ත්‍රිපිටකය
(7) 2. මහාවග්ගො (7) 2. මහා වර්‍ගය
1. තිත්ථායතනාදිසුත්තං 1. (මහා) තින්‍ථායතන සූත්‍රය
2. අමාතාපුත්තිකානිසුත්තං 2. අමාතා පුත්තික භය සූත්‍රය
3. වෙනාගපුරසුත්තං 3. වෙනාගපුර සූත්‍රය
4. සරභසුත්තං 4. සරහ (පරිබ්බාජක) සූත්‍රය
5. කෙසමුත්තිසුත්තං 5. කාලාම සූත්‍රය
66
එවං මෙ සුතං - එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන කෙසමුත්තං (කෙසපුත්තං (සී. ස්‍යා. කං. පී.)) නාම කාලාමානං නිගමො තදවසරි. අස්සොසුං ඛො කෙසමුත්තියා කාලාමා - ‘‘සමණො ඛලු, භො, ගොතමො සක්‍යපුත්තො සක්‍යකුලා පබ්බජිතො කෙසමුත්තං අනුප්පත්තො. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො - ‘ඉතිපි සො භගවා...පෙ.... සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’’’ති.
අථ ඛො කෙසමුත්තියා කාලාමා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු, අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු, අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු, අප්පෙකච්චෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු, අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ කෙසමුත්තියා කාලාමා භගවන්තං එතදවොචුං -
‘‘සන්ති, භන්තෙ, එකෙ සමණබ්‍රාහ්මණා කෙසමුත්තං ආගච්ඡන්ති. තෙ සකංයෙව වාදං දීපෙන්ති ජොතෙන්ති, පරප්පවාදං පන ඛුංසෙන්ති වම්භෙන්ති පරිභවන්ති ඔමක්ඛිං (ඔපපක්ඛිං (සී. ස්‍යා. කං. පී.), ඔමක්ඛිකං (ක.)) කරොන්ති. අපරෙපි, භන්තෙ, එකෙ සමණබ්‍රාහ්මණා කෙසමුත්තං ආගච්ඡන්ති . තෙපි සකංයෙව වාදං දීපෙන්ති ජොතෙන්ති, පරප්පවාදං පන ඛුංසෙන්ති වම්භෙන්ති පරිභවන්ති ඔමක්ඛිං කරොන්ති. තෙසං නො, භන්තෙ , අම්හාකං හොතෙව කඞ්ඛා හොති විචිකිච්ඡා - ‘කො සු නාම ඉමෙසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං ආහ, කො මුසා’’’ති? ‘‘අලඤ්හි වො, කාලාමා, කඞ්ඛිතුං අලං විචිකිච්ඡිතුං. කඞ්ඛනීයෙව පන (කඞ්ඛනීයෙව ච පන (සංයුත්තනිකායෙ)) වො ඨානෙ විචිකිච්ඡා උප්පන්නා’’.
‘‘එථ තුම්හෙ, කාලාමා, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන , මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම්හෙ, කාලාමා, අත්තනාව ජානෙය්‍යාථ - ‘ඉමෙ ධම්මා අකුසලා, ඉමෙ ධම්මා සාවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤුගරහිතා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා (සමාදිණ්ණා (ක.)) අහිතාය දුක්ඛාය සංවත්තන්තී’’’ති, අථ තුම්හෙ, කාලාමා, පජහෙය්‍යාථ.
‘‘තං කිං මඤ්ඤථ, කාලාමා, ලොභො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති හිතාය වා අහිතාය වා’’ති?
‘‘අහිතාය, භන්තෙ’’.
‘‘ලුද්ධො පනායං, කාලාමා, පුරිසපුග්ගලො ලොභෙන අභිභූතො පරියාදින්නචිත්තො පාණම්පි හනති, අදින්නම්පි ආදියති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, පරම්පි තථත්තාය (තදත්ථාය (ක.)) සමාදපෙති, යං ස (යං තස්ස (ක.) අනන්තරසුත්තෙ පන ‘‘යං’ ස’’ ඉත්වෙව සබ්බත්ථපි දිස්සති) හොති දීඝරත්තං අහිතාය දුක්ඛායා’’ති.
‘‘එවං, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤථ, කාලාමා, දොසො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති හිතාය වා අහිතාය වා’’ති?
‘‘අහිතාය, භන්තෙ’’.
‘‘දුට්ඨො පනායං, කාලාමා, පුරිසපුග්ගලො දොසෙන අභිභූතො පරියාදින්නචිත්තො පාණම්පි හනති (හන්ති (සී. පී.)), අදින්නම්පි ආදියති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, පරම්පි තථත්තාය සමාදපෙති, යං ස හොති දීඝරත්තං අහිතාය දුක්ඛායා’’ති.
‘‘එවං, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤථ, කාලාමා, මොහො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති හිතාය වා අහිතාය වා’’ති?
‘‘අහිතාය, භන්තෙ’’.
‘‘මූළ්හො පනායං, කාලාමා, පුරිසපුග්ගලො මොහෙන අභිභූතො පරියාදින්නචිත්තො පාණම්පි හනති, අදින්නම්පි ආදියති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, පරම්පි තථත්තාය සමාදපෙති, යං ස හොති දීඝරත්තං අහිතාය දුක්ඛායා’’ති.
‘‘එවං, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤථ, කාලාමා, ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වා’’ති?
‘‘අකුසලා, භන්තෙ’’.
‘‘සාවජ්ජා වා අනවජ්ජා වා’’ති?
‘‘සාවජ්ජා, භන්තෙ’’.
‘‘විඤ්ඤුගරහිතා වා විඤ්ඤුප්පසත්ථා වා’’ති?
‘‘විඤ්ඤුගරහිතා, භන්තෙ’’.
‘‘සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති, නො වා? කථං වා (කථං වා වො (?)) එත්ථ හොතී’’ති ?
‘‘සමත්තා, භන්තෙ, සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තීති. එවං නො එත්ථ හොතී’’ති.
‘‘ඉති ඛො, කාලාමා, යං තං අවොචුම්හා (අවොචුම්හ (සී. ස්‍යා. කං. පී.) අ. නි. 4.193) - ‘එථ තුම්හෙ, කාලාමා! මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම්හෙ කාලාමා අත්තනාව ජානෙය්‍යාථ - ‘ඉමෙ ධම්මා අකුසලා, ඉමෙ ධම්මා සාවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤුගරහිතා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තීති, අථ තුම්හෙ, කාලාමා, පජහෙය්‍යාථා’ති, ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
‘‘එථ තුම්හෙ, කාලාමා, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම්හෙ, කාලාමා, අත්තනාව ජානෙය්‍යාථ - ‘ඉමෙ ධම්මා කුසලා, ඉමෙ ධම්මා අනවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤුප්පසත්ථා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්තී’ති, අථ තුම්හෙ, කාලාමා, උපසම්පජ්ජ විහරෙය්‍යාථ.
‘‘තං කිං මඤ්ඤථ, කාලාමා, අලොභො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති හිතාය වා අහිතාය වා’’ති?
‘‘හිතාය, භන්තෙ’’.
‘‘අලුද්ධො පනායං, කාලාමා, පුරිසපුග්ගලො ලොභෙන අනභිභූතො අපරියාදින්නචිත්තො නෙව පාණං හනති, න අදින්නං ආදියති, න පරදාරං ගච්ඡති, න මුසා භණති, න පරම්පි තථත්තාය සමාදපෙති , යං ස හොති දීඝරත්තං හිතාය සුඛායා’’ති.
‘‘එවං, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤථ, කාලාමා, අදොසො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති...පෙ.... අමොහො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති...පෙ.... හිතාය සුඛායා’’ති.
‘‘එවං භන්තෙ’’ .
‘‘තං කිං මඤ්ඤථ, කාලාමා, ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වා’’ති?
‘‘කුසලා , භන්තෙ’’.
‘‘සාවජ්ජා වා අනවජ්ජා වා’’ති?
‘‘අනවජ්ජා, භන්තෙ’’.
‘‘විඤ්ඤුගරහිතා වා විඤ්ඤුප්පසත්ථා වා’’ති?
‘‘විඤ්ඤුප්පසත්ථා, භන්තෙ’’.
‘‘සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්ති නො වා? කථං වා එත්ථ හොතී’’ති?
‘‘සමත්තා, භන්තෙ, සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්ති. එවං නො එත්ථ හොතී’’ති.
‘‘ඉති ඛො, කාලාමා, යං තං අවොචුම්හා - ‘එථ තුම්හෙ, කාලාමා! මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම්හෙ, කාලාමා, අත්තනාව ජානෙය්‍යාථ - ඉමෙ ධම්මා කුසලා, ඉමෙ ධම්මා අනවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤුප්පසත්ථා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්තීති, අථ තුම්හෙ, කාලාමා, උපසම්පජ්ජ විහරෙය්‍යාථා’ති, ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
‘‘ස ඛො සො (යො ඛො (ක.)), කාලාමා, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතබ්‍යාපාදො අසම්මූළ්හො සම්පජානො පතිස්සතො (සතො (ක.)) මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ්ඣෙන ඵරිත්වා විහරති. කරුණාසහගතෙන චෙතසා...පෙ.... මුදිතාසහගතෙන චෙතසා...පෙ.... උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං , තථා තතියං, තථා චතුත්ථං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ්ඣෙන ඵරිත්වා විහරති.
‘‘ස (සචෙ (ක.)) ඛො සො, කාලාමා, අරියසාවකො එවං අවෙරචිත්තො එවං අබ්‍යාපජ්ඣචිත්තො එවං අසංකිලිට්ඨචිත්තො එවං විසුද්ධචිත්තො. තස්ස දිට්ඨෙව ධම්මෙ චත්තාරො අස්සාසා අධිගතා හොන්ති. ‘සචෙ ඛො පන අත්ථි පරො ලොකො, අත්ථි සුකතදුක්කටානං (සුකටදුක්කටානං (සී. ස්‍යා. කං. පී.)) කම්මානං ඵලං විපාකො, අථාහං (ඨානමහං (සී. පී.), ඨානමෙතං යෙනාහං (ස්‍යා. කං.)) කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සාමී’ති, අයමස්ස පඨමො අස්සාසො අධිගතො හොති.
‘‘‘සචෙ ඛො පන නත්ථි පරො ලොකො, නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, අථාහං (ඉධාහං (සී. ස්‍යා. කං. පී.)) දිට්ඨෙව ධම්මෙ අවෙරං අබ්‍යාපජ්ඣං අනීඝං සුඛිං (සුඛං (සී.), සුඛී (ස්‍යා. කං.)) අත්තානං පරිහරාමී’ති, අයමස්ස දුතියො අස්සාසො අධිගතො හොති.
‘‘‘සචෙ ඛො පන කරොතො කරීයති පාපං, න ඛො පනාහං කස්සචි පාපං චෙතෙමි. අකරොන්තං ඛො පන මං පාපකම්මං කුතො දුක්ඛං ඵුසිස්සතී’ති, අයමස්ස තතියො අස්සාසො අධිගතො හොති.
‘‘‘සචෙ ඛො පන කරොතො න කරීයති පාපං, අථාහං උභයෙනෙව විසුද්ධං අත්තානං සමනුපස්සාමී’ති, අයමස්ස චතුත්ථො අස්සාසො අධිගතො හොති.
‘‘ස ඛො සො, කාලාමා, අරියසාවකො එවං අවෙරචිත්තො එවං අබ්‍යාපජ්ඣචිත්තො එවං අසංකිලිට්ඨචිත්තො එවං විසුද්ධචිත්තො. තස්ස දිට්ඨෙව ධම්මෙ ඉමෙ චත්තාරො අස්සාසා අධිගතා හොන්තී’’ති.
‘‘එවමෙතං, භගවා, එවමෙතං, සුගත! ස ඛො සො, භන්තෙ, අරියසාවකො එවං අවෙරචිත්තො එවං අබ්‍යාපජ්ඣචිත්තො එවං අසංකිලිට්ඨචිත්තො එවං විසුද්ධචිත්තො. තස්ස දිට්ඨෙව ධම්මෙ චත්තාරො අස්සාසා අධිගතා හොන්ති. ‘සචෙ ඛො පන අත්ථි පරො ලොකො, අත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, අථාහං කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සාමී’ති, අයමස්ස පඨමො අස්සාසො අධිගතො හොති.
‘‘‘සචෙ ඛො පන නත්ථි පරො ලොකො, නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, අථාහං දිට්ඨෙව ධම්මෙ අවෙරං අබ්‍යාපජ්ඣං අනීඝං සුඛිං අත්තානං පරිහරාමී’ති, අයමස්ස දුතියො අස්සාසො අධිගතො හොති.
‘‘සචෙ ඛො පන කරොතො කරීයති පාපං, න ඛො පනාහං - කස්සචි පාපං චෙතෙමි, අකරොන්තං ඛො පන මං පාපකම්මං කුතො දුක්ඛං ඵුසිස්සතී’ති, අයමස්ස තතියො අස්සාසො අධිගතො හොති.
‘‘‘සචෙ ඛො පන කරොතො න කරීයති පාපං, අථාහං උභයෙනෙව විසුද්ධං අත්තානං සමනුපස්සාමී’ති, අයමස්ස චතුත්ථො අස්සාසො අධිගතො හොති.
‘‘ස ඛො සො, භන්තෙ, අරියසාවකො එවං අවෙරචිත්තො එවං අබ්‍යාපජ්ඣචිත්තො එවං අසංකිලිට්ඨචිත්තො එවං විසුද්ධචිත්තො. තස්ස දිට්ඨෙව ධම්මෙ ඉමෙ චත්තාරො අස්සාසා අධිගතා හොන්ති.
‘‘අභික්කන්තං, භන්තෙ...පෙ.... එතෙ මයං, භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො, භන්තෙ, භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතෙ සරණං ගතෙ’’ති. පඤ්චමං.
66
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයන්හි මහත් භික්‍ෂු සංඝයා සමග චාරිකාවෙහි වඩිනුයේ කාලාම නම් ක්‍ෂත්‍රියයන්ගේ කෙසපුත්ත නම් නියම්ගම යම් තැනෙක්හිද, එහි වැඩි සේක. කේසපුත්ත නියම්ගම වැසි කාලාම නම් ක්‍ෂත්‍රියයෝ මේ කාරණය ඇසුවාහුය. කුමක්ද? ශාක්‍ය පුත්‍රවූ, ශාක්‍ය කුලයෙන් පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කේසපුත්ත නම් නියම්ගමට පැමිණියහ.
“ඒ භාග්‍යවත් ගෞතමයන් පිළිබඳව මෙවැනි යහපත් කීර්ති ශබ්දයක් පැන නැංගේය. ඒ භවත් ගෞතමයන් පිළිබඳව, ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්යහ, සම්‍යක් සම්බුද්‍ධයහ, විද්‍යාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුරිසධම්ම සාරථීය, දෙවිමිනිසුන්ට ශාස්තෘය. චතුස්සත්‍යය අවබෝධ කළ සේක. භගවත්යයි මෙසේ යහපත්වූ කීර්ති ශබ්දය උස්ව පැනනැංගේය. හෙතෙම දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, දෙව් මිනිසුන් සහිතවූ, ප්‍රජාව, තෙමේම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ගෙණ ප්‍රකාශ කෙරෙයි. හෙතෙම මුල යහපත්වූ, මැද යහපත්වූ, අග යහපත්වූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිත සියල්ලෙන් සම්පූර්ණවූ ධර්‍මය දේශනා කෙරෙයි. පිරිසිදුවූ ශාසන බ්‍රහ්මචරිය ප්‍රකාශ කෙරෙයි. එබඳුවූ රහතන් වහන්සේලාගේ දැකීම යහපත් වේය.’ කියායි.
“ඉක්බිති කේසපුත්ත ගම්වැසි කාලාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහ. පැමිණ සමහරෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හිඳගත්හ. සමහරෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූහ. සතුටුවියයුතු, සිහිකටයුතු කථාව කොට එක්පසෙක හිඳගත්හ. සමහරෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ එක් පසෙක හිඳගත්හ. සමහරෙක් නාම ගොත්‍ර අස්වා එක්පසෙක හිඳගත්හ. සමහරෙක් නිශ්ශබ්දව එක්පසෙක හිඳගත්හ.
එක් පසෙක හිඳගත්තාවූ ඒ කේසපුත්ත නියම්ගම් වැසි කාලාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි, මේ කේසපුත්ත ගමට එන්නාවූ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු තමන්ගේ වාදයම දක්වත්. ප්‍රකාශ කරත්. අනික් වාදයන්ට ගරහත්, නින්‍දා කරත්, බැහැර කරත්. ස්වාමීනි, අනික් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කේසපුත්ත ගමට එත්. ඔවුහුද තමන්ගේ වාදයම කෙතෙක්ද දක්වත්, ප්‍රකාශ කරත්, අනික් වාදයන්ට ගරහත්, නින්‍දා කරත්, බැහැර කරත්, ස්වාමීනි, ඔවුන්ගේ කථා පිළිබඳව මේ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතුරෙන් කවරෙක් නම් සැබවක් කියයිද, කවරෙක් බොරු කියාදැයි අපට ෂාංකා ඇතිවන්නේ සැක ඇතිවන්නේය. කියායි.
“කාලාමයෙනි, තොප විසින් සැක ෂාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. කාලාමයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්‍කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුයි. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද නොපිළිගනිව්. කාලාමයෙනි, යම් කලෙක්හි තෙපි මේ ධර්‍මයෝ අකුසල්ය. මේ ධර්‍මයෝ වරද සහිතය, මේ ධර්‍මයෝ නුවණැත්තන් විසින් ගර්‍හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්‍මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්‍මයන් දුරු කරන්නාහුයු.
“කාලාමයෙනි, තොපි ඒ කුමකැයි හඟින්නාහුද? පුරුෂයා තුල උපදින්නාවූ ලෝභය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?”
“ස්වාමීනි, අහිත පිණිසය.”
“කාලාමයෙනි, ලෝභයෙන් යුක්තවූ මේ පුරුෂ පුද්ගල තෙම වනාහි ලෝභය විසින් මඩනා ලද්දේ, හාත්පසින් විනාශ කරන ලද සිත් ඇත්තේ, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි. යමෙකුට දීර්‍ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද, අන්‍යයාද ඒ බැව් පිණිස සමාදන් කෙරේද?”
“ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, තොපි ඒ කුමකැයි හඟින්නාහුද? පුරුෂයා තුල උපදින්නාවූ ද්වේෂය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?”
“ස්වාමීනි, අහිත පිණිසය.”
“කාලාමයෙනි, ද්වේෂයෙන් යුක්තවූ මේ පුරුෂ පුද්ගල තෙම වනාහි ද්වේෂය විසින් මඩනා ලද්දේ, හාත්පසින් විනාශ කරන ලද සිත් ඇත්තේ, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි. යමෙකුට දීර්‍ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද, අන්‍යයාද ඒ බැව් පිණිස සමාදන් කෙරේද?”
“ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, තොපි ඒ කුමකැයි හඟින්නාහුද? පුරුෂයා තුල උපදින්නාවූ මෝහය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?”
“ස්වාමීනි, අහිත පිණිසය.”
“කාලාමයෙනි, මෝහයෙන් යුක්තවූ මේ පුරුෂ පුද්ගල තෙම වනාහි මෝහය විසින් මඩනා ලද්දේ, හාත්පසින් විනාශ කරන ලද සිත් ඇත්තේ, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි. යමෙකුට දීර්‍ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද, අන්‍යයාද ඒ බැව් පිණිස සමාදන් කෙරේද?”
“ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ ධර්‍මයෝ කුසල් හෝ වෙද්ද, අකුසල් හෝ වෙද්ද?
“ස්වාමීනි, අකුසල්ය.”
“වරද වෙද්ද, නිවරද වෙද්ද?”
“ස්වාමීනි, වරද වෙත්.”
“නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු හෝ වෙද්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු හෝ වෙද්ද?”
“ස්වාමීනි, නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු වෙත්.”
“සම්පූර්‍ණ කරණ ලද්දාහු, සමාදන් වන ලද්දාහු, අහිත පිණිස, දුක පිණිස පවතිද්ද, නොවෙද්ද, මෙහි තොපට කෙසේ අදහස් වේද?”
“ස්වාමීනි, පුරන ලද, සමාදන්වන ලද මේ ධර්‍මයෝ අහිත පිණිස, දුක් පිණිස පවතිත් යනු මේ අපගේ අදහස වෙයි.”
“කාලාමයෙනි, යම් හෙයකින් මෙසේ යමක් කීයෙමුද? කාලාමයෙනි, තොප විසින් සැක ෂාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. කාලාමයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්‍කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුයි. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද නොපිළිගනිව්. කාලාමයෙනි, යම් කලෙක්හි තෙපි මේ ධර්‍මයෝ අකුසල්ය. මේ ධර්‍මයෝ වරද සහිතය, මේ ධර්‍මයෝ නුවණැත්තන් විසින් ගර්‍හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්‍මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්‍මයන් දුරු කරන්නාහුය. එකල්හි තෙපි මෙසේ ඒ යමක් කියන ලද්දේ නම් එය මේ සඳහා කියන ලදී.
“කාලාමයෙනි, තොපි ඒ කුමකැයි හඟින්නාහුද? පුරුෂයා තුල උපදින්නාවූ ලෝභය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?”
“ස්වාමීනි, අහිත පිණිසය.”
“කාලාමයෙනි, ලෝභයෙන් යුක්තවූ මේ පුරුෂ පුද්ගල තෙම වනාහි ලෝභය විසින් මඩනා ලද්දේ, හාත්පසින් විනාශ කරන ලද සිත් ඇත්තේ, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි. යමෙකුට දීර්‍ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද, අන්‍යයාද ඒ බැව් පිණිස සමාදන් කෙරේද?”
“ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, තොපි ඒ කුමකැයි හඟින්නාහුද? පුරුෂයා තුල උපදින්නාවූ ද්වේෂය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?”
“ස්වාමීනි, අහිත පිණිසය.”
“කාලාමයෙනි, ද්වේෂයෙන් යුක්තවූ මේ පුරුෂ පුද්ගල තෙම වනාහි ද්වේෂය විසින් මඩනා ලද්දේ, හාත්පසින් විනාශ කරන ලද සිත් ඇත්තේ, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි. යමෙකුට දීර්‍ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද, අන්‍යයාද ඒ බැව් පිණිස සමාදන් කෙරේද?”
“ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, තොපි ඒ කුමකැයි හඟින්නාහුද? පුරුෂයා තුල උපදින්නාවූ මෝහය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?”
“ස්වාමීනි, අහිත පිණිසය.”
“කාලාමයෙනි, මෝහයෙන් යුක්තවූ මේ පුරුෂ පුද්ගල තෙම වනාහි මෝහය විසින් මඩනා ලද්දේ, හාත්පසින් විනාශ කරන ලද සිත් ඇත්තේ, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි. යමෙකුට දීර්‍ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද, අන්‍යයාද ඒ බැව් පිණිස සමාදන් කෙරේද?”
“ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ ධර්‍මයෝ කුසල් හෝ වෙද්ද, අකුසල් හෝ වෙද්ද?
“ස්වාමීනි, අකුසල්ය.”
“වරද වෙද්ද, නිවරද වෙද්ද?”
“ස්වාමීනි, වරද වෙත්.”
“නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු හෝ වෙද්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු හෝ වෙද්ද?”
“ස්වාමීනි, නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු වෙත්.”
“සම්පූර්‍ණ කරණ ලද්දාහු, සමාදන් වන ලද්දාහු, අහිත පිණිස, දුක පිණිස පවතිද්ද, නොවෙද්ද, මෙහි තොපට කෙසේ අදහස් වේද?”
“ස්වාමීනි, පුරන ලද, සමාදන්වන ලද මේ ධර්‍මයෝ අහිත පිණිස, දුක් පිණිස පවතිත් යනු මේ අපගේ අදහස වෙයි.”
එකල්හි තෙපි ඊට පැමිණ වාසය කරන්නාහුය.
“කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පුරුෂයා තුල උපදිනාවූ අලෝභය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදින්නේද?”
“ස්වාමීනි, හිත පිණිස වේ.”
“කාලාමයෙනි, ලෝභයෙන් නොඇලුණාවූ, ලෝභයෙන් නොමවඩනා ලද්දාවූ, විනාශ නොවූ සිත් ඇත්තාවූ පුරුෂ පුද්ගල තෙම සතුන් නොමරයි, සොරකම් නොකරයි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. යමක් ඔහුට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත සැප පිණිස වෙයි නම් එහි අන්‍යයාද සමාදන් කරවයිද?”
“ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පුරුෂයා තුල උපදිනාවූ අද්වේෂය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදින්නේද?”
“ස්වාමීනි, හිත පිණිස වේ.”
“කාලාමයෙනි, ද්වේෂයෙන් නොඇලුණාවූ, ද්වේෂයෙන් නොමවඩනා ලද්දාවූ, විනාශ නොවූ සිත් ඇත්තාවූ පුරුෂ පුද්ගල තෙම සතුන් නොමරයි, සොරකම් නොකරයි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. යමක් ඔහුට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත සැප පිණිස වෙයි නම් එහි අන්‍යයාද සමාදන් කරවයිද?”
“ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පුරුෂයා තුල උපදිනාවූ අමෝහය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදින්නේද?”
“ස්වාමීනි, හිත පිණිස වේ.”
“කාලාමයෙනි, මෝහයෙන් නොඇලුණාවූ, මෝහයෙන් නොමවඩනා ලද්දාවූ, විනාශ නොවූ සිත් ඇත්තාවූ පුරුෂ පුද්ගල තෙම සතුන් නොමරයි, සොරකම් නොකරයි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. යමක් ඔහුට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත සැප පිණිස වෙයි නම් එහි අන්‍යයාද සමාදන් කරවයිද?”
“ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ ධර්‍මයෝ කුසල් හෝ අකුසල් හෝ වෙත්ද?”
“ස්වාමීනි, කුසල්ය.’
“වරද හෝ නිවරද හෝ වෙත්ද?”
“ස්වාමීනි, නිවරද වෙත්.”
“නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු හෝ නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු හෝ වෙත්ද?”
“ස්වාමීනි, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු වෙත්.”
“පුරන ලද්දාහු, සමාදන් වන ලද්දාහු හිත පිණිස හෝ පවතිත්ද, හිත පිණිස හෝ නොපවතිත්ද? මේ කාරණයෙහි අදහස කෙසේද?
“පුරන ලද්දාහු, සමාදන් වන ලද්දාහු හිත පිණිස, සැප පිණිස පවතිත් යනු මෙහි අපගේ අදහස වෙයි.”
“කාලාමයෙනි, මෙසේ කාලාමයෙනි, “කාලාමයෙනි, තොප විසින් සැක ෂාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. කාලාමයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්‍කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුයි. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද නොපිළිගනිව්. කාලාමයෙනි, යම් කලෙක්හි තෙපි මේ ධර්‍මයෝ අකුසල්ය. මේ ධර්‍මයෝ වරද සහිතය, මේ ධර්‍මයෝ නුවණැත්තන් විසින් ගර්‍හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්‍මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්‍මයන් දුරු කරන්නාහුය.
“කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පුරුෂයා තුල උපදිනාවූ අලෝභය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදින්නේද?”
“ස්වාමීනි, හිත පිණිස වේ.”
“කාලාමයෙනි, ලෝභයෙන් නොඇලුණාවූ, ලෝභයෙන් නොමවඩනා ලද්දාවූ, විනාශ නොවූ සිත් ඇත්තාවූ පුරුෂ පුද්ගල තෙම සතුන් නොමරයි, සොරකම් නොකරයි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. යමක් ඔහුට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත සැප පිණිස වෙයි නම් එහි අන්‍යයාද සමාදන් කරවයිද?”
“ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, මෙසේ පහකළ ලෝභය ඇති පහකළ ද්වේෂය ඇති, මුළා නොවූ, යහපත් නුවණ ඇත්තාවූ, සිහියෙන් යුක්තවූ ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි.
එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වැනි දිශාවද, එසේම හතරවැනි දිශාවද, මෙසේ උඩද, යටද, සරසද, සැම තන්හි හීන මධ්‍යාදී සියල්ල ඇති බැවින් සියලු සත්ත්‍වයන් ඇත්තාවූ, ලෝකය මහත්වූ, මහත් බවට ගියාවූ, අවෛරීවූ, ව්‍යාපාද රහිතවූ, මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි.
කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි.
එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වැනි දිශාවද, එසේම හතරවැනි දිශාවද, මෙසේ උඩද, යටද, සරසද, සැම තන්හි හීන මධ්‍යාදී සියල්ල ඇති බැවින් සියලු සත්ත්‍වයන් ඇත්තාවූ, ලෝකය මහත්වූ, මහත් බවට ගියාවූ, අවෛරීවූ, ව්‍යාපාද රහිතවූ, කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි.
එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වැනි දිශාවද, එසේම හතරවැනි දිශාවද, මෙසේ උඩද, යටද, සරසද, සැම තන්හි හීන මධ්‍යාදී සියල්ල ඇති බැවින් සියලු සත්ත්‍වයන් ඇත්තාවූ, ලෝකය මහත්වූ, මහත් බවට ගියාවූ, අවෛරීවූ, ව්‍යාපාද රහිතවූ, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
උපෙක්‍ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි.
එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වැනි දිශාවද, එසේම හතරවැනි දිශාවද, මෙසේ උඩද, යටද, සරසද, සැම තන්හි හීන මධ්‍යාදී සියල්ල ඇති බැවින් සියලු සත්ත්‍වයන් ඇත්තාවූ, ලෝකය මහත්වූ, මහත් බවට ගියාවූ, අවෛරීවූ, ව්‍යාපාද රහිතවූ, උපෙක්‍ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“කාලාමයෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ අවෛර සිත් ඇත්තේ වේද, මෙසේ අව්‍යාපාද සිත් ඇත්තතේ වේද, මෙසේ නොකිලුටු සිත් ඇත්තේ වේද, මෙසේ පිරිසිදු සිත් ඇත්තේ වේද, ඔහු විසින් මේ ආත්මයෙහි අස්වැසීම් සතරක් ලබන ලද්දාහු වෙත්.
“ඉදින් පරලොවක් ඇත්තේ නම්, කරණ ලද හොඳ නොහොඳ කර්‍මයන්ගේ ඵල විපාක ඇත්තේ නම්, ‘කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදින්නෙමි’ යන මේ පළමුවැනි අස්වැසීම ඔහු විසින් ලබන ලද්දේ වෙයි.
“ඉදින් පරලොවක් නැත්තේ නම්, කරණ ලද හොඳ නොහොඳ කර්‍මයන්ගේ ඵල විපාක නැත්තේ නම්, ‘මේ ආත්මයෙහිම වෛර නැතිව, ව්‍යාපාද නැතිව, දුක් නැතිව, සුවසේ ආත්මය පරිහරණය කරන්නෙමි’ යන මේ දෙවන අස්වැසීම ඔහු විසින් ලබන ලද්දේ වෙයි.
“ඉදින් වනාහි, ‘පව් කරන්නාහට විපාක දෙනු ලැබේ නම් මම වනාහි කිසිවෙකුට වරදක් නොසිතමි. පව් නොකරන්නාවූ මට කෙසේ නම් දුකක් පැමිණෙන්නේද? නොපැණෙන්නේද යන මේ තුන්වැනි අස්වැසීම එහු විසින් ලබන ලද්දේ වෙයි.
“ඉදින් පව් කරන්නාහට විපාක නොදෙනු ලැබේ නම්, ‘දැන් මම වනාහි පවෙන්ද, විපාකයෙන්ද යන දෙකින් පිරිසිදුවූ තමා දක්නෙමි’ යන මේ සතරවැනිවූ අස්වැසීම ලබන ලද්දේ වෙයි.
“කාළාමයෙනි, මෙසේ වෛර සිත් නැත්තාවූ, මෙසේ ව්‍යාපාද සිත් නැත්තාවූ, මෙසේ නොකිලිටි සිත් ඇත්තාවූ, මෙසේ පිරිසිදු සිත් ඇත්තාවූ ඒ ආර්‍ය්‍ය ශ්‍රවකයා විසින් මේ ආත්මයෙහිම මේ අස්වැසිම් සතර ලබන ලද්දාහු වෙත්යයි වදාළ සේක.
“භාග්‍යවතුන් වහන්ස, එය එසේමය. සුගතයන් වහන්ස, එය එසේමය. ස්වාමීනි, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ මෙසේ අවෛර සිත් ඇත්තේ වේද, අව්‍යාපාද සිත් ඇත්තේ වේද, නොකිලුටු සිත් ඇත්තේ වේද, පිරිසිදු සිත් ඇත්තේ වේද, ඔහු විසින් මේ ආත්මයෙහි අස්වැසීම් සතරක් ලබන ලද්දාහු වෙත්.
“ඉදින් පරලොවක් ඇත්තේ නම්, කරණ ලද හොඳ නොහොඳ කර්‍මයන්ගේ ඵල විපාක ඇත්තේ නම්, ‘කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදින්නෙමි’ යන මේ පළමුවැනි අස්වැසීම ඔහු විසින් ලබන ලද්දේ වෙයි.
“ඉදින් පරලොවක් නැත්තේ නම්, කරණ ලද හොඳ නොහොඳ කර්‍මයන්ගේ ඵල විපාක නැත්තේ නම්, ‘මේ ආත්මයෙහිම වෛර නැතිව, ව්‍යාපාද නැතිව, දුක් නැතිව, සුවසේ ආත්මය පරිහරණය කරන්නෙමි’ යන මේ දෙවන අස්වැසීම ඔහු විසින් ලබන ලද්දේ වෙයි.
“ඉදින් වනාහි, ‘පව් කරන්නාහට විපාක දෙනු ලැබේ නම් මම වනාහි කිසිවෙකුට වරදක් නොසිතමි. පව් නොකරන්නාවූ මට කෙසේ නම් දුකක් පැමිණෙන්නේද? නොපැණෙන්නේද යන මේ තුන්වැනි අස්වැසීම එහු විසින් ලබන ලද්දේ වෙයි.
“ඉදින් පව් කරන්නාහට විපාක නොදෙනු ලැබේ නම්, ‘දැන් මම වනාහි පවෙන්ද, විපාකයෙන්ද යන දෙකින් පිරිසිදුවූ තමා දක්නෙමි’ යන මේ සතරවැනිවූ අස්වැසීම ලබන ලද්දේ වෙයි.
“ස්වාමීනි, මෙසේ අවෛර සිත් ඇත්තාවූ, අව්‍යාපාද සිත් ඇත්තාවූ, නොකිලුටු සිත් ඇත්තාවූ, පිරිසිදු සිත් ඇත්තාවූ ඒ ආර්‍ය්‍ය ශ්‍රවකයා විසින් මේ අස්වැසීම් සතර ලබන ලද්දාහු වෙත්.”
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරණ ලද්දේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට මාර්‍ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි කියා තෙල් පහණක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ ඇසූ මම භවත් ගෞතමයන් වහන්සේගේද, ධර්‍මයෙහිද, සංඝයාගේද සරණ යමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට මා දන්නා සේක්වා.”
6. සාළ්හසුත්තං 6. නන්‍දකත්‍ථෙර සූත්‍රය
7. කථාවත්ථුසුත්තං 7. තිකථාවත්‍ථු සූත්‍රය
8. අඤ්ඤතිත්ථියසුත්තං 8. තීර්ත්‍ථය පුච්ඡා සූත්‍රය
9. අකුසලමූලසුත්තං 9. කුසලාකුසල මූල සූත්‍රය
10. උපොසථසුත්තං 10. විසාඛුපොසථ සූත්‍රය