිතන්නෙහිද? යමෙකන්ගේ රාගය පහවූයේ වෙයිද, සිඳින ලද මුල් ඇත්තේ වෙයිද, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ වෙයිද, නැවත නූපදින ස්වභාවය ඇත්තේ වෙයිද, යමෙකුන්ගේ ද්වේෂය පහවූයේ වෙයිද, සිඳින ලද මුල් ඇත්තේ වෙයිද, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ වෙයිද, නැවත නූපදින ස්වභාවය ඇත්තේ වෙයිද,
යමෙකුගේ මෝහය පහවූයේ වෙයිද, සිඳින ලද මුල් ඇත්තේ වෙයිද, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ වෙයිද, නැවත නූපදින ස්වභාවය ඇත්තේ වෙයිද, ඔවුහු ලෝකයෙහි යහපත් මාර්ගයෙහි ගියාහු වෙත්ද, නොවෙත්ද, මෙහි ඔබගේ අදහස කුමක්ද?”
“ස්වාමීනි, යමෙකුන්ගේ රාගය පහවූයේ වෙයිද, සිඳින ලද මුල් ඇත්තේ වෙයිද, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ වෙයිද, නැවත නූපදින ස්වභාවය ඇත්තේ වෙයිද, යමෙකුන්ගේ ද්වේෂය පහවූයේ වෙයිද, සිඳින ලද මුල් ඇත්තේ වෙයිද, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ වෙයිද, නැවත නූපදින ස්වභාවය ඇත්තේ වෙයිද, යමෙකුගේ මෝහය පහවූයේ වෙයිද, සිඳින ලද මුල් ඇත්තේ වෙයිද, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ වෙයිද, නැවත නූපදින ස්වභාවය ඇත්තේ වෙයිද, ඔවුහු ලෝකයෙහි යහපත් මාර්ගයෙහි ගියාහු වෙත් යනු මාගේ අදහස වෙයි.”
“ගෘහපතිය, මෙසේ ඔබ විසින්ම “ස්වාමීනි, යම් කෙනෙක් රාගය පහකිරීම පිණිස දහම් දෙසත්ද, ද්වේෂය පහකිරීම පිණිස දහම් දෙසත්ද, මෝහය පහකිරීම පිණිස දහම් දෙසත්ද, ඔවුන්ගේ ධර්මය යහපත් කොට දේශනා කරණ ලද්දෙකැ” යි. ප්‍රකාශ කරණ ලදී.
“ස්වාමීනි, යම් කෙනෙක් රාගය පහ කිරීම පිණිස පිළිපන්නාහු වෙත්ද, ද්වේෂය පහ කිරීම පිණිස පිළිපන්නාහු වෙත්ද, මෝහය පහ කිරීම පිණිස පිළිපන්නාහු වෙත්ද, ඔවුහු ලෝකයෙහි මනාව පිළිපන්නාහු වෙත්ය’ යි ඔබ විසින්ම ප්‍රකාශ කරණ ලදී.
“ස්වාමීනි, යමෙකුන්ගේ රාගය පහවූයේ වෙයිද, සිඳින ලද මුල් ඇත්තේද, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේද, නැවත නූපදින ස්වභාවය ඇත්තේද, ද්වේෂය පහවූයේද සිඳින ලද මුල් ඇත්තේද, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේද, නැවත නූපදින ස්වභාවය ඇත්තේද, මෝහය පහවූයේද, සිඳින ලද මුල් ඇත්තේද, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේද, නැවත නූපදින ස්වභාවය ඇත්තේද, ඔවුහු ලෝකයෙහි යහපත් මාර්ගයෙහි ගියාහු වෙත්ය” යි ඔබ විසින්ම ප්‍රකාශ කරණ ලදී.”
“ස්වාමීණි, ආශ්චර්‍ය්‍යය, අද්භූතය, තමන්ගේ ලබ්ධිය උසස්කොට දැක්වීමක්ද නොවන්නේය. අනුන්ගේ ලබ්ධිය පහත්කොට දැක්වීමක්ද නොවන්නේය. කාරණයෙන්ම ධර්ම දේශනාව විය. මා විසින් අසන ලද ප්‍රත්‍යයාගේ අර්ත්ථයද ප්‍රකාශ කරණ ලදී. අපි මෙබන්දෝ වෙමු යයි තමන් ගැනද නොදක්වන ලදී.
“ස්වාමීනි, නුඹ වහන්සේලා රාගය පහ කිරීම පිණිස දහම් දෙසන්නාහු නම්, ද්වේෂය පහ කිරීම පිණිස දහම් දෙසන්නාහු නම්, මෝහය පහ කිරීම පිණිස දහම් දෙසන්නාහු නම්, ස්වාමීනි, ඔබ වහන්සේලාගේ ධර්මය මනාව දෙසන ලද්දකි.
“ස්වාමීනි, නුඹ වහන්සේලා රාගය පහ කිරීම පිණිස පිළිපන්නහු නම්, ද්වේෂය පහ කිරීම පිණිස පිළිපන්නහු නම්, මෝහය පහ කිරීම පිණිස පිළිපන්නහු නම්, ස්වාමීනි, ඔබ වහන්සේලා ලෝකයෙහි මනාව පිළිපන්නෝ වෙත්.
“ස්වාමීනි, ඔබ වහන්සේලාගේ රාගය පහවූයේ නම්, මුල් සිඳින ලද්දේ නම්, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නම්, විනාශ කරණ ලද්දේ නම්, නැවත නූපදින ස්වභාවය ඇත්තේ නම්, ඔබ වහන්සේලාගේ ද්වේෂය පහවූයේ නම්, මුල් සිඳින ලද්දේ නම්, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නම්, විනාශ කරණ ලද්දේ නම්, නැවත නූපදින ස්වභාවය ඇත්තේ නම්, ඔබ වහන්සේලාගේ මෝහය පහවූයේ නම්, මුල් සිඳින ලද්දේ නම්, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නම්, විනාශ කරණ ලද්දේ නම්, නැවත නූපදින ස්වභාවය ඇත්තේ නම්, ඔබ වහන්සේලා ලෝකයෙහි යහපත් මාර්ගයෙහි ගියාහු වෙත්.”
“ස්වාමීනි, ඉතා යහපති. ස්වාමීනි, ඉතා යහපති. යම්සේ යටිකුරු කරණ ලද්දක් හෝ උඩුකුරු කෙළේද, වැසුවක් හෝ විවෘත කෙළේද, මංමුළාවූවෙකුට මාර්ගය හෝ කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් හෝ දරන්නේද, එසේ ආර්‍ය්‍යවූ ආනන්ද ස්ථවිරයන් විසින් නොයෙක් අයුරින් ධර්මය දේශනා කරණ ලදී. ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, ඒ මම ඒ භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, සංඝයාද සරණ යමි. ආර්‍ය්‍යවූ ආනන්ද ස්ථවිරයන් වහන්සේ මා අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයෙකු කොට දරණ සේක්වා.”
|
3. මහානාමසක්කසුත්තං | 3. මහානාම (සමාධිඤාණ) සූත්‍රය |
74
එවං මෙ සුතං - එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා ගිලානාවුට්ඨිතො
(ගිලානවුට්ඨිතො (සද්දනීති)) හොති අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා. අථ
අථ ඛො ආයස්මා ආනන්දො මහානාමං සක්කං බාහායං ගහෙත්වා එකමන්තං අපනෙත්වා මහානාමං සක්කං එතදවොච - ‘‘සෙඛම්පි ඛො, මහානාම, සීලං වුත්තං භගවතා, අසෙඛම්පි සීලං වුත්තං භගවතා; සෙඛොපි සමාධි වුත්තො භගවතා
‘‘කතමො ච, මහානාම, සෙඛො සමාධි? ඉධ, මහානාම, භික්ඛු විවිච්චෙව කාමෙහි...පෙ.... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, මහානාම, සෙඛො සමාධි.
‘‘කතමා ච, මහානාම, සෙඛා පඤ්ඤා? ඉධ, මහානාම, භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති...පෙ....
‘‘ස ඛො සො, මහානාම, අරියසාවකො එවං සීලසම්පන්නො එවං සමාධිසම්පන්නො එවං පඤ්ඤාසම්පන්නො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. එවං ඛො, මහානාම, සෙඛම්පි සීලං වුත්තං භගවතා, අසෙඛම්පි සීලං වුත්තං භගවතා; සෙඛොපි සමාධි වුත්තො භගවතා, අසෙඛොපි සමාධි වුත්තො භගවතා; සෙඛාපි පඤ්ඤා වුත්තා භගවතා, අසෙඛාපි පඤ්ඤා වුත්තා භගවතා’’ති. තතියං.
|
74
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් පුරයෙහි නිග්‍රොධාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ගිලන් භාවයෙන් නැගී සිටියෝ වෙත්. ගිලන් කමින් නැගිට නොබෝ කල් ඇත්තෝ වෙත්. එකල්හි මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හිඳගත්තේය.
එක් පසෙක හිඳගත් මහානාම ශාක්‍යතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, මම බොහෝ කලක පටන් භාග්‍යවතුන් වහන්සේ විසින් සමාධියෙන් යුක්තවූවහුට ඥානය වෙයි. සමාධියෙන් යුක්ත නොවූවහුට ඥානය නොවේයයි මෙසේ ධර්ම දේශනා කරණ ලද බව දනිමි. ස්වාමීනි, පළමුකොට සමාධිය ඇතිවේද, පසුව ඥානය ඇතිවේද? නොහොත් පළමුකොට ඥානය ඇතිවේද, පසුව සමාධිය ඇතිවේද?” යනුයි.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේහට මෙබඳු සිතක් විය. ‘භාග්‍යවතුන් වහන්සේ ගිලන් කමින් නැගී සිටියෝ වෙත්. ගිලන් කමින් නැගිට නොබෝ කල් ඇත්තෝ වෙත්. මේ මහානාම ශාක්‍යතෙමේ ඉතා ගැඹුරු ප්‍රශ්නයක් අසයි. මම මහානාම ශාක්‍යයා එක් පසෙකට ඉවත්කොට ධර්ම දේශනා කරන්නෙම් නම් මැනවි’ කියායි.
ඉක්බිති, ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම මහානාම ශාක්‍යයාගේ දකුණු බාහුවට ඇඟිල්ලෙන් සංඥාකොට එක් පසෙකට කැඳවා, මහානාම ශාක්‍යයාහට මෙසේ කීය. “මහානාමය, භාග්‍යවතුන් වහන්සේ විසින් සෙඛ සීලයද වදාරණ ලදී. අසෙඛ සීලයද වදාරණ ලදී. සෙඛ සමාධියද වදාරණ ලදී. අසෙඛ සමාධියද වදාරණ ලදී. ශෛක්ෂ ප්‍රඥාවද වදාරණ ලදී. අශෛක්ෂ ප්‍රඥාවද වදාරණ ලදී.
“මහානාමය, සෙඛ සීලය නම් කුමක්ද? මහානාමය, මේ ශාසනයෙහි මහණ තෙමේ ප්රාතිමොක්ෂ සංවරයෙන් සංවරව ආචාර ගොචර දෙකින් සමන්විතව, ශික්ෂා පදයන්හි දැඩි සමාදානයෙන් යුක්තව වාසය කෙරේද, මහානාමය, මේ සෙඛ සීලයයි කියනු ලැබේ.
“මහානාමය, සෙඛ සමාධිය නම් කුමක්ද? මහානාමය, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන්, අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති, සිත හා එකට පහළවූ, විතර්ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය පහව යාමෙන් උපෙක්ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්ෂා ඇති, සිහි ඇති, සැප විහරණයෙකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප දුක් දෙක නැතිවීමෙන්, සොම්නස දොම්නස දෙක අස්තවීමට පෙරම, දුක් නැති, සැප නැති, උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති චතුර්ථධ්යානයට පැමිණ වාසය කරයිද, මහානාමය, මේ සේඛ සමාධියයයි කියනු ලැබේ.
“මහානාමය, කුමක් ශෛක්ෂප්රඥාව නම් වේද, මහානාමය, මේ ශාසනයෙහි මහණතෙම මෙය දුකයයි තත්වූ පරිද්දෙන් දනියිද, මෙය දුකට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනියිද, මෙය දුක නැතිකිරීමයයි තත්වූ පරිද්දෙන් දනියිද, මෙය දුක නැති කිරීමට පැමිණෙන මාර්ගයයයි තත්වූ පරිද්දෙන් දනියිද, මහානාමය, මෙය ශෛක්ෂප්රඥාවයයි කියනු ලැබේ.
“මහානාමය, මේ සීලයෙන් යුත්, මේ සමාධියෙන් යුත්, මේ ප්‍රඥාවෙන් යුත් ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියද, අර්හත් ඵල ප්‍රඥාවද, මේ ආත්මයෙහිම තෙමේ විශේෂයෙන් දැන ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරයි. මහානාමය, මෙසේ වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් සෙඛ සීලයද වදාරණ ලදී. අසේඛ සීලයද වදාරණ ලදී. සේඛ සමාධියද වදාරණ ලදී. අසෙඛ සමාධියද වදාරණ ලදී. ශෛක්ෂප්රඥාවද වදාරණ ලදී. අශෛක්ෂප්රඥාවද වදාරණ ලදී.”
|
4. නිගණ්ඨසුත්තං | 4. අභය (ලිච්ඡවි) සූත්‍රය |
75
එකං
‘‘තිස්සො ඛො ඉමා, අභය, නිජ්ජරා විසුද්ධියො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්මදක්ඛාතා සත්තානං විසුද්ධියා සොකපරිදෙවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය. කතමා තිස්සො? ඉධ, අභය, භික්ඛු සීලවා හොති...පෙ.... සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. සො නවඤ්ච කම්මං න කරොති, පුරාණඤ්ච කම්මං ඵුස්ස ඵුස්ස බ්යන්තීකරොති. සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනෙය්‍යිකා පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහීති.
‘‘ස
‘‘ස ඛො සො, අභය, භික්ඛු එවං සමාධිසම්පන්නො
(එවං සීලසම්පන්නො එවං සමාධිසම්පන්නො (සී. ස්‍යා. කං.)) ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. සො නවඤ්ච කම්මං න කරොති, පුරාණඤ්ච කම්මං ඵුස්ස ඵුස්ස බ්යන්තීකරොති. සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනෙය්‍යිකා පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහීති. ඉමා ඛො, අභය, තිස්සො නිජ්ජරා විසුද්ධියො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්මදක්ඛාතා සත්තානං විසුද්ධියා සොකපරිදෙවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියායා’’ති.
එවං වුත්තෙ පණ්ඩිතකුමාරකො ලිච්ඡවි අභයං ලිච්ඡවිං එතදවොච - ‘‘කිං පන ත්වං, සම්ම අභය, ආයස්මතො ආනන්දස්ස සුභාසිතං සුභාසිතතො නාබ්භනුමොදසී’’ති? ‘‘ක්යාහං, සම්ම පණ්ඩිතකුමාරක, ආයස්මතො ආනන්දස්ස සුභාසිතං සුභාසිතතො
|
75
එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විශාලානුවර මහවනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරති. එකල්හි අභය නම් ලිච්ඡවි තෙමේද, පණ්ඩිත කුමාර නම් ලිච්ඡවි තෙමේද ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියෝය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වැඳ එක් පසෙක හිඳගත්හ.
“එක් පසෙක හිඳගත් අභය නම් ලිච්ඡවි තෙමේ ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීය. “ස්වාමීනි, නිඝන්ඨනාතපුත්‍ර තෙමේ ‘යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, මාහට සියලු කල්හි සර්වඥතාඥානය එළඹ සිටියේය’ යි සර්වඥ බව, සියල්ල දක්නා ඥානය ඇති බව, නිරවශෙෂ ඥානයක් ඇති බව ප්‍රතිඥා කරයි. හෙතෙම තපස් කිරීමෙන් පුරාණ කර්ම ක්ෂය කරණ බව ප්‍රකාශ කරයි. අලුත් කර්ම නොකිරීමෙන් හේතු නැති කරණ බව ප්‍රකාශ කරයි. ‘මෙසේ කර්ම ක්ෂය කිරීමෙන් දුක් ක්ෂය කිරීමද, දුක් ක්ෂය කිරීමෙන් වේදනා ක්ෂය කිරීමද, වේදනා ක්ෂය කිරීමෙන් සියලු දුක් දිරා යන්නේය, මෙසේ තමා විසින්ම ප්රත්යක්ෂ කරගත යුතුවූ, කෙලෙසුන් දිරවීමයයි කියන ලද විශුද්ධියෙන් සියලු දුක්ඛයන්ගේ ඉක්මවීම වේය’ යි කියයි.
“ස්වාමිනි, මේ කාරණයේදී භාග්‍යවතුන් වහන්සේ කුමක් ප්‍රකාශ කරද්ද?” යනුයි.
“අභය, දන්නාවූ, දක්නාවූ ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් සත්ත්වයන්ගේ පිරිසිදුවීම පිණිස, සෝක පරිදේවයන් ඉක්මවීම පිණිස, ආර්‍ය්‍ය මාර්ගය අවබෝධ කිරීම පිණිස, නිවන් ප්රත්යක්ෂ කරණු පිණිස මේ ජරාව නැති කරන්නාවූ පිරසිදුවීම් තුනක් වදාරණ ලදහ.
“අභය, මෙහි මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් යුක්තව, ආචාර ගෝචර දෙකින් සමන්විතව, ශික්ෂා පදයන්හි දැඩි සමාදානයෙන් යුක්තව වාසය කරයිද, හෙතෙමේ අලුත් කර්ම නොකරයි. පුරාණ කර්ම විඳ විඳ කෙළවර කරයි.
“මෙයද, තමන් විසින්ම දැක්ක යුතුවූ, කල් නොයවාම ඵල දෙන, ‘එව බලව’ යි පෙන්විය හැකි, තමන් වෙත එළවා ගත යුතුවූ, නුවණැතියන් විසින් වෙන වෙනම ප්රත්යක්ෂ කළ යුතුවූ නිර්ජර විශුද්ධියයි.
“අභය, මෙසේ ශීලයෙන් යුක්තවූ ඒ මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්වම, අකුශලයන්ගෙන් වෙන්වම, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන්, අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති, සිත හා එකට පහළවූ, විතර්ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය පහව යාමෙන් උපෙක්ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්ෂා ඇති, සිහි ඇති, සැප විහරණයෙකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප දුක් දෙක නැතිවීමෙන්, සොම්නස දොම්නස දෙක අස්තවීමට පෙරම, දුක් නැති, සැප නැති, උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති චතුර්ත්ථද්ධ්යානයට පැමිණ වාසය කරයි. හෙතෙම අලුත් කර්ම නොකරයි. පුරාණ කර්ම විඳ විඳ කෙළවර කරයි.
“මෙයද, තමන් විසින්ම දැක්ක යුතුවූ, කල් නොයවාම ඵල දෙන, ‘එව බලව’ යි පෙන්විය හැකි, තමන් වෙත එළවා ගත යුතුවූ, නුවණැතියන් විසින් වෙන වෙනම ප්රත්යක්ෂ කළ යුතුවූ නිර්ජර විශුද්ධියයි.
“අභය, මෙසේ ශීලයෙන් යුක්තවූ, මෙසේ සමාධියෙන් යුක්තවූ ඒ මහණ තෙමේ, ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන්, ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියත්, අර්හත් ඵල ප්‍රඥාවත් තෙමේම විශේෂ ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරයි. හෙතෙමේ අලුත් කර්ම නොකරයි. පුරාණ කර්ම විඳ විඳ කෙළවර කරයි.
“මෙයද, තමන් විසින්ම දැක්ක යුතුවූ, කල් නොයවාම ඵල දෙන, ‘එව බලව’ යි පෙන්විය හැකි, තමන් වෙත එළවා ගත යුතුවූ, නුවණැතියන් විසින් වෙන වෙනම ප්රත්යක්ෂ කළ යුතුවූ නිර්ජර විශුද්ධියයි.
“අභය, මේ නිර්ජර විශුද්ධි තුන දන්නාවූ, දක්නාවූ අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සත්ත්වයන්ගේ පිරිසිදුවීම පිණිස, සොක පරිදේවයන් ඉක්මවීම පිණිස, දුක් දොම්නස් දුරුකිරීම පිණිස, මාර්ගය අවබෝධ කිරීම පිණිස, නිවන් ප්රත්යක්ෂ කිරීම පිණිස මනාකොට වදාරන ලදය’ යි කීය.
“මෙසේ කී කල්හි පණ්ඩිත කුමාර ලිච්ඡවි තෙමේ අභය ලිච්ඡවි කුමාරයන්ගෙන් ‘යහලු අභය, කිමෙක්ද ඔබ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් මනාකොට කියන ලද්ද, මනාකොට කියන ලද්දක් වශයෙන් සතුටින් නොපිළිගන්නෙහිදැ?” යි ඇසීය.
“යහලුව මම කුමක් හෙයින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් මනාව කියන ලද්ද, මනාව කියන ලද්දක් වශයෙන් සතුටින් නොපිළිගන්නෙම්ද? යමෙක් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් මනාව කියන ලද්ද මනාව කියන ලද්දක් වශයෙන් සතුටින් නොපිළිගන්නේ නම් ඔහුගේ හිසද පැළෙන්නේය” යි කීය.
|
5. නිවෙසකසුත්තං | 5. සමාදපෙත්තබ්බ සූත්‍රය |
76
අථ
‘‘යෙ, ආනන්ද, අනුකම්පෙය්යාථ යෙ ච සොතබ්බං මඤ්ඤෙය්යුං මිත්තා වා අමච්චා වා ඤාතී වා
‘‘සියා, ආනන්ද, චතුන්නං මහාභූතානං අඤ්ඤථත්තං - පථවීධාතුයා ආපොධාතුයා තෙජොධාතුයා වායොධාතුයා, න ත්වෙව බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතස්ස අරියසාවකස්ස සියා අඤ්ඤථත්තං තත්රිදං අඤ්ඤථත්තං. සො වතානන්ද, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො අරියසාවකො නිරයං වා තිරච්ඡානයොනිං වා පෙත්තිවිසයං වා උපපජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති.
‘‘සියා
‘‘යෙ, ආනන්ද, අනුකම්පෙය්යාථ යෙ ච සොතබ්බං මඤ්ඤෙය්යුං මිත්තා වා අමච්චා වා ඤාතී වා
|
76
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාගයවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හිඳගත්තේය. එක්පසෙක හිඳගත් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“ආනන්දය, සත්ත්වයෙකුට අනුකම්පා කරන්නහුද, මිත්‍රයන් හෝ, යහළුවන් හෝ, නෑයන් හෝ, ලේ නෑයන් හෝ, යම් කෙනෙකුන් ඇසියයුත්තන් කොට හඟින්නාහුද, ආනන්දය, ඔවුහු කරුණු තුනෙක්හි සමාදන් කරවිය යුත්තාහ. ඇතුලත් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ. කිනම් කරුණු තුනෙක්හිද?
“ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්යහ. සම්‍යක් සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුරිසදම්ම සාරථිය, දෙවි මිනිසුන්ට ශාස්තෘය, බුද්ධය, භාග්‍යවත්යයි බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙහි සමාදන් කරවිය යුත්තාහ. ඇතුල් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ.
“භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව දේශනා කරණ ලදී. සණදිට්ඨිකය, අකාලිකය, එහිඵස්සිකය, ඔපනයිකය, නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේයයි ධර්මය ෙකෙරෙහි නොසෙල්වෙන නොසෙල්වෙන ශ්‍රද්ධාවෙහි සමාදන් කරවිය යුත්තාහ. ඇතුල් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ.
“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම මනාව පිළිපන්නේය. සුපටිපන්නය. භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝ තෙම උජුපටිපන්නය. භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝ තෙම ඤායපටිපන්නය. භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝ තෙම සාමීචිපටිපන්නය. යම් ඒ පුරිස යුග සතරක්ද, පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක්ද ඇත්තාහුද, භාග්‍යවත්හුගේ ඒ ශ්‍රාවක සංඝ තෙම ආහුණෙය්‍ය වෙයි. පාහුෙනය්ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අඤ්ජලි කරණීය වෙයි. ලෝකයාගේ අනුත්තර පුන්‍ය ක්ෂෙත්රය වන්නේයයි සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙහි සමාදන් කරවිය යුත්තාහ. ඇතුල් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ.
“ආනන්දය, පඨවි ධාතු, ආපෝ ධාතු, තෙජෝ ධාතු, වායෝ ධාතු යන සතර මහා භූතයන්ගේ පෙරලීමක් වූවත් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුත් ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ පෙරලීමක් නොවන්නේය. එනම් ආනන්දය, බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුත් ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ නිරයෙහි හෝ, තිරිසන් යෝනියෙහි හෝ, ප්‍රෙත විෂයෙහි හෝ උපදින්නේය යන මීට හේතු නැත්තේය.
“ආනන්දය, පඨවි ධාතු, ආපෝ ධාතු, තෙජෝ ධාතු, වායෝ ධාතු යන සතර මහා භූතයන්ගේ පෙරලීමක් වූවත් ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ පෙරලීමක් නොවන්නේය. එනම් ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුත් ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නිරයෙහි හෝ, තිරිසන් යෝනියෙහි හෝ, ප්‍රෙත විෂයෙහි හෝ උපදින්නේය යන මීට හේතු නැත්තේය.
“ආනන්දය, පඨවි ධාතු, ආපෝ ධාතු, තෙජෝ ධාතු, වායෝ ධාතු යන සතර මහා භූතයන්ගේ පෙරලීමක් වූවත් සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ පෙරලීමක් නොවන්නේය. එනම් සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුත් ඒ ආර්‍ය්‍ය ශ්රාවකයා නිරයෙහි හෝ, තිරිසන් යෝනියෙහි හෝ, ප්‍රෙත විෂයෙහි හෝ උපදින්නේය යන මීට හේතු නැත්තේය.
“ආනන්දය, යමෙකුට අනුකම්පා කරන්නාහුද? මිත්‍රයන් හෝ, යාලුවන් හෝ, නෑයන් හෝ, ලේ නෑයන් හෝ ඇසිය යුත්තන් කොට හඟින්නාහුද,
“ආනන්දය, ඔවුහු තොප විසින් මේ කරුණු තුනෙහි සමාදන් කරවිය යුත්තාහ. ඇතුල් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ” යයි වදාළ සේක.
|
6. පඨමභවසුත්තං | 6. භව පඤ්හ සූත්‍රය |
77
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘භවො, භවොති, භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො, භන්තෙ, භවො හොතී’’ති?
‘‘කාමධාතුවෙපක්කඤ්ච, ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො කාමභවො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘ඉති ඛො, ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා ස්නෙහො
(සිනෙහො (සී. ස්‍යා. කං. පී.)). අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං හීනාය ධාතුයා විඤ්ඤාණං පතිට්ඨිතං එවං ආයතිං
(ආයති (සී.)) පුනබ්භවාභිනිබ්බත්ති හොති. ( )
((එවං ඛො ආනන්ද භවො හොතීති) (ක.) දුතියසුත්තෙ පන ඉදං පාඨනානත්තං නත්ථි)
‘‘රූපධාතුවෙපක්කඤ්ච, ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො රූපභවො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘ඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා ස්නෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං මජ්ඣිමාය ධාතුයා විඤ්ඤාණං පතිට්ඨිතං එවං ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හොති. ( )
((එවං ඛො ආනන්ද භවො හොතීති) (ක.) දුතියසුත්තෙ පන ඉදං පාඨනානත්තං නත්ථි)
‘‘අරූපධාතුවෙපක්කඤ්ච, ආනන්ද, කම්මං නාභවිස්ස, අපි
|
77
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේය. “ස්වාමීනි, භවය, භවය යයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් භවය වේද?” යනුයි.
“ආනන්දය, කාම ධාතුයයි කියනලද කාම ලෝකයෙහි පැසෙන්නාවූ - විපාක බවට පැමිණෙන්නාවූ කර්මයක් නැත්නම් කාම භවයක් පෙනේද?” “ස්වාමීනි, එසේ නොවේමය.”
“ආනන්දය, මෙසේ වනාහි කර්මය ක්ෂෙත්රය වෙයි. විඤ්ඤාණය බීජය වෙයි. තණ්හාව ස්නෙහය - ජලය - වෙයි.
“අවිද්‍යාවෙන් වැසුණාවූ, තෘෂ්ණාවෙන් බැඳුණාවූ සත්ත්වයන්ගේ විඤ්ඤාණය හීන ධාතුයයි කියනලද කාම ලෝකයෙහි පිහිටියේ වෙයිද, මෙසේ මතු පුනර්භවයාගේ පහළවීම වෙයි.
“ආනන්දය, මධ්‍යම ධාතුයයි කියනලද, රූප ලෝකයෙහි පැසෙන්නාවූ - විපාක බවට පැමිණෙන්නාවූ, කර්මයක් නැත්නම් රූප භවයක් පෙනේද?” “ස්වාමීනි, එසේ නොවේමය.”
“ආනන්දය, මෙසේ වනාහි කර්මය ක්ෂෙත්රය වෙයි. විඤ්ඤාණය බීජය වෙයි. තණ්හාව ස්නෙහය - ජලය - වෙයි.
“අවිද්‍යාවෙන් වැසුණාවූ, තෘෂ්ණාවෙන් බැඳුණාවූ සත්ත්වයන්ගේ විඤ්ඤාණය මධ්‍යම ධාතුයයි කියනලද රූප ලෝකයෙහි පිහිටියේ වෙයිද, මෙසේ මතු පුනර්භවයාගේ පහළවීම වෙයි.
“ආනන්දය, අරූප ලෝකයෙහි පැසෙන්නාවූ කර්මයක් නැත්නම් අරූප භවය පෙනේද?” “ස්වාමීනි, එසේ නොවේමය.”
“ආනන්දය, මෙසේ වනාහි කර්මය ක්ෂෙත්රය වෙයි. විඤ්ඤාණය බීජය වෙයි. තණ්හාව ස්නෙහය - ජලය - වෙයි.
“අවිද්‍යාවෙන් වැසුණාවූ, තෘෂ්ණාවෙන් බැඳුනාවූ සත්ත්වයන්ගේ විඤ්ඤාණය ප්‍රණීත ධාතුයයි කියනලද අරූප ලෝකයෙහි පිහිටියේ වෙයිද, මෙසේ මතු පුනර්භවයාගේ පහළවීම වෙයි. ආනන්දය, මෙසේ වනාහි භවය වේය” යි වදාළ සේක.
|
7. දුතියභවසුත්තං | 7. දුතිය භව පඤ්හ සූත්‍රය |
78
අථ
‘‘කාමධාතුවෙපක්කඤ්ච, ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො කාමභවො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං භන්තෙ’’. ‘‘ඉති ඛො, ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා ස්නෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං හීනාය ධාතුයා චෙතනා පතිට්ඨිතා පත්ථනා පතිට්ඨිතා එවං ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හොති’’.
‘‘රූපධාතුවෙපක්කඤ්ච, ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො රූපභවො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘ඉති ඛො, ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා ස්නෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං මජ්ඣිමාය ධාතුයා චෙතනා පතිට්ඨිතා පත්ථනා පතිට්ඨිතා එවං ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හොති’’.
‘‘අරූපධාතුවෙපක්කඤ්ච, ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො අරූපභවො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘ඉති ඛො, ආනන්ද, කම්මං
|
78
එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, භවය, භවය යයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් භවය වේද?” යනුයි.
“ආනන්දය, කාම ධාතුවෙහි-කාම ලෝකයෙහි පැසෙන්නාවූ කර්මයක් නැත්නම් කාම භවයක් පෙනේද?” “ස්වාමීනි, එසේ නොවේමය.”
“ආනන්දය, මෙසේ වනාහි කර්මය ක්ෂෙත්රය වෙයි. විඤ්ඤාණය බීජය වෙයි. තෘෂ්ණාව ස්නෙහය වෙයි.
“අවිද්‍යාවෙන් වැසුණු, තෘෂ්ණාවෙන් බැඳුණු සත්ත්වයන්ගේ චෙතනාව හීන ධාතුයයි කියනලද කාම ලෝකයෙහි පිහිටියේ වෙයිද, ප්‍රාර්ථනාව පිහිටියේ වෙයිද, පුනර්භවයාගේ පහළවීම වෙයි.
“ආනන්දය, රූප ධාතුවෙහි පැසෙන්නාවූ කර්මයක් නැත්නම් රූප භවයක් පෙනේද?” - “ස්වාමීනි, එසේ නොවේමය.”
“ආනන්දය, මෙසේ වනාහි කර්මය ක්ෂෙත්රය වෙයි. විඤ්ඤාණය බීජය වෙයි. තෘෂ්ණාව ස්නෙහය වෙයි.
“අවිද්‍යාවෙන් වැසුණු, තෘෂ්ණාවෙන් බැඳුණු සත්ත්වයන්ගේ චෙතනාව මධ්‍යම ධාතුයයි කියනලද රූප ලෝකයෙහි පිහිටියේ වෙයිද, ප්‍රාර්ථනාව පිහිටියේ වෙයිද, මෙසේ මත්තෙහි පුනර්භවයාගේ පහළවීම වෙයි.
“ආනන්දය, අරූප ධාතුවෙහි පැසෙන්නාවූ කර්මයක් නැත්නම් අරූප භවයක් පෙනේද?” “ස්වාමීනි, එසේ නොවේමය.”
“ආනන්දය, මෙසේ වනාහි කර්මය ක්ෂෙත්රය වෙයි. විඤ්ඤාණය බීජය වෙයි. තෘෂ්ණාව ස්නෙහය වෙයි.
“අවිද්‍යාවෙන් වැසුණූ, තෘෂ්ණාවෙන් බැඳුණු සත්ත්වයන්ගේ චෙතනාව ප්‍රණීත ධාතුයෙහි පිහිටියේ වෙයිද, ප්‍රාර්ථනාව පිහිටියේ වෙයිද, මෙසේ මත්තෙහි පුනර්භවයාගේ පහළවීම වෙයි. ආනන්දය, මෙසේ වනාහි භවය වේය” යි වදාළ සේක.
|
8. සීලබ්බතසුත්තං | 8. සීලබ්බතවිභජන සූත්‍රය |
79
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං
‘‘යඤ්හිස්ස
අථ ඛො ආයස්මා ආනන්දො ‘‘සමනුඤ්ඤො මෙ සත්ථා’’ති, උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො භගවා අචිරපක්කන්තෙ ආයස්මන්තෙ ආනන්දෙ භික්ඛූ ආමන්තෙසි - ‘‘සෙඛො, භික්ඛවෙ, ආනන්දො; න ච පනස්ස සුලභරූපො සමසමො පඤ්ඤායා’’ති. අට්ඨමං.
|
79
එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “ආනන්දය, සාරයයි එළඹ සිටින්නාවූ,-(සාරයයි සිතන්නාවූ) සියලු සීලයද, ව්‍රතයද, දුෂ්කර ක්‍රියාවද, බ්රහ්මචර්ය්යාවද ඵල සහිත වෙයිද?” යනුයි. - “ස්වාමීනි, ඒකාන්ත වශයෙන්ම ඵල සහිත නොවේ.”
“ආනන්දය, එසේ නම් බෙදා දක්වනු.” “ස්වාමීනි, සාරයයි සිතන්නාවූ යම් ශීලයක්, ව්රතයක්, දුෂ්කර ක්‍රියාවක්, බ්‍රහ්මචර්‍ය්‍යාවක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ වැඩෙත් නම්, කුශල ධර්මයෝ පිරිහෙත් නම්, සාරයයි සිතන්නාවූ එබඳුවූ ශීලය, ව්‍රතය, දුෂ්කර ක්‍රියාව, බ්‍රහ්මචර්‍ය්‍යාව ඵල රහිත වෙයි.”
“ස්වාමීනි, සාරයයි සිතන්නාවූ යම් ශීලයක්, ව්රතයක්, දුෂ්කර ක්‍රියාවක්, බ්‍රහ්මචර්‍ය්‍යාවක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද සාරයයි සිතන්නාවූ එබඳුවූ ශීලය, ව්‍රතය, දුෂ්කර ක්‍රියාව, බ්‍රහ්මචර්‍ය්‍යාව ඵල සහිතයයි.” කීය.
ආනන්ද ස්ථවිර තෙම මෙසේ කීය. ශාස්තෲන් වහන්සේ සතුටින් පිළිගත්හ. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ මගේ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටින් පිළිගත් සේකැයි හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, ගෞරව කොට ගියේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් ගිය නොබෝ වේලාවකින් භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. “මහණෙනි, ආනන්ද තෙමේ ශෛක්ෂයෙකි. ශෛක්ෂ ප්‍රඥාවෙන් ඔහුට සමවූවෙක් සුලභ නොවේය” යි වදාළ සේක.
|
9. ගන්ධජාතසුත්තං | 9. ගන්ධජාත සූත්‍රය |
80
අථ
‘‘තීණිමානි, භන්තෙ, ගන්ධජාතානි, යෙසං අනුවාතංයෙව ගන්ධො ගච්ඡති, නො පටිවාතං. කතමානි තීණි? මූලගන්ධො, සාරගන්ධො, පුප්ඵගන්ධො - ඉමානි ඛො, භන්තෙ, තීණි ගන්ධජාතානි, යෙසං අනුවාතංයෙව ගන්ධො ගච්ඡති, නො පටිවාතං. අත්ථි නු ඛො, භන්තෙ, කිඤ්චි ගන්ධජාතං යස්ස අනුවාතම්පි ගන්ධො ගච්ඡති, පටිවාතම්පි ගන්ධො ගච්ඡති, අනුවාතපටිවාතම්පි ගන්ධො ගච්ඡතී’’ති?
‘‘අත්ථානන්ද, කිඤ්චි ගන්ධජාතං
(අත්ථානන්ද ගන්ධජාතං (සී. ස්‍යා. කං. පී.)) යස්ස අනුවාතම්පි ගන්ධො ගච්ඡති
‘‘ඉධානන්ද
‘‘තස්ස දිසාසු සමණබ්රාහ්මණා වණ්ණං භාසන්ති - ‘අමුකස්මිං
(අසුකස්මිං (සී. ස්‍යා. කං. පී.)) නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා පුරිසො වා බුද්ධං සරණං ගතො හොති, ධම්මං
‘‘දෙවතාපිස්ස
(දෙවතාපිස්ස අමනුස්සා (සී. පී.), දෙවතාපිස්ස අමනුස්සාපි (ක.), දෙවතාපිස්ස...පෙ.... මනුස්සාපිස්ස (?)) වණ්ණං භාසන්ති - ‘අමුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා පුරිසො වා බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සඞ්ඝං සරණං ගතො හොති, පාණාතිපාතා පටිවිරතො හොති...පෙ.... සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති, සීලවා හොති කල්යාණධම්මො, විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණි වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො’ති. ඉදං ඛො තං, ආනන්ද, ගන්ධජාතං යස්ස අනුවාතම්පි ගන්ධො ගච්ඡති, පටිවාතම්පි ගන්ධො ගච්ඡති, අනුවාතපටිවාතම්පි ගන්ධො ගච්ඡතී’’ති.
‘‘න පුප්ඵගන්ධො පටිවාතමෙති,
න චන්දනං තගරමල්ලිකා
(තග්ගරමල්ලිකා (පී.)) වා;
සතඤ්ච ගන්ධො පටිවාතමෙති,
සබ්බා දිසා සප්පුරිසො පවායතී’’ති. නවමං;
|
80
එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය. “ස්වාමීනි, යමෙකුන්ගේ සුවඳ යටි සුලඟටම හමයිද, උඩු සුලඟට නොහමයිද, එබඳු සුවඳ වර්ග තුනක් වෙත්. කවර තුනක්ද? මුල් වර්ගවල සුවඳ, අරටු වර්ගවල සුවඳ, මල් සුවඳ යන මේයි.
“ස්වාමීනි, යම් කෙනෙකුන්ගේ සුවඳ යටි සුලඟටම හමාද, උඩු සුලඟට නොහමාද, මේ ඒ සුවඳ තුන් වර්ගය වෙයි. ස්වාමීනි, යම් කෙනෙකුන්ගේ සුවඳ යටි සුලඟටත් හමයිද, උඩු සුලඟටත් හමයිද, යටි සුලඟ උඩු සුලඟටත් හමයිද, එබඳු සුවඳ වර්ගයක් ඇත්තේද?” යනුයි.
“ආනන්දය, යම් කෙනෙකුන්ගේ සුවඳ යටි සුලඟටත් හමයිද, උඩු සුලඟටත් හමයිද, යටි සුලඟ, උඩු සුලඟ යන දෙකටමත් හමයිද, එබඳු සුවඳ වර්ගයක් ඇත්තේය.” “ස්වාමීනි, යම් කෙනෙකුන්ගේ සුවඳ යටි සුලඟටත් හමයිද, උඩු සුලඟටත් හමයිද, යටි සුලඟ උඩු සුලඟ දෙකටමත් හමයිද, ඒ සුවඳ කුමක්ද?”
“ආනන්දය, යම් ගමෙක හෝ නියම් ගමෙක හෝ,
“ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ගියේ වේද, ධර්මය සරණ ගියේ වේද, සංඝයා සරණ ගියේ වේද, ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයිද, සොරකමින් වැළකුණේ වෙයිද, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයිද, බොරු කීමෙන් වැළකුණේ වෙයිද, මත් වීමට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වෙයිද, සිල්වත් වේද, යහපත් ධර්ම ඇත්තේ වෙයිද, ත්‍යාගවත්ව, දීමට පිරිසිදු කළ අත් ඇතිව, දීමෙහි යෙදුනෙක්ව, බෙදා දීමෙහි ඇලුණෙක්ව, දුරුකළ මසුරු මල ඇති සිතින් ගිහිගෙයි වාසය කරයිද,
“අට දිශාවන්හි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඔහුගේ ගුණ ප්‍රකාශ කරත්. අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ගියේ වේද, ධර්මය සරණ ගියේ වේද, සංඝයා සරණ ගියේ වේද, ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයිද, සොරකමින් වැළකුණේ වෙයිද, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයිද, බොරු කීමෙන් වැළකුණේ වෙයිද, මත් වීමට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වෙයිද, සිල්වත් වේද, යහපත් ධර්ම ඇත්තේ වෙයිද, ත්‍යාගවත්ව, දීමට පිරිසිදු කළ අත් ඇතිව, දීමෙහි යෙදුනෙක්ව, බෙදා දීමෙහි ඇලුණෙක්ව, දුරුකළ මසුරු මල ඇති සිතින් ගිහිගෙයි වාසය කරයිද,
“අමනුෂ්යවූ දේවතාවෝද, ඔහුගේ ගුණ කියත්. අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ගියේ වේද, ධර්මය සරණ ගියේ වේද, සංඝයා සරණ ගියේ වේද, ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයිද, සොරකමින් වැළකුණේ වෙයිද, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයිද, බොරු කීමෙන් වැළකුණේ වෙයිද, මත් වීමට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වෙයිද, සිල්වත් වේද, යහපත් ධර්ම ඇත්තේ වෙයිද, ත්‍යාගවත්ව, දීමට පිරිසිදු කළ අත් ඇතිව, දීමෙහි යෙදුනෙක්ව, බෙදා දීමෙහි ඇලුණෙක්ව, දුරුකළ මසුරු මල ඇති සිතින් ගිහිගෙයි වාසය කරයි කියායි.
“ආනන්දය, යමක්හුගේ සුවඳ යටි සුලඟටත් හමයිද, උඩු සුලඟටත් හමයිද, යටි සුලඟ, උඩු සුලඟ යන දෙකටමත් හමයිද, ඒ මේ සුවඳ වර්ගය වෙයි.
“දෑ සමන් ආදී මල් සුවඳද, සඳුන්, තවරලා, බොලිද්ද මල් සුවඳද, උඩු සුලඟට නොහමයි. සත්පුරුෂයන්ගේ සුවඳ උඩු සුලඟටද හමන්නේය. සත් පුරුෂ තෙම සියලු දිශාවන්හි සුවඳ පතුරුවන්නේය.”
|
10. චූළනිකාසුත්තං | 10. සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය |
81
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා
දුතියම්පි ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘සම්මුඛා මෙතං, භන්තෙ, භගවතො සුතං සම්මුඛා පටිග්ගහිතං - ‘භගවතො, ආනන්ද, සිඛිස්ස අභිභූ නාම සාවකො බ්රහ්මලොකෙ ඨිතො සහස්සිලොකධාතුං සරෙන විඤ්ඤාපෙසී’ති. භගවා පන, භන්තෙ, අරහං සම්මාසම්බුද්ධො කීවතකං පහොති සරෙන විඤ්ඤාපෙතු’’න්ති? ‘‘සාවකො සො, ආනන්ද, අප්පමෙය්යා තථාගතා’’ති.
තතියම්පි ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘සම්මුඛාමෙතං, භන්තෙ, භගවතො සුතං සම්මුඛා පටිග්ගහිතං - ‘භගවතො, ආනන්ද, සිඛිස්ස අභිභූ නාම සාවකො බ්රහ්මලොකෙ ඨිතො සහස්සිලොකධාතුං සරෙන විඤ්ඤාපෙසී’ති. භගවා පන, භන්තෙ, අරහං සම්මාසම්බුද්ධො කීවතකං පහොති සරෙන විඤ්ඤාපෙතු’’න්ති? ‘‘සුතා තෙ, ආනන්ද, සහස්සී චූළනිකා ලොකධාතූ’’ති? ‘‘එතස්ස, භගවා, කාලො; එතස්ස, සුගත, කාලො! යං භගවා භාසෙය්ය. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’’ති. ‘‘තෙනහානන්ද, සුණාහි සාධුකං මනසි කරොහි, භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච -
‘‘යාවතා, ආනන්ද, චන්දිමසූරියා
(චන්දිමසුරියා (සී. ස්‍යා. කං. පී.)) පරිහරන්ති, දිසා භන්ති විරොචනා, තාව සහස්සධා ලොකො. තස්මිං සහස්සධා ලොකෙ සහස්සං
(තස්මිං සහස්සං (ස්‍යා. කං. පී.)) චන්දානං, සහස්සං සූරියානං, සහස්සං සිනෙරුපබ්බතරාජානං, සහස්සං ජම්බුදීපානං, සහස්සං අපරගොයානානං, සහස්සං උත්තරකුරූනං, සහස්සං පුබ්බවිදෙහානං, චත්තාරි මහාසමුද්දසහස්සානි, චත්තාරි මහාරාජසහස්සානි, සහස්සං චාතුමහාරාජිකානං, සහස්සං තාවතිංසානං
‘‘යාවතානන්ද
‘‘යාවතානන්ද, ද්විසහස්සී මජ්ඣිමිකා ලොකධාතු තාව සහස්සධා ලොකො. අයං වුච්චතානන්ද, තිසහස්සී මහාසහස්සී ලොකධාතු.
‘‘ආකඞ්ඛමානො, ආනන්ද, තථාගතො තිසහස්සිමහාසහස්සිලොකධාතුං
(තිසහස්සි මහාසහස්සිං ලොකධාතුං (ස්‍යා. කං.), තිසහස්සීමහාසහස්සීලොකධාතුං (පී.)) සරෙන විඤ්ඤාපෙය්ය, යාවතා පන ආකඞ්ඛෙය්‍යා’’ති.
‘‘යථා කථං පන, භන්තෙ, භගවා තිසහස්සිමහාසහස්සිලොකධාතුං සරෙන විඤ්ඤාපෙය්ය, යාවතා පන ආකඞ්ඛෙය්‍යා’’ති? ‘‘ඉධානන්ද, තථාගතො තිසහස්සිමහාසහස්සිලොකධාතුං ඔභාසෙන ඵරෙය්ය. යදා තෙ සත්තා තං ආලොකං සඤ්ජානෙය්යුං, අථ තථාගතො ඝොසං කරෙය්ය සද්දමනුස්සාවෙය්ය. එවං ඛො, ආනන්ද, තථාගතො තිසහස්සිමහාසහස්සිලොකධාතුං සරෙන විඤ්ඤාපෙය්ය, යාවතා පන ආකඞ්ඛෙය්‍යා’’ති.
එවං වුත්තෙ ආයස්මා ආනන්දො (ආයස්මන්තං උදායිං)
((භගවන්තං) (සී.), ( ) නත්ථි ස්‍යා. කං. පොත්ථකෙසු. අට්ඨකථාය සමෙති) එතදවොච - ‘‘ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යස්ස මෙ සත්ථා එවංමහිද්ධිකො එවංමහානුභාවො’’ති. එවං වුත්තෙ ආයස්මා උදායී ආයස්මන්තං ආනන්දං එතදවොච - ‘‘කිං තුය්හෙත්ථ, ආවුසො ආනන්ද, යදි තෙ සත්ථා එවංමහිද්ධිකො එවංමහානුභාවො’’ති? එවං වුත්තෙ භගවා ආයස්මන්තං උදායිං එතදවොච - ‘‘මා හෙවං, උදායි, මා හෙවං, උදායි. සචෙ, උදායි, ආනන්දො අවීතරාගො කාලං කරෙය්ය, තෙන චිත්තප්පසාදෙන සත්තක්ඛත්තුං දෙවෙසු දෙවරජ්ජං කාරෙය්ය, සත්තක්ඛත්තුං
|
81
එක් පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය.
“ස්වාමීනි, ‘ආනන්දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්ම දේශනා කෙළේය.)’ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්ථ වන සේක්ද?”
“ආනන්දය, හෙතෙම ශ්‍රාවකයෙකි. තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැක්කාහු වෙති” යි වදාළ සේක.
“ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම දෙවනුවත් “ස්වාමීනි, ‘ආනන්දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්ම දේශනා කෙළේය.)’ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්ථ වන සේක්ද?”
“ආනන්දය, හෙතෙම ශ්‍රාවකයෙකි. තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැක්කාහු වෙති” යි වදාළ සේක.
“තුන්වෙනුවත් ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම, “ස්වාමීනි, ‘ආනන්දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්ම දේශනා කෙළේය.)’ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැඟවීමට සමර්ථ වන සේක්ද?”
“ආනන්දය, තොප විසින් චක්‍රවාළ දහසක් වන චූළනී ලෝකධාතුව අසන ලද්දේද?” - “යමක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරණ සේක් නම්, භාග්‍යවතුන් වහන්ස, මේ ඊට කාලය වන්නේය. සුගතයන් වහන්ස, මේ ඊට කාලය වන්නේය. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුය” යි කීය.
“එසේ නම් ආනන්දය, අසව. කියන්නෙමි. ආනන්දය, සඳ, හිරු දෙදෙන යම් තාක් ප්‍රදේශයක ගමන් කරද්ද, බබලමින් සියලු දිශා ආලෝක කරද්ද, එබඳු දහසක් චක්‍රවාළ ලෝක වෙයිද, ඒ දහසක් චක්‍රවාළයන්හි සඳු දහසක් වෙයි. හිරු දහසක් වෙයි. දහසක් මේරු පර්වත වෙයි. දහසක් ජම්බුද්වීප වෙයි. දහසක් අපරගොයාන වෙයි. දහසක් උතුරුකුරු දිවයින් වෙයි. දහසක් පූර්වවිදෙහ වෙයි. මහා සමුද්‍ර සාර දහසක් ඇත. වරම් රජවරු සාර දහසක් වෙත්. චාතුර්මහාරාජික දෙව්ලෝ දහසකි. තව්තිසා දෙව්ලෝ දහසකි. යාම දෙව්ලෝ දහසකි, තුසිත දෙව්ලෝ දහසකි. නිර්මාණරතී දෙව්ලෝ දහසකි. පරනිර්මිත වසවර්ති දෙව්ලෝ දහසකි. ආනන්දය, මේ දහසක් සක්වලින් යුත් චූළනී ලෝක ධාතුවයයි කියනු ලැබේ.
“ආනන්දය, යම්තාක් සහශ්‍රී චූළනී ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණවූ ලෝකයක් වෙයිද, ආනන්දය, මෙය (චක්‍රවාළ දස ලක්ෂයක්වූ) ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුවයයි කියනු ලැබේ. ආනන්දය, යම්තාක් ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණකළ කෙළ ලක්ෂයක් චක්‍රවාළ වෙයිද, ආනන්දය, මෙය ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව යයි කියනු ලැබේ.
“ආනන්දය, තථාගත තෙමේ කැමතිවන්නේ නම් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුවද ශබ්දයෙන් අඟවන්නේය. ඉන් පිටත් ලෝකධාතූන්ගෙන් හෝ යම් පමණ කැමතිවන්නේනම් ශබ්දයෙන් අඟවන්නේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් කැමතිවන්නේ නම් ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව හෝ යම්තාක් කැමති නම් ඒතාක් හෝ ශබ්දයෙන් අඟවන්නේද?”
“ආනන්දය, තථාගත තෙමේ ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව ශරීරාලෝකයෙන් පතුරුවන්නේය. යම් විටක ඒ සත්ත්වයෝ ඒ ආලෝකය දැනගන්නාහු නම්, එකල්හි තථාගත තෙම කථා කරන්නේය. ශබ්දය අස්වන්නේය. ආනන්දය, මෙසේ තථාගත තෙම ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව ශබ්දයෙන් හඟවන්නේය. යම්තාක් කැමතිනම් ඒතාක් හඟවන්නේය.
“මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට, “යම්බඳුවූ මාගේ ශාස්තෘන් වහන්සේ මෙසේ මහත් ඎද්ධි ඇති සේක. මෙසේ මහත් ආනුභාව ඇති සේක. මට ඒකාන්තයෙන් ලාභයකි. ඒකාන්තයෙන් මා විසින් මනාකොට ලබන ලද්දකි” යි කීය.
මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායි ස්ථවිර තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට, “ආවැත් ආනන්දය, ඉදින් ඔබගේ ශාස්තෘන් වහන්සේ මහත් ඎද්ධි ඇති සේක් නම්, මහත් ආනුභාව ඇති සේක් නම්, එයින් ඔබට ඇති ප්‍රයෝජනය කිමදැ” යි කීය.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට, “උදායි, එසේ නොකියව, උදායි, එසේ නොකියව, උදායි, ඉදින් ආනන්ද අවීතරාගීව (රාගය පහ නොකෙළෙක්ව) කාලක්‍රියා කරන්නෙක් වී නම්, ඒ සිත පැහැදීමෙන් සත් වරක් දෙව්ලොව දිව්‍ය රාජ්‍යය කරන්නේය. සත්වරක් දඹදිව මහා රාජ්‍යය කරන්නේය. උදායි, එහෙත් ආනන්ද තෙමේ මේ ආත්මයෙහිම පිරිනිවන් පාන්නේය” යි වදාළ සේක.
|