ත්‍රිපිටකය
(7) 2. මහාවග්ගො (7) 2. මහා වර්‍ගය
1. තිත්ථායතනාදිසුත්තං 1. (මහා) තින්‍ථායතන සූත්‍රය
2. අමාතාපුත්තිකානිසුත්තං 2. අමාතා පුත්තික භය සූත්‍රය
3. වෙනාගපුරසුත්තං 3. වෙනාගපුර සූත්‍රය
4. සරභසුත්තං 4. සරහ (පරිබ්බාජක) සූත්‍රය
5. කෙසමුත්තිසුත්තං 5. කාලාම සූත්‍රය
6. සාළ්හසුත්තං 6. නන්‍දකත්‍ථෙර සූත්‍රය
7. කථාවත්ථුසුත්තං 7. තිකථාවත්‍ථු සූත්‍රය
8. අඤ්ඤතිත්ථියසුත්තං 8. තීර්ත්‍ථය පුච්ඡා සූත්‍රය
69
‘‘සචෙ, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්‍යුං - ‘තයොමෙ, ආවුසො, ධම්මා. කතමෙ තයො? රාගො, දොසො, මොහො - ඉමෙ ඛො, ආවුසො, තයො ධම්මා. ඉමෙසං, ආවුසො, තිණ්ණං ධම්මානං කො විසෙසො කො අධිප්පයාසො (අධිප්පායො (සී.) අධිප්පායාසො (ස්‍යා. කං. පී.) අධි + ප + යසු + ණ = අධිප්පයාසො) කිං නානාකරණ’න්ති? එවං පුට්ඨා තුම්හෙ, භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං කින්ති බ්‍යාකරෙය්‍යාථා’’ති? ‘‘භගවංමූලකා නො, භන්තෙ, ධම්මා භගවංනෙත්තිකා භගවංපටිසරණා. සාධු වත, භන්තෙ, භගවන්තංයෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’’ති. ‘‘තෙන හි, භික්ඛවෙ, සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘සචෙ , භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්‍යුං - ‘තයොමෙ, ආවුසො, ධම්මා. කතමෙ තයො? රාගො, දොසො, මොහො - ඉමෙ ඛො, ආවුසො, තයො ධම්මා; ඉමෙසං, ආවුසො, තිණ්ණං ධම්මානං කො විසෙසො කො අධිප්පයාසො කිං නානාකරණ’න්ති? එවං පුට්ඨා තුම්හෙ, භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං බ්‍යාකරෙය්‍යාථ - ‘රාගො ඛො, ආවුසො, අප්පසාවජ්ජො දන්ධවිරාගී, දොසො මහාසාවජ්ජො ඛිප්පවිරාගී, මොහො මහාසාවජ්ජො දන්ධවිරාගී’’’ ති.
‘‘‘කො පනාවුසො, හෙතු කො පච්චයො යෙන අනුප්පන්නො වා රාගො උප්පජ්ජති උප්පන්නො වා රාගො භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තතී’ති? ‘සුභනිමිත්තන්තිස්ස වචනීයං. තස්ස සුභනිමිත්තං අයොනිසො මනසි කරොතො අනුප්පන්නො වා රාගො උප්පජ්ජති උප්පන්නො වා රාගො භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තති. අයං ඛො, ආවුසො, හෙතු අයං පච්චයො යෙන අනුප්පන්නො වා රාගො උප්පජ්ජති උප්පන්නො වා රාගො භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තතී’’’ති.
‘‘‘කො පනාවුසො, හෙතු කො පච්චයො යෙන අනුප්පන්නො වා දොසො උප්පජ්ජති උප්පන්නො වා දොසො භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තතී’ති? ‘පටිඝනිමිත්තං තිස්ස වචනීයං. තස්ස පටිඝනිමිත්තං අයොනිසො මනසි කරොතො අනුප්පන්නො වා දොසො උප්පජ්ජති උප්පන්නො වා දොසො භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තති. අයං ඛො, ආවුසො, හෙතු අයං පච්චයො යෙන අනුප්පන්නො වා දොසො උප්පජ්ජති උප්පන්නො වා දොසො භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තතී’’’ති.
‘‘‘කො පනාවුසො, හෙතු කො පච්චයො යෙන අනුප්පන්නො වා මොහො උප්පජ්ජති උප්පන්නො වා මොහො භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තතී’ති? ‘අයොනිසො මනසිකාරො තිස්ස වචනීයං. තස්ස අයොනිසො මනසි කරොතො අනුප්පන්නො වා මොහො උප්පජ්ජති උප්පන්නො වා මොහො භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තති. අයං ඛො, ආවුසො, හෙතු අයං පච්චයො යෙන අනුප්පන්නො වා මොහො උප්පජ්ජති උප්පන්නො වා මොහො භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තතී’’’ති.
‘‘‘කො පනාවුසො, හෙතු කො පච්චයො යෙන අනුප්පන්නො චෙව රාගො නුප්පජ්ජති උප්පන්නො ච රාගො පහීයතී’ති? ‘අසුභනිමිත්තන්තිස්ස වචනීයං. තස්ස අසුභනිමිත්තං යොනිසො මනසි කරොතො අනුප්පන්නො චෙව රාගො නුප්පජ්ජති උප්පන්නො ච රාගො පහීයති. අයං ඛො, ආවුසො , හෙතු අයං පච්චයො යෙන අනුප්පන්නො චෙව රාගො නුප්පජ්ජති උප්පන්නො ච රාගො පහීයතී’’’ති.
‘‘‘කො පනාවුසො, හෙතු කො පච්චයො යෙන අනුප්පන්නො චෙව දොසො නුප්පජ්ජති උප්පන්නො ච දොසො පහීයතී’ති? ‘මෙත්තා චෙතොවිමුත්තී තිස්ස වචනීයං. තස්ස මෙත්තං චෙතොවිමුත්තිං යොනිසො මනසි කරොතො අනුප්පන්නො චෙව දොසො නුප්පජ්ජති උප්පන්නො ච දොසො පහීයති. අයං ඛො, ආවුසො, හෙතු අයං පච්චයො යෙන අනුප්පන්නො චෙව දොසො නුප්පජ්ජති උප්පන්නො ච දොසො පහීයතී’’’ති.
‘‘‘කො පනාවුසො, හෙතු කො පච්චයො යෙන අනුප්පන්නො චෙව මොහො නුප්පජ්ජති උප්පන්නො ච මොහො පහීයතී’ති? ‘යොනිසොමනසිකාරො තිස්ස වචනීයං. තස්ස යොනිසො මනසි කරොතො අනුප්පන්නො චෙව මොහො නුප්පජ්ජති උප්පන්නො ච මොහො පහීයති. අයං ඛො, ආවුසො, හෙතු අයං පච්චයො යෙන අනුප්පන්නො වා මොහො නුප්පජ්ජති උප්පන්නො ච මොහො පහීයතී’’’ති. අට්ඨමං.
69
“මහණෙනි. ඉදින් අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයෝ, ඇවැත්නි, මේ ධර්‍මයෝ තිදෙනෙකි. කවර තිදෙනෙත්ද? රාගයද, දෝසයද, මෝහයද යන තුනයි. ඇවැත්නි, මේ ධර්‍මයෝ තිදෙන වෙත්. ඇවැත්නි, මේ තුන් ධර්‍මයන්ගේ විශේෂය කුමක්ද. අභිප්‍රාය කුමක්ද, වෙනස කුමක්දැයි, ඉදින් අසන්නාහුද, මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට කුමකැයි ප්‍රකාශ කරන්නාහුද?
“ස්වාමීනි, අපහට ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නායක කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. මේ වදාරණ ලද කාරණයාගේ අර්ත්‍ථය භාග්‍යවතුන් වහන්සේම ප්‍රකට කරණ සේක් නම් මැනවි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරා ගන්නාහුය” යි කීහ.
“මහණෙනි, එසේ නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
‘මහණෙනි. ඉදින් අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයෝ, ඇවැත්නි, මේ ධර්‍මයෝ තිදෙනෙකි. කවර තිදෙනෙත්ද? රාගයද, දෝසයද, මෝහයද යන තුනයි. ඇවැත්නි, මේ ධර්‍මයෝ තිදෙන වෙත්. ඇවැත්නි, මේ තුන් ධර්‍මයන්ගේ විශේෂය කුමක්ද. අභිප්‍රාය කුමක්ද, වෙනස කුමක්දැයි, ඉදින් අසන්නාහුද, මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට කුමකැයි ප්‍රකාශ කරන්නාහුද?
“මෙසේ අසන ලද්දාවූ තෙපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරව්. කෙසේද? ‘ඇවැත්නි, රාගය වනාහි ස්වල්ප වරද ඇත්තේය. දුරුවීමට කල් ගතවන්නේය. ද්වේෂය මහත් වරද ඇත්තේය. වහා දුරු වන්නේය. මෝහය මහත් වරද ඇත්තේය. දුරුවීමට කල් ගතවන්නේය.
“ඇවැත්නි, යමක් හේතුකොට ගෙන නූපන්නාවූ රාගය උපදීද, උපන්නාවූ රාගය බහුලවීම පිණිස වැඩීම පිණිස පවතියිද ඊට හේතුව කුමක්ද, කාරණය කුමක්ද? සුභ ආරම්මණ යයි කිය යුතු වන්නේය. සුභාරම්මණය නුනුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන්නාවූ රාගය උපදියි. උපන්නාවූ රාගය බහුලවීම පිණිස, වැඩීම පිණිස පවතියි. යම් හේතුවකින් නූපන්නාවූ රාගය උපදියිද, උපන්නාවූ රාගය බහුලවීම පිණිස, වැඩීම පිණිස පවතියි. මේ ඊට හේතුවයි, කාරණයයි.
“ඇවැත්නි, යම් හේතුවකින් නූපන්නාවූ දෝෂය උපදියිද, උපන්නාවූ දෝෂය බහුලවීම පිණිස, වැඩීම පිණිස පවතියිද, ඊට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? ඇවැත්නි, ක්‍රෝධය උපදින අරමුණයයි කිව යුතුය. ඇවැත්නි, ක්‍රෝධය උපදින අරමුණ නුනුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන්නාවූ දෝෂය උපදියි. උපන්නාවූ දෝෂය බහුලවීම පිණිස, වැඩීම පිණිස පවතියි. ඇවැත්නි, යම් හේතුවකින් නූපන්නාවූ ද්වේෂය උපදියිද, උපන්නාවූ ද්වේෂය බහුලවීම පිණිස වැඩීම පිණිස පවතියි. මේ ඊට හේතුවයි. කාරණයයි.
“ඇවැත්නි, යම් හේතුවකින් නූපන්නාවූ මෝහය උපදියිද, උපන්නාවූ මෝහය බහුලවීම පිණිස, වැඩීම පිණිස පවතියිද, ඊට හේතුව කුමක්ද, කාරණය කුමක්ද? ඇවැත්නි, නුනුවණින් මෙනෙහි කිරීමයයි කිව යුතුය. නුනුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන්නාවූ මෝහය උපදියි. උපන්නාවූ මෝහය බහුලවීම පිණිස, වැඩීම පිණිස පවතියි. යම් හේතුවකින් නූපන්නාවූ මෝහය උපදියිද, උපන් මෝහය බහුලවීම පිණිස, වැඩීම පිණිස පවතියි. මේ ඊට හේතුවයි. කාරණයයි.
“ඇවැත්නි, යම් හේතුවකින් නූපන්නාවූ රාගය නූපදියිද, උපන්නාවූ රාගය දුරුවෙයිද, ඊට හේතුව කවරේද. කාරණය කවරේද? අසුභාරම්මණයයි කිය යුතුය. අසුභාරම්මණය නුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන් රාගය නූපදියි. උපන් රාගය දුරුවෙයි. යම් හේතුවකින් නූපන් රාගය නූපදීද, උපන්නාවූ රාගය දුරුවෙයිද, මේ ඊට හේතුවයි. කාරණයයි.
“ඇවැත්නි, යම් හේතුවකින් නූපන් ද්වේෂය නූපදියිද, උපන් ද්වේෂය දුරුවෙයිද, ඊට හේතුව කුමක්ද?. කාරණය කුමක්ද? මෛත්‍රී සමාධියයයි කිය යුතුය. මෛත්‍රී සමාධිය නුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන් ද්වේෂය නූපදියි. උපන් ද්වේෂය දුරුවෙයි. ඇවැත්නි, යම් හේතුවකින් නූපන් ද්වේෂය නූපදීද, උපන්නාවූ ද්වේෂය දුරුවෙයිද, මේ ඊට හේතුවයි. කාරණයයි.
“ඇවැත්නි, යම් හේතුවකින් නූපන් මෝහය නූපදියිද, උපන් මෝහය දුරුවෙයිද, ඊට හේතුව කුමක්ද?. කාරණය කුමක්ද? නුවණින් මෙනෙහි කිරීමයයි කිය යුතුය. නුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන් මෝහය නූපදියි. උපන් මෝහය දුරුවෙයි. ඇවැත්නි, යමක් හේතුකොට ගෙන නූපන් මෝහය නූපදීද, උපන්නාවූ මෝහය දුරුවෙයිද, මේ ඊට හේතුවයි. කාරණයයි.”
9. අකුසලමූලසුත්තං 9. කුසලාකුසල මූල සූත්‍රය
10. උපොසථසුත්තං 10. විසාඛුපොසථ සූත්‍රය