4. දෙවදූතවග්ගො | 4. දේවදූත වර්ගය |
1.සබ්රහ්මකසුත්තං | 1. සබ්‍රහ්මක කුල සූත්‍රය |
31
‘‘සබ්රහ්මකානි
‘‘බ්‍රහ්මාති මාතාපිතරො, පුබ්බාචරියාති වුච්චරෙ;
ආහුනෙය්යා ච පුත්තානං, පජාය අනුකම්පකා.
‘‘තස්මා හි නෙ නමස්සෙය්ය, සක්කරෙය්ය ච පණ්ඩිතො;
අන්නෙන අථ පානෙන, වත්ථෙන සයනෙන ච;
උච්ඡාදනෙන න්හාපනෙන
(නහාපනෙන (සී.)), පාදානං ධොවනෙන ච.
‘‘තාය නං පාරිචරියාය, මාතාපිතූසු පණ්ඩිතා;
ඉධෙව
(ඉධ චෙව (සී.)) නං පසංසන්ති, පෙච්ච සග්ගෙ පමොදතී’’ති
(සග්ගෙ ච මොදතීති (සී.) ඉතිවු. 106 ඉතිවුත්තකෙ). පඨමං;
|
31
“මහණෙනි, ස්වකීය ගෘහයෙහි යම් දූ දරුවන් විසින් මව්පියෝ පිදීම කරණ ලද්දාහු වෙද්ද, ඒ කුලයෝ බ්‍රහ්මයන් සහිත වෙත්. ස්වකීය ගෘහයෙහි යම් දූ දරුවන් විසින් මව්පියෝ පිදීම කරණ ලද්දාහු වෙත්ද, ඒ කුලයෝ පූර්වාචාර්ය්යයන් සහිත වෙත්. ස්වකීය ගෘහයෙහි යම් දූ දරුවන් මව්පියෝ පුදන ලද්දාහු වෙද්ද, ඒ කුලයෝ ආහාර පානාදියෙන් පිදිය යුත්තන් සහිත වෙත්. මහණෙනි, ‘බ්‍රහ්ම’ යන මෙය මව්පියන්ට නමකි. මහණෙනි, ‘පුබ්බාචරිය’ යන මෙය මව්පියන්ට නමකි. මහණෙනි, ‘ආහුනෙය්‍ය’ යන මෙය මව්පියන්ට නමකි.
“ඊට හේතු කවරේද? මවුපියෝ පුත්‍රයන්ට බොහෝ උපකාර ඇත්තෝය. ජීවිතය ආරක්ෂා කරන්නෝද වෙති. පොෂ්ය කරන්නෝද වෙති. මේ ලෝකය පෙන්වන්නෝද වෙති.
“මවුපියෝ පුත්‍රයින්ට බ්රහ්මයයිද, පූර්වාචාර්ය්යයයිද, ආහුනෙය්‍ය යයිද කියනු ලැබෙත්. පුත්‍ර ප්‍රජාවට අනුකම්පා කරන්නෝය. එහෙයින් වනාහි පණ්ඩිත තෙමේ ඒ මවුපියන් නමස්කාර කරන්නේය.
“තවද ආහාරයෙන්ද, පානයෙන්ද, වස්ත්‍රයෙන්ද, සයනයෙන්ද, ඇඟ ඉලීමෙන්ද, නෑවීමෙන්ද, පා සේදීමෙන්ද සත්කාර කරන්නේය.
“මව්පියන් කෙරෙහි කරණලද ඒ උපස්ථාන හේතුවෙන්, පණ්ඩිතයෝ මෙලෙව්හිද ඔහුට ප්‍රශංසා කරත්. පරලෙව්හි ස්වර්ගයෙහිද සතුටුවේය” යි වදාළසේක.
|
2. ආනන්දසුත්තං | 2. ආනන්ද සමාධි පටිලාභ සූත්‍රය |
32
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා
‘‘සියා නු ඛො, භන්තෙ, භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ අහඞ්කාරමමඞ්කාරමානානුසයා නාස්සු, බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහඞ්කාරමමඞ්කාරමානානුසයා නාස්සු; යඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං උපසම්පජ්ජ විහරතො අහඞ්කාරමමඞ්කාරමානානුසයා න හොන්ති තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං උපසම්පජ්ජ විහරෙය්යා’’ති? ‘‘සියා, ආනන්ද, භික්ඛුනො
‘‘යථා කථං පන, භන්තෙ, සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ අහඞ්කාරමමඞ්කාරමානානුසයා නාස්සු, බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහඞ්කාරමමඞ්කාරමානානුසයා
‘‘ඉධානන්ද
‘‘ඉදඤ්ච පන මෙතං, ආනන්ද, සන්ධාය භාසිතං පාරායනෙ පුණ්ණකපඤ්හෙ -
‘‘සඞ්ඛාය ලොකස්මිං පරොපරානි
(පරොවරානි (සී. පී.) සු. නි. 1054; චූළනි. පුණ්ණකමාණවපුච්ඡා 73),
යස්සිඤ්ජිතං නත්ථි කුහිඤ්චි ලොකෙ;
සන්තො
අතාරි සො ජාතිජරන්ති බ්රූමී’’ති. දුතියං;
|
32
ඉත්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක්හිද එහි පැමිණි සේක. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, යම්සේ විඤ්ඤාණ සහිතවූ මේ ශරීරයෙහි මමය යන දෘෂ්ටියද, මගේ යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද යන මොහු නොවන්නාහුද, පිටත්හිද රූපාදී සියලු ආරම්මණයන්හි මමය යන දෘෂ්ටියද, මගේය යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද යන මොහු නොවන්නාහුද, යම්බඳුවූ අර්හත්ඵල සමාධියකට, අර්හත්ඵල ප්රඥාවකට පැමිණ වාසය කරන්නාහට මමය යන දෘෂ්ටිය මගේ යන තෘෂ්ණාව, මානානුසය යන මොහු නොවෙද්ද, එබඳු අර්හත්ඵල සමාධියකට හා අර්හත්ඵල ප්රඥාවකට පැමිණ වාසය කරන්නේ නම් එබඳු සමාධියක් ලැබීම භික්ෂූහට වන්නේදැ?” යි (ඇසීය.)
“ආනන්දය, යම්සේ විඤ්ඤාණ සහිතවූ මේ ශරීරයෙහි මමය යන දෘෂ්ටියද, මගේ යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද යන මොහු නොවන්නාහුද, පිටත්හිද රූපාදී සියලු ආරම්මණයන්හි මමය යන දෘෂ්ටියද, මගේය යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද යන මොහු නොවන්නාහුය, යම්බඳුවූ අර්හත්ඵල සමාධියකට, අර්හත්ඵල ප්රඥාවකට පැමිණ වාසය කරන්නාහට මමය යන දෘෂ්ටිය මගේ යන තෘෂ්ණාව, මානානුසය යන මොහු නොවෙත්. එබඳු අර්හත්ඵල සමාධියකට හා අර්හත්ඵල ප්රඥාවකට පැමිණ වාසය කරන්නේ නම් එබඳු සමාධියක් ලැබීම භික්ෂූහට වන්නේය?” යි වදාළසේක.
“ස්වාමීනි, කෙසේනම් විඤ්ඤාණ සහිතවූ මේ ශරීරයෙහි මමය යන දෘෂ්ටියද, මගේය යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද යම්සේ නොවෙත්ද, පිටත සියලු රූපාදී ආරම්මණයන්හි මමය යන දෘෂ්ටියද, මගේය යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද යම්සේ නොවෙත්ද, යම් අර්හත්ඵල සමාධියකටද, අර්හත්ඵල ප්රඥාවකටද පැමිණ වාසය කරන්නහුට මමය යන දෘෂ්ටිය මගේය යන තෘෂ්ණාව, මාන නවය අනුශය සත නොවෙත්ද. ඒ අර්හත්ඵල සමාධියටද අර්හත්ඵල ප්‍රඥාවටද පැමිණ වාසය කරන්නේ නම් එබඳු සමාධියක් ලැබීම කෙසේ වන්නේදැ” යි ඇසීය.
“ආනන්දය, මේ ශාසනයෙහි භික්ෂුහට මෙබඳු සිතක් වෙයි. (කෙසේද) මෙය ශාන්තය. මෙය ප්‍රණීතය. එනම්, සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් වේද, කාමාදී සියලු උපධීන්ගේ දුරලීමක් වේද, තෘෂ්ණාහුගේ ක්ෂයවීමක් වේද, නොඇලීමක් වේද, දුක්ඛ නිරෝධයක් වේද, නිර්වාණයක් වේද, (එයයි.)
“ආනන්දය, යම්සේ විඤ්ඤාණ සහිතවූ මේ ශරීරයෙහි මමය යන දෘෂ්ටියද, මගේය යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද යම්සේ නොවෙද්ද, පිටත සියලු රූපාදී ආරම්මණයන්හි මමය යන දෘෂ්ටියද, මගේය යන තෘෂ්ණාවද, මාන නවයද, අනුශය සතද යම්සේ නොවෙත්ද, යම් අර්හත්ඵල සමාධියකටද, අර්හත්ඵල ප්රඥාවකටද පැමිණ වාසය කරන්නහුට මමය යන දෘෂ්ටිය මගේය යන තෘෂ්ණාව, මාන නවය අනුශය සත නොවෙත්ද. ඒ අර්හත්ඵල සමාධියටද, අර්හත්ඵල ප්‍රඥාවටද පැමිණ වාසය කරන්නේ නම් එබඳු සමාධි ලාභයක් වන්නේය, ආනන්දය, මෙයද වනාහි මේ සඳහා පාරායන වර්ගයෙහි පුණ්ණක නම් ප්රශ්ණයෙහි ප්‍රකාශ කරණලද්දේය.”
“යමෙකුට ලෝකයෙහි තමාගේද, අනුන්ගේද ආත්මභාවයන් නුවණින් දැන ලෝකයෙහි කිසිවක්හි කම්පාවීමක් නැත්තේද, ශාන්තවූ, කායදුශ්චරිතාදී දුම් රහිතවූ, රාගාදී දුක් නැත්තාවූ, තෘෂ්ණා රහිතවූ, ඒ රහත් පුද්ගල තෙම ජාතිය හා ජරාව එතර කෙළේයයි කියමි” යි වදාළ සේක.
|
3. සාරිපුත්තසුත්තං | 3. සංඛිත්ත විත්ථාර දේශනා සූත්‍රය |
33
අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සාරිපුත්තං භගවා එතදවොච - ‘‘සංඛිත්තෙනපි ඛො අහං, සාරිපුත්ත, ධම්මං දෙසෙය්යං; විත්ථාරෙනපි ඛො අහං, සාරිපුත්ත, ධම්මං දෙසෙය්යං; සංඛිත්තවිත්ථාරෙනපි ඛො අහං, සාරිපුත්ත, ධම්මං දෙසෙය්යං; අඤ්ඤාතාරො ච දුල්ලභා’’ති. ‘‘එතස්ස, භගවා, කාලො, එතස්ස, සුගත, කාලො යං භගවා සංඛිත්තෙනපි ධම්මං දෙසෙය්ය, විත්ථාරෙනපි ධම්මං දෙසෙය්ය, සංඛිත්තවිත්ථාරෙනපි ධම්මං දෙසෙය්ය. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො’’ති.
‘‘තස්මාතිහ, සාරිපුත්ත, එවං සික්ඛිතබ්බං - ‘ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ අහඞ්කාරමමඞ්කාරමානානුසයා න භවිස්සන්ති, බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහඞ්කාරමමඞ්කාරමානානුසයා න භවිස්සන්ති, යඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං
‘‘යතො ච ඛො, සාරිපුත්ත, භික්ඛුනො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ
‘‘පහානං කාමසඤ්ඤානං, දොමනස්සාන චූභයං;
ථිනස්ස ච පනූදනං, කුක්කුච්චානං නිවාරණං.
‘‘උපෙක්ඛාසතිසංසුද්ධං
අඤ්ඤාවිමොක්ඛං පබ්රූමි, අවිජ්ජාය පභෙදන’’න්ති
(සු. නි. 1112; චූළනි. උදයමාණවපුච්ඡා 131). තතියං;
|
33
“ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ, ‘ශාරීපුත්‍රයෙනි, මම වනාහි සංත්ක්ෂපයෙන්ද ධර්මය දේශනා කරන්නෙමි. ශාරීපුත්‍රයෙනි, මම විස්තර වශයෙන්ද ධර්මය දේශනා කරන්නෙමි. ශාරීපුත්‍රය, මම සංක්ෂෙප වශයෙන්ද, විස්තර වශයෙන්ද ධර්මය දේශනා කරන්නෙමි. අවබෝධ කරන්නෝ දුර්ලභය” යි වදාළසේක.
“යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ සංක්ෂෙපයෙන්ද ධර්මය දේශනා කරන්නේද, විස්තර වශයෙන්ද ධර්මය දේශනා කරන්නේද, සංක්ෂෙපයෙන්ද, විස්තර වශයෙන්ද ධර්මය දේශනා කරන්නේද, භාග්‍යවතුන් වහන්ස, මීට කල් වන්නේය. සුගතයන් වහන්ස, මීට කල් වන්නේය. ධර්මය අවබෝධ කරන්නාහු වන්නාහුය” යි (සැළකෙළේය.)
“ශාරීපුත්‍රය, එසේනම් මෙහි මෙසේ හික්මිය යුතුයි. (කෙසේද) විඤ්ඤාණය සහිතවූ මේ ශරීරයෙහි මමය යන දෘෂ්ටියද, මගේය යන තණ්හාවද, මාන අනුශයද යන මොහු නොවන්නාහුද, බාහිරවූ සියලු නිමිතිවල මමය යන දෘෂ්ටියද, මගේය යන තණ්හාවද, මාන අනුශයද යන මොහු නොවෙද්ද, ඒ අර්හත්ඵල සමාධියට, ඒ අර්හත්ඵල ප්‍රඥාවට පැමිණ වාසය කරන්නෙමුයි (කියායි.)
“ශාරීපුත්‍රය, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයයි (වදාළ සේක.) ශාරීපුත්‍රය, යම් තැනක පටන් මහණහුගේ මමය යන දෘෂ්ටියද, මගේය යන තණ්හාවද, මාන අනුශයද යන මොහු නොවෙද්ද, ඒ අර්හත්ඵල සමාධියට, ඒ අර්හත්ඵල ප්‍රඥාවට පැමිණ වාසය කෙරයිද, ශාරීපුත්‍රය, මේ මහණතෙම තෂ්ණාව සින්දේය. සංයෝජන උපුටා දැම්මේය. මානය ප්රහාණය කිරීම් වශයෙන් අවබෝධකොට වට්ට දුක්ඛයාගේ දුක කෙළවර කෙළේය” යි කියනු ලැබේ.
“ශාරීපුත්ත. මෙය වනාහි පාරායණයෙහි උදය ප්රශ්ණයෙහි මේ සඳහා කියනලදී.
“කාම සංඥාවගේද, දොමනස්සයාගේද, (යන) දෙදෙනාගේ ප්රහාණයවූද, ථීනම්ද්ධයාගේ දුරුකිරීමවූද, කුක්කුච්චයාගේ වැළැක්මවූද, උපෙක්ෂාවෙන් හා සතියෙන් පිරිසිදුවූ සම්‍යක් කල්පනාව ඉදිරියෙහි යන්නාවූ, අවිද්‍යාවගේ බිඳීමවූ අර්හත්ඵලය ප්‍රකාශ කරමි.”
|
4. නිදානසුත්තං | 4. කම්මනිදාන සූත්‍රය |
34
‘‘තීණිමානි, භික්ඛවෙ, නිදානානි කම්මානං සමුදයාය. කතමානි තීණි? ලොභො නිදානං කම්මානං සමුදයාය, දොසො නිදානං කම්මානං සමුදයාය, මොහො නිදානං කම්මානං සමුදයාය.
‘‘යං, භික්ඛවෙ, ලොභපකතං කම්මං ලොභජං ලොභනිදානං ලොභසමුදයං, යත්ථස්ස අත්තභාවො නිබ්බත්තති තත්ථ තං කම්මං විපච්චති. යත්ථ තං කම්මං විපච්චති තත්ථ තස්ස කම්මස්ස විපාකං පටිසංවෙදෙති, දිට්ඨෙ වා ධම්මෙ උපපජ්ජ වා
(උපපජ්ජෙ වා (සී. ස්‍යා. කං.) උපපජ්ජිත්වාති ම. නි. 3.303 පාළියා සංවණ්ණනා) අපරෙ වා
(අපරාපරෙ වා (ක.)) පරියායෙ.
‘‘යං
‘‘යං, භික්ඛවෙ, මොහපකතං කම්මං මොහජං මොහනිදානං මොහසමුදයං, යත්ථස්ස අත්තභාවො නිබ්බත්තති තත්ථ තං කම්මං විපච්චති. යත්ථ තං කම්මං විපච්චති තත්ථ
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, බීජානි අඛණ්ඩානි අපූතීනි අවාතාතපහතානි සාරාදානි සුඛසයිතානි සුඛෙත්තෙ සුපරිකම්මකතාය භූමියා නික්ඛිත්තානි. දෙවො ච සම්මාධාරං අනුප්පවෙච්ඡෙය්ය. එවස්සු තානි, භික්ඛවෙ, බීජානි වුද්ධිං විරුළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්යුං. එවමෙවං ඛො, භික්ඛවෙ, යං ලොභපකතං කම්මං ලොභජං ලොභනිදානං ලොභසමුදයං, යත්ථස්ස අත්තභාවො නිබ්බත්තති තත්ථ තං කම්මං විපච්චති. යත්ථ තං කම්මං විපච්චති තත්ථ තස්ස කම්මස්ස විපාකං පටිසංවෙදෙති, දිට්ඨෙ වා ධම්මෙ උපපජ්ජ වා අපරෙ වා පරියායෙ.
‘‘යං
‘‘තීණිමානි, භික්ඛවෙ, නිදානානි කම්මානං සමුදයාය. කතමානි තීණි? අලොභො නිදානං කම්මානං සමුදයාය, අදොසො නිදානං කම්මානං සමුදයාය, අමොහො නිදානං කම්මානං සමුදයාය.
‘‘යං, භික්ඛවෙ, අලොභපකතං කම්මං අලොභජං අලොභනිදානං අලොභසමුදයං, ලොභෙ විගතෙ එවං තං කම්මං පහීනං හොති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවඞ්කතං ආයතිං අනුප්පාදධම්මං.
‘‘යං, භික්ඛවෙ, අදොසපකතං කම්මං අදොසජං අදොසනිදානං අදොසසමුදයං, දොසෙ විගතෙ එවං තං කම්මං පහීනං හොති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවඞ්කතං ආයතිං අනුප්පාදධම්මං.
‘‘යං
‘‘සෙය්යථාපි
‘‘යං
‘‘ලොභජං දොසජඤ්චෙව
(දොසජං කම්මං (ක.)), මොහජඤ්චාපවිද්දසු;
යං තෙන පකතං කම්මං, අප්පං වා යදි වා බහුං;
ඉධෙව තං වෙදනියං, වත්ථු අඤ්ඤං න විජ්ජති.
‘‘තස්මා ලොභඤ්ච දොසඤ්ච, මොහජඤ්චාපි විද්දසු;
විජ්ජං උප්පාදයං භික්ඛු, සබ්බා දුග්ගතියො ජහෙ’’ති. චතුත්ථං;
|
34
“මහණෙනි, වට්ටගාමී කර්මයන්ගේ ඇතිවීම පිණිස මේ හේතු තුනක් වෙත්. කවර තුනක්ද යත්: කර්මයන්ගේ ඇතිවීම පිණිස ලෝභය හේතුවෙයි. කර්මයන්ගේ ඇතිවීම පිණිස ද්වේෂය හේතුවෙයි. කර්මයන්ගේ ඇතිවීම පිණිස මෝහය හේතුවෙයි.
“මහණෙනි, ලෝභයෙන් කරණ ලද්දාවූ, ලෝභයෙන් හටගත්තාවූ, ලෝභය කරුණුකොට ඇත්තාවූ, ලෝභය ප්‍රත්‍යකොට ඇත්තාවූ යම් කර්මයක් වේද, යම් තැනෙක්හි එය කළහුගේ ආත්මභාවය උපදීද, එහි කර්මය විපාකදෙයි. යම්තැනෙක්හි ඒ කර්මය විපාක දෙයිද, එහි ඒ කර්මයාගේ විපාකය මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ එයින් අනික් අනික් භවයක හෝ විපාක දෙයි.
“මහණෙනි, ද්වේෂයෙන් කරණ ලද්දාවූ, ද්වේෂයෙන් හටගත්තාවූ, ද්වේෂය කරුණුකොට ඇත්තාවූ, ද්වේෂය ප්‍රත්‍යය කොට ඇත්තාවූ යම් කර්මයක් වේද, යම් තැනෙක්හි එය කළහුගේ ආත්මභාවය උපදීද, එහි කර්මය විපාකදෙයි. යම්තැනෙක්හි ඒ කර්මය විපාක දෙයිද, එහි ඒ කර්මයාගේ විපාකය මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්ම බැව්හි හෝ එයින් අනික් අනික් භවයක හෝ විපාක දෙයි.
“මහණෙනි, මෝහයෙන් කළ, මෝහයෙන් හටගත්, මෝහය කරුණුකොට ඇති, මෝහය ප්‍රත්‍යයකොට ඇති යම් කර්මයක් වේද, යම් තැනෙක්හි එය කළහුගේ ආත්මභාවය උපදීද, එහි කර්මය විපාකදෙයි. යම්තැනෙක්හි ඒ කර්මය විපාක දෙයිද, එහි ඒ කර්මයාගේ විපාකය මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ එයින් අනික් අනික් භවයක හෝ විපාක දෙයි.
“මහණෙනි, යම්සේ නොකැඩුණු, කුණු නොවූ, අව් සුළඟින් නොනැසුනාවූ, නිස්සාර නොවු බීජයෝ යම්සේ යහපත් කුඹුරක මනාසේ සීසෑම් ආදිය කරණ ලද බිමක ඉසින ලද්දාහු. සැපසේ හෝනාහු වෙත්ද, වර්ෂාවද මනාකොට වර්ෂා ධාරාව නැවත නැවත හෙලන්නේද, මහණෙනි, එසේ ඇති කල්හි, ඒ බීජයෝ උඩට නැගීමෙන් වෘද්ධියටද, මුල් ඇදීමෙන් විරූඩිභාවයටද, හාත්පස පැතිරීමෙන් විපුලත්වයටද පැමිණෙන්නාහුය.”
“මහණෙනි, එසේම ලෝභයෙන් හටගත්, ලෝභය නිදානකොට ඇති, ලෝභය හේතුකොට ඇති, ලෝභයෙන් කළ යම් කර්මයක් වේද, යම් තැනෙක්හි ඔහුගේ ආත්මභාවය උපදීද, ඒ ආත්මභාවයෙහි ඒ ස්කන්ධ පඤ්චකයෙහි විපාක දේ. යම් තැනෙක්හි ඒ කර්මය විපාක දේද, එහි ඒ කර්මයාගේ විපාක විඳී. මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ අනික් ආත්මභාවයක හෝ විපාක දෙයි.”
“මහණෙනි, එසේම ද්වේෂයෙන් හටගත්, ද්වේෂය නිදානකොට ඇති, ද්වේෂය හේතුකොට ඇති, ද්වේෂයෙන් කළ යම් කර්මයක් වේද, යම් තැනෙක්හි ඔහුගේ ආත්මභාවය උපදීද, ඒ ආත්මභාවයෙහි ඒ ස්කන්ධ පඤ්චකයෙහි විපාක දේ. යම් තැනෙක්හි ඒ කර්මය විපාක දේද, එහි ඒ කර්මයාගේ විපාක විඳී. මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ අනික් ආත්මභාවයක හෝ විපාක දෙයි.”
“මහණෙනි, එසේම මෝහයෙන් හටගත්, මෝහය නිදානකොට ඇති, මෝහය හේතුකොට ඇති, මෝහයෙන් කළ යම් කර්මයක් වේද, යම් තැනෙක්හි ඔහුගේ ආත්මභාවය උපදීද, ඒ ආත්මභාවයෙහි ඒ ස්කන්ධ පඤ්චකයෙහි විපාක දේ. යම් තැනෙක්හි ඒ කර්මය විපාක දේද, එහි ඒ කර්මයාගේ විපාක විඳී. මේ ආත්මයෙහි හෝ අනතුරු ආත්මභාවයෙහි හෝ අනික් ආත්මභාවයක හෝ විපාක දෙයි. මහණෙනි, කර්මයන්ගේ හටගැනීමට මේ හේතු තුනයි.
“මහණෙනි, නිර්වාණයට යන සුලු කර්මයන්ගේ හටගැනීම පිණිස මේ හේතු තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද යත්, අලෝභය තෙම නිර්වාණගාමී කර්මයන් රැස්කිරීමට කරුණුවේ. අද්වේෂය නිර්වාණගාමී කර්මයන් රැස්කිරීමට කරුණුවේ. අමෝභය නිර්වාණගාමී කර්මයන් රැස්කිරීමට කරුණුවේ.
“මහණෙනි, අලෝභයෙන් කරණ ලද්දාවූ, අලෝභයෙන් හටගත්තාවූ, අලෝභය නිදානකොට ඇත්තාවූ, අලෝභය හේතුකොට ඇත්තාවූ, යම් කර්මයක් වේද, ලෝභය පහව ගිය කල්හි මෙසේ ඒ කර්මය ප්‍රහීන වෙයි. උදුරා හරින ලද මුල් ඇත්තේ වේ. මස්තකය කපන ලද තල්ගසක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවීම කරණ ලද්දේ වේ. මත්තෙහි නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වේ.
“මහණෙනි, අද්වේෂයෙන් කරණ ලද්දාවූ, අද්වේෂයෙන් හටගත්තාවූ, අද්වේෂය නිදානකොට ඇත්තාවූ, අද්වේෂය හේතුකොට ඇත්තාවූ, යම් කර්මයක් වේද, ද්වේෂය පහව ගිය කල්හි මෙසේ ඒ කර්මය ප්‍රහීන වෙයි. උදුරා හරින ලද මුල් ඇත්තේ වේ. මස්තකය කපන ලද තල්ගසක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවීම කරණ ලද්දේ වේ. මත්තෙහි නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වේ.
“මහණෙනි, අමෝහයෙන් කරණ ලද්දාවූ, අමෝහයෙන් හටගත්තාවූ, අමෝහය නිදානකොට ඇත්තාවූ, අමෝහය හේතුකොට ඇත්තාවූ, යම් කර්මයක් වේද, මෝහය පහව ගිය කල්හි මෙසේ ඒ කර්මය ප්‍රහීන වෙයි. උදුරා හරින ලද මුල් ඇත්තේ වේ. මස්තකය කපන ලද තල්ගසක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවීම කරණ ලද්දේ වේ. මත්තෙහි නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වේ.
“මහණෙනි, අෙවෂයෙන් කරණ ලද්දාවූ, අෙවෂයෙන් හටගත්, අෙවෂය කරුණුකොට ඇති, අෙවෂය ප්‍රත්‍යයකොට ඇත්තාවූ, යම් කර්මයක් වේද, ද්වේෂය පහවූ කල්හි මෙසේ ඒ කර්මය ප්‍රහීන වේ. උදුරා හරින ලද මුල් ඇත්තේ වේ. මස්තකය කපන ලද තල් ගසක් මෙන් කරණ ලද්දේය. නැවත නොවීම කරණ ලද්දේ වේ.
“මහණෙනි, අමෝහයෙන් කරණ ලද්දාවූ, අමෛාහයෙන් හටගත්, අමෝහයය කරුණුකොට ඇති, අමෝහය ප්‍රත්‍යයකොට ඇත්තාවූ, යම් කර්මයක් වේද, මෝහය පහවූ කල්හි මෙසේ ඒ කර්මය ප්‍රහීන වේ. උදුරා හරින ලද මුල් ඇත්තේ වේ. මස්තකය කපන ලද තල් ගසක් මෙන් කරණ ලද්දේය. නැවත නොවීම කරණ ලද්දේ වේ.
“මහණෙනි, යම්සේ කඩ නොවූ, කුණු නොවූ, අව් සුළඟින් නොනැසුණාවූ, ගන්නාලද හර ඇත්තාවූ, මොනවට තැන්පත්කළ බීජයෝ වෙත්ද, ඒ බීජයන් පුරුෂයෙක් තෙම ගින්නෙන් දවන්නේද, ගින්නෙන් දවා හළු කරන්නේද, හළුකොට මහා වාතයෙහි හෝ පිඹ හරින්නේද, සීඝ්‍රවූ සැඩපහර ඇති ගඟක හෝ පාකොට හරින්නේද, මහණෙනි, එසේ ඇති කල්හි ඒ බීජයෝ උපුටා හරිනලද මුල් ඇත්තාහු, අග සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහු, නැවත ඇති නොවීම කරණ ලද්දාහු, මත්තෙහි නොඉපදීම ස්වභාවකොට ඇත්තාහු (වෙද්ද)
“මහණෙනි, අලෝභයෙන් කරණ ලද්දාවූ, අලෝභයෙන් හටගත්තාවූ, අලෝභය නිදානකොට ඇත්තාවූ, අලෝභය හේතුකොට ඇත්තාවූ, යම් කර්මයක් වේද, ලෝභය පහව ගිය කල්හි මෙසේ ඒ කර්මය ප්‍රහීන වෙයි. උදුරා හරින ලද මුල් ඇත්තේ වේ. මස්තකය කපන ලද තල්ගසක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවීම කරණ ලද්දේ වේ. මත්තෙහි නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වේ.
“මහණෙනි, අද්වේෂයෙන් කරණ ලද්දාවූ, අද්වේෂයෙන් හටගත්තාවූ, අද්වේෂය නිදානකොට ඇත්තාවූ, අද්වේෂය හේතුකොට ඇත්තාවූ, යම් කර්මයක් වේද, ද්වේෂය පහව ගිය කල්හි මෙසේ ඒ කර්මය ප්‍රහීන වෙයි. උදුරා හරින ලද මුල් ඇත්තේ වේ. මස්තකය කපන ලද තල්ගසක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවීම කරණ ලද්දේ වේ. මත්තෙහි නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වේ.
“මහණෙනි, අමෝහයෙන් කරණ ලද්දාවූ, අමෝහයෙන් හටගත්තාවූ, අමෝහය නිදානකොට ඇත්තාවූ, අමෝහය හේතුකොට ඇත්තාවූ, යම් කර්මයක් වේද, මෝහය පහව ගිය කල්හි මෙසේ ඒ කර්මය ප්‍රහීන වෙයි. උදුරා හරින ලද මුල් ඇත්තේ වේ. මස්තකය කපන ලද තල්ගසක් මෙන් කරණ ලද්දේ වේ. නැවත නොවීම කරණ ලද්දේ වේ. මත්තෙහි නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වේ.
“මහණෙනි, මේ තුන කර්මයන්ගේ ඉපදීමට හේතුය.
(1) “අඥාන පුද්ගලතෙම ලෝභයෙන් උපදනාවූද, ද්වේෂයෙන් උපදනාවූද, මෝහයෙන් උපදනාවූද, (කර්ම කෙරේද) ඔහු විසින් කරණ ලද්දාවූ ස්වල්පවූ හෝ බොහෝ වූ හෝ යම් කර්මයක් වේද, ඒ කර්මය ස්වකීය ආත්මභාවයෙහිම ඔහු විසින් වින්ද යුතුයි. එය විඳීමට අනික් වස්තුවක් නැත්තේය.
(2) “එහෙයින් ප්‍රඥාවත් පුද්ගල තෙම ලෝභයෙන් උපදින්නාවූද, ද්වේෂයෙන් උපදින්නාවූද, මෝහයෙන් උපදින්නාවූද, (කර්ම නොකරන්නේය.) අර්හත් මාර්ග විද්‍යාව උපදවන්නාවූ ඒ මහණතෙම සියලු දුර්ගතීන් හරින්නේය” යි (වදාළසේක.)
|
5. හත්ථකසුත්තං | 5. හත්ථකාලවක සූත්‍රය |
35
එවං මෙ සුතං - එකං සමයං භගවා ආළවියං විහරති ගොමග්ගෙ සිංසපාවනෙ පණ්ණසන්ථරෙ. අථ ඛො හත්ථකො ආළවකො ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො අද්දස භගවන්තං ගොමග්ගෙ සිංසපාවනෙ පණ්ණසන්ථරෙ නිසින්නං. දිස්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා
‘‘සීතා, භන්තෙ, හෙමන්තිකා රත්ති, අන්තරට්ඨකො හිමපාතසමයො, ඛරා ගොකණ්ටකහතා භූමි, තනුකො පණ්ණසන්ථරො, විරළානි රුක්ඛස්ස
‘‘තෙන හි, කුමාර, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය තථා නං බ්යාකරෙය්යාසි. තං කිං මඤ්ඤසි, කුමාර, ඉධස්ස ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා කූටාගාරං උල්ලිත්තාවලිත්තං නිවාතං ඵුසිතග්ගළං පිහිතවාතපානං. තත්රස්ස පල්ලඞ්කො ගොනකත්ථතො පටිකත්ථතො පටලිකත්ථතො
‘‘තං කිං මඤ්ඤසි, කුමාර, අපි නු තස්ස ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා උප්පජ්ජෙය්යුං රාගජා පරිළාහා කායිකා වා චෙතසිකා වා යෙහි සො රාගජෙහි පරිළාහෙහි පරිඩය්හමානො දුක්ඛං සයෙය්‍යා’’ති? ‘‘එවං, භන්තෙ’’ති.
‘‘යෙහි
‘‘තං කිං මඤ්ඤසි, කුමාර, අපි නු තස්ස ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා උප්පජ්ජෙය්යුං දොසජා පරිළාහා...පෙ.... මොහජා පරිළාහා කායිකා වා චෙතසිකා වා යෙහි සො මොහජෙහි පරිළාහෙහි පරිඩය්හමානො දුක්ඛං සයෙය්‍යා’’ති? ‘‘එවං, භන්තෙ’’ති.
‘‘යෙ
(චූළව. 305; සං. නි. 1.242) ‘‘සබ්බදා වෙ සුඛං සෙති, බ්රාහ්මණො පරිනිබ්බුතො;
යො න ලිම්පති
(ලිප්පති (සී. ස්‍යා. කං. ක.)) කාමෙසු, සීතිභූතො නිරූපධි.
‘‘සබ්බා ආසත්තියො ඡෙත්වා, විනෙය්ය හදයෙ දරං;
උපසන්තො සුඛං සෙති, සන්තිං පප්පුය්ය චෙතසො’’ති. පඤ්චමං;
|
35
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අලව් රටෙහි, ගෙරින් යන මාර්ගයෙහි, ඇට්ටේරිය වනයෙහි, කොළ ඇතිරියක වැඩ වාසය කරණ සේක. එකල්හි වනාහි හත්ථක නම් ආලවක තෙම සක්මන් කරණුයේ, ඇවිදිනුයේ, ගෙරින් යන මගෙහි, ඇට්ටේරිය වනයෙහි, කොළ ඇතිරියෙහි වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, හත්ථක නම් ආලවක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.
“ස්වාමීනි, කිමෙක්ද, භාග්‍යවතුන් වහන්සේ සැපසේ සයනය කෙළේදැයි ඇසීහ.
“කුමාරය එසේය, සැපසේ සයනය කෙළෙමි. ලෝකයෙහි යමෙක් වනාහි සැපසේ සයනය කෙරේනම්, මම ඔවුනතුරෙන් එක්තරා කෙනෙක් වෙමි” යි (වදාළ සේක.)
“ස්වාමීනි, හෙමන්ත ඎතුවෙහි රාත්‍රිය ශීතලය. නවන්, මැදින් දෙස අතරෙහිවූ අට දවස පිණි වැටෙන කාලයයි. ගොනුන්ගේ කුරවලින් කැඩී ගියාවූ භූමිය රළුය, කොළ ඇතිරිය තුනීය, ගසේ කොළ අඩුය, කශා වස්ත්‍රද ශීතලය, සතර දිගින් ශීත සුළඟද හමයි. එසේ නමුත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියයි. (කෙසේද?) “කුමාරය එසේය, සැපසේ සයනය කෙළෙමි. ලෝකයෙහි යමෙක් වනාහි සැපසේ සයනය කෙරේද, මම ඔවුන් අතුරෙන් එක්තරා කෙනෙක් වෙමි” කියායි.
“කුමාරය, එසේ වී නම්, තගෙන්ම අසමි. තොපට යමක් රුචි වන්නේද, එසේ එය ප්‍රකාශ කරව. කුමාරය, ඒ කුමකැයි සිතන්නෙහිද? මේ ලෝකයෙහි ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට හෝ ඇතුළත, පිටත ආලේප කරණ ලද භික්ති ඇත්තාවූ, සවි කරණ ලද දොර අගුල් ඇත්තාවූ, වසන ලද කවුළු ඇත්තාවූ, කුළු ගෙයක් වන්නේද, එහි කොඳු පලසින් අතුරන ලද්දාවූ, සුදු එළු ලොම් ඇතිරියෙන් අතුරන ලද්දාවූ, කෙසෙල් මුව සමින් කරණ ලද උතුම් ඇතිරිලි ඇත්තාවූ, උඩු වියන් සහිතවූ, දෙපාර්ශවයෙහි තබන ලද ලෙහෙවන් කොට්ට ඇත්තාවූ පර්‍ය්‍යඞ්කයක් වන්නේද, මෙහි තෙල් පහනක්ද දැල්වෙන්නේය. ස්ත්‍රීන් සතර දෙනෙක්ද මනාප මනාපවූ උපස්ථාන කරමින් සිටින්නාහුද, කුමාරය, ඒ කුමැයි සිතන්නෙහිද, හෙතෙම සැපසේ සයනය කරන්නේ හෝ වේද, ඒසේ නොවන්නේ හෝ වේද, තට මෙහි කෙසේ හෝ අදහස් වේද?”
“ස්වාමීනි, හෙතෙම සැපසේ සයනය කරන්නේය. යම් කෙනෙක් ලෝකයෙහි සැපසේ සයනය කෙරෙත් නම්, හෙතෙම ඔවුන් අතුරෙන් එක්තරා කෙනෙකි.”
“කුමාරය, ඒ කුමැයි සිතන්නෙහිද, ඒ ගෘහපතියාට හෝ ඒ ගෘහපති පුත්‍රයාට හෝ රාගයෙන් උපන්නාවූ, කායකවූ හෝ මානසිකවූ හෝ දාහයෝ වෙත්ද, ඒ රාගයෙන් හටගත් දාහයෙන් දැවෙනු ලබන්නාවූ හෙතෙම දුකසේ සයනය කරන්නේද?”
“ස්වාමීනි, එසේය.”
“කුමාරය, ඒ ගෘහපති තෙමේ හෝ ඒ ගෘහපති පුත්‍ර තෙමේ රාගයෙන් හටගත්තාවූ යම් දාහයකින් දැවෙනු ලබන්නේ දුකසේ සයනය කරන්නේද, තථාගතයන්ගේ ඒ රාගය ප්‍රහීණය, උපුටන ලද මුල් ඇත්තේය. කරටිය කපන ලද තල් ගසක් මෙන් කරණ ලද්දේය. නැවත නූපදිනා පරිදි කරණ ලද්දේය. මත්තෙහි නොඉපදීම ස්වභාව කොට ඇත්තේය. එහෙයින් මම සැපසේ සයනය කෙළෙමි.
“කුමාරය, ඒ ගෘහපති තෙමේ හෝ ඒ ගෘහපති පුත්‍ර තෙමේ ද්වේෂයෙන් හටගත්තාවූ යම් දාහයකින් දැවෙනු ලබන්නේ දුකසේ සයනය කරන්නේද, තථාගතයන්ගේ ඒ ද්වේෂය ප්‍රහීණය, උපුටන ලද මුල් ඇත්තේය. කරටිය කපන ලද තල් ගසක් මෙන් කරණ ලද්දේය. නැවත නූපදිනා පරිදි කරණ ලද්දේය. මත්තෙහි නොඉපදීම ස්වභාව කොට ඇත්තේය. එහෙයින් මම සැපසේ සයනය කෙළෙමි.
“කුමාරය, ඒ ගෘහපති තෙමේ හෝ ඒ ගෘහපති පුත්‍ර තෙමේ මෝහයෙන් හටගත්තාවූ යම් දාහයකින් දැවෙනු ලබන්නේ දුකසේ සයනය කරන්නේද, තථාගතයන්ගේ ඒ මෝහය ප්‍රහීණය, උපුටන ලද මුල් ඇත්තේය. කරටිය කපන ලද තල් ගසක් මෙන් කරණ ලද්දේය. නැවත නූපදිනා පරිදි කරණ ලද්දේය. මත්තෙහි නොඉපදීම ස්වභාව කොට ඇත්තේය. එහෙයින් මම සැපසේ සයනය කෙළෙමි.
“ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවියාවූ ක්ෂීණාශ්රව බ්‍රාහ්මණ තෙම සියලු කල්හි ඒකාන්තයෙන් සැපසේ සයනය කරයි. යමෙක් තෙම කාමයන්හි නොඇලේද, සිහිල් වූයේ වේද, උපධි රහිත වූයේද, (හෙතෙම) සියලු තෘෂ්ණාවන් සිඳ, හෘදයේ දාහය සංසිඳවා, චිත්තයාගේ සංසිඳීමට පැමිණ සැපසේ නිදන්නේය.”
|
6. දෙවදූතසුත්තං | 6. දේවදූත සූත්‍රය |
36
‘‘තීණිමානි
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා පඨමං දෙවදූතං සමනුයුඤ්ජති සමනුගාහති සමනුභාසති - ‘අම්භො, පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු පඨමං දෙවදූතං පාතුභූත’න්ති? සො එවමාහ - ‘නාද්දසං, භන්තෙ’’’ති.
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා එවමාහ - ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු ඉත්ථිං වා පුරිසං වා ආසීතිකං වා නාවුතිකං වා වස්සසතිකං වා
(පස්ස ම. නි. 3.263) ජාතියා ජිණ්ණං ගොපානසිවඞ්කං භොග්ගං දණ්ඩපරායණං
(දණ්ඩපරායනං (ස්‍යා. කං. පී.)) පවෙධමානං ගච්ඡන්තං ආතුරං ගතයොබ්බනං ඛණ්ඩදන්තං පලිතකෙසං විලූනං ඛල්ලිතසිරං
(ඛලිතං සිරො (සී. පී.), ඛලිතසිරං (ස්‍යා. කං.) ම. නි. 3.263) වලිතං තිලකාහතගත්ත’න්ති? සො එවමාහ - ‘අද්දසං, භන්තෙ’’’ති.
‘‘තමෙනං
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා එවමාහ - ‘අම්භො, පුරිස, පමාදතාය
(පමාදවතාය (සී. ස්‍යා. කං. පී.) ම. නි. 3.262) න කල්යාණමකාසි කායෙන වාචාය මනසා. තග්ඝ ත්වං
(තං (ක.)), අම්භො පුරිස, තථා කරිස්සන්ති යථා තං
(තෙ (ක.)) පමත්තං. තං ඛො පන තෙ එතං
(තං ඛො පනෙතං (සී. ස්‍යා. කං. පී.)) පාපකම්මං
(පාපං කම්මං (සී.)) නෙව මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න දෙවතාහි කතං
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා පඨමං දෙවදූතං
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා එවමාහ - ‘අම්භො පුරිස, තස්ස තෙ විඤ්ඤුස්ස සතො මහල්ලකස්ස න එතදහොසි - අහම්පි ඛොම්හි බ්යාධිධම්මො බ්යාධිං අනතීතො, හන්දාහං කල්‍යාණං කරොමි කායෙන වාචාය මනසා’ති? සො එවමාහ - ‘නාසක්ඛිස්සං, භන්තෙ. පමාදස්සං, භන්තෙ’’’ති.
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා එවමාහ - ‘අම්භො පුරිස
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා දුතියං දෙවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා, තතියං දෙවදූතං සමනුයුඤ්ජති සමනුගාහති සමනුභාසති - ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා එවමාහ - ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු ඉත්ථිං
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා එවමාහ - ‘අම්භො පුරිස, තස්ස තෙ විඤ්ඤුස්ස සතො මහල්ලකස්ස න එතදහොසි - අහම්පි ඛොම්හි මරණධම්මො මරණං අනතීතො, හන්දාහං කල්‍යාණං කරොමි කායෙන වාචාය මනසා’ති? සො එවමාහ - ‘නාසක්ඛිස්සං, භන්තෙ. පමාදස්සං, භන්තෙ’’’ති.
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා එවමාහ - ‘අම්භො පුරිස, පමාදතාය න කල්යාණමකාසි කායෙන වාචාය මනසා. තග්ඝ ත්වං, අම්භො පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං. තං ඛො පන තෙ එතං පාපකම්මං නෙව මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න දෙවතාහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං; අථ ඛො තයාවෙතං පාපකම්මං කතං. ත්වඤ්ඤෙවෙතස්ස විපාකං පටිසංවෙදිස්සසී’’’ති.
‘‘තමෙනං, භික්ඛවෙ, යමො රාජා තතියං දෙවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා තුණ්හී හොති. තමෙනං
‘‘තමෙනං
‘‘තමෙනං, භික්ඛවෙ, නිරයපාලා උද්ධංපාදං අධොසිරං ගහෙත්වා වාසීහි තච්ඡන්ති...පෙ.... තමෙනං, භික්ඛවෙ, නිරයපාලා රථෙ යොජෙත්වා ආදිත්තාය භූමියා සම්පජ්ජලිතාය සජොතිභූතාය
(සඤ්ජොතිභූතාය (ස්‍යා. කං.)) සාරෙන්තිපි පච්චාසාරෙන්තිපි...පෙ.... තමෙනං, භික්ඛවෙ, නිරයපාලා මහන්තං අඞ්ගාරපබ්බතං ආදිත්තං
‘‘චතුක්කණ්ණො චතුද්වාරො, විභත්තො භාගසො මිතො;
අයොපාකාරපරියන්තො, අයසා පටිකුජ්ජිතො.
‘‘තස්ස
සමන්තා
‘‘භූතපුබ්බං, භික්ඛවෙ, යමස්ස රඤ්ඤො එතදහොසි - ‘යෙ කිර, භො, ලොකෙ පාපකානි කම්මානි කරොන්ති තෙ එවරූපා විවිධා කම්මකාරණා කරීයන්ති. අහො වතාහං මනුස්සත්තං ලභෙය්යං, තථාගතො ච ලොකෙ උප්පජ්ජෙය්ය අරහං සම්මාසම්බුද්ධො, තඤ්චාහං භගවන්තං පයිරුපාසෙය්යං. සො ච මෙ භගවා ධම්මං දෙසෙය්ය, තස්ස චාහං භගවතො ධම්මං ආජානෙය්ය’න්ති. තං ඛො පනාහං, භික්ඛවෙ, න අඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා සුත්වා එවං වදාමි, අපි ච ඛො, භික්ඛවෙ, යදෙව මෙ සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං තදෙවාහං වදාමී’’ති.
‘‘චොදිතා
තෙ දීඝරත්තං සොචන්ති, හීනකායූපගා නරා.
‘‘යෙ ච ඛො දෙවදූතෙහි, සන්තො සප්පුරිසා ඉධ;
චොදිතා නප්පමජ්ජන්ති, අරියධම්මෙ කුදාචනං.
‘‘උපාදානෙ
අනුපාදා විමුච්චන්ති, ජාතිමරණසඞ්ඛයෙ.
‘‘තෙ අප්පමත්තා
(තෙ ඛොප්පමත්තා (සී.), තෙ ඛෙමප්පත්තා (ස්‍යා. කං. පී.) ම. නි. 3.271) සුඛිනො
(සුඛිතා (සී. ස්‍යා.)), දිට්ඨධම්මාභිනිබ්බුතා;
සබ්බවෙරභයාතීතා, සබ්බදුක්ඛං උපච්චගු’’න්ති. ඡට්ඨං;
|
36
“මහණෙනි, මේ දේවදූතයෝ තුන් දෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද යත්: මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් දුශ්චරිත කෙරෙයිද, වචනයෙන් දුශ්චරිත කෙරෙයිද, සිතින් දුශ්චරිත කෙරෙයිද, මහණෙනි, ඔහු නිරය පාලයෝ වෙන වෙනම අත්වලින් අල්ලාගෙණ යමරජහට දක්වත්. (කෙසේද) ‘දේවයන් වහන්ස, මේ පුරුෂ තෙම, මව කෙරෙහි වරදවා පිළිපැද්දේය. පියාට මනාව නොපිළිපැද්දේය. ශ්‍රමණයන්ට මනාව නොපිළිපැද්දේය. රහතන්ට මනාව නොපිළිපැද්දේය. කුලදෙටුවන් නොපිදුවෝය. මොහුට දේවයන් වහන්සේ දඬුවම් කළ මැනව’ කියායි. මහණෙනි, ඔහුට යමරජතෙම පළමුවන දේවදුතයා පැහැදිළි කරන්නේය. කරුණු පිළිගන්වමින් අසන්නේය. කරුණු විමසමින් අසන්නේය. (කෙසේද?) ‘එම්බල පුරුෂය, තෝ මිනිසුන් අතරෙහි පහළවූ, පළමුවන දේවදූතයා නුදුටුයෙහිද?’ යනුවෙනි. හෙතෙම (කෙසේද) ‘ස්වාමීනි, නුදුටුයෙමි’ යි කියයි. මහණෙනි, යමරජ තෙම මෙසේ කියයි. ‘එම්බල පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි, ඉපදීමෙන් අසූ වයස් ඇත්තාවූ හෝ අනූ වයස්වූ හෝ, අවුරුදු සියයක් ගියාවූ හෝ, ජරාවට ගියාවූ, ගොනැස්සක් සේ වක්වූ, මැදින් බිඳුනාවූ, සැරයටිය පිහිටකොට ඇත්තාවූ, වෙවුලමින් යන්නාවූ, ජරාවෙන් ආතුරවූ, ඉක්මගිය තරුණ වයස් ඇත්තාවූ, කැඩුනාවූ, (වැටුනාවූ) දත් ඇත්තාවූ, පැසුනු කෙස් ඇත්තාවූ, ඉදිරීගිය කෙස් ඇත්තාවූ, මුඩුවූ හිස ඇති, ඇඟ රැළි වැටුණාවූ, තල කැලලින් යුත් සිරුර ඇත්තාවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ නුදුටුයෙහිදැ’ යි කියායි. හෙතෙම, ‘ස්වාමීනි, දුටුයෙමි’ යි කියයි.
“මහණෙනි, යමරජතෙම ඔහුට මෙසේ කියයි. ‘එම්බල පුරුෂය, නුවණැත්තාවූම වැඩිවිය පැමිණි තට මේ සිත නොවීද, “මමද ජරාව ස්වභාවකොට ඇත්තෙක් වෙමි. ජරාව නොඉක්මවූයෙක් වෙමි. එබැවින් මම කයින්ද, වචනයෙන්ද, සිතින්ද යහපතක් කරමි” යි කියායි.’. ‘ස්වාමීනි, හෙතෙම නොහැකිවූයෙමි. ප්‍රමාද උනෙමි’ යි කියයි.
“මහණෙනි, යමරජතෙමේ ඔහුට මෙසේ කියයි. ‘එම්බල පුරුෂය, ප්‍රමාදවූ බැවින් කයින්, වචනයෙන්, සිතින් යහපත් ක්‍රියා නොකෙළෙහිය. එම්බා පුරුෂය, එහෙයින් ඒ ප්‍රමාදවූවාහුට යම්සේද, තට එපරිද්දෙන් කරන්නෙමි,’යි කියායි. ඒ මේ පාපකර්මය වනාහි මව් විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැගණිය විසින් නොකරණ ලද්දේය. මිත්‍රයන් යහළුවන් විසින් නොකරණ ලද්දේය. සහ ලේ නෑයන් විසින් නොකරණ ලද්දේය. දේවතාවන් විසින් නොකරණ ලද්දේය. මහණ බමුණන් විසින් නොකරණ ලද්දේය. තා විසින්ම මේ පාපකර්මය කරණ ලද්දේය. මේ පාප කර්මයාගේ විපාකය තෝ විඳින්නෙහිය’ කියායි.
“මහණෙනි, යමරජ තෙම පළමුවන දේවදූතයා දක්වා, කරුණු සහිතව පිළිගන්වා, කරුණු විමසා කියාදී, කරුණු ගන්වා කියාදී, දෙවෙනි දේවදූතයා පැහැදිළි කරන්නේය. කරුණු පිළිගන්වමින් අසන්නේය. කරුණු විමසමින් අසන්නේය. ‘පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි පහළවූ, දෙවෙනි දේවදූතයා නොදැක්කෙහිදැ?’ යි අසයි. හෙතෙම ‘ස්වාමීනි, නැතැ’ යි කියයි. මහණෙනි, ඔහුට යමරජ තෙම, ‘එම්බල පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි, ව්‍යාධියෙන් පීඩිතවූ, දුකට පැමිණියාවූ, දැඩි ගිලන් බැව් ඇත්තාවූ, ස්වකීය මළ මූත්‍රයෙහි සයනය කරන්නාවූ, අන්‍යයන් විසින් නැගිටුවනු ලබන්නාවූ, අනුන් විසින් නිදි කරවන්නාවූ, ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු නුදුටුයෙහිදැ’ යි අසයි. හෙතෙම, ‘දුටුවෙමි ස්වාමීනි,’ යි කියයි. මහණෙනි, යමරජතෙම ඔහුට, ‘එම්බල පුරුෂය, මහළුවූ, නුවණැතිවූ, ඒ තොපට මමද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තෙක් වෙමි. ව්‍යාධිය නොඉක්මවූයෙමි. දැන් කයින්, වචසින්, මනසින් යහපතක් කරමියි මෙබඳු සිතක් නොවූයෙහිදැ’ යි අසයි.. හෙතෙම ‘ස්වාමීනි, නොහැකිවූයෙමි. ප්‍රමාදවූයෙමි’ යි කියයි.
“මහණෙනි, යමරජතෙම ඔහුට මෙසේ කියයි. ‘එම්බල පුරුෂය, ප්‍රමාදවූ බැවින් කයින්, වචනයෙන්, සිතින් යහපත් ක්‍රියා නොකෙළෙහිය. එම්බා පුරුෂය, එහෙයින් ඒ ප්‍රමාදවූවාහුට යම්සේද, තට එපරිද්දෙන් කරන්නෙමි,’යි කියායි. ඒ මේ පාපකර්මය වනාහි මව් විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැගණිය විසින් නොකරණ ලද්දේය. මිත්‍රයන් යහළුවන් විසින් නොකරණ ලද්දේය. සහ ලේ නෑයන් විසින් නොකරණ ලද්දේය. දේවතාවන් විසින් නොකරණ ලද්දේය. මහණ බමුණන් විසින් නොකරණ ලද්දේය. තා විසින්ම මේ පාපකර්මය කරණ ලද්දේය. මේ පාප කර්මයාගේ විපාකය තෝ විඳින්නෙහිය’ කියායි.
“මහණෙනි, යමරජ තෙම ඔහුට දෙවෙනි දේවදූතයා දක්වා, කරුණු සහිතව පිළිගන්වා, කරුණු විමසා කියාදී, කරුණු ගන්වා කියාදී, තුන්වෙනි දේවදූතයා නොදැක්කෙහිදැ?’ යි අසයි. හෙතෙම ‘ස්වාමීනි, නැතැ’ යි කියයි. මහණෙනි, ඔහුට යමරජ තෙම, ‘එම්බල පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි, මැරී එක් දවසක් ගිය, මැරී දෙදවසක් ගිය, මැරී තුන් දවසක් ගිය, කැතට ඉදිමුණු, කැතට නිල්වූ, විශේෂයෙන් සැරව වැගිරෙන, ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ නොදැක්කෙහිදැ’ යි අසයි. හෙතෙම, ‘දුටුවෙමි ස්වාමීනි,’ යි කියයි.
“මහණෙනි, ඔහුට යමරජතෙම, ‘එම්බල පුරුෂය, මහළුවූ, නුවණැතිවූ, ඒ තොපට මමද මරණය ස්වභාවකොට ඇත්තෙමි. මරණය නොඉක්වීමි. දැන් කයින්, වචසින්, මනසින් යහපතක් කෙරෙමියි මෙබඳු සිතක් නොවූයෙහිදැ’යි අසයි.. හෙතෙම ‘ස්වාමීනි, නොහැකිවූයෙමි. ප්‍රමාදවූයෙමි’ යි කියයි.
“මහණෙනි, යමරජතෙම ඔහුට මෙසේ කියයි. ‘එම්බල පුරුෂය, ප්‍රමාදවූ බැවින් කයින්, වචනයෙන්, සිතින් යහපත් ක්‍රියා නොකෙළෙහිය. එම්බා පුරුෂය, එහෙයින් ඒ ප්‍රමාදවූවාහුට යම්සේද, තට එපරිද්දෙන් කරන්නෙමි,’යි කියායි. ඒ මේ පාපකර්මය වනාහි මව් විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැගණිය විසින් නොකරණ ලද්දේය. මිත්‍රයන් යහළුවන් විසින් නොකරණ ලද්දේය. සහ ලේ නෑයන් විසින් නොකරණ ලද්දේය. දේවතාවන් විසින් නොකරණ ලද්දේය. මහණ බමුණන් විසින් නොකරණ ලද්දේය. තා විසින්ම මේ පාපකර්මය කරණ ලද්දේය. මේ පාප කර්මයාගේ විපාකය තෝ විඳින්නෙහිය’ කියායි.
“මහණෙනි, යමරජ තෙම ඒ තුන්වෙනි දේවදූතයා පැහැදිලිකොට කරුණු පිළිගන්වමින් අසා කරුණු විමසමින් අසා නිශ්ශබ්ද වෙයි.
“මහණෙනි, ඔහුට නිරය පාලයෝ පඤ්චවිධ බන්ධන නම්වූ වධයක් කෙරත්. රත්වූ යකඩ යුලක් අතෙහි ගසත්. රත්වූ යකඩ යුලක් දෙවැනි අතෙහි ගසත්. රත්වූ යකඩ යුලක් පයෙහි ගසත්. රත්වූ යකඩ යුලක් දෙවෙනි පයෙහි ගසත්. රත්වූ යකඩ යුලක් උරමැදෙහි ගසත්. එහි හෙතෙම දුක්වූ, තියුණුවූ, කෲරවූ වේදනාවන් විඳී. යම්තාක් ඒ පාප කර්මය විනාශ නොවේද, ඒ තාක් කළුරිය නොකෙරෙයි. නිරයපාලයෝ ඔහු බිම පෙරලා කෙටේරිවලින් සසිත්.
“මහණෙනි, ඔහු නිරයපාලයෝ පා උඩුකුරුකොට, හිස යටිකොට තබා වෑ වලින් සසිත්. ඔහු නිරයපාලයෝ රථයෙහි යොදා, ගින්නෙන් දිලිසෙන්නාවූ, වෙසෙසින් ඇවිල පවත්නාවූ, ගිනි සහිතවූ භූමියෙහි ඉස්සරහට යාමද කරවත්. පස්සට යාමද කරවත්. මහණෙනි, ඔහු නිරයපාලයෝ, ගින්නෙන් දිලිසෙන්නාවූ, වෙසෙසින් ඇවිල පවත්නාවූ, ගිනි සහිතවූ, මහත්වූ, මහා කුළුගෙයක් පමණවූ, අඟුරු පව්වට නැංවීමද කරවත්. බැස්වීමද කරවත්. මහණෙනි, ඔහු නිරයපාලයෝ පා උඩුකුරුකොට, හිස යටිතුරුකොට කකියන්නාවූ ලොහො සැලියෙක්හි දමත්. හෙතෙම එහි පෙන නඟමින් පැසෙයි. හෙතෙම එහි පෙන නඟමින් පැසී, වරක් උඩට එයි. වරක් යටට යෙයි. වරක් සරසට යයි. හෙතෙම එහි දුක්වූ, දරුණුවූ, කටුකවූ වේදනාවන් විඳියි. යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද, ඒ තාක් කළුරිය නොකරයි. මහණෙනි, යමපල්ලෝ ඔහු මහා නරකයෙහි දමත්. මහණෙනි, ඒ මහා නරකය
(1) සිව් කොනක් ඇත්තේය. සිව් දොරටුවක් ඇත්තේය. කොටස් වශයෙන් බෙදන ලද්දේය. එසේම ප්‍රමාණ කරණ ලද්දේය. යකඩ ප්රාකාරයකින් වට කරණ ලද්දේය. යකඩ පියනකින් වසන ලද්දේය.
(2) ඒ නිරයෙහි බිම යකඩයෙන්ම කරණ ලදී. දැල්වෙන ගින්නෙන් යුක්තය. හැමකල්හි හාත්පසින් සියක් යොදුනක් ගින්න පැතිරගෙණ සිටී.
“මහණෙනි, පූර්ව කාලයෙහි යමරජහට මෙබඳු අදහසක් විය. පින්වත්නි ලෝකයෙහි යම් කෙනෙක් ලාමකවූ කර්මයන් කෙරෙද්ද, ඔවුහු තුමූ මෙබඳුවූ නොයෙක් වධ කරණු ලබත්. මම මිණිස් බවක් ලබන්නේනම්, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදින්නාහු නම්, ඒ භාග්‍යවතුන් වහන්සේ පයිරුපාසනය කරන්නෙම් නම්, මට ඒ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසත් නම්, මමද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැනගන්නෙම් නම් යහපති කියායි. මහණෙනි, මම එය අන්‍යවූ ශ්‍රමණයෙකුගෙන් හො බමුණෙකුගෙන් හෝ අසා මෙසේ නොකියමි. මහණෙනි, යමක්ම මා විසින් තමාම අවබෝධ කරණ ලද්දේද, තමාම දක්නා ලද්දේද, තමාම දැනගන්නා ලද්දේද, එය මම කියමි” යි වදාළ සේක.
(1) දේවදූතයන් විසින් චෝදනා කරණ ලද යම් මනුෂ්‍ය කෙනෙක් ප්‍රමාද වෙත්ද, ලාමකවූ ශරීරයක් ඇති බවට පැමිණ බොහෝ කාලයක් මුළුල්ලෙහි සෝක කෙරෙත්.
(2) මේ ලෝකයෙහි දේවදූතයන් විසින් චෝදනා කරණ ලද්දාවූ, පණ්ඩිතවූ යම් සත්පුරුෂ කෙනෙක් වෙත්ද, ඔවුහු කිසි කලෙකත් ආර්ය ධර්මයෙහි ප්‍රමාද නොවෙත්.
(3) ජාතියට හා ජරා මරණයට කරුණුවූ, තෘෂ්ණා දෘෂ්ටීන් දැඩිකොට ගැනීමෙහි බිය දැක, ජාති මරණ සංඛ්‍යාත නිර්වාණයෙහි උපාදාන වශයෙන් නොගෙන මිදෙත්.
(4) අප්‍රමාද විහරණ ඇත්තාවූ, සුවපත්වූ, මේ ආත්මයෙහිම නිවුනාවූ, සියලු වෛර, භය ඉක්මවූ, ඒ සත්පුරුෂයෝ වනාහි සියලු දුක් ඉක්මවූවාහුය” යි (වදාළ සේක.)
|
7. චතුමහාරාජසුත්තං | 7. ලොකාණුවිවරණ සූත්‍රය |
37
‘‘අට්ඨමියං, භික්ඛවෙ, පක්ඛස්ස චතුන්නං මහාරාජානං අමච්චා පාරිසජ්ජා ඉමං ලොකං අනුවිචරන්ති - ‘කච්චි බහූ මනුස්සා මනුස්සෙසු මත්තෙය්යා පෙත්තෙය්යා සාමඤ්ඤා බ්රහ්මඤ්ඤා කුලෙ ජෙට්ඨාපචායිනො උපොසථං
‘‘සචෙ, භික්ඛවෙ, අප්පකා හොන්ති මනුස්සා මනුස්සෙසු මත්තෙය්යා පෙත්තෙය්යා සාමඤ්ඤා බ්රහ්මඤ්ඤා කුලෙ ජෙට්ඨාපචායිනො උපොසථං උපවසන්ති පටිජාගරොන්ති පුඤ්ඤානි කරොන්ති. තමෙනං, භික්ඛවෙ, චත්තාරො මහාරාජානො දෙවානං තාවතිංසානං සුධම්මාය සභාය සන්නිසින්නානං සන්නිපතිතානං ආරොචෙන්ති - ‘අප්පකා ඛො, මාරිසා, මනුස්සා මනුස්සෙසු මත්තෙය්යා පෙත්තෙය්යා සාමඤ්ඤා බ්රහ්මඤ්ඤා කුලෙ ජෙට්ඨාපචායිනො උපොසථං උපවසන්ති පටිජාගරොන්ති පුඤ්ඤානි කරොන්තී’ති. තෙන ඛො, භික්ඛවෙ
‘‘සචෙ පන, භික්ඛවෙ, බහූ හොන්ති මනුස්සා මනුස්සෙසු මත්තෙය්යා පෙත්තෙය්යා සාමඤ්ඤා බ්රහ්මඤ්ඤා කුලෙ ජෙට්ඨාපචායිනො උපොසථං උපවසන්ති පටිජාගරොන්ති පුඤ්ඤානි කරොන්ති. තමෙනං, භික්ඛවෙ
‘‘භූතපුබ්බං, භික්ඛවෙ, සක්කො දෙවානමින්දො දෙවෙ තාවතිංසෙ අනුනයමානො තායං වෙලායං ඉමං ගාථං අභාසි -
‘‘චාතුද්දසිං
පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨඞ්ගසුසමාගතං;
උපොසථං උපවසෙය්ය, යොපිස්ස
(යොපස්ස (සී. ස්‍යා. කං. පී.)) මාදිසො නරො’’ති.
‘‘සා ඛො පනෙසා, භික්ඛවෙ, සක්කෙන දෙවානමින්දෙන ගාථා දුග්ගීතා න සුගීතා දුබ්භාසිතා න සුභාසිතා. තං කිස්ස හෙතු? සක්කො හි, භික්ඛවෙ, දෙවානමින්දො අවීතරාගො අවීතදොසො අවීතමොහො.
‘‘යො ච ඛො සො, භික්ඛවෙ, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා බ්රහ්මචරියො කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො, තස්ස ඛො එතං, භික්ඛවෙ, භික්ඛුනො
(තස්ස ඛො එතං භික්ඛුනො (සී. ස්‍යා.), තස්ස ඛො එවං භික්ඛවෙ භික්ඛුනො (ක.)) කල්ලං වචනාය -
‘‘චාතුද්දසිං පඤ්චදසිං, යා ච පක්ඛස්ස අට්ඨමී;
පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨඞ්ගසුසමාගතං;
උපොසථං උපවසෙය්ය, යොපිස්ස මාදිසො නරො’’ති.
‘‘තං
|
37
“මහණෙනි, පක්ෂයෙහි අටවෙනි දිනයෙහි සිව්වරම් මහරජ දරුවන්ගේ පිරිසෙහිවූ ඇමතියෝ,
මේ ලෝකයෙහි හැසිරෙත්. කිමෙක්ද?
“මිනිසුන් අතරෙහි මව් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, පියා කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, ශ්රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ, බ්‍රාහ්මණයන් කෙරහි මොනවට පිළිපදින්නාවූ, කුලදෙටුවන් පුදන්නාවූ, උපොසථ සිල් රකින්නාවූ, පෙර ගමන් පසුගමන් වශයෙන් උපොසථ සිල් රකින්නාවූ, කරන්නාවූ මිනිසුන් බොහෝ වෙත්ද, කියායි.
“මහණෙනි, පක්ෂයෙහි තුදුස්වක් දිනයෙහි සිව් වරම් මහරජ දරුවන්ගේ පුත්‍රයෝ
මේ ලෝකයෙහි හැසිරෙත්. කිමෙක්ද?
“මිනිසුන් අතරෙහි මව් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, පියා කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, ශ්රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ, බ්‍රාහ්මණයන් කෙරහි මොනවට පිළිපදින්නාවූ, කුලදෙටුවන් පුදන්නාවූ, උපොසථ සිල් රකින්නාවූ, පෙර ගමන් පසුගමන් වශයෙන් උපොසථ සිල් රකින්නාවූ, කරන්නාවූ මිනිසුන් බොහෝ වෙත්ද, කියායි.
“මහණෙනි, එදවස් පැමිණියාවූ, පසළොස්වක් පොහෝ දිනයෙහි සිව් වරම් රජවරු තුමූම
මේ ලෝකයෙහි හැසිරෙත්. කිමෙක්ද?
“මිනිසුන් අතරෙහි මව් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, පියා කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, ශ්රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ, බ්‍රාහ්මණයන් කෙරහි මොනවට පිළිපදින්නාවූ, කුලදෙටුවන් පුදන්නාවූ, උපොසථ සිල් රකින්නාවූ, පෙර ගමන් පසුගමන් වශයෙන් උපොසථ සිල් රකින්නාවූ, කරන්නාවූ මිනිසුන් බොහෝ වෙත්ද, කියායි.
“මහණෙනි, ඉදින් වනාහි මිනිසුන් අතරෙහි මව් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, පියා කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, ශ්රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ, බ්‍රාහ්මණයන් කෙරහි මොනවට පිළිපදින්නාවූ, කුලදෙටුවන් පුදන්නාවූ, උපොසථ සිල් රකින්නාවූ, පෙර ගමන් පසුගමන් වශයෙන් උපොසථ සිල් රකින්නාවූ, කරන්නාවූ මිනිසුන් ස්වල්ප වෙත්ද, මහණෙනි, ඒ මේ කරුණු සිව්වරම් මහරජවරු සුධර්මා නම්වූ සභාවෙහි රැස්වූ තව්තිසා දෙවියන්ට ප්‍රකාශ කෙරෙත්. (කෙසේද) ‘නිදුකාණෙනි, මණුෂ්යයන් අතුරෙහි මව කෙරෙහි යහපත්සේ පිළිපන්නාවූ, පියා කෙරෙහි යහපත්සේ පිළිපන්නාවූ, ශ්රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපන්නාවූ, බ්‍රාහ්මණයන් කෙරහි යහපත්සේ පිළිපන්නාවූ, කුලදෙටුවන් පුදන්නාවූ, උපොසථ සිල් රකින්නාවූ, පෙර ගමන් පසුගමන් වශයෙන් උපොසථ සිල් රකින්නාවූ, කරන්නාවූ මිනිසුන් ස්වල්ප වෙත්මය’ කියායි. මහණෙනි, ඒ වචනයෙන් තව්තිසා දෙවියෝ නොසතුටු සිත් ඇත්තෝ වෙත්. ‘පින්වත්නි, ඒකාන්තයෙන් දිව්‍ය නිකායයෝ පිරිහෙන්නාහුය. අසුර නිකායයෝ සම්පූර්ණ වන්නාහුය’ යි කියායි.
“මහණෙනි, ඉදින් වනාහි මිනිසුන් අතුරෙහි මව් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, පියා කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, ශ්රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ, බ්‍රාහ්මණයන් කෙරහි මොනවට පිළිපදින්නාවූ, කුලදෙටුවන් පුදන්නාවූ, උපොසථ සිල් රකින්නාවූ, පෙර ගමන් පසුගමන් වශයෙන් උපොසථ සිල් රකින්නාවූ, කරන්නාවූ මිනිසුන් බොහෝ වෙත්ද, මහණෙනි, ඒ මේ කරුණු සිව්වරම් මහරජවරු සුධර්මා නම්වූ සභාවෙහි රැස්වූ තව්තිසා දෙවියන්ට ප්‍රකාශ කෙරෙත්. (කෙසේද) ‘නිදුකාණෙනි, මණුෂ්යයන් අතුරෙහි මව කෙරෙහි යහපත්සේ පිළිපන්නාවූ, පියා කෙරෙහි යහපත්සේ පිළිපන්නාවූ, ශ්රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ, බ්‍රාහ්මණයන් කෙරහි යහපත්සේ පිළිපදින්නාවූ, කුලදෙටුවන් පුදන්නාවූ, උපොසථ සිල් රකින්නාවූ, පෙර ගමන් පසුගමන් වශයෙන් උපොසථ සිල් රකින්නාවූ, කරන්නාවූ මිනිසුන් බොහෝ වෙත්මය’ කියායි. මහණෙනි, ඒ වචනයෙන් තව්තිසා දෙවියෝ සතුටු සිත් ඇත්තෝ වෙත්. ‘පින්වත්නි, ඒකාන්තයෙන් දිව්‍ය නිකායයෝ සම්පූර්ණ වන්නාහුය, අසුර නිකායයෝ පිරිහෙන්නාහුය.’ යි කියායි.
|
8. දුතියචතුමහාරාජසුත්තං | 8. සක්කභාසිත සූත්‍රය |
38
‘‘භූතපුබ්බං
‘‘චාතුද්දසිං පඤ්චදසිං, යා ච පක්ඛස්ස අට්ඨමී;
පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨඞ්ගසුසමාගතං;
උපොසථං උපවසෙය්ය, යොපිස්ස මාදිසො නරො’’ති.
‘‘සා ඛො පනෙසා, භික්ඛවෙ, සක්කෙන දෙවානමින්දෙන ගාථා දුග්ගීතා න සුගීතා දුබ්භාසිතා න සුභාසිතා. තං කිස්ස හෙතු? සක්කො හි, භික්ඛවෙ, දෙවානමින්දො අපරිමුත්තො ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, අපරිමුත්තො දුක්ඛස්මාති වදාමි.
‘‘යො ච ඛො සො, භික්ඛවෙ, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො, තස්ස ඛො එතං, භික්ඛවෙ, භික්ඛුනො කල්ලං වචනාය -
‘‘චාතුද්දසිං පඤ්චදසිං, යා ච පක්ඛස්ස අට්ඨමී;
පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨඞ්ගසුසමාගතං;
උපොසථං උපවසෙය්ය, යොපිස්ස මාදිසො නරො’’ති.
‘‘තං
|
38
“මහණෙනි, පෙර ශක්‍ර දේවේන්ද්‍ර තෙම තව්තිසා දෙවියන් අවබෝධ කරවමින් ඒ වේලාවෙහි මේ ගාථාව ප්‍රකාශ කෙළේය. ‘යම් මනුෂ්‍යයෙක් තෙම මා වැන්නෙක් වන්නේද, නොහොත් මා විසින් පැමිණෙන ලද සම්පත්තියට පැමිණෙනු කැමති වන්නේද, හෙතෙම තුදුස්වක් දිනයෙහිද, පසළොස්වක් දිනයෙහිද, පක්ෂයෙහි අටවක් දිනයෙහිද, ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂයෙහිද, ගුණාඞ්ගයකින් යුක්තවූ උපොසථ සීලයෙහි උපවාසය කරන්නේය.’
“මහණෙනි, සක්දෙව්රජ විසින් ඒ මේ ගාථා තොමෝ වනාහි නපුරුකොට ගායනා කරණ ලද්දීය. යහපත්කොට ගායනා නොකරණ ලද්දීය. අයහපත්කොට ප්‍රකාශ කරණ ලද්දීය. යහපත්කොට ප්‍රකාශ නොකරණ ලද්දීය. ඊට හේතු කවරේද? මහණෙනි, දේවේන්ද්රවූ ශක්‍රතෙම වනාහි පහනොවූ රාග ඇත්තේය. පහනොවූ ද්වේෂ ඇත්තේය. පහනොවූ මෝහ ඇත්තේය.”
“මහණෙනි, ක්ෂය කරණ ලද කාමාදී ආශ්‍රව ඇත්තාවූ, බඹසර වැස නිම කළාවූ, කොට නිමවන ලද සිව්මහ කටයුතු ඇත්තාවූ, බහා තබන ලද ස්කන්ධාදී බර ඇත්තාවූ, පිළිවෙලින් පැමිණියාවූ අර්හත්වය ඇති, ක්ෂය කරණ ලද භව බන්ධන ඇත්තාවූ, මනාකොට දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාවූ යම් ඒ මහණෙක් වේද,
“යම් මනුෂ්‍යයෙක් තෙම මා වැනි ක්ෂීණාශ්රව කෙණෙක් වන්නේද? හෙතෙම තුදුස්වක් දිනයෙහිද, පසළොස්වක් දිනයෙහිද, පක්ෂයෙහි අටවක් දිනයෙහිද, ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂයෙහිද, ගුණාඞ්ගයකින් යුක්තවූ උපොසථ සීලයෙහි උපවාසය කරන්නේය. ඒ භික්ෂුවම වනාහි කීමට සුදුසු වන්නේය කියායි.
“ඊට හේතු කවරේද? මහණෙනි, ඒ මහණතෙම වනාහි, පහවූ රාග ඇත්තේ වේද, පහවූ ද්වේෂ ඇත්තේ වේද, පහවූ මෝහ ඇත්තේ වේද, එහෙයිනි.
“මහණෙනි, පෙර ශක්‍ර දේවේන්ද්‍ර තෙම තව්තිසා දෙවියන් අවබෝධ කරවමින් ඒ වේලාවෙහි මේ ගාථාව ප්‍රකාශ කෙළේය.
‘යම් මනුෂ්‍යයෙක් තෙම මා වැන්නෙක් වන්නේද, නොහොත් මා විසින් පැමිණෙන ලද සම්පත්තියට පැමිණෙනු කැමති වන්නේද, හෙතෙම තුදුස්වක් දිනයෙහිද, පසළොස්වක් දිනයෙහිද, පක්ෂයෙහි අටවක් දිනයෙහිද, ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂයෙහිද, ගුණාඞ්ගයකින් යුක්තවූ උපොසථ සීලයෙහි උපවාසය කරන්නේය.’
“මහණෙනි, බොහෝ පෙර සක්දෙව්රද විසින් මේ ගාථා තොමෝ වනාහි නපුරුකොට ගායනා කරණ ලද්දීය. යහපත්කොට ගායනා නොකරණ ලද්දීය. අයහපත්කොට ප්‍රකාශ කරණ ලද්දීය. යහපත්කොට ප්‍රකාශ නොකරණ ලද්දීය. ඊට හේතු කවරේද? දේවේන්ද්රවූ ශක්‍රතෙම වනාහි උත්පත්තියෙන්ද, ජරා මරණ දෙකින්ද, ශෝකවලින්ද, වැළපීම්වලින්ද, කායික දුක්වලින්ද, චෛතසික දුක්වලින්ද, දැඩි ආයාසවලින්ද නොමිදුනේය. සියලු සංසාර දුකින් නොමිදුනේයයි කියමි.
“මහණෙනි, අර්හත්වූ, ක්ෂය කරණ ලද කාමාදී ආශ්‍රව ඇත්තාවූ, බඹසර වැස නිම කළාවූ, කොට නිමවන ලද සිව්මහ කටයුතු ඇත්තාවූ, බහා තබන ලද ස්කන්ධාදී බර ඇත්තාවූ, පිළිවෙලින් පැමිණියාවූ අර්හත්වය ඇති, ක්ෂය කරණ ලද භව බන්ධන ඇත්තාවූ, මනාකොට දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාවූ යම් ඒ මහණෙක් වේද, ඒ භික්ෂුවම වනාහි මෙසේ කීමට සුදුසු වන්නේය. කෙසේද?
‘යම් මනුෂ්‍යයෙක් තෙම මා වැනි ක්ෂීණාශ්රව කෙණෙක් වන්නේද? හෙතෙම තුදුස්වක් දිනයෙහිද, පසළොස්වක් දිනයෙහිද, පක්ෂයෙහි අටවක් දිනයෙහිද, ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂයෙහිද, ගුණාඞ්ගයකින් යුක්තවූ උපොසථ සීලයෙහි උපවාසය කරන්නේය.’ කියායි.
“මහණෙනි, ඒ මහණතෙම ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසවලින් මිදුනේය. සියලු සසර දුකින් මිදුනේයයි කියමි’ යි වදාළ සේක.”
|
9. සුඛුමාලසුත්තං | 9. සුඛුමාල සූත්‍රය |
39
‘‘සුඛුමාලො
‘‘තස්ස මය්හං, භික්ඛවෙ, තයො පාසාදා අහෙසුං - එකො හෙමන්තිකො, එකො ගිම්හිකො, එකො වස්සිකො. සො ඛො අහං, භික්ඛවෙ, වස්සිකෙ පාසාදෙ වස්සිකෙ චත්තාරො මාසෙ නිප්පුරිසෙහි තූරියෙහි පරිචාරයමානො
(පරිචාරියමානො (ස්‍යා. කං. පී. ක.)) න හෙට්ඨාපාසාදං ඔරොහාමි. යථා ඛො පන, භික්ඛවෙ, අඤ්ඤෙසං නිවෙසනෙ දාසකම්මකරපොරිසස්ස කණාජකං භොජනං දීයති බිලඞ්ගදුතියං, එවමෙවස්සු මෙ, භික්ඛවෙ, පිතු නිවෙසනෙ දාසකම්මකරපොරිසස්ස සාලිමංසොදනො දීයති.
‘‘තස්ස මය්හං, භික්ඛවෙ, එවරූපාය ඉද්ධියා සමන්නාගතස්ස එවරූපෙන ච සුඛුමාලෙන එතදහොසි - ‘අස්සුතවා ඛො පුථුජ්ජනො අත්තනා ජරාධම්මො සමානො ජරං අනතීතො පරං ජිණ්ණං දිස්වා අට්ටීයති හරායති ජිගුච්ඡති අත්තානංයෙව අතිසිත්වා, අහම්පි ඛොම්හි ජරාධම්මො ජරං අනතීතො. අහඤ්චෙව
(අහඤ්චෙ (?)) ඛො පන ජරාධම්මො සමානො ජරං අනතීතො පරං ජිණ්ණං දිස්වා අට්ටීයෙය්‍යං හරායෙය්‍යං ජිගුච්ඡෙය්‍යං
‘‘අස්සුතවා ඛො පුථුජ්ජනො අත්තනා බ්යාධිධම්මො සමානො බ්යාධිං අනතීතො පරං බ්යාධිතං දිස්වා
‘‘අස්සුතවා
‘‘තයොමෙ, භික්ඛවෙ, මදා. කතමෙ තයො? යොබ්බනමදො, ආරොග්‍යමදො, ජීවිතමදො. යොබ්බනමදමත්තො වා, භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා, වාචාය දුච්චරිතං චරිත්වා, මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. ආරොග්යමදමත්තො වා, භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො...පෙ.... ජීවිතමදමත්තො වා, භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො කායෙන දුච්චරිතං
‘‘යොබ්බනමදමත්තො වා, භික්ඛවෙ, භික්ඛු සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. ආරොග්යමදමත්තො වා, භික්ඛවෙ, භික්ඛු...පෙ.... ජීවිතමදමත්තො වා, භික්ඛවෙ, භික්ඛු සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තතී’’ති.
‘‘බ්යාධිධම්මා ජරාධම්මා, අථො මරණධම්මිනො;
යථාධම්මා
(බ්යාධිධම්මො ජරාධම්මො, අථො මරණධම්මිකො; යථා ධම්මො (ක.)) තථාසන්තා, ජිගුච්ඡන්ති පුථුජ්ජනා.
‘‘අහඤ්චෙ තං ජිගුච්ඡෙය්‍යං, එවංධම්මෙසු පාණිසු;
න මෙතං පතිරූපස්ස, මම එවං විහාරිනො.
‘‘සොහං එවං විහරන්තො, ඤත්වා ධම්මං නිරූපධිං;
ආරොග්යෙ යොබ්බනස්මිඤ්ච, ජීවිතස්මිඤ්ච යෙ මදා.
‘‘සබ්බෙ
තස්ස මෙ අහු උස්සාහො, නිබ්බානං අභිපස්සතො.
‘‘නාහං භබ්බො එතරහි, කාමානි පටිසෙවිතුං;
අනිවත්ති භවිස්සාමි, බ්රහ්මචරියපරායණො’’ති. නවමං;
|
39
“මහණෙනි, මම සිව්මැලි වෙමි. අතිශයින් සිව්මැලි වෙමි. මහණෙනි, මට වනාහි ඒ මාගේ පියාගේ නිවේසනයෙහි පොකුණු කරවන ලද්දාහු වෙත්. මගේ ප්‍රයෝජනය පිණිසම එක පොකුණෙක්හි නිලුපුල් පිපෙයි. එක් පොකුණෙක්හි හෙල පියුම් පිපෙයි. එක් පොකුණෙක්හි රත් පියුම් පිපෙයි. මහණෙනි, මම කසීරට නූපන්නාවූ සඳුනක් නොම දරමි. මහණෙනි, මේ මගේ හිස්වෙලුම කසී සලුවක් වෙයි. සැට්ටය කසී සලුවක් වෙයි. අඳනය කසී සලුවක් වෙයි. උතුරුසලුව කසී සලුවක් වෙයි. මහණෙනි, රෑ දාවල් දෙක්හිම මට ශීතලයක් හෝ උෂ්ණයක් හෝ රජස් හෝ තෘණ හෝ පිණි හෝ ස්පර්ශ නොකෙරේවායි ස්වෙත ඡත්රයක් දරනු ලබයි. මහණෙනි, ඒ මට ප්‍රාසාද තුණක් වූහ. එක් ප්‍රාසාදයක් ශීත ඎතුවට සුදුසු වෙයි. එක් ප්‍රාසාදයක් ග්‍රීෂම ඎතුවට වෙයි. එක් ප්‍රාසාදයක් වර්ෂා ඎතුවට සුදුසු වෙයි. මහණෙනි, ඒ මම වනාහි වර්ෂා ඎතුවට සුදුසු ප්‍රාසාදයෙහි වැසි සාර මසෙහි, පුරුෂයන් රහිතවූ තූර්‍ය්‍යයන්ගෙන් විනෝදය ලබමින්, ප්‍රාසාදයෙන් පහළට නොබසිමි. මහණෙනි, සෙස්සන්ගේ ගෘහයන්හි දැසි කම්කරු පුරුෂයන්ට ඇඹුල් හොදි සමග නිවුඩු සාලේ බත් යම්සේ දෙනු ලැබේද, මහණෙනි, එසේ මාගේ පියාගේ ගෘහයෙහි දැසි කම්කරු පුරුෂයන්ට මස් ව්‍යංජන සහිත ඇල් සාලේ බත් දෙනු ලැබේ. මහණෙනි, මෙවැනි සමෘධියකින්ද, මෙවැනි සිව්මැලි බවකින්ද යුත් මට මෙසේ අදහස්විය.
“ඇසූ පිරූ තැන් නැත්තාවූ පෘථග්ජනතෙම වනාහි, තමා ජරාව ස්වභාවකොට ඇත්තේම, ජරාව නොඉක්මවූයේම, ජරාවට ගිය අනිකෙකු දැක, තමා ඉක්මවා හැකිළෙයි. අප්‍රිය කරයි. පිළිකුල් කරයි. ‘මම වනාහි ජරාව ස්වභාවකොට ඇත්තේ වෙමි. ජරාව නොනික්මවූයේ වෙමි. ජරාව ස්වභාවකොට ඇත්තාවූ, ජරාව නොනික්මවූ මම ජරාවට ගියාවූ අනිකෙකු දැක, තමා ප්‍රමාණය ඉක්මවා හැකිලෙන්නෙම් නම් අප්‍රිය කරන්නෙම් නම්, පිළිකුල් කරන්නෙම් නම්, එය මට සුදුසු නොවේය’ කියායි. මහණෙනි, මෙසේ සිතන්නාවූ ඒ මට යම් තරුණ මදයක් වූයේද, එය නැතිවිය.
“ඇසූ පිරූ තැන් නැත්තාවූ පෘථග්ජනතෙම වනාහි, තමා ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේම, ව්‍යාධිය නොඉක්මවූයේම, ව්‍යාධියට ගිය අනිකෙකු දැක, තමා ඉක්මවා හැකිළෙයි. අප්‍රිය කරයි. පිළිකුල් කරයි. ‘මම වනාහි ව්‍යාධිය ස්වභාවකොට ඇත්තේ වෙමි. ව්‍යාධිය නොනික්මවූයේ වෙමි. ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාවූ, ව්‍යාධිය නොනික්මවූ මම ව්‍යාධියට ගියාවූ අනිකෙකු දැක, තමා ප්‍රමාණය ඉක්මවා හැකිලෙන්නෙම් නම් අප්‍රිය කරන්නෙම් නම්, පිළිකුල් කරන්නෙම් නම්, එය මට සුදුසු නොවේය’ කියායි. මහණෙනි, මෙසේ සිතන්නාවූ ඒ මට යම් නීරෝගී මදයක් වූයේද, එය නැතිවිය.
“ඇසූ පිරූ තැන් නැත්තාවූ පෘථග්ජනතෙම වනාහි, තමා මරණය ස්වභාවකොට ඇත්තේම, මරණය නොඉක්මවූයේම, මරණයට ගිය අනිකෙකු දැක, තමා ඉක්මවා හැකිළෙයි. අප්‍රිය කරයි. පිළිකුල් කරයි. ‘මම වනාහි මරණය ස්වභාවකොට ඇත්තේ වෙමි. මරණය නොනික්මවූයේ වෙමි. මරණය ස්වභාවකොට ඇත්තාවූ, මරණය නොනික්මවූ මම මරණයට ගියාවූ අනිකෙකු දැක, තමා ප්‍රමාණය ඉක්මවා හැකිලෙන්නෙම් නම් අප්‍රිය කරන්නෙම් නම්, පිළිකුල් කරන්නෙම් නම්, එය මට සුදුසු නොවේය’ කියායි. මහණෙනි, මෙසේ සිතන්නාවූ ඒ මට යම් ජීවිත මදයක් වූයේද, එය නැතිවිය.
යොබ්බන මද සූත්‍රය.
“මහණෙනි, මේ මදයෝ (උමතුබැව්) තුන්දෙනෙක් වෙත්. කවර තුන් දෙනෙක්ද යත්. තරුණ මදය, නීරෝග මදය, බොහෝකල් ජීවත්වීම් මදය යන තුන්දෙනයි. මහණෙනි, තරුණ මදයෙන් මත්වූ නූගත් පෘතග්ජනයා කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. සිතින් දුසිරිතෙහි හැසිරෙයි. හෙතෙම කයින් දුසිරිත හැසිර, වචනයෙන් දුසිරිත හැසිර, සිතින් දුසිරිත හැසිර, ශරීරය බිඳීමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති, නපුරුව වැටෙන නරකයෙහි උපදී.
“මහණෙනි, නීරෝග මදයෙන් යුත්වූ, බොහෝකල් ජීවත්වීම් නමැති මදයෙන් මත්වූ, නූගත් පෘතග්ජන තෙම, කයින්, වචසින්, මනසින්, දුසිරිත්හි හැසිරෙයි, කයින්, වචසින්, මනසින්, දුසිරිත්හි හැසිර, ශරීරය බිඳීමෙන් මරණින් මතු, සැප නැති, නපුරු ගති ඇති, නපුරුව වැටෙන නරකයෙහි උපදී. මහණෙනි, තරුණ මදයෙන් මත්වූ මහණතෙම සිල් ප්රතික්ෂෙපකොට ගිහිබවට පෙරලෙයි. මහණෙනි, නීරෝග මදයෙන් මත්වූ මහණතෙම, සිල් ප්රතික්ෂෙපකොට ගිහිබවට පෙරලෙයි. බොහෝ කල් ජීවත්වන මදයෙන් යුක්තවූ මහණතෙම, සිල් ප්රතික්ෂෙපකොට ගිහි බවට පෙරලේයයි වදාළ සේක.
“ව්‍යාධිය ස්වභාවකොට ඇත්තාවූද, ජරාව ස්වභාවකොට ඇත්තාවූද, මරණය ස්වභාවකොට ඇත්තාවූද, පෘතග්ජනයෝ තුමූ ඒ ස්වභාව ධර්මයෝ ඒවූ පරිද්දෙන් ඇත්තාවූ පෘතග්ජනයෝ අන්‍යයන් පිළිතුල් කරත්.
“ඉදින් මම ඒ ස්වභාව ඇත්තාවූ සත්ත්වයන් කෙරෙහි පිළිකුල් කරන්නෙම් නම්, එබඳු ස්වභාව ඇත්තාවූ මට එය සුදුසු නොවන්නේමය.
“ඒ මම එසේ වාසය කරන්නෙම් උපධි රහිත නිර්වාණ ධර්මය අවබෝධ කොට නීරෝගී භාවයෙහිද, යෞවන භාවයෙහිද, ජීවිතයෙහිද යම් මදයෝ වෙත්ද, ඒ සියලු මදයන් නෛෂ්ක්රම්යයයි කියන ලද නිර්වාණයෙහි ක්ෂෙමභාවය දැක අභිභවනය කෙළෙමි. නිර්වාණය දක්නාවූ ඒ මට උත්සාහය වූයේය.
“මම දැන් කාමයන් සේවනය කිරීමට සුදුසු නොවෙමි. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යය පිහිටකොට ඇත්තේ, ප්‍රවෘජ්ජාව හා සර්වඥතාඥානය උදෙසා නොපසුබස්නා වීර්‍ය්‍යය ඇත්තෙක් වන්නෙමි.”
|
10. ආධිපතෙය්යසුත්තං | 10. ආධිපතෙය්‍ය සූත්‍රය |
40
‘‘තීණිමානි
‘‘කතමඤ්ච, භික්ඛවෙ, ලොකාධිපතෙය්යං? ඉධ, භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති - ‘න ඛො පනාහං චීවරහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. න පිණ්ඩපාතහෙතු, න සෙනාසනහෙතු, න ඉතිභවාභවහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. අපි ච ඛොම්හි ඔතිණ්ණො ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො. අප්පෙව නාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති. අහඤ්චෙව ඛො පන එවං පබ්බජිතො
‘‘කතමඤ්ච, භික්ඛවෙ, ධම්මාධිපතෙය්යං? ඉධ, භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති - ‘න ඛො පනාහං චීවරහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. න පිණ්ඩපාතහෙතු, න සෙනාසනහෙතු, න ඉතිභවාභවහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. අපි ච ඛොම්හි ඔතිණ්ණො ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො
‘‘නත්ථි
අත්තා තෙ පුරිස ජානාති, සච්චං වා යදි වා මුසා.
‘‘කල්‍යාණං
යො සන්තං අත්තනි පාපං, අත්තානං පරිගූහසි.
‘‘පස්සන්ති
ලොකස්මිං බාලං විසමං චරන්තං;
තස්මා හි අත්තාධිපතෙය්යකො ච
(අත්තාධිපකො සකො චරෙ (සී. ස්‍යා. කං. පී.)),
ලොකාධිපො ච නිපකො ච ඣායී.
‘‘ධම්මාධිපො ච අනුධම්මචාරී,
න
පසය්හ මාරං අභිභුය්ය අන්තකං,
යො ච ඵුසී ජාතික්ඛයං පධානවා;
සො තාදිසො ලොකවිදූ සුමෙධො,
සබ්බෙසු ධම්මෙසු අතම්මයො මුනී’’ති. දසමං;
|
40
“මහණෙනි, මේ අධිපති භාවයෝ තුන්දෙනෙක් වෙත්. කවර තුන්දෙනෙක්ද යත්, මහණෙනි, තමා අධිපතිකොට ඇති බවද, ලෝකයා අධිපතිකොට ඇති බවද, ධර්මය අධිපතිකොට ඇති බවද වෙත්. මහණෙනි, තමා අධිපතිකොට ඇති බව තවරේද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආරණ්‍යයකට ගියේ හෝ, වෘක්ෂ මූලයකට ගියේ හෝ, ශූන්‍යාගාරයකට ගියේ හෝ, මෙසේ ප්රත්යවේක්ෂා කෙරයි. ‘මම වනාහි සිව්රු හේතුකොට ගෙණ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි නොවීමි. ආහාරය හේතුකොට ගෙණ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නුවූයෙමි. සෙනසුන් හේතුකොට ගෙණ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නුවූයෙමි. භව සම්පත් හේතුකොට ගෙණ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි නොවීමි. යලිදු වනාහි ඉපදීමෙන්ද, ජරාවෙන් හා මරණයෙන්ද, ශෝකයන්ගෙන්ද, වැළපීම්වලින්ද, කායික දුක්වලින්ද, චෛතසික දුක්වලින්ද, දැඩි ආයාසවලින්ද, වැළඳගත්තේ වෙමි. දුකට බැසගන්නා ලද්දේ වෙමි. දුකින් පීඩිතවූයේ වෙමි. මේ සියලු දුක්ඛයන්ගේ කෙළවර කිරීමක් පෙනේනම් යහපතැයි පැවිදි වූයෙමි.
“මම වනාහි යම්බඳුවූ කාමයන් හැර ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙම් නම්, එබඳුවූ හෝ, ඊටත් වඩා අතිශයින් ලාමකවූ හෝ, කාමයන් සොයන්නෙම් නම් මට එය සුදුසු නොවන්නේය’ යි සිතයි.
“හෙතෙම මෙසේද සිතයි. ‘මා විසින් නොහැකිළෙන වීර්‍ය්‍යය පටන්ගන්නා ලදී. සිහිය නොමුළාවිය. කය සංසිඳුනේය. සැහැල්ලුවිය. සිත සමාධියට පැමිණියේය. එකඟ විය.’ කියායි. මෙසේ හෙතම තමන් අධිපතිකොට අකුශලය දුරු කෙරෙයි. කුසලය වඩයි. වරද දුරුකරයි. නිවරද වඩයි. පිරිසිදු ආත්මය පරිහරණය කරයි. මහණෙනි, මේ තමා අධිපතිකොට ඇතිබවයයි කියනු ලැබේ.
“මහණෙනි, ලෝකය අධිපතිකොට ඇති බව නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආරණ්‍යයකට ගියේ හෝ, වෘක්ෂ මූලයකට ගියේ හෝ, ශූන්‍යාගාරයකට ගියේ හෝ, මෙසේ ප්රත්යවේක්ෂා කෙරයි. ‘මම වනාහි සිව්රු හේතුකොට ගෙණ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි නොවීමි. ආහාරය හේතුකොට ගෙණ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නුවූයෙමි. සෙනසුන් හේතුකොට ගෙණ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නුවූයෙමි. භව සම්පත් හේතුකොට ගෙණ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි නොවීමි. යලිදු වනාහි ඉපදීමෙන්ද, ජරාවෙන් හා මරණයෙන්ද, ශෝකයන්ගෙන්ද, වැළපීම්වලින්ද, කායික දුක්වලින්ද, චෛතසික දුක්වලින්ද, දැඩි ආයාසවලින්ද, වැළඳගත්තේ වෙමි. දුකට බැසගන්නා ලද්දේ වෙමි. දුකින් පීඩිතවූයේ වෙමි. මේ සියලු දුක්ඛයන්ගේ කෙළවර කිරීමක් පෙනේනම් යහපතැයි පැවිදි වූයෙමි.
“මෙසේ පැවිදිවූ මම වනාහි කාම විතර්ක හෝ සිතන්නෙම් නම් ව්‍යාපාද විතර්ක හෝ සිතන්නෙම් නම් විහිංසා විතර්ක හෝ සිතන්නෙම් නම් මේ ලෝක සන්නිවාසය මහත්ය. මහත්වූ ලොක සන්නිවාසයෙහි ඎද්ධි ඇත්තාවූ, දිවැස් ඇත්තාවූ, පරසිත් දන්නාවූ මහණ බමුණෝ ඇත්තාහුය.
“ඔවුහු දුරදීත් දකිත්. ළඟ සිටියාහුද, අන්‍යයන් විසින් දකිනු නොලැබෙත්. සිතින්ද දැන ගනිත්. ඔවුහු මෙසේ දැන ගන්නාහුය. ‘පින්වත්නි, බලව්. මේ කුල පුත්‍රයා ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිව, ලාමක අකුශල ධර්මයන්ගෙන් ගැවසීගෙන වාසය කෙරෙයි.’ කියායි.
දිවැස් ඇත්තාවූ, පරසිත් දන්නාවූ දෙවියෝ ඇත්තාහ. ඔවුහු දුරදීත් දකිත්. ළඟ සිටියාහුද, අන්‍යයන් විසින් දකිනු නොලැබෙත්. සිතින්ද දැන ගනිත්. ඔවුහු මෙසේ දැන ගන්නාහුය. ‘පින්වත්නි, බලව්. මේ කුල පුත්‍රයා ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිව, ලාමක අකුශල ධර්මයන්ගෙන් ගැවසීගෙන වාසය කෙරෙයි.’ කියායි.
හෙතෙම මෙසේද සිතයි. ‘මා විසින් නොහැකිළෙන වීර්‍ය්‍යය පටන්ගන්නා ලදී. සිහිය නොමුළාවිය. කය සංසිඳුනේය. සැහැල්ලුවිය. සිත සමාධියට පැමිණියේය. එකඟවිය. කියායි. මෙසේ හෙතෙම ලෝකයාම අධිපතිකොට අකුශලය දුරු කෙරෙයි. කුශලය වඩයි. වරද දුරු කරයි. නිවරද වඩයි. පිරිසිදු ආත්මය පරිහරණය කරයි. මහණෙනි, මේ ලෝකයා අධිපතිකොට ඇති බවයයි කියනු ලැබේ.
“මහණෙනි, ධර්මය අධිපතිකොට ඇතිබව නම් කවරේද? මහණෙනි, ලෝකය අධිපතිකොට ඇති බව නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආරණ්‍යයකට ගියේ හෝ, වෘක්ෂ මූලයකට ගියේ හෝ, ශූන්‍යාගාරයකට ගියේ හෝ, මෙසේ ප්රත්යවේක්ෂා කෙරයි. ‘මම වනාහි සිව්රු හේතුකොට ගෙණ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි නොවීමි. ආහාරය හේතුකොට ගෙණ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නුවූයෙමි. සෙනසුන් හේතුකොට ගෙණ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නුවූයෙමි. භව සම්පත් හේතුකොට ගෙණ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි නොවීමි. යලිදු වනාහි ඉපදීමෙන්ද, ජරාවෙන් හා මරණයෙන්ද, ශෝකයන්ගෙන්ද, වැළපීම්වලින්ද, කායික දුක්වලින්ද, චෛතසික දුක්වලින්ද, දැඩි ආයාසවලින්ද, වැළඳගත්තේ වෙමි. දුකට බැසගන්නා ලද්දේ වෙමි. දුකින් පීඩිතවූයේ වෙමි. මේ සියලු දුක්ඛයන්ගේ කෙළවර කිරීමක් පෙනේනම් යහපතැයි පැවිදි වූයෙමි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය තෙම මනාකොට ප්‍රකාශ කරණ ලද්දේය. එකෙනෙහි ලැබියයුතු ඵල ඇත්තේය. දිය යුතු විපාක ඇත්තේය. එව බලවයි කීමට සුදුසුය. තමන් වෙත එළවාගතයුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දතයුතුයයි කියායි. ඒ ධර්මය දැන, දැක, වාසය කරන්නාවූ සබ්‍රහ්මචාරීහු වෙත්. මමද මෙසේ මනාකොට ප්‍රකාශ කරණ ලද ධර්ම විනය සංඛ්‍යාත ශාසනයෙහි පැවිදිව, කුසීතව, ප්‍රමාදව වාසය කරන්නෙම් නම් එය මට සුදුසු නොවන්නේය කියායි.
“හෙතෙම මෙසේද සිතයි. ‘මා විසින් නොහැකිළෙන වීර්‍ය්‍යය පටන්ගන්නා ලදී. සිහිය නොමුළාවිය. කය සංසිඳුනේය. සැහැල්ලුවිය. සිත සමාධියට පැමිණියේය. එකඟවිය. කියායි. මෙසේ හෙතෙම තමන් අධිපතිකොට අකුශලය දුරු කෙරෙයි. කුශලය වඩයි. වරද දුරු කරයි. නිවරද වඩයි. පිරිසිදු ආත්මය පරිහරණය කරයි. මහණෙනි, මේ ධර්මය අධිපතිකොට ඇත්තේවේ. මහණෙනි, මේ අධිපති භාවයෝ තුන නම් වෙත්.”
“ලෝකයෙහි පව්කම් කරන්නාහට රහසක් නම් නැත්තේය. පුරුෂය, තාගේ සත්‍යය හෝ, ඉදින් බොරුව හෝ තෙමේ දනී.
“පින්වත, ඒකාන්තයෙන් යහපත ශාක්ෂිවේ. තමා ඉක්මවා සිතන්නෙහිද? යමෙක් තමා කෙරෙහි ඇත්තාවූ පාපය තමා කෙරෙහි සඟවන්නෙහිද?
‘(සත්ත්ව) ලෝකයෙහි විසම සේ හැසිරෙන්නාවූ අඥානයා, දෙවියෝද, තථාගතයෝද දකිත්. එහෙයින් තවුස්තෙම තමා අධිපතිකොට ගෙනද, ලෝකයා අධිපතිකොට ගෙනද, ප්‍රඥාවෙන් යුක්තවද, ධ්‍යාන කරණ සුලුවද, ධර්මය අධිපතිකොට ගෙනද, ධර්මානුධර්ම ප්රතිපත්තියෙහි හැසිරෙන සුලුවද, ස්ථිර වීර්‍ය්‍යය ඇතිවද, සිහි ඇතිවද, හැසිරෙන්නේය. වීර්‍ය්‍ය ඇත්තාවූ යමෙක් තෙම මාරයා පරාජය කොට, මාරයා අභිභවනය කොට, ජාතිය ක්ෂය කිරීමයයි කියනලද, අර්හත්වය ස්පර්ශ කෙළේද, එබඳුවූ, තුන්ලොව දන්නාවූ, යහපත් ප්‍රඥා ඇත්තාවූ, සියලු ත්‍රෛභූමික ධර්මයන්හි, තෘෂ්ණා සංඛ්‍යාත තම්මය රහිතවූ, (තෘෂ්ණා නැත්තාවූ) ඒ ක්ෂීණාශ්රව මුනිතෙම නොපිරිහෙන්නේය” යි වදාළ සේක.
|