(7) 2. මහාවග්ගො | (7) 2. මහා වර්ගය |
1. තිත්ථායතනාදිසුත්තං | 1. (මහා) තින්‍ථායතන සූත්‍රය |
62
‘‘තීණිමානි
‘‘තත්ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බං තං පුබ්බෙකතහෙතූ’ති, ත්යාහං උපසඞ්කමිත්වා එවං වදාමි - ‘සච්චං කිර තුම්හෙ ආයස්මන්තො එවංවාදිනො එවංදිට්ඨිනො - යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බං තං පුබ්බෙකතහෙතූ’ති
‘‘පුබ්බෙකතං ඛො පන, භික්ඛවෙ, සාරතො පච්චාගච්ඡතං න හොති ඡන්දො වා වායාමො වා ඉදං වා කරණීයං ඉදං වා අකරණීයන්ති. ඉති කරණීයාකරණීයෙ ඛො පන සච්චතො ථෙතතො
‘‘තත්ර, භික්ඛවෙ, යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො - ‘යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බං තං ඉස්සරනිම්මානහෙතූ’ති, ත්යාහං උපසඞ්කමිත්වා එවං වදාමි - ‘සච්චං කිර තුම්හෙ ආයස්මන්තො එවංවාදිනො එවදිට්ඨිනො - යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බං තං ඉස්සරනිම්මානහෙතූ’ති? තෙ ච මෙ එවං පුට්ඨා ‘ආමා’ති පටිජානන්ති. ත්යාහං එවං වදාමි - ‘තෙනහායස්මන්තො පාණාතිපාතිනො භවිස්සන්ති
‘‘ඉස්සරනිම්මානං ඛො පන, භික්ඛවෙ, සාරතො පච්චාගච්ඡතං න හොති ඡන්දො වා වායාමො වා ඉදං වා කරණීයං ඉදං වා අකරණීයන්ති. ඉති කරණීයාකරණීයෙ ඛො පන සච්චතො ථෙතතො අනුපලබ්භියමානෙ මුට්ඨස්සතීනං අනාරක්ඛානං විහරතං න හොති පච්චත්තං සහධම්මිකො සමණවාදො. අයං ඛො මෙ, භික්ඛවෙ, තෙසු සමණබ්රාහ්මණෙසු එවංවාදීසු එවංදිට්ඨීසු දුතියො සහධම්මිකො නිග්ගහො හොති.
‘‘තත්ර
‘‘අහෙතුඅප්පච්චයං
‘‘ඉමානි ඛො, භික්ඛවෙ, තීණි තිත්ථායතනානි යානි පණ්ඩිතෙහි සමනුයුඤ්ජියමානානි සමනුගාහියමානානි සමනුභාසියමානානි පරම්පි ගන්ත්වා අකිරියාය සණ්ඨහන්ති.
‘‘අයං ඛො පන, භික්ඛවෙ, මයා ධම්මො දෙසිතො අනිග්ගහිතො අසංකිලිට්ඨො අනුපවජ්ජො අප්පටිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි. කතමො ච, භික්ඛවෙ, මයා ධම්මො දෙසිතො අනිග්ගහිතො අසංකිලිට්ඨො අනුපවජ්ජො අප්පටිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි? ඉමා ඡ ධාතුයොති, භික්ඛවෙ, මයා ධම්මො දෙසිතො අනිග්ගහිතො අසංකිලිට්ඨො අනුපවජ්ජො අප්පටිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි. ඉමානි ඡ ඵස්සායතනානීති, භික්ඛවෙ, මයා ධම්මො දෙසිතො අනිග්ගහිතො අසංකිලිට්ඨො අනුපවජ්ජො අප්පටිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි. ඉමෙ අට්ඨාරස මනොපවිචාරාති, භික්ඛවෙ, මයා ධම්මො දෙසිතො අනිග්ගහිතො අසංකිලිට්ඨො අනුපවජ්ජො අප්පටිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි. ඉමානි චත්තාරි අරියසච්චානීති, භික්ඛවෙ, මයා ධම්මො දෙසිතො අනිග්ගහිතො අසංකිලිට්ඨො අනුපවජ්ජො අප්පටිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි.
‘‘ඉමා ඡ ධාතුයොති, භික්ඛවෙ, මයා ධම්මො දෙසිතො අනිග්ගහිතො අසංකිලිට්ඨො අනුපවජ්ජො අප්පටිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති. ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? ඡයිමා, භික්ඛවෙ
‘‘ඉමානි
‘‘ඉමෙ අට්ඨාරස මනොපවිචාරාති, භික්ඛවෙ, මයා ධම්මො දෙසිතො අනිග්ගහිතො අසංකිලිට්ඨො අනුපවජ්ජො අප්පටිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති. ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? චක්ඛුනා රූපං දිස්වා සොමනස්සට්ඨානියං රූපං උපවිචරති දොමනස්සට්ඨානියං රූපං උපවිචරති උපෙක්ඛාට්ඨානියං රූපං උපවිචරති, සොතෙන සද්දං සුත්වා... ඝානෙන ගන්ධං ඝායිත්වා... ජිව්හාය රසං සායිත්වා... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා... මනසා ධම්මං විඤ්ඤාය සොමනස්සට්ඨානියං ධම්මං උපවිචරති දොමනස්සට්ඨානියං ධම්මං උපවිචරති උපෙක්ඛාට්ඨානියං ධම්මං උපවිචරති. ඉමෙ අට්ඨාරස මනොපවිචාරාති, භික්ඛවෙ, මයා ධම්මො දෙසිතො අනිග්ගහිතො අසංකිලිට්ඨො අනුපවජ්ජො අප්පටිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති. ඉති
‘‘ඉමානි චත්තාරි අරියසච්චානීති, භික්ඛවෙ, මයා ධම්මො දෙසිතො අනිග්ගහිතො අසංකිලිට්ඨො අනුපවජ්ජො අප්පටිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති. ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? ඡන්නං, භික්ඛවෙ, ධාතූනං උපාදාය ගබ්භස්සාවක්කන්ති හොති; ඔක්කන්තියා සති නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා. වෙදියමානස්ස ඛො පනාහං, භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති පඤ්ඤපෙමි, අයං දුක්ඛසමුදයොති පඤ්ඤපෙමි, අයං දුක්ඛනිරොධොති පඤ්ඤපෙමි, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති පඤ්ඤපෙමි.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා
‘‘කතමඤ්ච, භික්ඛවෙ, දුක්ඛසමුදයං
(දුක්ඛසමුදයො (ස්‍යා. කං.)) අරියසච්චං? අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. ඉදං වුච්චති, භික්ඛවෙ, දුක්ඛසමුදයං අරියසච්චං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, දුක්ඛනිරොධං
(දුක්ඛනිරොධො (ස්‍යා. කං.)) අරියසච්චං? අවිජ්ජාය ත්වෙව
‘‘කතමඤ්ච, භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං - සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි. ඉදං වුච්චති, භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. ‘ඉමානි චත්තාරි අරියසච්චානී’ති, භික්ඛවෙ, මයා ධම්මො දෙසිතො අනිග්ගහිතො අසංකිලිට්ඨො අනුපවජ්ජො අප්පටිකුට්ඨො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති. ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්ත’’න්ති. පඨමං.
|
62
“මහණෙනි, පණ්ඩිතයින් විසින් කරුණු ඇසිය යුත්තාවූ, හේතු විමසිය යුත්තාවූ, අනුශාසනා කළ යුත්තාවූ යම් ඒ තීර්ථකයන්ගේ දෘෂ්ටි කෙනෙක් පරම්පරා වශයෙන් (අතීතයට) ගොස් අක්‍රියා මාත්‍රයක පිහිටත්ද තීර්ථකයන්ගේ එබඳුවූ මේ මිථ්‍යාදෘෂ්ටි තුනක් වෙත්.
“කවර තුනක්ද. මහණෙනි.මේ පුරුෂ පුද්ගලතෙම යම් කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නොසැපවූ යමක් හෝ විඳීද, ඒ සියල්ල පූර්ව කර්ම හේතුවෙන්ම වේයයි කියන්නාවූ, මෙසේ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ.
“මහණෙනි, මේ පුරුෂ පුද්ගල තෙම යම් කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නොසැපවූ යමක් හෝ විඳීද, ඊශ්වරයා විසින් මවන ලද බැවින්යයි මෙසේ කියන්නාවූ, මෙසේ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. මේ පුරුෂ පුද්ගල තෙම යම්කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නොසැපවූ යමක් හෝ විඳීද, හේතුවක්, ප්‍රත්‍යයක් නැතිව වීයයි, මෙසේ කියන්නාවූ, මෙසේ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ.
“මහණෙනි, ඔවුනතුරෙන් මේ පුරුෂ පුද්ගල තෙම යම්කිසි සැපයක් හෝ දුකක් හෝ මැදහත් බවක් හෝ විඳීද, ඒ සියල්ල පෙර කරණ ලද කර්මය හේතු කොට ගෙණ යයි මෙසේ කියන්නාවූ, මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ, යම් ඒ මහණ බමුණෝ වෙද්ද, ඔවුන් වෙත පැමිණ මෙසේ කියමි. (කෙසේද) ‘ආයුෂ්මතුනි, තෙපි මේ පුරුෂ පුද්ගල තෙම, යම්කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නොසැපවූ යමක් විඳීද, පෙර කරණ ලද කර්මය හේතු කොට ගෙණයයි මෙබඳු වාද ඇත්තාහුය, මෙබඳු දෘෂ්ටි ඇත්තාහුය යනු සැබෑද? කියායි.
“මෙසේ මා විසින් අසන ලද්දාවූ ඔවුහු ඉදින් එසේයයි කියත් නම් මම ඔවුන්ට මෙසේ කියමි. (කෙසේද) ‘ආයුෂ්මතුනි, එසේ වී නම් පෙර කරණ ලද කර්මය හේතු කොට ගෙන, ප්‍රාණඝාත කරන්නෝ වන්නාහුය. පෙර කරණ ලද කර්මය නිසා සොරකම් කරන්නෝ වන්නාහුය. පෙර කරණ ලද කර්මය නිසා බඹසර නැත්තෝ වන්නාහුය. පෙර කරණ ලද කර්මය නිසා කේළාම් කියන්නෝ වන්නාහුය. පෙර කරණ ලද කර්මය නිසා ඵරුෂ වචන කියන්නෝ වන්නාහුය. පෙර කරණ ලද කර්මය නිසා ප්‍රලාප කියන්නෝ වන්නාහුය. පෙර කරණ ලද කර්මය නිසා අභිධ්‍යාව බහුලකොට ඇත්තෝ වන්නාහුය. පෙර කරණ ලද කර්මය නිසා ව්‍යාපාද සිත් ඇත්තෝ වන්නාහුය. පූර්වකෘත කර්ම හේතුවෙන් මිත්‍ථ්‍යාදෘෂ්ටි ඇත්තෝ වන්නාහුය’ යි කියායි.
“මහණෙනි, පෙර කරණ ලද්ද වනාහි සාර වශයෙන් ගන්නාවුන්ට මෙය කටයුතුයයි කියා හෝ මෙය නොකටයුතුය කියා හෝ කැමැත්තක් හෝ උත්සාහයක් හෝ නැත්තේය. මෙසේ කටයුතු නොකටයුතු දෙක වනාහි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් නොලබන කල්හි මුළාවූ සිහියෙන් ආරක්ෂා රහිතව වාසය කරන්නවුන්ට තම තමන්ගේ කරුණු සහිතවූ ශ්‍රමණ වාදයක් නැත. මහණෙනි, මේ වනාහි මෙබඳු වාද ඇත්තාවූ, මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ, ඒ මහණ බමුණන් කෙරෙහි මාගේ කරුණු සහිතවූ පළමුවැනි නිග්‍රහය වේ.
“මහණෙනි, මේ පුරුෂ පුද්ගල තෙම යම් කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නොසැපවූ යමක් හෝ විඳීද, ඒ සියල්ල ඊශ්වරයා විසින් මවන ලද බැවින්යයි මෙසේ කියන්නාවූ, මෙසේ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ, යම් ඒ මහණ බමුණෝ වෙද්ද, ඔවුන් වෙත පැමිණ මෙසේ කියමි. “ආයුෂ්මතුනි, තෙපි මේ පුරුෂ පුද්ගල තෙම, යම්කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නොසැපවූ යමක් හෝ විඳීද, ඊෂ්වරයා විසින් මවන ලද බැවින්යයි මෙබඳු වාද ඇත්තාහුය, මෙබඳු දෘෂ්ටි ඇත්තාහුය යනු සැබෑද? කියායි.
“මෙසේ මා විසින් අසන ලද්දාවූ ඔවුහු ඉදින් එසේයයි කියත් නම් මම ඔවුන්ට මෙසේ කියමි. (කෙසේද) ‘ආයුෂ්මතුනි, එසේ වී නම් ඊශ්වරයා විසින් මැවීම නිසා ප්‍රාණඝාත කරන්නෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා සොරකම් කරන්නෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා බඹසර නැත්තෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා බොරු කියන්නෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා කේලාම් කියන්නෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා ඵරුෂ වචන කියන්නෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා ප්‍රලාප කියන්නෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා අභිධ්‍යාව බහුලකොට ඇත්තෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා ව්‍යාපාද සිත් ඇත්තෝ වන්නාහුය. ඊශ්වරයා විසින් මැවීම නිසා මිත්‍යා දෘෂ්ටි ඇත්තෝ වන්නාහුය’ යි කියායි.
“මහණෙනි, ඊශ්වරයා විසින් මැවීම වනාහි සාර වශයෙන් ගන්නවුන්ට මෙය කටයුතුය කියා හෝ මෙය නොකටයුතුය කියා හෝ කැමැත්තක් හෝ උත්සාහයක් හෝ නැත්තේය. මෙසේ කටයුතු නොකටයුතු දෙක වනාහි සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන් නොලබන කල්හි, මුළාවූ සිහියෙන් ආරක්ෂා රහිතව වාසය කරන්නවුන්ට තම තමන්ගේ කරුණු සහිතවූ ශ්‍රමණ වාදයක් නැත. මහණෙනි, මේ වනාහි මෙබඳු වාද ඇත්තාවූ, මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ, ඒ මහණ බමුණන් කෙරෙහි මාගේ කරුණු සහිතවූ දෙවැනි නිග්‍රහය වේ.
“මහණෙනි, මේ පුරුෂ පුද්ගල තෙම යම් කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නොසැපවූ යමක් හෝ විඳීද, ඒ සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීය යයි මෙසේ කියන්නාවූ, මෙසේ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ, යම් ඒ මහණ බමුණෝ වෙද්ද, ඔවුන් වෙත පැමිණ මෙසේ කියමි. “ආයුෂ්මතුනි, තෙපි මේ පුරුෂ පුද්ගල තෙම, යම්කිසි සැපයක් හෝ දුකක් හෝ නොදුක් නොසැපවූ යමක් හෝ විඳීද, ඒ සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීයයි මෙබඳු වාද ඇත්තාහුය, මෙබඳු දෘෂ්ටි ඇත්තාහුය යනු සැබෑද? කියායි.
“මෙසේ මා විසින් අසන ලද්දාවූ ඔවුහු ඉදින් එසේයයි කියත් නම් මම ඔවුන්ට මෙසේ කියමි. (කෙසේද) ‘ආයුෂ්මතුනි, එසේ වී නම් සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා ප්‍රාණඝාත කරන්නෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා සොරකම් කරන්නෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා බඹසර නැත්තෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා බොරු කියන්නෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා කේළාම් කියන්නෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා ඵරුෂ වචන කියන්නෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා ප්‍රලාප කියන්නෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා අභිධ්‍යාව බහුලකොට ඇත්තෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා ව්‍යාපාද සිත් ඇත්තෝ වන්නාහුය. සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම නිසා මිත්‍ථ්‍යාදෘෂ්ටි ඇත්තෝ වන්නාහුය.’ යි කියායි.
“මහණෙනි, සියල්ල හේතුවක් ප්‍රත්‍යයක් නැතිව වීම වනාහි සාර වශයෙන් ගන්නවුන්ට මෙය කටයුතුය කියා හෝ මෙය නොකටයුතුය කියා හෝ කැමැත්තක් හෝ උත්සාහයක් හෝ නැත්තේය. මෙසේ කටයුතු නොකටයුතු දෙක වනාහි සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන් නොලබන කල්හි, මුළාවූ සිහියෙන් ආරක්ෂා රහිතව වාසය කරන්නවුන්ට තම තමන්ගේ කරුණු සහිතවූ ශ්‍රමණ වාදයක් නැත. මහණෙනි, මේ වනාහි මෙබඳු වාද ඇත්තාවූ, මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ, ඒ මහණ බමුණන් කෙරෙහි මාගේ කරුණු සහිතවූ තුන්වැනි නිග්‍රහය වේ.”
“මහණෙනි, පණ්ඩිතයින් විසින් කරුණු ඇසිය යුත්තාවූ, හේතු විමසිය යුත්තාවූ, අනුශාසනා කළ යුත්තාවූ යම් ඒ තීර්ථකයන්ගේ දෘෂ්ටි කෙනෙක් පරම්පරා වශයෙන් (අතීතයට) ගොස් අක්‍රියා මාත්‍රයක පිහිටත්ද තීර්ථකයන්ගේ එබඳුවූ මේ මිථ්‍යාදෘෂ්ටි තුනක් වෙත්.
“මහණෙනි, ශ්රමණයන් විසින්ද, බමුණන් විසින්ද, සෙසු නැණවතුන් විසින්ද, නිග්‍රහ නොකට හැක්කාවූ, කිලුටු නොකළ හැක්කාවූ, චෝදනා නොකළ හැක්කාවූ, පිළිකුල් නොකළ හැක්කාවූ, මේ ධර්මය මා විසින් දේශනා කරණ ලද්දේය. මහණෙනි, නිග්‍රහ නොකට හැක්කාවූ, කිලුටු නොකළ හැක්කාවූ, චෝදනා නොකළ හැක්කාවූ, පිළිකුල් නොකළ හැක්කාවූ, කවර නම් ධර්මයක් මා විසින් දේශනා කරණ ලද්දේද? මහණෙනි, මේ ධාතු සයයයි නිග්‍රහ නොකට හැක්කාවූ, කිලුටු නොකළ හැක්කාවූ, චෝදනා නොකළ හැක්කාවූ, පිළිකුල් නොකළ හැක්කාවූ, ධර්මය මා විසින් දේශනා කරණ ලද්දේය. මේ ඵස්සායතන සයයයි නිග්‍රහ නොකට හැක්කාවූ, කිලුටු නොකළ හැක්කාවූ, චෝදනා නොකළ හැක්කාවූ, පිළිකුල් නොකළ හැක්කාවූ, ධර්මය මා විසින් දේශනා කරණ ලද්දේය. මේ අටලොස් මනාප විචාරයයයි නිග්‍රහ නොකට හැක්කාවූ, කිලුටු නොකළ හැක්කාවූ, චෝදනා නොකළ හැක්කාවූ, පිළිකුල් නොකළ හැක්කාවූ, මේ ධර්මය මා විසින් දේශනා කරණ ලද්ී. මේ සතර ආර්‍ය්‍ය සත්‍යයයි නිග්‍රහ නොකට හැක්කාවූ, කිලුටු නොකළ හැක්කාවූ, චෝදනා නොකළ හැක්කාවූ, පිළිකුල් නොකළ හැක්කාවූ, ධර්මය මා විසින් දේශනා කරණ ලද්දේය.
“මහණෙනි, මා විසින් නිග්‍රහ නොකට හැක්කාවූ, කිලුටු නොකළ හැක්කාවූ, චොදනා නොකළ හැක්කාවූ, පිළිකුල් නොකළ හැක්කාවූ, මේ ධාතු සයයයි ධර්මය දේශනා කරණ ලදැයි මෙසේ කියණ ලද්දේය. මෙය කුමක් නිසා කියන ලද්දේද? මහණෙනි, මේ ධාතූහු සයක් වෙත්. එනම්, පඨවිධාතුය, ආපොධාතුය, තේජෝධාතුය, වායෝධාතුය, ආකාශධාතුය, විඤ්ඤාණධාතුය යන මේයි.
“මහණෙනි, මේ ධාතු සයයයි නිග්‍රහ නොකට හැක්කාවූ, කිලුටු නොකළ හැක්කාවූ, චෝදනා නොකළ හැක්කාවූ, පිළිකුල් නොකළ හැක්කාවූ, ධර්මය මා විසින් දේශනා කරණ ලදී.
“මහණෙනි, මේ ඵස්සායතනයෝ සදෙනෙක් වෙත්ය යන නිග්‍රහ නොකට හැක්කාවූ, කිලුටු නොකළ හැක්කාවූ, චෝදනා නොකළ හැක්කාවූ, පිළිකුල් නොකළ හැක්කාවූ, ධර්මය දේශනා කරණ ලදැයි මා විසින් කියන ලදී. එය කුමක් පිණිස කියණ ලද්දේද? මහණෙනි, ඵස්සායතනයෝ මේ සදෙනෙක් වෙත්. චක්ඛු ඵස්සායතනයද, සොත ඵස්සායතනයද, ඝාන ඵස්සායතනයද, ජිව්හා ඵස්සායතනයද, කාය ඵස්සායතනයද, මනොසම්ඵස්සායතනයද වෙත්. මහණෙනි, නිග්‍රහ නොකට හැක්කාවූ, කිලුටු නොකළ හැක්කාවූ, චෝදනා නොකළ හැක්කාවූ, පිළිකුල් නොකළ හැක්කාවූ, මේ ඵස්සායතන සයයයි මා විසින් නිග්‍රහ නොකට හැක්කාවූ, කිලුටු නොකළ හැක්කාවූ, චෝදනා නොකළ හැක්කාවූ, පිළිකුල් නොකළ හැක්කාවූ, ධර්මය දේශනා කරණ ලදැයි යමක් කියන ලද නම් එය මේ සඳහා කියන ලදී.
“මහණෙනි, මා විසින් මේ අටළොස් මනාප විචාරයයි නිග්‍රහ නොකට හැක්කාවූ, කිලුටු නොකළ හැක්කාවූ, චෝදනා නොකළ හැක්කාවූ, පිළිකුල් නොකළ හැක්කාවූ, මා විසින් කියන ලදැයි මෙසේ යමක් කියන ලද්දේද, එය කුමක් සඳහා කියන ලද්දේද? ඇසින් රූපයක් දැක සොම්නසට කරුණුවූ රූපයෙහි සිත හසුරුවයි. දොම්නසට කරුණුවූ රූපයෙහි සිත හසුරුවයි. උපෙක්ෂාවට කරුණුවූ රූපයෙහි සිත හසුරුවයි. “කණින් ශබ්දයක් අසා සොම්නසට කරුණුවූ ශබ්දයෙහි සිත හසුරුවයි. දොම්නසට කරුණුවූ ශබ්දයෙහි සිත හසුරුවයි. උපෙක්ෂාවට කරුණුවූ ශබ්දයෙහි සිත හසුරුවයි.
“නාසයෙන් ගඳක් ආඝ්රානය කොට සොම්නසට කරුණුවූ ගන්ධයෙහි සිත හසුරුවයි. දොම්නසට කරුණුවූ ගන්ධයෙහි සිත හසුරුවයි. උපෙක්ෂාවට කරුණුවූ ගන්ධයෙහි සිත හසුරුවයි.
“දිවෙන් රසයක් විඳ සොම්නසට කරුණුවූ රසයෙහි සිත හසුරුවයි. දොම්නසට කරුණුවූ රසයෙහි සිත හසුරුවයි. උපෙක්ෂාවට කරුණුවූ රසයෙහි සිත හසුරුවයි.
“කයින් ස්පර්ශයක් ස්පර්ශකොට සොම්නසට කරුණුවූ ස්පර්ශයෙහි සිත හසුරුවයි. දොම්නසට කරුණුවූ ස්පර්ශයෙහි සිත හසුරුවයි. උපෙක්ෂාවට කරුණුවූ ස්පර්ශයෙහි සිත හසුරුවයි.
“සිතින් ධර්මයක් දැන සොම්නසට කරුණුවූ ධර්මයෙහි සිත හසුරුවයි. දොම්නසට කරුණුවූ ධර්මයෙහි සිත හසුරුවයි. උපෙක්ෂාවට කරුණුවූ ධර්මයෙහි සිත හසුරුවයි. මහණෙනි, මේ සිත හැසිරෙන අටලොස් තැනයයි ශ්රමණයන් විසින් හෝ බ්රාහමණයන් විසින් හෝ නුවණැත්තන් විසින් හෝ නිග්‍රහ නොකට හැක්කාවූ, කිලුටු නොකළ හැක්කාවූ, චෝදනා නොකළ හැක්කාවූ, පිළිකුල් නොකළ හැක්කාවූ, ධර්මය මා විසින් දේශනා කරණ ලදී.
“මහණෙනි, සවැදෑරුම් ධාතූන් නිසා ගර්භයාගේ පහළවීම වේ. දරුගැබ පහළවීම ඇති කල්හි නාමය හා රූපය පහළ වේ. නාමය හා රූපය ප්රත්යවීමෙන් ආයතන සය ඇතිවේ. ආයතන සය ප්රත්යවීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය ප්රත්යවීමෙන් වේදනා ඇතිවේ. මහණෙනි, මම මිදුනුලබන්නට දුකයයි පනවමි. මේ දුක් ඉපදීමට හේතුවයයි පනවමි. මේ දුක් නැතිවීමයයි පනවමි. මේ දුක් නිරෝධයට යන ප්‍රතිපදාවයයි පනවමි. මහණෙනි, දුක්ඛාර්‍ය්‍ය සත්‍යය කවරේද? “ඉපදීම දුකය, ජරාව දුකය, ව්‍යාධිය දුකය, මරණය දුකය, ශෝකය, වැලකීම, දුක්, දොම්නස, දැඩි ආයාස දුක්ය, බලාපොරොත්තු යමක් නොලැබීමද දුකය, සංක්ෂෙපයෙන් උපාදාන ස්කන්ධ පසම දුකය, මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ.
“මහණෙනි, දුක්ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය කවරේද? අවිද්‍යාව ප්‍රත්‍යයවීමෙන් සංස්කාර උපදී. සංස්කාර ප්‍රත්‍යයවීමෙන් විඤ්ඤාණය උපදී. විඤ්ඤාණය ප්‍රත්‍යයවීමෙන් නාම රූප උපදී. නාම රූප ඉපදීමෙන් ෂඩායතන උපදී. ෂඩායතන ප්‍රත්‍යයවීමෙන් ස්පර්ශය උපදී. ස්පර්ශය ප්‍රත්‍යයවීමෙන් වේදනාව උපදී. වේදනාව ප්‍රත්‍යයවීමෙන් තණ්හාව උපදී. තණ්හාව ප්‍රත්‍යයවීමෙන් දැඩිකොට ගැනීම උපදී. දැඩිකොට ගැනීමෙන් භවය උපදී. භවය ප්‍රත්‍යයවීමෙන් ඉපදීම වේ. ඉපදීම ප්‍රත්‍යයවීමෙන් ජරා, මරණ. ශොක, වැලපීම්, දුක්, දොම්නස්, දැඩි ආයාසයෝ පහළ වෙත්. මෙසේ සම්පූර්ණ දුක් රාශිය පහළවීම වේ. මහණෙනි, මේ දුක්ඛසමුදයාර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ.
“අවිද්යාහුගේම වනාහි නිරවශේෂ වශයෙන් දුරුකිරීම වශයෙන් නිරෝධයෙන් සංස්කාරයන්ගේ නිරෝධය වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙන් විඤ්ඤාණයාගේ නිරෝධය වේ. විඤ්ඤාණයාගේ නිරෝධයෙන් නාමරූපයන්ගේ නිරෝධය වේ. නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ. ෂඩායතන නිරෝධයෙන් ස්පර්ශය නිරෝධය වේ. ස්පර්ශය නිරෝධයෙන් වේදනාව නිරෝධය වේ. වේදනාව නිරෝධයෙන් තණ්හාව නිරෝධය වේ. තණ්හාව නිරෝධයෙන් දැඩිකොට ගැනීම නිරෝධය වේ. දැඩිකොට ගැනීම නිරෝධයෙන් භවය නිරෝධය වේ. භවය නිරෝධයෙන් ඉපදීම නිරෝධය වේ. ඉපදීම නිරෝධයෙන් ජරා, මරණ. ශොක, වැලපීම්, දුක්, දොම්නස්, දැඩි ආයාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ සම්පූර්ණ දුක් රාශිය නැතිවීම වේ. මහණෙනි, මේ දුක්ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ.
“මහණෙනි, දුක් නිරුද්ධවීමය යන ප්රතිපදාවවූ ආර්‍ය්‍ය සත්‍යය කවරේද? මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයමය. එනම්, සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මා ආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන අටයි. මහණෙනි, මේ දුක් නැතිකිරීමට පමුණුවන ප්රතිපදාවවූ ආර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ.
“මහණෙනි, මා විසින් ශ්රමණයන් විසින්ද, බ්රාහ්මණනයන් විසින්ද, සෙසු නැණවතුන් විසින්ද, නිග්‍රහ නොකට හැක්කාවූ, පිරිසිදුවූ, දොස් නොකිය හැකිවූ, අවනම්බු නොකරණ ලද්දාවූ, මේ සතර ආර්‍ය්‍ය සත්‍යයෝ දේශනා කරණ ලදී යයි යමක් වදාරණ ලද්දේ නම් එය මේ සඳහා වදාරණ ලදි.
|
2. අමාතාපුත්තිකානිසුත්තං | 2. අමාතා පුත්තික භය සූත්‍රය |
63
‘‘තීණිමානි
‘‘පුන චපරං, භික්ඛවෙ, හොති සො සමයො යං මහාමෙඝො වුට්ඨාති. මහාමෙඝෙ ඛො පන, භික්ඛවෙ, වුට්ඨිතෙ මහාඋදකවාහකො සඤ්ජායති. මහාඋදකවාහකෙ ඛො පන, භික්ඛවෙ, සඤ්ජායන්තෙ තෙන ගාමාපි වුය්හන්ති නිගමාපි වුය්හන්ති නගරාපි වුය්හන්ති. ගාමෙසුපි වුය්හමානෙසු නිගමෙසුපි වුය්හමානෙසු නගරෙසුපි වුය්හමානෙසු තත්ථ මාතාපි පුත්තං නප්පටිලභති, පුත්තොපි මාතරං නප්පටිලභති. ඉදං, භික්ඛවෙ, දුතියං අමාතාපුත්තිකං භයන්ති අස්සුතවා පුථුජ්ජනො භාසති.
‘‘පුන චපරං, භික්ඛවෙ, හොති සො සමයො යං භයං හොති අටවිසඞ්කොපො, චක්කසමාරුළ්හා ජානපදා පරියායන්ති. භයෙ ඛො පන, භික්ඛවෙ, සති අටවිසඞ්කොපෙ චක්කසමාරුළ්හෙසු ජානපදෙසු පරියායන්තෙසු තත්ථ මාතාපි පුත්තං නප්පටිලභති, පුත්තොපි මාතරං නප්පටිලභති. ඉදං, භික්ඛවෙ, තතියං අමාතාපුත්තිකං භයන්ති අස්සුතවා පුථුජ්ජනො භාසති. ඉමානි ඛො, භික්ඛවෙ, තීණි අමාතාපුත්තිකානි භයානීති අස්සුතවා පුථුජ්ජනො භාසති.
‘‘තානි ඛො පනිමානි
(ඉමානි ඛො (සී.), ඉමානි ඛො පන (ක.)), භික්ඛවෙ, තීණි සමාතාපුත්තිකානියෙව භයානි අමාතාපුත්තිකානි භයානීති අස්සුතවා පුථුජ්ජනො භාසති. කතමානි තීණි? හොති සො, භික්ඛවෙ, සමයො යං මහාඅග්ගිඩාහො වුට්ඨාති. මහාඅග්ගිඩාහෙ ඛො පන, භික්ඛවෙ, වුට්ඨිතෙ තෙන ගාමාපි ඩය්හන්ති නිගමාපි ඩය්හන්ති නගරාපි ඩය්හන්ති. ගාමෙසුපි ඩය්හමානෙසු නිගමෙසුපි ඩය්හමානෙසු නගරෙසුපි ඩය්හමානෙසු හොති සො සමයො යං කදාචි කරහචි මාතාපි පුත්තං
‘‘පුන
‘‘පුන චපරං, භික්ඛවෙ, හොති සො සමයො යං භයං හොති අටවිසඞ්කොපො, චක්කසමාරුළ්හා ජානපදා පරියායන්ති. භයෙ ඛො පන, භික්ඛවෙ, සති අටවිසඞ්කොපෙ චක්කසමාරුළ්හෙසු ජානපදෙසු පරියායන්තෙසු හොති සො සමයො යං කදාචි කරහචි මාතාපි පුත්තං පටිලභති, පුත්තොපි මාතරං පටිලභති. ඉදං, භික්ඛවෙ, තතියං සමාතාපුත්තිකංයෙව භයං අමාතාපුත්තිකං භයන්ති අස්සුතවා පුථුජ්ජනො භාසති. ‘‘ඉමානි ඛො, භික්ඛවෙ, තීණි සමාතාපුත්තිකානියෙව භයානි අමාතාපුත්තිකානි භයානීති අස්සුතවා පුථුජ්ජනො භාසති’’.
‘‘තීණිමානි, භික්ඛවෙ, අමාතාපුත්තිකානි භයානි. කතමානි තීණි? ජරාභයං, බ්යාධිභයං, මරණභයන්ති. න, භික්ඛවෙ, මාතා පුත්තං ජීරමානං එවං ලභති - ‘අහං ජීරාමි, මා මෙ පුත්තො ජීරී’ති; පුත්තො වා පන මාතරං ජීරමානං න එවං ලභති - ‘අහං ජීරාමි, මා මෙ
‘‘න, භික්ඛවෙ, මාතා පුත්තං බ්යාධියමානං එවං ලභති - ‘අහං බ්යාධියාමි, මා මෙ පුත්තො බ්යාධියී’ති; පුත්තො වා පන මාතරං බ්යාධියමානං න එවං ලභති - ‘අහං බ්යාධියාමි, මා මෙ මාතා බ්යාධියී’’’ති.
‘‘න, භික්ඛවෙ, මාතා පුත්තං මීයමානං එවං ලභති - ‘අහං මීයාමි, මා මෙ පුත්තො මීයී’ති; පුත්තො වා පන මාතරං මීයමානං න එවං ලභති - ‘අහං මීයාමි, මා මෙ මාතා මීයී’ති. ඉමානි ඛො, භික්ඛවෙ, තීණි අමාතාපුත්තිකානි භයානී’’ති.
‘‘අත්ථි
|
63
“මහණෙනි, මවට පුතා නැත්තාවූද, පුතාට මව නැත්තාවූද, භය තුනක් අශ්රෘතවත් පෘථග්ජන තෙම ප්‍රකාශ කරයි. කවර තුනක්ද? මහණෙනි, මහ ගින්නක් උපදින්නාවූ කාලයක් වෙයි. මහණෙනි, ඒ මහ ගින්නක් උපන් කල්හි එයින් ගම්ද දැවෙත්. නියම් ගම්ද දැවෙති. නගරද දැවෙති. ගම්ද දැවෙන කල්හි, නියම් ගම්ද දැවෙන කල්හි, නගරද දැවෙන කල්හි එහි මවද පුතා නොලබයි. පුතාද මව නොලබයි. මහණෙනි, මේ මවට පුතා නැත්තාවූ, පුතාට මව නැත්තාවූ පළමුවැනි භයයයි අශ්‍රුතවත් පෘථග්ජන තෙම ප්‍රකාශ කරයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, මහා වර්ෂා වසින්නාවූ කාලයක් වෙයි. මහණෙනි, මහා වර්ෂාවක් වට කල්හි මහත් ජල ගැල්මක් ඇතිවෙයි. මහණෙනි, මහා ජලගැල්මක් වූ කල එයින් ගම්ද යටවෙයි. නියම් ගම්ද යට වෙයි. නගරද යට වෙයි. ගම්ද යටවූ කල්හි, නියම් ගම්ද යටවූ කල්හි, නගරද යටවූ කල්හි, මවුද පුතා නොලබයි. පුතාද මව නොලබයි. මහණෙනි, මේ දෙවැනිවූ මවට පුතා නැත්තාවූද, පුතාට මව නැත්තාවූද භය යයි දෙවෙනි අශ්‍රුතවත් පෘථග්ජනයා කියයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, යම් හේතුවක් භයක් හටගනීද, පල් හොරුන් ගම් වැද ගම් පැහැරීමේ භයින් ජනපද වාසීහු යාන වාහනාදියෙහි නැගී ඔබ මොබ යද්ද, පල් හොරුන් ගම් වැද ගම් පැහැරීමේ භයින් යාන වාහනාදියෙහි නැගී ජනපදවාසීන් ඔබ මොබ යන කල්හි මව පුතා නොලබයි. පුතා මව නොලබයි. මහණෙනි, මේ මවට පුතා නැත්තාවූ, පුතාට මව නැත්තාවූ තුන්වැනි භය යයි අශ්‍රුතවත් පෘථග්ජනයා කියයි.
“මහණෙනි, මේ මවට පුතා නැත්තාවූ, පුතාට මව නැත්තාවූ භය තුනයයි අශ්‍රුතවත් පෘථග්ජනයා කියයි. මහණෙනි, මවට පුතා ඇත්තාවූද, පුතාට මව ඇත්තාවූද ඒ භය තුන, මවට පුතා නැත්තාවූද, පුතාට මව නැත්තාවූද භය තුනයයි අශ්‍රුතවත් පෘථග්ජනයා කියයි.
“කවර තුනක්ද? මහණෙනි, මහා ගින්නක් හටගන්නා කැලයක් වන්නේය. මහණෙනි, මහා ගින්නක් හටගත් කල්හි එයින් ගම්ද දැවෙන්නේය. නියම් ගම්ද දැවෙති. නගරද දැවෙති. ගම්ද දැවෙන කල්හි, නියම් ගම්ද දැවෙන කල්හි, නගරයන්ද දැවෙන කල්හි, කිසිවිටෙක, මවට පුතා ලැබෙන්නාවූද, පුතාට මව ලැබෙන්නාවූ කාලයක්ද වන්නේය. මහණෙනි, මේ පළමුවැනි මවට පුතා ඇත්තාවූද, පුතාට මව ඇත්තාවූද භය, අශ්‍රුතවත් පෘථග්ජනයා මවට පුතා නැත්තාවූ, පුතාට මව නැත්තාවූද භය යයි කියයි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, මහා වැස්සක් වසින්නාවූ කාලයක් වන්නේය. මහා වැස්සක් වට කල්හි, මහ ගංවතුරක් වන්නේය. මහ ගංවතුරක් වූ කල්හි, ගම්ද යටවෙත්. නියම් ගම්ද යටවෙයි. නගරද යට වෙයි. ගම්ද යටවූ කල්හි, නියම් ගම්ද යටවූ කල්හි, නගරයන්ද යටවූ කල්හි යම් හෙයකින් කිසි කලෙක මව පුතා ලබන්නේය. පුතා මව ලබන්නේය. මහණෙනි, මේ දෙවැනිවූ, මවට පුතා ඇත්තාවූද, පුතාට මව ඇත්තාවූද භය, අශ්‍රුතවත් පෘථග්ජනයා, මවට පුතා නැත්තාවූද, පුතාට මව නැත්තාවූ භය යයි කියයි.
“නැවත අනිකක්ද කියමි. මහණෙනි, පල්හොරු ගම් පැහැරීමෙන් ජනපද වාසීහු යාන වාහනාදියෙන් ඔබ මොබ යන්නාවූ, භය උපදින්නාවූ කාලයක් වෙයි. පල්හොරු ගම් පැහැරීමේ භයින් ජනපද වාසී යාන වාහනාදියෙන් ඔබ මොබ යන කල්හි යම් හෙයකින් කිසි විටෙක මවද පුතා ලබන්නේය. පුතාද මව ලබන්නේය. මහණෙනි, මේ වනාහි, තුන්වැනිවූ, මවට පුතා ඇත්තාවූද, පුතාට මව ඇත්තාවූද භය අශ්‍රුතවත් පෘථග්ජනයා මවට පුතා නැත්තාවූද, පුතාට මව නැත්තාවූද භය යයි කියයි.
“මහණෙනි, මවට පුතා නැත්තාවූද, පුතාට මව නැත්තාවූද මේ භය තුනක් වෙත්. කවර තුනක්ද? ජරා භය, ව්‍යාධි භය, මරණ භය යන මේ තුනයි. මහණෙනි, මව දිරන්නාවූ පුතා පිළිබඳව, ‘මම දිරමි. මගේ පුතා නොදිරත්වා’ යන මෙය නොලබයි. පුතා හෝ දිරන්නාවූ මව පිළිබඳව, ‘මම දිරමි. මගේ මවු නොදිරාවා.’ යන මෙය නොලබයි. මහණෙනි, මවු ලෙඩ වන්නාවූ පුතා පිළිබඳව, ‘මම ලෙඩ වෙමි. මගේ පුතා ලෙඩ නොවේවා.’ යන මෙය නොලබයි. පුතා හෝ ලෙඩ වන්නාවූ මව පිළිබඳව, ‘මම ලෙඩ වෙමි. මගේ මවු ලෙඩ නොවේවා.’ යන මෙය නොලබයි. මහණෙනි, මවු, මැරෙන්නාවූ පුතා පිළිබඳව, ‘මම මැරෙමි. මගේ පුතා නොමැරේවා.’ යන මෙය නොලබයි. පුතා හෝ මැරෙන්නාවූ මව පිළිබඳව, ‘මම මැරෙමි. මගේ මවු නොමැරේවා.’ යන මෙය නොලබයි. මහණෙනි, මේ වනාහි මවට පුතා නොලැබෙන්නාවූද, පුතාට මව නොලැබෙන්නාවූද, භය තුනයි.
“මහණෙනි, මේ මවට පුතා ලැබෙන්නාවූත්, පුතාට මව ලැබෙන්නාවූත් භය තුනද, මවට පුතා නොලැබෙන්නාවූත්, පුතාට මව නොලැබෙන්නාවූත් භය තුනද පහ කිරීම පිණිස, ඉක්මවීම පිණිස, මාර්ගයක්, ප්‍රතිපදාවක් ඇත්තේය. මහණෙනි, මේ සමාතා පුත්තික හා අමාතා පුත්තික භය පහ කරණු පිණිස, ඉක්මවීම පිණිස පවත්නාවූ ඒ මාර්ගය, ප්‍රතිපදාව කවරේද? මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය මැයි. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මෙයයි. මහණෙනි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව, මේ සමාතා පුත්තික භය තුනද, අමාතා පුත්තික භය තුනද පහ කරණු පිණිස, ඉක්මවනු පිණිස පවත්නේ වෙයි.”
|
3. වෙනාගපුරසුත්තං | 3. වෙනාගපුර සූත්‍රය |
64
එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන වෙනාගපුරං නාම කොසලානං බ්රාහ්මණගාමො තදවසරි. අස්සොසුං ඛො වෙනාගපුරිකා බ්රාහ්මණගහපතිකා - ‘‘සමණො ඛලු
අථ ඛො වෙනාගපුරිකා බ්රාහ්මණගහපතිකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු, අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං
‘‘අච්ඡරියං
‘‘යානි ඛො පන තානි, බ්‍රාහ්මණ, උච්චාසයනමහාසයනානි, සෙය්යථිදං - ආසන්දි පල්ලඞ්කො ගොනකො චිත්තකො පටිකා පටලිකා තූලිකා විකතිකා උද්දලොමී එකන්තලොමී කට්ටිස්සං කොසෙය්යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං අජිනප්පවෙණී කදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතොලොහිතකූපධානං. දුල්ලභානි තානි පබ්බජිතානං ලද්ධා ච පන
(ලද්ධානි ච (සී. ස්‍යා. කං.), ලද්ධා ච (පී.)) න කප්පන්ති.
‘‘තීණි ඛො, ඉමානි, බ්‍රාහ්මණ, උච්චාසයනමහාසයනානි, යෙසාහං එතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී. කතමානි තීණි? දිබ්බං
‘‘කතමං
‘‘අච්ඡරියං, භො ගොතම, අබ්භුතං, භො ගොතම! කො චඤ්ඤො එවරූපස්ස දිබ්බස්ස උච්චාසයනමහාසයනස්ස නිකාමලාභී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභී, අඤ්ඤත්ර භොතා ගොතමෙන!
‘‘කතමං පන තං, භො ගොතම, බ්රහ්මං උච්චාසයනමහාසයනං, යස්ස භවං ගොතමො එතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී’’ති? ‘‘ඉධාහං, බ්‍රාහ්මණ, යං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරාමි, සො පුබ්බණ්හසමයං
‘‘අච්ඡරියං
‘‘කතමං පන තං, භො ගොතම, අරියං උච්චාසයනමහාසයනං, යස්ස භවං ගොතමො එතරහි නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී’’ති? ‘‘ඉධාහං, බ්‍රාහ්මණ, යං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරාමි, සො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය තමෙව ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසාමි. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො වනන්තඤ්ඤෙව පවිසාමි. සො යදෙව තත්ථ හොන්ති තිණානි වා පණ්ණානි වා තානි එකජ්ඣං සඞ්ඝරිත්වා නිසීදාමි පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො එවං ජානාමි - ‘රාගො මෙ පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවංකතො ආයතිං අනුප්පාදධම්මො; දොසො මෙ පහීනො උච්ඡින්නමූලො
‘‘අච්ඡරියං, භො ගොතම, අබ්භුතං, භො ගොතම! කො චඤ්ඤො එවරූපස්ස අරියස්ස උච්චාසයනමහාසයනස්ස
‘‘අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතම! සෙය්යථාපි, භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය - ‘චක්ඛුමන්තො රූපානි දක්ඛන්තී’ති; එවමෙවං ඛො භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එතෙ මයං භවන්තං ගොතමං සරණං
|
64
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂු සංඝයා හා කොසොල් ජනපදයෙහි චාරිකාවෙහි වඩිනුයේ වේනාගපුර නම් කොසොල් දනව් වාසීන්ගේ බමුණුගම යම් තැනෙක්හිද, එහි පැමිණියේය. වේනාගපුර වාසීවූ බ්‍රාහ්මණ ගෘහපතීහු මෙසේ ඇසුවාහුය. කෙසේද?
“ශාක්‍ය පුත්‍රවූ, ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ, ශ්‍රමණ ගෞතම තෙමේ වනාහි, වේනාග පුරයට පැමිණියේය. ඒ භවත් ගෞතමයන් පිළිබඳව, ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්යහ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුරිසධම්ම සාරථීය, දෙවිමිනිසුන්ට ශාස්තෘය. චතුස්සත්‍යය අවබෝධ කළ සේක. භගවත්යයි මෙසේ යහපත්වූ කීර්ති ශබ්දය උස්ව පැනනැංගේය. හෙතෙම දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, දෙව් මිනිසුන් සහිතවූ, ප්‍රජාව, තෙමේම විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට ගෙණ ප්‍රකාශ කෙරෙයි. හෙතෙම මුල යහපත්වූ, මැද යහපත්වූ, අග යහපත්වූ, අර්ත්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිත සියල්ලෙන් සම්පූර්ණවූ ධර්මය දේශනා කෙරෙයි. පිරිසිදුවූ ශාසන බ්‍රහ්මචරිය ප්‍රකාශ කෙරෙයි. එබඳුවූ රහතන් වහන්සේලාගේ දැකීම යහපත් වේය.’ යනුයි.
ඉක්බිති වේනාගපුර බ්‍රාහ්මණ ගෘහපතීහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ ඇතැම් අය භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නාහුය. සමහරු භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූහ. සතුටුවිය යුතුවූ, සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නාහුය. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ යම් දිසාවෙක්හිද, ඒ දිශාවට ඇඳිලි බැඳ, නමස්කාර කොට එකත් පසෙක හුන්නාහුය. ඇතැම්හු නාම ගෝත්‍ර කියා එක් පසෙක හුන්නාහුය. ඇතැම්හු නිශ්ශබ්දව එකත් පසෙක හුන්නාහුය.
එකත් පසෙක හුන් වේනාගපුර වාසීවූ වච්ඡගොත්ත බ්‍රාහ්මණ තෙම, “භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයකි. භවත් ගෞතමයන් වහන්ස, පුදුමයකි. භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්ද්රියයෝ විශේෂයෙන් ප්‍රසන්නයහ. ශරීර වර්ණය පිරිසිදුය, පැහැපත්ය, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ වනාහි සරත් කාලයෙහි හටගත්තාවූ, වඩා නොපැසුනු ඩෙබර ඵලයක් පිරිසිදු වේද, පැහැපත් වේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන්ගේ ඉන්ද්රියයෝ විශේෂයෙන් ප්‍රසන්නයහ. ඡවි වර්ණය පිරිසිදුය. පැහැපත්ය. එකෙණෙහි නටුවෙන් ගිලිහුණු තල් ගෙඩියක් යම්සේ පිරිසිදු වේද, පැහැපත් වේද, එසේම භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්ද්රියයෝ විශේෂයෙන් ප්‍රසන්නයහ. ඡවි වර්ණය පිරිසිදුය. පැහැපත්ය. භවත් ගෞතමයන් වහන්ස, දක්ෂවූ කර්මාර පුත්‍රයෙකු විසින් මනාකොට පරිකර්ම කරණ ලද්දාවූ, කෝවෙහි දමා මනාකොට මට්ටම් කරන ලද්දාවූ, රත් පලසක ලබන ලද්දාවූ, ජාම්බොනද රත්රනක් යම්සේ බබලන්නේද, දිලිසෙන්නේද, එලිය වැටෙන්නේද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේගේ ඉන්ද්රියයෝ විශේෂයෙන් ප්‍රසන්නයහ. ඡවි වර්ණය පිරිසිදුය. පැහැපත්ය. භවත් ගෞතමයන් වහන්ස, ඒකාන්තයෙන්ම යම් ඒ උච්චාසයන මහාසයනයෝ වෙද්ද,
“ඒ නම් දික්හඟලාපුටුය. පර්ය්යඞ්කය දිග් ලොම් ඇති මහ කොඳු පලස්ය, එළු ලොම් ඇතිරිය, සුදු එළු ලොම් ඇතිරිය, ඝන පුප් ඇතිරිය, පුලුනින් කළ ඇතිරිය, සිංහ, ව්‍යාඝ්‍රාදී රූපයෙන් විසිතුරුවූ එළු ලොම් ඇතිරිය. දෙදාවලු ඇති එළු ලොම් ඇතිරිය, එක්දාවලු ඇති එළු ලොම් ඇතිරිය, රත්න මිශ්‍රව කළ කොසෙය්ය ඇතිරිය, කොසෙය්ය නූලින් කළ ඇතිරිය, නාටක ස්ත්‍රීන් සොළොස් දෙනෙකුට නැටීමට සුදුසු එළුලොම් ඇතිරිය, ඇතුන් පිට අතුරණ ඇතිරිය, රථයන්හි අතුරණ ඇතිරිය, ඇඳුම් දිවිසම්ය, කෙසෙල් මුව සමින් කළ උතුම් පසතුරුණුය, උඩුවියන් සහිතවූ, දෙපාර්ශවයෙහි රතු කොට්ට ඇති අසුන්ය යන මේයි.
“භවත් ගෞතම තෙමේ එකාන්තයෙන් මෙබඳුවූ උච්චාසයන, මහාසයන කැමතිසේ ලබන්නේය. පහසුවෙන් ලබන්නේය. නොවෙහෙසී ලබන්නේය.” යි කීය.
“බමුණ, යම් ඒ උච්චාසයන, මහාසයනයෝ වෙද්ද, ඒ නම් දික්හඟලාපුටුය. පර්ය්යඞ්කය දිග් ලොම් ඇති මහ කොඳු පලස්ය, එළු ලොම් ඇතිරිය, සුදු එළු ලොම් ඇතිරිය, ඝන පුප් ඇතිරිය, පුලුනින් කළ ඇතිරිය, සිංහ, ව්‍යාඝ්‍රාදී රූපයෙන් විසිතුරුවූ එළු ලොම් ඇතිරිය. දෙදාවලු ඇති එළු ලොම් ඇතිරිය, එක්දාවලු ඇති එළු ලොම් ඇතිරිය, රත්න මිශ්‍රව කළ කොසෙය්ය ඇතිරිය, කොසෙය්ය නූලින් කළ ඇතිරිය, නාටක ස්ත්‍රීන් සොළොස් දෙනෙකුට නැටීමට සුදුසු එළුලොම් ඇතිරිය, ඇතුන් පිට අතුරණ ඇතිරිය, රථයන්හි අතුරණ ඇතිරිය, ඇඳුම් දිවිසම්ය, කෙසෙල් මුව සමින් කළ උතුම් පසතුරුණුය, උඩුවියන් සහිතවූ, දෙපාර්ශවයෙහි රතු කොට්ට ඇති අසුන්ය යන මේයි. ඒ උච්චාසයන, මහාසයන පැවිද්දන්ට දුර්ලභයහ. ලබන ලද්දාහුද, කැප නොවෙත්. බමුණ, යම් උච්චාසයන, මහාසයනයක් මම දැන් කැමතිසේ ලබන්නෙම්ද, පහසුවෙන් ලබන්නෙම්ද, නිදුකින් ලබන්නෙම්ද, එබඳු උච්චාසයන, මහාසයන තුනක් වෙත්. කවර තුනක්ද, දිව්‍ය උච්චාසයන, මහාසයනය, බ්‍රහ්ම උච්චාසයන, මහාසයනය, ආර්‍ය්‍ය උච්චාසයන, මහාසයනය යන මේයි. බමුණ, මම යම් උච්චාසයන, මහාසයනයක් දැන් කැමතිසේ ලබන්නෙම්ද, පහසුවෙන් ලබන්නෙම්ද, නිදුකින් ලබන්නෙම්ද, මේ තුන වෙත්.”
“භවත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතම තෙමේ යම් උච්චාසයන, මහාසයනයක් කැමතිසේ ලබන්නේද, පහසුවෙන් ලබන්නේද, නිදුකින් ලබන්නේද, ඒ දිව්‍ය උච්චාසයන, මහාසයනය කවරේද?
“බමුණ, මෙහි මම යම්බඳුවූ ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වෙසෙම්ද, ඒ මම පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙණ, එම ගමට හෝ නියම් ගමට හෝ පිඬු පිණිස ප්‍රවිෂ්ට වෙමි. ඒ මම සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ, වනයටම ප්‍රවිෂ්ට වෙමි. ඒ මම එහි තෘණ හෝ කොළ හෝ යමක් ඇත්තේද, ඒවා එකතුකොට පර්‍ය්‍යඞ්ක බැඳ, කය ඎජුකොට තබා සිහිය අරමුණට අභිමුඛ කොට තබා හිඳිමි.
“ඒ මම කාමයන්ගෙන් වෙන්වම, අකුසලයන්ගෙන් වෙන්වම, චිතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරමි. චිතර්ක විචාරයන්ගේ සංසිඳවීමෙන්, අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, සිත හා එකඟ කරන්නාවූ, චිතර්ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති, ද්වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරමි. ප්‍රීතියෙහිද නොඇල්මෙන් ධ්‍යාණ උපේක්ෂාවෙන් යුක්තව, සිහියෙන් යුක්තව, ප්‍රඥාවෙන් යුක්තව, කයින් සුව විඳීද, යම් ධ්‍යානයක් උපෙක්ෂාවෙන් යුක්තව, සිහියෙන් යුක්තව සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්. මම ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරමි. සැපය පහ කිරීමෙන්ද, දුක නැති කිරීමෙන්ද, ධ්‍යානය ලැබීමට පළමුවම සෙමේනස් දොම්නස් දෙදෙනාගේ දුරුකිරීමෙන්, දුක්ද නොවූ, සැපද නොවූ, උපෙක්ෂා, සති දෙකින් පිරිසිදුවූ, චතුර්ථධ්යානයට පැමිණ වාසය කරමි.”
‘බමුණ, එසේවූ මම ඉදින් සක්මන් කෙරෙම්ද, ඒ කාලයෙහි මාගේ මේ සක්මන් කිරීම දිව්‍ය සක්මන් කිරීමකි. බමුණ, එසේවූ මම ඉදින් ඒ මම සිටිම්ද, ඒ කාලයෙහි මාගේ මේ සිටීම දිව්‍ය සිටීමක් වේ. බමුණ, එසේවූ මම ඉදින් හිඳිනෙම්ද, එකල්හි එය මාගේ දිව්‍ය ආසනයක් වෙයි. බමුණ, එසේවූ මම සයනය කෙරෙම්ද, එකල්හි ඒ මාගේ දිව්‍ය උච්චාසයනය මහාසයනය වෙයි. බමුණ, මම දැන් යම් උච්චාසයන මහාසයනයක් කැමති සේ ලබන්නෙම්ද, පහසුවෙන් ලබන්නෙම්ද, නිදුකින් ලබන්නෙම්ද, බ්‍රාහ්මණය, මේ වනාහි ඒ දිව්‍ය උච්චාසයනය මහාසයනය වෙයි.
“භවත් ගෞතමයන් වහන්ස, ආශ්ර්ච්යයයි. භවත් ගෞතමයන් වහන්ස, අද්භූතයි. භවත් ගෞතමයන් වහන්සේ හැර, මේ උච්චාසයන මහාසයනයක් කැමති සේ ලබන්නාවූ, පහසුවෙන් ලබන්නාවූ, නිදුකින් ලබන්නාවූ, අන් කවරෙක් ඇත්තේද, භවත් ගෞතමයන් වහන්ස, දැන් භවත් ගෞතම තෙමේ, යම් බ්‍රහ්ම උච්චාසයන මහාසයනය කැමති පරිදි ලබන්නේ වේද, පහසුවෙන් ලබන්නේ වේද, නිදුකින් ලබන්නේ වේද, ඒ බ්‍රහ්ම උච්චාසයන මහාසයනය කවරේද?
“බ්‍රාහ්මණය, මම යම් ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කෙරෙම්ද, ඒ මම පෙරවරු කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, එම ගමට හෝ නියම් ගමට හෝ පිඬු පිණිස යන්නෙමි. ඒ මම සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ, එම වනයටම ප්‍රවිෂ්ට වෙමි. ඒ මම යම් තෘණ හෝ කොළ වෙද්ද, ඒවා එකතුකොට එහි පර්‍ය්‍යඞ්ක බැඳ, කය ඎජුව තබා, සිහිය ඉදිරිපත්කොට තබා හිඳ ගනිමි.
“ඒ මම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරමි.
“එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වැනි දිශාවද, එසේම හතරවැනි දිශාවද, මෙසේ උඩද, යටද, සරසද, සැම තන්හි හීන මධ්‍යාදී සියල්ල ඇති බැවින් සියලු සත්ත්වයන් ඇත්තාවූ, ලෝකය මහත්වූ, මහත් බවට ගියාවූ, අවෛරීවූ, ව්‍යාපාද රහිතවූ, මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරමි.
“බ්‍රාහ්මණය, මම යම් ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කෙරෙම්ද, ඒ මම පෙරවරු කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, එම ගමට හෝ නියම් ගමට හෝ පිඬු පිණිස යන්නෙමි. ඒ මම සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ, එම වනයටම ප්‍රවිෂ්ට වෙමි. ඒ මම යම් තෘණ හෝ කොළ වෙද්ද, ඒවා එකතුකොට එහි පර්‍ය්‍යඞ්ක බැඳ, කය ඎජුව තබා, සිහිය ඉදිරිපත්කොට තබා හිඳ ගනිමි.
“කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරමි.
“බ්‍රාහ්මණය, මම යම් ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කෙරෙම්ද, ඒ මම පෙරවරු කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, එම ගමට හෝ නියම් ගමට හෝ පිඬු පිණිස යන්නෙමි. ඒ මම සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ, එම වනයටම ප්‍රවිෂ්ට වෙමි. ඒ මම යම් තෘණ හෝ කොළ වෙද්ද, ඒවා එකතුකොට එහි පර්‍ය්‍යඞ්ක බැඳ, කය ඎජුව තබා, සිහිය ඉදිරිපත්කොට තබා හිඳ ගනිමි.
“මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරමි.
“බ්‍රාහ්මණය, මම යම් ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කෙරෙම්ද, ඒ මම පෙරවරු කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, එම ගමට හෝ නියම් ගමට හෝ පිඬු පිණිස යන්නෙමි. ඒ මම සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ, එම වනයටම ප්‍රවිෂ්ට වෙමි. ඒ මම යම් තෘණ හෝ කොළ වෙද්ද, ඒවා එකතුකොට එහි පර්‍ය්‍යඞ්ක බැඳ, කය ඎජුව තබා, සිහිය ඉදිරිපත්කොට තබා හිඳ ගනිමි.
“උපෙක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරමි.
“බ්‍රාහ්මණය, මම යම් ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කෙරෙම්ද, ඒ මම පෙරවරු කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, එම ගමට හෝ නියම් ගමට හෝ පිඬු පිණිස යන්නෙමි. ඒ මම සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ, එම වනයටම ප්‍රවිෂ්ට වෙමි. ඒ මම යම් තෘණ හෝ කොළ වෙද්ද, ඒවා එකතුකොට එහි පර්‍ය්‍යඞ්ක බැඳ, කය ඎජුව තබා, සිහිය ඉදිරිපත්කොට තබා හිඳ ගනිමි.
“එසේවූ මම ඉදින් සක්මන් කරම්ද, එකල්හි ඒ මාගේ සක්මන බ්‍රහ්ම සක්මණක් වෙයි. බ්‍රාහ්මණය, එකල්හි එසේවූ මම ඉදින් සිටිම්ද, හිඳිම්ද, සයනය කෙරෙම්ද, එකල්හි එය මාගේ බ්‍රහ්ම උච්චාසයන මහාසයනය වෙයි. බ්‍රාහ්මණය, මම දැන් යම් උච්චාසයන මහාසයනයක් කැමති පරිදි ලබන්නෙම්ද, පහසුවෙන් ලබන්නෙම්ද, නිදුකින් ලබන්නෙම්ද, ඒ මාගේ උච්චාසයන මහාසයනය වෙයි.
“භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයකි. භවත් ගෞතමයන් වහන්ස, අද්භූතයකි. මෙවැනි බ්‍රහ්ම උච්චාසයන මහාසයනයක් කැමති පරිදි ලබන්නාවූ, පහසුවෙන් ලබන්නාවූ, නිදුකින් ලබන්නාවූ භවත් ගෞතමයන් හැර අන් කවරෙක් ඇත්තේද? භවත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතම තෙමේ යම් ආර්‍ය්‍ය උච්චාසයන මහාසයනයක් කැමති සේ ලබන්නේ නම්, පහසුවෙන් ලබන්නේ නම්, නිදුකින් ලබන්නේ නම්, ඒ ආර්‍ය්‍ය උච්චාසයන මහාසයනය කුමක්ද?
“බ්‍රාහ්මණය, මම යම් ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරුකොට වාසය කෙරෙම්ද, ඒ මම පෙරවරු කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, එම ගමට හෝ නියම් ගමට හෝ පිඬු පිණිස යන්නෙමි. ඒ මම සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ, එම වනයටම ප්‍රවිෂ්ට වෙමි. ඒ මම යම් තෘණ හෝ කොළ වෙද්ද, ඒවා එකතුකොට එහි පර්‍ය්‍යඞ්ක බැඳ, කය ඎජුව තබා, සිහිය ඉදිරිපත්කොට තබා හිඳ ගනිමි. ඒ මම මා විසින් රාගය පහ කරන ලදී. මුල් සිඳින ලදී. කරටිය කැපූ තල් ගසක් මෙන් කරන ලදී. විනාශ කරන ලදී. නැවත නූපදින ස්වභාවයට පමුණුවන ලදැයි මෙසේ දැනගනිමි.
“මා විසින් ද්වේෂය පහ කරන ලදී. මුල් සිඳින ලදී. කරටිය කැපූ තල් ගසක් මෙන් කරන ලදී. විනාශ කරන ලදී. නැවත නූපදින ස්වභාවයට පමුණුවන ලදැයි මෙසේ දැනගනිමි.
“මා විසින් මෝහය පහ කරන ලදී. මුල් සිඳින ලදී. කරටිය කැපූ තල් ගසක් මෙන් කරන ලදී. විනාශ කරන ලදී. නැවත නූපදින ස්වභාවයට පමුණුවන ලදැයි මෙසේ දැනගනිමි.
“බ්‍රාහ්මණය, මෙසේවූ ඒ මම ඉදින් සක්මන් කරම්ද, එකල්හි ඒ මාගේ ආර්‍ය්‍ය සක්මන වෙයි. බ්‍රාහ්මණය, ඒ මම ඉදින් සිටිම්ද, හිඳිම්ද, සයනය කෙරෙම්ද, එකල්හි එය මාගේ ආර්‍ය්‍ය උච්චාසයන මහාසයනය වෙයි. බ්‍රාහ්මණය, දැන් මම යම් උච්චාසයන මහාසයනයක් කැමති පරිදි ලබම්ද, පහසුවෙන් ලබම්ද, නිදුකින් ලබම්ද, බ්‍රාහ්මණය, මේ ඒ ආර්‍ය්‍ය උච්චාසයන මහාසයනය වෙයි.
“භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයකි. භවත් ගෞතමයන් වහන්ස, අද්භූතයෙකි. භවත් ගෞතමයන් වහන්ස, මෙවැනි ආර්‍ය්‍ය උච්චාසයන මහාසයනයක් ලබන්නාවූ භාග්‍යවතුන් වහන්සේ හැර අන් කවරෙක් ඇත්තේද?
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති, භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරණ ලද්දේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි කියා තෙල් පහණක් දරන්නේද, එසේම ධර්මය ප්‍රකාශ කරණ ලදී. ස්වාමීනි, ඒ අපි භවත් ගෞතමයන් වහන්සේද, ධර්මයද, භික්ෂු සංඝයාද සරණ යමු. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් අප දිවිහිම් කොට, උපාසකයන් කොට දැන සේක්වා.”
|
4. සරභසුත්තං | 4. සරහ (පරිබ්බාජක) සූත්‍රය |
65
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන සරභො නාම පරිබ්බාජකො අචිරපක්කන්තො හොති ඉමස්මා ධම්මවිනයා. සො රාජගහෙ පරිසති
(පරිසතිං (සී. පී.)) එවං වාචං භාසති - ‘‘අඤ්ඤාතො මයා සමණානං සක්‍යපුත්තිකානං ධම්මො. අඤ්ඤාය ච පනාහං සමණානං සක්‍යපුත්තිකානං ධම්මං එවාහං තස්මා ධම්මවිනයා අපක්කන්තො’’ති. අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං
අථ ඛො තෙ භික්ඛූ රාජගහෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘සරභො නාම, භන්තෙ, පරිබ්බාජකො අචිරපක්කන්තො ඉමස්මා ධම්මවිනයා. සො රාජගහෙ පරිසති එවං වාචං භාසති - ‘අඤ්ඤාතො මයා සමණානං සක්‍යපුත්තිකානං ධම්මො. අඤ්ඤාය ච පනාහං සමණානං සක්‍යපුත්තිකානං ධම්මං එවාහං තස්මා ධම්මවිනයා අපක්කන්තො’ති. සාධු භන්තෙ, භගවා යෙන සිප්පිනිකාතීරං
(සප්පිනිකාතීරං (සී. පී.), සප්පිනියා තීරං (ස්‍යා. කං.)) පරිබ්බාජකාරාමො
අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන සිප්පිනිකාතීරං පරිබ්බාජකාරාමො යෙන සරභො පරිබ්බාජකො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි
දුතියම්පි ඛො, භගවා සරභං
තතියම්පි ඛො භගවා සරභං පරිබ්බාජකං එතදවොච - (‘‘යො
(මයා (ස්‍යා. කං. පී.)) ඛො සරභ පඤ්ඤායති සමණානං සක්‍යපුත්තිකානං ධම්මො)
(( ) සී. පොත්ථකෙ නත්ථි) ‘‘වදෙහි, සරභ, කින්ති තෙ අඤ්ඤාතො සමණානං සක්‍යපුත්තිකානං ධම්මො? සචෙ තෙ අපරිපූරං
අථ ඛො තෙ පරිබ්බාජකා සරභං පරිබ්බාජකං එතදවොචුං - ‘‘යදෙව ඛො ත්වං, ආවුසො සරභ, සමණං ගොතමං යාචෙය්යාසි තදෙව තෙ සමණො ගොතමො පවාරෙති. වදෙහාවුසො සරභ, කින්ති තෙ අඤ්ඤාතො සමණානං සක්‍යපුත්තිකානං ධම්මො? සචෙ තෙ අපරිපූරං භවිස්සති, සමණො ගොතමො පරිපූරෙස්සති. සචෙ පන තෙ පරිපූරං භවිස්සති, සමණො ගොතමො අනුමොදිස්සතී’’ති. එවං වුත්තෙ සරභො පරිබ්බාජකො තුණ්හීභූතො මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො අප්පටිභානො නිසීදි.
අථ
‘‘යො ඛො මං, පරිබ්බාජකා
(පරිබ්බාජකො (පී. ක.)), එවං වදෙය්ය - ‘සම්මාසම්බුද්ධස්ස තෙ පටිජානතො ඉමෙ ධම්මා අනභිසම්බුද්ධා’ති, තමහං
‘‘යො ඛො මං, පරිබ්බාජකා, එවං වදෙය්ය - ‘ඛීණාසවස්ස තෙ පටිජානතො ඉමෙ ආසවා අපරික්ඛීණා’ති, තමහං තත්ථ සාධුකං සමනුයුඤ්ජෙය්‍යං සමනුගාහෙය්‍යං සමනුභාසෙය්‍යං. සො වත මයා සාධුකං සමනුයුඤ්ජියමානො සමනුගාහියමානො සමනුභාසියමානො අට්ඨානමෙතං අනවකාසො යං සො තිණ්ණං ඨානානං නාඤ්ඤතරං ඨානං නිගච්ඡෙය්ය, අඤ්ඤෙන වා අඤ්ඤං පටිචරිස්සති, බහිද්ධා කථං අපනාමෙස්සති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච
‘‘යො ඛො මං, පරිබ්බාජකා, එවං වදෙය්ය - ‘යස්ස ඛො පන තෙ අත්ථාය ධම්මො දෙසිතො, සො න නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා’ති, තමහං තත්ථ සාධුකං සමනුයුඤ්ජෙය්‍යං සමනුගාහෙය්‍යං සමනුභාසෙය්‍යං. සො වත මයා සාධුකං සමනුයුඤ්ජියමානො සමනුගාහියමානො සමනුභාසියමානො අට්ඨානමෙතං අනවකාසො යං සො තිණ්ණං ඨානානං නාඤ්ඤතරං ඨානං නිගච්ඡෙය්ය, අඤ්ඤෙන වා අඤ්ඤං පටිචරිස්සති, බහිද්ධා කථං
අථ
|
65
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කරන සේක. එකල්හි සරභ නම් පරිබ්‍රාජක තෙම මේ ශාසනයෙන් ඉවත්ව ගොස් නොබෝ කල් ඇත්තේ විය. හෙතෙම රජගහනුවර පිරිස් මැද මේ වචනය කියයි. කුමක්ද, “මා විසින් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය දැනගන්නා ලදී. මම ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය දැනගෙන මෙසේ ඒ ධර්ම විනයෙන් අස්වූයෙමි.” යනුයි.
“ඉක්බිති බොහෝ භික්ෂූහු හැඳ පාත්‍ර සිව්රු ගෙන, රජගහනුවරට පිඬු පිණිස වැඩියහ. ඒ භික්ෂූහු ‘මා විසින් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය දැනගන්නා ලදී. මම ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය දැනගෙන මෙසේ ඒ ධර්ම විනයෙන් අස්වූයෙමි.’ යන රජගහනුවර පිරිස් මැද කියන්නාවූ, ඒ සරහ පරිබ්‍රාජකයාගේ වචනය ඇසූහ. ඉක්බිති ඒ භික්ෂූහු රජගහනුවර පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක උන්හ. එක්පසෙහ හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීහ.
“ස්වාමීනි, මේ ධර්ම විනය සංඛ්‍යාත ශාසනයෙන් නික්ම ගොස් නොබෝ කල් ඇති සරභ පරිබ්‍රාජක තෙමේ රජගහනුවර පිරිස් මැද මේ වචනය කියයි. ‘මා විසින් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය දැනගන්නා ලදී. මම ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය දැනගෙන මෙසේ ඒ ධර්ම විනයෙන් අස්වූයෙමි.” යනුයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සප්පිනිකා නම් ගංඉවුර යම් තැනෙකද, පරිබ්‍රාජකාරාමය යම් තැනකද, සරහ පරිබ්‍රාජකයා යම් තැනකද එහි වඩින සේක් නම් මැනවි” කියායි.
භාග්‍යවතුන් වහන්සේ තූෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස්භාගයෙහි විවේකයෙන් නැගී සිටියේ සප්පිනිකා ගංඉවුර යම් තැනෙක්හිද, පරිබ්‍රාජකාරාමය යම් තැනකද, සරහ පරිබ්‍රාජකයා යම් තැනෙක් හිද එහි වැඩියහ. වැඩමවා පනවන ලද අසුනෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ සරහ පරිබ්‍රාජකයාට මෙසේ වදාළ සේක.
“සරභය, ඔබ මෙසේ කියන්නෙහි යනු ඇත්තක්ද? ‘ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය මා විසින් දැනගන්නා ලදී. මම ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය දැනගෙන මෙසේ දැන ඒ ධර්ම විනයෙන් අස්වූයෙමි.” යනුයි. මෙසේ කී කල්හි සරහ පරිබ්‍රාජක තෙමේ නිශ්ශබ්ද විය. දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ “සරභය, ඔබ මෙසේ කියන්නෙහි යනු ඇත්තක්ද? ‘ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය මා විසින් දැනගන්නා ලදී. මම ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය දැනගෙන මෙසේ දැන ඒ ධර්ම විනයෙන් අස්වූයෙමි.” යනුයි. සරභ පරිබ්‍රාජකයාහට මෙසේ වදාළ සේක. “සරභය, කියව. තොප විසින් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය කුමකැයි දැනගන්නා ලද්දේද? ඉදින් තොපගේ යම් අඩුවක් වන්නේ නම් මම එය සම්පූර්ණ කරන්නෙමි. ඉදින් තොපගේ දැනීම සම්පූර්ණ නම් මම අනුමෝදන් වන්නෙමි” යි වදාළ සේක. දෙවනුවද, සරභ පරිබ්‍රාජක තෙමේ නිශ්ශබ්ද විය.
තුන්වෙනුවත් භාග්‍යවතුන් වහන්සේ සරභ පරිබ්‍රාජකයාහට මෙසේ වදාළ සේක. “සරභය, කියව. තොප විසින් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය කුමකැයි දැනගන්නා ලද්දේද? ඉදින් තොපගේ යම් අඩුවක් වෙයි නම් මම එය සම්පූර්ණ කරමි. ඉදින් තොපගේ දැනීම සම්පූර්ණ නම් මම අනුමෝදන් වන්නෙමි” යි වදාළ සේක. තුන්වෙනුවත්, සරභ පරිබ්‍රාජක තෙමේ නිශ්ශබ්ද විය.
ඉක්බිත්තෙන් වනාහි, ඒ පරිබ්‍රාජකයෝ සරභ නම් පරිබ්‍රාජකයාට මේ වචනය කීවාහුය. “ඇවැත් සරභයෙනි, නුඹ යමක් ශ්‍රමණ ගෞතමයන් ඉල්වන්නෙහි නම්, එයම තට ශ්‍රමණ ගෞතම තෙමේ පවරයි. ඇවැත් සරභයෙනි, කියව. තා විසින් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ධර්මය කුමකැයි කියා දැනගන්නා ලද්දේද? ඉදින් තොපගේ අඩුවක් වෙයි නම් ශ්‍රමණ ගෞතම තෙමේ එය සම්පූර්ණ කරන්නේය. ඉදින් තොපගේ දැනීම සම්පූර්ණ නම් ශ්‍රමණ ගෞතම තෙමේ අනුමෝදන් වන්නේය” යනුයි.
මෙසේ කී කල්හි සරභ පරිබ්‍රාජක තෙම ඔද බිඳී ගොස් කර නමා බිම බලා නිහඬව කල්පනා කරමින් වැටහීමක් නැතිව හුන්නේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සරභ නම් පරිබ්‍රාජකයා ඔද බිඳී ගොස් කර නමා බිම බලා නිහඬව කල්පනා කරමින් වැටහීමක් නැතිව හුන්නාහු දැන, පරිබ්‍රාජකයන්ට (මෙසේ) වදාළහ. “පරිබ්‍රාජකයෙනි, යමෙක් වනාහි මට මෙසේ කියන්නේද, ‘මම සම්‍යක් සම්බුද්ධ වෙමියි ප්‍රතිඥා කරන්නාවූ ඔබ විසින් මේ ධර්මයෝ අවබෝධ නොකරණ ලද්දාහුය’ කියායි. මම ඔහුගෙන් කරුණු මනාකොට විචාරන්නෙමි. හේතු යුක්ති විමසන්නෙමි. කරුණු කියන්නෙමි.
“මා විසින් කරුණු විචාරනු ලබන්නාවූ, හේතු යුක්ති විමසනු ලබන්නාවූ, කරුණු කියනු ලබන්නාවූ හෙතෙම කරුණු තුනකින් එක්තරා කරුණකට පැමිණේය යන මීට හේතු නැත්තේය. කවර තුනක්ද යත්, අන් වචනයකින් අන් වචනයක් වසන්නේය. කථාව අන් අතකට යොමු කරන්නේය. කෝපයද, ද්වේෂයද, නොසතුටු බවද පහළ කරන්නේය. නිශ්ශබ්දව, තෙද බිඳී, කර පාත් කොට, මුහුණ යටට හෙළා කල්පනා කරමින් කරුණු නොවැටහී සරභ පරිබ්‍රාජකයා මෙසේ හිඳින්නේය යන කරුණු තුනය.”
‘පරිබ්‍රාජකයෙනි, යමෙක් වනාහි මට මෙසේ කියන්නේද, ‘මම ක්ෂීණාශ්රව වෙමියි ප්‍රතිඥා කරන්නාවූ ඔබ විසින් මේ ආශ්‍රවයෝ ක්ෂය නොකරන ලද්දාහුය’ කියායි. පරිබ්‍රාජකයෙනි, යමෙක් මට ක්ෂීණාශ්‍රවයෙකැයි ප්‍රතිඥා කරන ඔබ විසින් මේ ආශ්‍රවයෝ ක්ෂය නොකරන ලදහ කියායි.
“මා විසින් කරුණු විචාරනු ලබන්නාවූ, හේතු යුක්ති විමසනු ලබන්නාවූ, කරුණු කියනු ලබන්නාවූ හෙතෙම කරුණු තුනකින් එක්තරා කරුණකට පැමිණේය යන මීට හේතු නැත්තේය. කවර තුනක්ද යත්, අන් වචනයකින් අන් වචනයක් වසන්නේය. කථාව අන් අතකට යොමු කරන්නේය. කෝපයද, ද්වේෂයද, නොසතුටු බවද පහළ කරන්නේය. නිශ්ශබ්දව, තෙද බිඳී, කර පාත් කොට, මුහුණ යටට හෙළා කල්පනා කරමින් කරුණු නොවැටහී සරභ පරිබ්‍රාජකයා මෙසේ හිඳින්නේය යන කරුණු තුනය.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සප්පීනිකා ගංඉවුරෙහිවූ පරිබ්‍රාජකාරාමයෙහි තුන්වරක් අභිත නාදය කොට අහසින් වැඩිසේක. ඉක්බිති ඒ පරිබ්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් සරභ නම් පරිබ්‍රාජකයාහට වචන නමැති කෙවිටෙන් නිරතුරුවම ඇන්නාහුය.
‘ඇවැත්නි සරභයෙනි, යම්සේ වනාහි මහ වනයෙහි ජර සිවලෙක් සිංහනාද කරන්නෙමියි සිවල් හඬම කෙරේද, අප්‍රිය හඬම කෙරේද, ඇවැත් සරභයෙනි, එමෙන්ම නුඹ ශ්‍රමණ ගෞතමයන් හැර සිංහනාද කරන්නෙමියි සිවල් හඬම කෙරෙහිය. අප්‍රිය හඬම කෙරහිය. ඇවැත්ති සරභයෙනි, යම්සේ වනාහි කුකුල් පැටියෙක් මහ කුකුළ් හඬ කරන්නෙමියි කුඩා කුකුළ් හඬම කෙරේද, ඇවැත් සරභයෙනි, යම්සේ වනාහි කුකුළ් පැටියෙක් වැනි ඔබ ශ්‍රමණ ගෞතමයන් හැර මහ කුකුළ් හඬම කරන්නෙමියි කුකුළ් පැටියෙකුගේ හඬම කෙරෙහිය. ඇවැත් සරභයෙනි, යම්සේ වනාහි ගොනෙක් තෙම වෘෂභයන්ගෙන් හිස්වූ ගව ගාලෙක වෙත්හි ගැඹුරුකොට නාදකළ යුතුයයි හඟීද, ඇවැත් සරභය, එමෙන්ම ඔබ ශ්‍රමණ ගෞතමයන් හැර ගැඹුරුකොට නාදකළ යුතුයයි හඟින්නෙහිය” කියායි. ඉක්බිති පරිබ්‍රාජකයෝ සරභ පරිබ්‍රාජකයාහට හාත්පස වචන නමැති කෙවිටෙන් නිරතුරු ඇන්නාහුය.
|
5. කෙසමුත්තිසුත්තං | 5. කාලාම සූත්‍රය |
66
එවං මෙ සුතං - එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන කෙසමුත්තං
(කෙසපුත්තං (සී. ස්‍යා. කං. පී.)) නාම කාලාමානං නිගමො තදවසරි. අස්සොසුං ඛො කෙසමුත්තියා කාලාමා - ‘‘සමණො ඛලු, භො, ගොතමො සක්යපුත්තො සක්යකුලා
අථ ඛො කෙසමුත්තියා කාලාමා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු, අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු, අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු, අප්පෙකච්චෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු, අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ කෙසමුත්තියා කාලාමා භගවන්තං එතදවොචුං -
‘‘සන්ති, භන්තෙ, එකෙ සමණබ්රාහ්මණා කෙසමුත්තං ආගච්ඡන්ති. තෙ සකංයෙව වාදං දීපෙන්ති ජොතෙන්ති, පරප්පවාදං පන ඛුංසෙන්ති වම්භෙන්ති පරිභවන්ති ඔමක්ඛිං
(ඔපපක්ඛිං (සී. ස්‍යා. කං. පී.), ඔමක්ඛිකං (ක.)) කරොන්ති. අපරෙපි, භන්තෙ, එකෙ
‘‘එථ තුම්හෙ, කාලාමා, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන
‘‘තං කිං මඤ්ඤථ, කාලාමා, ලොභො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති හිතාය වා අහිතාය වා’’ති?
‘‘අහිතාය, භන්තෙ’’.
‘‘ලුද්ධො පනායං, කාලාමා, පුරිසපුග්ගලො ලොභෙන අභිභූතො පරියාදින්නචිත්තො පාණම්පි හනති, අදින්නම්පි ආදියති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, පරම්පි තථත්තාය
(තදත්ථාය (ක.)) සමාදපෙති, යං ස
(යං තස්ස (ක.) අනන්තරසුත්තෙ පන ‘‘යං’ ස’’ ඉත්වෙව සබ්බත්ථපි දිස්සති) හොති දීඝරත්තං අහිතාය දුක්ඛායා’’ති.
‘‘එවං, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤථ, කාලාමා, දොසො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති හිතාය වා අහිතාය වා’’ති?
‘‘අහිතාය, භන්තෙ’’.
‘‘දුට්ඨො පනායං, කාලාමා, පුරිසපුග්ගලො දොසෙන අභිභූතො පරියාදින්නචිත්තො පාණම්පි හනති
‘‘එවං, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤථ, කාලාමා, මොහො
‘‘අහිතාය, භන්තෙ’’.
‘‘මූළ්හො
‘‘එවං, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤථ, කාලාමා, ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වා’’ති?
‘‘අකුසලා, භන්තෙ’’.
‘‘සාවජ්ජා වා අනවජ්ජා වා’’ති?
‘‘සාවජ්ජා, භන්තෙ’’.
‘‘විඤ්ඤුගරහිතා වා විඤ්ඤුප්පසත්ථා වා’’ති?
‘‘විඤ්ඤුගරහිතා, භන්තෙ’’.
‘‘සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති, නො වා? කථං වා
(කථං වා වො (?)) එත්ථ හොතී’’ති
‘‘සමත්තා, භන්තෙ, සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තීති. එවං නො එත්ථ හොතී’’ති.
‘‘ඉති ඛො, කාලාමා, යං තං අවොචුම්හා
(අවොචුම්හ (සී. ස්‍යා. කං. පී.) අ. නි. 4.193) - ‘එථ තුම්හෙ, කාලාමා! මා අනුස්සවෙන, මා
‘‘එථ තුම්හෙ, කාලාමා, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා
‘‘තං කිං මඤ්ඤථ, කාලාමා, අලොභො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති හිතාය වා අහිතාය වා’’ති?
‘‘හිතාය, භන්තෙ’’.
‘‘අලුද්ධො පනායං, කාලාමා, පුරිසපුග්ගලො ලොභෙන අනභිභූතො අපරියාදින්නචිත්තො නෙව පාණං හනති, න අදින්නං ආදියති, න පරදාරං ගච්ඡති, න මුසා භණති, න පරම්පි තථත්තාය සමාදපෙති
‘‘එවං, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤථ, කාලාමා, අදොසො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති...පෙ.... අමොහො පුරිසස්ස අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති...පෙ.... හිතාය සුඛායා’’ති.
‘‘එවං භන්තෙ’’
‘‘තං කිං මඤ්ඤථ, කාලාමා, ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වා’’ති?
‘‘කුසලා
‘‘සාවජ්ජා වා අනවජ්ජා වා’’ති?
‘‘අනවජ්ජා, භන්තෙ’’.
‘‘විඤ්ඤුගරහිතා වා විඤ්ඤුප්පසත්ථා වා’’ති?
‘‘විඤ්ඤුප්පසත්ථා, භන්තෙ’’.
‘‘සමත්තා සමාදින්නා
‘‘සමත්තා, භන්තෙ, සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්ති. එවං නො එත්ථ හොතී’’ති.
‘‘ඉති ඛො, කාලාමා, යං තං අවොචුම්හා - ‘එථ තුම්හෙ, කාලාමා! මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම්හෙ, කාලාමා, අත්තනාව ජානෙය්යාථ - ඉමෙ ධම්මා කුසලා, ඉමෙ ධම්මා අනවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤුප්පසත්ථා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්තීති, අථ තුම්හෙ, කාලාමා, උපසම්පජ්ජ
‘‘ස ඛො සො
(යො ඛො (ක.)), කාලාමා, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතබ්යාපාදො අසම්මූළ්හො සම්පජානො පතිස්සතො
(සතො (ක.)) මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. කරුණාසහගතෙන චෙතසා...පෙ.... මුදිතාසහගතෙන චෙතසා...පෙ.... උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං
‘‘ස
‘‘‘සචෙ
‘‘‘සචෙ ඛො පන කරොතො කරීයති පාපං, න ඛො පනාහං කස්සචි පාපං චෙතෙමි. අකරොන්තං ඛො පන මං පාපකම්මං කුතො දුක්ඛං ඵුසිස්සතී’ති, අයමස්ස තතියො අස්සාසො අධිගතො හොති.
‘‘‘සචෙ ඛො පන කරොතො න කරීයති පාපං, අථාහං උභයෙනෙව විසුද්ධං අත්තානං සමනුපස්සාමී’ති, අයමස්ස චතුත්ථො අස්සාසො අධිගතො හොති.
‘‘ස ඛො සො, කාලාමා, අරියසාවකො එවං අවෙරචිත්තො එවං අබ්යාපජ්ඣචිත්තො එවං අසංකිලිට්ඨචිත්තො එවං විසුද්ධචිත්තො. තස්ස දිට්ඨෙව ධම්මෙ ඉමෙ චත්තාරො අස්සාසා අධිගතා හොන්තී’’ති.
‘‘එවමෙතං, භගවා, එවමෙතං, සුගත! ස ඛො සො, භන්තෙ, අරියසාවකො එවං
‘‘‘සචෙ ඛො පන නත්ථි පරො ලොකො, නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, අථාහං
‘‘සචෙ ඛො පන කරොතො කරීයති පාපං, න ඛො පනාහං - කස්සචි පාපං චෙතෙමි, අකරොන්තං ඛො පන මං පාපකම්මං කුතො දුක්ඛං ඵුසිස්සතී’ති, අයමස්ස තතියො අස්සාසො අධිගතො හොති.
‘‘‘සචෙ
‘‘ස ඛො සො, භන්තෙ, අරියසාවකො එවං අවෙරචිත්තො එවං අබ්යාපජ්ඣචිත්තො එවං අසංකිලිට්ඨචිත්තො එවං විසුද්ධචිත්තො. තස්ස දිට්ඨෙව ධම්මෙ ඉමෙ චත්තාරො අස්සාසා අධිගතා හොන්ති.
‘‘අභික්කන්තං, භන්තෙ...පෙ.... එතෙ මයං, භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො, භන්තෙ, භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතෙ සරණං ගතෙ’’ති. පඤ්චමං.
|
66
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයන්හි මහත් භික්ෂු සංඝයා සමග චාරිකාවෙහි වඩිනුයේ කාලාම නම් ක්ෂත්රියයන්ගේ කෙසපුත්ත නම් නියම්ගම යම් තැනෙක්හිද, එහි වැඩි සේක. කේසපුත්ත නියම්ගම වැසි කාලාම නම් ක්ෂත්රියයෝ මේ කාරණය ඇසුවාහුය. කුමක්ද? ශාක්‍ය පුත්‍රවූ, ශාක්‍ය කුලයෙන් පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කේසපුත්ත නම් නියම්ගමට පැමිණියහ.
“ඒ භාග්‍යවත් ගෞතමයන් පිළිබඳව මෙවැනි යහපත් කීර්ති ශබ්දයක් පැන නැංගේය. ඒ භවත් ගෞතමයන් පිළිබඳව, ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්යහ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුරිසධම්ම සාරථීය, දෙවිමිනිසුන්ට ශාස්තෘය. චතුස්සත්‍යය අවබෝධ කළ සේක. භගවත්යයි මෙසේ යහපත්වූ කීර්ති ශබ්දය උස්ව පැනනැංගේය. හෙතෙම දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, දෙව් මිනිසුන් සහිතවූ, ප්‍රජාව, තෙමේම විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට ගෙණ ප්‍රකාශ කෙරෙයි. හෙතෙම මුල යහපත්වූ, මැද යහපත්වූ, අග යහපත්වූ, අර්ත්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිත සියල්ලෙන් සම්පූර්ණවූ ධර්මය දේශනා කෙරෙයි. පිරිසිදුවූ ශාසන බ්‍රහ්මචරිය ප්‍රකාශ කෙරෙයි. එබඳුවූ රහතන් වහන්සේලාගේ දැකීම යහපත් වේය.’ කියායි.
“ඉක්බිති කේසපුත්ත ගම්වැසි කාලාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහ. පැමිණ සමහරෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හිඳගත්හ. සමහරෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූහ. සතුටුවියයුතු, සිහිකටයුතු කථාව කොට එක්පසෙක හිඳගත්හ. සමහරෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ එක් පසෙක හිඳගත්හ. සමහරෙක් නාම ගොත්‍ර අස්වා එක්පසෙක හිඳගත්හ. සමහරෙක් නිශ්ශබ්දව එක්පසෙක හිඳගත්හ.
එක් පසෙක හිඳගත්තාවූ ඒ කේසපුත්ත නියම්ගම් වැසි කාලාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි, මේ කේසපුත්ත ගමට එන්නාවූ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු තමන්ගේ වාදයම දක්වත්. ප්‍රකාශ කරත්. අනික් වාදයන්ට ගරහත්, නින්දා කරත්, බැහැර කරත්. ස්වාමීනි, අනික් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කේසපුත්ත ගමට එත්. ඔවුහුද තමන්ගේ වාදයම කෙතෙක්ද දක්වත්, ප්‍රකාශ කරත්, අනික් වාදයන්ට ගරහත්, නින්දා කරත්, බැහැර කරත්, ස්වාමීනි, ඔවුන්ගේ කථා පිළිබඳව මේ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතුරෙන් කවරෙක් නම් සැබවක් කියයිද, කවරෙක් බොරු කියාදැයි අපට ෂාංකා ඇතිවන්නේ සැක ඇතිවන්නේය. කියායි.
“කාලාමයෙනි, තොප විසින් සැක ෂාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. කාලාමයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුයි. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද නොපිළිගනිව්. කාලාමයෙනි, යම් කලෙක්හි තෙපි මේ ධර්මයෝ අකුසල්ය. මේ ධර්මයෝ වරද සහිතය, මේ ධර්මයෝ නුවණැත්තන් විසින් ගර්හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්මයන් දුරු කරන්නාහුයු.
“කාලාමයෙනි, තොපි ඒ කුමකැයි හඟින්නාහුද? පුරුෂයා තුල උපදින්නාවූ ලෝභය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?”
“ස්වාමීනි, අහිත පිණිසය.”
“කාලාමයෙනි, ලෝභයෙන් යුක්තවූ මේ පුරුෂ පුද්ගල තෙම වනාහි ලෝභය විසින් මඩනා ලද්දේ, හාත්පසින් විනාශ කරන ලද සිත් ඇත්තේ, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි. යමෙකුට දීර්ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද, අන්‍යයාද ඒ බැව් පිණිස සමාදන් කෙරේද?”
“ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, තොපි ඒ කුමකැයි හඟින්නාහුද? පුරුෂයා තුල උපදින්නාවූ ද්වේෂය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?”
“ස්වාමීනි, අහිත පිණිසය.”
“කාලාමයෙනි, ද්වේෂයෙන් යුක්තවූ මේ පුරුෂ පුද්ගල තෙම වනාහි ද්වේෂය විසින් මඩනා ලද්දේ, හාත්පසින් විනාශ කරන ලද සිත් ඇත්තේ, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි. යමෙකුට දීර්ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද, අන්‍යයාද ඒ බැව් පිණිස සමාදන් කෙරේද?”
“ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, තොපි ඒ කුමකැයි හඟින්නාහුද? පුරුෂයා තුල උපදින්නාවූ මෝහය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?”
“ස්වාමීනි, අහිත පිණිසය.”
“කාලාමයෙනි, මෝහයෙන් යුක්තවූ මේ පුරුෂ පුද්ගල තෙම වනාහි මෝහය විසින් මඩනා ලද්දේ, හාත්පසින් විනාශ කරන ලද සිත් ඇත්තේ, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි. යමෙකුට දීර්ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද, අන්‍යයාද ඒ බැව් පිණිස සමාදන් කෙරේද?”
“ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ ධර්මයෝ කුසල් හෝ වෙද්ද, අකුසල් හෝ වෙද්ද?
“ස්වාමීනි, අකුසල්ය.”
“වරද වෙද්ද, නිවරද වෙද්ද?”
“ස්වාමීනි, වරද වෙත්.”
“නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු හෝ වෙද්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු හෝ වෙද්ද?”
“ස්වාමීනි, නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු වෙත්.”
“සම්පූර්ණ කරණ ලද්දාහු, සමාදන් වන ලද්දාහු, අහිත පිණිස, දුක පිණිස පවතිද්ද, නොවෙද්ද, මෙහි තොපට කෙසේ අදහස් වේද?”
“ස්වාමීනි, පුරන ලද, සමාදන්වන ලද මේ ධර්මයෝ අහිත පිණිස, දුක් පිණිස පවතිත් යනු මේ අපගේ අදහස වෙයි.”
“කාලාමයෙනි, යම් හෙයකින් මෙසේ යමක් කීයෙමුද? කාලාමයෙනි, තොප විසින් සැක ෂාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. කාලාමයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුයි. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද නොපිළිගනිව්. කාලාමයෙනි, යම් කලෙක්හි තෙපි මේ ධර්මයෝ අකුසල්ය. මේ ධර්මයෝ වරද සහිතය, මේ ධර්මයෝ නුවණැත්තන් විසින් ගර්හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්මයන් දුරු කරන්නාහුය. එකල්හි තෙපි මෙසේ ඒ යමක් කියන ලද්දේ නම් එය මේ සඳහා කියන ලදී.
“කාලාමයෙනි, තොපි ඒ කුමකැයි හඟින්නාහුද? පුරුෂයා තුල උපදින්නාවූ ලෝභය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?”
“ස්වාමීනි, අහිත පිණිසය.”
“කාලාමයෙනි, ලෝභයෙන් යුක්තවූ මේ පුරුෂ පුද්ගල තෙම වනාහි ලෝභය විසින් මඩනා ලද්දේ, හාත්පසින් විනාශ කරන ලද සිත් ඇත්තේ, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි. යමෙකුට දීර්ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද, අන්‍යයාද ඒ බැව් පිණිස සමාදන් කෙරේද?”
“ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, තොපි ඒ කුමකැයි හඟින්නාහුද? පුරුෂයා තුල උපදින්නාවූ ද්වේෂය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?”
“ස්වාමීනි, අහිත පිණිසය.”
“කාලාමයෙනි, ද්වේෂයෙන් යුක්තවූ මේ පුරුෂ පුද්ගල තෙම වනාහි ද්වේෂය විසින් මඩනා ලද්දේ, හාත්පසින් විනාශ කරන ලද සිත් ඇත්තේ, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි. යමෙකුට දීර්ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද, අන්‍යයාද ඒ බැව් පිණිස සමාදන් කෙරේද?”
“ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, තොපි ඒ කුමකැයි හඟින්නාහුද? පුරුෂයා තුල උපදින්නාවූ මෝහය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?”
“ස්වාමීනි, අහිත පිණිසය.”
“කාලාමයෙනි, මෝහයෙන් යුක්තවූ මේ පුරුෂ පුද්ගල තෙම වනාහි මෝහය විසින් මඩනා ලද්දේ, හාත්පසින් විනාශ කරන ලද සිත් ඇත්තේ, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි. යමෙකුට දීර්ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද, අන්‍යයාද ඒ බැව් පිණිස සමාදන් කෙරේද?”
“ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ ධර්මයෝ කුසල් හෝ වෙද්ද, අකුසල් හෝ වෙද්ද?
“ස්වාමීනි, අකුසල්ය.”
“වරද වෙද්ද, නිවරද වෙද්ද?”
“ස්වාමීනි, වරද වෙත්.”
“නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු හෝ වෙද්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු හෝ වෙද්ද?”
“ස්වාමීනි, නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු වෙත්.”
“සම්පූර්ණ කරණ ලද්දාහු, සමාදන් වන ලද්දාහු, අහිත පිණිස, දුක පිණිස පවතිද්ද, නොවෙද්ද, මෙහි තොපට කෙසේ අදහස් වේද?”
“ස්වාමීනි, පුරන ලද, සමාදන්වන ලද මේ ධර්මයෝ අහිත පිණිස, දුක් පිණිස පවතිත් යනු මේ අපගේ අදහස වෙයි.”
එකල්හි තෙපි ඊට පැමිණ වාසය කරන්නාහුය.
“කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පුරුෂයා තුල උපදිනාවූ අලෝභය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදින්නේද?”
“ස්වාමීනි, හිත පිණිස වේ.”
“කාලාමයෙනි, ලෝභයෙන් නොඇලුණාවූ, ලෝභයෙන් නොමවඩනා ලද්දාවූ, විනාශ නොවූ සිත් ඇත්තාවූ පුරුෂ පුද්ගල තෙම සතුන් නොමරයි, සොරකම් නොකරයි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. යමක් ඔහුට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත සැප පිණිස වෙයි නම් එහි අන්‍යයාද සමාදන් කරවයිද?”
“ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පුරුෂයා තුල උපදිනාවූ අද්වේෂය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදින්නේද?”
“ස්වාමීනි, හිත පිණිස වේ.”
“කාලාමයෙනි, ද්වේෂයෙන් නොඇලුණාවූ, ද්වේෂයෙන් නොමවඩනා ලද්දාවූ, විනාශ නොවූ සිත් ඇත්තාවූ පුරුෂ පුද්ගල තෙම සතුන් නොමරයි, සොරකම් නොකරයි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. යමක් ඔහුට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත සැප පිණිස වෙයි නම් එහි අන්‍යයාද සමාදන් කරවයිද?”
“ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පුරුෂයා තුල උපදිනාවූ අමෝහය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදින්නේද?”
“ස්වාමීනි, හිත පිණිස වේ.”
“කාලාමයෙනි, මෝහයෙන් නොඇලුණාවූ, මෝහයෙන් නොමවඩනා ලද්දාවූ, විනාශ නොවූ සිත් ඇත්තාවූ පුරුෂ පුද්ගල තෙම සතුන් නොමරයි, සොරකම් නොකරයි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. යමක් ඔහුට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත සැප පිණිස වෙයි නම් එහි අන්‍යයාද සමාදන් කරවයිද?”
“ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ ධර්මයෝ කුසල් හෝ අකුසල් හෝ වෙත්ද?”
“ස්වාමීනි, කුසල්ය.’
“වරද හෝ නිවරද හෝ වෙත්ද?”
“ස්වාමීනි, නිවරද වෙත්.”
“නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු හෝ නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු හෝ වෙත්ද?”
“ස්වාමීනි, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු වෙත්.”
“පුරන ලද්දාහු, සමාදන් වන ලද්දාහු හිත පිණිස හෝ පවතිත්ද, හිත පිණිස හෝ නොපවතිත්ද? මේ කාරණයෙහි අදහස කෙසේද?
“පුරන ලද්දාහු, සමාදන් වන ලද්දාහු හිත පිණිස, සැප පිණිස පවතිත් යනු මෙහි අපගේ අදහස වෙයි.”
“කාලාමයෙනි, මෙසේ කාලාමයෙනි, “කාලාමයෙනි, තොප විසින් සැක ෂාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. කාලාමයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුයි. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද නොපිළිගනිව්. කාලාමයෙනි, යම් කලෙක්හි තෙපි මේ ධර්මයෝ අකුසල්ය. මේ ධර්මයෝ වරද සහිතය, මේ ධර්මයෝ නුවණැත්තන් විසින් ගර්හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්මයන් දුරු කරන්නාහුය.
“කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පුරුෂයා තුල උපදිනාවූ අලෝභය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදින්නේද?”
“ස්වාමීනි, හිත පිණිස වේ.”
“කාලාමයෙනි, ලෝභයෙන් නොඇලුණාවූ, ලෝභයෙන් නොමවඩනා ලද්දාවූ, විනාශ නොවූ සිත් ඇත්තාවූ පුරුෂ පුද්ගල තෙම සතුන් නොමරයි, සොරකම් නොකරයි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. යමක් ඔහුට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත සැප පිණිස වෙයි නම් එහි අන්‍යයාද සමාදන් කරවයිද?”
“ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, මෙසේ පහකළ ලෝභය ඇති පහකළ ද්වේෂය ඇති, මුළා නොවූ, යහපත් නුවණ ඇත්තාවූ, සිහියෙන් යුක්තවූ ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි.
එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වැනි දිශාවද, එසේම හතරවැනි දිශාවද, මෙසේ උඩද, යටද, සරසද, සැම තන්හි හීන මධ්‍යාදී සියල්ල ඇති බැවින් සියලු සත්ත්වයන් ඇත්තාවූ, ලෝකය මහත්වූ, මහත් බවට ගියාවූ, අවෛරීවූ, ව්‍යාපාද රහිතවූ, මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි.
කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි.
එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වැනි දිශාවද, එසේම හතරවැනි දිශාවද, මෙසේ උඩද, යටද, සරසද, සැම තන්හි හීන මධ්‍යාදී සියල්ල ඇති බැවින් සියලු සත්ත්වයන් ඇත්තාවූ, ලෝකය මහත්වූ, මහත් බවට ගියාවූ, අවෛරීවූ, ව්‍යාපාද රහිතවූ, කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි.
එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වැනි දිශාවද, එසේම හතරවැනි දිශාවද, මෙසේ උඩද, යටද, සරසද, සැම තන්හි හීන මධ්‍යාදී සියල්ල ඇති බැවින් සියලු සත්ත්වයන් ඇත්තාවූ, ලෝකය මහත්වූ, මහත් බවට ගියාවූ, අවෛරීවූ, ව්‍යාපාද රහිතවූ, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
උපෙක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි.
එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වැනි දිශාවද, එසේම හතරවැනි දිශාවද, මෙසේ උඩද, යටද, සරසද, සැම තන්හි හීන මධ්‍යාදී සියල්ල ඇති බැවින් සියලු සත්ත්වයන් ඇත්තාවූ, ලෝකය මහත්වූ, මහත් බවට ගියාවූ, අවෛරීවූ, ව්‍යාපාද රහිතවූ, උපෙක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“කාලාමයෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ අවෛර සිත් ඇත්තේ වේද, මෙසේ අව්‍යාපාද සිත් ඇත්තතේ වේද, මෙසේ නොකිලුටු සිත් ඇත්තේ වේද, මෙසේ පිරිසිදු සිත් ඇත්තේ වේද, ඔහු විසින් මේ ආත්මයෙහි අස්වැසීම් සතරක් ලබන ලද්දාහු වෙත්.
“ඉදින් පරලොවක් ඇත්තේ නම්, කරණ ලද හොඳ නොහොඳ කර්මයන්ගේ ඵල විපාක ඇත්තේ නම්, ‘කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙමි’ යන මේ පළමුවැනි අස්වැසීම ඔහු විසින් ලබන ලද්දේ වෙයි.
“ඉදින් පරලොවක් නැත්තේ නම්, කරණ ලද හොඳ නොහොඳ කර්මයන්ගේ ඵල විපාක නැත්තේ නම්, ‘මේ ආත්මයෙහිම වෛර නැතිව, ව්‍යාපාද නැතිව, දුක් නැතිව, සුවසේ ආත්මය පරිහරණය කරන්නෙමි’ යන මේ දෙවන අස්වැසීම ඔහු විසින් ලබන ලද්දේ වෙයි.
“ඉදින් වනාහි, ‘පව් කරන්නාහට විපාක දෙනු ලැබේ නම් මම වනාහි කිසිවෙකුට වරදක් නොසිතමි. පව් නොකරන්නාවූ මට කෙසේ නම් දුකක් පැමිණෙන්නේද? නොපැණෙන්නේද යන මේ තුන්වැනි අස්වැසීම එහු විසින් ලබන ලද්දේ වෙයි.
“ඉදින් පව් කරන්නාහට විපාක නොදෙනු ලැබේ නම්, ‘දැන් මම වනාහි පවෙන්ද, විපාකයෙන්ද යන දෙකින් පිරිසිදුවූ තමා දක්නෙමි’ යන මේ සතරවැනිවූ අස්වැසීම ලබන ලද්දේ වෙයි.
“කාළාමයෙනි, මෙසේ වෛර සිත් නැත්තාවූ, මෙසේ ව්‍යාපාද සිත් නැත්තාවූ, මෙසේ නොකිලිටි සිත් ඇත්තාවූ, මෙසේ පිරිසිදු සිත් ඇත්තාවූ ඒ ආර්‍ය්‍ය ශ්‍රවකයා විසින් මේ ආත්මයෙහිම මේ අස්වැසිම් සතර ලබන ලද්දාහු වෙත්යයි වදාළ සේක.
“භාග්‍යවතුන් වහන්ස, එය එසේමය. සුගතයන් වහන්ස, එය එසේමය. ස්වාමීනි, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ මෙසේ අවෛර සිත් ඇත්තේ වේද, අව්‍යාපාද සිත් ඇත්තේ වේද, නොකිලුටු සිත් ඇත්තේ වේද, පිරිසිදු සිත් ඇත්තේ වේද, ඔහු විසින් මේ ආත්මයෙහි අස්වැසීම් සතරක් ලබන ලද්දාහු වෙත්.
“ඉදින් පරලොවක් ඇත්තේ නම්, කරණ ලද හොඳ නොහොඳ කර්මයන්ගේ ඵල විපාක ඇත්තේ නම්, ‘කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙමි’ යන මේ පළමුවැනි අස්වැසීම ඔහු විසින් ලබන ලද්දේ වෙයි.
“ඉදින් පරලොවක් නැත්තේ නම්, කරණ ලද හොඳ නොහොඳ කර්මයන්ගේ ඵල විපාක නැත්තේ නම්, ‘මේ ආත්මයෙහිම වෛර නැතිව, ව්‍යාපාද නැතිව, දුක් නැතිව, සුවසේ ආත්මය පරිහරණය කරන්නෙමි’ යන මේ දෙවන අස්වැසීම ඔහු විසින් ලබන ලද්දේ වෙයි.
“ඉදින් වනාහි, ‘පව් කරන්නාහට විපාක දෙනු ලැබේ නම් මම වනාහි කිසිවෙකුට වරදක් නොසිතමි. පව් නොකරන්නාවූ මට කෙසේ නම් දුකක් පැමිණෙන්නේද? නොපැණෙන්නේද යන මේ තුන්වැනි අස්වැසීම එහු විසින් ලබන ලද්දේ වෙයි.
“ඉදින් පව් කරන්නාහට විපාක නොදෙනු ලැබේ නම්, ‘දැන් මම වනාහි පවෙන්ද, විපාකයෙන්ද යන දෙකින් පිරිසිදුවූ තමා දක්නෙමි’ යන මේ සතරවැනිවූ අස්වැසීම ලබන ලද්දේ වෙයි.
“ස්වාමීනි, මෙසේ අවෛර සිත් ඇත්තාවූ, අව්‍යාපාද සිත් ඇත්තාවූ, නොකිලුටු සිත් ඇත්තාවූ, පිරිසිදු සිත් ඇත්තාවූ ඒ ආර්‍ය්‍ය ශ්‍රවකයා විසින් මේ අස්වැසීම් සතර ලබන ලද්දාහු වෙත්.”
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරණ ලද්දේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි කියා තෙල් පහණක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ ඇසූ මම භවත් ගෞතමයන් වහන්සේගේද, ධර්මයෙහිද, සංඝයාගේද සරණ යමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට මා දන්නා සේක්වා.”
|
6. සාළ්හසුත්තං | 6. නන්‍දකත්‍ථෙර සූත්‍රය |
67
එවං මෙ සුතං - එකං සමයං ආයස්මා නන්දකො සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. අථ ඛො සාළ්හො ච මිගාරනත්තා සාණො ච
‘‘එථ තුම්හෙ, සාළ්හා, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම්හෙ, සාළ්හා
‘‘තං කිං මඤ්ඤථ, සාළ්හා, අත්ථි ලොභො’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘අභිජ්ඣාති ඛො අහං, සාළ්හා, එතමත්ථං වදාමි. ලුද්ධො ඛො අයං, සාළ්හා, අභිජ්ඣාලු පාණම්පි හනති, අදින්නම්පි ආදියති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, පරම්පි තථත්තාය සමාදපෙති, යං ස හොති දීඝරත්තං අහිතාය දුක්ඛායා’’ති.
‘‘එවං, භන්තෙ’’.
‘‘තං
‘‘එවං, භන්තෙ’’.
‘‘බ්යාපාදොති ඛො අහං, සාළ්හා, එතමත්ථං වදාමි. දුට්ඨො ඛො අයං, සාළ්හා, බ්යාපන්නචිත්තො පාණම්පි හනති, අදින්නම්පි ආදියති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති, පරම්පි තථත්තාය සමාදපෙති, යං ස හොති දීඝරත්තං අහිතාය දුක්ඛායා’’ති.
‘‘එවං, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤථ, සාළ්හා, අත්ථි මොහො’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘අවිජ්ජාති ඛො අහං, සාළ්හා, එතමත්ථං වදාමි. මූළ්හො ඛො අයං, සාළ්හා
‘‘එවං, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤථ, සාළ්හා, ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වා’’ති?
‘‘අකුසලා, භන්තෙ’’.
‘‘සාවජ්ජා
‘‘සාවජ්ජා, භන්තෙ’’.
‘‘විඤ්ඤුගරහිතා වා විඤ්ඤුප්පසත්ථා වා’’ති?
‘‘විඤ්ඤුගරහිතා, භන්තෙ’’.
‘‘සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති, නො වා? කථං වා එත්ථ හොතී’’ති?
‘‘සමත්තා
‘‘ඉති ඛො, සාළ්හා, යං තං අවොචුම්හා - ‘එථ තුම්හෙ, සාළ්හා, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම්හෙ, සාළ්හා, අත්තනාව ජානෙය්යාථ - ඉමෙ ධම්මා අකුසලා, ඉමෙ ධම්මා සාවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤුගරහිතා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තීති, අථ තුම්හෙ, සාළ්හා, පජහෙය්යාථා’ති, ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
‘‘එථ තුම්හෙ, සාළ්හා, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම්හෙ, සාළ්හා, අත්තනාව ජානෙය්යාථ - ‘ඉමෙ ධම්මා කුසලා, ඉමෙ ධම්මා අනවජ්ජා, ඉමෙ ධම්මා
‘‘තං කිං මඤ්ඤථ, සාළ්හා, අත්ථි අලොභො’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘අනභිජ්ඣාති
‘‘එවං, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤථ, සාළ්හා, අත්ථි අදොසො’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘අබ්යාපාදොති ඛො අහං, සාළ්හා, එතමත්ථං වදාමි. අදුට්ඨො ඛො අයං, සාළ්හා, අබ්යාපන්නචිත්තො නෙව පාණං හනති, න අදින්නං ආදියති, න පරදාරං ගච්ඡති, න මුසා භණති, පරම්පි න තථත්තාය සමාදපෙති, යං ස හොති දීඝරත්තං හිතාය සුඛායා’’ති.
‘‘එවං, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤථ, සාළ්හා, අත්ථි අමොහො’’ති?
‘‘එවං, භන්තෙ’’.
‘‘විජ්ජාති ඛො අහං, සාළ්හා, එතමත්ථං වදාමි. අමූළ්හො ඛො
‘‘එවං, භන්තෙ’’.
‘‘තං කිං මඤ්ඤථ, සාළ්හා, ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වා’’ති?
‘‘කුසලා, භන්තෙ’’.
‘‘සාවජ්ජා වා අනවජ්ජා වා’’ති?
‘‘අනවජ්ජා, භන්තෙ’’.
‘‘විඤ්ඤුගරහිතා වා විඤ්ඤුප්පසත්ථා වා’’ති?
‘‘විඤ්ඤුප්පසත්ථා
‘‘සමත්තා සමාදින්නා හිතාය සුඛාය සංවත්තන්ති, නො වා? කථං වා එත්ථ හොතී’’ති?
‘‘සමත්තා, භන්තෙ, සමාදින්නා
‘‘ඉති ඛො, සාළ්හා, යං තං අවොචුම්හා - ‘එථ තුම්හෙ, සාළ්හා, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා භබ්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම්හෙ, සාළ්හා, අත්තනාව ජානෙය්යාථ - ඉමෙ ධම්මා කුසලා, ඉමෙ ධම්මා අනවජ්ජා, ඉමෙ ධම්මා විඤ්ඤුප්පසත්ථා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා
‘‘ස ඛො සො, සාළ්හා, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතබ්යාපාදො අසම්මූළ්හො සම්පජානො පතිස්සතො මෙත්තාසහගතෙන චෙතසා...පෙ.... කරුණා...පෙ.... මුදිතා...පෙ.... උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සො එවං පජානාති - ‘අත්ථි ඉදං, අත්ථි හීනං, අත්ථි පණීතං, අත්ථි ඉමස්ස සඤ්ඤාගතස්ස උත්තරි
(උත්තරිං (සී. ස්‍යා. කං. පී.)) නිස්සරණ’න්ති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි
‘‘සො එවං පජානාති - ‘අහු පුබ්බෙ ලොභො, තදහු අකුසලං, සො එතරහි නත්ථි, ඉච්චෙතං කුසලං; අහු පුබ්බෙ දොසො...පෙ.... අහු පුබ්බෙ මොහො, තදහු අකුසලං, සො එතරහි නත්ථි, ඉච්චෙතං කුසල’න්ති. සො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතිභූතො සුඛප්පටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරතී’’ති. ඡට්ඨං.
|
67
එක් සමයෙක්හි ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙමේ සැවැත්නුවර මිගාරමාතුපාසාද නම්වූ පූර්වාරාමයෙහි වාසය කරයි. එකල්හි මිගාර සිටුහුගේ මුනුපුරුවූ සාළ්හ තෙමේද, පෙඛුනිය සිටුහුගේ මුනුපුරුවූ රොහණ තෙමේද, ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද එහි පැමිණියාහ. පැමිණ ආයුෂ්මත් නන්දක ස්ථවිරයන්ට වැඳ එක්පසෙක හුන්හ.
එක් පසෙක හුන් මිගාර සිටුහුගේ මුනුබුරුවූ සාළ්හට මෙසේ කීය. කෙසේද? “සාළ්හයෙනි, තොප විසින් සැක ෂාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. කාලාමයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුයි. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද නොපිළිගනිව්. කාලාමයෙනි, යම් කලෙක්හි තෙපි මේ ධර්මයෝ අකුසල්ය. මේ ධර්මයෝ වරද සහිතය, මේ ධර්මයෝ නුවණැත්තන් විසින් ගර්හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්මයන් දුරු කරන්නහුය.
“සාළ්හයෙනි, ඒ කුමකැයි හඟින්නහුද? ලෝභය ඇත්තේද?”
“ස්වාමීනි. එසේය”
“සාළ්හයෙනි, මම අභිධ්‍යා යනුද මේ සඳහාම කියමි. සාළ්හයෙනි, ලෝභයෙන් ඇලුණාවූ, අභිධ්‍යා බහුල කොට ඇත්තාවූ මෙතෙමේ සතුන්ද මරයි.
“සොරකම්ද කරයි. පරදාරාවන් කරාද යයි. බොරුද කියයි. ඔහුට යමක් බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වෙයි නම් අන්‍යයාද යොදවයිද?”
“ස්වාමීනි. එසේය”
“සාළ්හයෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? ද්වේෂය ඇත්තේද?”
“ස්වාමීනි, එසේය.”
“සාළ්හයෙනි, මම ව්‍යාපාද යනුද ඒ සඳහාම කියමි. සාළ්හයෙනි, ව්‍යාපාදයෙන් යුත් සිත් ඇති මෙතෙමේ සතුන් මරයි. සොරකම්ද කරයි. පරදාරාවන් කරාද යයි. බොරුද කියයි. ඔහුට යමක් බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වෙයි නම් අන්‍යයාද යොදවයිද?”
“ස්වාමීනි. එසේය”
“සාළ්හයෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? මෝහය ඇත්තේද?”
“ස්වාමීනි, එසේය.”
“සාළ්හයෙනි, මම අවිද්‍යා යනුද ඒ සඳහාම කියමි. සාළ්හයෙනි, මුළාවූ අවිද්‍යාවෙන් යුක්තවූ මෙතෙමේ සතුන්ද මරයි. සොරකම්ද කරයි. පරදාරාවන් කරාද යයි. බොරුද කියයි. ඔහුට යමක් බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වෙයි නම් අන්‍යයාද යොදවයිද?”
“ස්වාමීනි. එසේය”
“සාළ්හයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ ධර්මයෝ කුසල් හෝ වෙත්ද, අකුසල් හෝ වෙත්ද?
“ස්වාමීනි, අකුසල්ය.”
“වරද හෝ නිවරද හෝ වෙත්ද?”
“වරද වෙත්.”
“නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු හෝ වෙත්ද? නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු හෝ වෙත්ද?
“ස්වාමීනි, නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු වෙත්.” “පුරන ලද්දාහු, සමාදන්වන ලද්දාහු, අහිත පිණිස, දුක් පිණිස පවතිත්ද? නොපවතිත්ද? මෙහි තොපගේ අදහස කෙසේද?
“ස්වාමීනි, පුරන ලද්දාහු, සමාදන්වන ලද්දාහු අහිත පිණිස, දුක් පිණිස පවතිත්. මෙහි අපගේ අදහස මෙසේ වේය” යි කීය.
“සාළ්හයෙනි, තොප විසින් සැක ෂාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. සාළ්හයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුයි. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද නොපිළිගනිව්. සාළ්හයෙනි, යම් කලෙක්හි තෙපි මේ ධර්මයෝ අකුසල්ය. මේ ධර්මයෝ වරද සහිතය, මේ ධර්මයෝ නුවණැත්තන් විසින් ගර්හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, සාළ්හයෙනි, තෙපි ඒ අකුශල ධර්මයන් දුරු කරන්නහුය.
“සාළ්හයෙනි, එකල්හි තෙපි අකුසල පහකරන්නාහුයයි යමක් කීයෙමුද, මෙසේ යමක් කියන ලද්දේද, එය මේ සඳහාම කියන ලදී.
“සාළ්හයෙනි, තොප විසින් සැක ෂාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. සාළ්හයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුයි. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද නොපිළිගනිව්. සාළ්හයෙනි, යම් කලෙක්හි තෙපි මේ ධර්මයෝ අකුසල්ය. මේ ධර්මයෝ වරද සහිතය, මේ ධර්මයෝ නුවණැත්තන් විසින් ගර්හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, සාළ්හයෙනි, තෙපි ඒ අකුශල ධර්මයන් දුරු කරන්නහුය. සාළ්හයෙනි, එකල්හි තෙපි කුසලයන්ට පැමිණ වාසය කරව්.”
“සාළ්හයෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? අලෝභය ඇත්තේද?”
“ස්වාමීනි. එසේය”
“සාළ්හයෙනි, මම අනභිධ්‍යා යනුද මේ සඳහාම කියමි. සාළ්හයෙනි, ලෝභයෙන් නොඇලුණාවූ, අනභිධ්‍යාව බහුල කොට ඇත්තාවූ මෙතෙමේ සතුන් නොමරයි.
“සොරකම්ද නොකරයි. පරදාරාවන් කරාද නොයයි. බොරුද නොකියයි. ඔහුට යමක් බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වෙයි නම් අන්‍යයාද යොදවයිද?”
“ස්වාමීනි. එසේය”
“සාළ්හයෙනි, අද්වේෂය ඇත්තේද?”
“ස්වාමීනි, එසේය.”
“සාළ්හයෙනි, මම අව්‍යාපාද යනුද ඒ සඳහාම කියමි. සාළ්හයෙනි, ද්වේෂයෙන් දූෂ්‍ය නොවූ, අව්‍යාපාද සිත් ඇත්තාවූ මෙතෙමේ සතුන්ද නොමරයි. සොරකම්ද නොකරයි. පරදාරාවන් කරාද නොයයි. බොරුද නොකියයි. ඔහුට යමක් බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වෙයි නම් අන්‍යයාද යොදවයිද?”
“ස්වාමීනි. එසේය”
“සාළ්හයෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? අමෝහය ඇත්තේද?”
“ස්වාමීනි, එසේය.”
“සාළ්හයෙනි, මම අවිද්‍යා යනුද මේ සඳහාම කියමි. සාළ්හයෙනි, නොමුළාවූ විද්‍යාවෙන් යුක්තවූ මෙතෙමේ සතුන්ද නොමරයි. සොරකම්ද නොකරයි. පරදාරාවන් කරාද නොයයි. බොරුද නොකියයි. ඔහුට යමක් බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වෙයි නම් අන්‍යයාද යොදවයිද?”
“ස්වාමීනි. එසේය”
“සාළ්හයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ ධර්මයෝ කුශලයෝ හෝ වෙත්ද? අකුශලයෝ හෝ වෙත්ද?”
“ස්වාමීනි, කුශලයෝය.”
“වරද හෝ නිවරද හෝ වෙත්ද?”
“ස්වාමීනි, නිවරදය.”
“නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු හෝ වෙත්ද? නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු හෝ වෙත්ද?
“ස්වාමීනි, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු වෙත්.”
“පුරන ලද්දාහු, සමාදන්වන ලද්දාහු, හිත පිණිස, සැප පිණිස පවතිත්ද? නොපවතිත්ද? මෙහි තොපගේ අදහස කුමක්ද?
“ස්වාමීනි, පුරන ලද්දාහු, සමාදන්වන ලද්දාහු හිත පිණිස, සැප පිණිස පවතිත් යනු මෙහි අපගේ අදහස වේය” යි කීය.
“සාළ්හයෙනි, මෙසේ තොප විසින් සැක ෂාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. සාළ්හයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුයි. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද නොපිළිගනිව්. සාළ්හයෙනි, යම් කලෙක්හි තෙපි මේ ධර්මයෝ අකුසල්ය. මේ ධර්මයෝ වරද සහිතය, මේ ධර්මයෝ නුවණැත්තන් විසින් ගර්හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, සාළ්හයෙනි, තෙපි ඒ අකුශල ධර්මයන් දුරු කරන්නහුය.
“සොරකම්ද නොකරයි. පරදාරාවන් කරාද නොයයි. බොරුද නොකියයි. ඔහුට යමක් බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වෙයි නම් අන්‍යයාද යොදවයිද?”
“ස්වාමීනි. එසේය”
“සාළ්හයෙනි, එකල්හි තෙපි ඊට පැමිණ වාසය කරව්යයි යම් වචනයක් කීයෙමුද, මෙසේ යම් වචනයක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී
“සාළ්හයෙනි, මෙසේ දුරුකළ අභිධ්‍යා ඇත්තාවූ, දුරුකළ ව්‍යාපාද ඇත්තාවූ, නොමුළාවූ, යහපත් නුවණින් යුක්තවූ, සිහියෙන් යුක්තවූ ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ, මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි.
“එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වැනි දිශාවද, එසේම හතරවැනි දිශාවද, මෙසේ උඩද, යටද, සරසද, සැම තන්හි හීන මධ්‍යාදී සියල්ල ඇති බැවින් සියලු සත්ත්වයන් ඇත්තාවූ, ලෝකය මහත්වූ, මහත් බවට ගියාවූ, අවෛරීවූ, ව්‍යාපාද රහිතවූ, මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි.
“එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වැනි දිශාවද, එසේම හතරවැනි දිශාවද, මෙසේ උඩද, යටද, සරසද, සැම තන්හි හීන මධ්‍යාදී සියල්ල ඇති බැවින් සියලු සත්ත්වයන් ඇත්තාවූ, ලෝකය මහත්වූ, මහත් බවට ගියාවූ, අවෛරීවූ, ව්‍යාපාද රහිතවූ, කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරමි.
“එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වැනි දිශාවද, එසේම හතරවැනි දිශාවද, මෙසේ උඩද, යටද, සරසද, සැම තන්හි හීන මධ්‍යාදී සියල්ල ඇති බැවින් සියලු සත්ත්වයන් ඇත්තාවූ, ලෝකය මහත්වූ, මහත් බවට ගියාවූ, අවෛරීවූ, ව්‍යාපාද රහිතවූ, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“උපෙක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරමි.
“එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වැනි දිශාවද, එසේම හතරවැනි දිශාවද, මෙසේ උඩද, යටද, සරසද, සැම තන්හි හීන මධ්‍යාදී සියල්ල ඇති බැවින් සියලු සත්ත්වයන් ඇත්තාවූ, ලෝකය මහත්වූ, මහත් බවට ගියාවූ, අවෛරීවූ, ව්‍යාපාද රහිතවූ, උපෙක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
හෙතෙමේ මේ දුකඛ සත්‍ය ඇතැයිද. මේ හීනවූ සමුදය සත්‍ය ඇතැයිද, මේ ප්‍රණීතවූ මාර්ග සත්‍ය ඇතැයිද. මේ විදර්ශනා ඥානයෙන් මතුයෙහි නිශ්ශරණයවූ නිරෝධ සත්‍ය ඇත්තේයයි දැනගනියි. මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ ඔහුගේ සිත කාමාශ්‍රවයන් කෙරෙන්ද මිදෙයි. භවාශ්‍රවයන් කෙරෙන්ද මිදෙයි. අවිද්යාශ්රවයන් කෙරන්ද මිදෙයි. මිදුණ කල්හි මිදුණේය යන ඥානය පහළවෙයි. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුත්ත කරණ ලදී. මෙයින් පසු ආත්ම භාවයක් නැතැයි දැනගනියි.
“හෙතෙම මෙසේ දැනගනියි. පෙර ලෝභය විය. එය අකුසලයක් විය. එය දැන් නැත. එය යහපති. පෙර ද්වේෂය විය. එය අකුසලයක් විය. එය දැන් නැත. එය යහපති. පෙර මෝහය විය. එය අකුසලයක් විය. එය දැන් නැත. එය යහපති. කියායි. හෙතෙම මෙසේ මේ ආත්මයෙහිම අවිද්‍යා වැස්ම දුරුවූයේ, නිවීගියේ, සිසිල්වූයේ, සැපය විඳින්නේ බ්‍රහ්මවූ ආත්මයෙන් (ස්කන්ධයෙන්) යුක්තව වාසය කරන්නේය” යි කීය.
|
7. කථාවත්ථුසුත්තං | 7. තිකථාවත්‍ථු සූත්‍රය |
68
‘‘තීණිමානි, භික්ඛවෙ, කථාවත්ථූනි. කතමානි තීණි? අතීතං වා, භික්ඛවෙ, අද්ධානං ආරබ්භ කථං කථෙය්ය - ‘එවං අහොසි අතීතමද්ධාන’න්ති. අනාගතං වා, භික්ඛවෙ, අද්ධානං ආරබ්භ කථං කථෙය්ය - ‘එවං භවිස්සති අනාගතමද්ධාන’න්ති. එතරහි වා, භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං ආරබ්භ කථං කථෙය්ය - ‘එවං හොති එතරහි පච්චුප්පන්නමද්ධාන’’’න්ති
(එවං එතරහි පච්චුප්පන්නන්ති (සී. පී. ක.), එවං හොති එතරහි පච්චුප්පන්නන්ති (ස්‍යා. කං.)).
‘‘කථාසම්පයොගෙන, භික්ඛවෙ, පුග්ගලො වෙදිතබ්බො යදි වා කච්ඡො යදි වා අකච්ඡොති. සචායං, භික්ඛවෙ, පුග්ගලො පඤ්හං පුට්ඨො සමානො එකංසබ්යාකරණීයං
‘‘කථාසම්පයොගෙන, භික්ඛවෙ, පුග්ගලො වෙදිතබ්බො යදි වා කච්ඡො යදි වා අකච්ඡොති. සචායං, භික්ඛවෙ, පුග්ගලො පඤ්හං පුට්ඨො සමානො ඨානාඨානෙ න සණ්ඨාති පරිකප්පෙ න සණ්ඨාති අඤ්ඤාතවාදෙ
(අඤ්ඤවාදෙ (සී. ස්‍යා. කං. පී.), අඤ්ඤාතවාරෙ (ක.)) න සණ්ඨාති
‘‘කථාසම්පයොගෙන, භික්ඛවෙ, පුග්ගලො වෙදිතබ්බො යදි වා කච්ඡො යදි වා අකච්ඡොති. සචායං, භික්ඛවෙ, පුග්ගලො පඤ්හං පුට්ඨො සමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරති, බහිද්ධා කථං අපනාමෙති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති, එවං සන්තායං, භික්ඛවෙ, පුග්ගලො අකච්ඡො හොති. සචෙ පනායං, භික්ඛවෙ, පුග්ගලො පඤ්හං පුට්ඨො සමානො න අඤ්ඤෙනඤ්ඤං පටිචරති න බහිද්ධා කථං අපනාමෙති, න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති, එවං සන්තායං, භික්ඛවෙ, පුග්ගලො කච්ඡො හොති.
‘‘කථාසම්පයොගෙන, භික්ඛවෙ, පුග්ගලො වෙදිතබ්බො යදි වා කච්ඡො යදි වා අකච්ඡොති. සචායං, භික්ඛවෙ, පුග්ගලො පඤ්හං පුට්ඨො සමානො අභිහරති අභිමද්දති අනුපජග්ඝති
(අනුසංජග්ඝති (ක.)) ඛලිතං ගණ්හාති, එවං සන්තායං, භික්ඛවෙ, පුග්ගලො අකච්ඡො හොති. සචෙ පනායං, භික්ඛවෙ, පුග්ගලො පඤ්හං පුට්ඨො සමානො නාභිහරති නාභිමද්දති
‘‘කථාසම්පයොගෙන
‘‘යෙ
අනරියගුණමාසජ්ජ, අඤ්ඤොඤ්ඤවිවරෙසිනො.
‘‘දුබ්භාසිතං
අඤ්ඤොඤ්ඤස්සාභිනන්දන්ති, තදරියො කථනාචරෙ
(තදරියො න කථං වදෙ (ක.)).
‘‘සචෙ චස්ස කථාකාමො, කාලමඤ්ඤාය පණ්ඩිතො;
ධම්මට්ඨපටිසංයුත්තා, යා අරියචරිතා
(අරියඤ්චරිතා (සී.), අරියාදිකා (ක.)) කථා.
‘‘තං කථං කථයෙ ධීරො, අවිරුද්ධො අනුස්සිතො;
අනුන්නතෙන මනසා, අපළාසො අසාහසො.
‘‘අනුසූයායමානො සො, සම්මදඤ්ඤාය භාසති;
සුභාසිතං අනුමොදෙය්ය, දුබ්භට්ඨෙ නාපසාදයෙ
(නාවසාදයෙ (සී. පී.)).
‘‘උපාරම්භං න සික්ඛෙය්ය, ඛලිතඤ්ච න ගාහයෙ
(න භාසයෙ (ක.));
නාභිහරෙ
‘‘අඤ්ඤාතත්ථං පසාදත්ථං, සතං වෙ හොති මන්තනා;
එවං ඛො අරියා මන්තෙන්ති, එසා අරියාන මන්තනා;
එතදඤ්ඤාය මෙධාවී, න සමුස්සෙය්ය මන්තයෙ’’ති. සත්තමං;
|
68
“මහණෙනි, කථාවට වස්තුවන කරුණු මොහු තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද? මහණෙනි, අතීතයෙහි මෙසේ වීයයි අතීත කාලය පිළිබඳවද කථා කරන්නේය. අනාගත කාලයෙහි මෙසේ වන්නේයයි අනාගත කාලය පිළිබඳවද කථා කරන්නේය. මේ වර්තමාන කාලය මෙසේ වේයයි වර්තමාන කාලය අරභයාද කථා කරන්නේය.
“මහණෙනි, එක්ව කථා කරන්නවුන් විසින් ඉදින් කථා කළ යුත්තෙක්ද ඉදින් කථා නොකළ යුත්තෙක්දැයි පුද්ගලයා දැනගත යුතුය. මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් ප්‍රශ්න අසන ලද්දේ. ඒකාන්තයෙන් නිශ්චය කොට විසඳිය යුතු ප්රශ්නය ඒකාන්තයෙන් නිශ්චය කොට නොවිසඳයිද, බෙදා කොටස් කර විසඳිය යුතු ප්රශ්නය බෙදා කොටස් කර නොවිසඳයිද, කුමක් හෙයින් අසන්නෙහිදැයි හේතුව පිළිවිස විසඳිය යුතු ප්රශ්නය හේතුව පිළිවිස නොවිසඳයිද, නොවිසඳා තැබියයුතු ප්රශ්නය නොවිසඳා නොතබයිද, මෙසේ ඇති කල්හි මෙතෙමේ කථා නොකළ යුතු පුද්ගලයා වෙයි.
“මහණෙනි, ඉදින් මේ පුද්ගලයෙක් තෙමේ ප්‍රශ්න අසන ලද්දේ, ඒකාන්තයෙන් චිනිශ්චය කොට විසඳිය යුතු ප්රශ්නය ඒකාන්තයෙන් චිනිශ්චය කොට විසඳයිද, බෙදා කොටස් කර විසඳිය යුතු ප්රශ්නය බෙදා කොටස් කර විසඳයිද, හේතුව පිළිවිස විසඳිය යුතු ප්රශ්නය හේතුව පිළිවිස විසඳයිද, නොවිසඳා තැබියයුතු ප්රශ්නය නොවිසඳා තබයිද, මහණෙනි, මෙසේ ඇති කල්හි මෙතෙමේ කථා කළ යුතු පුද්ගලයා වෙයි.
“මහණෙනි, කථාවට එක්වන්නවුන් විසින් ඉදින් කථා කළ යුත්තෙක්ද, ඉදින් කථා නොකළ යුත්තෙක්දැයි පුද්ගලයා දැනගත යුතුය. මහණෙනි, ඉදින් මේ පුද්ගල තෙමේ ප්‍රශ්න අසන ලද්දේ කාරණ අකාරණයන්හි නොපිහිටයිද, කල්පනා කරණ ලද්දෙහි නොපිහිටයිද, අනික් වාදයෙක්හි නොපිහිටයිද, ප්රතිපත්තියෙහි නොපිහිටයිද, මහණෙනි, මෙසේ ඇති කල්හි මේ පුද්ගල තෙමේ කථා නොකළ යුතු පුද්ගලයා නම්. මහණෙනි, ඉදින් වනාහි මේ පුද්ගල තෙමේ කාරණ අකාරණයන්හි පිහිටයිද, කල්පනා කරණ ලද්දෙහි පිහිටයිද, අන්‍ය වාදයෙහි පිහිටයිද, ප්රතිපත්තියෙහි පිහිටයිද, මහණෙනි, මෙසේ ඇති කල්හි මේ පුද්ගල තෙමේ කථා කළ යුතු පුද්ගලයා නම් වෙයි.
“මහණෙනි, කථාවට එක්වන්නවුන් විසින් ඉදින් කථා කළ යුත්තෙක්ද, ඉදින් කථා නොකළ යුත්තෙක්දැයි පුද්ගලයා දැනගත යුතුය. මහණෙනි, ඉදින් මේ පුද්ගල තෙමේ ප්‍රශ්න අසන ලද අනික් කථාවකින්, අනික් කථාවක් වසයිද, වෙන අතකට කථාව යොමු කරයිද, කෝපය, දෝසය. නොසතුට පහළ කරයිද, මහණෙනි, මෙසේ ඇති කල්හි මෙතෙමේ කථා නොකළ යුතු පුද්ගලයා වෙයි.
“මහණෙනි, මේ පුද්ගල තෙමේ ඉදින් ප්‍රශ්න අසන ලද්දේ අනික් කථාවකින්, අනික් කථාවක් නොවසයිද, කථාව අන් අතකට යොමු නොකරයිද, කෝපයද, දෝසයද. නොසතුටද පහළ නොකරයිද, මහණෙනි, මෙසේ ඇති කල්හි මෙතෙමේ කථා කළ යුතු පුද්ගලයා නම් වෙයි.
“මහණෙනි, කථාවෙහි යෙදෙන්නවුන් විසින් ඉදින් කථා කළ යුත්තෙක්ද, ඉදින් කථා නොකළ යුත්තෙක්දැයි පුද්ගලයා දැනගත යුතුය. මහණෙනි, ඉදින් මේ පුද්ගල තෙමේ ප්‍රශ්න අසන ලද්දේ සූත්‍ර ගෙන හැර දක්ව දක්වා යටපත් කරයිද, කරුණු ගෙන හැර දක්වා මඩීද, මහ සිනා පහළ කෙරේද, සුලු වැරදීමක් දැක එය අල්වා ගනීද, මහණෙනි, මෙසේ ඇති කල්හි මෙතෙමේ කථා නොකළ යුතු පුද්ගලයා නම් වෙයි.
“මහණෙනි, ඉදින් මේ පුද්ගල තෙමේ ප්‍රශ්න අසන ලද්දේ සූත්‍ර ගෙන හැර දක්වමින් යටපත් නොකරයිද, කරුණු ගෙන හැර දක්වා නොමඩීද, මහ සිනහ පහළ නොකරයිද, සුලු වරදක් දැක අල්ලා නොගනියිද, මහණෙනි, මෙසේ ඇති කල්හි මෙතෙමේ කථා කළ යුතු පුද්ගලයා නම් වෙයි.
“මහණෙනි, කථාවෙහි යෙදෙන්නවුන් විසින් ඉදින් හේතු සම්පත් ඇත්තෙක්ද, ඉදින් හේතු සම්පත් නැත්තෙක්දැයි පුද්ගලයා දැනගත යුතුය. මහණෙනි, කන් යොමු නොකරන්නා හේතු සම්පත් නැති පුද්ගලයා නම් වෙයි. කන් යොමු කරන්නා හේතු සම්පත් ඇති පුද්ගලයා නම් වෙයි. ඒ හේතු සම්පත් ඇති පුද්ගල තෙමේ එක් ධර්මයක් (මාර්ග සත්‍යය) අවබෝධ කරයි. එක් ධර්මයක් (දුක්ඛ සත්‍යය) පිරිසිඳ දැනගනියි. එක් ධර්මයක් (සමුදය සත්‍යය) පහ කරයි. එක් ධර්මයක් (අර්හත් ඵලය හෝ නිර්වාණය) ප්රත්යක්ෂ කරයි. එක් ධර්මයක් අවබෝධ කරන්නාවූ, එක් ධර්මයක් පිරිසිඳ දැනගන්නාවූ, එක් ධර්මයක් පහ කරන්නාවූ, එක් ධර්මයක් ප්රත්යක්ෂ කරන්නාවූ හෙතෙමේ අර්හත් ඵල විමුක්තිය ස්පර්ශ කරයි. මහණෙනි, උපාදානයන් කෙරෙන් චිත්තයාගේ යම් ඒ මිදීමක් වෙයිද කථාව ඒ අර්ත්ථය පිණිස වන්නීය. මන්ත්‍රණය ඒ අර්ත්ථය පිණිස වන්නේය. හේතු සම්පත්තිය ඒ අර්ත්ථය පිණිස වන්නීය. කන් යොමු කිරීම ඒ අර්ත්ථය පිණිස වන්නේය.”
“කොපයෙන් චිරුද්ධවූ බැස ගත්තාවූ මානයෙන් ඔසවන ලද්දාවූ ඔවුනොවුන්ගේ සිදුරු සොයන්නාවූ යම් කෙනෙක් අනුන්ගේ ගුණ මකා අනාර්‍ය්‍ය කථා කරද්ද,
“ඔවුනොවුන්ගේ නපුරු වචනයටද, වැරදීමෙන් කියවුණ වචනයටද, ප්‍රමාද දෝෂයටද, පරාජයටද සතුටු වෙත්. ආර්‍ය්‍ය තෙම ඒ කථාව නොකියන්නේය.
“ඉදින් පණ්ඩිත තෙම සුදුසු කාලය දැන කථා කරනු කැමති වන්නේද, ධර්මයෙන් හා අර්ත්ථයෙන් යුක්තවූ ආර්‍ය්‍යයන්ගේ යම් චරිත කථාවක් වන්නීද,
“කොපයෙන් විරුද්ධ නොවූ, මානයෙන් නොඔසවන ලද්දාවූ, යුගග්රහ වශයෙන් නොගන්නාවූ, සාහසික නොවූ පණ්ඩිත තෙම නොවිසිර ගිය සිතින් ඒ කථාව කියන්නේය.
“ඊර්ෂ්‍යා නොකරන්නාවූ හෙතෙම මනාව දැන කියයි. යහපත් වචනය අනුමෝදන් වන්නේය. අයහපත් වචනයෙහි නොගැලෙන්නේය.
“එකට එක කිරීමට නුපුරුදු වන්නේය. පැකුලුණු වචනය වරද කොට නොගන්නේය. කාරණය යටපත් නොකරන්නේය. මර්දනය නොකරන්නේය. සැබෑ බොරු දෙකින් යුක්තවූ වචනය නොකියන්නේය.
“සත්පුරුෂයන්ගේ කථාව ඒකාන්තයෙන් දැනගැනීම පිණිසද, පැහැදීම පිණිසද වෙයි. මෙසේ ආර්‍ය්‍යයෝ කථා කෙරෙත්. මෙ ආර්ය්යන්ගේ කථාවයි. ප්‍රභූ තෙම මෙය දැන, මානයෙන් උඩඟු නොවී කථා කරන්නේය.
|
8. අඤ්ඤතිත්ථියසුත්තං | 8. තීර්ත්ථය පුච්ඡා සූත්‍රය |
69
‘‘සචෙ, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං - ‘තයොමෙ, ආවුසො, ධම්මා. කතමෙ තයො? රාගො, දොසො, මොහො
‘‘සචෙ
‘‘‘කො පනාවුසො, හෙතු කො පච්චයො යෙන අනුප්පන්නො වා රාගො උප්පජ්ජති උප්පන්නො වා රාගො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තතී’ති? ‘සුභනිමිත්තන්තිස්ස වචනීයං. තස්ස සුභනිමිත්තං අයොනිසො මනසි කරොතො අනුප්පන්නො වා රාගො උප්පජ්ජති උප්පන්නො වා රාගො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති. අයං ඛො, ආවුසො, හෙතු අයං පච්චයො යෙන අනුප්පන්නො වා රාගො උප්පජ්ජති උප්පන්නො වා රාගො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තතී’’’ති.
‘‘‘කො පනාවුසො, හෙතු කො
‘‘‘කො පනාවුසො, හෙතු කො පච්චයො යෙන අනුප්පන්නො වා මොහො උප්පජ්ජති උප්පන්නො වා මොහො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තතී’ති? ‘අයොනිසො මනසිකාරො තිස්ස වචනීයං. තස්ස අයොනිසො මනසි කරොතො අනුප්පන්නො වා මොහො උප්පජ්ජති උප්පන්නො වා මොහො භිය්යොභාවාය
‘‘‘කො පනාවුසො, හෙතු කො පච්චයො යෙන අනුප්පන්නො චෙව රාගො නුප්පජ්ජති උප්පන්නො ච රාගො පහීයතී’ති? ‘අසුභනිමිත්තන්තිස්ස වචනීයං. තස්ස අසුභනිමිත්තං යොනිසො මනසි කරොතො අනුප්පන්නො චෙව රාගො නුප්පජ්ජති උප්පන්නො
‘‘‘කො පනාවුසො, හෙතු කො පච්චයො යෙන අනුප්පන්නො චෙව දොසො නුප්පජ්ජති උප්පන්නො ච දොසො පහීයතී’ති? ‘මෙත්තා චෙතොවිමුත්තී තිස්ස වචනීයං. තස්ස මෙත්තං චෙතොවිමුත්තිං යොනිසො මනසි කරොතො අනුප්පන්නො චෙව දොසො නුප්පජ්ජති උප්පන්නො ච දොසො පහීයති. අයං ඛො, ආවුසො, හෙතු අයං පච්චයො යෙන අනුප්පන්නො චෙව දොසො නුප්පජ්ජති උප්පන්නො ච දොසො පහීයතී’’’ති.
‘‘‘කො පනාවුසො, හෙතු කො පච්චයො යෙන අනුප්පන්නො චෙව මොහො නුප්පජ්ජති උප්පන්නො ච මොහො පහීයතී’ති? ‘යොනිසොමනසිකාරො තිස්ස වචනීයං. තස්ස යොනිසො මනසි කරොතො අනුප්පන්නො චෙව මොහො නුප්පජ්ජති උප්පන්නො ච මොහො පහීයති. අයං ඛො, ආවුසො, හෙතු අයං පච්චයො යෙන අනුප්පන්නො වා මොහො නුප්පජ්ජති උප්පන්නො ච මොහො පහීයතී’’’ති. අට්ඨමං.
|
69
“මහණෙනි. ඉදින් අන්‍ය තීර්ත්ථක පරිබ්‍රාජකයෝ, ඇවැත්නි, මේ ධර්මයෝ තිදෙනෙකි. කවර තිදෙනෙත්ද? රාගයද, දෝසයද, මෝහයද යන තුනයි. ඇවැත්නි, මේ ධර්මයෝ තිදෙන වෙත්. ඇවැත්නි, මේ තුන් ධර්මයන්ගේ විශේෂය කුමක්ද. අභිප්‍රාය කුමක්ද, වෙනස කුමක්දැයි, ඉදින් අසන්නාහුද, මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට කුමකැයි ප්‍රකාශ කරන්නාහුද?
“ස්වාමීනි, අපහට ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නායක කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. මේ වදාරණ ලද කාරණයාගේ අර්ත්ථය භාග්‍යවතුන් වහන්සේම ප්‍රකට කරණ සේක් නම් මැනවි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරා ගන්නාහුය” යි කීහ.
“මහණෙනි, එසේ නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
‘මහණෙනි. ඉදින් අන්‍ය තීර්ත්ථක පරිබ්‍රාජකයෝ, ඇවැත්නි, මේ ධර්මයෝ තිදෙනෙකි. කවර තිදෙනෙත්ද? රාගයද, දෝසයද, මෝහයද යන තුනයි. ඇවැත්නි, මේ ධර්මයෝ තිදෙන වෙත්. ඇවැත්නි, මේ තුන් ධර්මයන්ගේ විශේෂය කුමක්ද. අභිප්‍රාය කුමක්ද, වෙනස කුමක්දැයි, ඉදින් අසන්නාහුද, මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට කුමකැයි ප්‍රකාශ කරන්නාහුද?
“මෙසේ අසන ලද්දාවූ තෙපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරව්. කෙසේද? ‘ඇවැත්නි, රාගය වනාහි ස්වල්ප වරද ඇත්තේය. දුරුවීමට කල් ගතවන්නේය. ද්වේෂය මහත් වරද ඇත්තේය. වහා දුරු වන්නේය. මෝහය මහත් වරද ඇත්තේය. දුරුවීමට කල් ගතවන්නේය.
“ඇවැත්නි, යමක් හේතුකොට ගෙන නූපන්නාවූ රාගය උපදීද, උපන්නාවූ රාගය බහුලවීම පිණිස වැඩීම පිණිස පවතියිද ඊට හේතුව කුමක්ද, කාරණය කුමක්ද? සුභ ආරම්මණ යයි කිය යුතු වන්නේය. සුභාරම්මණය නුනුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන්නාවූ රාගය උපදියි. උපන්නාවූ රාගය බහුලවීම පිණිස, වැඩීම පිණිස පවතියි. යම් හේතුවකින් නූපන්නාවූ රාගය උපදියිද, උපන්නාවූ රාගය බහුලවීම පිණිස, වැඩීම පිණිස පවතියි. මේ ඊට හේතුවයි, කාරණයයි.
“ඇවැත්නි, යම් හේතුවකින් නූපන්නාවූ දෝෂය උපදියිද, උපන්නාවූ දෝෂය බහුලවීම පිණිස, වැඩීම පිණිස පවතියිද, ඊට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? ඇවැත්නි, ක්‍රෝධය උපදින අරමුණයයි කිව යුතුය. ඇවැත්නි, ක්‍රෝධය උපදින අරමුණ නුනුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන්නාවූ දෝෂය උපදියි. උපන්නාවූ දෝෂය බහුලවීම පිණිස, වැඩීම පිණිස පවතියි. ඇවැත්නි, යම් හේතුවකින් නූපන්නාවූ ද්වේෂය උපදියිද, උපන්නාවූ ද්වේෂය බහුලවීම පිණිස වැඩීම පිණිස පවතියි. මේ ඊට හේතුවයි. කාරණයයි.
“ඇවැත්නි, යම් හේතුවකින් නූපන්නාවූ මෝහය උපදියිද, උපන්නාවූ මෝහය බහුලවීම පිණිස, වැඩීම පිණිස පවතියිද, ඊට හේතුව කුමක්ද, කාරණය කුමක්ද? ඇවැත්නි, නුනුවණින් මෙනෙහි කිරීමයයි කිව යුතුය. නුනුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන්නාවූ මෝහය උපදියි. උපන්නාවූ මෝහය බහුලවීම පිණිස, වැඩීම පිණිස පවතියි. යම් හේතුවකින් නූපන්නාවූ මෝහය උපදියිද, උපන් මෝහය බහුලවීම පිණිස, වැඩීම පිණිස පවතියි. මේ ඊට හේතුවයි. කාරණයයි.
“ඇවැත්නි, යම් හේතුවකින් නූපන්නාවූ රාගය නූපදියිද, උපන්නාවූ රාගය දුරුවෙයිද, ඊට හේතුව කවරේද. කාරණය කවරේද? අසුභාරම්මණයයි කිය යුතුය. අසුභාරම්මණය නුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන් රාගය නූපදියි. උපන් රාගය දුරුවෙයි. යම් හේතුවකින් නූපන් රාගය නූපදීද, උපන්නාවූ රාගය දුරුවෙයිද, මේ ඊට හේතුවයි. කාරණයයි.
“ඇවැත්නි, යම් හේතුවකින් නූපන් ද්වේෂය නූපදියිද, උපන් ද්වේෂය දුරුවෙයිද, ඊට හේතුව කුමක්ද?. කාරණය කුමක්ද? මෛත්‍රී සමාධියයයි කිය යුතුය. මෛත්‍රී සමාධිය නුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන් ද්වේෂය නූපදියි. උපන් ද්වේෂය දුරුවෙයි. ඇවැත්නි, යම් හේතුවකින් නූපන් ද්වේෂය නූපදීද, උපන්නාවූ ද්වේෂය දුරුවෙයිද, මේ ඊට හේතුවයි. කාරණයයි.
“ඇවැත්නි, යම් හේතුවකින් නූපන් මෝහය නූපදියිද, උපන් මෝහය දුරුවෙයිද, ඊට හේතුව කුමක්ද?. කාරණය කුමක්ද? නුවණින් මෙනෙහි කිරීමයයි කිය යුතුය. නුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට නූපන් මෝහය නූපදියි. උපන් මෝහය දුරුවෙයි. ඇවැත්නි, යමක් හේතුකොට ගෙන නූපන් මෝහය නූපදීද, උපන්නාවූ මෝහය දුරුවෙයිද, මේ ඊට හේතුවයි. කාරණයයි.”
|
9. අකුසලමූලසුත්තං | 9. කුසලාකුසල මූල සූත්‍රය |
70
‘‘තීණිමානි
‘‘යදපි, භික්ඛවෙ, ලොභො තදපි අකුසලමූලං
(අකුසලං (සී. ස්‍යා. කං. පී.)); යදපි ලුද්ධො අභිසඞ්ඛරොති කායෙන වාචාය මනසා තදපි අකුසලං
(අකුසලමූලං (ක.)); යදපි ලුද්ධො ලොභෙන අභිභූතො පරියාදින්නචිත්තො පරස්ස අසතා දුක්ඛං උප්පාදයති
(උපදහති (සී. ස්‍යා. කං. පී.)) වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය
‘‘යදපි, භික්ඛවෙ, දොසො තදපි අකුසලමූලං; යදපි දුට්ඨො අභිසඞ්ඛරොති කායෙන වාචාය මනසා තදපි අකුසලං; යදපි දුට්ඨො දොසෙන අභිභූතො පරියාදින්නචිත්තො පරස්ස අසතා දුක්ඛං උප්පාදයති වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා බලවම්හි
‘‘යදපි, භික්ඛවෙ, මොහො තදපි අකුසලමූලං; යදපි මූළ්හො අභිසඞ්ඛරොති කායෙන වාචාය මනසා තදපි අකුසලං; යදපි මූළ්හො මොහෙන අභිභූතො පරියාදින්නචිත්තො පරස්ස අසතා දුක්ඛං උප්පාදයති වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා බලවම්හි බලත්ථො ඉතිපි තදපි අකුසලං. ඉතිස්සමෙ මොහජා මොහනිදානා මොහසමුදයා මොහපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති. එවරූපො චායං, භික්ඛවෙ, පුග්ගලො වුච්චති අකාලවාදීතිපි, අභූතවාදීතිපි, අනත්ථවාදීතිපි, අධම්මවාදීතිපි, අවිනයවාදීතිපි.
‘‘කස්මා
‘‘එවරූපො, භික්ඛවෙ, පුග්ගලො ලොභජෙහි පාපකෙහි අකුසලෙහි ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දිට්ඨෙ චෙව ධම්මෙ දුක්ඛං විහරති, සවිඝාතං සඋපායාසං සපරිළාහං. කායස්ස ච භෙදා පරං මරණා දුග්ගති පාටිකඞ්ඛා.
‘‘දොසජෙහි...පෙ.... මොහජෙහි පාපකෙහි අකුසලෙහි ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දිට්ඨෙ චෙව ධම්මෙ දුක්ඛං විහරති, සවිඝාතං සඋපායාසං සපරිළාහං. කායස්ස ච භෙදා පරං මරණා දුග්ගති පාටිකඞ්ඛා. සෙය්යථාපි, භික්ඛවෙ, සාලො වා ධවො වා ඵන්දනො වා තීහි මාලුවාලතාහි උද්ධස්තො පරියොනද්ධො අනයං ආපජ්ජති, බ්යසනං ආපජ්ජති, අනයබ්යසනං ආපජ්ජති; එවමෙවං ඛො, භික්ඛවෙ, එවරූපො පුග්ගලො ලොභජෙහි පාපකෙහි අකුසලෙහි ධම්මෙහි
‘‘දොසජෙහි...පෙ.... මොහජෙහි පාපකෙහි අකුසලෙහි ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දිට්ඨෙ චෙව ධම්මෙ දුක්ඛං විහරති සවිඝාතං සඋපායාසං සපරිළාහං. කායස්ස ච භෙදා පරං මරණා දුග්ගති පාටිකඞ්ඛා. ඉමානි ඛො, භික්ඛවෙ, තීණි අකුසලමූලානීති.
‘‘තීණිමානි, භික්ඛවෙ, කුසලමූලානි. කතමානි තීණි? අලොභො කුසලමූලං, අදොසො කුසලමූලං, අමොහො කුසලමූලං.
‘‘යදපි
‘‘යදපි, භික්ඛවෙ, අදොසො තදපි කුසලමූලං; යදපි අදුට්ඨො අභිසඞ්ඛරොති කායෙන වාචාය මනසා තදපි කුසලං; යදපි අදුට්ඨො දොසෙන අනභිභූතො අපරියාදින්නචිත්තො න පරස්ස අසතා දුක්ඛං උප්පාදයති වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා බලවම්හි බලත්ථො ඉතිපි තදපි කුසලං. ඉතිස්සමෙ අදොසජා අදොසනිදානා අදොසසමුදයා අදොසපච්චයා අනෙකෙ කුසලා ධම්මා සම්භවන්ති.
‘‘යදපි, භික්ඛවෙ, අමොහො තදපි කුසලමූලං; යදපි අමූළ්හො අභිසඞ්ඛරොති කායෙන වාචාය මනසා තදපි කුසලං; යදපි අමූළ්හො මොහෙන අනභිභූතො අපරියාදින්නචිත්තො න පරස්ස අසතා දුක්ඛං උප්පාදයති වධෙන වා බන්ධනෙන වා ජානියා වා ගරහාය වා පබ්බාජනාය වා බලවම්හි බලත්ථො ඉතිපි තදපි කුසලං. ඉතිස්සමෙ අමොහජා අමොහනිදානා
‘‘කස්මා චායං, භික්ඛවෙ, එවරූපො පුග්ගලො වුච්චති කාලවාදීතිපි, භූතවාදීතිපි, අත්ථවාදීතිපි, ධම්මවාදීතිපි, විනයවාදීතිපි? තථාහායං, භික්ඛවෙ, පුග්ගලො න පරස්ස අසතා දුක්ඛං උප්පාදයති වධෙන වා බන්ධනෙන වා ජානියා
‘‘එවරූපස්ස, භික්ඛවෙ, පුග්ගලස්ස ලොභජා පාපකා අකුසලා ධම්මා පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා. දිට්ඨෙව ධම්මෙ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායති.
‘‘දොසජා...පෙ.... පරිනිබ්බායති. මොහජා...පෙ.... පරිනිබ්බායති. සෙය්යථාපි භික්ඛවෙ, සාලො වා ධවො වා ඵන්දනො වා තීහි මාලුවාලතාහි උද්ධස්තො පරියොනද්ධො. අථ පුරිසො ආගච්ඡෙය්ය කුද්දාල-පිටකං
(කුද්දාලපිටකං (සී. ස්‍යා. කං. පී.)) ආදාය. සො තං මාලුවාලතං මූලෙ ඡින්දෙය්ය, මූලෙ ඡෙත්වා පලිඛණෙය්ය, පලිඛණිත්වා මූලානි උද්ධරෙය්ය, අන්තමසො උසීරනාළිමත්තානිපි
(උසීරනාළමත්තානිපි (සී. ස්‍යා. කං. පී.)). සො තං මාලුවාලතං ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දෙය්ය, ඛණ්ඩාඛණ්ඩිකං ඡෙත්වා ඵාලෙය්ය, ඵාලෙත්වා සකලිකං සකලිකං කරෙය්ය, සකලිකං සකලිකං කරිත්වා වාතාතපෙ විසොසෙය්ය, වාතාතපෙ විසොසෙත්වා අග්ගිනා ඩහෙය්ය, අග්ගිනා ඩහිත්වා මසිං
‘‘දොසජා
|
70
“මහණෙනි, මේ අකුසල මූලයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක්ද, ලෝභය අකුසල් මුලකි. දෝෂය අකුසල් මුලකි. මෝහය අකුසල් මුලකි.
“මහණෙනි, යම් ලෝභයක් වේද, එයද අකුසලයකි. ලෝභයෙන් ඇලුණාවූ පුද්ගල තෙමේ, කයින්, වචනයෙන්, සිතින් යමක් රැස්කරයිද, එයද අකුසල් වෙයි. ඇලුණාවූ ලෝභයෙන් මඩනා ලද්දාවූ, විනාශ කරණ ලද සිත් ඇත්තාවූ පුද්ගල තෙමේ, ‘මම බලවතෙක්මි. බලය ප්‍රයෝජන කොට ඇත්තෙක් වෙමි’ යි වධ කිරීමෙන් හෝ, බන්ධනයෙන් හෝ, ධනය විනාශ කිරීමෙන් හෝ, ගර්හා කිරීමෙන් හෝ, රටින් නෙරපීමෙන් හෝ, අසත්‍යයෙන් අන්‍යයාට දුක් උපදවාද, එයද අකුසල් වන්නේය. මෙසේ ඔහුට ලෝභයෙන් හට ගන්නාවූ, ලෝභය නිදාන කොට ඇත්තාවූ, ලෝභය නිසා පහළ වන්නාවු, ලෝභය ප්‍රත්‍යය කොට ඇත්තාවූ නොයෙක් ලාමක අකුසල ධර්මයෝ හටගනිත්.
“මහණෙනි, යම් ද්වේෂයක් වේද, එයද අකුසලයකි. ද්වේෂයෙන් ඇලුණාවූ පුද්ගල තෙමේ, කයින්, වචනයෙන්, සිතින් යමක් රැස්කරයිද, එයද අකුසල් වෙයි. ඇලුණාවූ ද්වේයෙන් මඩනා ලද්දාවූ, විනාශ කරණ ලද සිත් ඇත්තාවූ පුද්ගල තෙමේ, ‘මම බලවතෙක්මි. බලය ප්‍රයෝජන කොට ඇත්තෙක් වෙමි’ යි වධ කිරීමෙන් හෝ, බන්ධනයෙන් හෝ, ධනය විනාශ කිරීමෙන් හෝ, ගර්හා කිරීමෙන් හෝ, රටින් නෙරපීමෙන් හෝ, අසත්‍යයෙන් අන්‍යයාට දුක් උපදවාද, එයද අකුසල් වන්නේය. මෙසේ ඔහුට ද්වේෂයෙන් හට ගන්නාවූ, ද්වේෂය නිදාන කොට ඇත්තාවූ, ද්වේෂය නිසා පහළ වන්නාවු, ද්වේෂය ප්‍රත්‍යය කොට ඇත්තාවූ නොයෙක් ලාමක අකුසල ධර්මයෝ හටගනිත්.
“මහණෙනි, යම් මෝහයක් වේද, එයද අකුසලයකි. මෝහයෙන් ඇලුණාවූ පුද්ගල තෙමේ, කයින්, වචනයෙන්, සිතින් යමක් රැස්කරයිද, එයද අකුසල් වෙයි. ඇලුණාවූ මෝහයෙන් මඩනා ලද්දාවූ, විනාශ කරණ ලද සිත් ඇත්තාවූ පුද්ගල තෙමේ, ‘මම බලවතෙක්මි. බලය ප්‍රයෝජන කොට ඇත්තෙක් වෙමි’ යි වධ කිරීමෙන් හෝ, බන්ධනයෙන් හෝ, ධනය විනාශ කිරීමෙන් හෝ, ගර්හා කිරීමෙන් හෝ, රටින් නෙරපීමෙන් හෝ, අසත්‍යයෙන් අන්‍යයාට දුක් උපදවාද, එයද අකුසල් වන්නේය. මෙසේ ඔහුට මෝහයෙන් හට ගන්නාවූ, මෝහය නිදාන කොට ඇත්තාවූ, මෝහය නිසා පහළ වන්නාවු, මෝහය ප්‍රත්‍යය කොට ඇත්තාවූ නොයෙක් ලාමක අකුසල ධර්මයෝ හටගනිත්.
“මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ අකාලවාදීයයිද, අභූතවාදීයයිද, අනර්ථවාදීයයිද, අධර්මවාදීයයිද, අවිනයවාදීයයිද කියනු ලැබේ. මහණෙනි, කුමක් හෙයින් මේ පුද්ගල තෙමේ අකාලවාදීයයිද, අභූතවාදීයයිද, අනර්ථවාදීයයිද, අධර්මවාදීයයිද, අවිනයවාදීයයිද කියනු ලැබේද, මහණෙනි, යම් සේ මේ පුද්ගල තෙමේ ‘මම බලවත් වෙමි. බලයෙන් ප්‍රයෝජන ඇත්තේ වෙමි’ යි වධ කිරීමෙන් හෝ, හිර කිරීමෙන් හෝ, ධනය විනාශ කිරීමෙන් හෝ, නෙරපීමෙන් හෝ, අසත්‍යයෙන් අන්‍යයාට දුක් උපදවයිද, සත්‍යවූ පරිදි කියනු ලැබූ කල්හි හෙතෙමේ අවමන් කරයි. නොපිළිගනියි. අසත්‍යයෙන් කියනු ලබන කල්හි එය මෙසේත් අසත්‍යයි, මෙසේත් අභූතයයි, එය පැටලුම් හැරීම පිණිස උත්සාහ නොකරයි. එහෙයින් මෙබඳු පුද්ගල තෙමේ අකාලවාදීයයිද, අභූතවාදීයයිද, අනර්ථවාදීයයිද, අධර්මවාදීයයිද, අවිනයවාදීයයිද කියනු ලැබේ. මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ ලෝභයෙන් හටගන්නාවූ අකුසල ධර්මයන්ගෙන් මඩනා ලද්දේ, විනාශ කරන ලද සිත් ඇත්තේ, මේ ආත්මයෙහිම දුක් සහිතවූ, ශෝකයෙන් හට ගන්නාවූ, වෙහෙස සහිතවූ, දාහ සහිතවූ දුක් විඳිමින් වාසය කරයි. කය බිඳීමෙන් මරණින් පසු දුර්ගතිය කැමති විය යුත්තීය.
ෙවෂයෙන් උපන් - මෝහයෙන් උපන් ලාමක අකුසල ධර්මයන්ගෙන් මඩනා ලද්දේ, යටකොට ගත් සිත් ඇත්තේ මෙලොවම වෙහෙස සහිතව, දැඩි ආයාස සහිතව, දැවිලි සහිතව දුකසේ වාසය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු දුගතිය කැමති විය යුතුයි.
“මහණෙනි, යම්සේ මාලුවා වැල් තුනක් විසින් උඩට නගින ලද්දාවූ, හාත්පස වෙලා ගන්නා ලද්දාවූ, සල් රුකක් හෝ, දැව රුකක් හෝ, කොළොම් රුකක් හෝ නොවැඩීමට පැමිණෙයිද, විනාශයට පැමිණෙයිද, නොවැඩීමට හා විනාශයට පැමිණෙයිද.
“මහණෙනි, එපරිද්දෙන්ම මෙබඳු පුද්ගල තෙමේ ලෝභයෙන් හටගත් ලාමක අකුශල ධර්මයන්ගෙන් මඩනා ලද්දේ, විනාශ කරණ ලද සිත් ඇත්තේ, මේ ආත්මයෙහි පීඩා සහිතවූ, වෙහෙස සහිතවූ, දාහ සහිතවූ දුක් විඳිමින් වාසය කරයි. කය බිඳීමෙන් මරණින් පසු ද්‍රර්‍ගතිය කැමති විය යුත්තීය.
“මහණෙනි, එපරිද්දෙන්ම මෙබඳු පුද්ගල තෙමේ ද්වේෂයෙන් හටගත් ලාමක අකුශල ධර්මයන්ගෙන් මඩනා ලද්දේ, විනාශ කරණ ලද සිත් ඇත්තේ, මේ ආත්මයෙහි පීඩා සහිතවූ, වෙහෙස සහිතවූ, දාහ සහිතවූ දුක් විඳිමින් වාසය කරයි. කය බිඳීමෙන් මරණින් පසු ද්‍රර්‍ගතිය කැමති විය යුත්තීය.
“මහණෙනි, එපරිද්දෙන්ම මෙබඳු පුද්ගල තෙමේ මෝහයෙන් හටගත් ලාමක අකුශල ධර්මයන්ගෙන් මඩනා ලද්දේ, විනාශ කරණ ලද සිත් ඇත්තේ, මේ ආත්මයෙහි පීඩා සහිතවූ, වෙහෙස සහිතවූ, දාහ සහිතවූ දුක් විඳිමින් වාසය කරයි. කය බිඳීමෙන් මරණින් පසු ද්‍රර්‍ගතිය කැමති විය යුත්තීය. මහණෙනි, මේ තුන අකුශල මූලයෝ නම් වෙත්.
“මහණෙනි, මේ කුශල මූලයෝ තුනක් වෙත්. කවර තුනක්ද? මහණෙනි, අලෝභය කුසල මූලයකි. අදෝසය කුසල මූලයකි. අමෝහය කුසල මූලයකි.
“මහණෙනි, යම් අලෝභය වෙයිද, එයද කුසලයකි. අලෝභී පුද්ගල තෙමේ කයින්, වචනයෙන්, සිතින් යමක් රැස් කරයිද, එයද කුසලයකි. ලෝභී නොවූ, ලෝභයෙන් නොමඩනා ලද, විනාශ නොකරණ ලද සිත් ඇත්තාවූ පුද්ගල තෙමේ, ‘මම බලවත් වෙමි, බලයෙන් ප්‍රයෝජන ඇත්තෙමි’ යි හිංසා කිරීමෙන් හෝ, බන්ධනයෙන් හෝ, ධනය විනාශ කිරීමෙන් හෝ, ගර්හා කිරීමෙන් හෝ, රටින් නෙරපීමෙන් හෝ, අසත්‍යයෙන් අන්‍යයාට දුක් නූපදවයිද, එයද කුසලයකි. මෙසේ ඔහුට අලෝභයෙන් උපන්, අලෝභය නිදානකොට ඇත්තාවූ, අලෝභය නිසා පහළ වන්නාවූ, අලෝභය ප්‍රත්‍යකොට ඇත්තාවූ නොයෙක් කුසල් ධර්මයෝ හටගනිත්.
“මහණෙනි, යම් අද්වේෂය වෙයිද, එයද කුසලයකි. අද්වේෂී පුද්ගල තෙමේ කයින්, වචනයෙන්, සිතින් යමක් රැස් කරයිද, එයද කුසලයකි. ද්වේෂී නොවූ, ද්වේෂයෙන් නොමඩනා ලද, විනාශ නොකරණ ලද සිත් ඇත්තාවූ පුද්ගල තෙමේ, ‘මම බලවත් වෙමි, බලයෙන් ප්‍රයෝජන ඇත්තෙමි’ යි හිංසා කිරීමෙන් හෝ, බන්ධනයෙන් හෝ, ධනය විනාශ කිරීමෙන් හෝ, ගර්හා කිරීමෙන් හෝ, රටින් නෙරපීමෙන් හෝ, අසත්‍යයෙන් අන්‍යයාට දුක් නූපදවයිද, එයද කුසලයකි. මෙසේ ඔහුට අදේවේශයෙන් උපන්, අද්වේෂය නිදානකොට ඇත්තාවූ, අද්වේෂය නිසා පහළ වන්නාවූ, අද්වේෂය ප්‍රත්‍යකොට ඇත්තාවූ නොයෙක් කුසල් ධර්මයෝ හටගනිත්.
“මහණෙනි, යම් අමෝහය වෙයිද, එයද කුසලයකි. අමෝහී පුද්ගල තෙමේ කයින්, වචනයෙන්, සිතින් යමක් රැස් කරයිද, එයද කුසලයකි. මෝහී නොවූ, මෝහයෙන් නොමඩනා ලද, විනාශ නොකරණ ලද සිත් ඇත්තාවූ පුද්ගල තෙමේ, ‘මම බලවත් වෙමි, බලයෙන් ප්‍රයෝජන ඇත්තෙමි’ යි හිංසා කිරීමෙන් හෝ, බන්ධනයෙන් හෝ, ධනය විනාශ කිරීමෙන් හෝ, ගර්හා කිරීමෙන් හෝ, රටින් නෙරපීමෙන් හෝ, අසත්‍යයෙන් අන්‍යයාට දුක් නූපදවයිද, එයද කුසලයකි. මෙසේ ඔහුට අමෝහයෙන් උපන්, අමෝහය නිදානකොට ඇත්තාවූ, අමෝහය නිසා පහළ වන්නාවූ, අමෝහය ප්‍රත්‍යකොට ඇත්තාවූ නොයෙක් කුසල් ධර්මයෝ හටගනිත්.
“මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ කාලවාදීයයිද, භූතවාදීයයිද, අර්ත්‍ථවාදීයයිද, ධර්මවාදීයයිද, විනයවාදීයයිද කියනු ලැබේ. මහණෙනි, කුමක් හෙයින් මෙබඳු පුද්ගල තෙම කාලවාදීයයිද, භූතවාදීයයිද, අර්ත්‍ථවාදීයයිද, ධර්මවාදීයයිද, විනයවාදීයයිද කියනු ලැබේද? මහණෙනි, යම්සේ වනාහි මේ පුද්ගල තෙම, ‘මම බලවත් වෙමි, බලයෙන් ප්‍රයෝජන ඇත්තෙමි’ යි හිංසා කිරීමෙන් හෝ, බන්ධනයෙන් හෝ, ධනය විනාශ කිරීමෙන් හෝ, ගර්හා කිරීමෙන් හෝ, රටින් නෙරපීමෙන් හෝ, අසත්‍යයෙන් අන්‍යයාට දුක් නූපදවයිද, සත්‍යයෙන් කියනු ලබන්නාවූ හෙතෙම පිළිගනියිද, අවමන් නොකරයිද, අසත්‍යයෙන් කියනු ලබන කල්හි මෙය මෙසේද අසත්‍යය, මෙය මෙසේද අභූතයයි, එය පැටලුම් හැරීම පිණිස උත්සාහ කරයිද, එහෙයින් මෙබඳු පුද්ගල තෙමේ කාලවාදීයයිද, භූතවාදීයයිද, අර්ත්‍ථවාදීයයිද, ධර්මවාදීයයිද, විනයවාදීයයිද කියනු ලැබේ.
“මහණෙනි, මෙබඳු පුද්ගලයාගේ ලෝභයෙන් හටගන්නාවූ ලාමක අකුශල ධර්මයෝ ප්‍රහීනවූහ. සිඳින ලද මුල් ඇත්තාහ. කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලදහ. නැවත නූපදින ස්වභාවය ඇත්තාහ. මේ ආත්මයෙහිම පීඩා රහිතවූ, දැඩි වෙහෙස රහිතවූ, දාහ රහිතවූ සැප විඳිමින් වාසය කරයි.
මේ ආත්මයෙහිම ද්වේෂයෙන් උපන් - මෝහයෙන් උපන් ලාමක අකුසල ධර්මයෝ ප්‍රහීන වූවාහු, සිඳින ලද මුල් ඇත්තාහු, මස්තකය කපන ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහු, අභාවයට යවන ලද්දාහු, මතු නූපදින සංඛ්‍යාවට කරණ ලද්දාහු, මෙලොව විඩා නැතිව, දැඩි ආයාස නැතිව, දැවිලි නැතිව සැපසේ වසයි. මේ ආත්මයෙහිම කෙලෙස් පිරිනිවෙයි.
“මහණෙනි, මෙබඳු පුද්ගලයාගේ ද්වේෂයෙන් හටගන්නාවූ ලාමක අකුශල ධර්මයෝ ප්‍රහීනවූහ. සිඳින ලද මුල් ඇත්තාහ. කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලදහ. නැවත නූපදින ස්වභාවය ඇත්තාහ. මේ ආත්මයෙහිම පීඩා රහිතවූ, දැඩි වෙහෙස රහිතවූ, දාහ රහිතවූ සැප විඳිමින් වාසය කරයි.
මේ ආත්මයෙහිම ද්වේෂයෙන් උපන් - මෝහයෙන් උපන් ලාමක අකුසල ධර්මයෝ ප්‍රහීන වූවාහු, සිඳින ලද මුල් ඇත්තාහු, මස්තකය කපන ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහු, අභාවයට යවන ලද්දාහු, මතු නූපදින සංඛ්‍යාවට කරණ ලද්දාහු, මෙලොව විඩා නැතිව, දැඩි ආයාස නැතිව, දැවිලි නැතිව සැපසේ වසයි. මේ ආත්මයෙහිම කෙලෙස් පිරිනිවෙයි.
“මහණෙනි, මෙබඳු පුද්ගලයාගේ මෝහයෙන් හටගන්නාවූ ලාමක අකුශල ධර්මයෝ ප්‍රහීනවූහ. සිඳින ලද මුල් ඇත්තාහ. කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලදහ. නැවත නූපදින ස්වභාවය ඇත්තාහ. මේ ආත්මයෙහිම පීඩා රහිතවූ, දැඩි වෙහෙස රහිතවූ, දාහ රහිතවූ සැප විඳිමින් වාසය කරයි.
මේ ආත්මයෙහිම ද්වේෂයෙන් උපන් - මෝහයෙන් උපන් ලාමක අකුසල ධර්මයෝ ප්‍රහීන වූවාහු, සිඳින ලද මුල් ඇත්තාහු, මස්තකය කපන ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහු, අභාවයට යවන ලද්දාහු, මතු නූපදින සංඛ්‍යාවට කරණ ලද්දාහු, මෙලොව විඩා නැතිව, දැඩි ආයාස නැතිව, දැවිලි නැතිව සැපසේ වසයි. මේ ආත්මයෙහිම කෙලෙස් පිරිනිවෙයි.
“මහණෙනි, යම්සේ මාලුවා වැල් තුනකින් උඩට නගින ලද්දාවූ, හාත්පස වෙළන ලද්දාවූ, සල් ගසක් හෝ, දැව ගසක් හෝ, කොළොන් ගසක් වේද, ඉක්බිති උදැල්ලක් ගෙන පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඒ මාලුවා වැල මුලින් සිඳින්නේය. මුලින් සිඳ හාත්පස හාරන්නේය. හාත්පස හාරා අන්තිම වශයෙන් සැවැන්ද මුල් තරම් මුල්ද උදුරන්නේය. හෙතෙම ඒ මාලුවා වැල කඩ කඩ කොට සිඳින්නේය. කඩ කඩ කොට සිඳ පලන්නේය. පලා තීරු තීරු ඉරන්නේය. තීරු තීරු ඉරා අව්වෙයි වියලන්නේය. අව්වෙහි වියලා ගින්නෙන් දවන්නේය. ගින්නෙන් දවා අළු කරන්නේය. අළු කොට මහා වාතයෙහි හෝ ගසා හරින්නේය. ශීඝ්‍ර ජල පාර ඇති ගඟක හෝ පාකර හරින්නේය. මහණෙනි, මෙසේ ඒ මාලුවා වැල සිඳින ලද මුල් ඇත්තී වන්නීය. සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දීය. නොවැඩෙන බවට පමුණුවන ලද්දීය. නැවත නූපදින ස්වභාවය ඇත්තීය.
“මහණෙනි, එසේම මෙබඳු පුද්ගලයාගේ ලෝභයෙන් හටගන්නාවූ අකුශලයෝ ප්‍රහීණවූහ. සිඳිනලද මුල් ඇත්තාහ. සිඳිනලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. නොවැඩෙන බවට පමුණුවන ලද්දාහ. නැවත නූපදින ස්වභාවය ඇත්තාහ. මේ ආත්මයෙහිම පීඩා රහිතවූ, දැඩි වෙහෙස රහිතවූ, දාහ රහිතවූ සැපය විඳිමින් වාසය කරයි. මේ ආත්මයෙහිම පිරිනිවෙයි.
“මහණෙනි, එසේම මෙබඳු පුද්ගලයාගේ ද්වේෂයෙන් හටගන්නාවූ අකුශලයෝ ප්‍රහීණවූහ. සිඳිනලද මුල් ඇත්තාහ. සිඳිනලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. නොවැඩෙන බවට පමුණුවන ලද්දාහ. නැවත නූපදින ස්වභාවය ඇත්තාහ. මේ ආත්මයෙහිම පීඩා රහිතවූ, දැඩි වෙහෙස රහිතවූ, දාහ රහිතවූ සැපය විඳිමින් වාසය කරයි. මේ ආත්මයෙහිම පිරිනිවෙයි.
“මහණෙනි, එසේම මෙබඳු පුද්ගලයාගේ මෝහයෙන් හටගන්නාවූ අකුශලයෝ ප්‍රහීණවූහ. සිඳිනලද මුල් ඇත්තාහ. සිඳිනලද තල් ගසක් මෙන් කරණ ලද්දාහ. නොවැඩෙන බවට පමුණුවන ලද්දාහ. නැවත නූපදින ස්වභාවය ඇත්තාහ. මේ ආත්මයෙහිම පීඩා රහිතවූ, දැඩි වෙහෙස රහිතවූ, දාහ රහිතවූ සැපය විඳිමින් වාසය කරයි. මේ ආත්මයෙහිම පිරිනිවෙයි.
“මහණෙනි, මේ වනාහි කුසල මූලයෝ තුන වෙත්.”
|
10. උපොසථසුත්තං | 10. විසාඛුපොසථ සූත්‍රය |
71
එවං
‘‘තයො ඛොමෙ, විසාඛෙ, උපොසථා. කතමෙ තයො? ගොපාලකුපොසථො, නිගණ්ඨුපොසථො, අරියුපොසථො. කථඤ්ච, විසාඛෙ, ගොපාලකුපොසථො හොති? සෙය්යථාපි, විසාඛෙ, ගොපාලකො සායන්හසමයෙ සාමිකානං ගාවො නිය්යාතෙත්වා ඉති පටිසඤ්චික්ඛති - ‘අජ්ජ ඛො ගාවො අමුකස්මිඤ්ච අමුකස්මිඤ්ච පදෙසෙ චරිංසු, අමුකස්මිඤ්ච අමුකස්මිඤ්ච පදෙසෙ පානීයානි පිවිංසු; ස්වෙ දානි ගාවො අමුකස්මිඤ්ච අමුකස්මිඤ්ච පදෙසෙ චරිස්සන්ති, අමුකස්මිඤ්ච අමුකස්මිඤ්ච පදෙසෙ පානීයානි පිවිස්සන්තී’ති; එවමෙවං
‘‘කථඤ්ච, විසාඛෙ, නිගණ්ඨුපොසථො හොති? අත්ථි, විසාඛෙ, නිගණ්ඨා නාම සමණජාතිකා. තෙ සාවකං එවං සමාදපෙන්ති - ‘එහි ත්වං, අම්භො පුරිස, යෙ පුරත්ථිමාය දිසාය පාණා පරං යොජනසතං තෙසු දණ්ඩං නික්ඛිපාහි; යෙ පච්ඡිමාය දිසාය පාණා පරං යොජනසතං
‘‘කථඤ්ච, විසාඛෙ, අරියුපොසථො හොති? උපක්කිලිට්ඨස්ස
‘‘කථඤ්ච, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස සීසස්ස උපක්කමෙන පරියොදපනා හොති? කක්කඤ්ච පටිච්ච මත්තිකඤ්ච පටිච්ච උදකඤ්ච පටිච්ච පුරිසස්ස ච තජ්ජං වායාමං පටිච්ච, එවං ඛො, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස සීසස්ස උපක්කමෙන පරියොදපනා හොති. එවමෙවං ඛො
‘‘කථඤ්ච
‘‘උපක්කිලිට්ඨස්ස, විසාඛෙ, චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති. කථඤ්ච, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති? ඉධ, විසාඛෙ, අරියසාවකො ධම්මං අනුස්සරති - ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’ති. තස්ස ධම්මං අනුස්සරතො චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ
‘‘කථඤ්ච, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස කායස්ස උපක්කමෙන පරියොදපනා හොති? සොත්තිඤ්ච පටිච්ච, චුණ්ණඤ්ච පටිච්ච, උදකඤ්ච පටිච්ච, පුරිසස්ස ච තජ්ජං වායාමං පටිච්ච. එවං ඛො, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස කායස්ස උපක්කමෙන පරියොදපනා හොති. එවමෙවං ඛො, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති.
‘‘කථඤ්ච, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති? ඉධ, විසාඛෙ, අරියසාවකො ධම්මං අනුස්සරති - ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’ති. තස්ස ධම්මං අනුස්සරතො චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති. අයං වුච්චති, විසාඛෙ, ‘අරියසාවකො ධම්මුපොසථං උපවසති, ධම්මෙන සද්ධිං සංවසති, ධම්මඤ්චස්ස ආරබ්භ චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති’. එවං ඛො, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති.
‘‘උපක්කිලිට්ඨස්ස
‘‘කථඤ්ච, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස වත්ථස්ස උපක්කමෙන පරියොදපනා හොති? උස්මඤ්ච
‘‘කථඤ්ච, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති? ඉධ, විසාඛෙ, අරියසාවකො සඞ්ඝං අනුස්සරති - ‘සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’ති. තස්ස සඞ්ඝං අනුස්සරතො චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති. අයං වුච්චති, විසාඛෙ, ‘අරියසාවකො සඞ්ඝුපොසථං උපවසති, සඞ්ඝෙන සද්ධිං සංවසති, සඞ්ඝඤ්චස්ස ආරබ්භ චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති’. එවං ඛො, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති.
‘‘උපක්කිලිට්ඨස්ස, විසාඛෙ, චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති. කථඤ්ච, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති? ඉධ, විසාඛෙ, අරියසාවකො අත්තනො සීලානි අනුස්සරති අඛණ්ඩානි
‘‘කථඤ්ච
‘‘කථඤ්ච, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති? ඉධ
‘‘උපක්කිලිට්ඨස්ස, විසාඛෙ, චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති. කථඤ්ච, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති? ඉධ විසාඛෙ, අරියසාවකො දෙවතා අනුස්සරති - ‘සන්ති දෙවා චාතුමහාරාජිකා
(චාතුම්මහාරාජිකා (සී. ස්‍යා. කං. පී.)), සන්ති දෙවා තාවතිංසා, සන්ති දෙවා යාමා, සන්ති දෙවා තුසිතා, සන්ති දෙවා නිම්මානරතිනො, සන්ති දෙවා පරනිම්මිතවසවත්තිනො, සන්ති දෙවා බ්රහ්මකායිකා, සන්ති දෙවා තතුත්තරි
(තතුත්තරිං (සී. පී.)). යථාරූපාය සද්ධාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථුපපන්නා
(තත්ථුප්පන්නා (සී. පී.)), මය්හම්පි තථාරූපා සද්ධා සංවිජ්ජති. යථාරූපෙන සීලෙන සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථුපපන්නා, මය්හම්පි තථාරූපං සීලං
‘‘කථඤ්ච
‘‘කථඤ්ච
‘‘ස ඛො සො, විසාඛෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - ‘යාවජීවං අරහන්තො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතා නිහිතදණ්ඩා නිහිතසත්ථා ලජ්ජී දයාපන්නා සබ්බපාණභූතහිතානුකම්පී විහරන්ති; අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී
‘‘යාවජීවං අරහන්තො අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතා දින්නාදායී දින්නපාටිකඞ්ඛී, අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරන්ති; අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො දින්නාදායී දින්නපාටිකඞ්ඛී, අථෙනෙන සුචිභූතෙන අත්තනා
‘‘යාවජීවං අරහන්තො අබ්රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී ආරාචාරී
(අනාචාරී (පී.)) විරතා මෙථුනා ගාමධම්මා; අහම්පජ්ජ
‘‘යාවජීවං
‘‘යාවජීවං අරහන්තො සුරාමෙරයමජ්ජපමාදට්ඨානං පහාය සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා; අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං සුරාමෙරයමජ්ජපමාදට්ඨානං පහාය සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො. ඉමිනාපි අඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සති.
‘‘යාවජීවං අරහන්තො එකභත්තිකා රත්තූපරතා විරතා විකාලභොජනා; අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං එකභත්තිකො රත්තූපරතො විරතො විකාලභොජනා. ඉමිනාපි අඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සති.
‘‘යාවජීවං අරහන්තො නච්චගීතවාදිතවිසූකදස්සනමාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතා; අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං නච්චගීතවාදිතවිසූකදස්සනමාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො
‘‘යාවජීවං අරහන්තො උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතා නීචසෙය්යං
‘‘එවං ඛො, විසාඛෙ, අරියුපොසථො හොති. එවං උපවුත්ථො ඛො, විසාඛෙ, අරියුපොසථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො’’.
‘‘කීවමහප්ඵලො හොති කීවමහානිසංසො කීවමහාජුතිකො කීවමහාවිප්ඵාරො’’? ‘‘සෙය්යථාපි, විසාඛෙ, යො ඉමෙසං සොළසන්නං මහාජනපදානං පහූතරත්තරතනානං
(පහූතසත්තරතනානං (ක. සී. ස්‍යා. කං. පී.) ටීකායං දස්සිතපාළියෙව. අ. නි. 8.42) ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙය්ය
‘‘යානි, විසාඛෙ, මානුසකානි පඤ්ඤාස වස්සානි, චාතුමහාරාජිකානං දෙවානං එසො එකො රත්තින්දිවො
(රත්තිදිවො (ක.)). තාය රත්තියා තිංසරත්තියො මාසො. තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බානි පඤ්ච වස්සසතානි චාතුමහාරාජිකානං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං, විසාඛෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරං මරණා චාතුමහාරාජිකානං දෙවානං
‘‘යං
‘‘යානි, විසාඛෙ, මානුසකානි ද්වෙ වස්සසතානි, යාමානං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංසරත්තියො මාසො. තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බානි ද්වෙ වස්සසහස්සානි යාමානං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං, විසාඛෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරං මරණා යාමානං දෙවානං සහබ්යතං උපපජ්ජෙය්ය. ඉදං ඛො පනෙතං, විසාඛෙ, සන්ධාය
‘‘යානි, විසාඛෙ, මානුසකානි චත්තාරි වස්සසතානි, තුසිතානං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංසරත්තියො මාසො. තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බානි චත්තාරි වස්සසහස්සානි තුසිතානං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො
‘‘යානි, විසාඛෙ, මානුසකානි අට්ඨ වස්සසතානි, නිම්මානරතීනං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංසරත්තියො මාසො. තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බානි අට්ඨ වස්සසහස්සානි නිම්මානරතීනං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං, විසාඛෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරං මරණා නිම්මානරතීනං දෙවානං සහබ්යතං
‘‘යානි, විසාඛෙ, මානුසකානි සොළස වස්සසතානි, පරනිම්මිතවසවත්තීනං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංසරත්තියො මාසො. තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බානි සොළස වස්සසහස්සානි පරනිම්මිතවසවත්තීනං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං, විසාඛෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං
‘‘පාණං
මුසා න භාසෙ න ච මජ්ජපො සියා;
අබ්‍රහ්මචරියා
රත්තිං න භුඤ්ජෙය්ය විකාලභොජනං.
‘‘මාලං න ධාරෙ න ච ගන්ධමාචරෙ,
මඤ්චෙ ඡමායං ව සයෙථ සන්ථතෙ;
එතඤ්හි අට්ඨඞ්ගිකමාහුපොසථං,
බුද්ධෙන දුක්ඛන්තගුනා පකාසිතං.
‘‘චන්දො ච සූරියො ච උභො සුදස්සනා,
ඔභාසයං අනුපරියන්ති යාවතා;
තමොනුදා තෙ පන අන්තලික්ඛගා,
නභෙ පභාසන්ති දිසාවිරොචනා.
‘‘එතස්මිං යං විජ්ජති අන්තරෙ ධනං,
මුත්තා මණි වෙළුරියඤ්ච භද්දකං;
සිඞ්ගී සුවණ්ණං අථ වාපි කඤ්චනං,
යං ජාතරූපං හටකන්ති වුච්චති.
‘‘අට්ඨඞ්ගුපෙතස්ස
කලම්පි තෙ නානුභවන්ති සොළසිං;
චන්දප්පභා තාරගණා ච සබ්බෙ.
‘‘තස්මා
අට්ඨඞ්ගුපෙතං
පුඤ්ඤානි කත්වාන සුඛුද්රයානි,
අනින්දිතා සග්ගමුපෙන්ති ඨාන’’න්ති. දසමං;
|
71
“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාරමාතු පාසාද නම්වූ පූර්වාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි, මිගාර මාතාවූ විශාඛා උපාසිකා තොමෝ එදවස් පොහෝ දිනයෙහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නීය.
“එක් පසෙක හුන් මිගාර මාතා විශාඛා උපාසිකාවට භාග්‍යවතුන් වහන්සේ, “විශාඛාවෙනි, මේ දවල් කාලයෙහි කොයි සිට එන්නෙහිදැ?” යි වදාළ සේක.
“ස්වාමීනි, මම අද පෙහෙවස් සමාදන්ව වෙසෙමි” යි කීය.
“විශාඛාවෙනි, මේ උපෝසථ තුනක් වෙත්. කවර තුනක්ද? ගෝපාලක උපෝසථය, නිගණ්ඨ උපෝසථය, අරිය උපෝසථය යන මේ තුනය.
“විශාඛාවෙනි, කෙසේ නම් ගෝපාලක උපෝසථ ශීලය වන්නේද? විශාඛාවෙනි, යම්සේ ගොපලු තෙම, සවස් කාලයෙහි ගවයන් ස්වාමියන්ට භාරදී මෙසේ සිතන්නේද? කෙසේද? ‘අද ගවයෝ අසවල් අසවල් තන්හි හැසුරුණාහ. අසවල් අසවල් තන්හි පැන් පූහ. හෙට ගවයෝ අසවල් අසවල් තන්හි හැසිරෙන්නාහ. අසවල් අසවල් තන්හි පැන් බොන්නාහ’ කියායි. විශාඛාවෙනි, එපරිද්දෙන්ම මේ ලෝක යෙහි පෙහෙවස් සමාදන්වූ ඇතැමෙක් මෙසේ සිතයි. කෙසේද, “අද මම මේ මේ කෑ යුතු දෙය කෑවෙමි. මේ මේ පානය කළ යුතු දේ පානය කෙළෙමි. මම හෙට මේ මේ කෑ යුතු දේ කන්නෙමි. මේ මේ පානය කළ යුතු දේ බොන්නෙමි” කියායි. හෙතෙම ඒ ලෝභයෙන් අභිධ්‍යා සහගත සිතින් දවස ඉක්මවයි. විශාඛාවෙනි, මේ ගෝපාලක උපෝසථය වේ.
“විශාඛාවෙනි, මෙසේ වසන ලද ගෝපාලක උපෝසථය මහත් ඵල ඇත්තේ නොවෙයි. මහානිසංස ඇත්තේ නොවෙයි. මහත්වූ පැතිරීම් ඇත්තේ නොවෙයි.
“විශාඛාවෙනි, කෙසේ නම් නිඝණ්ඨ උපෝසථය වේද, විශාඛාවෙනි, නිඝණ්ඨ නම්වූ ශ්‍රමණ වර්ගයක් ඇත. ඔවුහු ශ්‍රාවකයන් මෙසේ සමාදන් කරවත්. කෙසේද? “පින්වත, මෙහි එව. පූර්ව දිශාවෙහි යොදුන් සියයකින් එපිට සත්ත්වයෝ වෙත් නම්, ඔවුන් කෙරෙහි දඬු මුගුරු බහා තබව. පශ්චිම දිශාවෙහි යොදුන් සියයකින් එපිට සත්ත්වයෝ වෙත් නම්, ඔවුන් කෙරෙහි දඬු මුගුරු බහා තබව. උතුරු දිශාවෙහි යොදුන් සියයකින් එපිට සත්ත්වයෝ වෙත් නම්, ඔවුන් කෙරෙහි දඬු මුගුරු බහා තබව. දකුණු දිශාවෙහි යොදුන් සියයකින් එපිට සත්ත්වයෝ වෙත් නම්, ඔවුන් කෙරෙහි දඬු මුගුරු බහා තබව.” කියායි. මෙසේ සමහර සතුන් කෙරෙහි කරුණාව පිණිස, අනුකම්පාව පිණිස සමාදන් කරවත්. සමහර සත්ත්වයන් කෙරෙහි අකරුණාව පිණිස, අනනුකම්පාව පිණිස සමාදන් කරවත්. ඔවුහු පොහෝ දිනයෙහි ශ්‍රාවකයන් මෙසේ සමාදන් කරවත්. කෙසේද? “පින්වත් පුරුෂය, මෙහි එව. සියලු වස්ත්‍ර බහා තබා, මම කිසි තැනක කිසිවෙකුට පළිබෝධ නොවෙමි. මට කිසි තැනෙක්හි, කිහියම් දෙයෙක්හි පළිබෝධයක් නැතැ” යි කියව. (එහෙත්) ඔහුගේ මවු පියෝ මේ අපගේ පුත්‍රයා යයි දනිත්. ඔහුද මේ මගේ මවු පියෝ යයි දනිත්. ඔහුගේ අඹු දරුවෝද මේ අපගේ පෝෂ්‍ය කරන්නා යයි දනිත්. ඔහුද මේ මගේ අඹු දරුවෝ යයි දනිත්. ඔහුගේ දැසි දස් කම්කරුවෝද මේ අපගේ ස්වාමියායයි දනිත්. ඔහුද මේ මගේ දැසි දස් කම්කරුවෝයයි දනිත්. මෙසේ යම් කලෙක සත්‍යයෙහි සමාදන් කරවිය යුත්තාහුද එකල බොරුවෙහි සමාදන් කරවත්. මේ ඔහුගේ මුසාවාදයයි කියමි. හෙතෙම ඒ රාත්‍රිය ගෙවීමෙන් පසු නුදුන්නාවූම ඇඳ පුටු කැඳ බත් ආදී පරිභොග කරයි. මේ ඔහුගේ අදින්නාදානය (සොරකම) යයි කියත්. විශාඛාවෙනි, මේ නිඝණ්ඨ උපෝසථය වෙයි.
“විශාඛාවෙනි, “මෙසේ වසනලද නිගණ්ඨ උපෝසථය මහත් ඵල ඇත්තේ නොවෙයි. මහත් ආනිසංස ඇත්තේ නොවෙයි. මහත් බැබලීම් ඇත්තේ නොවෙයි. පැතුරුණු විපාක ඇත්තේ නොවෙයි.
“විශාඛාවෙනි, කෙසේ අරිය උපෝසථය වේද? විශාඛාවෙනි, කෙලෙසුන්ගෙන් කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි. විශාඛාවෙනි, කිලුටුවූ සිත කෙසේ උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයිද?
“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඒ භාග්‍යවත් තෙමේ මෙසේද අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුරිසදම්ම සාරථිය, දෙවි මිනිසුන්ට ශාස්තෘය, බුද්ධය, භාග්‍යවත්යයි තථාගතයන් සිහි කරයිද, තථාගතයන් සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. සතුට උපදියි. ඔහුගේ සිතේ යම් ක්ලේශයෝ වෙත්ද, ඒ ක්ලේශයෝ පහ වෙත්.
“විශාඛාවෙනි, කිළුටුවූ හිස උපක්‍රමයෙන් පිරිසිදු වෙයි. විශාඛාවෙනි, කිලුටුවූ හිස උපක්‍රමයෙන් කෙසේ පිරිසිදු වේද? නෙල්ලි කල්කය නිසාත්, මැටි නිසාත්, ජලය නිසාත්, ඊට සුදුසුවූ පුරුෂයාගේ උත්සාහය නිසාත්ය. විශාඛාවෙනි, මෙසේ කිලුටුවූ හිස උපක්‍රමයෙන් පිරිසිදු වෙයි. විශාඛාවෙනි, එපරිද්දෙන්ම කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයි.
“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඒ භාග්‍යවත් තෙමේ මෙසේද අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුරිසදම්ම සාරථිය, දෙවි මිනිසුන්ට ශාස්තෘය, බුද්ධය, භාග්‍යවත්යයි තථාගතයන් සිහි කරයිද, තථාගතයන් සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. සතුට උපදියි. ඔහුගේ සිතේ යම් ක්ලේශයෝ වෙත්ද, ඒ ක්ලේශයෝ පහ වෙත්.
“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඒ භාග්‍යවත් තෙමේ මෙසේද අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුරිසදම්ම සාරථිය, දෙවි මිනිසුන්ට ශාස්තෘය, බුද්ධය, භාග්‍යවත්යයි තථාගතයන් සිහි කරයිද, තථාගතයන් සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. සතුට උපදියි. ඔහුගේ සිතේ යම් ක්ලේශයෝ වෙත්ද, ඒ ක්ලේශයෝ පහ වෙත්.
“විශාඛාවෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ බ්‍රහ්ම උපෝසථය වන්නේ වෙයි. තථාගතයන් නමැති බ්‍රහ්මයා හා සමග වසන්නේ වෙයි. තථාගතයන් නමැති බ්‍රහ්මයා අරභයා සිත පහදවයි. ප්‍රීතිය උපදවයි. ඔහුගේ සිතේ යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහ වෙත්.
“විශාඛාවෙනි, කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයි. විශාඛාවෙනි, කෙසේ නම් කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයිද?
“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ, ‘භාග්‍යවතුන් විසින් ධර්මය මනාව දේශනා කරණ ලදී. සණදිට්ඨිකය, අකාලිකය, එහිඵස්සිකය, ඔපනයිකය, නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුතුය’ යි ධර්මය සිහි කරයිද, ධර්මය සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. සතුට උපදයි. ඔහුගේ සිතෙහි යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහවෙත්.
“විශාඛාවෙනි, කිලුටුවූ ශරීරය උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි. විශාඛාවෙනි, කිලුටුවූ ශරීරය කෙසේ උපක්‍රමයෙන් පිරිසිදු කරන්නේද? කුරුවින්දක ගල් සුණු වලින් සාදන ලද ඇඟ උලන ගල නිසාත්, ඇඟ ගාන සුණු නිසාත්, ජලය නිසාත්, ඊට සුදුසුවූ පුරුෂයාගේ උත්සාහය නිසාත්ය. විශාඛාවෙනි, මෙසේ කිලුටුවූ කය උපක්‍රමයෙන් පිරිසිදු වෙයි. විශාඛාවෙනි, කෙසේ කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයිද?
“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ, ‘භාග්‍යවතුන් විසින් ධර්මය මනාව දේශනා කරණ ලදී. සණදිට්ඨිකය, අකාලිකය, එහිඵස්සිකය, ඔපනයිකය, නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුතුය’ යි ධර්මය සිහි කරයිද, ධර්මය සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. සතුට උපදයි. ඔහුගේ සිතෙහි යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහවෙත්.
“විශාඛාවෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ධර්ම උපෝසථයෙහි වසයි. ධර්මය හා සමග වාසය කරයි. ධර්මය අරභයා ඔහුගේ සිත පහදියි. ප්‍රීතිය උපදියි. ඔහුගේ සිතේ යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහ වෙත්. විශාඛාවෙනි, මෙසේ වනාහි කිලිටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි.
“විශාඛාවෙනි, කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි. විශාඛාවෙනි, කෙසේ නම් කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයිද?
“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ, ‘භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝ තෙම සුපටිපන්නය. භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝ තෙම උජුපටිපන්නය. භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝ තෙම ඤායපටිපන්නය. භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝ තෙම සාමීචිපටිපන්නය. යම් ඒ පුරිස යුග සතරක්ද, පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක්ද ඇත්තාහුද, භාග්‍යවත්හුගේ ඒ ශ්‍රාවක සංඝ තෙම ආහුණෙය්‍ය වෙයි. පාහුෙනය්ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අඤ්ජලි කරණීය වෙයි. ලෝකයාගේ අනුත්තර පුන්‍ය ක්ෂෙත්රය වේය’ යි සංඝයා සිහි කරයිද, සංඝයා සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. ප්‍රීතිය උපදයි. ඔහුගේ සිතෙහි යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහවෙත්.
“විශාඛාවෙනි, යම්සේ අපිරිසිදු වස්ත්‍රය උපක්‍රමයෙන් පිරිසිදු වේද, විශාඛාවෙනි, කෙසේ කිලුටුවූ වස්ත්‍රය උපක්‍රමයෙන් පිරිසිදු වේද? උනුසුම නිසාද, අලු කාරම් නිසාද, ගොම නිසාද, ජලය නිසාද, පුරුෂයාගේ ඊට සුදුසු වෑයම් නිසාද. විශාඛාවෙනි, මෙසේ වනාහි කිලිටුවූ වස්ත්‍රය උපක්‍රමයෙන් පිරිසිදු වේ.
“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ, ‘භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝ තෙම සුපටිපන්නය. භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝ තෙම උජුපටිපන්නය. භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝ තෙම ඤායපටිපන්නය. භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝ තෙම සාමීචිපටිපන්නය. යම් ඒ පුරිස යුග සතරක්ද, පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක්ද ඇත්තාහුද, භාග්‍යවත්හුගේ ඒ ශ්‍රාවක සංඝ තෙම ආහුණෙය්‍ය වෙයි. පාහුෙනය්ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අඤ්ජලි කරණීය වෙයි. ලෝකයාගේ අනුත්තර පුන්‍ය ක්ෂෙත්රය වේය’ යි සංඝයා සිහි කරයිද, සංඝයා සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. ප්‍රීතිය උපදයි. ඔහුගේ සිතෙහි යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහවෙත්.
“විශාඛාවෙනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සංඝ උපෝසථයෙහි වාසය කරයි. සංඝයා හා සමග වාසය කරයි. සංඝයා අරභයා ඔහුගේ සිත පහදියි. ප්‍රීතිය උපදියි. ඔහුගේ සිතෙහි යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහ වෙත්. විශාඛාවෙනි, මෙසේ වනාහි කිලිටු සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයි.
“විශාඛාවෙනි, කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි. විශාඛාවෙනි, කිලුටුවූ සිත උපක්‍රමයෙන් කෙසේ පිරිසිදු වෙයිද?
“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කඩ නොවූ, සිදුරු නොවූ, කබර නොවූ, කැලැල් නොවූ, තෘෂ්ණාවට යටත් නොවූ, නුවණැතියන් විසින් ප්‍රශංසා කරණ ලද, තෘෂ්ණා දෘෂ්ටීන් විසින් අල්වා නොගන්නා ලද සමාධිය පිණිස පවත්නා තමාගේ ශීලය සිහි කරයිද, සීලය සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. ප්‍රීතිය උපදියි. ඔහුගේ සිතෙහි යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහවෙත්.
“විශාඛාවෙනි, කිලුටුවූ කැඩපත උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි. විශාඛාවෙනි, කිලුටුවූ කැඩපත උපක්‍රමයෙන් කෙසේ පිරිසිදු වෙයිද? තෙල් නිසාත්, අලු නිසාත්, බුරුසුව නිසාත්, පුරුෂයාගේ ඊට සුදුසුවූ උත්සාහය නිසාත්ය. විශාඛාවෙනි, මෙසේ කිලුටුවූ කැඩපත උපක්රමවෙන් පිරිසිදු වෙයි. විශාඛාවෙනි, මෙසේ කිලිටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදුවීම වේ.
“විශාඛාවෙනි, කෙසේ නම් කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයිද?
“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කඩ නොවූ, සිදුරු නොවූ, කබර නොවූ, කැලැල් නොවූ, තෘෂ්ණාවට යටත් නොවූ, නුවණැතියන් විසින් ප්‍රශංසා කරණ ලද, තෘෂ්ණා දෘෂ්ටීන් විසින් අල්වා නොගන්නා ලද සමාධිය පිණිස පවත්නා තමාගේ ශීලය සිහි කරයිද, සීලය සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. ප්‍රීතිය උපදියි. ඔහුගේ සිතෙහි යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහවෙත්.
“විශාඛාවෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙම සීල උපෝසථයෙහි වසන්නේය. සීලය හා සමග වාසය කරයි. ඔහුගේ සීලය අරබයා සිත පහදියි. ප්‍රීතිය උපදියි. ඔහුගේ සිතේ යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහවෙත්. විශාඛාවෙනි, මෙසේ කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි.
“විශාඛාවෙනි, කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයි. විශාඛාවෙනි, කෙසේ කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයිද?
“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම චාතුර්මහාරාජික දෙවියෝ ඇත්තාහ. තව්තිසා දෙවියෝ ඇත්තාහ. යාම දෙවියෝ ඇත්තාහ. තුසිත දෙවියෝ ඇත්තාහ. නිර්මානරතී දෙවියෝ ඇත්තාහ. පරිනිර්මිත වසවර්ති දෙවියෝ ඇත්තාහ. එයින් මත්තෙහි බ්‍රහ්ම කායික දෙවියෝ ඇත්තාහ. යම්බඳුවූ ශ්‍රද්ධාවකින් යුක්තවූ ඒ දෙවියෝ මෙයින් චුතව එහි උපන්නාහුද, මා හටද එබඳුවූ ශ්‍රද්ධාවක් ඇත. යම් බඳුවූ සීලයකින් යුක්තවූ ඒ දෙවියෝ මෙයින් වුතව එහි උපන්නාහුද, එබඳුවු සීලයක් මටද ඇත. යම්බඳුවූ ශ්‍රුතයකින් යුත් ඒ දෙවියෝ මෙයින් චුතව එහි උපන්නාහුද, මටද එබඳුවූ ශ්‍රුතයක් ඇත. යම් බඳුවූ ත්‍යාගයකින් යුත් ඒ දෙවියෝ මෙයින් චුතව එහි උපන්නාහුද, මටද එබඳුවූ ත්‍යාගයක් ඇත. යම් බඳුවූ ප්‍රඥාවකින් යුත් ඒ දෙවියෝ මෙයින් චුතව එහි උපන්නාහුද, මටද එබඳුවූ ප්‍රඥාවක් ඇත. තමාගේද, ඒ දෙවියන්ගේද ශ්රද්ධාවද, ශීලයද, ශ්‍රුතයද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. ප්‍රීතිය උපදියි. ඔහුගේ සිතේ යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහවෙත්.
‘විශාඛාවෙනි, කිලුටුවූ කාසියක් උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි. විශාඛාවෙනි, කිලුටුවූ කාසියක් කෙසේ උපක්‍රමයෙන් පිරිසිදු වන්නේද? විශාඛාවෙනි, කෝව නිසාත්, ලුණු නිසාත්, ගෙරුක චූර්ණය නිසාත්, පිඹින නලය හා අඬුව නිසාත්, ඊට සුදුසුවූ උත්සාහය නිසාත්ය. විශාඛාවෙනි, මෙසේ වනාහි කිලුටු කාසිය උපක්‍රමයෙන් පිරිසිදුවීම වෙයි. විශාඛාවෙනි, එපරිද්දෙන්ම කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදුවීම වෙයි.
“විශාඛාවෙනි, කෙසේ කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වේද?
“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම චාතුර්මහාරාජික දෙවියෝ ඇත්තාහ. තව්තිසා දෙවියෝ ඇත්තාහ. යාම දෙවියෝ ඇත්තාහ. තුසිත දෙවියෝ ඇත්තාහ. නිර්මානරතී දෙවියෝ ඇත්තාහ. පරිනිර්මිත වසවර්ති දෙවියෝ ඇත්තාහ. එයින් මත්තෙහි බ්‍රහ්ම කායික දෙවියෝ ඇත්තාහ. යම්බඳුවූ ශ්‍රද්ධාවකින් යුක්තවූ ඒ දෙවියෝ මෙයින් චුතව එහි උපන්නාහුද, මා හටද එබඳුවූ ශ්‍රද්ධාවක් ඇත. යම් බඳුවූ සීලයකින් යුක්තවූ ඒ දෙවියෝ මෙයින් වුතව එහි උපන්නාහුද, එබඳුවු සීලයක් මටද ඇත. යම්බඳුවූ ශ්‍රුතයකින් යුත් ඒ දෙවියෝ මෙයින් චුතව එහි උපන්නාහුද, මටද එබඳුවූ ශ්‍රුතයක් ඇත. යම් බඳුවූ ත්‍යාගයකින් යුත් ඒ දෙවියෝ මෙයින් චුතව එහි උපන්නාහුද, මටද එබඳුවූ ත්‍යාගයක් ඇත. යම් බඳුවූ ප්‍රඥාවකින් යුත් ඒ දෙවියෝ මෙයින් චුතව එහි උපන්නාහුද, මටද එබඳුවූ ප්‍රඥාවක් ඇත. තමාගේද, ඒ දෙවියන්ගේද ශ්රද්ධාවද, ශීලයද, ශ්‍රුතයද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. ප්‍රීතිය උපදියි. ඔහුගේ සිතේ යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහවෙත්.
“විශාඛාවෙනි, මේ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ දේවතා උපෝසථයෙහි වසායයිද, දෙවියන් සමග වාසය කෙරේයයිද, කියනු ලැබේ. ඔහුගේ සිත දෙවියන් අරබයා පහදියි. ප්‍රීතිය උපදියි. ඔහුගේ සිතේ යම් ක්ලේශයෝ වෙත් නම්, ඒ ක්ලේශයෝ පහ වෙත්. විශාඛාවෙනි, මෙසේ කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි.
“විශාඛාවෙනි, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ මෙසේ සිතයි. කෙසේද? “රහත්හු දිවි ඇතිතාක් ප්‍රාණඝාතය දුරුකොට, ප්‍රාණඝාතයෙන් වෙන්ව, බහා තබනලද දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, ලජ්ජා ඇතිව, දයාවෙන් යුක්තව, සියලු සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව, වාසය කරත්. මමද, මේ රාත්රියද, මේ දවාලද ප්‍රාණඝාතය දුරුකොට, ප්‍රාණඝාතයෙන් වැළකී, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, ලජ්ජා ඇතිව, දයා ඇතිව, සියලු සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව, වාසය කරමි. මම මේ අඞ්ගයෙන්ද රහතුන්ට අනුව පිළිපදිමි. එසේ කරන්නාවූ මා විසින් උපෝසථයද වසනලද්දේ වෙයි.
“රහත්හු දිවි ඇතිතාක් නුදුන් දෙය ගැනීම දුරුකොට, නුදුන් දෙය ගැනීමෙන් වෙන්ව, දුන් දෙයක්ම ගනිමින්, දුන් දෙයක්ම කැමති වෙමින්, සොර නොවූ, පිරසිදුවූ ආත්ම භාවයෙන් වාසය කරත්ද, මමද, මේ රාත්‍රියත්, මේ දවාලත් නුදුන් දෙය ගැනීම දුරුකොට, නුදුන් දෙය ගැනීමෙන් වෙන්ව, දුන් දෙයම ගනිමින්, දුන් දෙයම කැමති වෙමින්, සොර නෙවූ පිරිසිදුවූ ආත්ම භාවයෙන් වාසය කරමි. මම මේ අඞ්ගයෙන්ද රහතුන්ට අනුව පිළිපදිමි. එසේ කරන්නාවූ මා විසින් උපෝසථයද වසනලද්දේද වන්නේය.
“රහත්හු දිවි ඇතිතාක් අබ්‍රහ්මචර්‍ය්‍යාව දුරුකොට, බ්රහ්මචාරීව, අබ්‍රහ්මචර්‍ය්‍යාවෙන් ඈත්ව, මෛථුන සංඛ්‍යාත ග්‍රාම ධර්මයෙන් වෙන්ව වාසය කරත්. ‘මමද, මේ රාත්‍රියත් මේ දවාලත් අබ්‍රහ්මචර්‍ය්‍යාව පහකොට බ්රහ්මචාරීව, අබ්‍රහ්මචර්‍ය්‍යාවෙන් දුරුව, මෛථුන සංඛ්‍යාත ග්‍රාම ධර්මයෙන් වෙන්ව වාසය කරමි. මම මේ අඞ්ගයෙන්ද රහතුන්ට අනුව පිළිපදිමි. මෙසේ කරන්නාවූ මා විසින් උපෝසථයද වසනලද්දේද වන්නේය.
“රහත්හු දිවි ඇතිතාක් මුසාවාදය හැර, මුසාවාදයෙන් වැළක, සත්‍යය කියමින්, සත්‍යයෙන් සත්‍යය ගළපමින්, ස්ථිර වචන කියමින්, ඇදහිය හැකි වචන කියමින්. ලෝකයා වංචා නොකරත්ද, ‘මමද අද මේ රාත්රියද, මේ දවාලද බොරුව අත්හැර, බොරුවෙන් වැලැක්කේ, ඇත්ත කියමින්, ඇත්තෙන් ඇත්ත ගලපමින්, ස්ථිර වචන කියමින්, ඇදහිය හැකි වචන කියමින් ලෝකයා වංචා නොකරමි. ‘මම මේ අඞ්ගයෙන්ද රහතුන් අනුව පිළිපදිමි. එසේ කරන්නාවූ මා විසින් උපෝසථයද වසනලද්දේ වෙයි.
“රහත්හු දිවි ඇතිතාක් මදයට හා ප්‍රමාදයට හේතුවූ රහමෙර පීම හැර, මදයට හා ප්‍රමාදයට හේතුවූ රහමෙර පීමෙන් වැලැක්කාහුය. ‘මමද අද මේ රාත්රියද, මේ දවාලද, මදයට හා ප්‍රමාදයට හේතුවූ රහමෙර පීමෙන් වෙන්වෙමි. මම මේ අඞ්ගයෙන්ද රහතුන්ට අනුව පිළිපදිමි. එසේ කරන්නාවූ මා විසින් උපෝසථයද වසන ලද්දේ වෙයි.
“රහත්හු දිවි ඇතිතාක් එක වේලේ වළඳන බත් ඇත්තාහ. රාත්‍රි අනුභවයෙන් වැළැක්කාහ. නොකල් බොජුනෙන් වැළැක්කාහ. ‘මමද අද මේ දවාලද, මේ රාත්රියද එක බතක් ඇත්තෙමි. රාත්‍රි භොජනයෙන් වැළකී, නොකල්හි බොජුනෙන් වැළකීමි. මම මේ අඞ්ගයෙන්ද රහතුන්ට අනුව පිළිපදිමි. එසේ කරන්නාවූ මා විසින් උපෝසථයද වසන ලද්දේ වෙයි.
“රහත්හු දිවි ඇත්තාක් නැටීම, නැටවීම, ගී කීම, කියවීම, බෙර ආදිය ගැසීම, ගැස්සවීම, නැටුම් වැයුම් ආදී විහිළු දැකීම, මල් සුවඳද, විලවුන් පාවිච්චිය, සැරසීම, අලඞ්කාර කරගැනීම යන මෙයින් වෙන් වූවාහුද, ‘මමද අද මේ රාත්රියද දවාලද නැටිම, නැටවීම, ගී කීම, කියවීම, බෙර ආදිය ගැසීම, ගැස්සවීම, නැටුම් වැයුම් ආදී විහිළු දැකීම, මල් සුවඳ විලවුන් පාවිච්චිය සැරසීම, අලඞ්කාර කර ගැනීම යන මෙයින් වෙන් වෙමි. මම මේ අඞ්ගයෙන්ද රහතුන්ට අනුව පිළිපදිමි. එසේ කරන්නාවූ මා විසින් උපෝසථයද වසන ලද්දේ වෙයි.
“රහත්හු දිවි ඇතිතාක් උස් ආසන, මහා ආසන හැර උස් ආසන මහා ආසනයෙන් වෙන් වූවාහු, මිටි රියන් පමණ ඇඳෙහි හෝ තණ ඇතිරියෙහි හෝ මිටි අස්නෙක හොවිත්. ‘මමද අද මේ රාත්රියද, දවාලද උස් ආසන, මහා ආසන හැර, මිටි රියනක් පමණ ඇඳෙහි හෝ තණ ඇතිරියක හෝ හොවිමි. මම මේ අඞ්ගයෙන්ද රහතුන්ට අනුව පිළිපදිමි. එසේ කරන්නාවූ මා විසින් උපෝසථයද වසන ලද්දේ වෙයි.’
“විශාඛාවෙනි, මෙසේ විසූ ආර්‍ය්‍ය උපෝසථය මහත්ඵල වේ. මහත් ආනිසංස වේ. මහත් බැබලීම ඇත්තේය. මහත් පැතිරීම ඇත්තේය. කොපමණ මහත්ඵල මහත් ආනිසංස, මහත් බැබලීම් මහත් පැතිරීම් ඇත්තේද,.
“විශාඛාවෙනි, යම්සේ බොහෝ සත්රුවන් ඇති මේ සොළොස් ජනපදයන් ඇති, දඹදිව ඓෙශ්චර්ය්යයෙන් අධිපතිවූ චක්‍රවර්ති රජ වන්නේද, ඒ සොළොස් ජනපදය කවරේද? අඟු, මගධ, කාශි, කොශල, වජ්ජි, මල්ල, චෙතිය, වඞ්ග, කුරු, පඤ්චාල, මච්ඡ, සූරසේන, අස්සක, අවන්ති, ගන්ධාර, කාම්බෝජ යන මෙයයි. මේ සක්විති රාජ්‍යය අඞ්ග අටකින් යුක්ත උපෝසථයාගේ දහසයට බෙදූ කොටසක් පමණවත් නොවන්නේය. ඊට ාහ්තු කවරේද? විශාඛාවෙනි, දිව්‍ය සැපය හා සමකර බැලූ කල චක්‍රවර්ති රාජ්‍යය ස්වල්ප දෙයකි.
“විශාඛාවෙනි, මනුෂ්‍ය වර්ෂ පනසක් වේද, මෙය චාතුර්මහාරාජික දෙවියන්ට එක් රෑ දවාලකි. ඒ රාත්‍රියෙන් තිස් රැයක් මාසයකි. ඒ මසින් දොළොස් මසක් සංවත්සරයකි. ඒ සංවත්සරයෙන් දිව්‍ය වර්ෂ පන්සියයක් චාතුර්මහාරාජික වැසි දෙවියන්ගේ ආයු ප්‍රමාණයයි.
“විශාඛාවෙනි, මේ ලෝකයෙහි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අඞ්ග අටකින් යුත් උපෝසථය වැස, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන් අතර උපදින්නේය, යන මේ කාරණය විද්‍යමානවේ. විශාඛාවෙනි, දිව්‍ය සැපය හා සමකර බැලූ කල මනුෂ්‍ය සක්විති රජකම ස්වල්පයයි මේ සඳහා කියන ලදී.
“විශාඛාවෙනි, මනුෂය වර්ෂ සියයක් වේද, මෙය තව්තිසා වැසි දෙවියන්ට එක් රෑ දවාලකි. ඒ රාත්‍රියෙන් තිස් රැයක් මාසයකි. ඒ මසින් දොළොස් මසක් සංවත්සරයකි. ඒ සංවත්සරයෙන් දිව්‍ය වර්ෂ දහසක් තව්තිසා වැසි දෙවියන්ගේ ආයු ප්‍රමාණයයි.
“විශාඛාවෙනි, මේ ලෝකයෙහි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අඞ්ග අටකින් යුත් උපෝසථය වැස, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු තව්තිසා දෙවියන් අතර උපදින්නේය, යන මේ කාරණය විද්‍යමානවේ. විශාඛාවෙනි, දිව්‍ය සැපය හා සමකර බැලූ කල මනුෂ්‍ය සක්විති රජකම ස්වල්පයයි මේ සඳහා කියන ලදී.
“විශාඛාවෙනි, මනුෂ්‍ය වර්ෂ දෙසියයක් වේද, මෙය යාම දෙව්ලෝ වැසි දෙවියන්ට එක් රෑ දවාලකි. ඒ රාත්‍රියෙන් තිස් රැයක් මාසයකි. ඒ මසින් දොළොස් මසක් සංවත්සරයකි. ඒ සංවත්සරයෙන් දිව්‍ය වර්ෂ දෙදාහක් යාම දෙව්ලෝ වැසි දෙවියන්ගේ ආයු ප්‍රමාණයයි.
“විශාඛාවෙනි, මේ ලෝකයෙහි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අඞ්ග අටකින් යුත් උපෝසථය වැස, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යාම දෙවියන් අතර උපදින්නේය, යන මේ කාරණය විද්‍යමානවේ. විශාඛාවෙනි, දිව්‍ය සැපය හා සමකර බැලූ කල මනුෂ්‍ය සක්විති රජකම ස්වල්පයයි මේ සඳහා කියන ලදී.
“විශාඛාවෙනි, මනුෂ්‍ය වර්ෂ සාරසියයක් වේද, මෙය තුසිත දෙව්ලොව වැසි දෙවියන්ට එක් රෑ දවාලකි. ඒ රාත්‍රියෙන් තිස් රැයක් මාසයකි. ඒ මසින් දොළොස් මසක් සංවත්සරයකි. ඒ සංවත්සරයෙන් දිව්‍ය වර්ෂ හාරදාහක් තුසිත දෙව්ලොව වැසි දෙවියන්ගේ ආයු ප්‍රමාණයයි.
“විශාඛාවෙනි, මේ ලෝකයෙහි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අඞ්ග අටකින් යුත් උපෝසථය වැස, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු තුසිත දෙවියන් අතර උපදින්නේය, යන මේ කාරණය විද්‍යමානවේ. විශාඛාවෙනි, දිව්‍ය සැපය හා සමකර බැලූ කල මනුෂ්‍ය සක්විති රජකම ස්වල්පයයි මේ සඳහා කියන ලදී.
“විශාඛාවෙනි, මනුෂ්‍ය වර්ෂ අටසියයක් වේද, මෙය නිර්මාණරතී දෙවියන්ට එක් රෑ දවාලකි. ඒ රාත්‍රියෙන් තිස් රැයක් මාසයකි. ඒ මසින් දොළොස් මසක් සංවත්සරයකි. ඒ සංවත්සරයෙන් දිව්‍ය වර්ෂ අටදාහක් නිර්මාණරතී දෙවියන්ගේ ආයු ප්‍රමාණයයි.
“විශාඛාවෙනි, මේ ලෝකයෙහි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අඞ්ග අටකින් යුත් උපෝසථය වැස, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු නිර්මාණරතී දෙවියන් අතර උපදින්නේය, යන මේ කාරණය විද්‍යමානවේ. විශාඛාවෙනි, දිව්‍ය සැපය හා සමකර බැලූ කල මනුෂ්‍ය සක්විති රජකම ස්වල්පයයි මේ සඳහා කියන ලදී.
“විශාඛාවෙනි, මනුෂය වර්ෂ දහසය සීයක් වේද, මෙය පරනිර්මිත වසවර්ති දෙව්ලොව වැසි දෙවියන්ට එක් රෑ දවාලකි. ඒ රාත්‍රියෙන් තිස් රැයක් මාසයකි. ඒ මසින් දොළොස් මසක් සංවත්සරයකි. ඒ සංවත්සරයෙන් දිව්‍ය වර්ෂ දහසයදාහක් පරනිර්මිත වසවර්ති දෙව්ලොව දෙවියන්ගේ ආයු ප්‍රමාණයයි.
“විශාඛාවෙනි, මේ ලෝකයෙහි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අඞ්ග අටකින් යුත් උපෝසථය වැස, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු පරනිර්මිත වසවර්ති දෙවියන් අතර උපදින්නේය, යන මේ කාරණය විද්‍යමානවේ. විශාඛාවෙනි, දිව්‍ය සැපය හා සමකර බැලූ කල මනුෂය සක්විති රජකම ස්වල්පයයි මේ සඳහා කියන ලදී.
(1) “සතුන් නොමැරීම, අන්සතු වස්තුව නොගැනීම, බොරු නොකීම, මත්පැන් නොබීම කරන්නෙකු විය යුතුයි. මෛථුන සංඛ්‍යාත ශ්‍රේෂ්ඨ නොවන හැසිරීමෙන් වැලකීම, රෑ කෑම සංඛ්‍යාත නොකල්හි කෑම නොකළ යුතුයි.
(2) “මල් මාලා දරීම, සුවඳ පාවිච්චිය නොකළ යුතුයි. මිටි රියන් ඇඳෙහි හෝ බිම තණ ඇතිරියෙහි හෝ සයනය කළ යුතුයි. මේ අඞ්ග අටකින් යුත් උපෝසථයයි දුක් කෙළවර කළ බුදුන් විසින් වදාරණ ලදී.
(3) “යහපත් දැකුම් ඇති, අඳුරු දුරු කරණ චන්ද්‍රයාද සූර්‍ය්‍යයාද යන දෙදෙන බැබලෙමින් හැසිරෙත්ද, අහසෙහි සැරිසරන ඒ දෙදෙන දිශා බබුළුවමින් අහසෙහි හැසිරෙත්ද,
(4) “මේ අතර මුතුද මැණික්ද, යහපත්වූ වෛඩූර්‍ය්‍ය මැණික්ද, අං හැඩය ඇති සිංගී නම් රුවන්ද, නොහොත් පර්වතවල ඇතිවන රුවන්ද යන යම් ධනයක් ඇත්ද, යම් රුවනක් රුවන්ම වේද, කුහුඹු විසින් මෑත් කරණ ලද්දේද,
(5) “ඒ මුතු මැණික් අඞ්ග අටකින් යුත් උපෝසථයාගේ දහසයෙන් කොටසක්වත් නොඅගනේය. චන්ද්‍ර රශ්මියට සෙසු තාරකා මෙනි. එසේ හෙයින් ශීලයෙන් යුත් ස්ත්‍රී පුරුෂයන්
(6) “අඞ්ග අටෙන් යුත් උපෝසථය වැස, සැප විපාක ඇති පින් කොට, කිසිකෙනෙකුගෙන් නින්දා නොලබන දිව්‍ය ලෝකයට පැමිණෙත්.”
|