3. පුග්ගලවග්ගො | 3. පුග්ගල වර්ගය |
1. සමිද්ධසුත්තං | 1. සමිද්ධ (හෝ) සවිට්ඨ සූත්‍රය |
21
එවං
‘‘තයොමෙ, ආවුසො සමිද්ධ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො? කායසක්ඛී, දිට්ඨිප්පත්තො
(දිට්ඨප්පත්තො (ක.)), සද්ධාවිමුත්තො. ඉමෙ ඛො, ආවුසො, තයො පුග්ගලා සන්තො
‘‘තයොමෙ, ආවුසො සාරිපුත්ත, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො? කායසක්ඛී, දිට්ඨිප්පත්තො, සද්ධාවිමුත්තො. ඉමෙ ඛො, ආවුසො, තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. ඉමෙසං, ආවුසො, තිණ්ණං පුග්ගලානං ය්වායං
(යොයං (ක.)) පුග්ගලො සද්ධාවිමුත්තො, අයං මෙ පුග්ගලො ඛමති ඉමෙසං තිණ්ණං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො ච. තං කිස්ස හෙතු? ඉමස්ස, ආවුසො, පුග්ගලස්ස සද්ධින්ද්රියං අධිමත්ත’’න්ති.
අථ ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාකොට්ඨිකං එතදවොච - ‘‘තයොමෙ, ආවුසො කොට්ඨික, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං
‘‘තයොමෙ
අථ ඛො ආයස්මා මහාකොට්ඨිකො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච - ‘‘තයොමෙ, ආවුසො සාරිපුත්ත, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො? කායසක්ඛී
‘‘තයොමෙ, ආවුසො කොට්ඨික, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො? කායසක්ඛී, දිට්ඨිප්පත්තො, සද්ධාවිමුත්තො. ඉමෙ ඛො, ආවුසො, තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. ඉමෙසං, ආවුසො, තිණ්ණං පුග්ගලානං ය්වායං පුග්ගලො දිට්ඨිප්පත්තො, අයං මෙ පුග්ගලො ඛමති ඉමෙසං තිණ්ණං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො ච. තං කිස්ස හෙතු? ඉමස්ස, ආවුසො, පුග්ගලස්ස පඤ්ඤින්ද්රියං අධිමත්ත’’න්ති.
අථ ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තඤ්ච සමිද්ධං ආයස්මන්තඤ්ච මහාකොට්ඨිකං එතදවොච - ‘‘බ්යාකතං ඛො, ආවුසො, අම්හෙහි සබ්බෙහෙව යථාසකං පටිභානං. ආයාමාවුසො, යෙන භගවා තෙනුපසඞ්කමිස්සාම; උපසඞ්කමිත්වා භගවතො එතමත්ථං ආරොචෙස්සාම. යථා නො භගවා බ්යාකරිස්සති තථා නං ධාරෙස්සාමා’’ති. ‘‘එවමාවුසො’’ති ඛො ආයස්මා ච සමිද්ධො ආයස්මා ච මහාකොට්ඨිකො ආයස්මතො සාරිපුත්තස්ස
‘‘න
‘‘න ඛ්වෙත්ථ, සාරිපුත්ත, සුකරං එකංසෙන බ්යාකාතුං - ‘අයං ඉමෙසං තිණ්ණං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො චා’ති. ඨානඤ්හෙතං, සාරිපුත්ත, විජ්ජති ය්වායං පුග්ගලො කායසක්ඛී ස්වාස්ස අරහත්තාය පටිපන්නො, ය්වායං පුග්ගලො සද්ධාවිමුත්තො ස්වාස්ස සකදාගාමී වා අනාගාමී වා, යො චායං පුග්ගලො දිට්ඨිප්පත්තො සොපස්ස සකදාගාමී වා අනාගාමී වා.
‘‘න ඛ්වෙත්ථ, සාරිපුත්ත, සුකරං එකංසෙන බ්යාකාතුං - ‘අයං ඉමෙසං තිණ්ණං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො චා’ති. ඨානඤ්හෙතං, සාරිපුත්ත, විජ්ජති ය්වායං පුග්ගලො දිට්ඨිප්පත්තො ස්වාස්ස අරහත්තාය පටිපන්නො, ය්වායං පුග්ගලො සද්ධාවිමුත්තො ස්වාස්ස සකදාගාමී වා අනාගාමී වා, යො චායං පුග්ගලො කායසක්ඛී සොපස්ස සකදාගාමී වා අනාගාමී වා.
‘‘න ඛ්වෙත්ථ, සාරිපුත්ත, සුකරං එකංසෙන බ්යාකාතුං - ‘අයං ඉමෙසං තිණ්ණං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො චා’’’ති. පඨමං.
|
21
“ඉක්බිත්තෙන් වනාහි ආයුෂ්මත්වූ සවිට්ඨ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිර තෙමේද, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියාහ. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම සමග සතුටු වූහ. සතුටුවිය යුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එක් පැත්තක උන්නෝය. ශාරීපුත්ත ස්ථවිර තෙම මෙසේ ඇසීය.
“ඇවැත්නි, සවිට්ඨය, ලෝකයෙහි මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්. කවර තුන් දෙනෙක්ද, කාය සක්ඛි පුද්ගලයාය, දිට්ඨිප්පත්ත පුද්ගලයාය, සද්ධාවිමුත්ත පුද්ගලයාය (යන තුන් දෙන වෙත්.) ඇවැත්නි, ලෝකයෙහි මේ පුද්ගලයෝ තුන්දෙන ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්. ඇවැත්නි, මේ පුද්ගලයන් තුන්දෙනා අතුරෙන් කවර පුද්ගලයෙක් ඔබට කැමති වන්නේද, වඩා කැමති වන්නේද, අතිශයින් ප්‍රණීත වන්නේද?”
“ඇවැත්, සාරීපුත්තය, ලෝකයෙහි මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්. කවර තුන් දෙනෙක්ද, කාය සක්ඛි පුද්ගලයාය, දිට්ඨිප්පත්ත පුද්ගලයාය, සද්ධාවිමුත්ත පුද්ගලයාය (යන තුන් දෙන වෙත්.) ඇවැත්නි, මේ පුද්ගලයන් තුන්දෙනා අතුරෙන් යම් මේ පුද්ගලයෙක් තෙම සද්ධාවිමුත්ත නම් වේද, මේ පුද්ගල තෙම මට කැමැත්තේ වෙයි. වඩා සතුටු වූයේ වෙයි. අතිශයින් ප්‍රණීත වූයේ වෙයි.
“ඊට හේතු කවරේද? ඇවැත්නි, මේ පුද්ගලයාගේ ශ්රද්ධෙන්ද්රිය අධික වෙයි. එහෙයිනැයි ප්‍රකාශ කෙළේය.
“ඉක්බිති ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන්ට මෙය ප්‍රකාශ කෙළේය. ලෝකයෙහි මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්. කවර තුන් දෙනෙක්ද, කාය සක්ඛි පුද්ගලයාය, දිට්ඨිප්පත්ත පුද්ගලයාය, සද්ධාවිමුත්ත පුද්ගලයාය (යන තුන් දෙන වෙත්.) ඇවැත්නි, යම් මේ පුද්ගලයෙක් තෙම කායසක්ඛි නම් වේද, ඒ පුද්ගල තෙම මට කැමැත්තේ වෙයි. වඩා සතුටු වූයේ වෙයි. ඉතා ප්‍රණීත වෙයි.
“ඊට හේතු කවරේද? ඇවැත්නි, මේ පුද්ගලයාගේ සමාධින්ද්රිය අධික වෙයි. (එහෙයිනි)
“ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම ආයුෂ්මත්වූ මහා කොට්ඨිත ස්ථවිරයන්ට මෙය ප්‍රකාශ කෙළේය.
“ලෝකයෙහි මේ පුද්ගලයන් තුන් දෙනෙක් ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්. කවර තුන් දෙනෙක්ද, කාය සක්ඛි පුද්ගලයාය, දිට්ඨිප්පත්ත පුද්ගලයාය, සද්ධාවිමුත්ත පුද්ගලයාය (යන තුන් දෙන වෙත්.)
“යම් මේ පුද්ගලයෙක් තෙම දිට්ඨිප්පත්ත නම් වේද, ඒ පුද්ගල තෙම මට කැමැත්තේ වෙයි. වඩා සතුටු වූයේ වෙයි. ඉතා ප්‍රණීත වෙයි. ඊට හේතු කවරේද? ඇවැත්නි, මේ පුද්ගලයාගේ ප්රඥෙන්ද්රිය අධික වෙයි. (එහෙයිනි)
“යලිදු ආයුෂමත්වූ ශාරීපුත්‍ර ස්ථවිර තෙම ආයුෂමත් සවිට්ඨ ස්ථවිරයන්ටද, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන්ටද, මෙසේ ප්‍රකාශ කෙළේය. ‘ඇවැත්නි, අප හැම දෙනා විසින්ම ස්වකීය වැටහීම යම්සේ නම් එසේ ප්‍රකාශ කරණ ලද්දේ මය. ඇවැත්නි යමු. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණෙන්නෙමු. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කියන්නෙමු. භාග්‍යවතුන් වහන්සේ අපට යම්සේ ප්‍රකාශ කරණ සේක්ද, එසේ දරන්නෙමු’ යි කියායි.
“ඇවැත්නි, එසේය” යි කියා ආයුෂ්මත් සවිට්ඨ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිර තෙමේද, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ හට පිළිතුරු දුන්හ.
“ඉක්බිති ශාරීපුත්‍ර ස්ථවිර තෙමේද, ආයුෂමත් සවිට්ඨ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිර තෙමේද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියෝය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නෝය. එක් පසෙ හුන්නාවූ ආය්ෂමත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම, ආයුෂ්මත් සවිට්ඨ ස්ථවිරයන් සමගද, ආයුෂමත් මහා කොට්ඨිත ස්ථවිරයන් සමගද, කථා සල්ලාපය යම් පමණවීද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේය.
“ශාරීපුත්‍රය, මෙතෙම මේ පුද්ගලයන් තුන්දෙනා අතුරෙන් අතිශයින් යහපත්ය කියාද, අතිශයින් ප්‍රණීතයයි කියාද, මෙහි ඒකාන්තයෙන් ප්‍රකාශ කිරීම පහසු නොවේමය. ශාරීපුත්‍රය, මේ කාරණය වනාහි විද්‍යමානවේ. කුමක්ද? යම් මේ පුද්ගලයෙක් තෙම ශ්රද්ධාවිමුත්ත වේද, හෙතෙම රහත් හෝ වන්නේය. රහත් බැව් පිණිස පිළිපන්නේ හෝ වන්නේය. යම් මේ පුද්ගලයෙක් තෙම කායසක්ඛි නම් වේද, හෙතෙම සකෘදාගාමි හෝ වන්නේය. අනාගාමී හෝ වන්නේය. යම් මේ පුද්ගලයෙක් දිට්ඨිප්පත්ත නම් වේද, හෙතෙමේ සකෘදාගාමී හෝ වන්නේය. අනාගාමී හෝ වන්නේය. (යන මෙයයි.)
“ශාරීපුත්‍රය, මේ තෙමේ මේ පුද්ගලයන් අතුරෙන් අතිශයින් යහපත්යයි කියාද, අතිශයින් ප්‍රණීතයයි කියාද, ඒකාන්තයෙන් ප්‍රකාශ කරන්නට පහසු නොවේ.
“ශාරීපුත්‍රය, යම් මේ පුද්ගලයෙක් කායසක්ඛී වේද, හෙතෙම රහතන් වහන්සේ නමක් හෝ රහත් මගට පිළිපන්නේ හෝ වේ. යම් මේ පුද්ගලයෙක් ශ්රද්ධාවිමුත්තද, හෙතෙම සකෘදාගාමී හෝ අනාගාමී හෝ වන්නේය. යම් මේ පුද්ගලයෙක් දිට්ඨිප්පත්තද, හෙතෙමේද සකෘදාගාමී හෝ අනාගාමී හෝ වන්නේය. ශාරීපුත්‍රය, මෙහි මේ පුද්ගලයන් තුන්දෙනා අතුරෙන් මේ තෙමේ අතිශයින් යහපත්යයි කියාද, අතිශයින් ප්‍රණීතයයි කියාද, ඒකාන්තයෙන් ප්‍රකාශ කිරිමට අපහසුය යන මෙය වනාහි විද්‍යමාන වේ.
“ශාරීපුත්‍රය, යම් මේ පුද්ගලයෙක් දිට්ඨිප්පත්තද, හෙතෙමේ රහත් හෝ රහත් මාර්ගයට පිළිපන්නේ හෝ වන්නේය.. යම් මේ පුද්ගලයෙක් ශ්රද්ධාවිමුත්තද, හෙතෙම සකෘදාගාමී හෝ අනාගාමී හෝ වන්නේය. යම් මේ පුද්ගලයෙක් කායසක්ඛිද, හෙතෙමේද සකෘදාගාමී හෝ අනාගාමී හෝ වන්නේය. ශාරීපුත්‍රය, මේ තෙමේ මේ තුන් පුද්ගලයන්ගෙන් අතිශයින් යහපත්යයි කියාද, ප්‍රණීතයයි කියාද, ඒකාන්තයෙන් ප්‍රකාශ කිරිමට පහසු නොවේය යන මේ කාරණය විද්‍යමාන වේ.”
|
2. ගිලානසුත්තං | 2. ගිලානොපම සූත්‍රය |
22
(පු. ප. 94) ‘‘තයොමෙ, භික්ඛවෙ, ගිලානා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො? ඉධ, භික්ඛවෙ, එකච්චො ගිලානො ලභන්තො වා සප්පායානි භොජනානි අලභන්තො වා සප්පායානි භොජනානි, ලභන්තො වා සප්පායානි භෙසජ්ජානි
‘‘ඉධ පන, භික්ඛවෙ, එකච්චො ගිලානො ලභන්තො වා සප්පායානි භොජනානි අලභන්තො වා සප්පායානි භොජනානි, ලභන්තො වා සප්පායානි භෙසජ්ජානි අලභන්තො වා සප්පායානි භෙසජ්ජානි
‘‘ඉධ පන, භික්ඛවෙ, එකච්චො ගිලානො ලභන්තොව සප්පායානි භොජනානි නො අලභන්තො, ලභන්තොව සප්පායානි භෙසජ්ජානි නො අලභන්තො, ලභන්තොව පතිරූපං උපට්ඨාකං නො අලභන්තො වුට්ඨාති තම්හා ආබාධා.
‘‘තත්ර, භික්ඛවෙ, ය්වායං ගිලානො ලභන්තොව සප්පායානි භොජනානි නො අලභන්තො, ලභන්තොව සප්පායානි භෙසජ්ජානි නො අලභන්තො, ලභන්තොව පතිරූපං උපට්ඨාකං නො අලභන්තො වුට්ඨාති තම්හා ආබාධා, ඉමං ඛො, භික්ඛවෙ, ගිලානං පටිච්ච ගිලානභත්තං අනුඤ්ඤාතං ගිලානභෙසජ්ජං අනුඤ්ඤාතං ගිලානුපට්ඨාකො අනුඤ්ඤාතො. ඉමඤ්ච පන, භික්ඛවෙ, ගිලානං පටිච්ච අඤ්ඤෙපි ගිලානා උපට්ඨාතබ්බා. ඉමෙ ඛො, භික්ඛවෙ, තයො ගිලානා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, තයොමෙ ගිලානූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො ලභන්තො වා තථාගතං දස්සනාය අලභන්තො වා තථාගතං දස්සනාය, ලභන්තො වා තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවනාය අලභන්තො වා තථාගතප්පවෙදිතං ධම්මවිනයං
‘‘ඉධ, පන, භික්ඛවෙ, එකච්චො පුග්ගලො ලභන්තො වා තථාගතං දස්සනාය අලභන්තො වා තථාගතං දස්සනාය, ලභන්තො වා තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවනාය අලභන්තො වා තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවනාය ඔක්කමති නියාමං කුසලෙසු ධම්මෙසු සම්මත්තං.
‘‘ඉධ පන, භික්ඛවෙ, එකච්චො පුග්ගලො ලභන්තොව තථාගතං දස්සනාය නො අලභන්තො, ලභන්තොව තථාගතප්පවෙදිතං ධම්මවිනයං සවනාය නො අලභන්තො ඔක්කමති නියාමං කුසලෙසු ධම්මෙසු සම්මත්තං.
‘‘තත්ර
|
22
“මහණෙනි, මේ ගිලනුන් තුන් දෙනෙක් ලෝකයෙහි ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්. කවර තුන් දෙනෙක්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ගිලනෙක් තෙම හිතවූ භෝජන ලබන්නේ හෝ, හිතවූ භෝජන නොලබන්නේ හෝ, හිතවූ බෙහෙතක් ලබන්නේ හෝ, හිතවූ බෙහෙතක් නොලබන්නේ හෝ, සුදුසු සාත්තුකාරයකු ලබන්නේ හෝ, සුදුසු සාත්තුකාරයකු නොලබන්නේ හෝ ඒ ආබාධයෙන් නොම නැගිටී.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ගිලනෙක් තෙම හිතවූ භෝජන ලබන්නේ හෝ, හිතවූ භෝජන නොලබන්නේ හෝ, හිතවූ බෙහෙතක් ලබන්නේ හෝ, හිතවූ බෙහෙතක් නොලබන්නේ හෝ, සුදුසු සාත්තුකාරයකු ලබන්නේ හෝ, සුදුසු සාත්තුකාරයකු නොලබන්නේ හෝ ඒ රෝගයෙන් නැගිටී.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ගිලනෙක් හිතවූ බොජුන් නොලබා නොව ලැබීමෙන්ම, හිතවූ ආහාර නොලබන්නෙක් නොවන්නේම, හිතවූ බෙහෙත් නොලබා නොව ලබාම සුදුසු සාත්තුකාරයකු නොමලබාම ඒ රෝගයෙන් නැගිටී.
“මහණෙනි, එහි යම් මේ ගිලනෙක් තෙම හිතවූ භෝජනයන් ලබන්නේම, නොලබන්නෙක් නොවන්නේම, හිතවූ බෙහෙත් නොලබන්නෙක්ව ලබන්නේව, සුදුසු සාත්තුකාරයකු නොලබා නොමලැබෙන්නේව, ඒ රෝගයෙන් නැගිටී.
“මහණෙනි, මේ ගිලනා නිසා ගිලන්බත අනුදන්නා ලදී. ගිලාන උපස්ථායකයෙක් අනුදන්නා ලදී. මහණෙනි, මේ ගිලනා නිසා සෙසු ගිලන්නුද උපස්ථාන කළ යුත්තාහ. “මහණෙනි, මේ ගිලන්නු තුන්දෙන ලෝකයෙහි ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්.
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි ගිලනුන් උපමා කොට ඇත්තාවූ මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වන්නාහ. කවර තුන්දෙනෙක්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම තථාගතයන් වහන්සේ දැකීමට ලබන්නේ හෝ, තථාගතයන් වහන්සේ දැකීමට නොලබන්නේ හෝ තථාගතයන් විසින් ප්‍රකාශ කරණ ලද ධර්ම විනය ඇසීමට ලබන්නේ හෝ තථාගතයන් විසින් ප්‍රකාශ කරණ ලද ධර්ම විනය ඇසීමට නොලබන්නේ හෝ කුසල ධර්මයන්හි මාර්ග නියාමයයි කියන ලද්දාවූ සම්‍යග් භාවයට නොපැමිණෙයි.
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම තථාගතයන් වහන්සේ දැකීමට ලබන්නේ හෝ, තථාගතයන් වහන්සේ දැකීමට නොලබන්නේ හෝ තථාගතයන් විසින් ප්‍රකාශ කරණ ලද ධර්ම විනය ඇසීමට ලබන්නේ හෝ තථාගතයන් විසින් ප්‍රකාශ කරණ ලද ධර්ම විනය ඇසීමට නොලබන්නේ හෝ කුසල ධර්මයන්හි මාර්ග නියාමයයි කියන ලද්දාවූ සම්‍යග් භාවයට පැමිණෙයි.
“මහණෙනි, මේ සස්නෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම තථාගතයන් දැකීමට ලබන්නේම නොලබන්නේ හෝ, තථාගතයන් විසින් ප්‍රකාශ කරණ ලද ධර්ම විනය ඇසීමට ලබන්නේම නොලබන්නේ හෝ කුසල ධර්මයන්හි මාර්ග නියාමයයි කියන ලද්දාවූ සම්‍යග් භාවයට පැමිණෙයි.
“මහණෙනි, මේ සස්නෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තෙම තථාගතයන් දැකීමට ලබන්නේම නොලබන්නේ හෝ, තථාගතයන් විසින් ප්‍රකාශ කරණ ලද ධර්ම විනය ඇසීමට ලබන්නේම නොලබන්නේ හෝ කුසල ධර්මයන්හි මාර්ග නියාමයයි කියන ලද්දාවූ සම්‍යග් භාවයට පැමිණෙයි. මහණෙනි, මේ පුද්ගලයා නිසා අන්‍යයන්ටද ධර්මය දේශනා කළ යුත්තේය. මහණෙනි, මේ ගිලන්හු තුන්දෙන ලෝකයෙහි ඇත්තාහු, විද්‍යමාන වෙත්ය” යි වදාළ සේක.
|
3. සඞ්ඛාරසුත්තං | 3. අභිසංකරණ සූත්‍රය |
23
‘‘තයොමෙ, භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො සබ්‍යාබජ්ඣං
(සබ්යාපජ්ඣං (සබ්බත්ථ) එවමුපරිපි) කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්‍යාබජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්‍යාබජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සො සබ්‍යාබජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, සබ්‍යාබජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, සබ්‍යාබජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්‍යාබජ්ඣං ලොකං උපපජ්ජති. තමෙනං සබ්‍යාබජ්ඣං ලොකං
‘‘ඉධ පන, භික්ඛවෙ, එකච්චො පුග්ගලො අබ්‍යාබජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, අබ්‍යාබජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, අබ්‍යාබජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සො අබ්‍යාබජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, අබ්‍යාබජ්ඣං වචීසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, අබ්‍යාබජ්ඣං මනොසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා අබ්‍යාබජ්ඣං ලොකං උපපජ්ජති. තමෙනං අබ්‍යාබජ්ඣං ලොකං උපපන්නං සමානං අබ්යාබජ්ඣා ඵස්සා ඵුසන්ති. සො අබ්යාබජ්ඣෙහි ඵස්සෙහි ඵුට්ඨො සමානො අබ්‍යාබජ්ඣං වෙදනං වෙදයති එකන්තසුඛං, සෙය්යථාපි දෙවා සුභකිණ්හා.
‘‘ඉධ පන, භික්ඛවෙ, එකච්චො පුග්ගලො සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සො සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි වචීසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා, සබ්‍යාබජ්ඣම්පි අබ්‍යාබජ්ඣම්පි
|
23
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම දුක් සහිතවූ කාය කර්මය රැස් කෙරෙයි. දුක් සහිතවූ වාක් කර්මය රැස් කරයි. දුක් සහිතවූ මනො කර්මය රැස් කරයි. හෙතෙම දුක් සහිතවූ කාය කර්මය රැස් කොට, දුක් සහිතවූ වාග් කර්මය රැස්කොට, දුක් සහිතවූ මනො කර්මය රැස්කොට, දුක් සහිතවූ ලෝකයෙහි උපදී. දුක් සහිතවූ ලෝකයෙහි උපන්නාවු ඒ ඔහු දුක් සහිතවූ ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්. හෙතෙම දුක් සහිතවූ ස්පර්ශවලින් ස්පර්ශ කරණ ලද්දේම දුක් සහිතවූ, ඒකාන්තයෙන් දුක්වූ වේදනාව විඳී. නරකයෙහි සත්ත්වයෝ යම්සේ නම් එසේමයි.”
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම දුක් රහිතවූ කාය කර්මය රැස් කෙරෙයි. දුක් රහිතවූ වාක් කර්මය රැස් කරයි. දුක් රහිතවූ මනො කර්මය රැස් කරයි. හෙතෙම දුක් රහිතවූ කාය කර්ම රැස් කොට, දුක් රහිතවූ වාග් කර්ම රැස්කොට, දුක් රහිතවූ මනො කර්ම රැස්කොට, දුක් රහිතවූ ලෝකයෙහි උපදී. දුක් රහිතවූ ලෝකයෙහි උපන්නාවු ඒ ඔහු දුක් රහිතවූ ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්. හෙතෙම දුක් රහිතවූ ස්පර්ශවලින් ස්පර්ශ කරණ ලද්දේම දුක් රහිතවූ, ඒකාන්තයෙන් සැපවූ වේදනාව විඳී. සුභකිණ්ණ නම් බඹලොව වැසි දෙවියෝ යම්සේ නම් එසේයි.”
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම දුක් සහිතවූද, දුක් රහිතවූද කාය කර්මය රැස් කෙරෙයි. දුක් සහිතවූද, දුක් රහිතවූද වාක් කර්මය රැස් කරයි. දුක් සහිතවූද, දුක් රහිතවූද මනො කර්මය රැස් කරයි. හෙතෙම දුක් සහිතවූද, දුක් රහිතවූද කාය කර්මය රැස් කොට, දුක් සහිතවූද, දුක් රහිතවූද වාග් කර්මය රැස්කොට, දුක් සහිතවූද, දුක් රහිතවූද මනො කර්මය රැස්කොට, දුක් සහිතවූද, දුක් රහිතවූද ලෝකයෙහි උපදී. දුක් සහිතවූද, දුක් රහිතවූද ලෝකයෙහි උපන්නාවු ඒ ඔහු දුක් සහිතවූද, දුක් රහිතවූද ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්. හෙතෙම දුක් සහිතවූද, දුක් රහිතවූද ස්පර්ශවලින් ස්පර්ශ කරණ ලද්දේම දුක් සහිතවූද, දුක් රහිතවූද මිශ්‍රවූ සැප දුක් ඇත්තාවූ වේදනාව විඳී. මනුෂ්‍යයෝද, සමහර කාමාවචර දෙවියෝද, ඇතැම් වෛමානික ප්‍රේතයෝද යම්සේ නම් එසේයි.”
|
4. බහුකාරසුත්තං | 4. බහුකාරපුග්ගල සූත්‍රය |
24
‘‘තයොමෙ
‘‘පුන චපරං, භික්ඛවෙ, යං පුග්ගලං ආගම්ම පුග්ගලො ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති; අයං, භික්ඛවෙ, පුග්ගලො ඉමස්ස පුග්ගලස්ස බහුකාරො.
‘‘පුන චපරං, භික්ඛවෙ, යං පුග්ගලං ආගම්ම පුග්ගලො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති; අයං, භික්ඛවෙ, පුග්ගලො ඉමස්ස පුග්ගලස්ස බහුකාරො. ඉමෙ ඛො, භික්ඛවෙ, තයො පුග්ගලා පුග්ගලස්ස බහුකාරා.
‘‘ඉමෙහි ච පන, භික්ඛවෙ, තීහි පුග්ගලෙහි ඉමස්ස පුග්ගලස්ස නත්ථඤ්ඤො පුග්ගලො බහුකාරොති වදාමි. ඉමෙසං පන, භික්ඛවෙ, තිණ්ණං පුග්ගලානං ඉමිනා පුග්ගලෙන න සුප්පතිකාරං වදාමි, යදිදං අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්මසාමීචිකම්මචීවරපිණ්ඩපාතසෙනාසන-ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානුප්පදානෙනා’’ති. චතුත්ථං.
|
24
“මහණෙනි, මේ (ආචාර්ය්ය) පුද්ගලයෝ තුන් දෙනෙක් අතවැසි පුද්ගලයාට බොහෝ උපකාර ඇත්තෝ වෙත්. මහණෙනි, අතවැසි පුද්ගලයෙක් තෙම යම් ආචාර්ය්ය පුද්ගලයෙක් වෙත පැමිණ බුදුන් සරණ ගියේ වේද, ධර්මය සරණ ගියේ වේද, සංඝයා සරණ ගියේ වේද, මහණෙනි, මේ ආචාර්ය්ය පුද්ගල තෙම මේ පුද්ගලයාට බොහෝ උපකාර ඇත්තේ වේ.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. අතවැසි පුද්ගලයෙක් තෙම යම් ආචාර්ය්ය පුද්ගලයෙකු කරා පැමිණ, මේ දුකයයි තතුසේ දැන ගණීද, මේ දුකට හේතුවයයි තතුසේ දැනගනීද, මේ දුක නැති කිරීමයයි තතුසේ දැනගනීද, මේ දුක නැති කිරීමේ මාර්ගයයයි තතුසේ දැනගනීද, මහණෙනි, මේ ආචාර්ය්ය පුද්ගල තෙම මේ පුද්ගලයාට බොහෝ උපකාර ඇත්තේ වේ.
“මහණෙනි, නැවතද අනිකක් කියමි. අතවැසි පුද්ගලයෙක් තෙම යම් ආචාර්ය්ය පුද්ගලයෙක් කරා පැමිණ, මහණෙනි, මේ ආචාර්ය්ය පුද්ගලයින් තුන් දෙනාට වඩා මේ අතවැසි පුද්ගලයාට අතිශයින් උපකාර ඇත්තාවූ අන්‍ය පුද්ගලයෙක් නැත්තේයයි කියමි. මහණෙනි, මේ ආචාර්ය්ය පුදගලයන් තුන් දෙනාට මේ අන්තේවාසික පුද්ගලයා විසින් යම් මේ වැඳීමය, නැගිටීමය, ඇඳිලිබැඳීමය, බුහුමන් කිරීමය, සිව්රුය, පිණ්ඩභෝජනය, සෙනසුන්ය, ගිලනුන්ට ප්‍රත්‍යවූ බෙහෙත් හා පිරිකරය, යන මේ දේ දීමෙන් ප්‍රත්‍යුපකාර කරන්ට නොහැකියි කියමි” යි වදාළ සේක.
|
5. වජිරූපමසුත්තං | 5. අරුකූපම සූත්‍රය |
25
‘‘තයොමෙ
‘‘කතමො ච, භික්ඛවෙ, විජ්ජූපමචිත්තො පුග්ගලො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. සෙය්යථාපි භික්ඛවෙ, චක්ඛුමා පුරිසො රත්තන්ධකාරතිමිසායං විජ්ජන්තරිකාය රූපානි පස්සෙය්ය; එවමෙවං ඛො, භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති...පෙ.... ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. අයං වුච්චති, භික්ඛවෙ, විජ්ජූපමචිත්තො පුග්ගලො.
‘‘කතමො ච, භික්ඛවෙ, වජිරූපමචිත්තො පුග්ගලො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. සෙය්යථාපි, භික්ඛවෙ, වජිරස්ස නත්ථි කිඤ්චි අභෙජ්ජං මණි වා පාසාණො වා; එවමෙවං ඛො, භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො ආසවානං ඛයා...පෙ.... උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ, වජිරූපමචිත්තො පුග්ගලො. ‘ඉමෙ ඛො, භික්ඛවෙ, තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා
|
25
“මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලෝකයේ ඇත්තාහු, විද්‍යමාන වන්නාහු වෙත්. කවර තුන් දෙනෙක්ද යත්. පරණ වනයක බඳු සිත් ඇති පුද්ගලයාද, විදුලි එළියකට බඳු සිත් ඇති පුද්ගලයාද, වජ්‍රයකට (දියමන්තියකට) බඳු සිත් ඇති පුද්ගලයාද වෙත්.
“මහණෙනි, පරණ වණයක බඳු සිත් ඇති පුද්ගලයා නම් කවරෙක්ද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ක්‍රොධ කරන්නේ වේද, ක්‍රෝධය බහුලකොට ඇත්තේ වේද, ස්වල්ප දෙයක් කියන ලද නමුත් ගැටෙන්නේද, කිපේද, ප්‍රකෘතිය අත්හරීද, තද බවට පැමිණේද, කෝපයත්, ද්වේෂයත්, නොසතුටු බවත් පහළ කෙරේද, යම්සේ වනාහි පුරාණ වණයක් දඬු කොණකින් හෝ කැබිලිත්තකින් හෝ ගටනා ලද්දී, බෙහෙවින්ම ලේ වගුරුවාද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක්, ක්‍රොධ කරණ ස්වභාව ඇත්තේද, ස්වල්පයක් කියන ලද්දේම එහි ලැගේද, කිපේද, ස්වභාවය අත්හරීද, තද බවට පැමිණේද, කෝපයද, ද්වේෂයද, නොසතුටු ආකාරයද පහළ කෙරේද, මහණෙනි, මේ පුරාණ වණයකට බඳු සිත් ඇති පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, විදුලියකට බඳු සිත් ඇති පුද්ගලයා කවරේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් වැලකීමයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් වැලැක්මට යන ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, යම්සේ වනාහි ඇස් ඇත්තාවූ පුරුෂයෙක් තෙම ඝනාන්ධකාර රාත්‍රියෙක්හි විදුලි එලියෙන් රූපයන් දක්නේ වේද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් වැලකීමයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් නිරෝධයට ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, මේ විදුලියට සමාන සිත් ඇත්තාවූ පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, දියමන්තියකට බඳු සිත් ඇති පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ආශ්‍රවයන්ගේ ක්ෂයවීමෙන් ආශ්‍රව රහිත අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥාණයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරයිද, මහණෙනි, වජ්‍රයට බිඳිය නොහැකිවූ කිසි මිණක් හෝ ගලක් හෝ නැත්තේ වේද, මහණෙනි, එසේම මේ ලෝක යෙහි ඇතැම් පුද්ගලයෙක් කෙලෙසුන්ගේ ක්ෂය වීමෙන්, ආශ්‍රව රහිග අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද මේ ආත්මභාවයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ දියමන්තියකට බඳු සිත් ඇති පුද්ගලයායයි කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයන් තුන්දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වන්නාහු වෙත්.
“එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ආශ්‍රවයන්ගේ ක්ෂයවීමෙන් ආශ්‍රව රහිත අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරයිද, මේ දියමන්තියකට සමාන සිත් ඇත්තාවූ පුද්ගලයායයි කියනු ලැබේ.”
|
6. සෙවිතබ්බසුත්තං | 6. නසේවිතබ්බ සූත්‍රය |
26
‘‘තයොමෙ
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො සෙවිතබ්බො භජිතබ්බො පයිරුපාසිතබ්බො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො සදිසො හොති සීලෙන සමාධිනා පඤ්ඤාය. එවරූපො, භික්ඛවෙ, පුග්ගලො සෙවිතබ්බො භජිතබ්බො පයිරුපාසිතබ්බො. තං කිස්ස හෙතු? සීලසාමඤ්ඤගතානං සතං සීලකථා ච නො භවිස්සති, සා ච නො පවත්තිනී
(පවත්තනී (සී. ස්‍යා. කං. පී.) පු. ප. 122 පස්සිතබ්බං) භවිස්සති, සා ච නො ඵාසු භවිස්සති. සමාධිසාමඤ්ඤගතානං සතං සමාධිකථා ච නො භවිස්සති, සා ච නො පවත්තිනී භවිස්සති, සා ච නො ඵාසු භවිස්සති. පඤ්ඤාසාමඤ්ඤගතානං සතං පඤ්ඤාකථා ච නො භවිස්සති, සා ච නො පවත්තිනී භවිස්සති, සා ච නො ඵාසු භවිස්සතීති. තස්මා එවරූපො පුග්ගලො සෙවිතබ්බො භජිතබ්බො පයිරුපාසිතබ්බො.
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො සක්කත්වා ගරුං කත්වා සෙවිතබ්බො භජිතබ්බො පයිරුපාසිතබ්බො? ඉධ, භික්ඛවෙ
‘‘නිහීයති
න ච හායෙථ කදාචි තුල්යසෙවී;
සෙට්ඨමුපනමං උදෙති ඛිප්පං,
තස්මා අත්තනො උත්තරිං භජෙථා’’ති. ඡට්ඨං;
|
26
“මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක්ද යත්. මහණෙනි, සෙවනය නොකට යුතුවූ, භජනය නොකළ යුතුවූ, ආශ්‍රය නොකළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය. මහණෙනි, සේවනය කළ යුතුවූ, භජනය කළ යුතුවූ, ආශ්‍රය කළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය. මහණෙනි, සත්කාරකොට, ගරුකොට සේවනය කළ යුතුවූ, භජනය කළ යුතුවූ, ආශ්‍රය කළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය.
“මහණෙනි, සෙවනය නොකළ යුතුවූ, භජනය නොකළ යුතුවූ, ආශ්‍රය නොකළ යුතුවූ පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ශීලයෙන් සිත එකඟ කිරීමෙන්ද, ප්‍රඥාවෙන්ද, තමන්ට වඩා පහත්ද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම කරුණාවෙන් විනා, අනුකම්පාවෙන් විනා සේවනය නොකළ යුතුය. භජනය නොකළ යුතුය. ආශ්‍රය නොකළ යුතුය.
“මහණෙනි, සේවනය කළ යුතු, භජනය කළ යුතු, ආශ්‍රය කළ යුතු පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ශීලයෙන්, සිත එකඟ කිරීමෙන්, ප්‍රඥාවෙන් තමන් හා සමාන වේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම සේවනය කළ යුතුය. භජනය කළ යුතුය. ආශ්‍රය කළ යුතුය. ඊට හේතු කවරේද? ශීලයෙන් සමානභාවයට ගියාවූම අපගේ ශීල කථාව වන්නේය. අපගේ ශීල කථාවද පවත්වන්නේය. අපට ඒ කථාවද පහසු වන්නේය. සිත එකඟ කිරීමෙන් සමානත්වයට ගියාවූම අපගේ සිත එකඟ කිරීම සම්බන්ධ කථාව වන්නේය. අපගේ ශීල කථාවද පවත්වන්නේය. අපට ඒ කථාවද පහසු වන්නේය. එසේ හෙයින් මෙබඳු පුද්ගල තෙම සේවනය කළ යුතුය. භජනය කළ යුතුය. ආශ්‍රය තළ යුතුය.
“මහණෙනි, සත්කාරකොට ගරුකොට සේවනය කළයුතු, භජනය කළයුතු, ආශ්‍රය කළයුතු පුද්ගලයා කවරේදරෑ මහණෙනි,මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ශීලයෙන්, සිත එකඟ කිරීමෙන්, ප්‍රඥාවෙන් තමන්ට වඩා උසස් වේද? මහණෙනි.මෙබඳු පුද්ගල තෙම සත්කාරකොට, ගරුකොට සේවනය කළ යුතුය. භජනය කළ යුතුය. ආශ්‍රය කළ යුතුය. ඊට හේතු කවරේද? ‘මෙසේ ආශ්‍රය කිරීමෙන් සම්පූර්ණ නොවූ හෝ ශීල රාශිය සම්පූර්ණ කරන්නෙමි. සම්පූර්ණ කරගත් ශීල රාශියට ඒ ඒ තන්හි උපකාර ධර්ම ආශ්රයෙන් ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි. සම්පූර්ණ නොවූ හෝ සමාධි රාශිය සම්පූර්ණ කරන්නෙමි. සම්පූර්ණවූ හෝ සමාධි රාශියට ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි. සම්පූර්ණ නොවූ හෝ ප්‍රඥා රාශිය සම්පූර්ණ කරන්නෙමි. සම්පූර්ණවූ හෝ ප්‍රඥා රාශියට ඒ ඒ තන්හි නුවණින් අනුබල දෙන්නෙමි’ යි කියායි.
“එසේ හෙයින් මෙබඳු පුද්ගල තෙම සත්කාරකොට, ගරුකොට සේවනය කළ යුතුය. භජනය කළ යුතුය. ආශ්‍රය කළ යුතුය. මහණෙනි, මේ පුද්ගලයන් තුන්දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්’ යයි වදාළ සේක.
“තමන්ට වඩා ගුණයෙන් හීනවූ පුද්ගලයන් සේවනය කරන්නාවූ පුරුෂතෙම පිරිහෙයි. තමන්ට සමාන ගුණ ඇති පුද්ගලයන් සේවනය කරන්නාවූ පුද්ගලයා නොපිරිහේ. ශ්‍රේෂ්ට පුද්ගලයන්ගේ ගතිගුණවලට නැමෙන පුද්ගලයා වහා ගුණයෙන් වැඩෙයි. එසේ හෙයින්, තමන්ට වඩා උතුම් කෙනෙකු ආශ්‍රය කරන්නේය’ යි වදාළසේක.
|
7. ජිගුච්ඡිතබ්බසුත්තං | 7. ජිගුච්ඡිතබ්බ සූත්‍රය |
27
‘‘තයොමෙ
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො අජ්ඣුපෙක්ඛිතබ්බො න සෙවිතබ්බො න භජිතබ්බො න පයිරුපාසිතබ්බො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො කොධනො හොති උපායාසබහුලො
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො සෙවිතබ්බො භජිතබ්බො පයිරුපාසිතබ්බො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො සීලවා හොති කල්යාණධම්මො. එවරූපො, භික්ඛවෙ, පුග්ගලො සෙවිතබ්බො භජිතබ්බො පයිරුපාසිතබ්බො. තං කිස්ස හෙතු? කිඤ්චාපි, භික්ඛවෙ, එවරූපස්ස පුග්ගලස්ස න දිට්ඨානුගතිං ආපජ්ජති, අථ ඛො නං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති - ‘කල්යාණමිත්තො පුරිසපුග්ගලො කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො’ති. තස්මා එවරූපො පුග්ගලො සෙවිතබ්බො භජිතබ්බො පයිරුපාසිතබ්බො. ‘ඉමෙ ඛො, භික්ඛවෙ, තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මි’’’න්ති.
‘‘නිහීයති
න ච හායෙථ කදාචි තුල්යසෙවී;
සෙට්ඨමුපනමං උදෙති ඛිප්පං,
තස්මා අත්තනො උත්තරිං භජෙථා’’ති. සත්තමං;
|
27
“මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර තුන්දෙනෙක්ද යත්. “මහණෙනි, පිළිකුළ් කටයුතුවූ, සේවනය නොකළ යුතුවූ, භජනය නොකළ යුතුවූ, ආශ්‍රය නොකළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය. මහණෙනි, මැදහත් විය යුතුවූ, සේවනය නොකළ යුතුවූ, භජනය නොකළ යුතුවූ, ආශ්‍රය කළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය. මහණෙනි, සේවනය කළ යුතුවූ, භජනය කළ යුතුවූ, ආශ්‍රය කළ යුතුවූ පුද්ගලයෙක් ඇත්තේය.
“මහණෙනි, පිළිකුල් කටයුතුවූ, සේවනය නොකළ යුතුවූ, ආශ්‍රය නොකළ යුතුවූ පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීලවූයේ. ලාමක ස්වභාව ඇත්තේ, අපිරිසිදුවූයේ. සැකයෙන් සිහි කළ යුතු පැවතුම් ඇත්තේ, වැසුණු පව්කම් ඇත්තේ, අශ්‍රමණ වූයේ, ශ්‍රමණයෙකැයි කියා සිටින්නේ, බ්‍රහ්මචාරී නොවූයේ ‘බ්රහ්මචාරියෙමි’ යි කියා සිටින්නේ. ඇතුලත කුණු වූයේ, අපිරිසිදුවූයේ, හටගත් කෙලෙස් කසල ඇත්තේ වේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම පිළිකුල් කටයුතුය. සේවනය නොකළ යුතුය. භජනය නොකළ යුතුය. ආශ්‍රය නොකළ යුතුය.
“ඊට හේතු කවරේද? කිසිසේත් මෙබඳු පුද්ගලයාගේ අදහස් අනුව යාමට නොපැමිණියත්, පුරුෂ පුද්ගල තෙම පවිටු මිතුරන් ඇත්තෙකි. පවිටු යහළුවන් ඇත්තෙකි. පවිටන් කෙරෙහි නැමෙන්නෙකියි අයහපත්වූ අගුණ කථා ශබ්දයක් පැන නගී. මහණෙනි, යම්සේ වනාහි සර්පයෙක් අශූචියකට පැමිණියේ කිසිසේත් දෂ්ට නොකෙරේද, නැවත ඔහු ඇඟ තවරාද, මහණෙනි, එපරිද්දෙන්ම වනාහි කිසිසේත් මෙබඳු පුද්ගලයාගේ අදහස් අනුව නොගියේද, වැලිදු පුරුෂ පුද්ගල තෙම පවිටු මිතුරන් ඇත්තෙකි. පවිටු යහළුවන් ඇත්තෙකි. පවිටන් කෙරෙහි නැමෙන්නෙකියි. අයහපත්වූ අගුණ කථා ශබ්දයක් පැන නගී. එසේ හෙයින් මෙබඳු පුද්ගල තෙම පිළිකුල් කටයුතුය. සෙවනය නොකටයුතුය. ආශ්‍රය නොකටයුතුය.
“මහණෙනි, මධ්‍යස්ථ විය යුතුවූ, සේවනය නොකළ යුතුවූ පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩි ආයාස බහුලකොට ඇත්තේ, ක්‍රෝධ කරණ ස්වභාව ඇත්තේ වේද, ස්වල්පයක් නමුත් කියන ලද්දේ එහි ලැගේද, කිපේද, ප්‍රකෘතිය අත්හරීද, තද බවට පැමිණේද, කෝපයද, ද්වේෂයද, නොසතුටු ආකාරයද, පහළ කෙරේද, මහණෙනි, යම්සේ පුරාණ වණයක් දඬුකඩකින් හෝ කැබිලිත්තකින් හෝ ස්පර්ශ කරණ ලද්දේ බොහෝ සෙයින්ම ලේ සැරව වගුරුවාද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩි ආයාස බහුලකොට ඇත්තේ, ක්‍රෝධ කරණ ස්වභාව ඇත්තේ වේද, ස්වල්පයක් නමුත් කියන ලද්දේ එහි ලැගේද, කිපේද, ප්‍රකෘතිය අත්හරීද, තද බවට පැමිණේද, කෝපයද, ද්වේෂයද, නොසතුටු ආකාරයද, පහළ කෙරේද, මහණෙනි, යම්සේ තිඹිරි පෙනෙල්ලක් දඬුකඩකින් හෝ කැබිලිත්තකින් හෝ ගටන ලද්දේ බොහෝ සෙයින්ම චිට් චිට් යන අනුකරණ ශබ්ද පවත්වාද, චිටි චිටි යන අනුකරණ ශබ්ද පවත්වාද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩි ආයාස බහුලකොට ඇත්තේ, ක්‍රෝධ කරණ ස්වභාව ඇත්තේ වේද, ස්වල්පයක් නමුත් කියන ලද්දේ එහි ලැගේද, කිපේද, ප්‍රකෘතිය අත්හරීද, තද බවට පැමිණේද, කෝපයද, ද්වේෂයද, නොසතුටු ආකාරයද, පහළ කෙරේද, මහණෙනි, යම්සේ අශුචි වලක් දඬුකඩකින් හෝ කැබිලිත්තකින් හෝ ගටනා ලද්දේ බොහෝ සෙයින්ම දුගඳ වේද? මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දැඩි ආයාස බහුලකොට ඇත්තේ, ක්‍රෝධ කරණ ස්වභාව ඇත්තේ වේද, ස්වල්පයක් නමුත් කියන ලද්දේ එහි ලැගේද, කිපේද, ප්‍රකෘතිය අත්හරීද, තද බවට පැමිණේද, කෝපයද, ද්වේෂයද, නොසතුටු ආකාරයද, පහළ කෙරේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම මධ්‍යස්ථ කළ යුතුය. භජනය නොකළ යුතුය. ආශ්‍රය නොකළ යුතුය.
“ඊට හේතු කවරේද? ‘මට ආක්‍රෝශ කරන්නේයයි මට පිරිහෙළා බනින්නේයයිද, මට අනර්‍ත්‍ථයක් කරන් නේයයිද’ කියායි. එසේ හෙයින් මෙබඳු පුද්ගල තෙම මධ්‍යස්ථ කළ යුතුය. සේවනය නොකළ යුතුය. භජනය නොකළ යුතුය. ආශ්‍රය නොකළ යුතුය.
“මහණෙනි, සේවනය කළයුතු, භජනය කළයුතු, ආශ්‍රය කළයුතු පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සිල් ඇත්තේද, යහපත් ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම සේවනය කළ යුතුය. භජනය කළ යුතුය, ආශ්‍රය කළ යුතුය. ඊට හේතු කවරේද? මහණෙනි, කිසිසේත් මෙබඳු පුද්ගලයාගේ ආදර්ශයට නොපැමිණේද, යලිදු ඔහු කරා යහපත්වූ ගුණ කථාවක් උස්ව නඟී. කෙසේද? පුරුෂතෙම යහපත් මිතුරන් ඇත්තෙක. යහපත් යහළුවන් ඇත්තෙක යහපතුන් කෙරෙහි නැමීම ඇත්තෙක කියායි. එසේ හෙයින් මෙබඳු පුද්ගල තෙම සේවනය කළ යුකුය. භජනය කළ යුතුය. ආශ්‍රය කළ යුතුය. මහණෙනි, මේ පුද්ගල තෙම ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
“තමන්ට වඩා ගුණයෙන් හීනවූ පුද්ගලයන් සේවනය කරන්නාවූ පුරුෂතෙම පිරිහෙයි. තමන්ට සමාන ගුණ ඇති පුද්ගලයන් සේවනය කරන්නාවූ පුද්ගලයා නොපිරිහේ. ශ්‍රේෂ්ට පුද්ගලයන්ගේ ගතිගුණවලට නැමෙන පුද්ගලයා වහා ගුණයෙන් වැඩෙයි. එසේ හෙයින්, තමන්ට වඩා උතුම් කෙනෙකු ආශ්‍රය කරන්නේය’ යි වදාළසේක.
|
8. ගූථභාණීසුත්තං | 8. ගුථභාණී සූත්‍රය |
28
‘‘තයොමෙ, භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො පුප්ඵභාණී? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො සභග්ගතො වා පරිසග්ගතො වා ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො - ‘එහම්භො පුරිස, යං පජානාසි තං වදෙහී’ති, සො අජානං වා ආහ ‘න ජානාමී’ති, ජානං වා ආහ ‘ජානාමී’ති, අපස්සං වා ආහ ‘න පස්සාමී’ති, පස්සං වා ආහ ‘පස්සාමී’ති; ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා න සම්පජානමුසා භාසිතා හොති. අයං වුච්චති, භික්ඛවෙ, පුග්ගලො
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො මධුභාණී? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති; යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා තථාරූපිං වාචං භාසිතා හොති. අයං වුච්චති, භික්ඛවෙ, පුග්ගලො මධුභාණී. ඉමෙ ඛො, භික්ඛවෙ, තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මි’’න්ති. අට්ඨමං.
|
28
“මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර තුන්දෙනෙක්ද යත්, ගඳ ගසන කථා කියන පුද්ගලයාය, සුවඳවත් කථා කියන පුද්ගලයාය. මීවැනි මිහිරි කථා කියන පුද්ගලයාය යන තුන් දෙනයි.
“මහණෙනි, ගඳ ගසන කථා කියන පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සභාවකට ගියේ හෝ, පිරිස් මැදට ගියේ හෝ, නෑයන් මැදට ගියේ හෝ, සේනා මධ්‍යයට ගියේ හෝ, රජ කුලයන් මැදට ගියේ හෝ ශාක්ෂි විචාරණ ලද්දේ, ‘එම්බල පුරුෂය, මෙහි එව. යමක් දන්නෙහි නම් එය කියව’ යි අභිමුඛයට පමුණුවන ලද්දේ වේ. හෙතෙම නොදන්නේ, නොදැනම ‘දනිමි’ යි කියයි. දන්නේ හෝ, ‘නොදනිමි’ යි කියයි. නොදක්නේ හෝ, ‘දකිමි’ යි කියයි. දක්නේ හෝ, ‘නොදකිමි’ යි කියයි. මෙසේ තමා හේතුකොටගෙන හෝ අනුන් හේතුකොට ගෙන හෝ කිසියම් ආමිසයක් හේතුකොට ගෙන හෝ දැන දැන බොරු කියන්නේ වේද, මහණෙනි, මේ ගඳ ගසන කථා කියන පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, සුවඳවත් කථා කියන පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සභාවකට ගියේ හෝ, පිරිස් මැදට ගියේ හෝ, නෑයන් මැදට ගියේ හෝ, සේනා මධ්‍යයට ගියේ හෝ, රජ කුලයන් මැදට ගියේ හෝ ශාක්ෂි විචාරණ ලද්දේ, ‘එම්බල පුරුෂය, මෙහි එව. යමක් දන්නෙහි නම් එය කියව’ යි අභිමුඛයට පමුණුවන ලද්දේ වේ. හෙතෙම නොදන්නේ, නොදැනම ‘නොදනිමි’ යි කියයි. දන්නේ හෝ, ‘දනිමි’ යි කියයි. නොදක්නේ හෝ, ‘නොදකිමි’ යි කියයි. දක්නේ හෝ, ‘දකිමි’ යි කියයි. මෙසේ තමා හේතුකොටගෙන හෝ අනුන් හේතුකොට ගෙන හෝ කිසියම් ආමිසයක් හේතුකොට ගෙන හෝ දැන දැන බොරු නොකියන්නේ වේද, මහණෙනි, මේ සුවඳවත් මල් වැනි සත්‍ය කථා කියන පුද්ගලයාය.
“මහණෙනි, මීපැනි වැනි කථා කියන පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඵරුෂවචන අත්හැර, ඵරුෂ වචනයෙන් දුරුවූයේ වේද, නිර්දෝෂවූ, කණට සැපවූ, ප්‍රේමය උපදවන්නාවූ, හිත තුළට වැද ගන්නාවූ, ගුණයෙන් පිරුණාවූ, පුරවාසීන් අතර පැවැත්තාවූ, බොහෝ දෙනා කැමතිවන්නාවූ යම් වචනයක් වේද, එබඳු වචන කියන්නේ වේද, මහණෙනි, මේ මීපැණි වැනි වචන කියන පුද්ගලයායි. මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.”
|
9. අන්ධසුත්තං | 9. අන්ධෙක චක්ඛු සූත්‍රය |
29
‘‘තයොමෙ, භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො? අන්ධො, එකචක්ඛු, ද්විචක්ඛු. කතමො ච, භික්ඛවෙ, පුග්ගලො අන්ධො? ඉධ, භික්ඛවෙ, එකච්චස්ස පුග්ගලස්ස තථාරූපං චක්ඛු න
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො එකචක්ඛු? ඉධ, භික්ඛවෙ, එකච්චස්ස පුග්ගලස්ස තථාරූපං
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො ද්විචක්ඛු? ඉධ, භික්ඛවෙ, එකච්චස්ස පුග්ගලස්ස තථාරූපං චක්ඛු හොති යථාරූපෙන චක්ඛුනා අනධිගතං වා භොගං අධිගච්ඡෙය්ය, අධිගතං වා භොගං ඵාතිං කරෙය්ය; තථාරූපම්පිස්ස චක්ඛු හොති යථාරූපෙන චක්ඛුනා කුසලාකුසලෙ ධම්මෙ ජානෙය්ය; සාවජ්ජානවජ්ජෙ ධම්මෙ ජානෙය්ය, හීනප්පණීතෙ ධම්මෙ ජානෙය්ය, කණ්හසුක්කසප්පටිභාගෙ ධම්මෙ ජානෙය්ය. අයං වුච්චති, භික්ඛවෙ, පුග්ගලො ද්විචක්ඛු. ‘ඉමෙ ඛො, භික්ඛවෙ, තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මි’’’න්ති.
‘‘න චෙව භොගා තථාරූපා, න ච පුඤ්ඤානි කුබ්බති;
උභයත්ථ කලිග්ගාහො, අන්ධස්ස හතචක්ඛුනො.
‘‘අථාපරායං අක්ඛාතො, එකචක්ඛු ච පුග්ගලො;
ධම්මාධම්මෙන සඨොසො
(සංසට්ඨො (සී. ස්‍යා. කං. පී.), සඨොති (ක.)), භොගානි පරියෙසති.
‘‘ථෙය්යෙන කූටකම්මෙන, මුසාවාදෙන චූභයං;
කුසලො හොති සඞ්ඝාතුං
(සංහාතුං (ස්‍යා.)), කාමභොගී ච මානවො;
ඉතො සො නිරයං ගන්ත්වා, එකචක්ඛු විහඤ්ඤති.
‘‘ද්විචක්ඛු පන අක්ඛාතො, සෙට්ඨො පුරිසපුග්ගලො;
ධම්මලද්ධෙහි භොගෙහි, උට්ඨානාධිගතං ධනං.
‘‘දදාති
උපෙති භද්දකං ඨානං, යත්ථ ගන්ත්වා න සොචති.
‘‘අන්ධඤ්ච
ද්විචක්ඛුං
|
29
“මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකයෙහි ඇත. විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක්ද යත්. අන්ධ පුද්ගලයාය, එක ඇසක් ඇති පුද්ගලයාය, දෑසම ඇති පුද්ගලයාය යන තුන් දෙනයි.
“මහණෙනි, අන්ධ පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට යම්බඳුවූ ඇසකින් නොලද්දාවූ හෝ භෝගය ලබන්නේද, ලබනලද හෝ භෝගය වැඩි දියුණු කරන්නේද, එබඳුවූ ඇසක් නොවේද, යම්බඳුවූ ඇසකින් කුශලාකුශල ධර්මයන් දන්නේද, දොස් නිදොස් ධර්මයන් දන්නේද, උස් පහත් ධර්ම දන්නේද, කුශලාකුශල ධර්මයන්ට සමාන කොටස් ඇති ධර්මයන් දන්නේද, එබඳුවූ ඇසක්ද ඕහට නොවේද, මහණෙනි, මේ අන්ධ පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, එක් ඇසක් ඇති පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට යම්බඳුවූ ඇසකින් නොලද්දාවූ භෝගය ලබන්නේද, ලබන ලද හෝ භෝගය වැඩි දියුණු කරන්නේද, එබඳුවූ ඇසක් ඇත්තේය. යම්බඳුවූ ඇසකින් කුශලාකුශල ධර්මයන් දන්නේද, වරද, නිවරද ධර්මයන් දන්නේද, උස් පහත් ධර්මයන් දන්නේද, කුශලාකුශල ධර්මයන්ට සමාන කොටස් ඇති ධර්මයන් දන්නේද, ඔහුට එබඳු ඇස නැත්තේද, මහණෙනි, මේ එක් ඇසක් ඇති පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, ඇස් දෙකම ඇති පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට යම්බඳුවූ ඇසකින් නොලද් වස්තු ලබන්නේද, ලත් වස්තු වැඩි දියුණු කරන්නේද, එබඳුවූ ඇසද ඇත්තේ වේද. යම්බඳුවූ ඇසකින් කුශලාකුශල ධර්මයන් දන්නේද, වරද, නිවරද ධර්මයන් දන්නේද, උස් පහත් ධර්මයන් දන්නේද, කුශලාකුශල ධර්මයන්ට සමාන කොටස් ඇති ධර්මයන් දන්නේද, එබඳු ඇසද ඇත්තේ වේද, මහණෙනි, මේ ඇස් දෙකම ඇති පුද්ගලයාය. මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.”
“එබඳුවූ (එතරම්) වස්තුවක් නැත්තේද, පින්ද නොකෙරේද, නැසුණාවූ ඇස් ඇති අන්ධයාහට මෙලොව, පරලොව දෙක්හිම පරාජය ඇතිවෙයි.
“නැවත, එක් ඇසක් ඇති පුද්ගලයා කියන ලද්දේ වෙයි. (හෙතෙම) ධර්මයෙන්ද, අධර්මයෙන්ද, මිශ්‍රව වස්තුව සපයයි.
“(කෙසේද) කම්සැප විඳින මිනිස් තෙමේ සොරකමින්ද, කපටිකමින්ද, බොරු කීමෙන්ද, සොරකමින්ද යන දෙකින් වස්තුව රැස් කිරීමට දක්ෂයෙක් වේ. ඒ එකැස් ඇත්තාවූ පුරුෂතෙම මෙයින් නරකයට ගොස් වැනසේ.
ඇස් දෙකම ඇති පුද්ගලයා ශ්‍රේෂ්ඨවූ පුරුෂ පුදගලයායයි කියනු ලැබේද, උතුම් අදහස් ඇත්තාවූ සැක නොකටයුතු සිත් ඇත්තාවූ, ඒ මනුෂ්‍යතෙම, වීර්‍ය්‍යයෙන්, ධර්මයෙන් ලැබූ ධනය දෙයි. යම් තැනෙකට පැමිණ ශෝක නොකෙරේනම්, ඒ උතුම් ස්ථානයට පැමිණ ශෝක නොකෙරෙයි.
අන්ධයාද, එකැස් ඇත්තාද, දුරින් දුරු කරන්නේය. ශ්‍රේෂඨ පුරුෂ පුද්ගලවූ ඇස් දෙකම ඇති පුද්ගලයා සේවනය කරන්නේය” යි වදාළ සේක.
|
10. අවකුජ්ජසුත්තං | 10. අවකුජ්ජපඤ්ඤ සූත්‍රය |
30
‘‘තයොමෙ
‘‘කතමො ච, භික්ඛවෙ, උච්ඡඞ්ගපඤ්ඤො පුග්ගලො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො ආරාමං ගන්තා හොති අභික්ඛණං භික්ඛූනං සන්තිකෙ ධම්මස්සවනාය. තස්ස භික්ඛූ ධම්මං දෙසෙන්ති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙන්ති. සො තස්මිං ආසනෙ නිසින්නො තස්සා කථාය ආදිම්පි මනසි කරොති, මජ්ඣම්පි මනසි කරොති, පරියොසානම්පි මනසි කරොති; වුට්ඨිතො ච ඛො තම්හා ආසනා තස්සා කථාය නෙවාදිං මනසි කරොති, න මජ්ඣං මනසි කරොති, න පරියොසානං මනසි කරොති. සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසස්ස උච්ඡඞ්ගෙ නානාඛජ්ජකානි ආකිණ්ණානි - තිලා
‘‘කතමො ච, භික්ඛවෙ, පුථුපඤ්ඤො පුග්ගලො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො ආරාමං ගන්තා හොති අභික්ඛණං භික්ඛූනං
‘‘අවකුජ්ජපඤ්ඤො පුරිසො, දුම්මෙධො අවිචක්ඛණො;
අභික්ඛණම්පි චෙ හොති, ගන්තා භික්ඛූන සන්තිකෙ.
‘‘ආදිං
උග්ගහෙතුං න සක්කොති, පඤ්ඤා හිස්ස න විජ්ජති.
‘‘උච්ඡඞ්ගපඤ්ඤො
අභික්ඛණම්පි චෙ හොති, ගන්තා භික්ඛූන සන්තිකෙ.
‘‘ආදිං කථාය මජ්ඣඤ්ච, පරියොසානඤ්ච තාදිසො;
නිසින්නො ආසනෙ තස්මිං, උග්ගහෙත්වාන බ්යඤ්ජනං;
වුට්ඨිතො නප්පජානාති, ගහිතං හිස්ස
(ගහිතම්පිස්ස (ක.)) මුස්සති.
‘‘පුථුපඤ්ඤො ච පුරිසො, සෙය්යො එතෙහි
(එතෙන (ක.)) වුච්චති;
අභික්ඛණම්පි චෙ හොති, ගන්තා භික්ඛූන සන්තිකෙ.
‘‘ආදිං කථාය මජ්ඣඤ්ච, පරියොසානඤ්ච තාදිසො;
නිසින්නො ආසනෙ තස්මිං, උග්ගහෙත්වාන බ්යඤ්ජනං.
‘‘ධාරෙති සෙට්ඨසඞ්කප්පො, අබ්යග්ගමානසො නරො;
ධම්මානුධම්මප්පටිපන්නො, දුක්ඛස්සන්තකරො සියා’’ති. දසමං;
|
30
“මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක්ද යත්, යටට නැමුණු නුවණ ඇති පුද්ගලයාය, ඔඩොක්කුවට සමාන නුවණ ඇති පුද්ගලයාය, පැතුරුණාවූ නුවණ ඇති පුද්ගලයාය යන තුන් දෙනයි.
“මහණෙනි, යටට නැමුණු ප්‍රඥා ඇති පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර භික්ෂූන්ගේ සමීපයෙහි ධර්මශ්රවණය පිණිස ආරාමයට යන්නේ වෙයි. ඔහුට භික්ෂූහු, මුල යහපත්වූද, මැද යහපත්වූද, අවසන යහපත්වූද, ධර්මය, අර්ත්ථ සහිතවූ, අක්ෂර ව්‍යඤ්ජන සහිතවූ, සියල්ලෙන් සම්පූර්ණවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව දේශනා කෙරෙද්ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ, ඒ කථාවෙහි මුල, මැද, අග මෙනෙහි නොකරයි. ඒ අස්නෙන් නැගිට්ටේ ද මෙනෙහි නොකරයි.
“මහණෙනි, යම්සේ වනාහි යටිකුරුකොට තැබූ කලයක් වේද, එහි වත්කරණ ලද්දාවූ ජලය ඉවත වැටෙයිද, රඳා නොසිටීද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර භික්ෂූන්ගේ සමීපයෙහි ධර්මශ්රවණය පිණිස ආරාමයට යන්නේ වෙයි. ඔහුට භික්ෂූහු, මුල යහපත්වූද, මැද යහපත්වූද, අවසන යහපත්වූද, ධර්මය, අර්ත්ථ සහිතවූ, අක්ෂර ව්‍යඤ්ජන සහිතවූ, සියල්ලෙන් සම්පූර්ණවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව දේශනා කෙරෙද්ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ, ඒ කථාවෙහි මුල, මැද, අග මෙනෙහි නොකරයි ද, ඒ අස්නෙන් නැගිට්ටේ ද මෙනෙහි නොකරයි ද, මහණෙනි, මේ යටිකුරුවූ නුවණ ඇති පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, ඔඩොක්කුවට බඳු නුවණ ඇති පුද්ගලයා කවරේද, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර භික්ෂූන්ගේ සමීපයෙහි ධර්මශ්රවණය පිණිස ආරාමයට යන්නේ වෙයි. ඔහුට භික්ෂූහු, මුල යහපත්වූද, මැද යහපත්වූද, අවසන යහපත්වූද, ධර්මය, අර්ත්ථ සහිතවූ, අක්ෂර ව්‍යඤ්ජන සහිතවූ, සියල්ලෙන් සම්පූර්ණවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව දේශනා කෙරෙද්ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ, ඒ කථාවෙහි මුල, මැද, අග මෙනෙහි කරයි. ඒ අස්නෙන් නැගිට්ටේ මෙනෙහි නොකරයි.
“මහණෙනි, යම්සේ පුරුෂයාගේ ඔඩොක්කුවෙහි තල, සහල්, අක්සුණු, ඩෙබර, යන නොයෙක් කැවිලි දාගන්නාහු වෙත්ද, හෙතෙම ඒ ආසනයෙන් සිහි මුළාවෙන් නැගිට්ටේ, සිහි මුළාවෙන් ඒ ඛාද්‍යාදිය විසිරෙන්නේය. මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර භික්ෂූන්ගේ සමීපයෙහි ධර්මශ්රවණය පිණිස ආරාමයට යන්නේ වෙයි. ඔහුට භික්ෂූහු, මුල යහපත්වූද, මැද යහපත්වූද, අවසන යහපත්වූද, ධර්මය, අර්ත්ථ සහිතවූ, අක්ෂර ව්‍යඤ්ජන සහිතවූ, සියල්ලෙන් සම්පූර්ණවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව දේශනා කෙරෙද්ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ, ඒ කථාවෙහි මුල, මැද, අග මෙනෙහි කරයි ද, ඒ අස්නෙන් නැගිට්ටේ මෙනෙහි නොකරයි ද, මහණෙනි, මේ ඔඩොක්කුවට බඳු ප්‍රඥා ඇත්තාවූ පුද්ගලයායි.
“මහණෙනි, පැතුරුණාවූ ප්‍රඥා ඇති පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර භික්ෂූන්ගේ සමීපයෙහි ධර්මශ්රවණය පිණිස ආරාමයට යන්නේ වෙයි. ඔහුට භික්ෂූහු, මුල යහපත්වූද, මැද යහපත්වූද, අවසන යහපත්වූද, ධර්මය, අර්ත්ථ සහිතවූ, අක්ෂර ව්‍යඤ්ජන සහිතවූ, සියල්ලෙන් සම්පූර්ණවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව දේශනා කෙරෙද්ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ, ඒ කථාවෙහි මුල, මැද, අග මෙනෙහි කරයි. ඒ අස්නෙන් නැගිට්ටේ ද මෙනෙහි කරයි.
“මහණෙනි, යම්සේ කලයක් මුව උඩුකුරුකොට තබන ලද්දේ, එහි වත්කරණලද ජලය රැඳී සිටීද, නොවැගිරේද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර භික්ෂූන්ගේ සමීපයෙහි ධර්මශ්රවණය පිණිස ආරාමයට යන්නේ වෙයි. ඔහුට භික්ෂූහු, මුල යහපත්වූද, මැද යහපත්වූද, අවසානය යහපත්වූද, ධර්මය, අර්ත්ථ සහිතවූ, අක්ෂර ව්‍යඤ්ජන සහිතවූ, සියල්ලෙන් සම්පූර්ණවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව දේශනා කෙරෙද්ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ, ඒ කථාවෙහි මුල, මැද, අග මෙනෙහි කරයි ද, ඒ අස්නෙන් නැගිට්ටේ ද මෙනෙහි කරයි ද, මහණෙනි, මේ පැතුරුණාවූ ප්‍රඥා ඇති පුද්ගලයායයි කියණු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
“නුවණ නැත්තාවූ, විචක්ෂණ නොවූ, යටිකුරු කළ ප්‍රඥා ඇත්තාවූ, පුරුෂ තෙම, ඉදින් නිතරද භික්ෂූන් වෙත යන්නේ වේද,
“එබඳුවූ පුරුෂතෙම ධර්ම කථාවෙහි මුලද, මැදද, අගද ඉගෙනීමට නොහැකිවේ. ඔහුට නුවණ නැත.
“ඇකයට, (ඔඩොක්කුවට) සමාන ප්‍රඥාව ඇත්තාවූ පුරුෂතෙම මොහුට වඩා (යටිකුරු ප්‍රඥා ඇත්තහුට වඩා) උතුම්යයි කියණු ලැබේ. ඉදින් භික්ෂූන් වෙත නිරතුරුද යන්නේ වේද,
“එබඳුවූ පුරුෂතෙම ධර්ම කථාවෙහි මුලද, මැදද, අගද, එම අස්නෙහි හුන්නේ, ඉගෙන (එම අස්නෙන්) නැගී සිටියේ නොදනී. ඔහු විසින් ඉගෙන ගන්නා ලද්දද වැනසේ.
“පැතුරුණු ප්‍රඥාව ඇති පුරුෂතෙම මොවුන් දෙදෙනාට වඩා ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ. ඉදින් භික්ෂූන් වෙත යන්නේ වේද,
“එබඳුවූ පුරුෂතෙම ඒ ආසනයෙහි සිට ඒ බණෙහි මුලද, මැදද, අගද උගෙණ දරයි. උතුම් අදහස් ඇත්තාවූ, සැක නොකළයුතු සිත් ඇත්තාවූ මනුෂ්‍යතෙම ධර්මානුධර්ම ප්රතිපන්නවූයේ, දුක් කෙළවර කරන්නෙක් වන්නේය.”
|