ත්‍රිපිටකය
(7) 2. මහාවග්ගො (7) 2. මහා වර්‍ගය
1. තිත්ථායතනාදිසුත්තං 1. (මහා) තින්‍ථායතන සූත්‍රය
2. අමාතාපුත්තිකානිසුත්තං 2. අමාතා පුත්තික භය සූත්‍රය
3. වෙනාගපුරසුත්තං 3. වෙනාගපුර සූත්‍රය
4. සරභසුත්තං 4. සරහ (පරිබ්බාජක) සූත්‍රය
5. කෙසමුත්තිසුත්තං 5. කාලාම සූත්‍රය
6. සාළ්හසුත්තං 6. නන්‍දකත්‍ථෙර සූත්‍රය
7. කථාවත්ථුසුත්තං 7. තිකථාවත්‍ථු සූත්‍රය
8. අඤ්ඤතිත්ථියසුත්තං 8. තීර්ත්‍ථය පුච්ඡා සූත්‍රය
9. අකුසලමූලසුත්තං 9. කුසලාකුසල මූල සූත්‍රය
10. උපොසථසුත්තං 10. විසාඛුපොසථ සූත්‍රය
71
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. අථ ඛො විසාඛා මිගාරමාතා තදහුපොසථෙ යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො විසාඛං මිගාරමාතරං භගවා එතදවොච - ‘‘හන්ද කුතො නු ත්වං, විසාඛෙ, ආගච්ඡසි දිවා දිවස්සා’’ති? ‘‘උපොසථාහං, භන්තෙ, අජ්ජ උපවසාමී’’ති.
‘‘තයො ඛොමෙ, විසාඛෙ, උපොසථා. කතමෙ තයො? ගොපාලකුපොසථො, නිගණ්ඨුපොසථො, අරියුපොසථො. කථඤ්ච, විසාඛෙ, ගොපාලකුපොසථො හොති? සෙය්‍යථාපි, විසාඛෙ, ගොපාලකො සායන්හසමයෙ සාමිකානං ගාවො නිය්‍යාතෙත්වා ඉති පටිසඤ්චික්ඛති - ‘අජ්ජ ඛො ගාවො අමුකස්මිඤ්ච අමුකස්මිඤ්ච පදෙසෙ චරිංසු, අමුකස්මිඤ්ච අමුකස්මිඤ්ච පදෙසෙ පානීයානි පිවිංසු; ස්වෙ දානි ගාවො අමුකස්මිඤ්ච අමුකස්මිඤ්ච පදෙසෙ චරිස්සන්ති, අමුකස්මිඤ්ච අමුකස්මිඤ්ච පදෙසෙ පානීයානි පිවිස්සන්තී’ති; එවමෙවං ඛො, විසාඛෙ, ඉධෙකච්චො උපොසථිකො ඉති පටිසඤ්චික්ඛති - ‘අහං ඛ්වජ්ජ ඉදඤ්චිදඤ්ච ඛාදනීයං ඛාදිං, ඉදඤ්චිදඤ්ච භොජනීයං භුඤ්ජිං ; ස්වෙ දානාහං ඉදඤ්චිදඤ්ච ඛාදනීයං ඛාදිස්සාමි, ඉදං චිදඤ්ච භොජනීයං භුඤ්ජිස්සාමී’ති. සො තෙන අභිජ්ඣාසහගතෙන චෙතසා දිවසං අතිනාමෙති. එවං ඛො විසාඛෙ, ගොපාලකුපොසථො හොති. එවං උපවුත්ථො ඛො, විසාඛෙ, ගොපාලකුපොසථො න මහප්ඵලො හොති න මහානිසංසො න මහාජුතිකො න මහාවිප්ඵාරො.
‘‘කථඤ්ච, විසාඛෙ, නිගණ්ඨුපොසථො හොති? අත්ථි, විසාඛෙ, නිගණ්ඨා නාම සමණජාතිකා. තෙ සාවකං එවං සමාදපෙන්ති - ‘එහි ත්වං, අම්භො පුරිස, යෙ පුරත්ථිමාය දිසාය පාණා පරං යොජනසතං තෙසු දණ්ඩං නික්ඛිපාහි; යෙ පච්ඡිමාය දිසාය පාණා පරං යොජනසතං තෙසු දණ්ඩං නික්ඛිපාහි; යෙ උත්තරාය දිසාය පාණා පරං යොජනසතං තෙසු දණ්ඩං නික්ඛිපාහි; යෙ දක්ඛිණාය දිසාය පාණා පරං යොජනසතං තෙසු දණ්ඩං නික්ඛිපාහී’ති. ඉති එකච්චානං පාණානං අනුද්දයාය අනුකම්පාය සමාදපෙන්ති, එකච්චානං පාණානං නානුද්දයාය නානුකම්පාය සමාදපෙන්ති. තෙ තදහුපොසථෙ සාවකං එවං සමාදපෙන්ති - ‘එහි ත්වං, අම්භො පුරිස, සබ්බචෙලානි (සබ්බවෙරානි (ක.)) නික්ඛිපිත්වා එවං වදෙහි - නාහං ක්වචනි කස්සචි කිඤ්චනතස්මිං (කිඤ්චනතස්මි (?) කිරියාපදමෙතං යථා කිඤ්චනතත්ථීති), න ච මම ක්වචනි කත්ථචි කිඤ්චනතත්ථී’ති. ජානන්ති ඛො පනස්ස මාතාපිතරො - ‘අයං අම්හාකං පුත්තො’ති; සොපි ජානාති - ‘ඉමෙ මය්හං මාතාපිතරො’ති. ජානාති ඛො පනස්ස පුත්තදාරො - ‘අයං මය්හං භත්තා’ති; සොපි ජානාති - ‘අයං මය්හං පුත්තදාරො’ති. ජානන්ති ඛො පනස්ස දාසකම්මකරපොරිසා - ‘අයං අම්හාකං අය්‍යො’ති; සොපි ජානාති - ‘ඉමෙ මය්හං දාසකම්මකරපොරිසා’ති. ඉති යස්මිං සමයෙ සච්චෙ සමාදපෙතබ්බා මුසාවාදෙ තස්මිං සමයෙ සමාදපෙන්ති. ඉදං තස්ස මුසාවාදස්මිං වදාමි. සො තස්සා රත්තියා අච්චයෙන භොගෙ අදින්නංයෙව පරිභුඤ්ජති. ඉදං තස්ස අදින්නාදානස්මිං වදාමි. එවං ඛො, විසාඛෙ, නිගණ්ඨුපොසථො හොති. එවං උපවුත්ථො ඛො, විසාඛෙ, නිගණ්ඨුපොසථො න මහප්ඵලො හොති න මහානිසංසො න මහාජුතිකො න මහාවිප්ඵාරො.
‘‘කථඤ්ච, විසාඛෙ, අරියුපොසථො හොති? උපක්කිලිට්ඨස්ස , විසාඛෙ, චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති. කථඤ්ච, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා (පරියොදාපනා (?)) හොති? ඉධ, විසාඛෙ, අරියසාවකො තථාගතං අනුස්සරති - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. තස්ස තථාගතං අනුස්සරතො චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති. යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති, සෙය්‍යථාපි, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස සීසස්ස උපක්කමෙන පරියොදපනා හොති.
‘‘කථඤ්ච, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස සීසස්ස උපක්කමෙන පරියොදපනා හොති? කක්කඤ්ච පටිච්ච මත්තිකඤ්ච පටිච්ච උදකඤ්ච පටිච්ච පුරිසස්ස ච තජ්ජං වායාමං පටිච්ච, එවං ඛො, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස සීසස්ස උපක්කමෙන පරියොදපනා හොති. එවමෙවං ඛො , විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති.
‘‘කථඤ්ච , විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති? ඉධ, විසාඛෙ, අරියසාවකො තථාගතං අනුස්සරති - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. තස්ස තථාගතං අනුස්සරතො චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති. අයං වුච්චති, විසාඛෙ - ‘අරියසාවකො බ්‍රහ්මුපොසථං උපවසති, බ්‍රහ්මුනා සද්ධිං සංවසති, බ්‍රහ්මඤ්චස්ස (බ්‍රහ්මඤ්ච (ක.)) ආරබ්භ චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති’. එවං ඛො, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති.
‘‘උපක්කිලිට්ඨස්ස, විසාඛෙ, චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති. කථඤ්ච, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති? ඉධ, විසාඛෙ, අරියසාවකො ධම්මං අනුස්සරති - ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’ති. තස්ස ධම්මං අනුස්සරතො චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති, සෙය්‍යථාපි, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස කායස්ස උපක්කමෙන පරියොදපනා හොති.
‘‘කථඤ්ච, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස කායස්ස උපක්කමෙන පරියොදපනා හොති? සොත්තිඤ්ච පටිච්ච, චුණ්ණඤ්ච පටිච්ච, උදකඤ්ච පටිච්ච, පුරිසස්ස ච තජ්ජං වායාමං පටිච්ච. එවං ඛො, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස කායස්ස උපක්කමෙන පරියොදපනා හොති. එවමෙවං ඛො, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති.
‘‘කථඤ්ච, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති? ඉධ, විසාඛෙ, අරියසාවකො ධම්මං අනුස්සරති - ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’ති. තස්ස ධම්මං අනුස්සරතො චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති. අයං වුච්චති, විසාඛෙ, ‘අරියසාවකො ධම්මුපොසථං උපවසති, ධම්මෙන සද්ධිං සංවසති, ධම්මඤ්චස්ස ආරබ්භ චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති’. එවං ඛො, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති.
‘‘උපක්කිලිට්ඨස්ස , විසාඛෙ, චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති. කථඤ්ච, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති? ඉධ, විසාඛෙ, අරියසාවකො සඞ්ඝං අනුස්සරති - ‘සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක්ඛිණෙය්‍යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’ති. තස්ස සඞ්ඝං අනුස්සරතො චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති, සෙය්‍යථාපි, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස වත්ථස්ස උපක්කමෙන පරියොදපනා හොති.
‘‘කථඤ්ච, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස වත්ථස්ස උපක්කමෙන පරියොදපනා හොති? උස්මඤ්ච (ඌසඤ්ච (ස්‍යා. කං. අට්ඨකථායම්පි පාඨන්තරං, සං. නි. 3.89 ඛෙමකසුත්තපාළියාපි සමෙති.) උසුමඤ්ච (සී.)) පටිච්ච, ඛාරඤ්ච පටිච්ච, ගොමයඤ්ච පටිච්ච, උදකඤ්ච පටිච්ච, පුරිසස්ස ච තජ්ජං වායාමං පටිච්ච. එවං ඛො, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස වත්ථස්ස උපක්කමෙන පරියොදපනා හොති. එවමෙවං ඛො, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති.
‘‘කථඤ්ච, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති? ඉධ, විසාඛෙ, අරියසාවකො සඞ්ඝං අනුස්සරති - ‘සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’ති. තස්ස සඞ්ඝං අනුස්සරතො චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති. අයං වුච්චති, විසාඛෙ, ‘අරියසාවකො සඞ්ඝුපොසථං උපවසති, සඞ්ඝෙන සද්ධිං සංවසති, සඞ්ඝඤ්චස්ස ආරබ්භ චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති’. එවං ඛො, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති.
‘‘උපක්කිලිට්ඨස්ස, විසාඛෙ, චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති. කථඤ්ච, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති? ඉධ, විසාඛෙ, අරියසාවකො අත්තනො සීලානි අනුස්සරති අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි. තස්ස සීලං අනුස්සරතො චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති, සෙය්‍යථාපි, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස ආදාසස්ස උපක්කමෙන පරියොදපනා හොති.
‘‘කථඤ්ච , විසාඛෙ, උපක්කිලිට්ඨස්ස ආදාසස්ස උපක්කමෙන පරියොදපනා හොති? තෙලඤ්ච පටිච්ච , ඡාරිකඤ්ච පටිච්ච, වාලණ්ඩුපකඤ්ච පටිච්ච, පුරිසස්ස ච තජ්ජං වායාමං පටිච්ච. එවං ඛො, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස ආදාසස්ස උපක්කමෙන පරියොදපනා හොති. එවමෙවං ඛො, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති.
‘‘කථඤ්ච, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති? ඉධ , විසාඛෙ, අරියසාවකො අත්තනො සීලානි අනුස්සරති අඛණ්ඩානි...පෙ.... සමාධිසංවත්තනිකානි. තස්ස සීලං අනුස්සරතො චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති. අයං වුච්චති, විසාඛෙ, ‘අරියසාවකො සීලුපොසථං උපවසති, සීලෙන සද්ධිං සංවසති, සීලඤ්චස්ස ආරබ්භ චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති’. එවං ඛො, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති.
‘‘උපක්කිලිට්ඨස්ස, විසාඛෙ, චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති. කථඤ්ච, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති? ඉධ විසාඛෙ, අරියසාවකො දෙවතා අනුස්සරති - ‘සන්ති දෙවා චාතුමහාරාජිකා (චාතුම්මහාරාජිකා (සී. ස්‍යා. කං. පී.)), සන්ති දෙවා තාවතිංසා, සන්ති දෙවා යාමා, සන්ති දෙවා තුසිතා, සන්ති දෙවා නිම්මානරතිනො, සන්ති දෙවා පරනිම්මිතවසවත්තිනො, සන්ති දෙවා බ්‍රහ්මකායිකා, සන්ති දෙවා තතුත්තරි (තතුත්තරිං (සී. පී.)). යථාරූපාය සද්ධාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථුපපන්නා (තත්ථුප්පන්නා (සී. පී.)), මය්හම්පි තථාරූපා සද්ධා සංවිජ්ජති. යථාරූපෙන සීලෙන සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථුපපන්නා, මය්හම්පි තථාරූපං සීලං සංවිජ්ජති. යථාරූපෙන සුතෙන සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථුපපන්නා, මය්හම්පි තථාරූපං සුතං සංවිජ්ජති. යථාරූපෙන චාගෙන සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථුපපන්නා, මය්හම්පි තථාරූපො චාගො සංවිජ්ජති. යථාරූපාය පඤ්ඤාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථුපපන්නා, මය්හම්පි තථාරූපා පඤ්ඤා සංවිජ්ජතී’ති. තස්ස අත්තනො ච තාසඤ්ච දෙවතානං සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරතො චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති, සෙය්‍යථාපි, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස ජාතරූපස්ස උපක්කමෙන පරියොදපනා හොති.
‘‘කථඤ්ච , විසාඛෙ, උපක්කිලිට්ඨස්ස ජාතරූපස්ස උපක්කමෙන පරියොදපනා හොති? උක්කඤ්ච පටිච්ච, ලොණඤ්ච පටිච්ච, ගෙරුකඤ්ච පටිච්ච, නාළිකසණ්ඩාසඤ්ච (නාළිකඤ්ච පටිච්ච සණ්ඩාසඤ්ච (පී. ක.)) පටිච්ච, පුරිසස්ස ච තජ්ජං වායාමං පටිච්ච. එවං ඛො, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස ජාතරූපස්ස උපක්කමෙන පරියොදපනා හොති. එවමෙවං ඛො, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති.
‘‘කථඤ්ච , විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති? ඉධ, විසාඛෙ, අරියසාවකො දෙවතා අනුස්සරති - ‘සන්ති දෙවා චාතුමහාරාජිකා, සන්ති දෙවා තාවතිංසා...පෙ.... සන්ති දෙවා තතුත්තරි. යථාරූපාය සද්ධාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථුපපන්නා, මය්හම්පි තථාරූපා සද්ධා සංවිජ්ජති. යථාරූපෙන සීලෙන...පෙ.... සුතෙන...පෙ.... චාගෙන...පෙ.... පඤ්ඤාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථුපපන්නා, මය්හම්පි තථාරූපා පඤ්ඤා සංවිජ්ජතී’ති. තස්ස අත්තනො ච තාසඤ්ච දෙවතානං සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරතො චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති. අයං වුච්චති, විසාඛෙ, ‘අරියසාවකො දෙවතුපොසථං උපවසති, දෙවතාහි සද්ධිං සංවසති, දෙවතා ආරබ්භ චිත්තං පසීදති, පාමොජ්ජං උප්පජ්ජති, යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති’. එවං ඛො, විසාඛෙ, උපක්කිලිට්ඨස්ස චිත්තස්ස උපක්කමෙන පරියොදපනා හොති.
‘‘ස ඛො සො, විසාඛෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - ‘යාවජීවං අරහන්තො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතා නිහිතදණ්ඩා නිහිතසත්ථා ලජ්ජී දයාපන්නා සබ්බපාණභූතහිතානුකම්පී විහරන්ති; අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරාමි. ඉමිනාපි (ඉමිනාපහං (සී.) අ. නි. 8.41) අඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සති.
‘‘යාවජීවං අරහන්තො අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතා දින්නාදායී දින්නපාටිකඞ්ඛී, අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරන්ති; අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො දින්නාදායී දින්නපාටිකඞ්ඛී, අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරාමි. ඉමිනාපි අඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සති.
‘‘යාවජීවං අරහන්තො අබ්‍රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී ආරාචාරී (අනාචාරී (පී.)) විරතා මෙථුනා ගාමධම්මා; අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං අබ්‍රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා. ඉමිනාපි අඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සති.
‘‘යාවජීවං අරහන්තො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතා සච්චවාදී සච්චසන්ධා ථෙතා පච්චයිකා අවිසංවාදකා ලොකස්ස; අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස. ඉමිනාපි අඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සති.
‘‘යාවජීවං අරහන්තො සුරාමෙරයමජ්ජපමාදට්ඨානං පහාය සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා; අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං සුරාමෙරයමජ්ජපමාදට්ඨානං පහාය සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො. ඉමිනාපි අඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සති.
‘‘යාවජීවං අරහන්තො එකභත්තිකා රත්තූපරතා විරතා විකාලභොජනා; අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං එකභත්තිකො රත්තූපරතො විරතො විකාලභොජනා. ඉමිනාපි අඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සති.
‘‘යාවජීවං අරහන්තො නච්චගීතවාදිතවිසූකදස්සනමාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතා; අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං නච්චගීතවාදිතවිසූකදස්සනමාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො . ඉමිනාපි අඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සති.
‘‘යාවජීවං අරහන්තො උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතා නීචසෙය්‍යං කප්පෙන්ති මඤ්චකෙ වා තිණසන්ථාරකෙ වා; අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතො නීචසෙය්‍යං කප්පෙමි මඤ්චකෙ වා තිණසන්ථාරකෙ වා. ඉමිනාපි අඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතී’’ති.
‘‘එවං ඛො, විසාඛෙ, අරියුපොසථො හොති. එවං උපවුත්ථො ඛො, විසාඛෙ, අරියුපොසථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො’’.
‘‘කීවමහප්ඵලො හොති කීවමහානිසංසො කීවමහාජුතිකො කීවමහාවිප්ඵාරො’’? ‘‘සෙය්‍යථාපි, විසාඛෙ, යො ඉමෙසං සොළසන්නං මහාජනපදානං පහූතරත්තරතනානං (පහූතසත්තරතනානං (ක. සී. ස්‍යා. කං. පී.) ටීකායං දස්සිතපාළියෙව. අ. නි. 8.42) ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙය්‍ය , සෙය්‍යථිදං - අඞ්ගානං, මගධානං, කාසීනං, කොසලානං, වජ්ජීනං, මල්ලානං, චෙතීනං, වඞ්ගානං, කුරූනං, පඤ්චාලානං, මච්ඡානං (මච්චානං (ක.)), සූරසෙනානං, අස්සකානං, අවන්තීනං, ගන්ධාරානං, කම්බොජානං, අට්ඨඞ්ගසමන්නාගතස්ස උපොසථස්ස එතං (එකං (ක.)) කලං නාග්ඝති සොළසිං. තං කිස්ස හෙතු? කපණං, විසාඛෙ, මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය’’.
‘‘යානි, විසාඛෙ, මානුසකානි පඤ්ඤාස වස්සානි, චාතුමහාරාජිකානං දෙවානං එසො එකො රත්තින්දිවො (රත්තිදිවො (ක.)). තාය රත්තියා තිංසරත්තියො මාසො. තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බානි පඤ්ච වස්සසතානි චාතුමහාරාජිකානං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං, විසාඛෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරං මරණා චාතුමහාරාජිකානං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය. ඉදං ඛො පනෙතං, විසාඛෙ, සන්ධාය භාසිතං - ‘කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය’’’.
‘‘යං , විසාඛෙ, මානුසකං වස්සසතං, තාවතිංසානං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංසරත්තියො මාසො. තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බං වස්සසහස්සං තාවතිංසානං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං, විසාඛෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරං මරණා තාවතිංසානං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය. ඉදං ඛො පනෙතං, විසාඛෙ, සන්ධාය භාසිතං - ‘කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය’’’.
‘‘යානි, විසාඛෙ, මානුසකානි ද්වෙ වස්සසතානි, යාමානං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංසරත්තියො මාසො. තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බානි ද්වෙ වස්සසහස්සානි යාමානං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං, විසාඛෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරං මරණා යාමානං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය. ඉදං ඛො පනෙතං, විසාඛෙ, සන්ධාය භාසිතං - ‘කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය’’’.
‘‘යානි, විසාඛෙ, මානුසකානි චත්තාරි වස්සසතානි, තුසිතානං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංසරත්තියො මාසො. තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බානි චත්තාරි වස්සසහස්සානි තුසිතානං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං, විසාඛෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරං මරණා තුසිතානං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය. ඉදං ඛො පනෙතං, විසාඛෙ, සන්ධාය භාසිතං - ‘කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය’’’.
‘‘යානි, විසාඛෙ, මානුසකානි අට්ඨ වස්සසතානි, නිම්මානරතීනං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංසරත්තියො මාසො. තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බානි අට්ඨ වස්සසහස්සානි නිම්මානරතීනං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං, විසාඛෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරං මරණා නිම්මානරතීනං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය. ඉදං ඛො පනෙතං, විසාඛෙ, සන්ධාය භාසිතං - ‘කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය’’’.
‘‘යානි, විසාඛෙ, මානුසකානි සොළස වස්සසතානි, පරනිම්මිතවසවත්තීනං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංසරත්තියො මාසො. තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බානි සොළස වස්සසහස්සානි පරනිම්මිතවසවත්තීනං දෙවානං ආයුප්පමාණං. ඨානං ඛො පනෙතං, විසාඛෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරං මරණා පරනිම්මිතවසවත්තීනං දෙවානං සහබ්‍යතං උපපජ්ජෙය්‍ය. ඉදං ඛො පනෙතං, විසාඛෙ, සන්ධාය භාසිතං - ‘කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධායා’’’ති.
‘‘පාණං න හඤ්ඤෙ (න හානෙ (සී. පී.), න හනෙ (ක.)) න චදින්නමාදියෙ,
මුසා න භාසෙ න ච මජ්ජපො සියා;
අබ්‍රහ්මචරියා විරමෙය්‍ය මෙථුනා,
රත්තිං න භුඤ්ජෙය්‍ය විකාලභොජනං.
‘‘මාලං න ධාරෙ න ච ගන්ධමාචරෙ,
මඤ්චෙ ඡමායං ව සයෙථ සන්ථතෙ;
එතඤ්හි අට්ඨඞ්ගිකමාහුපොසථං,
බුද්ධෙන දුක්ඛන්තගුනා පකාසිතං.
‘‘චන්දො ච සූරියො ච උභො සුදස්සනා,
ඔභාසයං අනුපරියන්ති යාවතා;
තමොනුදා තෙ පන අන්තලික්ඛගා,
නභෙ පභාසන්ති දිසාවිරොචනා.
‘‘එතස්මිං යං විජ්ජති අන්තරෙ ධනං,
මුත්තා මණි වෙළුරියඤ්ච භද්දකං;
සිඞ්ගී සුවණ්ණං අථ වාපි කඤ්චනං,
යං ජාතරූපං හටකන්ති වුච්චති.
‘‘අට්ඨඞ්ගුපෙතස්ස උපොසථස්ස,
කලම්පි තෙ නානුභවන්ති සොළසිං;
චන්දප්පභා තාරගණා ච සබ්බෙ.
‘‘තස්මා හි නාරී ච නරො ච සීලවා,
අට්ඨඞ්ගුපෙතං උපවස්සුපොසථං;
පුඤ්ඤානි කත්වාන සුඛුද්‍රයානි,
අනින්දිතා සග්ගමුපෙන්ති ඨාන’’න්ති. දසමං;
71
“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාරමාතු පාසාද නම්වූ පූර්‍වාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි, මිගාර මාතාවූ විශාඛා උපාසිකා තොමෝ එදවස් පොහෝ දිනයෙහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නීය.
“එක් පසෙක හුන් මිගාර මාතා විශාඛා උපාසිකාවට භාග්‍යවතුන් වහන්සේ, “විශාඛාවෙනි, මේ දවල් කාලයෙහි කොයි සිට එන්නෙහිදැ?” යි වදාළ සේක.
“ස්වාමීනි, මම අද පෙහෙවස් සමාදන්ව වෙසෙමි” යි කීය.
“විශාඛාවෙනි, මේ උපෝසථ තුනක් වෙත්. කවර තුනක්ද? ගෝපාලක උපෝසථය, නිගණ්ඨ උපෝසථය, අරිය උපෝසථය යන මේ තුනය.
“විශාඛාවෙනි, කෙසේ නම් ගෝපාලක උපෝසථ ශීලය වන්නේද? විශාඛාවෙනි, යම්සේ ගොපලු තෙම, සවස් කාලයෙහි ගවයන් ස්වාමියන්ට භාරදී මෙසේ සිතන්නේද? කෙසේද? ‘අද ගවයෝ අසවල් අසවල් තන්හි හැසුරුණාහ. අසවල් අසවල් තන්හි පැන් පූහ. හෙට ගවයෝ අසවල් අසවල් තන්හි හැසිරෙන්නාහ. අසවල් අසවල් තන්හි පැන් බොන්නාහ’ කියායි. විශාඛාවෙනි, එපරිද්දෙන්ම මේ ලෝක යෙහි පෙහෙවස් සමාදන්වූ ඇතැමෙක් මෙසේ සිතයි. කෙසේද, “අද මම මේ මේ කෑ යුතු දෙය කෑවෙමි. මේ මේ පානය කළ යුතු දේ පානය කෙළෙමි. මම හෙට මේ මේ කෑ යුතු දේ කන්නෙමි. මේ මේ පානය කළ යුතු දේ බොන්නෙමි” කියායි. හෙතෙම ඒ ලෝභයෙන් අභිධ්‍යා සහගත සිතින් දවස ඉක්මවයි. විශාඛාවෙනි, මේ ගෝපාලක උපෝසථය වේ.
“විශාඛාවෙනි, මෙසේ වසන ලද ගෝපාලක උපෝසථය මහත් ඵල ඇත්තේ නොවෙයි. මහානිසංස ඇත්තේ නොවෙයි. මහත්වූ පැතිරීම් ඇත්තේ නොවෙයි.
“විශාඛාවෙනි, කෙසේ නම් නිඝණ්ඨ උපෝසථය වේද, විශාඛාවෙනි, නිඝණ්ඨ නම්වූ ශ්‍රමණ වර්‍ගයක් ඇත. ඔවුහු ශ්‍රාවකයන් මෙසේ සමාදන් කරවත්. කෙසේද? “පින්වත, මෙහි එව. පූර්‍ව දිශාවෙහි යොදුන් සියයකින් එපිට සත්ත්‍වයෝ වෙත් නම්, ඔවුන් කෙරෙහි දඬු මුගුරු බහා තබව. පශ්චිම දිශාවෙහි යොදුන් සියයකින් එපිට සත්ත්‍වයෝ වෙත් නම්, ඔවුන් කෙරෙහි දඬු මුගුරු බහා තබව. උතුරු දිශාවෙහි යොදුන් සියයකින් එපිට සත්ත්‍වයෝ වෙත් නම්, ඔවුන් කෙරෙහි දඬු මුගුරු බහා තබව. දකුණු දිශාවෙහි යොදුන් සියයකින් එපිට සත්ත්‍වයෝ වෙත් නම්, ඔවුන් කෙරෙහි දඬු මුගුරු බහා තබව.” කියායි. මෙසේ සමහර සතුන් කෙරෙහි කරුණාව පිණිස, අනුකම්පාව පිණිස සමාදන් කරවත්. සමහර සත්ත්‍වයන් කෙරෙහි අකරුණාව පිණිස, අනනුකම්පාව පිණිස සමාදන් කරවත්. ඔවුහු පොහෝ දිනයෙහි ශ්‍රාවකයන් මෙසේ සමාදන් කරවත්. කෙසේද? “පින්වත් පුරුෂය, මෙහි එව. සියලු වස්ත්‍ර බහා තබා, මම කිසි තැනක කිසිවෙකුට පළිබෝධ නොවෙමි. මට කිසි තැනෙක්හි, කිහියම් දෙයෙක්හි පළිබෝධයක් නැතැ” යි කියව. (එහෙත්) ඔහුගේ මවු පියෝ මේ අපගේ පුත්‍රයා යයි දනිත්. ඔහුද මේ මගේ මවු පියෝ යයි දනිත්. ඔහුගේ අඹු දරුවෝද මේ අපගේ පෝෂ්‍ය කරන්නා යයි දනිත්. ඔහුද මේ මගේ අඹු දරුවෝ යයි දනිත්. ඔහුගේ දැසි දස් කම්කරුවෝද මේ අපගේ ස්වාමියායයි දනිත්. ඔහුද මේ මගේ දැසි දස් කම්කරුවෝයයි දනිත්. මෙසේ යම් කලෙක සත්‍යයෙහි සමාදන් කරවිය යුත්තාහුද එකල බොරුවෙහි සමාදන් කරවත්. මේ ඔහුගේ මුසාවාදයයි කියමි. හෙතෙම ඒ රාත්‍රිය ගෙවීමෙන් පසු නුදුන්නාවූම ඇඳ පුටු කැඳ බත් ආදී පරිභොග කරයි. මේ ඔහුගේ අදින්නාදානය (සොරකම) යයි කියත්. විශාඛාවෙනි, මේ නිඝණ්ඨ උපෝසථය වෙයි.
“විශාඛාවෙනි, “මෙසේ වසනලද නිගණ්ඨ උපෝසථය මහත් ඵල ඇත්තේ නොවෙයි. මහත් ආනිසංස ඇත්තේ නොවෙයි. මහත් බැබලීම් ඇත්තේ නොවෙයි. පැතුරුණු විපාක ඇත්තේ නොවෙයි.
“විශාඛාවෙනි, කෙසේ අරිය උපෝසථය වේද? විශාඛාවෙනි, කෙලෙසුන්ගෙන් කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි. විශාඛාවෙනි, කිලුටුවූ සිත කෙසේ උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයිද?
“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඒ භාග්‍යවත් තෙමේ මෙසේද අර්‍හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුරිසදම්ම සාරථිය, දෙවි මිනිසුන්ට ශාස්තෘය, බුද්ධය, භාග්‍යවත්යයි තථාගතයන් සිහි කරයිද, තථාගතයන් සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. සතුට උපදියි. ඔහුගේ සිතේ යම් ක්ලේශයෝ වෙත්ද, ඒ ක්ලේශයෝ පහ වෙත්.
“විශාඛාවෙනි, කිළුටුවූ හිස උපක්‍රමයෙන් පිරිසිදු වෙයි. විශාඛාවෙනි, කිලුටුවූ හිස උපක්‍රමයෙන් කෙසේ පිරිසිදු වේද? නෙල්ලි කල්කය නිසාත්, මැටි නිසාත්, ජලය නිසාත්, ඊට සුදුසුවූ පුරුෂයාගේ උත්සාහය නිසාත්ය. විශාඛාවෙනි, මෙසේ කිලුටුවූ හිස උපක්‍රමයෙන් පිරිසිදු වෙයි. විශාඛාවෙනි, එපරිද්දෙන්ම කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයි.
“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඒ භාග්‍යවත් තෙමේ මෙසේද අර්‍හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුරිසදම්ම සාරථිය, දෙවි මිනිසුන්ට ශාස්තෘය, බුද්ධය, භාග්‍යවත්යයි තථාගතයන් සිහි කරයිද, තථාගතයන් සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. සතුට උපදියි. ඔහුගේ සිතේ යම් ක්ලේශයෝ වෙත්ද, ඒ ක්ලේශයෝ පහ වෙත්.
“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඒ භාග්‍යවත් තෙමේ මෙසේද අර්‍හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුරිසදම්ම සාරථිය, දෙවි මිනිසුන්ට ශාස්තෘය, බුද්ධය, භාග්‍යවත්යයි තථාගතයන් සිහි කරයිද, තථාගතයන් සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. සතුට උපදියි. ඔහුගේ සිතේ යම් ක්ලේශයෝ වෙත්ද, ඒ ක්ලේශයෝ පහ වෙත්.
“විශාඛාවෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ බ්‍රහ්ම උපෝසථය වන්නේ වෙයි. තථාගතයන් නමැති බ්‍රහ්මයා හා සමග වසන්නේ වෙයි. තථාගතයන් නමැති බ්‍රහ්මයා අරභයා සිත පහදවයි. ප්‍රීතිය උපදවයි. ඔහුගේ සිතේ යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහ වෙත්.
“විශාඛාවෙනි, කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයි. විශාඛාවෙනි, කෙසේ නම් කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයිද?
“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ, ‘භාග්‍යවතුන් විසින් ධර්‍මය මනාව දේශනා කරණ ලදී. සණදිට්ඨිකය, අකාලිකය, එහිඵස්සිකය, ඔපනයිකය, නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුතුය’ යි ධර්‍මය සිහි කරයිද, ධර්‍මය සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. සතුට උපදයි. ඔහුගේ සිතෙහි යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහවෙත්.
“විශාඛාවෙනි, කිලුටුවූ ශරීරය උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි. විශාඛාවෙනි, කිලුටුවූ ශරීරය කෙසේ උපක්‍රමයෙන් පිරිසිදු කරන්නේද? කුරුවින්‍දක ගල් සුණු වලින් සාදන ලද ඇඟ උලන ගල නිසාත්, ඇඟ ගාන සුණු නිසාත්, ජලය නිසාත්, ඊට සුදුසුවූ පුරුෂයාගේ උත්සාහය නිසාත්ය. විශාඛාවෙනි, මෙසේ කිලුටුවූ කය උපක්‍රමයෙන් පිරිසිදු වෙයි. විශාඛාවෙනි, කෙසේ කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයිද?
“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ, ‘භාග්‍යවතුන් විසින් ධර්‍මය මනාව දේශනා කරණ ලදී. සණදිට්ඨිකය, අකාලිකය, එහිඵස්සිකය, ඔපනයිකය, නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුතුය’ යි ධර්‍මය සිහි කරයිද, ධර්‍මය සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. සතුට උපදයි. ඔහුගේ සිතෙහි යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහවෙත්.
“විශාඛාවෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ධර්‍ම උපෝසථයෙහි වසයි. ධර්‍මය හා සමග වාසය කරයි. ධර්‍මය අරභයා ඔහුගේ සිත පහදියි. ප්‍රීතිය උපදියි. ඔහුගේ සිතේ යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහ වෙත්. විශාඛාවෙනි, මෙසේ වනාහි කිලිටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි.
“විශාඛාවෙනි, කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි. විශාඛාවෙනි, කෙසේ නම් කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයිද?
“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ, ‘භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝ තෙම සුපටිපන්නය. භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝ තෙම උජුපටිපන්නය. භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝ තෙම ඤායපටිපන්නය. භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝ තෙම සාමීචිපටිපන්නය. යම් ඒ පුරිස යුග සතරක්ද, පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක්ද ඇත්තාහුද, භාග්‍යවත්හුගේ ඒ ශ්‍රාවක සංඝ තෙම ආහුණෙය්‍ය වෙයි. පාහුෙනය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අඤ්ජලි කරණීය වෙයි. ලෝකයාගේ අනුත්තර පුන්‍ය ක්‍ෂෙත්‍රය වේය’ යි සංඝයා සිහි කරයිද, සංඝයා සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. ප්‍රීතිය උපදයි. ඔහුගේ සිතෙහි යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහවෙත්.
“විශාඛාවෙනි, යම්සේ අපිරිසිදු වස්ත්‍රය උපක්‍රමයෙන් පිරිසිදු වේද, විශාඛාවෙනි, කෙසේ කිලුටුවූ වස්ත්‍රය උපක්‍රමයෙන් පිරිසිදු වේද? උනුසුම නිසාද, අලු කාරම් නිසාද, ගොම නිසාද, ජලය නිසාද, පුරුෂයාගේ ඊට සුදුසු වෑයම් නිසාද. විශාඛාවෙනි, මෙසේ වනාහි කිලිටුවූ වස්ත්‍රය උපක්‍රමයෙන් පිරිසිදු වේ.
“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ, ‘භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝ තෙම සුපටිපන්නය. භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝ තෙම උජුපටිපන්නය. භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝ තෙම ඤායපටිපන්නය. භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝ තෙම සාමීචිපටිපන්නය. යම් ඒ පුරිස යුග සතරක්ද, පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක්ද ඇත්තාහුද, භාග්‍යවත්හුගේ ඒ ශ්‍රාවක සංඝ තෙම ආහුණෙය්‍ය වෙයි. පාහුෙනය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අඤ්ජලි කරණීය වෙයි. ලෝකයාගේ අනුත්තර පුන්‍ය ක්‍ෂෙත්‍රය වේය’ යි සංඝයා සිහි කරයිද, සංඝයා සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. ප්‍රීතිය උපදයි. ඔහුගේ සිතෙහි යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහවෙත්.
“විශාඛාවෙනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සංඝ උපෝසථයෙහි වාසය කරයි. සංඝයා හා සමග වාසය කරයි. සංඝයා අරභයා ඔහුගේ සිත පහදියි. ප්‍රීතිය උපදියි. ඔහුගේ සිතෙහි යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහ වෙත්. විශාඛාවෙනි, මෙසේ වනාහි කිලිටු සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයි.
“විශාඛාවෙනි, කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි. විශාඛාවෙනි, කිලුටුවූ සිත උපක්‍රමයෙන් කෙසේ පිරිසිදු වෙයිද?
“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කඩ නොවූ, සිදුරු නොවූ, කබර නොවූ, කැලැල් නොවූ, තෘෂ්ණාවට යටත් නොවූ, නුවණැතියන් විසින් ප්‍රශංසා කරණ ලද, තෘෂ්ණා දෘෂ්ටීන් විසින් අල්වා නොගන්නා ලද සමාධිය පිණිස පවත්නා තමාගේ ශීලය සිහි කරයිද, සීලය සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. ප්‍රීතිය උපදියි. ඔහුගේ සිතෙහි යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහවෙත්.
“විශාඛාවෙනි, කිලුටුවූ කැඩපත උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි. විශාඛාවෙනි, කිලුටුවූ කැඩපත උපක්‍රමයෙන් කෙසේ පිරිසිදු වෙයිද? තෙල් නිසාත්, අලු නිසාත්, බුරුසුව නිසාත්, පුරුෂයාගේ ඊට සුදුසුවූ උත්සාහය නිසාත්ය. විශාඛාවෙනි, මෙසේ කිලුටුවූ කැඩපත උපක්‍රමවෙන් පිරිසිදු වෙයි. විශාඛාවෙනි, මෙසේ කිලිටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදුවීම වේ.
“විශාඛාවෙනි, කෙසේ නම් කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයිද?
“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කඩ නොවූ, සිදුරු නොවූ, කබර නොවූ, කැලැල් නොවූ, තෘෂ්ණාවට යටත් නොවූ, නුවණැතියන් විසින් ප්‍රශංසා කරණ ලද, තෘෂ්ණා දෘෂ්ටීන් විසින් අල්වා නොගන්නා ලද සමාධිය පිණිස පවත්නා තමාගේ ශීලය සිහි කරයිද, සීලය සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. ප්‍රීතිය උපදියි. ඔහුගේ සිතෙහි යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහවෙත්.
“විශාඛාවෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙම සීල උපෝසථයෙහි වසන්නේය. සීලය හා සමග වාසය කරයි. ඔහුගේ සීලය අරබයා සිත පහදියි. ප්‍රීතිය උපදියි. ඔහුගේ සිතේ යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහවෙත්. විශාඛාවෙනි, මෙසේ කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි.
“විශාඛාවෙනි, කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයි. විශාඛාවෙනි, කෙසේ කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වෙයිද?
“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම චාතුර්මහාරාජික දෙවියෝ ඇත්තාහ. තව්තිසා දෙවියෝ ඇත්තාහ. යාම දෙවියෝ ඇත්තාහ. තුසිත දෙවියෝ ඇත්තාහ. නිර්මානරතී දෙවියෝ ඇත්තාහ. පරිනිර්මිත වසවර්ති දෙවියෝ ඇත්තාහ. එයින් මත්තෙහි බ්‍රහ්ම කායික දෙවියෝ ඇත්තාහ. යම්බඳුවූ ශ්‍රද්‍ධාවකින් යුක්තවූ ඒ දෙවියෝ මෙයින් චුතව එහි උපන්නාහුද, මා හටද එබඳුවූ ශ්‍රද්ධාවක් ඇත. යම් බඳුවූ සීලයකින් යුක්තවූ ඒ දෙවියෝ මෙයින් වුතව එහි උපන්නාහුද, එබඳුවු සීලයක් මටද ඇත. යම්බඳුවූ ශ්‍රුතයකින් යුත් ඒ දෙවියෝ මෙයින් චුතව එහි උපන්නාහුද, මටද එබඳුවූ ශ්‍රුතයක් ඇත. යම් බඳුවූ ත්‍යාගයකින් යුත් ඒ දෙවියෝ මෙයින් චුතව එහි උපන්නාහුද, මටද එබඳුවූ ත්‍යාගයක් ඇත. යම් බඳුවූ ප්‍රඥාවකින් යුත් ඒ දෙවියෝ මෙයින් චුතව එහි උපන්නාහුද, මටද එබඳුවූ ප්‍රඥාවක් ඇත. තමාගේද, ඒ දෙවියන්ගේද ශ්‍රද්ධාවද, ශීලයද, ශ්‍රුතයද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. ප්‍රීතිය උපදියි. ඔහුගේ සිතේ යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහවෙත්.
‘විශාඛාවෙනි, කිලුටුවූ කාසියක් උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි. විශාඛාවෙනි, කිලුටුවූ කාසියක් කෙසේ උපක්‍රමයෙන් පිරිසිදු වන්නේද? විශාඛාවෙනි, කෝව නිසාත්, ලුණු නිසාත්, ගෙරුක චූර්‍ණය නිසාත්, පිඹින නලය හා අඬුව නිසාත්, ඊට සුදුසුවූ උත්සාහය නිසාත්ය. විශාඛාවෙනි, මෙසේ වනාහි කිලුටු කාසිය උපක්‍රමයෙන් පිරිසිදුවීම වෙයි. විශාඛාවෙනි, එපරිද්දෙන්ම කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදුවීම වෙයි.
“විශාඛාවෙනි, කෙසේ කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු වේද?
“විශාඛාවෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම චාතුර්මහාරාජික දෙවියෝ ඇත්තාහ. තව්තිසා දෙවියෝ ඇත්තාහ. යාම දෙවියෝ ඇත්තාහ. තුසිත දෙවියෝ ඇත්තාහ. නිර්මානරතී දෙවියෝ ඇත්තාහ. පරිනිර්මිත වසවර්ති දෙවියෝ ඇත්තාහ. එයින් මත්තෙහි බ්‍රහ්ම කායික දෙවියෝ ඇත්තාහ. යම්බඳුවූ ශ්‍රද්‍ධාවකින් යුක්තවූ ඒ දෙවියෝ මෙයින් චුතව එහි උපන්නාහුද, මා හටද එබඳුවූ ශ්‍රද්ධාවක් ඇත. යම් බඳුවූ සීලයකින් යුක්තවූ ඒ දෙවියෝ මෙයින් වුතව එහි උපන්නාහුද, එබඳුවු සීලයක් මටද ඇත. යම්බඳුවූ ශ්‍රුතයකින් යුත් ඒ දෙවියෝ මෙයින් චුතව එහි උපන්නාහුද, මටද එබඳුවූ ශ්‍රුතයක් ඇත. යම් බඳුවූ ත්‍යාගයකින් යුත් ඒ දෙවියෝ මෙයින් චුතව එහි උපන්නාහුද, මටද එබඳුවූ ත්‍යාගයක් ඇත. යම් බඳුවූ ප්‍රඥාවකින් යුත් ඒ දෙවියෝ මෙයින් චුතව එහි උපන්නාහුද, මටද එබඳුවූ ප්‍රඥාවක් ඇත. තමාගේද, ඒ දෙවියන්ගේද ශ්‍රද්ධාවද, ශීලයද, ශ්‍රුතයද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහි කරන්නාවූ ඔහුගේ සිත පහදියි. ප්‍රීතිය උපදියි. ඔහුගේ සිතේ යම් ක්ලේශයෝ වෙත් නම් ඒ ක්ලේශයෝ පහවෙත්.
“විශාඛාවෙනි, මේ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ දේවතා උපෝසථයෙහි වසායයිද, දෙවියන් සමග වාසය කෙරේයයිද, කියනු ලැබේ. ඔහුගේ සිත දෙවියන් අරබයා පහදියි. ප්‍රීතිය උපදියි. ඔහුගේ සිතේ යම් ක්ලේශයෝ වෙත් නම්, ඒ ක්ලේශයෝ පහ වෙත්. විශාඛාවෙනි, මෙසේ කිලුටුවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කිරීම වෙයි.
“විශාඛාවෙනි, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ මෙසේ සිතයි. කෙසේද? “රහත්හු දිවි ඇතිතාක් ප්‍රාණඝාතය දුරුකොට, ප්‍රාණඝාතයෙන් වෙන්ව, බහා තබනලද දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, ලජ්ජා ඇතිව, දයාවෙන් යුක්තව, සියලු සත්ත්‍වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව, වාසය කරත්. මමද, මේ රාත්‍රියද, මේ දවාලද ප්‍රාණඝාතය දුරුකොට, ප්‍රාණඝාතයෙන් වැළකී, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, ලජ්ජා ඇතිව, දයා ඇතිව, සියලු සත්ත්‍වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව, වාසය කරමි. මම මේ අඞ්ගයෙන්ද රහතුන්ට අනුව පිළිපදිමි. එසේ කරන්නාවූ මා විසින් උපෝසථයද වසනලද්දේ වෙයි.
“රහත්හු දිවි ඇතිතාක් නුදුන් දෙය ගැනීම දුරුකොට, නුදුන් දෙය ගැනීමෙන් වෙන්ව, දුන් දෙයක්ම ගනිමින්, දුන් දෙයක්ම කැමති වෙමින්, සොර නොවූ, පිරසිදුවූ ආත්ම භාවයෙන් වාසය කරත්ද, මමද, මේ රාත්‍රියත්, මේ දවාලත් නුදුන් දෙය ගැනීම දුරුකොට, නුදුන් දෙය ගැනීමෙන් වෙන්ව, දුන් දෙයම ගනිමින්, දුන් දෙයම කැමති වෙමින්, සොර නෙවූ පිරිසිදුවූ ආත්ම භාවයෙන් වාසය කරමි. මම මේ අඞ්ගයෙන්ද රහතුන්ට අනුව පිළිපදිමි. එසේ කරන්නාවූ මා විසින් උපෝසථයද වසනලද්දේද වන්නේය.
“රහත්හු දිවි ඇතිතාක් අබ්‍රහ්මචර්‍ය්‍යාව දුරුකොට, බ්‍රහ්මචාරීව, අබ්‍රහ්මචර්‍ය්‍යාවෙන් ඈත්ව, මෛථුන සංඛ්‍යාත ග්‍රාම ධර්‍මයෙන් වෙන්ව වාසය කරත්. ‘මමද, මේ රාත්‍රියත් මේ දවාලත් අබ්‍රහ්මචර්‍ය්‍යාව පහකොට බ්‍රහ්මචාරීව, අබ්‍රහ්මචර්‍ය්‍යාවෙන් දුරුව, මෛථුන සංඛ්‍යාත ග්‍රාම ධර්‍මයෙන් වෙන්ව වාසය කරමි. මම මේ අඞ්ගයෙන්ද රහතුන්ට අනුව පිළිපදිමි. මෙසේ කරන්නාවූ මා විසින් උපෝසථයද වසනලද්දේද වන්නේය.
“රහත්හු දිවි ඇතිතාක් මුසාවාදය හැර, මුසාවාදයෙන් වැළක, සත්‍යය කියමින්, සත්‍යයෙන් සත්‍යය ගළපමින්, ස්ථිර වචන කියමින්, ඇදහිය හැකි වචන කියමින්. ලෝකයා වංචා නොකරත්ද, ‘මමද අද මේ රාත්‍රියද, මේ දවාලද බොරුව අත්හැර, බොරුවෙන් වැලැක්කේ, ඇත්ත කියමින්, ඇත්තෙන් ඇත්ත ගලපමින්, ස්ථිර වචන කියමින්, ඇදහිය හැකි වචන කියමින් ලෝකයා වංචා නොකරමි. ‘මම මේ අඞ්ගයෙන්ද රහතුන් අනුව පිළිපදිමි. එසේ කරන්නාවූ මා විසින් උපෝසථයද වසනලද්දේ වෙයි.
“රහත්හු දිවි ඇතිතාක් මදයට හා ප්‍රමාදයට හේතුවූ රහමෙර පීම හැර, මදයට හා ප්‍රමාදයට හේතුවූ රහමෙර පීමෙන් වැලැක්කාහුය. ‘මමද අද මේ රාත්‍රියද, මේ දවාලද, මදයට හා ප්‍රමාදයට හේතුවූ රහමෙර පීමෙන් වෙන්වෙමි. මම මේ අඞ්ගයෙන්ද රහතුන්ට අනුව පිළිපදිමි. එසේ කරන්නාවූ මා විසින් උපෝසථයද වසන ලද්දේ වෙයි.
“රහත්හු දිවි ඇතිතාක් එක වේලේ වළඳන බත් ඇත්තාහ. රාත්‍රි අනුභවයෙන් වැළැක්කාහ. නොකල් බොජුනෙන් වැළැක්කාහ. ‘මමද අද මේ දවාලද, මේ රාත්‍රියද එක බතක් ඇත්තෙමි. රාත්‍රි භොජනයෙන් වැළකී, නොකල්හි බොජුනෙන් වැළකීමි. මම මේ අඞ්ගයෙන්ද රහතුන්ට අනුව පිළිපදිමි. එසේ කරන්නාවූ මා විසින් උපෝසථයද වසන ලද්දේ වෙයි.
“රහත්හු දිවි ඇත්තාක් නැටීම, නැටවීම, ගී කීම, කියවීම, බෙර ආදිය ගැසීම, ගැස්සවීම, නැටුම් වැයුම් ආදී විහිළු දැකීම, මල් සුවඳද, විලවුන් පාවිච්චිය, සැරසීම, අලඞ්කාර කරගැනීම යන මෙයින් වෙන් වූවාහුද, ‘මමද අද මේ රාත්‍රියද දවාලද නැටිම, නැටවීම, ගී කීම, කියවීම, බෙර ආදිය ගැසීම, ගැස්සවීම, නැටුම් වැයුම් ආදී විහිළු දැකීම, මල් සුවඳ විලවුන් පාවිච්චිය සැරසීම, අලඞ්කාර කර ගැනීම යන මෙයින් වෙන් වෙමි. මම මේ අඞ්ගයෙන්ද රහතුන්ට අනුව පිළිපදිමි. එසේ කරන්නාවූ මා විසින් උපෝසථයද වසන ලද්දේ වෙයි.
“රහත්හු දිවි ඇතිතාක් උස් ආසන, මහා ආසන හැර උස් ආසන මහා ආසනයෙන් වෙන් වූවාහු, මිටි රියන් පමණ ඇඳෙහි හෝ තණ ඇතිරියෙහි හෝ මිටි අස්නෙක හොවිත්. ‘මමද අද මේ රාත්‍රියද, දවාලද උස් ආසන, මහා ආසන හැර, මිටි රියනක් පමණ ඇඳෙහි හෝ තණ ඇතිරියක හෝ හොවිමි. මම මේ අඞ්ගයෙන්ද රහතුන්ට අනුව පිළිපදිමි. එසේ කරන්නාවූ මා විසින් උපෝසථයද වසන ලද්දේ වෙයි.’
“විශාඛාවෙනි, මෙසේ විසූ ආර්‍ය්‍ය උපෝසථය මහත්ඵල වේ. මහත් ආනිසංස වේ. මහත් බැබලීම ඇත්තේය. මහත් පැතිරීම ඇත්තේය. කොපමණ මහත්ඵල මහත් ආනිසංස, මහත් බැබලීම් මහත් පැතිරීම් ඇත්තේද,.
“විශාඛාවෙනි, යම්සේ බොහෝ සත්රුවන් ඇති මේ සොළොස් ජනපදයන් ඇති, දඹදිව ඓෙශ්චර්‍ය්‍යයෙන් අධිපතිවූ චක්‍රවර්ති රජ වන්නේද, ඒ සොළොස් ජනපදය කවරේද? අඟු, මගධ, කාශි, කොශල, වජ්ජි, මල්ල, චෙතිය, වඞ්ග, කුරු, පඤ්චාල, මච්ඡ, සූරසේන, අස්සක, අවන්ති, ගන්‍ධාර, කාම්බෝජ යන මෙයයි. මේ සක්විති රාජ්‍යය අඞ්ග අටකින් යුක්ත උපෝසථයාගේ දහසයට බෙදූ කොටසක් පමණවත් නොවන්නේය. ඊට ාහ්තු කවරේද? විශාඛාවෙනි, දිව්‍ය සැපය හා සමකර බැලූ කල චක්‍රවර්ති රාජ්‍යය ස්වල්ප දෙයකි.
“විශාඛාවෙනි, මනුෂ්‍ය වර්‍ෂ පනසක් වේද, මෙය චාතුර්මහාරාජික දෙවියන්ට එක් රෑ දවාලකි. ඒ රාත්‍රියෙන් තිස් රැයක් මාසයකි. ඒ මසින් දොළොස් මසක් සංවත්සරයකි. ඒ සංවත්සරයෙන් දිව්‍ය වර්‍ෂ පන්සියයක් චාතුර්මහාරාජික වැසි දෙවියන්ගේ ආයු ප්‍රමාණයයි.
“විශාඛාවෙනි, මේ ලෝකයෙහි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අඞ්ග අටකින් යුත් උපෝසථය වැස, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන් අතර උපදින්නේය, යන මේ කාරණය විද්‍යමානවේ. විශාඛාවෙනි, දිව්‍ය සැපය හා සමකර බැලූ කල මනුෂ්‍ය සක්විති රජකම ස්වල්පයයි මේ සඳහා කියන ලදී.
“විශාඛාවෙනි, මනුෂය වර්‍ෂ සියයක් වේද, මෙය තව්තිසා වැසි දෙවියන්ට එක් රෑ දවාලකි. ඒ රාත්‍රියෙන් තිස් රැයක් මාසයකි. ඒ මසින් දොළොස් මසක් සංවත්සරයකි. ඒ සංවත්සරයෙන් දිව්‍ය වර්‍ෂ දහසක් තව්තිසා වැසි දෙවියන්ගේ ආයු ප්‍රමාණයයි.
“විශාඛාවෙනි, මේ ලෝකයෙහි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අඞ්ග අටකින් යුත් උපෝසථය වැස, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු තව්තිසා දෙවියන් අතර උපදින්නේය, යන මේ කාරණය විද්‍යමානවේ. විශාඛාවෙනි, දිව්‍ය සැපය හා සමකර බැලූ කල මනුෂ්‍ය සක්විති රජකම ස්වල්පයයි මේ සඳහා කියන ලදී.
“විශාඛාවෙනි, මනුෂ්‍ය වර්‍ෂ දෙසියයක් වේද, මෙය යාම දෙව්ලෝ වැසි දෙවියන්ට එක් රෑ දවාලකි. ඒ රාත්‍රියෙන් තිස් රැයක් මාසයකි. ඒ මසින් දොළොස් මසක් සංවත්සරයකි. ඒ සංවත්සරයෙන් දිව්‍ය වර්‍ෂ දෙදාහක් යාම දෙව්ලෝ වැසි දෙවියන්ගේ ආයු ප්‍රමාණයයි.
“විශාඛාවෙනි, මේ ලෝකයෙහි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අඞ්ග අටකින් යුත් උපෝසථය වැස, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යාම දෙවියන් අතර උපදින්නේය, යන මේ කාරණය විද්‍යමානවේ. විශාඛාවෙනි, දිව්‍ය සැපය හා සමකර බැලූ කල මනුෂ්‍ය සක්විති රජකම ස්වල්පයයි මේ සඳහා කියන ලදී.
“විශාඛාවෙනි, මනුෂ්‍ය වර්‍ෂ සාරසියයක් වේද, මෙය තුසිත දෙව්ලොව වැසි දෙවියන්ට එක් රෑ දවාලකි. ඒ රාත්‍රියෙන් තිස් රැයක් මාසයකි. ඒ මසින් දොළොස් මසක් සංවත්සරයකි. ඒ සංවත්සරයෙන් දිව්‍ය වර්‍ෂ හාරදාහක් තුසිත දෙව්ලොව වැසි දෙවියන්ගේ ආයු ප්‍රමාණයයි.
“විශාඛාවෙනි, මේ ලෝකයෙහි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අඞ්ග අටකින් යුත් උපෝසථය වැස, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු තුසිත දෙවියන් අතර උපදින්නේය, යන මේ කාරණය විද්‍යමානවේ. විශාඛාවෙනි, දිව්‍ය සැපය හා සමකර බැලූ කල මනුෂ්‍ය සක්විති රජකම ස්වල්පයයි මේ සඳහා කියන ලදී.
“විශාඛාවෙනි, මනුෂ්‍ය වර්‍ෂ අටසියයක් වේද, මෙය නිර්මාණරතී දෙවියන්ට එක් රෑ දවාලකි. ඒ රාත්‍රියෙන් තිස් රැයක් මාසයකි. ඒ මසින් දොළොස් මසක් සංවත්සරයකි. ඒ සංවත්සරයෙන් දිව්‍ය වර්‍ෂ අටදාහක් නිර්මාණරතී දෙවියන්ගේ ආයු ප්‍රමාණයයි.
“විශාඛාවෙනි, මේ ලෝකයෙහි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අඞ්ග අටකින් යුත් උපෝසථය වැස, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු නිර්මාණරතී දෙවියන් අතර උපදින්නේය, යන මේ කාරණය විද්‍යමානවේ. විශාඛාවෙනි, දිව්‍ය සැපය හා සමකර බැලූ කල මනුෂ්‍ය සක්විති රජකම ස්වල්පයයි මේ සඳහා කියන ලදී.
“විශාඛාවෙනි, මනුෂය වර්‍ෂ දහසය සීයක් වේද, මෙය පරනිර්මිත වසවර්ති දෙව්ලොව වැසි දෙවියන්ට එක් රෑ දවාලකි. ඒ රාත්‍රියෙන් තිස් රැයක් මාසයකි. ඒ මසින් දොළොස් මසක් සංවත්සරයකි. ඒ සංවත්සරයෙන් දිව්‍ය වර්‍ෂ දහසයදාහක් පරනිර්මිත වසවර්ති දෙව්ලොව දෙවියන්ගේ ආයු ප්‍රමාණයයි.
“විශාඛාවෙනි, මේ ලෝකයෙහි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අඞ්ග අටකින් යුත් උපෝසථය වැස, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු පරනිර්මිත වසවර්ති දෙවියන් අතර උපදින්නේය, යන මේ කාරණය විද්‍යමානවේ. විශාඛාවෙනි, දිව්‍ය සැපය හා සමකර බැලූ කල මනුෂය සක්විති රජකම ස්වල්පයයි මේ සඳහා කියන ලදී.
(1) “සතුන් නොමැරීම, අන්සතු වස්තුව නොගැනීම, බොරු නොකීම, මත්පැන් නොබීම කරන්නෙකු විය යුතුයි. මෛථුන සංඛ්‍යාත ශ්‍රේෂ්ඨ නොවන හැසිරීමෙන් වැලකීම, රෑ කෑම සංඛ්‍යාත නොකල්හි කෑම නොකළ යුතුයි.
(2) “මල් මාලා දරීම, සුවඳ පාවිච්චිය නොකළ යුතුයි. මිටි රියන් ඇඳෙහි හෝ බිම තණ ඇතිරියෙහි හෝ සයනය කළ යුතුයි. මේ අඞ්ග අටකින් යුත් උපෝසථයයි දුක් කෙළවර කළ බුදුන් විසින් වදාරණ ලදී.
(3) “යහපත් දැකුම් ඇති, අඳුරු දුරු කරණ චන්‍ද්‍රයාද සූර්‍ය්‍යයාද යන දෙදෙන බැබලෙමින් හැසිරෙත්ද, අහසෙහි සැරිසරන ඒ දෙදෙන දිශා බබුළුවමින් අහසෙහි හැසිරෙත්ද,
(4) “මේ අතර මුතුද මැණික්ද, යහපත්වූ වෛඩූර්‍ය්‍ය මැණික්ද, අං හැඩය ඇති සිංගී නම් රුවන්ද, නොහොත් පර්‍වතවල ඇතිවන රුවන්ද යන යම් ධනයක් ඇත්ද, යම් රුවනක් රුවන්ම වේද, කුහුඹු විසින් මෑත් කරණ ලද්දේද,
(5) “ඒ මුතු මැණික් අඞ්ග අටකින් යුත් උපෝසථයාගේ දහසයෙන් කොටසක්වත් නොඅගනේය. චන්‍ද්‍ර රශ්මියට සෙසු තාරකා මෙනි. එසේ හෙයින් ශීලයෙන් යුත් ස්ත්‍රී පුරුෂයන්
(6) “අඞ්ග අටෙන් යුත් උපෝසථය වැස, සැප විපාක ඇති පින් කොට, කිසිකෙනෙකුගෙන් නින්‍දා නොලබන දිව්‍ය ලෝකයට පැමිණෙත්.”