(6) 1. බ්රාහ්මණවග්ගො | (6) 1. බ්‍රාහ්මණ වර්ගය |
1. පඨමද්වෙබ්රාහ්මණසුත්තං | 1. ජරූපනීය සූත්‍රය |
52
අථ
‘‘තග්ඝ තුම්හෙ, බ්රාහ්මණා, ජිණ්ණා වුද්ධා මහල්ලකා අද්ධගතා වයොඅනුප්පත්තා වීසවස්සසතිකා ජාතියා; තෙ චත්ථ අකතකල්යාණා අකතකුසලා අකතභීරුත්තාණා. උපනීයති ඛො අයං, බ්රාහ්මණා, ලොකො ජරාය බ්යාධිනා මරණෙන. එවං උපනීයමානෙ ඛො, බ්රාහ්මණා, ලොකෙ ජරාය බ්යාධිනා මරණෙන, යො ඉධ කායෙන සංයමො වාචාය සංයමො මනසා සංයමො, තං තස්ස පෙතස්ස තාණඤ්ච ලෙණඤ්ච දීපඤ්ච සරණඤ්ච පරායණඤ්චා’’ති.
‘‘උපනීයති
ජරූපනීතස්ස න සන්ති තාණා;
එතං භයං මරණෙ පෙක්ඛමානො,
පුඤ්ඤානි කයිරාථ සුඛාවහානි.
‘‘යොධ
තං තස්ස පෙතස්ස සුඛාය හොති,
යං ජීවමානො පකරොති පුඤ්ඤ’’න්ති.
(සං. නි. 1.100) පඨමං;
|
52
ඉක්බිත්තෙන් වනාහි, ජරාවට ගියාවූ, වයසින් වැඩිවූ, මහළුවූ, වයස් ඉක්ම ගියාවූ, වයසට පැමිණියාවූ, උත්පත්තියෙන් එකසිය විසි වයස් ඇත්තාවූ, බමුණෝ දෙදෙනෙක්, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූවාහුය. සතුටුවියයුතුවූ, සිහි කටයුතුවූ කථාව කොට නිමවා, එකත්පසෙක හුන්නාහුය.
එකත්පසෙක හුන් ඒ බමුණෝ භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, අපි ජරාවට ගියාවූ, වයසින් වැඩිවූ, මහළුවූ, වයස් ඉක්ම ගියාවූ, වයසට පැමිණියාවූ, උත්පත්තියෙන් එකසිය විසි වයස් ඇත්තාවූ, බමුණෝ වෙමු. ඒ අපි නොකරණ ලද යහපත් ක්‍රියා ඇත්තෝ වෙමු. නොකරණ ලද කුශල් ඇත්තෝ වෙමු. නොකරණ ලද භය ආරක්ෂා ඇත්තෝ වෙමු. යමක් බොහෝ කාලයක් මුළුල්ලෙහි අපට හිත පිණිස, සැප පිණිස වන්නේද, එවැනි අවවාදයකින් භවත් ගෞතමයන් වහන්සේ අපට අවවාද කරණ සේක්වා. භවත් ගෞතමයන් වහන්සේ අපට අනුශාසනා කරණ සේක්වා” යි සැළකෙළේය.
“බ්‍රාහ්මණයෙනි, ඒකාන්තයෙන් තෙපි ජරාවට ගියාවූ, වයසින් වැඩිවූ, මහළුවූ, වයස් ඉක්ම ගියාවූ, වයසට පැමිණියාවූ, උත්පත්තියෙන් එකසිය විසි වයස් ඇත්තෝ වූවහුය, ඒ තෙපිද නොකරණ ලද යහපත් ක්‍රියා ඇත්තෝ වන්නහුය. නොකරණ ලද කුශල් ඇත්තාහුය. නොකරණ ලද භය ආරක්ෂා ඇත්තෝ වන්නහුය.
“බමුණෙනි, මේ ලෝකය ජරාවෙන්ද, රෝගයෙන්ද, මරණයෙන්ද ගෙනයනු ලැබේ. බමුණෙනි, මෙසේ ජරාවෙන්ද, ව්‍යාධියෙන්ද, මරණයෙන්ද ගෙනයනු ලබන ලෝකයෙහි යමෙක් කයින් හික්මෙයිද, වචනයෙන් හික්මෙයිද, සිතින් හික්මෙයිද, එය පරලොව ගියාවූ ඔහුට ආරක්ෂාවද, සැඟවෙන ගුහාවද, සරණද, පිහිටද වෙයි.
(1) “ජීවිතය මරණය කරා ගෙනයනු ලැබේ. ආයුෂය ඉතා ස්වල්පය. ජරාව විසින් මරණය කරා ගෙන යන්නහුට ආරක්ෂාවක් නැත. මරණය පිළිබඳව මේ තුන් භය දකිමින්, සැප එළවන්නාවූ පින් කරන්නේය.
(2) මේ ලෝකයෙහි ජීවත්වෙන පුද්ගලතෙම යම් හෙයකින් පින් කරයිද, ඔහුගේ කයින් වචනයෙන් සහ සිතින් යම් හික්මීමක් වෙයිද, එය පරලොව ගියාවූ ඔහුට සැප පිණිස වෙයි.
|
2. දුතියද්වෙබ්රාහ්මණසුත්තං | 2. අදිත්තාගාර සූත්‍රය |
53
අථ
‘‘තග්ඝ තුම්හෙ, බ්රාහ්මණා, ජිණ්ණා වුද්ධා මහල්ලකා අද්ධගතා වයොඅනුප්පත්තා වීසවස්සසතිකා ජාතියා; තෙ චත්ථ අකතකල්යාණා අකතකුසලා අකතභීරුත්තාණා. ආදිත්තො ඛො අයං, බ්රාහ්මණා, ලොකො ජරාය බ්යාධිනා මරණෙන. එවං ආදිත්තෙ ඛො, බ්රාහ්මණා, ලොකෙ ජරාය බ්යාධිනා මරණෙන, යො ඉධ කායෙන සංයමො වාචාය සංයමො මනසා සංයමො, තං
‘‘ආදිත්තස්මිං අගාරස්මිං, යං නීහරති භාජනං;
තං තස්ස හොති අත්ථාය, නො ච යං තත්ථ ඩය්හති.
‘‘එවං ආදිත්තො ඛො
(එවං ආදීවිතො (සී. පී.), එවං ආදිත්තකො (ස්‍යා. කං.) සං. නි. 1.41) ලොකො, ජරාය මරණෙන ච;
නීහරෙථෙව දානෙන, දින්නං හොති සුනීහතං
(සුනිබ්භතං (ක.)).
‘‘යොධ කායෙන සංයමො, වාචාය උද චෙතසා;
තං තස්ස පෙතස්ස සුඛාය හොති,
යං ජීවමානො පකරොති පුඤ්ඤ’’න්ති. දුතියං;
|
53
ඉක්බිත්තෙන් වනාහි, ජරාවට ගියාවූ, වයසින් වැඩිවූ, මහළුවූ, වයස් ඉක්ම ගියාවූ, වයසට පැමිණියාවූ, උත්පත්තියෙන් එකසිය විසි වයස් ඇත්තාවූ, බමුණෝ දෙදෙනෙක්, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූවාහුය. සතුටුවියයුතුවූ, සිහි කටයුතුවූ කථාව කොට නිමවා, එකත්පසෙක හුන්නාහුය.
එකත්පසෙක හුන් ඒ බමුණෝ භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, අපි ජරාවට ගියාවූ, වයසින් වැඩිවූ, මහළුවූ, වයස් ඉක්ම ගියාවූ, වයසට පැමිණියාවූ, උත්පත්තියෙන් එකසිය විසි වයස් ඇත්තාවූ, බමුණෝ වෙමු. ඒ අපි නොකරණ ලද යහපත් ක්‍රියා ඇත්තෝ වෙමු. නොකරණ ලද කුශල් ඇත්තෝ වෙමු. නොකරණ ලද භය ආරක්ෂා ඇත්තෝ වෙමු. යමක් බොහෝ කාලයක් මුළුල්ලෙහි අපට හිත පිණිස, සැප පිණිස වන්නේද, එවැනි අවවාදයකින් භවත් ගෞතමයන් වහන්සේ අපට අවවාද කරණ සේක්වා. භවත් ගෞතමයන් වහන්සේ අපට අනුශාසනා කරණ සේක්වා” යි සැළකෙළේය.
“බ්‍රාහ්මණයෙනි, ඒකාන්තයෙන් තෙපි ජරාවට ගියාවූ, වයසින් වැඩිවූ, මහළුවූ, වයස් ඉක්ම ගියාවූ, වයසට පැමිණියාවූ, උත්පත්තියෙන් එකසිය විසි වයස් ඇත්තෝ වූවහුය, ඒ තෙපිද නොකරණ ලද යහපත් ක්‍රියා ඇත්තෝ වන්නහුය. නොකරණ ලද කුශල් ඇත්තාහුය. නොකරණ ලද භය ආරක්ෂා ඇත්තෝ වන්නහුය.
“බ්‍රාහ්මණයෙනි, මේ ලෝකය ජරාවෙන්ද, ව්‍යාධියෙන්ද, මරණයෙන්ද ඇවිල ගත්තේය. බමුණෙනි, මෙසේ ඇවිලගත් ලෝකයෙහි, කයින්, වචනයෙන්, සිතින් යම් හික්මීමක් වේ නම්, එය පරලොව ගිය ඔහුට ආරක්ෂාවද, සැඟවෙන ගුහාවද, සරණද, පිහිටද වේය” යි වදාළ සේක.
(1) “ගෙයක් ගිණිගෙණ දන කල්හි යම්කිසි භාණ්ඩයක් බැහැර කෙළේද, එය ඔහුට ප්‍රයෝජනය පිණිස වෙයි. යමක් එහි දැවේද, එය ප්‍රයෝජනය පිණිස නොවේ.
(2) “මෙසේ ලෝකය ජරාවෙන්ද, මරණයෙන්ද දල්වන ලද්දේය. (එහෙයින්) දාහයෙන් ඒ ඇවිලගත් දෙය බැහැර කරන්නේමය. දෙන ලද්ද මොනවට බැහැර කරණ ලද්දේ වේ.
(3) “මේ ලෝකයෙහි ජීවත්වන පුද්ගලතෙම යම් හෙයකින් පින් කරයිද, ඔහුගේ කයින්, වචනයෙන් සහ සිතින් යම් හික්මීමක් වෙයිද, පරලොව ගියාවූ ඔහුට සැප පිණිස වෙයි.”
|
3. අඤ්ඤතරබ්‍රාහ්මණසුත්තං | 3. සන්දිට්ඨික ධම්ම සූත්‍රය |
54
අථ
‘‘රත්තො ඛො, බ්‍රාහ්මණ, රාගෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තබ්‍යාබාධායපි
‘‘දුට්ඨො ඛො, බ්‍රාහ්මණ, දොසෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි
‘‘මූළ්හො ඛො, බ්‍රාහ්මණ, මොහෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි චෙතෙති, උභයබ්‍යාබාධායපි චෙතෙති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. මොහෙ පහීනෙ නෙවත්තබ්‍යාබාධායපි චෙතෙති, න පරබ්‍යාබාධායපි චෙතෙති, න උභයබ්‍යාබාධායපි
‘‘අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතම! සෙය්යථාපි, භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය - ‘චක්ඛුමන්තො රූපානි දක්ඛන්තී’ති; එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. තතියං.
|
54
“ඉක්බිති එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සිහිකටයුතුවූ කථාව කොට එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ඒ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, ධර්මය තෙම ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේයයි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණකින් ධර්මය තෙම ප්රත්යක්ෂව දැක්ක යුතු ගුණ ඇත්තේ වේද, කල් නොයවා දෙන ඵල ඇත්තේ වේද, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේ වේද, තමන්ගේ සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේ වේද, නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වේදැ” යි ඇසීය.
“බ්‍රාහ්මණය, රාගයෙන් මඩනා ලද්දාවූ, රාගයෙන් විනාශ කරණ ලද සිත් ඇත්තාවූ, ඇලුණාවූ පුද්ගල තෙම,
“තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද විඳියි.
“රාගය ප්‍රහීණවූ කල්හි තමාහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද තොසිතයි. තමන්ට හා අනුන්ට දුක් පිණිසද නොසිතයි.”
“මානසික දුකද, දොම්නසද නොවිඳී. බ්‍රාහ්මණය, මෙසේද ධර්මය තෙම ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේ වේ, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය, තමන් සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වෙයි.
“බමුණ, ද්වේෂයෙන් මඩනා ලද්දාවූ, ද්වේෂයෙන් විනාශ කරණ ලද්දාවූ සිත් ඇත්තාවූ පුද්ගල තෙම,
“තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද විඳියි.
“ද්වේෂය ප්‍රහීණවූ කල්හි, තමාහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද නොසිතයි. තමන්ට හා අනුන්ටද දුක් පිණිසද නොසිතයි.
“මානසික දුකද, දොම්නසද නොවිඳී. බ්‍රාහ්මණය, මෙසේද ධර්මය තෙම ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේ වේ, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය, තමන් සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වෙයි.
“බමුණ, මෝහයෙන් මඩනා ලද්දාවූ, මෝහයෙන් විනාශ කරණ ලද්දාවූ, සිත් ඇති පුද්ගල තෙම,
“තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද විඳියි.
“මෝහය ප්‍රහීණවූ කල්හි තමාහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද නොසිතයි. තමන්ට හා අනුන්ටද දුක් පිණිසද නොසිතයි.
“මානසික දුකද, දොම්නසද නොවිඳී. බ්‍රාහ්මණය, මෙසේද ධර්මය තෙම ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේ වේ, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය, තමන් සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වෙයි.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරණ ලද්දේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි කියා තෙල් පහණක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ ඇසූ මම භවත් ගෞතමයන් වහන්සේගේද, ධර්මයෙහිද, සංඝයාගේද සරණ යමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට මා දන්නා සේක්වා” යි කීයේය.
|
4. පරිබ්බාජකසුත්තං | 4. පරිබ්බාජක සන්දිට්ඨික සූත්‍රය |
55
අථ ඛො අඤ්ඤතරො බ්රාහ්මණපරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා...පෙ.... එකමන්තං නිසින්නො ඛො සො බ්රාහ්මණපරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘‘‘සන්දිට්ඨිකො ධම්මො සන්දිට්ඨිකො ධම්මො’ති, භො ගොතම, වුච්චති. කිත්තාවතා නු ඛො, භො ගොතම, සන්දිට්ඨිකො ධම්මො හොති අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’’ති?
‘‘රත්තො ඛො, බ්‍රාහ්මණ, රාගෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි චෙතෙති, උභයබ්‍යාබාධායපි චෙතෙති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. රාගෙ පහීනෙ නෙවත්තබ්‍යාබාධායපි
‘‘රත්තො
‘‘රත්තො
‘‘දුට්ඨො ඛො, බ්‍රාහ්මණ, දොසෙන...පෙ.... මූළ්හො ඛො, බ්‍රාහ්මණ, මොහෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි චෙතෙති, උභයබ්‍යාබාධායපි චෙතෙති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. මොහෙ පහීනෙ නෙවත්තබ්‍යාබාධායපි චෙතෙති, න පරබ්‍යාබාධායපි චෙතෙති, න උභයබ්‍යාබාධායපි චෙතෙති, න චෙතසිකං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති.
‘‘මූළ්හො ඛො, බ්‍රාහ්මණ, මොහෙන අභිභූතො පරියාදින්නචිත්තො, කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. මොහෙ පහීනෙ නෙව කායෙන දුච්චරිතං චරති, න වාචාය දුච්චරිතං චරති, න මනසා දුච්චරිතං චරති.
‘‘මූළ්හො ඛො, බ්‍රාහ්මණ, මොහෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තත්ථම්පි යථාභූතං නප්පජානාති, පරත්ථම්පි යථාභූතං නප්පජානාති
‘‘අභික්කන්තං, භො ගොතම...පෙ.... උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. චතුත්ථං.
|
55
“ඉක්බිති එක්තරා බ්‍රාහ්මණ පරිබ්‍රාජකයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සිහිකටයුතුවූ කථාව කොට එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට,
“භවත් ගෞතමයන් වහන්ස, ධර්මය තෙම ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේයයි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණකින් ධර්මය තෙම ප්රත්යක්ෂව දැක්ක යුතු ගුණ ඇත්තේ වේද, කල් නොයවා දෙන ඵල ඇත්තේ වේද, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේ වේද, තමන්ගේ සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේ වේද, නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වේදැ” යි ඇසීය.
“බ්‍රාහ්මණය, රාගයෙන් මඩනා ලද්දාවූ, රාගයෙන් විනාශ කරණ ලද සිත් ඇත්තාවූ, ඇලුණාවූ පුද්ගල තෙම,
“තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද විඳියි.
“බමුණ, රාගයෙන් මඩනා ලද්දේ, රාගයෙන් විනාශ කරණ ලද සිත් ඇත්තේ, කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. සිතින් දුසිරිතෙහි හැසිරෙයි. රාගය ප්‍රහීණවූ කල්හි, කයින් දුශ්චරිතයෙහි නොහැසිරෙයි. වචනයෙන් දුශ්චරිතයෙහි නොහැසිරෙයි. සිතින් දුශ්චරිතයෙහි නොහැසිරෙයි. බමුණ, රාගයෙන් මඩනා ලද්දේ, රාගයෙන් විනාශ කරණ ලද්දේ, ආත්මාර්‍ත්‍ථයද තත්වූ පරිද්දෙන් නොදනී. පරාර්ත්ථයද තත්වූ පරිද්දෙන් නොදනී. ආත්මාර්‍ත්‍ථ, පරාර්ත්ථ දෙකද තත්වූ පරිද්දෙන් නොදනී. රාගය නැති කල්හි, ආත්මාර්‍ත්‍ථයද තත්වූ පරිද්දෙන් දනී. පරාර්ත්ථයද තත්වූ පරිද්දෙන් දනී. ආත්මාර්‍ත්‍ථ, පරාර්ත්ථ දෙකද තත්වූ පරිද්දෙන් දනී.
“බමුණ, මෙසේ වනාහි ධර්මය ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේ වේ. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් සිත්හි පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය.
“බමුණ, ද්වේෂයෙන් මඩනා ලද්දේ, ද්වේෂයෙන් විනාශ කරණ ලද සිත් ඇත්තේ, කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. සිතින් දුසිරිතෙහි හැසිරෙයි. ද්වේෂය ප්රහීණවු කල්හි කයින් දුෂ්චරිතයෙහි නොහැසිරෙයි. වචනයෙන් දුෂ්චරිතයෙහි නොහැසිරෙයි. සිතින් දුෂ්චරිතයෙහි නොහැසිරෙයි. බමුණ, ද්වේෂයෙන් මඩනා ලද්දේ, ද්වේෂයෙන් විනාශ කරණ ලද්දේ, ආත්මාන්ර්ථයද තත්වූ පරිද්දෙන් නොදනී. පරාන්ර්ථයද තත්වූ පරිද්දෙන් නොදනී. ආත්මාන්ර්ථ පරාර්ත්ථ දෙකද තත්වූ පරිද්දෙන් නොදනී. ද්වේෂය නැති කල්හි ආත්මාර්‍ත්‍ථයද තත්වූ පරිද්දෙන් දනී. පරාර්ත්ථයද තත්වූ පරිද්දෙන් දනී. ආත්මාර්‍ත්‍ථ පරාර්ත්ථ දෙකද තත්වූ පරිද්දෙන් දනී.
“බමුණ, මෙසේ වනාහි ධර්මය ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේ වේ. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් සිත්හි පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය.
“බමුණ, මෝහයෙන් මඩනා ලද්දේ, මෝහයෙන් විනාශ කරණ ලද සිත් ඇත්තේ, තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද, දොම්නසද විඳියි. මෝහය නැති කල්හි තමන්ට දුක් පිණිස නොසිතයි. අනුන්ට දුක් පිණිස නොසිතයි. තමහට හා අනුන්ටද දුක් පිණිස නොසිතයි. මානසික දුකත් දොම්නසත් නොවිඳියි.
“බමුණ, මෝහයෙන් මඩනා ලද්දේ මෝහයෙන් විනාශ කරණ ලද සිත් ඇත්තේ, කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. සිතින් දුසිරිතෙහි හැසිරෙයි. මෝහය ප්‍රහීණවූ කල්හි කයින් දුශ්චරිතයෙහි නොහැසිරෙයි. වචනයෙන් දුශ්චරිතයෙහි නොහැසිරෙයි. සිතින් දුශ්චරිතයෙහි නොහැසිරෙයි. බමුණ, මෝහයෙන් මඩනා ලද්දේ, මෝහයෙන් විනාශ කරණ ලද්දේ, ආත්මාර්‍ත්‍ථයද තත්වූ පරිද්දෙන් නොදනී. පරාර්ත්ථයද තත්වූ පරිද්දෙන් නොදනී. ආත්මාර්‍ත්‍ථ, පරාර්ත්ථ දෙකද තත්වූ පරිද්දෙන් නොදනී. මෝහය නැති කල්හි, ආත්මාර්‍ත්‍ථයද තත්වූ පරිද්දෙන් දනී. පරාර්ත්ථයද තත්වූ පරිද්දෙන් දනී. ආත්මාර්‍ත්‍ථ, පරාර්ත්ථ දෙකද තත්වූ පරිද්දෙන් දනී.
“බමුණ, මෙසේ වනාහි ධර්මය ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේ වේ. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් සිත්හි පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරණ ලද්දේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි කියා තෙල් පහණක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ ඇසූ මම භවත් ගෞතමයන් වහන්සේගේද, ධර්මයෙහිද, සංඝයාගේද සරණ යමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට මා දන්නා සේක්වා” යි කීයේය.
|
5. නිබ්බුතසුත්තං | 5. සන්දිට්ඨික නිබ්බාන සූත්‍රය |
56
අථ ඛො ජාණුස්සොණි බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජාණුස්සොණි බ්රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘‘සන්දිට්ඨිකං නිබ්බානං සන්දිට්ඨිකං නිබ්බාන’න්ති, භො ගොතම, වුච්චති. කිත්තාවතා
‘‘රත්තො
‘‘දුට්ඨො ඛො, බ්‍රාහ්මණ...පෙ.... මූළ්හො ඛො, බ්‍රාහ්මණ, මොහෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි චෙතෙති, උභයබ්‍යාබාධායපි චෙතෙති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. මොහෙ පහීනෙ නෙවත්තබ්‍යාබාධායපි
‘‘යතො ඛො අයං, බ්‍රාහ්මණ
(යතො ච ඛො අයං බ්‍රාහ්මණ (සී.), යතො ඛො බ්‍රාහ්මණ අකාලිකං එහිපස්සිකං ඔපනෙය්යිකං පච්චත්තං වෙදිතබ්බං (ක.)), අනවසෙසං රාගක්ඛයං පටිසංවෙදෙති, අනවසෙසං දොසක්ඛයං පටිසංවෙදෙති, අනවසෙසං මොහක්ඛයං පටිසංවෙදෙති; එවං ඛො, බ්‍රාහ්මණ, සන්දිට්ඨිකං නිබ්බානං හොති අකාලිකං එහිපස්සිකං ඔපනෙය්යිකං පච්චත්තං වෙදිතබ්බං විඤ්ඤූහී’’ති. ‘‘අභික්කන්තං, භො ගොතම...පෙ.... උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. පඤ්චමං.
|
56
“ඉක්බිත්තෙන් වනාහි ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, නිර්වාණය තමන් විසින් දැක්ක යුතුයි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණකින් වනාහි නිර්වාණය තමන් විසින් දැක්කයුතු වේද, කල් නොයවා පැමිණියයුතු වේද, එව බලවයි පෙන්විය හැකි වේද, ප්‍රතිපත්තියෙන් පැමිණියයුතු වේද, පණ්ඩිතයන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වේදැ” යි ඇසූයේය.
“බ්‍රාහ්මණය, රාගයෙන් මඩනා ලද්දාවූ, රාගයෙන් විනාශ කරණ ලද සිත් ඇත්තාවූ, ඇලුණාවූ පුද්ගල තෙම,
“තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද විඳියි.
“රාගය ප්‍රහීණවූ කල්හි තමාහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද තොසිතයි. තමන්ට හා අනුන්ට දුක් පිණිසද නොසිතයි.”
“මානසික දුකද, දොම්නසද නොවිඳී. බ්‍රාහ්මණය, මෙසේද නිර්වාණය තෙම ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේ වේ, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය, තමන් සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වෙයි.
“බමුණ, ද්වේෂයෙන් මඩනා ලද්දාවූ, ද්වේෂයෙන් විනාශ කරණ ලද්දාවූ සිත් ඇත්තාවූ පුද්ගල තෙම,
“තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද විඳියි.
“ද්වේෂය ප්‍රහීණවූ කල්හි, තමාහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද නොසිතයි. තමන්ට හා අනුන්ටද දුක් පිණිසද නොසිතයි.
“මානසික දුකද, දොම්නසද නොවිඳී. බ්‍රාහ්මණය, මෙසේද නිර්වාණය තෙම ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේ වේ, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය, තමන් සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වෙයි.
“බමුණ, මෝහයෙන් මඩනා ලද්දාවූ, මෝහයෙන් විනාශ කරණ ලද්දාවූ, සිත් ඇති පුද්ගල තෙම,
“තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද විඳියි.
“මෝහය ප්‍රහීණවූ කල්හි තමාහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද නොසිතයි. තමන්ට හා අනුන්ටද දුක් පිණිසද නොසිතයි.
“මානසික දුකද, දොම්නසද නොවිඳී. බ්‍රාහ්මණය, මෙසේද නිර්වාණය තෙම ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේ වේ, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය, තමන් සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වෙයි.
“බමුණ, මෙසේ වනාහි නිර්වාණය තමන් විසින් දැක්ක යුතුය. බමුණ, යම් කලක පටන් මේ නිරවශෙෂ වශයෙන් තෘෂ්ණාව ක්ෂය කිරීමයයි කියනලද නිර්වාණ රසය විඳීද, නිරවශෙෂ වශයෙන් ද්වේෂය ක්ෂය කිරීමයයි කියනලද නිර්වාණ රසය විඳීද, නිරවශේෂ වශයෙන් මෝහය ක්ෂයකිරීමයයි කියන ලද නිර්වාණ සැපය විඳීද, බ්‍රාහ්මණය, මෙසේ වනාහි නිර්වාණය තමන් විසින් දැකිය යුතු වෙයි. කල් නොයවා පැමිණිය යුතු වෙයි. එව බලවයි පෙන්විය හැකි වෙයි. ප්‍රතිපත්තියෙන් පැමිණිය යුතු වෙයි. පණ්ඩිතයන් විසින් තමන් කෙරෙහි ලා දත යුතු වෙයි.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරණ ලද්දේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි කියා තෙල් පහණක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ ඇසූ මම භවත් ගෞතමයන් වහන්සේගේද, ධර්මයෙහිද, සංඝයාගේද සරණ යමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට මා දන්නා සේක්වා” යි කීයේය.
|
6. පලොකසුත්තං | 6. අධම්මරාග සූත්‍රය |
57
අථ ඛො අඤ්ඤතරො බ්රාහ්මණමහාසාලො යෙන භගවා තෙනුපසඞ්කමි...පෙ.... එකමන්තං නිසින්නො ඛො සො බ්රාහ්මණමහාසාලො භගවන්තං එතදවොච - ‘‘සුතං මෙතං, භො ගොතම, පුබ්බකානං බ්රාහ්මණානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං - ‘පුබ්බෙ සුදං
(පුබ්බස්සුදං (සී. ස්‍යා. කං. පී.)) අයං ලොකො අවීචි මඤ්ඤෙ ඵුටො අහොසි මනුස්සෙහි, කුක්කුටසංපාතිකා ගාමනිගමරාජධානියො’ති. කො නු ඛො, භො ගොතම, හෙතු කො පච්චයො යෙනෙතරහි මනුස්සානං ඛයො හොති, තනුත්තං පඤ්ඤායති, ගාමාපි
‘‘එතරහි, බ්‍රාහ්මණ, මනුස්සා අධම්මරාගරත්තා විසමලොභාභිභූතා මිච්ඡාධම්මපරෙතා. තෙ අධම්මරාගරත්තා විසමලොභාභිභූතා මිච්ඡාධම්මපරෙතා තිණ්හානි සත්ථානි ගහෙත්වා අඤ්ඤමඤ්ඤං
(අඤ්ඤමඤ්ඤස්ස (සබ්බත්ථ)) ජීවිතා වොරොපෙන්ති, තෙන බහූ මනුස්සා කාලං කරොන්ති. අයම්පි ඛො
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, එතරහි මනුස්සා අධම්මරාගරත්තා විසමලොභාභිභූතා මිච්ඡාධම්මපරෙතා. තෙසං අධම්මරාගරත්තානං විසමලොභාභිභූතානං මිච්ඡාධම්මපරෙතානං දෙවො න සම්මාධාරං අනුප්පවෙච්ඡති. තෙන දුබ්භික්ඛං හොති දුස්සස්සං සෙතට්ඨිකං සලාකාවුත්තං. තෙන බහූ මනුස්සා කාලං කරොන්ති. අයම්පි ඛො, බ්‍රාහ්මණ, හෙතු අයං පච්චයො යෙනෙතරහි මනුස්සානං ඛයො හොති, තනුත්තං පඤ්ඤායති, ගාමාපි අගාමා හොන්ති, නිගමාපි අනිගමා හොන්ති, නගරාපි අනගරා හොන්ති, ජනපදාපි අජනපදා හොන්ති.
‘‘පුන චපරං, බ්‍රාහ්මණ, එතරහි මනුස්සා අධම්මරාගරත්තා විසමලොභාභිභූතා මිච්ඡාධම්මපරෙතා. තෙසං අධම්මරාගරත්තානං විසමලොභාභිභූතානං මිච්ඡාධම්මපරෙතානං යක්ඛා වාළෙ අමනුස්සෙ ඔස්සජ්ජන්ති
(ඔස්සජන්ති (සී.)), තෙන බහූ මනුස්සා කාලං කරොන්ති. අයම්පි ඛො, බ්‍රාහ්මණ, හෙතු අයං පච්චයො යෙනෙතරහි මනුස්සානං ඛයො හොති, තනුත්තං පඤ්ඤායති, ගාමාපි අගාමා හොන්ති, නිගමාපි අනිගමා හොන්ති, නගරාපි අනගරා හොන්ති, ජනපදාපි අජනපදා හොන්තී’’ති.
‘‘අභික්කන්තං, භො ගොතම...පෙ.... උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. ඡට්ඨං.
|
57
ඉක්බිති වනාහි එක්තරා මහාසාර බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ මහාසාර බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, පෙර කාලයෙහිවූ, වයෝවෘද්ධවූ, මහලුවූ, ඇදුරන්ගේ ඇදුරුවූ කියන්නාවූ බමුණන් වෙතින් මා විසින් මෙය අසන ලදී. (කුමක්ද යත්) පෙර කාලයෙහි මේ ලෝකය අවීචිය මෙන් මිනිසුන්ගෙන් පිරුණේ වෙයි. ගම් නියම්ගම් රාජධානීහු පියස්සෙන් පියස්සට යා හැකි තරම් ගෙවලින් ගහණ වෙත් කියායි.
“භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මිනිසුන්ගේ ක්ෂයවීම වේද, තුනී බව පෙනේද, ගමුත් නොගම් වෙත්ද, නියම්ගමුත් නියම්ගම් නොවෙත්ද, නුවරවලුත් නගර නොවෙත්ද, ජනපදයෝත් ජනපද නොවෙත්ද,
ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍ය කවරේදැ” යි ඇසීය.
“බමුණ, මේ කාලයෙහි මනුෂ්‍යයෝ අන්සතු දෙයෙහි ඇලීමයයි කියනලද අධර්ම රාගයෙන් ඇලුනාහු, විෂම ලෝභයෙන් මඩනා ලද්දාහු, නොනිසි වස්තූන්හි ඇලීමයයි කියනලද මිථ්‍යා ධර්මයෙන් යුක්තවූවාහු වෙත්. අධර්ම රාගයෙන් ඇළුණාවූ, විෂම ලෝභයෙන් මඩනා ලද්දාවූ, මිත්‍යා ධර්මයෙන් යුක්තවූ ඔවුහු තියුණුවූ ආයුධ ගෙණ එකිනෙකා ජීවිතයෙන් තොර කෙරෙත්. ඒ කරණ කොට ගෙණ බොහෝ මනුෂ්‍යයෝ මැරෙත්.
“බමුණ, යම් හෙයකින් මිනිසුන්ගේ ක්ෂයවීම වේද, තුනී බව පෙනේද, ගමුත් නොගම් වෙත්ද, නියම්ගමුත් නියම්ගම් නොවෙත්ද, නුවරවලුත් නගර නොවෙත්ද, ජනපදයෝත් ජනපද නොවෙත්ද,
මේ වනාහි ඊට හේතුවයි. මේ ඊට ප්‍රත්‍යයයි. බමුණ, නැවත අනිකක්ද කියමි. දැන් මනුෂ්‍යයෝ අධර්ම රාගයෙන් ඇළුණාහු, විෂම ලෝභයෙන් මඩනා ලද්දාහු, මිත්‍යා ධර්මයෙන් යුක්තවූවාහු වෙත්. මේ කාලයෙහි මනුෂ්‍යයෝ අන්සතු දෙයෙහි ඇලීමයයි කියනලද මිත්‍යා ධර්මයෙන් යුක්තවූවාහු වෙත්. අධර්ම රාගයෙන් ඇලුනාහු, විෂම ලෝභයෙන් මඩනා ලද්දාහු, නොනිසි වස්තූන්හි ඇලීමයයි කියනලද මිත්‍යා ධර්මයෙන් යුක්තවූවාහු වෙත්. අධර්ම රාගයෙන් ඇළුණාවූ, විෂම ලෝභයෙන් මඩනා ලද්දාවූ, මිත්‍යා ධර්මයෙන් යුක්තවූ ඔවුන්ට වර්ෂාව මනාකොට නොවසියි. ඒ හේතුකොට ගෙණ දුර්භික්ෂය වෙයි. ගොවිපලවල් පාළුවෙත්. කරල් පණුවන් විද බොල්වෙත්, නොපූදිත්. ඒ කරණකොට ගෙණ බොහෝ මනුෂ්‍යයෝ මැරෙත්.
“බමුණ, යම් හෙයකින් මිනිසුන්ගේ ක්ෂයවීම වේද, තුනී බව පෙනේද, ගමුත් නොගම් වෙත්ද, නියම්ගමුත් නියම්ගම් නොවෙත්ද, නුවරවලුත් නගර නොවෙත්ද, ජනපදයෝත් ජනපද නොවෙත්ද, මේ වනාහි ඊට හේතුවයි. මේ ඊට ප්‍රත්‍යය.
“බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. දැන් මනුෂ්‍යයෝ අන්සතු දෙයෙහි ඇලීමයයි කියන ලද අධර්ම රාගයෙන් ඇලුනාහු, විෂම ලෝභයෙන් මඩනා ලද්දාහු, නොනිසි වස්තූන්හි ඇලීමයයි කියන ලද මිත්ථ්යා ධර්මයෙන් යුක්තවූවාහු වෙත්. අධර්ම රාගයෙන් ඇළුණාවූ, විෂම ලෝභයෙන් මඩනා ලද්දාවූ, මිත්ථ්යා ධර්මයෙන් යුක්තවූ මනුෂ්‍යයන් වෙත්. අධිපති යක්ෂයෝ චණ්ඩ අමනුෂ්‍යයන් යවත්. එයින් බොහෝ මිනිසුන් මැරෙත්..
“බමුණ, යම් හෙයකින් මිනිසුන්ගේ ක්ෂයවීම වේද, තුනී බව පෙනේද, ගමුත් නොගම් වෙත්ද, නියම්ගමුත් නියම්ගම් නොවෙත්ද, නුවරවලුත් නගර නොවෙත්ද, ජනපදයෝත් ජනපද නොවෙත්ද, මේ වනාහි ඊට හේතුවයි. මේ ඊට ප්‍රත්‍යය.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරණ ලද්දේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි කියා තෙල් පහණක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ ඇසූ මම භවත් ගෞතමයන් වහන්සේගේද, ධර්මයෙහිද, සංඝයාගේද සරණ යමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට මා දන්නා සේක්වා” යි කීයේය.
|
7. වච්ඡගොත්තසුත්තං | 7. වච්ඡගොත්ත සූත්‍රය |
58
අථ
‘‘යෙ තෙ, වච්ඡ, එවමාහංසු - ‘සමණො ගොතමො එවමාහ - මය්හමෙව දානං දාතබ්බං...පෙ.... නාඤ්ඤෙසං සාවකානං දින්නං මහප්ඵල’න්ති න මෙ තෙ වුත්තවාදිනො. අබ්භාචික්ඛන්ති ච පන මං
(ච පන මං තෙ (සී. ස්‍යා. කං. පී.)) අසතා අභූතෙන. යො ඛො, වච්ඡ, පරං දානං දදන්තං වාරෙති සො තිණ්ණං අන්තරායකරො හොති, තිණ්ණං පාරිපන්ථිකො. කතමෙසං තිණ්ණං? දායකස්ස පුඤ්ඤන්තරායකරො
‘‘අහං ඛො පන, වච්ඡ, එවං වදාමි - යෙ හි තෙ චන්දනිකාය වා ඔලිගල්ලෙ වා පාණා, තත්රපි යො ථාලිධොවනං
(ථාලකධොවනං (ක.)) වා සරාවධොවනං වා ඡඩ්ඩෙති - යෙ
‘‘කතමානි පඤ්චඞ්ගානි පහීනානි හොන්ති? කාමච්ඡන්දො පහීනො හොති, බ්යාපාදො පහීනො හොති
‘‘කතමෙහි පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො හොති? අසෙක්ඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙක්ඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙක්ඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙක්ඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙක්ඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති; ඉමෙහි පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො හොති. ඉති පඤ්චඞ්ගවිප්පහීනෙ පඤ්චඞ්ගසමන්නාගතෙ දින්නං මහප්ඵලන්ති වදාමී’’ති.
‘‘ඉති කණ්හාසු සෙතාසු, රොහිණීසු හරීසු වා;
කම්මාසාසු සරූපාසු, ගොසු පාරෙවතාසු වා.
‘‘යාසු
ධොරය්හො බලසම්පන්නො, කල්යාණජවනික්කමො;
තමෙව භාරෙ යුඤ්ජන්ති, නාස්ස වණ්ණං පරික්ඛරෙ.
‘‘එවමෙවං මනුස්සෙසු, යස්මිං කස්මිඤ්චි ජාතියෙ;
ඛත්තියෙ බ්රාහ්මණෙ වෙස්සෙ, සුද්දෙ චණ්ඩාලපුක්කුසෙ.
‘‘යාසු කාසුචි එතාසු, දන්තො ජායති සුබ්බතො;
ධම්මට්ඨො සීලසම්පන්නො, සච්චවාදී හිරීමනො.
‘‘පහීනජාතිමරණො, බ්රහ්මචරියස්ස කෙවලී;
පන්නභාරො විසංයුත්තො, කතකිච්චො අනාසවො.
‘‘පාරගූ සබ්බධම්මානං, අනුපාදාය නිබ්බුතො;
තස්මිංයෙව
(තස්මිං වෙ (ස්‍යා. කං.)) විරජෙ ඛෙත්තෙ, විපුලා හොති දක්ඛිණා.
‘‘බාලා
බහිද්ධා දෙන්ති දානානි, න හි සන්තෙ උපාසරෙ.
‘‘යෙ ච සන්තෙ උපාසන්ති, සප්පඤ්ඤෙ ධීරසම්මතෙ;
සද්ධා ච නෙසං සුගතෙ, මූලජාතා පතිට්ඨිතා.
‘‘දෙවලොකඤ්ච තෙ යන්ති, කුලෙ වා ඉධ ජායරෙ;
අනුපුබ්බෙන නිබ්බානං, අධිගච්ඡන්ති පණ්ඩිතා’’ති. සත්තමං;
|
58
එකල්හි වනාහි වච්ඡගොත්ත නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. “භවත් ගෞතමයන් වහන්ස, මා විසින් මේ කාරණය අසන ලදී (එනම්)
ශ්‍රමණ ගෞතම තෙම මෙසේ කියයි. කෙසේද, ‘මටම දන් දිය යුතුයි. අනුන්ට දන් නොදිය යුතුයි. මගේම ශ්‍රාවකයන්ට දන් දිය යුතුයි. අනුන්ගේ ශ්‍රාවකයන්ට දන් නොදිය යුතුයි. මටම දෙන ලද්ද මහත්වූ ඵල විපාක ඇති වෙයි. අනුන්ට දෙන ලද්ද මහත් ඵල ඇති නොවෙයි. මගේම ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත් ඵලයි. අන්‍යයන්ගේ ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල නැත්තේය’ කියායි.
“භවත් ගෞතමයන් වහන්ස, යම් කෙනෙක් මෙසේ කීවාහුද, (කෙසේද) ශ්‍රමණ ගෞතම තෙම මෙසේ කියයි. කෙසේද, ‘මටම දන් දිය යුතුයි. අනුන්ට දන් නොදිය යුතුයි. මගේම ශ්‍රාවකයන්ට දන් දිය යුතුයි. අනුන්ගේ ශ්‍රාවකයන්ට දන් නොදිය යුතුයි. මටම දෙන ලද්ද මහත්වූ ඵල විපාක ඇති වෙයි. අනුන්ට දෙන ලද්ද මහත් ඵල ඇති නොවෙයි. මගේම ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත් ඵලයි. අන්‍යයන්ගේ ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල නැත්තේය’ කියායි.
“කිමෙක්ද, ඔවුහු භවත් ගෞතමයන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නෝ වෙත්ද, භවත් ගෞතමයන් වහන්සේට අසත්‍යයෙන් චෝදනා නොකරද්ද, කියන ලද්දට අනුකූලවූවක් කියත්ද, හේතු සහිතවූ කිසියම් කීමක් ගැරහිය යුතු බවට නොපැමිණේද, අපි වනාහි භවත් ගෞතමයන් වහන්සේට දොස් කියනු නොකැමැත්තෝ වම්හ.”
“වච්ඡය, යම් කෙනෙක් මෙසේ කියද්ද, ‘මටම දන් දිය යුතුයි. අනුන්ට දන් නොදිය යුතුයි. මගේම ශ්‍රාවකයන්ට දන් දිය යුතුයි. අනුන්ගේ ශ්‍රාවකයන්ට දන් නොදිය යුතුයි. මටම දෙන ලද්ද මහත්වූ ඵල විපාක ඇති වෙයි. අනුන්ට දෙන ලද්ද මහත් ඵල ඇති නොවෙයි. මගේම ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත් ඵලයි. අන්‍යයන්ගේ ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල නැත්තේය’ කියායි. ඔවුහු මා විසින් කියන ලද්දක් කියන්නෝ නොවෙත්. ඔවුහු අසත්‍යයෙන් දෝෂාරෝපණය කරත්. යමෙක් වනාහි දන් දෙන්නාවූ අනිකෙකු වළක්වාද, හෙතෙම තුන් දෙනෙකුට අන්තරාය කරන්නෙක් වේ. තුන් දෙනෙකුගේ මං පහරණ සොරෙක් වැනි වෙයි. කවර තුන් දෙනෙකුගෙන්ද, දායකයාගේ පිනට අනතුරු කරන්නෙක් වෙයි. ප්‍රතිග්‍රාහකයන්ගේ ලාභයට අනතුරු කරන්නෙක් වෙයි. පළමුකොටම තමා නසන ලද්දෙක් වෙයි. විනාශ කරණ ලද්දෙක් වෙයි.
“මම වනාහි මෙසේ කියමි. අසූචි මඩවළෙක් හෝ ගම්දොර ගවර වළෙක් හෝ යම් ඒ ප්‍රාණීහු වෙත්ද, එහි ඒ සත්ත්වයෝ මෙයින් ජීවත් වෙත්වායි, සැළි සේදූ වතුරක් හෝ මළ සේදූ වතුරක් හෝ දමත්ද, වච්ඡය, මම ඒ හේතුකොට ගෙණද පින් සිදුවීම කියමි. මනුෂ්යවූවෙකුට දුන් කල්හි පින් සිදුවීම කියනුම කවරේද?
“වච්ඡය, එතෙකුදු වුවත් මම ශීලවන්තයාට දෙන ලද්ද මහත්ඵල ඇත්තේයයි කියමි. දුශ්ශීලයාට දෙන ලද්ද එසේ මහත් ඵල ඇත්තේ නොවෙයි. ඒ සිල්වත් තෙමේද, අඞ්ග පසකින් දුරුවූයේද, අඞ්ග පසකින් යුක්තවූයේද වෙයි. කවර අඞ්ග පසක් දුරුවූවාහුද, කාමච්ඡන්දය ප්‍රහීණවූයේ වෙයිද, ව්‍යාපාදය ප්‍රහීණවූයේ වෙයිද, ථීනම්ද්ධය ප්‍රහීණවූයේ වෙයිද, උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණවූයේ වෙයිද, විචිකිච්ඡාව ප්‍රහීණ වූයේ වේද, මේ පඤ්චාඞ්ගයෝ ප්‍රහීණවූවාහු වෙත්.
“කවර නම් අඞ්ග පසකින් යුක්තවූයේ වෙයිද, අශෛක්ෂවූ ශීල ස්කන්ධයෙන් සමන්විතවූයේ වෙයිද, අශෛක්ෂවූ සමාධි ස්කන්ධයෙන් සමන්විතවූයේ වෙයිද, අශෛක්ෂවූ ප්‍රඥා ස්කන්ධයෙන් සමන්විතවූයේ වෙයිද, අශෛක්ෂවූ විමුක්ති ස්කන්ධයෙන් සමන්විතවූයේ වෙයිද, අශෛක්ෂවූ ප්රත්යවෙක්ෂා ඥාන සමූහයෙන් යුක්තවූයේ වෙයිද, මේ අඞ්ග පසින් යුක්තවූයේ වෙයි. මෙසේ පඤ්චාඞ්ගයක් ප්‍රහීණ කළාවූ, පඤ්චාඞ්ගයකින් සමන්විතවූ, ක්ෂීණාශ්රවයන් කෙරෙහි දෙන ලද්ද මහත්ඵල ඇත්තේයයි කියමි” යි වදාළ සේක.
(1) “මෙසේ කළුපාටවූ හෝ සුදුපාටවූ හෝ රතුපාටවූ හෝ රන්වන්වූ හෝ කබරවූ හෝ තමන්ගේ වස්සන් හා සමාන වර්ණ ඇත්තාවූ හෝ පරෙවි වර්ණ ඇත්තාවූ හෝ දෙනුන් කෙරෙහිද,
(2) යම් ඒ කවර දෙනුන් කෙරෙහි හෝ බර ඉසිලිය හැකිවූ, ශක්ති සම්පන්නවූ, යහපත්වූ, ජවයෙන් යුක්තවූ, දැමුණාවූ වෘෂභයෙක් තෙම උපදීද,
ඔහුම බරෙහි යොදත්. ඔහුගේ ශරීර වර්ණය පරීක්ෂා නොකෙරෙත්. එපරිද්දෙන්ම මිනිසුන් අතුරෙහි යම් කිසි කුල සමූහයෙක්හි
(3-4) එනම්, ක්ෂත්රිය කුලයෙහි හෝ, බ්‍රාහ්මණ කුලයෙහි හෝ, ශුද්‍ර කුලයෙහි හෝ, සැඩොල් කුලයෙහි හෝ, මල් ඉවත ලන කුලයෙහි හෝ, යම් කිසි ජාතියෙක්හි ධර්මයෙහි පිහිටියාවූ, ශීලයෙන් යුක්තවූ, සත්‍යය කියන්නාවූ, පාපයෙහි ලජ්ජා ඇත්තාවූ, ප්‍රහීණ කරණ ලද ජාතිය හා මරණය ඇත්තාවූ, සම්පූර්ණවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ඇත්තාවූ,
(5-6) බහා තබනලද ස්කන්ධාදී බර ඇත්තාවූ, සතර යොගයෙන් බැහැරවූ, සතර මාර්ගයෙන් කරණ ලද කෘත්‍ය ඇත්තාවූ, සසරින් පරතෙරට ගියාවූ, තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අල්වා නොගෙන, කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවියාවූ, මනා පැවතුම් ඇති, දැමුණාවූ පුද්ගලයෙක් උපදීද,
(7-9) රාගාදී රජස් රහිතවූ එම කෙතෙහි වපුරණ ලද දක්ෂිණාව මහත්වූ ඵල ඇත්තී වෙයි. කෙත නොදන්නාවූ, නුවණ නැත්තාවූ, ක්ෂත්ර විනිශ්චය නොඇසූ අඥානයෝ වනාහි මේ සස්නෙන් පිටත්හි දානයෙන් දෙත්. සත්පුරුෂයන් වෙත නොඑළඹෙත්. යම් කෙනෙක් ප්‍රඥා සම්පන්නවූ, පණ්ඩිතයයි සම්මත කරණ ලද, සත්පුරුෂයන් කරා එළඹෙත්ද - ඔවුන්ගේ ශ්රද්ධාවද සුගතයන් වහන්සේ කෙරෙහි හටගත් මුල් ඇත්තී, පිහිටියා වන්නීය. ඒ පණ්ඩිතයෝ දෙව් ලොවටද පැමිණෙත්. මේ මිනිස් ලෙව්හි උතුම් කුලයෙක්හි උපදිත්. පිළිවෙළින් නිර්වාණයටද පැමිණෙත්ය” යි (වදාළ සේක.)
|
8. තිකණ්ණසුත්තං | 8. තිකණ්ණ සූත්‍රය |
59
අථ
‘‘යථා කථං පන, බ්‍රාහ්මණ, බ්රාහ්මණා බ්රාහ්මණං තෙවිජ්ජං පඤ්ඤාපෙන්තී’’ති? ‘‘ඉධ, භො ගොතම, බ්රාහ්මණො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන, අජ්ඣායකො, මන්තධරො, තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං, පදකො, වෙය්යාකරණො, ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයොති. එවං ඛො, භො ගොතම, බ්රාහ්මණා තෙවිජ්ජං පඤ්ඤාපෙන්තී’’ති.
‘‘අඤ්ඤථා ඛො, බ්‍රාහ්මණ, බ්රාහ්මණා බ්රාහ්මණං තෙවිජ්ජං පඤ්ඤපෙන්ති, අඤ්ඤථා ච පන අරියස්ස විනයෙ තෙවිජ්ජො හොතී’’ති. ‘‘යථා කථං පන, භො ගොතම, අරියස්ස විනයෙ තෙවිජ්ජො හොති? සාධු මෙ භවං ගොතමො තථා ධම්මං දෙසෙතු යථා අරියස්ස විනයෙ තෙවිජ්ජො හොතී’’ති. ‘‘තෙන හි, බ්‍රාහ්මණ, සුණාහි, සාධුකං මනසි කරොහි; භාසිස්සාමී’’ති. ‘‘එවං, භො’’ති ඛො තිකණ්ණො බ්රාහ්මණො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච -
‘‘ඉධ
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ - ‘අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්ර උදපාදිං. තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. අයමස්ස පඨමා විජ්ජා අධිගතා හොති; අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා; තමො විහතො, ආලොකො උප්පන්නො යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති; ‘ඉමෙ ආසවා’ති
‘‘අනුච්චාවචසීලස්ස, නිපකස්ස ච ඣායිනො;
චිත්තං යස්ස වසීභූතං, එකග්ගං සුසමාහිතං.
‘‘තං වෙ තමොනුදං ධීරං, තෙවිජ්ජං මච්චුහායිනං;
හිතං දෙවමනුස්සානං, ආහු සබ්බප්පහායිනං.
‘‘තීහි විජ්ජාහි සම්පන්නං, අසම්මූළ්හවිහාරිනං;
බුද්ධං අන්තිමදෙහිනං
(අන්තිමසාරීරං (සී. ස්‍යා. කං. පී.)), තං නමස්සන්ති ගොතමං.
(ධ. ප. 423; ඉතිවු. 99) ‘‘පුබ්බෙනිවාසං
අථො ජාතික්ඛයං පත්තො, අභිඤ්ඤාවොසිතො මුනි.
‘‘එතාහි තීහි විජ්ජාහි, තෙවිජ්ජො හොති බ්රාහ්මණො;
තමහං වදාමි තෙවිජ්ජං, නාඤ්ඤං ලපිතලාපන’’න්ති.
‘‘එවං
‘‘අභික්කන්තං, භො ගොතම...පෙ.... උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. අට්ඨමං.
|
59
එකල්හි තිකණ්න නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක හුන්නාවූ, තිකණ්ණ නම් බමුණු තෙම වනාහි භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි ත්රිවේදය දන්නාවූ බමුණාගේ ගුණ කියයි. ත්රිවේදය දන්නාවූ බමුණෝ මෙසේත් පණ්ඩිතයහ. ත්රිවේදය දන්නාවූ බ්‍රාහ්මණයෝ මෙසේත් බහුශ්රුතයහ” කියායි.
(ස) “බ්‍රාහ්මණය, බ්‍රාහ්මණයකු ත්‍රිවිද්‍යා දන්නෙකැයි කෙසේ නම් පනවද්ද?”
(සස) “භවත් ගෞතමයන් වහන්ස, මෙහි බමුණුතෙම මව් පසින්ද, පිය පසින්ද (යන) දෙපසින් මොනවට උපන්නේ වේද, සුපිරිසිදු මව් කුස ඇත්තේ වේද, හත්වෙනි මුතුන් පරම්පරාව දක්වා ජාතිවාදයෙන් (හෙවත්) මේ තෙම හීන ජාතියෙකැයි යන වචනයෙන් අත්හැර නොදමන ලද්දේ වේද, ආක්‍රොෂ නොකරණ ලද්දේ වේද, වේද මන්ත්‍ර හදාරන්නේ වේද, වේද මන්ත්‍ර දරන්නේ වේද, ක්‍රියා, කල්ප, විකල්ප සහිතවූ, අක්ෂර ප්‍රභේද සහිතවූ, (හෙවත්) ශික්ෂා නිරුක්ති ශාස්ත්‍ර සහිතවූ, ඉතිහාසය පස්වෙනිකොට ඇත්තාවූ, ත්‍රිවේදයෙහි පරතෙරට පැමිණියේ වේද, පද හදාරන්නේ වේද, ව්‍යාකරණ දන්නේ වේද, විතණ්ඩවාද ශාස්ත්‍ර ලක්ඛණ දීපන ශාස්ත්‍රයන්ගෙන් සම්පූර්ණ වේද, භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ මෙසේ වනාහි ත්‍රිවිද්‍යා දත් පණ්ඩිතයා පණවත්ය” යි කීයේය.
)ස’ බමුණ, බමුණෝ ත්‍රිවිද්‍යා දත් බ්‍රාහ්මණයා අන් ආකාරයකින් පනවත්. ආර්‍ය්‍ය විනයෙහි අන් ආකාරයකින් ත්‍රිවිද්‍යා ඇත්තෙක් වේය” යි වදාළ සේක.
)සස’ “භවත් ගෞතමයන් වහන්ස, කෙසේනම් ආර්‍ය්‍ය විනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තෙක් වේද, එසේ මට භවත් ගෞතම තෙමේ ධර්මදේශනා කරණ සේක් නම් මැනවැ” යි කීය.
)සසස’ “බමුණ, එසේනම් අසව. යහපත්ව මෙනෙහිකරව. කියන්නෙමි” යි වදාළ සේක. “පින්වතුන් වහන්ස, එසේය” යි තිකණ්ණ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ සේක. “බමුණ, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන්, අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති, සිත හා එකට පහළවූ, විතර්ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය පහව යාමෙන් උපෙක්ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්ෂා ඇති, සිහි ඇති, සැප විහරණයෙකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප දුක් දෙක නැතිවීමෙන්, සොම්නස දොම්නස දෙක අස්තවීමට පෙරම, දුක් නැති, සැප නැති, උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.
)සඩ’ හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්මණ්යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්ධ සිහි කරයි. ඒ කෙසේද?
“එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති සතලිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් නැසෙන කල්පයන්ද, නොයෙක් වැඩෙන කල්පයන්ද, නොයෙක් නැසෙන හා වැඩෙන කල්පයන්ද සිහිකෙරෙයි. (කෙසේද) “මම අසවල් තැන උපන්නෙම්
“මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි.
“එහිද මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි. ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙක් වෙමියි මෙසේ ආකාර සහිතවූ, නාම ගෝත්‍රවශයෙන් දැක්වීම් සහිතවූ නොයෙක් පෙර විසූ ස්කන්ධයන් සිහි කෙරෙයි. ඔහු විසින් මේ පළමුවෙනි විද්‍යාව ලදී.
“අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි. හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්මණ්යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්ධ සිහි කරයි. ඒ කෙසේද? හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්මණ්යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්ධ සිහි කරයි. ඒ කෙසේද? මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්ත්වයින් දකී. සත්ත්වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි.
“හෙතෙම පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්ම පවත්නාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණ ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කම්වූ පරිද්දෙන් පැමිණියාවූ, සත්ත්වයන් දැනගණී. කෙසේද?
“පින්වත්නි, මේ සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාග් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, බුද්ධාදී ආර්‍ය්‍යයන්ට උපවාද කරන්නෝය. මිත්‍යාදෘෂ්ටිකයෝය. මිසදිටුකම් සමාදන් වන්නෝය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, දුර්ගති නම්වූ, විනාශව වැටෙන්නාවූ, නිරයෙහි උපන්නාහුය. පින්වත්නි මේ සත්ත්වයෝ වනාහි, කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, බුද්ධාදී ආර්යයන්ට උපවාද (ගර්හා) නොකරන්නාහුය. කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුය. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වන්නාහුය. ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් පසු මනාගති ඇත්තාවූ සැපතින් ස්වර්ග ලෝකයෙහි උපන්නාහු කියායි. මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූද, උසස්වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය පරලොව ගියාවූ සත්ත්වයන් දැනගනිත්. ඔහු විසින් මේ දෙවෙනි විද්‍යාව ලදී.
“අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි. හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්මණ්යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්ධ සිහි කරයි. ඒ කෙසේද? හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්මණ්යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්ධ සිහි කරයි. ඒ කෙසේද? මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්ත්වයින් දකී. සත්ත්වයන්ගේ ආශ්රවක්ෂය දැනගන්නා නුවණ පිණිස සිත නමයි. මේ දුකයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ දුක් ඇතිවීමේ හේතුවයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිදි දැන ගනී. මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තත්වූ පරිදි දැනගනී.
මේ ආශ්‍රවයෝයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන්ගේ හටගැන්මයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන්ගේ නැතිවීමයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන් නැතිකිරීමට යන ප්‍රතිපදාව (මාර්ගයයි) තත්වූ පරිද්දෙන් දනී. මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, ඔහුගේ සිත කාම නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. භව නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. අවිද්‍යා නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. මිදුන කල්හි, මිදුනේය යන නුවණ වේ. ඉපදීම ක්ෂය විය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදී. මත්තට යමක් නැතැයි දනී. ඔහු විසින් මේ තුනවෙනි විද්‍යාව ලබන ලද්දීය. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි.
“උසස් පහත් වන ස්වභාවයක් නැති, ශීලයෙන් යුක්තවූද, ප්‍රඥාවෙන් යුක්තවූද, ධ්‍යාන ඇත්තාවූද, යම් ක්ෂීණාශ්රව පුද්ගලයෙකුගේ සිත වශීභාවප්රාප්තවූයේද, එකඟවූයේද, අරමුනෙහි මොනවට පිහිටියේවේද,
“කලේශාන්ධකාරය නැසුවාවූ, වීර්‍ය්‍යයෙන් යුත්, මාරයා නැසුවාවූ, දෙවි මිනිසුන්ට හිතවූ, සියළු පව් දුරුකළාවූ, ඒ පුද්ගලයා ත්‍රිවිද්‍යාවෙන් යුක්තයයි කීහු.
“ඒ ත්‍රිවිද්‍යාවෙන් යුක්තවූ, නොමුළාව වාසය කරන්නාවූ, චතුස්සත්‍යය අවබෝධ කළාවූ, අන්තිම ශරීරය දරන්නාවූ, ගෞතම බුදුන්ගේ ශ්‍රාවක රහත්හු වඳිත්.
“යම් ක්ෂීණාශ්රවයෙක් තෙම පෙර විසූ කඳ පිළිවෙළ දන්නේද, ස්වර්ගය හා අපාය දක්නේද, තවද, මනාව අවබෝධකොට කටයුතු නිමවූයේ, ජාතිය ක්ෂය කිරීමෙන් අර්හත් ඵලයට පැමිණියේද,
“මේ ත්‍රිවිද්‍යාවෙන් බ්‍රාහ්මණතෙම ත්‍රිවිද්‍යා ඇත්තේ, ඔහු මම ත්‍රිවිද්‍යා ඇත්තේයයි කියමි. අන්‍යයන් විසින් කියන ලද වචන මාත්‍රයක් ඇති අනිකෙකු ත්‍රිවිද්‍යා ඇත්තෙකැයි නොකියමි. බමුණ, මෙසේ වනාහි ආර්‍ය්‍ය විනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තකේ වේයයි වදාළ සේක.
“භවත් ගෞතමයන් වහන්ස, අන් පරිද්දකින් බමුණන්ගේ ත්‍රිවිද්‍යා ඇත්තෙක් වෙයි. ආර්‍ය්‍ය විනයෙහි අන් පරිද්දෙකින් ත්‍රිවිද්‍යා ඇත්තෙක් වෙයි. භවත් ගෞතමයින් වහන්ස, ආර්‍ය්‍ය විනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තා හා බමුණන්ගේ ත්‍රිවිද්‍යා ඇත්තා සොළොස්වන කලාවෙන් කලාවකුදු නොඅගියි.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරණ ලද්දේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි කියා තෙල් පහණක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ ඇසූ මම භවත් ගෞතමයන් වහන්සේගේද, ධර්මයෙහිද, සංඝයාගේද සරණ යමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට මා දන්නා සේක්වා” යි කීයේය.
|
9. ජාණුස්සොණිසුත්තං | 9. ජානුස්සෝණී තෙවිජ්ජ සූත්‍රය |
60
අථ ඛො ජාණුස්සොණි බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං...පෙ.... එකමන්තං නිසින්නො ඛො ජාණුස්සොණි බ්රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘යස්සස්සු, භො ගොතම, යඤ්ඤො වා සද්ධං වා ථාලිපාකො වා දෙය්යධම්මං වා, තෙවිජ්ජෙසු බ්රාහ්මණෙසු දානං දදෙය්යා’’ති. ‘‘යථා කථං පන, බ්‍රාහ්මණ, බ්රාහ්මණා තෙවිජ්ජං පඤ්ඤපෙන්තී’’ති? ‘‘ඉධ ඛො, භො ගොතම, බ්රාහ්මණො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන, අජ්ඣායකො මන්තධරො, තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං, පදකො, වෙය්යාකරණො, ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයොති. එවං ඛො, භො ගොතම, බ්රාහ්මණා තෙවිජ්ජං පඤ්ඤපෙන්තී’’ති.
‘‘අඤ්ඤථා ඛො, බ්‍රාහ්මණ, බ්රාහ්මණා බ්රාහ්මණං තෙවිජ්ජං පඤ්ඤපෙන්ති, අඤ්ඤථා ච පන අරියස්ස විනයෙ තෙවිජ්ජො හොතී’’ති. ‘‘යථා කථං පන, භො ගොතම, අරියස්ස විනයෙ තෙවිජ්ජො හොති? සාධු මෙ භවං ගොතමො තථා ධම්මං දෙසෙතු යථා අරියස්ස විනයෙ තෙවිජ්ජො හොතී’’ති
‘‘ඉධ පන, බ්‍රාහ්මණ, භික්ඛු විවිච්චෙව කාමෙහි...පෙ.... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන...පෙ.... යථාකම්මූපගෙ සත්තෙ පජානාති. අයමස්ස දුතියා විජ්ජා අධිගතා හොති; අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා; තමො විහතො, ආලොකො උප්පන්නො යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති...පෙ....
‘‘යො සීලබ්බතසම්පන්නො, පහිතත්තො සමාහිතො;
චිත්තං යස්ස වසීභූතං, එකග්ගං සුසමාහිතං.
(ධ. ප. 423; ඉතිවු. 99) ‘‘පුබ්බෙනිවාසං යො වෙදී, සග්ගාපායඤ්ච පස්සති;
අථො ජාතික්ඛයං පත්තො, අභිඤ්ඤාවොසිතො මුනි.
‘‘එතාහි
තමහං වදාමි තෙවිජ්ජං, නාඤ්ඤං ලපිතලාපන’’න්ති.
‘‘එවං ඛො, බ්‍රාහ්මණ, අරියස්ස විනයෙ තෙවිජ්ජො හොතී’’ති. ‘‘අඤ්ඤථා, භො ගොතම, බ්රාහ්මණානං තෙවිජ්ජො, අඤ්ඤථා ච පන අරියස්ස විනයෙ තෙවිජ්ජො හොති. ඉමස්ස ච, භො ගොතම, අරියස්ස විනයෙ තෙවිජ්ජස්ස බ්රාහ්මණානං තෙවිජ්ජො කලං නාග්ඝති සොළසිං’’.
‘‘අභික්කන්තං, භො ගොතම...පෙ.... උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති. නවමං.
|
60
“ඉක්බිති ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ කථාව කොට නිමවා, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ජානුස්සෝණී බ්‍රාහ්මණතෙම, භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, යමෙකුහට යාගයක් හෝ මතක බතක් හෝ සැළි බතක් හෝ දාන වස්තුවක් හෝ ඇත්තේ නම් ත්‍රිවිද්‍යා ඇති බ්රාහ්මණයනටම දෙන්නේය” යි කීය. “බ්‍රාහ්මණය, බමුණෝ කෙසේ නම් ත්‍රිවිද්‍යා ඇති බ්‍රාහ්මණයා පණවත්ද?”
“භවත් ගෞතමයන් වහන්ස, මෙහි බමුණුතෙම මව් පසින්ද, පිය පසින්ද (යන) දෙපසින් මොනවට උපන්නේ වේද, සුපිරිසිදු මව් කුස ඇත්තේ වේද, හත්වෙනි මුතුන් පරම්පරාව දක්වා ජාතිවාදයෙන් (හෙවත්) මේ තෙම හීන ජාතියෙකැයි යන වචනයෙන් අත්හැර නොදමන ලද්දේ වේද, ආක්‍රොෂ නොකරණ ලද්දේ වේද, වේද මන්ත්‍ර හදාරන්නේ වේද, වේද මන්ත්‍ර දරන්නේ වේද, ක්‍රියා, කල්ප, විකල්ප සහිතවූ, අක්ෂර ප්‍රභේද සහිතවූ, (හෙවත්) ශික්ෂා නිරුක්ති ශාස්ත්‍ර සහිතවූ, ඉතිහාසය පස්වෙනිකොට ඇත්තාවූ, ත්‍රිවේදයෙහි පරතෙරට පැමිණියේ වේද, පද හදාරන්නේ වේද, ව්‍යාකරණ දන්නේ වේද, විතණ්ඩවාද ශාස්ත්‍ර ලක්ඛණ දීපන ශාස්ත්‍රයන්ගෙන් සම්පූර්ණ වේද, භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ මෙසේ වනාහි ත්‍රිවිද්‍යා දත් පණ්ඩිතයා පණවත්ය” යි කීයේය.
“බමුණ, බමුණෝ ත්‍රිවිද්‍යා දත් බ්‍රාහ්මණයා අන් ආකාරයකින් පනවත්. ආර්‍ය්‍ය විනයෙහි අන් ආකාරයකින් ත්‍රිවිද්‍යා ඇත්තෙක් වේය” යි වදාළ සේක.
“භවත් ගෞතමයන් වහන්ස, කෙසේනම් ආර්‍ය්‍ය විනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තෙක් වේද, එසේ මට භවත් ගෞතම තෙමේ ධර්මදේශනා කරණ සේක් නම් මැනවැ” යි කීය.
“බමුණ, එසේ නම් අසව. මනාකොට මෙනෙහි කරව. කියන්නෙමි” යි වදාළ සේක. “පින්වතුන් වහන්ස, එසේය” යි ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්නේය.
භාග්‍යවතුන් වහන්සේ, “බමුණ, මේ ශාසනයෙහි මහණතෙම, කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති, ද්වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේ වෙන්වීමෙන් උපේක්ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්ෂා ඇති, සිහි ඇති, සැප විහරණයකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප පහවීමෙන්ද, දුක පහවීමෙන්ද, සොම්නස, දොම්නස දෙක අස්තවීමට පෙර දුක් නැති, සැප නැති, උපෙක්ෂා සමෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති, සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.”
“භවත් ගෞතමයන් වහන්ස, කෙසේනම් ආර්‍ය්‍ය විනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තෙක් වේද, එසේ මට භවත් ගෞතම තෙමේ ධර්මදේශනා කරණ සේක් නම් මැනවැ” යි කීය.
“එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති සතලිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් නැසෙන කල්පයන්ද, නොයෙක් වැඩෙන කල්පයන්ද, නොයෙක් නැසෙන හා වැඩෙන කල්පයන්ද සිහිකෙරෙයි. (කෙසේද) “මම අසවල් තැන උපන්නෙම්
“මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි.
“එහිද මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි. ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙක් වෙමියි මෙසේ ආකාර සහිතවූ, නාම ගෝත්‍රවශයෙන් දැක්වීම් සහිතවූ නොයෙක් පෙර විසූ ස්කන්ධයන් සිහි කෙරෙයි. ඔහු විසින් මේ පළමුවෙනි විද්‍යාව ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි.
හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙළෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්මණ්යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, ආශ්රවක්ෂය ඥාණය පිණිස හිත යොදයි. හෙතෙම මෙය දුකයයි තතුසේ දැනගනී. මෙය දුකට හේතුවයයි තතු සේ දැනගනියි. මෙය දුක නැතිකිරීමයයි තතුසේ දැනගනියි. මේ දුක් නැති කිරීමට පැමිණෙන ප්‍රතිපදාවයයි තතුසේ දැනගනියි. මේ ආශ්‍රවයෝයි තතුවූ පරිද්දෙන් දනී. මේ ආශ්‍රවයන් පහළවීමයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන්ගේ නැතිවීමයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන් නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවයයි තතුසේ දැනගනී. මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, ඒ භික්ෂුවගේ සිත කාමාශ්‍රවයන්ගෙන්ද මිදෙයි. භවාශ්‍රවයන්ගෙන්ද, අවිද්‍යාශ්‍රවයන්ගෙන්ද මිදෙයි. (ආශ්‍රවයන් කෙරෙන් සිත) මිදුන කල්හි මිදුනේයයි යන ඥාණය ඇතිවේ. ජාතිය ක්ෂය විය. බඹසර වැස නිමවන ලද්දේය. කටයුතු කරණ ලද්දේය. මෙයින් පසු අන් භවයක් නැත්තේ යයි දැනගනී. මොහු විසින් මේ තුන්වෙනි විද්‍යාව ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි.
යමෙක් තෙම සීලව්රත දෙකින් සමන්විතවූයේ වේද, හරණ ලද ආත්මාලය ඇත්තේ වේද, සන්සිඳුනේ වේද, යමෙකුගේ සිත තමහට වසඟවූයේ වේද, එකඟවූයේ වේද, මොනවට අරමුණෙහි තබන ලද්දේ වේද,
“යම් ක්ෂීණාශ්රවයෙක් තෙම පෙර විසූ කඳ පිළිවෙළ දන්නේද, ස්වර්ගය හා අපාය දක්නේද, තවද, මනාව අවබෝධකොට කටයුතු නිමවූයේ, ජාතිය ක්ෂය කිරීමෙන් අර්හත් ඵලයට පැමිණියේද,
“මේ ත්‍රිවිද්‍යාවෙන් බ්‍රාහ්මණතෙම ත්‍රිවිද්‍යා ඇත්තේ, ඔහු මම ත්‍රිවිද්‍යා ඇත්තේයයි කියමි. අන්‍යයන් විසින් කියන ලද වචන මාත්‍රයක් ඇති අනිකෙකු ත්‍රිවිද්‍යා ඇත්තෙකැයි නොකියමි. බමුණ, මෙසේ වනාහි ආර්‍ය්‍ය විනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තකේ වේයයි වදාළ සේක.
“භවත් ගෞතමයන් වහන්ස, අන් පරිද්දකින් බමුණන්ගේ ත්‍රිවිද්‍යා ඇත්තෙක් වෙයි. ආර්‍ය්‍ය විනයෙහි අන් පරිද්දෙකින් ත්‍රිවිද්‍යා ඇත්තෙක් වෙයි. භවත් ගෞතමයින් වහන්ස, ආර්‍ය්‍ය විනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තා හා බමුණන්ගේ ත්‍රිවිද්‍යා ඇත්තා සොළොස්වන කලාවෙන් කලාවකුදු නොඅගියි.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරණ ලද්දේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි කියා තෙල් පහණක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ ඇසූ මම භවත් ගෞතමයන් වහන්සේගේද, ධර්මයෙහිද, සංඝයාගේද සරණ යමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට මා දන්නා සේක්වා” යි කීයේය.
|
10. සඞ්ගාරවසුත්තං | 10. සංගාරව සූත්‍රය |
61
අථ
‘‘තෙන හි, බ්‍රාහ්මණ, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය තථා නං බ්යාකරෙය්යාසි. තං කිං මඤ්ඤසි, බ්‍රාහ්මණ, ඉධ තථාගතො ලොකෙ
‘‘තං කිං මඤ්ඤසි, බ්‍රාහ්මණ, ඉච්චායං එවං සන්තෙ එකසාරීරිකා වා පුඤ්ඤප්පටිපදා හොති අනෙකසාරීරිකා වා, යදිදං පබ්බජ්ජාධිකරණ’’න්ති? ‘‘ඉච්චායම්පි
එවං වුත්තෙ ආයස්මා ආනන්දො සඞ්ගාරවං බ්රාහ්මණං එතදවොච - ‘‘ඉමාසං තෙ, බ්‍රාහ්මණ, ද්වින්නං පටිපදානං කතමා පටිපදා ඛමති අප්පත්ථතරා ච අප්පසමාරම්භතරා ච මහප්ඵලතරා ච
දුතියම්පි ඛො ආයස්මා ආනන්දො සඞ්ගාරවං බ්රාහ්මණං එතදවොච - ‘‘න ඛො ත්යාහං, බ්‍රාහ්මණ, එවං පුච්ඡාමි - ‘කෙ වා තෙ පුජ්ජා කෙ වා තෙ පාසංසා’ති? එවං ඛො ත්යාහං, බ්‍රාහ්මණ, පුච්ඡාමි - ‘ඉමාසං තෙ, බ්‍රාහ්මණ, ද්වින්නං පටිපදානං කතමා පටිපදා ඛමති අප්පත්ථතරා ච අප්පසමාරම්භතරා ච මහප්ඵලතරා ච මහානිසංසතරා චා’’’ති? දුතියම්පි ඛො සඞ්ගාරවො බ්රාහ්මණො ආයස්මන්තං ආනන්දං එතදවොච - ‘‘සෙය්යථාපි භවං ගොතමො භවං චානන්දො. එතෙ මෙ පුජ්ජා, එතෙ මෙ පාසංසා’’ති.
තතියම්පි ඛො ආයස්මා ආනන්දො සඞ්ගාරවං බ්රාහ්මණං එතදවොච - ‘‘න ඛො ත්යාහං, බ්‍රාහ්මණ, එවං පුච්ඡාමි - ‘කෙ වා තෙ පුජ්ජා කෙ වා තෙ පාසංසා’ති? එවං ඛො ත්යාහං, බ්‍රාහ්මණ, පුච්ඡාමි - ‘ඉමාසං තෙ, බ්‍රාහ්මණ, ද්වින්නං පටිපදානං කතමා පටිපදා ඛමති අප්පත්ථතරා ච අප්පසමාරම්භතරා ච මහප්ඵලතරා
අථ
(පටි. ම. 3.30; දී. නි. 1.483) ‘‘තීණි ඛො ඉමානි, බ්‍රාහ්මණ, පාටිහාරියානි. කතමානි තීණි? ඉද්ධිපාටිහාරියං, ආදෙසනාපාටිහාරියං
‘‘කතමඤ්ච, බ්‍රාහ්මණ, ආදෙසනාපාටිහාරියං? ඉධ, බ්‍රාහ්මණ, එකච්චො නිමිත්තෙන ආදිසති - ‘එවම්පි තෙ මනො, ඉත්ථම්පි තෙ මනො, ඉතිපි තෙ චිත්ත’න්ති. සො බහුං චෙපි ආදිසති තථෙව තං හොති, නො අඤ්ඤථා.
‘‘ඉධ
‘‘ඉධ පන, බ්‍රාහ්මණ, එකච්චො න හෙව ඛො නිමිත්තෙන ආදිසති නපි මනුස්සානං වා අමනුස්සානං වා දෙවතානං වා සද්දං සුත්වා ආදිසති, අපි ච ඛො විතක්කයතො විචාරයතො විතක්කවිප්ඵාරසද්දං සුත්වා ආදිසති - ‘එවම්පි තෙ මනො, ඉත්ථම්පි තෙ මනො, ඉතිපි තෙ චිත්ත’න්ති. සො බහුං චෙපි ආදිසති තථෙව තං හොති, නො අඤ්ඤථා.
‘‘ඉධ පන, බ්‍රාහ්මණ, එකච්චො න හෙව ඛො නිමිත්තෙන ආදිසති, නපි මනුස්සානං වා අමනුස්සානං වා දෙවතානං වා සද්දං සුත්වා ආදිසති, නපි විතක්කයතො විචාරයතො විතක්කවිප්ඵාරසද්දං සුත්වා ආදිසති, අපි ච ඛො අවිතක්කං අවිචාරං සමාධිං සමාපන්නස්ස චෙතසා චෙතො පරිච්ච පජානාති - ‘යථා ඉමස්ස භොතො මනොසඞ්ඛාරා පණිහිතා ඉමස්ස
‘‘කතමඤ්ච, බ්‍රාහ්මණ, අනුසාසනීපාටිහාරියං? ඉධ, බ්‍රාහ්මණ
‘‘තත්ර, භො ගොතම, යදිදං
(යමිදං (ස්‍යා. කං. පී.)) පාටිහාරියං ඉධෙකච්චො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති...පෙ.... යාව බ්රාහ්මලොකාපි කායෙන වසං වත්තෙති, ඉදං, භො ගොතම, පාටිහාරියං යොව
(යො ච (ස්‍යා. කං. පී. ක.)) නං කරොති සොව
(සොච ච (ස්‍යා. කං පී. ක.)) නං පටිසංවෙදෙති, යොව
(යො ච (ස්‍යා. කං. පී. ක.)) නං කරොති තස්සෙව
(තස්සමෙව (සී. ක.), තස්ස චෙව (ස්‍යා. කං. පී.)) තං හොති. ඉදං මෙ, භො ගොතම, පාටිහාරියං මායාසහධම්මරූපං විය ඛායති.
‘‘යම්පිදං
‘‘යඤ්ච ඛො ඉදං, භො ගොතම, පාටිහාරියං ඉධෙකච්චො එවං අනුසාසති - ‘එවං විතක්කෙථ
‘‘අච්ඡරියං, භො ගොතම, අබ්භුතං, භො ගොතම! යාවසුභාසිතමිදං භොතා ගොතමෙන ඉමෙහි ච මයං තීහි පාටිහාරියෙහි සමන්නාගතං භවන්තං ගොතමං ධාරෙම. භවඤ්හි ගොතමො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති...පෙ.... යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති, භවඤ්හි ගොතමො අවිතක්කං අවිචාරං සමාධිං සමාපන්නස්ස චෙතසා චෙතො පරිච්ච පජානාති - ‘යථා ඉමස්ස භොතො මනොසඞ්ඛාරා පණිහිතා ඉමස්ස චිත්තස්ස අනන්තරා අමුං නාම විතක්කං විතක්කෙස්සතී’ති. භවඤ්හි ගොතමො එවමනුසාසති - ‘එවං විතක්කෙථ, මා එවං විතක්කයිත්ථ; එවං මනසි කරොථ, මා එවං මනසාකත්ථ; ඉදං පජහථ, ඉදං උපසම්පජ්ජ විහරථා’’’ති.
‘‘අද්ධා
‘‘අත්ථි පන, භො ගොතම, අඤ්ඤො එකභික්ඛුපි යො ඉමෙහි තීහි පාටිහාරියෙහි සමන්නාගතො, අඤ්ඤත්ර භොතා ගොතමෙනා’’ති? ‘‘න ඛො, බ්‍රාහ්මණ, එකංයෙව සතං න ද්වෙ සතානි න තීණි සතානි න චත්තාරි සතානි න පඤ්ච සතානි, අථ ඛො භිය්යොව, යෙ
(තෙ (ක.) පස්ස ම. නි. 2.195) භික්ඛූ ඉමෙහි තීහි පාටිහාරියෙහි සමන්නාගතා’’ති. ‘‘කහං පන, භො ගොතම, එතරහි තෙ භික්ඛූ විහරන්තී’’ති? ‘‘ඉමස්මිංයෙව
‘‘අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතම! සෙය්යථාපි භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ
|
61
ඉක්බිත්තෙන් වනාහි සංගාරව නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක හුන්නාවූ සඞ්ගාරව නම් බ්‍රාහ්මණ තෙම, ‘භවත් ගෞතමයන් වහන්ස, අපි බමුණෝ වෙමු, යාග කරන්නෝද වෙමු, යාග තරවන්නෝද වෙමු, භවත් ගෞතමයන් වහන්ස, එහි යමෙක් යාග කරහිද, යාග කරවයිද, ඒ සියල්ලෝ මේ යාගය හේතුකොට ගෙණ නොයෙක් ශරීරයන්ගෙන් උපදනාවූ පුණ්‍ය ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි. භවත් ගෞතමයන් වහන්ස, මේ යමෙක් තෙම යම් ඒ කුලයකින් ගිහිගෙයින් නික්ම, ශාසනයෙහි පැවිදිව, එක්කෙනෙකුවූ තමාම දමනය කෙරෙයිද, එක්කෙනෙකුවූ තමාම සමනය කෙරේද, එක්කෙනෙක්වූ තමාම නිවී කෙලෙස් නිවීම කෙරේද, මෙසේ හෙතෙම යම් මේ ප්‍රව්‍රජ්ජාව හේතුකොට ගෙණ එකම ශරීරයෙන් උපදනා පුණ්‍ය ප්‍රතිපදාවට පිළිපන්නේ වේය” යි කීයේය.
“බමුණ, එසේ වී නම් මේ කාරණයෙහි ලා තගෙන්ම අසන්නෙමි. තට යම් සේ කැමති වන්නේද, එසේ එය ප්‍රකාශ කරන්නෙහිය. බ්‍රාහ්මණය, ඒ කුමකැයි හඟින්නෙහිද? අර්හත්වූ, සම්මා සම්බුද්ධවූ, අෂ්ට විද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තවූ, ශෝභන ගමන් ඇත්තාවූ, ලෝකය දත්තාවූ, පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු වැනිවූ, දෙවි මිනිසුන්ගේ ගුරුවූ, චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, භාග්‍යවත්වූ තථාගත තෙමේ මේ ලෝකයෙහි උපදියි. හෙතෙම මෙසේ කියයි. ‘මෙහි එව. මේ මාර්ගය වන්නේය, මේ ප්‍රතිපදාව වන්නේය. යම් සේ එම මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට ප්‍රතිෂ්ඨාවවූ නිර්වාණය තෙමේම විශිෂ්ට ඥාණයෙන් දැන ප්රත්යක්ෂකොට ප්‍රකාශ කෙරෙම්ද, තෙපිද එව්. යම්සේ පිළිපන්නාවූ තෙපිද නිරුත්තරවූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට ප්‍රතිෂ්ඨාවවූ නිර්වාණය තෙමේ ප්රත්යක්ෂ කොට ගෙන, ඊට පැමිණ වාසය කරන්නාහුද, එසේ ඒ මාර්ගයෙන් පිළිපදිව්ය’ යි කියායි. එසේම මේ ශාස්තෘ තෙමේද ධර්ම දේශනා කෙරෙයි. අන්‍යයන්ද ඒ පිණිස පිළිපදිත්ද, ඔවුහු වනාහි නොයෙක් සිය ගණන්ද වෙත්. නොයෙක් දහස් ගනන්ද වෙත්. නොයෙක් ලක්ෂ ගනන්ද වෙත්. බමුණ, ඒ කුමකැයි හඟින්නෙහිද? මෙය මෙසේ ඇති කල්හි ප්‍රවෘජ්ජාව හේතුකොටගෙන, මෙය එක සිරුරකින් හටගන්නාවූ පුණ්‍ය ප්‍රතිපදාවක් වේද, නොයෙක් සිරුරුවලින් හටගන්නා ප්‍රතිපදාවක් වේදැ” යි වදාළ සේක.
“භවත් ගෞතමයන් වහන්ස. මෙස් ඇති කල්හි, මෙයද ප්‍රවෘජ්ජාව හේතුකොට ගෙන, නොයෙක් ශරීරයෙන් හටගන්නාවූ, පුන්‍ය ප්‍රතිපදාවක් වේය” යි කීය. මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම සංගාරව බ්‍රාහ්මණයාට මෙසේ කීය.
“බ්‍රාහ්මණය, මේ ප්රතිපදාවන් දෙක අතුරෙන් කවර නම් ප්‍රතිපදාවක් අඩු කටයුතු ඇත්තේද, අඩු හිරිහැර ඇත්තේද, වැඩි මහත් ඵල ඇත්තේද, වැඩි මහත් ආනිශංස ඇත්තේද වේයයි හඟින්නෙහිද?” යනුයි.
“මෙසේ කී කල්හි සංගාරව බ්‍රාහ්මණ තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීය. “භවත් ගෞතමයන් වහන්සේද, භවත් ආනන්දයන් වහන්සේ යම්බඳු වෙත්ද, එබඳු උත්තමයෝ මා විසින් පිදිය යුත්තෝය. මා විසින් ප්‍රශංසා කටයුත්තෝය” යනුයි.
දෙවනුවත් ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ සංගාරව බ්‍රාහ්මණයාට මෙසේ කීවේය. “බ්‍රාහ්මණය, මේ ප්රතිපදාවන් දෙක අතුරෙන් කවර නම් ප්‍රතිපදාවක් අඩු කටයුතු ඇත්තේද, අඩු හිරිහැර ඇත්තේද, වැඩි මහත් ඵල ඇත්තේද, වැඩි මහත් ආනිශංස ඇත්තේද වේයයි හඟින්නෙහිද?” යනුයි. දෙවනුවත් සංගාරව බ්‍රාහ්මණ තෙමේ මෙසේ කී කල්හි සංගාරව බ්‍රාහ්මණ තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීය. “භවත් ගෞතමයන් වහන්සේද, භවත් ආනන්දයන් වහන්සේ යම්බඳු වෙත්ද, එබඳු උත්තමයෝ මා විසින් පිදිය යුත්තෝය. මා විසින් ප්‍රශංසා කටයුත්තෝය” යනුයි. තුන්වෙනුවත් ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ, බ්‍රාහ්මණය, කවරෙකු තොප විසින් පිදිය යුතුද, කවරෙකු තොප විසින් පැසසිය යුතුදැයි මෙසේ නෙිවාචාරමි. බ්‍රාහ්මණය, මම තොපගෙන් මෙසේද විචාරමි. “බ්‍රාහ්මණය, මේ ප්රතිපදාවන් දෙක අතුරෙන් කවර නම් ප්‍රතිපදාවක් අඩු කටයුතු ඇත්තේද, අඩු හිරිහැර ඇත්තේද, වැඩි මහත් ඵල ඇත්තේද, වැඩි මහත් ආනිශංස ඇත්තේද වේයයි හඟින්නෙහිද?” යනුයි. තුන්වෙනුවත් සංගාරව බ්‍රාහ්මණ තෙමේ “මෙසේ කී කල්හි සංගාරව බ්‍රාහ්මණ තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීය. “භවත් ගෞතමයන් වහන්සේද, භවත් ආනන්දයන් වහන්සේ යම්බඳු වෙත්ද, එබඳු උත්තමයෝ මා විසින් පිදිය යුත්තෝය. මා විසින් ප්‍රශංසා කටයුත්තෝය” යනුයි.
ඉක්බිති වනාහි භාග්‍යවතුන් වහන්සේට මේ සිත විය. ‘තුන්වෙනි වර දක්වාත් සංගාරව නම් බ්‍රාහ්මණ තෙම ආනන්දයන් විසින් කරුණු සහිතව ප්‍රශ්ණ විචාරණ ලද්දේ නවත්වයි, නොවිසඳයි. මම ඔවුන් වෙහෙසීමෙන් මුදන්නෙම් නම් යහපත කියායි. භාග්‍යවතුන් වහන්සේ සංගාරව බ්‍රාහ්මණයාට මෙසේ කීය. “බමුණ, අද රජ ගෙදර රජ පිරිසෙහි එක්ව රැස් වූවන්ගේ අනිකුදු කථා අතර කවර නම් කථාවක් පහළවීදැ” යි අසා වදාළ සේක.
“භවත් ගෞතමයන් වහන්ස, රජ ගෙදර රජ පිරිසෙහි එක්ව රැස්වූවන් අතර අද මේ කථාව පහළවිය.
“එනම්, පූර්ව කාලයෙහි වනාහි භික්ෂූහු ඉතා ස්වල්ප වූහ. එහෙත් බොහෝ දෙනෙක් මනුෂ්‍ය ධර්මයන්ට වඩා උසස්වූ ඎද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය දැක්වූහ. දැන වනාහි භික්ෂූහු ඉතා බොහෝද වෙත්. එහෙත් ස්වල්ප දෙනෙක්ම මනුෂ්‍ය ධර්මයන්ට වඩා උසස්වූ ඎද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය දක්වත්ය යනුයි.
“භවත් ගෞතමයන් වහන්ස, රජ ගෙදර රජ පිරිසෙහි එක්ව රැස්වූවන් අතර අද මේ කථාව පහළවිය.
“බමුණ, මේ ප්‍රාතිහාර්‍ය්‍යයෝ තුන්දෙනෙක් වෙත්. කවර තුන්දෙනෙක්ද, ඎද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය, ආදේශනා ප්‍රාතිහාර්‍ය්‍ය, අනුශාසනීය ප්‍රාතිහාර්‍ය්‍ය (යන මේයි.) කුමක් ඎද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය නම් වෙයිද? බමුණ, මෙහි ඇතැම් කෙනෙක් නන් වැදෑරුම්වූ ඎද්ධි දක්වත්. කෙසේද?
“එකෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්ව එකෙක් වෙයි. ප්‍රකට බවටද, මුවා වීමටද, භිත්තිය සරසටද, පවුර සරසටද, පව්ව සරසටද, අහසෙහි මෙන් නොගැටෙමින් යෙයි. ජලයෙහි මෙන් පොළවෙහිද කිමිදීම මතුවීම කෙරෙයි. පොළවෙහි මෙන් ජලයෙහිද දිය නොබෙදමින් යයි. පියාපත් ඇති පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යඞ්කයෙන් ගමන් කෙරෙයි. මෙසේ මහත් ඎද්ධි ඇත්තාවූ, මෙසේ මහත් ආනුභාව ඇත්තාවූ, මේ සඳ හිරු දෙදෙනද අතින් පිරිමදී. බඹලොව දක්වාත් කයින් වසඟයෙහි පවත්වයි. බමුණ, මේ ඎද්ධි ප්‍රාතිහාර්‍ය්‍යයයි කියනු ලැබේ.
“බමුණ, ආදේශනා ප්‍රාතිහාර්‍ය්‍ය නම් කවරේද? මෙහි ඇතැම් කෙනෙක් දක්නට ලැබෙන ලකුණුවලින් තාගේ සිත මෙසේද වෙයි. තාගේ සිත මේ ආකාරයන්ද වෙයි. තාගේ සිත මෙසේද වේයයි ප්‍රකාශ කරයි. හෙතෙම ඉදින් බොහොමයක් කියාද එය එසේම වෙයි. අන් පරිද්දකින් නොවෙයි. බමුණ, මෙහි සමහර කෙනෙක් ලකුණුවලින් නොකියයි. එහෙත් මිනිසුන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ ශබ්ද අසා තාගේ සිත මෙසේද වේ. තාගේ සිත මේ ආකාරයෙන්ද වේ. තාගේ සිත මෙසේ මෙසේද වේයයි ප්‍රකාශ කරයි. හෙතෙම බොහොමයක් කියයි. ඒ එසේම වෙයි. අන් ආකාරයකින් නොවෙයි. බ්‍රාහ්මණය, මෙහි ඇතැම් කෙනෙක් ලකුණුවලින්ද නොකියයි. මිනිසුන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ ශබ්ද අසාද ප්‍රකාශ නොකරයි. එහෙත් කල්පනා කරන්නවුන්ගේ සලකා බලන්නවුන්ගේ දොඩවන ශබ්ද අසා තගේ සිත මෙසේය. තගේ සිත මේ ආකාරය තගේ සිත මෙබඳුයයි ප්‍රකාශ කරයි. හෙතෙම බොහොමයක් කියයි. එය එසේම වෙයි. අන් ආකාරයකින් නොවෙයි. බ්‍රාහ්මණය, මෙහි ඇතමෙක් සලකුණුවලින්ද ප්‍රකාශ නොකරයි. මිනිසුන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ ශබ්ද අසාද ප්‍රකාශ නොකරයි. කල්පනා කරන්නවුන්ගේ කරුණු සලකන්නවුන්ගේ දොඩවන ශබ්ද අසාද ප්‍රකාශ නොකරයි. එහෙත් විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියට සමවැදුනහුගේ සිතින් සිත පිරිසිඳ මේ පින්වත්හුගේ චිත්ත සංඛාරයෝ මෙසේ පිහිටුවන ලදහ. මේ සිතට අනතුරුව අසවල් කල්පනාව කල්පනා කරන්නේයයි ප්‍රකාශ කරයි. හෙතෙම බොහොමයක් ප්‍රකාශ කරයි. එය එසේම වෙයි. අන් පරිද්දකින් නොවෙයි. බ්‍රාහ්මණය, මේ ආදේශනා ප්‍රාතිහාර්‍ය්‍යයයි කියනු ලැබේ.
“බ්‍රාහ්මණය, අනුශාසනා ප්‍රාතිහාර්‍ය්‍ය නම් කවරේද? බ්‍රාහ්මණය, මෙහි ඇතැමෙක්, ‘මෙසේ කල්පනා කරව්, මෙසේ කල්පනා නොකරව්. මෙසේ මෙනෙහි කරව්. මෙසේ මෙනෙහි නොකරව්. මෙය දුරු කරව්. මීට පැමිණ වාසය කරව්” යයි මෙසේ අනුශාසනා කරයි. බ්‍රාහ්මණය, මේ අනුශාසනා ප්‍රාතිහාර්‍ය්‍යයයි කියනු ලැබේ.
“බමුණ, මේ ප්‍රාතිහාර්‍ය්‍යයෝ තුන්දෙන වෙත්. බමුණ තට මේ ප්‍රාතිහාර්‍ය්‍ය තුන අතුරින් කවර නම් ප්‍රාතිහාර්‍ය්‍යයක් වඩා යහපත්යයි කියාද, වඩා ප්‍රණීතයයි කියාද, කැමති වේද?”
“භවත් ගෞතමයන් වහන්ස, ඔවුන් අතුරෙන් යම් මේ ප්‍රාතිහාර්‍ය්‍යයක් වේද, (එනම්) මෙහි ඇතැමෙක් නන් වැදෑරුම්වූ ඎද්ධි දක්වයිද, කෙසේද,
“එකෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්ව එකෙක් වෙයි. ප්‍රකට බවටද, මුවා වීමටද, භිත්තිය සරසටද, පවුර සරසටද, පව්ව සරසටද, අහසෙහි මෙන් නොගැටෙමින් යෙයි. ජලයෙහි මෙන් පොළවෙහිද කිමිදීම මතුවීම කෙරෙයි. පොළවෙහි මෙන් ජලයෙහිද දිය නොබෙදමින් යයි. පියාපත් ඇති පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යඞ්කයෙන් ගමන් කෙරෙයි. මෙසේ මහත් ඎද්ධි ඇත්තාවූ, මෙසේ මහත් ආනුභාව ඇත්තාවූ, මේ සඳ හිරු දෙදෙනද අතින් පිරිමදී. බඹලොව දක්වාත් කයින් වසඟයෙහි පවත්වයි. බමුණ, මේ ඎද්ධි ප්‍රාතිහාර්‍ය්‍යයයි කියනු ලැබේ.
“භවත් ගෞතමයන් වහන්ස, මේ ප්‍රාතිහාර්‍ය්‍යය යමෙක් කෙරේ නම් හෙතෙමේම එය විඳී. යමෙක් කෙරේනම් එය ඔහුටම වේ. භවත් ගෞතමයන් වහන්ස, මට මේ ප්‍රාතිහාර්‍ය්‍යය මායාවක් මෙන් වැටහෙයි.
“භවත් ගෞතමයන් වහන්ස, යම් මේ ප්‍රාතිහාර්‍ය්‍යයක් වේද, (එනම්) මෙහි ඇතැමෙක් තොපගේ සිත මෙසේද වේ. තොපගේ සිත මේ ප්‍රකාරයෙන් වේ. තොපගේ මනස මෙසේද වේ. හෙතෙම බොහෝද කියයි. මෙය මෙසේ මේ අන් පරිද්දෙකින් නොවේ. භවත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් නිමිත්තෙන් නොකියයි. එකකුදු මනුෂ්‍යයන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ ශබ්දය අසා කියයි. තොපගේ සිත මෙසේය. තොපගේ සිත මේ ප්‍රකාරයෙනි. තොපගේ සිත මෙසේය කියායි. හෙතෙම බොහෝ කීවත් එසේම වේ. නොවරදී. භවත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් නිමිත්තෙන් නොකියයි. මනුෂ්‍යයන්ගේ, අමනුෂ්‍යයන්ගේ, දෙවියන්ගේ ශබ්දය අසා කියයි. නැවතද තර්කකර, කල්පනාකර නිදිගත්තවුන්ගේ හා මත්වූවන්ගේ ශබ්ද අසා කියයි. එසේත් නොකියයි. එතකුදු වුවත් විතර්ක රහිත, විචාර රහිත ධ්‍යානයට සමවැදුනහුන්ගේ සිත දැන කියයි. මේ පින්වත්හුගේ සිත යම් සේද, මේ සිතට පසුව අසවල් සිත උපදීයයි හෙතෙම බොහෝ කීවත් වෙනස් නොවේ. භවත් ගෞතමයන් වහන්ස, මේ ප්‍රාතිහාර්‍ය්‍යයකි. යමෙක් එය කරයිද, හෙතෙම එය දනී. යමෙක් එය කරයිද, ඔහුට එයම වේ. භවත් ගෞතමයන් වහන්ස, මේ ප්රාතිහාර්ය්යයද මායාවක් සේ පෙනේ.
“භවත් ගෞතමයන් වහන්ස, යම් මේ ප්‍රාතිහාර්‍ය්‍යයක් වේද, එනම් මෙහි ඇතැම් කෙනෙක් මෙසේ කල්පනා කරව්. මෙසේ කල්පනා නොකරව්. මෙසේ මෙනෙහි කරව්. මෙසේ මෙනෙහි නොකරව්. මෙය අත්හරිව්. මීට පැමිණ වාසය කරව්ය කියායි.
“භවත් ගෞතමයන් වහන්ස, මේ ප්‍රාතිහාර්‍ය්‍ය තුන අතුරින් මේ ප්රාතිහාර්ය්යයම ඉතා යහපත්ය, ඉතා ප්‍රණීතයයි රුචිවෙයි. භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයයි, අද්භූතයි. භවත් ගෞතමයන් වහන්සේ විසින් මෙය ඉතා මනාකොට වදාරණ ලද්දේය. අපි මේ ප්‍රාතිහාර්‍ය්‍යය තුනින් යුක්තවූ භවත් ගෞතමයන් වහන්සේ දරා ගනිමු, භවත් ගෞතමයන් වහන්සේ, නා නා ප්‍රකාර ඎද්ධි පායි. කෙසේද, එකෙක්ව බොහෝ දෙනෙක් වේ. බොහෝ්ව සිට එකෙක් වෙයි. පෙනෙන බවට, සරස් බවට, බිත්ති සරසට, පවුර සරසට, පර්වත සරසටද, අහසෙහි මෙන් පොළොවෙහි නොගැටෙමින් යයි. ජලයෙහි මෙන් පොළොවෙහිත් මතුවීම කිමිදීම කරයි. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබෙදමින් යයි. අහසෙහි පලඟින් ගමන් කෙරෙයි. මෙසේ මහත් ඎද්ධි ඇත්තාවූ, මහත් ආනුභාව ඇත්තාවූ, මේ සඳ හිරු දෙදෙන අතින් පිරිමදියි. බඹලොව දක්වා කයින් වසඟයට පමුණුවයි.
“භවත් ගෞතමයන් වහන්සේ විතර්ක රහිත, විචාර රහිත සමාධියට සමවැදුනහුගේ සිතින් සිත දනියි. මේ පින්වත්හුගේ සිත යම් සේ පිහිටුවන ලද්දේද, මේ සිතට පසුව මෙනම් විතර්කයක් සිතන්නාහුයයි කියායි. භවත් ගෞතමයන් වහන්සේ, මෙසේ සිතව්, මෙසේ නොසිතව්, මෙසේ මෙනෙහි කරව්, මෙසේ මෙනෙහි නොකරව්, මෙය අත්හරිව්, මෙයට පැමිණ වාසය කරව්. මෙසේ අනුශාසනා කරයි.
“බමුණ, ඒකාන්තයෙන්ම තා විසින් මාගේ ගුණ සමීපයට ගෙන මේ වචනය ප්‍රකාශ කරණ ලද්දීය. එසේ නමුත් තව මම ප්‍රකාශ කරන්නෙමි. බමුණ, මම වනාහි නා නා ප්‍රකාර ඎද්ධි කරමි. කෙසේද,
“එකෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්ව එකෙක් වෙයි. ප්‍රකට බවටද, මුවා වීමටද, භිත්තිය සරසටද, පවුර සරසටද, පව්ව සරසටද, අහසෙහි මෙන් නොගැටෙමින් යෙයි. ජලයෙහි මෙන් පොළවෙහිද කිමිදීම මතුවීම කෙරෙයි. පොළවෙහි මෙන් ජලයෙහිද දිය නොබෙදමින් යයි. පියාපත් ඇති පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යඞ්කයෙන් ගමන් කෙරෙයි. මෙසේ මහත් ඎද්ධි ඇත්තාවූ, මෙසේ මහත් ආනුභාව ඇත්තාවූ, මේ සඳ හිරු දෙදෙනද අතින් පිරිමදී. බඹලොව දක්වාත් කයින් වසඟයෙහි පවත්වයි. බමුණ, මේ ඎද්ධි ප්‍රාතිහාර්‍ය්‍යයයි කියනු ලැබේ.
“බමුණ, මම වනාහි චිතර්ක රහිත, විචාර රහිත සමාධියට පැමිණි මා මේ පින්වත්හුගේ සිත යම් සේ පිහිටුවීද, මේ සිතට පසුව මෙනම් චිතර්කයක් සිතන්නේයයි ඔහුගේ සිත මා සිතින් දැන ප්‍රකාශ කරමි. බමුණ, මම වනාහි මෙසේ අනුශාසනා කරමි. ‘මෙසේ සිතව, මෙසේ නොසිතව, මෙසේ මෙනෙහි කරව, මෙසේ මෙනෙහි නොකරව, මෙය අත් හරිව්, මීට පැමිණ වාසය කරව්’ යයි කියායි.
“භවත් ගෞතමයන් වහන්ස, මේ ප්‍රාතිහාර්‍ය්‍යය තුනින් යුක්තවූ භවත් ගෞතමයන් වහන්සේ හැර යම් අන්‍යවූ එක් භික්ෂුවකුත් ඇත්තේද?” “බමුණ, සීයක්ද නොවෙයි. දෙසීයක්ද නොවෙයි. තුන් සීයක්ද නොවෙයි. සාර සීයක්ද නොවෙයි. පන් සීයක්ද නොවෙයි. යලිදු මේ ප්‍රාතිහාර්‍ය්‍යය තුනින් යුත් භික්ෂූහු බොහෝ වෙත්ය.” යි වදාළ සේක. “භවත් ගෞතමයන් වහන්ස, ඒ භික්ෂූහු දැන් කොතැන්හි වෙසෙද්ද?” “බමුණ, මේ භික්ෂු සංඝයා අතරෙහිමය” යි (වදාළ සේක.)
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරණ ලද්දේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි කියා තෙල් පහණක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ ඇසූ මම භවත් ගෞතමයන් වහන්සේගේද, ධර්මයෙහිද, සංඝයාගේද සරණ යමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට මා දන්නා සේක්වා” යි කීයේය.
|