ත්‍රිපිටකය
(7) 2. මහාවග්ගො (7) 2. මහා වර්‍ගය
1. තිත්ථායතනාදිසුත්තං 1. (මහා) තින්‍ථායතන සූත්‍රය
2. අමාතාපුත්තිකානිසුත්තං 2. අමාතා පුත්තික භය සූත්‍රය
3. වෙනාගපුරසුත්තං 3. වෙනාගපුර සූත්‍රය
4. සරභසුත්තං 4. සරහ (පරිබ්බාජක) සූත්‍රය
5. කෙසමුත්තිසුත්තං 5. කාලාම සූත්‍රය
6. සාළ්හසුත්තං 6. නන්‍දකත්‍ථෙර සූත්‍රය
7. කථාවත්ථුසුත්තං 7. තිකථාවත්‍ථු සූත්‍රය
8. අඤ්ඤතිත්ථියසුත්තං 8. තීර්ත්‍ථය පුච්ඡා සූත්‍රය
9. අකුසලමූලසුත්තං 9. කුසලාකුසල මූල සූත්‍රය
70
‘‘තීණිමානි , භික්ඛවෙ, අකුසලමූලානි. කතමානි තීණි? ලොභො අකුසලමූලං, දොසො අකුසලමූලං, මොහො අකුසලමූලං.
‘‘යදපි, භික්ඛවෙ, ලොභො තදපි අකුසලමූලං (අකුසලං (සී. ස්‍යා. කං. පී.)); යදපි ලුද්ධො අභිසඞ්ඛරොති කායෙන වාචාය මනසා තදපි අකුසලං (අකුසලමූලං (ක.)); යදපි ලුද්ධො ලොභෙන අභිභූතො පරියාදින්නචිත්තො පරස්ස අසතා දුක්ඛං උප්පාදයති (උපදහති (සී. ස්‍යා. කං. පී.)) වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා බලවම්හි බලත්ථො ඉතිපි තදපි අකුසලං (ඉදං පන සබ්බත්ථපි එවමෙව දිස්සති). ඉතිස්සමෙ ලොභජා ලොභනිදානා ලොභසමුදයා ලොභපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති.
‘‘යදපි, භික්ඛවෙ, දොසො තදපි අකුසලමූලං; යදපි දුට්ඨො අභිසඞ්ඛරොති කායෙන වාචාය මනසා තදපි අකුසලං; යදපි දුට්ඨො දොසෙන අභිභූතො පරියාදින්නචිත්තො පරස්ස අසතා දුක්ඛං උප්පාදයති වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා බලවම්හි බලත්ථො ඉතිපි තදපි අකුසලං. ඉතිස්සමෙ දොසජා දොසනිදානා දොසසමුදයා දොසපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති.
‘‘යදපි, භික්ඛවෙ, මොහො තදපි අකුසලමූලං; යදපි මූළ්හො අභිසඞ්ඛරොති කායෙන වාචාය මනසා තදපි අකුසලං; යදපි මූළ්හො මොහෙන අභිභූතො පරියාදින්නචිත්තො පරස්ස අසතා දුක්ඛං උප්පාදයති වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා බලවම්හි බලත්ථො ඉතිපි තදපි අකුසලං. ඉතිස්සමෙ මොහජා මොහනිදානා මොහසමුදයා මොහපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති. එවරූපො චායං, භික්ඛවෙ, පුග්ගලො වුච්චති අකාලවාදීතිපි, අභූතවාදීතිපි, අනත්ථවාදීතිපි, අධම්මවාදීතිපි, අවිනයවාදීතිපි.
‘‘කස්මා චායං, භික්ඛවෙ, එවරූපො පුග්ගලො වුච්චති අකාලවාදීතිපි, අභූතවාදීතිපි, අනත්ථවාදීතිපි, අධම්මවාදීතිපි, අවිනයවාදීතිපි? තථාහායං, භික්ඛවෙ, පුග්ගලො පරස්ස අසතා දුක්ඛං උප්පාදයති වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා බලවම්හි බලත්ථො ඉතිපි. භූතෙන ඛො පන වුච්චමානො අවජානාති, නො පටිජානාති; අභූතෙන වුච්චමානො න ආතප්පං කරොති, තස්ස නිබ්බෙඨනාය ඉතිපෙතං අතච්ඡං ඉතිපෙතං අභූතන්ති. තස්මා එවරූපො පුග්ගලො වුච්චති අකාලවාදීතිපි, අභූතවාදීතිපි, අනත්ථවාදීතිපි, අධම්මවාදීතිපි, අවිනයවාදීතිපි.
‘‘එවරූපො, භික්ඛවෙ, පුග්ගලො ලොභජෙහි පාපකෙහි අකුසලෙහි ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දිට්ඨෙ චෙව ධම්මෙ දුක්ඛං විහරති, සවිඝාතං සඋපායාසං සපරිළාහං. කායස්ස ච භෙදා පරං මරණා දුග්ගති පාටිකඞ්ඛා.
‘‘දොසජෙහි...පෙ.... මොහජෙහි පාපකෙහි අකුසලෙහි ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දිට්ඨෙ චෙව ධම්මෙ දුක්ඛං විහරති, සවිඝාතං සඋපායාසං සපරිළාහං. කායස්ස ච භෙදා පරං මරණා දුග්ගති පාටිකඞ්ඛා. සෙය්‍යථාපි, භික්ඛවෙ, සාලො වා ධවො වා ඵන්දනො වා තීහි මාලුවාලතාහි උද්ධස්තො පරියොනද්ධො අනයං ආපජ්ජති, බ්‍යසනං ආපජ්ජති, අනයබ්‍යසනං ආපජ්ජති; එවමෙවං ඛො, භික්ඛවෙ, එවරූපො පුග්ගලො ලොභජෙහි පාපකෙහි අකුසලෙහි ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දිට්ඨෙ චෙව ධම්මෙ දුක්ඛං විහරති, සවිඝාතං සඋපායාසං සපරිළාහං. කායස්ස ච භෙදා පරං මරණා දුග්ගති පාටිකඞ්ඛා.
‘‘දොසජෙහි...පෙ.... මොහජෙහි පාපකෙහි අකුසලෙහි ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දිට්ඨෙ චෙව ධම්මෙ දුක්ඛං විහරති සවිඝාතං සඋපායාසං සපරිළාහං. කායස්ස ච භෙදා පරං මරණා දුග්ගති පාටිකඞ්ඛා. ඉමානි ඛො, භික්ඛවෙ, තීණි අකුසලමූලානීති.
‘‘තීණිමානි, භික්ඛවෙ, කුසලමූලානි. කතමානි තීණි? අලොභො කුසලමූලං, අදොසො කුසලමූලං, අමොහො කුසලමූලං.
‘‘යදපි , භික්ඛවෙ, අලොභො තදපි කුසලමූලං (කුසලං (සී. ස්‍යා. කං. පී.)); යදපි අලුද්ධො අභිසඞ්ඛරොති කායෙන වාචාය මනසා තදපි කුසලං (කුසලමූලං (ක.)); යදපි අලුද්ධො ලොභෙන අනභිභූතො අපරියාදින්නචිත්තො න පරස්ස අසතා දුක්ඛං උප්පාදයති වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා බලවම්හි බලත්ථො ඉතිපි තදපි කුසලං. ඉතිස්සමෙ අලොභජා අලොභනිදානා අලොභසමුදයා අලොභපච්චයා අනෙකෙ කුසලා ධම්මා සම්භවන්ති.
‘‘යදපි, භික්ඛවෙ, අදොසො තදපි කුසලමූලං; යදපි අදුට්ඨො අභිසඞ්ඛරොති කායෙන වාචාය මනසා තදපි කුසලං; යදපි අදුට්ඨො දොසෙන අනභිභූතො අපරියාදින්නචිත්තො න පරස්ස අසතා දුක්ඛං උප්පාදයති වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා බලවම්හි බලත්ථො ඉතිපි තදපි කුසලං. ඉතිස්සමෙ අදොසජා අදොසනිදානා අදොසසමුදයා අදොසපච්චයා අනෙකෙ කුසලා ධම්මා සම්භවන්ති.
‘‘යදපි, භික්ඛවෙ, අමොහො තදපි කුසලමූලං; යදපි අමූළ්හො අභිසඞ්ඛරොති කායෙන වාචාය මනසා තදපි කුසලං; යදපි අමූළ්හො මොහෙන අනභිභූතො අපරියාදින්නචිත්තො න පරස්ස අසතා දුක්ඛං උප්පාදයති වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා බලවම්හි බලත්ථො ඉතිපි තදපි කුසලං. ඉතිස්සමෙ අමොහජා අමොහනිදානා අමොහසමුදයා අමොහපච්චයා අනෙකෙ කුසලා ධම්මා සම්භවන්ති. එවරූපො චායං , භික්ඛවෙ, පුග්ගලො වුච්චති කාලවාදීතිපි, භූතවාදීතිපි, අත්ථවාදීතිපි, ධම්මවාදීතිපි, විනයවාදීතිපි.
‘‘කස්මා චායං, භික්ඛවෙ, එවරූපො පුග්ගලො වුච්චති කාලවාදීතිපි, භූතවාදීතිපි, අත්ථවාදීතිපි, ධම්මවාදීතිපි, විනයවාදීතිපි? තථාහායං, භික්ඛවෙ, පුග්ගලො න පරස්ස අසතා දුක්ඛං උප්පාදයති වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා බලවම්හි බලත්ථො ඉතිපි. භූතෙන ඛො පන වුච්චමානො පටිජානාති නො අවජානාති; අභූතෙන වුච්චමානො ආතප්පං කරොති තස්ස නිබ්බෙඨනාය - ‘ඉතිපෙතං අතච්ඡං, ඉතිපෙතං අභූත’න්ති . තස්මා එවරූපො පුග්ගලො වුච්චති කාලවාදීතිපි, අත්ථවාදීතිපි, ධම්මවාදීතිපි, විනයවාදීතිපි.
‘‘එවරූපස්ස, භික්ඛවෙ, පුග්ගලස්ස ලොභජා පාපකා අකුසලා ධම්මා පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා. දිට්ඨෙව ධම්මෙ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායති.
‘‘දොසජා...පෙ.... පරිනිබ්බායති. මොහජා...පෙ.... පරිනිබ්බායති. සෙය්‍යථාපි භික්ඛවෙ, සාලො වා ධවො වා ඵන්දනො වා තීහි මාලුවාලතාහි උද්ධස්තො පරියොනද්ධො. අථ පුරිසො ආගච්ඡෙය්‍ය කුද්දාල-පිටකං (කුද්දාලපිටකං (සී. ස්‍යා. කං. පී.)) ආදාය. සො තං මාලුවාලතං මූලෙ ඡින්දෙය්‍ය, මූලෙ ඡෙත්වා පලිඛණෙය්‍ය, පලිඛණිත්වා මූලානි උද්ධරෙය්‍ය, අන්තමසො උසීරනාළිමත්තානිපි (උසීරනාළමත්තානිපි (සී. ස්‍යා. කං. පී.)). සො තං මාලුවාලතං ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දෙය්‍ය, ඛණ්ඩාඛණ්ඩිකං ඡෙත්වා ඵාලෙය්‍ය, ඵාලෙත්වා සකලිකං සකලිකං කරෙය්‍ය, සකලිකං සකලිකං කරිත්වා වාතාතපෙ විසොසෙය්‍ය, වාතාතපෙ විසොසෙත්වා අග්ගිනා ඩහෙය්‍ය, අග්ගිනා ඩහිත්වා මසිං කරෙය්‍ය, මසිං කරිත්වා මහාවාතෙ වා ඔඵුණෙය්‍ය නදියා වා සීඝසොතාය පවාහෙය්‍ය. එවමස්ස (එවමස්සු (සී.), එවස්සු (ක.)) තා, භික්ඛවෙ, මාලුවාලතා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා. එවමෙවං ඛො, භික්ඛවෙ, එවරූපස්ස පුග්ගලස්ස ලොභජා පාපකා අකුසලා ධම්මා පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා. දිට්ඨෙව ධම්මෙ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායති.
‘‘දොසජා ...පෙ.... මොහජා පාපකා අකුසලා ධම්මා පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා. දිට්ඨෙව ධම්මෙ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායති. ඉමානි ඛො, භික්ඛවෙ, තීණි කුසලමූලානී’’ති. නවමං.
70
“මහණෙනි, මේ අකුසල මූලයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක්ද, ලෝභය අකුසල් මුලකි. දෝෂය අකුසල් මුලකි. මෝහය අකුසල් මුලකි.
“මහණෙනි, යම් ලෝභයක් වේද, එයද අකුසලයකි. ලෝභයෙන් ඇලුණාවූ පුද්ගල තෙමේ, කයින්, වචනයෙන්, සිතින් යමක් රැස්කරයිද, එයද අකුසල් වෙයි. ඇලුණාවූ ලෝභයෙන් මඩනා ලද්දාවූ, විනාශ කරණ ලද සිත් ඇත්තාවූ පුද්ගල තෙමේ, ‘මම බලවතෙක්මි. බලය ප්‍රයෝජන කොට ඇත්තෙක් වෙමි’ යි වධ කිරීමෙන් හෝ, බන්‍ධනයෙන් හෝ, ධනය විනාශ කිරීමෙන් හෝ, ගර්හා කිරීමෙන් හෝ, රටින් නෙරපීමෙන් හෝ, අසත්‍යයෙන් අන්‍යයාට දුක් උපදවාද, එයද අකුසල් වන්නේය. මෙසේ ඔහුට ලෝභයෙන් හට ගන්නාවූ, ලෝභය නිදාන කොට ඇත්තාවූ, ලෝභය නිසා පහළ වන්නාවු, ලෝභය ප්‍රත්‍යය කොට ඇත්තාවූ නොයෙක් ලාමක අකුසල ධර්‍මයෝ හටගනිත්.
“මහණෙනි, යම් ද්වේෂයක් වේද, එයද අකුසලයකි. ද්වේෂයෙන් ඇලුණාවූ පුද්ගල තෙමේ, කයින්, වචනයෙන්, සිතින් යමක් රැස්කරයිද, එයද අකුසල් වෙයි. ඇලුණාවූ ද්වේයෙන් මඩනා ලද්දාවූ, විනාශ කරණ ලද සිත් ඇත්තාවූ පුද්ගල තෙමේ, ‘මම බලවතෙක්මි. බලය ප්‍රයෝජන කොට ඇත්තෙක් වෙමි’ යි වධ කිරීමෙන් හෝ, බන්‍ධනයෙන් හෝ, ධනය විනාශ කිරීමෙන් හෝ, ගර්හා කිරීමෙන් හෝ, රටින් නෙරපීමෙන් හෝ, අසත්‍යයෙන් අන්‍යයාට දුක් උපදවාද, එයද අකුසල් වන්නේය. මෙසේ ඔහුට ද්වේෂයෙන් හට ගන්නාවූ, ද්වේෂය නිදාන කොට ඇත්තාවූ, ද්වේෂය නිසා පහළ වන්නාවු, ද්වේෂය ප්‍රත්‍යය කොට ඇත්තාවූ නොයෙක් ලාමක අකුසල ධර්‍මයෝ හටගනිත්.
“මහණෙනි, යම් මෝහයක් වේද, එයද අකුසලයකි. මෝහයෙන් ඇලුණාවූ පුද්ගල තෙමේ, කයින්, වචනයෙන්, සිතින් යමක් රැස්කරයිද, එයද අකුසල් වෙයි. ඇලුණාවූ මෝහයෙන් මඩනා ලද්දාවූ, විනාශ කරණ ලද සිත් ඇත්තාවූ පුද්ගල තෙමේ, ‘මම බලවතෙක්මි. බලය ප්‍රයෝජන කොට ඇත්තෙක් වෙමි’ යි වධ කිරීමෙන් හෝ, බන්‍ධනයෙන් හෝ, ධනය විනාශ කිරීමෙන් හෝ, ගර්හා කිරීමෙන් හෝ, රටින් නෙරපීමෙන් හෝ, අසත්‍යයෙන් අන්‍යයාට දුක් උපදවාද, එයද අකුසල් වන්නේය. මෙසේ ඔහුට මෝහයෙන් හට ගන්නාවූ, මෝහය නිදාන කොට ඇත්තාවූ, මෝහය නිසා පහළ වන්නාවු, මෝහය ප්‍රත්‍යය කොට ඇත්තාවූ නොයෙක් ලාමක අකුසල ධර්‍මයෝ හටගනිත්.
“මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ අකාලවාදීයයිද, අභූතවාදීයයිද, අනර්‍ථවාදීයයිද, අධර්‍මවාදීයයිද, අවිනයවාදීයයිද කියනු ලැබේ. මහණෙනි, කුමක් හෙයින් මේ පුද්ගල තෙමේ අකාලවාදීයයිද, අභූතවාදීයයිද, අනර්‍ථවාදීයයිද, අධර්‍මවාදීයයිද, අවිනයවාදීයයිද කියනු ලැබේද, මහණෙනි, යම් සේ මේ පුද්ගල තෙමේ ‘මම බලවත් වෙමි. බලයෙන් ප්‍රයෝජන ඇත්තේ වෙමි’ යි වධ කිරීමෙන් හෝ, හිර කිරීමෙන් හෝ, ධනය විනාශ කිරීමෙන් හෝ, නෙරපීමෙන් හෝ, අසත්‍යයෙන් අන්‍යයාට දුක් උපදවයිද, සත්‍යවූ පරිදි කියනු ලැබූ කල්හි හෙතෙමේ අවමන් කරයි. නොපිළිගනියි. අසත්‍යයෙන් කියනු ලබන කල්හි එය මෙසේත් අසත්‍යයි, මෙසේත් අභූතයයි, එය පැටලුම් හැරීම පිණිස උත්සාහ නොකරයි. එහෙයින් මෙබඳු පුද්ගල තෙමේ අකාලවාදීයයිද, අභූතවාදීයයිද, අනර්‍ථවාදීයයිද, අධර්‍මවාදීයයිද, අවිනයවාදීයයිද කියනු ලැබේ. මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ ලෝභයෙන් හටගන්නාවූ අකුසල ධර්‍මයන්ගෙන් මඩනා ලද්දේ, විනාශ කරන ලද සිත් ඇත්තේ, මේ ආත්මයෙහිම දුක් සහිතවූ, ශෝකයෙන් හට ගන්නාවූ, වෙහෙස සහිතවූ, දාහ සහිතවූ දුක් විඳිමින් වාසය කරයි. කය බිඳීමෙන් මරණින් පසු දුර්‍ගතිය කැමති විය යුත්තීය.
ෙවෂයෙන් උපන් - මෝහයෙන් උපන් ලාමක අකුසල ධර්‍මයන්ගෙන් මඩනා ලද්දේ, යටකොට ගත් සිත් ඇත්තේ මෙලොවම වෙහෙස සහිතව, දැඩි ආයාස සහිතව, දැවිලි සහිතව දුකසේ වාසය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු දුගතිය කැමති විය යුතුයි.
“මහණෙනි, යම්සේ මාලුවා වැල් තුනක් විසින් උඩට නගින ලද්දාවූ, හාත්පස වෙලා ගන්නා ලද්දාවූ, සල් රුකක් හෝ, දැව රුකක් හෝ, කොළොම් රුකක් හෝ නොවැඩීමට පැමිණෙයිද, විනාශයට පැමිණෙයිද, නොවැඩීමට හා විනාශයට පැමිණෙයිද.
“මහණෙනි, එපරිද්දෙන්ම මෙබඳු පුද්ගල තෙමේ ලෝභයෙන් හටගත් ලාමක අකුශල ධර්‍මයන්ගෙන් මඩනා ලද්දේ, විනාශ කරණ ලද සිත් ඇත්තේ, මේ ආත්මයෙහි පීඩා සහිතවූ, වෙහෙස සහිතවූ, දාහ සහිතවූ දුක් විඳිමින් වාසය කරයි. කය බිඳීමෙන් මරණින් පසු ද්‍රර්‍ගතිය කැමති විය යුත්තීය.
“මහණෙනි, එපරිද්දෙන්ම මෙබඳු පුද්ගල තෙමේ ද්වේෂයෙන් හටගත් ලාමක අකුශල ධර්‍මයන්ගෙන් මඩනා ලද්දේ, විනාශ කරණ ලද සිත් ඇත්තේ, මේ ආත්මයෙහි පීඩා සහිතවූ, වෙහෙස සහිතවූ, දාහ සහිතවූ දුක් විඳිමින් වාසය කරයි. කය බිඳීමෙන් මරණින් පසු ද්‍රර්‍ගතිය කැමති විය යුත්තීය.
“මහණෙනි, එපරිද්දෙන්ම මෙබඳු පුද්ගල තෙමේ මෝහයෙන් හටගත් ලාමක අකුශල ධර්‍මයන්ගෙන් මඩනා ලද්දේ, විනාශ කරණ ලද සිත් ඇත්තේ, මේ ආත්මයෙහි පීඩා සහිතවූ, වෙහෙස සහිතවූ, දාහ සහිතවූ දුක් විඳිමින් වාසය කරයි. කය බිඳීමෙන් මරණින් පසු ද්‍රර්‍ගතිය කැමති විය යුත්තීය. මහණෙනි, මේ තුන අකුශල මූලයෝ නම් වෙත්.
“මහණෙනි, මේ කුශල මූලයෝ තුනක් වෙත්. කවර තුනක්ද? මහණෙනි, අලෝභය කුසල මූලයකි. අදෝසය කුසල මූලයකි. අමෝහය කුසල මූලයකි.
“මහණෙනි, යම් අලෝභය වෙයිද, එයද කුසලයකි. අලෝභී පුද්ගල තෙමේ කයින්, වචනයෙන්, සිතින් යමක් රැස් කරයිද, එයද කුසලයකි. ලෝභී නොවූ, ලෝභයෙන් නොමඩනා ලද, විනාශ නොකරණ ලද සිත් ඇත්තාවූ පුද්ගල තෙමේ, ‘මම බලවත් වෙමි, බලයෙන් ප්‍රයෝජන ඇත්තෙමි’ යි හිංසා කිරීමෙන් හෝ, බන්‍ධනයෙන් හෝ, ධනය විනාශ කිරීමෙන් හෝ, ගර්හා කිරීමෙන් හෝ, රටින් නෙරපීමෙන් හෝ, අසත්‍යයෙන් අන්‍යයාට දුක් නූපදවයිද, එයද කුසලයකි. මෙසේ ඔහුට අලෝභයෙන් උපන්, අලෝභය නිදානකොට ඇත්තාවූ, අලෝභය නිසා පහළ වන්නාවූ, අලෝභය ප්‍රත්‍යකොට ඇත්තාවූ නොයෙක් කුසල් ධර්‍මයෝ හටගනිත්.
“මහණෙනි, යම් අද්වේෂය වෙයිද, එයද කුසලයකි. අද්වේෂී පුද්ගල තෙමේ කයින්, වචනයෙන්, සිතින් යමක් රැස් කරයිද, එයද කුසලයකි. ද්වේෂී නොවූ, ද්වේෂයෙන් නොමඩනා ලද, විනාශ නොකරණ ලද සිත් ඇත්තාවූ පුද්ගල තෙමේ, ‘මම බලවත් වෙමි, බලයෙන් ප්‍රයෝජන ඇත්තෙමි’ යි හිංසා කිරීමෙන් හෝ, බන්‍ධනයෙන් හෝ, ධනය විනාශ කිරීමෙන් හෝ, ගර්හා කිරීමෙන් හෝ, රටින් නෙරපීමෙන් හෝ, අසත්‍යයෙන් අන්‍යයාට දුක් නූපදවයිද, එයද කුසලයකි. මෙසේ ඔහුට අදේවේශයෙන් උපන්, අද්වේෂය නිදානකොට ඇත්තාවූ, අද්වේෂය නිසා පහළ වන්නාවූ, අද්වේෂය ප්‍රත්‍යකොට ඇත්තාවූ නොයෙක් කුසල් ධර්‍මයෝ හටගනිත්.
“මහණෙනි, යම් අමෝහය වෙයිද, එයද කුසලයකි. අමෝහී පුද්ගල තෙමේ කයින්, වචනයෙන්, සිතින් යමක් රැස් කරයිද, එයද කුසලයකි. මෝහී නොවූ, මෝහයෙන් නොමඩනා ලද, විනාශ නොකරණ ලද සිත් ඇත්තාවූ පුද්ගල තෙමේ, ‘මම බලවත් වෙමි, බලයෙන් ප්‍රයෝජන ඇත්තෙමි’ යි හිංසා කිරීමෙන් හෝ, බන්‍ධනයෙන් හෝ, ධනය විනාශ කිරීමෙන් හෝ, ගර්හා කිරීමෙන් හෝ, රටින් නෙරපීමෙන් හෝ, අසත්‍යයෙන් අන්‍යයාට දුක් නූපදවයිද, එයද කුසලයකි. මෙසේ ඔහුට අමෝහයෙන් උපන්, අමෝහය නිදානකොට ඇත්තාවූ, අමෝහය නිසා පහළ වන්නාවූ, අමෝහය ප්‍රත්‍යකොට ඇත්තාවූ නොයෙක් කුසල් ධර්‍මයෝ හටගනිත්.
“මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ කාලවාදීයයිද, භූතවාදීයයිද, අර්ත්‍ථවාදීයයිද, ධර්‍මවාදීයයිද, විනයවාදීයයිද කියනු ලැබේ. මහණෙනි, කුමක් හෙයින් මෙබඳු පුද්ගල තෙම කාලවාදීයයිද, භූතවාදීයයිද, අර්ත්‍ථවාදීයයිද, ධර්‍මවාදීයයිද, විනයවාදීයයිද කියනු ලැබේද? මහණෙනි, යම්සේ වනාහි මේ පුද්ගල තෙම, ‘මම බලවත් වෙමි, බලයෙන් ප්‍රයෝජන ඇත්තෙමි’ යි හිංසා කිරීමෙන් හෝ, බන්‍ධනයෙන් හෝ, ධනය විනාශ කිරීමෙන් හෝ, ගර්හා කිරීමෙන් හෝ, රටින් නෙරපීමෙන් හෝ, අසත්‍යයෙන් අන්‍යයාට දුක් නූපදවයිද, සත්‍යයෙන් කියනු ලබන්නාවූ හෙතෙම පිළිගනියිද, අවමන් නොකරයිද, අසත්‍යයෙන් කියනු ලබන කල්හි මෙය මෙසේද අසත්‍යය, මෙය මෙසේද අභූතයයි, එය පැටලුම් හැරීම පිණිස උත්සාහ කරයිද, එහෙයින් මෙබඳු පුද්ගල තෙමේ කාලවාදීයයිද, භූතවාදීයයිද, අර්ත්‍ථවාදීයයිද, ධර්‍මවාදීයයිද, විනයවාදීයයිද කියනු ලැබේ.
“මහණෙනි, මෙබඳු පුද්ගලයාගේ ලෝභයෙන් හටගන්නාවූ ලාමක අකුශල ධර්‍මයෝ ප්‍රහීනවූහ. සිඳින ලද මුල් ඇත්තාහ. කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලදහ. නැවත නූපදින ස්වභාවය ඇත්තාහ. මේ ආත්මයෙහිම පීඩා රහිතවූ, දැඩි වෙහෙස රහිතවූ, දාහ රහිතවූ සැප විඳිමින් වාසය කරයි.
මේ ආත්මයෙහිම ද්වේෂයෙන් උපන් - මෝහයෙන් උපන් ලාමක අකුසල ධර්‍මයෝ ප්‍රහීන වූවාහු, සිඳින ලද මුල් ඇත්තාහු, මස්තකය කපන ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහු, අභාවයට යවන ලද්දාහු, මතු නූපදින සංඛ්‍යාවට කරණ ලද්දාහු, මෙලොව විඩා නැතිව, දැඩි ආයාස නැතිව, දැවිලි නැතිව සැපසේ වසයි. මේ ආත්මයෙහිම කෙලෙස් පිරිනිවෙයි.
“මහණෙනි, මෙබඳු පුද්ගලයාගේ ද්වේෂයෙන් හටගන්නාවූ ලාමක අකුශල ධර්‍මයෝ ප්‍රහීනවූහ. සිඳින ලද මුල් ඇත්තාහ. කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලදහ. නැවත නූපදින ස්වභාවය ඇත්තාහ. මේ ආත්මයෙහිම පීඩා රහිතවූ, දැඩි වෙහෙස රහිතවූ, දාහ රහිතවූ සැප විඳිමින් වාසය කරයි.
මේ ආත්මයෙහිම ද්වේෂයෙන් උපන් - මෝහයෙන් උපන් ලාමක අකුසල ධර්‍මයෝ ප්‍රහීන වූවාහු, සිඳින ලද මුල් ඇත්තාහු, මස්තකය කපන ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහු, අභාවයට යවන ලද්දාහු, මතු නූපදින සංඛ්‍යාවට කරණ ලද්දාහු, මෙලොව විඩා නැතිව, දැඩි ආයාස නැතිව, දැවිලි නැතිව සැපසේ වසයි. මේ ආත්මයෙහිම කෙලෙස් පිරිනිවෙයි.
“මහණෙනි, මෙබඳු පුද්ගලයාගේ මෝහයෙන් හටගන්නාවූ ලාමක අකුශල ධර්‍මයෝ ප්‍රහීනවූහ. සිඳින ලද මුල් ඇත්තාහ. කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලදහ. නැවත නූපදින ස්වභාවය ඇත්තාහ. මේ ආත්මයෙහිම පීඩා රහිතවූ, දැඩි වෙහෙස රහිතවූ, දාහ රහිතවූ සැප විඳිමින් වාසය කරයි.
මේ ආත්මයෙහිම ද්වේෂයෙන් උපන් - මෝහයෙන් උපන් ලාමක අකුසල ධර්‍මයෝ ප්‍රහීන වූවාහු, සිඳින ලද මුල් ඇත්තාහු, මස්තකය කපන ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහු, අභාවයට යවන ලද්දාහු, මතු නූපදින සංඛ්‍යාවට කරණ ලද්දාහු, මෙලොව විඩා නැතිව, දැඩි ආයාස නැතිව, දැවිලි නැතිව සැපසේ වසයි. මේ ආත්මයෙහිම කෙලෙස් පිරිනිවෙයි.
“මහණෙනි, යම්සේ මාලුවා වැල් තුනකින් උඩට නගින ලද්දාවූ, හාත්පස වෙළන ලද්දාවූ, සල් ගසක් හෝ, දැව ගසක් හෝ, කොළොන් ගසක් වේද, ඉක්බිති උදැල්ලක් ගෙන පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඒ මාලුවා වැල මුලින් සිඳින්නේය. මුලින් සිඳ හාත්පස හාරන්නේය. හාත්පස හාරා අන්තිම වශයෙන් සැවැන්ද මුල් තරම් මුල්ද උදුරන්නේය. හෙතෙම ඒ මාලුවා වැල කඩ කඩ කොට සිඳින්නේය. කඩ කඩ කොට සිඳ පලන්නේය. පලා තීරු තීරු ඉරන්නේය. තීරු තීරු ඉරා අව්වෙයි වියලන්නේය. අව්වෙහි වියලා ගින්නෙන් දවන්නේය. ගින්නෙන් දවා අළු කරන්නේය. අළු කොට මහා වාතයෙහි හෝ ගසා හරින්නේය. ශීඝ්‍ර ජල පාර ඇති ගඟක හෝ පාකර හරින්නේය. මහණෙනි, මෙසේ ඒ මාලුවා වැල සිඳින ලද මුල් ඇත්තී වන්නීය. සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දීය. නොවැඩෙන බවට පමුණුවන ලද්දීය. නැවත නූපදින ස්වභාවය ඇත්තීය.
“මහණෙනි, එසේම මෙබඳු පුද්ගලයාගේ ලෝභයෙන් හටගන්නාවූ අකුශලයෝ ප්‍රහීණවූහ. සිඳිනලද මුල් ඇත්තාහ. සිඳිනලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. නොවැඩෙන බවට පමුණුවන ලද්දාහ. නැවත නූපදින ස්වභාවය ඇත්තාහ. මේ ආත්මයෙහිම පීඩා රහිතවූ, දැඩි වෙහෙස රහිතවූ, දාහ රහිතවූ සැපය විඳිමින් වාසය කරයි. මේ ආත්මයෙහිම පිරිනිවෙයි.
“මහණෙනි, එසේම මෙබඳු පුද්ගලයාගේ ද්වේෂයෙන් හටගන්නාවූ අකුශලයෝ ප්‍රහීණවූහ. සිඳිනලද මුල් ඇත්තාහ. සිඳිනලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. නොවැඩෙන බවට පමුණුවන ලද්දාහ. නැවත නූපදින ස්වභාවය ඇත්තාහ. මේ ආත්මයෙහිම පීඩා රහිතවූ, දැඩි වෙහෙස රහිතවූ, දාහ රහිතවූ සැපය විඳිමින් වාසය කරයි. මේ ආත්මයෙහිම පිරිනිවෙයි.
“මහණෙනි, එසේම මෙබඳු පුද්ගලයාගේ මෝහයෙන් හටගන්නාවූ අකුශලයෝ ප්‍රහීණවූහ. සිඳිනලද මුල් ඇත්තාහ. සිඳිනලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. නොවැඩෙන බවට පමුණුවන ලද්දාහ. නැවත නූපදින ස්වභාවය ඇත්තාහ. මේ ආත්මයෙහිම පීඩා රහිතවූ, දැඩි වෙහෙස රහිතවූ, දාහ රහිතවූ සැපය විඳිමින් වාසය කරයි. මේ ආත්මයෙහිම පිරිනිවෙයි.
“මහණෙනි, මේ වනාහි කුසල මූලයෝ තුන වෙත්.”
10. උපොසථසුත්තං 10. විසාඛුපොසථ සූත්‍රය