ත්‍රිපිටකය
3. පුග්ගලවග්ගො 3. පුග්ගල වර්‍ගය
1. සමිද්ධසුත්තං 1. සමිද්‍ධ (හෝ) සවිට්ඨ සූත්‍රය
2. ගිලානසුත්තං 2. ගිලානොපම සූත්‍රය
3. සඞ්ඛාරසුත්තං 3. අභිසංකරණ සූත්‍රය
4. බහුකාරසුත්තං 4. බහුකාරපුග්ගල සූත්‍රය
5. වජිරූපමසුත්තං 5. අරුකූපම සූත්‍රය
6. සෙවිතබ්බසුත්තං 6. නසේවිතබ්බ සූත්‍රය
7. ජිගුච්ඡිතබ්බසුත්තං 7. ජිගුච්ඡිතබ්බ සූත්‍රය
8. ගූථභාණීසුත්තං 8. ගුථභාණී සූත්‍රය
9. අන්ධසුත්තං 9. අන්‍ධෙක චක්ඛු සූත්‍රය
10. අවකුජ්ජසුත්තං 10. අවකුජ්ජපඤ්ඤ සූත්‍රය
30
‘‘තයොමෙ , භික්ඛවෙ (පු. ප. 107-108), පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො? අවකුජ්ජපඤ්ඤො පුග්ගලො, උච්ඡඞ්ගපඤ්ඤො පුග්ගලො, පුථුපඤ්ඤො පුග්ගලො. කතමො ච, භික්ඛවෙ, අවකුජ්ජපඤ්ඤො පුග්ගලො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො ආරාමං ගන්තා හොති අභික්ඛණං භික්ඛූනං සන්තිකෙ ධම්මස්සවනාය. තස්ස භික්ඛූ ධම්මං දෙසෙන්ති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙන්ති. සො තස්මිං ආසනෙ නිසින්නො තස්සා කථාය නෙව ආදිං මනසි කරොති, න මජ්ඣං මනසි කරොති, න පරියොසානං මනසි කරොති; වුට්ඨිතොපි තම්හා ආසනා තස්සා කථාය නෙව ආදිං මනසි කරොති, න මජ්ඣං මනසි කරොති, න පරියොසානං මනසි කරොති. සෙය්‍යථාපි, භික්ඛවෙ, කුම්භො නික්කුජ්ජො (නික්කුජ්ජො (සී. පී.)) තත්‍ර උදකං ආසිත්තං විවට්ටති, නො සණ්ඨාති; එවමෙවං ඛො, භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො ආරාමං ගන්තා හොති අභික්ඛණං භික්ඛූනං සන්තිකෙ ධම්මස්සවනාය. තස්ස භික්ඛූ ධම්මං දෙසෙන්ති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙන්ති. සො තස්මිං ආසනෙ නිසින්නො තස්සා කථාය නෙව ආදිං මනසි කරොති, න මජ්ඣං මනසි කරොති, න පරියොසානං මනසි කරොති; වුට්ඨිතොපි තම්හා ආසනා තස්සා කථාය නෙවාදිං මනසි කරොති, න මජ්ඣං මනසි කරොති, න පරියොසානං මනසි කරොති. අයං වුච්චති, භික්ඛවෙ, අවකුජ්ජපඤ්ඤො පුග්ගලො.
‘‘කතමො ච, භික්ඛවෙ, උච්ඡඞ්ගපඤ්ඤො පුග්ගලො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො ආරාමං ගන්තා හොති අභික්ඛණං භික්ඛූනං සන්තිකෙ ධම්මස්සවනාය. තස්ස භික්ඛූ ධම්මං දෙසෙන්ති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙන්ති. සො තස්මිං ආසනෙ නිසින්නො තස්සා කථාය ආදිම්පි මනසි කරොති, මජ්ඣම්පි මනසි කරොති, පරියොසානම්පි මනසි කරොති; වුට්ඨිතො ච ඛො තම්හා ආසනා තස්සා කථාය නෙවාදිං මනසි කරොති, න මජ්ඣං මනසි කරොති, න පරියොසානං මනසි කරොති. සෙය්‍යථාපි, භික්ඛවෙ, පුරිසස්ස උච්ඡඞ්ගෙ නානාඛජ්ජකානි ආකිණ්ණානි - තිලා තණ්ඩුලා මොදකා බදරා. සො තම්හා ආසනා වුට්ඨහන්තො සතිසම්මොසා පකිරෙය්‍ය . එවමෙවං ඛො, භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො ආරාමං ගන්තා හොති අභික්ඛණං භික්ඛූනං සන්තිකෙ ධම්මස්සවනාය. තස්ස භික්ඛූ ධම්මං දෙසෙන්ති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙන්ති. සො තස්මිං ආසනෙ නිසින්නො තස්සා කථාය ආදිම්පි මනසි කරොති, මජ්ඣම්පි මනසි කරොති, පරියොසානම්පි මනසි කරොති; වුට්ඨිතො ච ඛො තම්හා ආසනා තස්සා කථාය නෙව ආදිං මනසි කරොති, න මජ්ඣං මනසි කරොති, න පරියොසානං මනසි කරොති. අයං වුච්චති, භික්ඛවෙ, උච්ඡඞ්ගපඤ්ඤො පුග්ගලො.
‘‘කතමො ච, භික්ඛවෙ, පුථුපඤ්ඤො පුග්ගලො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො ආරාමං ගන්තා හොති අභික්ඛණං භික්ඛූනං සන්තිකෙ ධම්මස්සවනාය. තස්ස භික්ඛූ ධම්මං දෙසෙන්ති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙන්ති. සො තස්මිං ආසනෙ නිසින්නො තස්සා කථාය ආදිම්පි මනසි කරොති, මජ්ඣම්පි මනසි කරොති, පරියොසානම්පි මනසි කරොති; වුට්ඨිතොපි තම්හා ආසනා තස්සා කථාය ආදිම්පි මනසි කරොති, මජ්ඣම්පි මනසි කරොති, පරියොසානම්පි මනසි කරොති. සෙය්‍යථාපි, භික්ඛවෙ, කුම්භො උක්කුජ්ජො තත්‍ර උදකං ආසිත්තං සණ්ඨාති නො විවට්ටති; එවමෙවං ඛො, භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො ආරාමං ගන්තා හොති අභික්ඛණං භික්ඛූනං සන්තිකෙ ධම්මස්සවනාය. තස්ස භික්ඛූ ධම්මං දෙසෙන්ති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙන්ති. සො තස්මිං ආසනෙ නිසින්නො තස්සා කථාය ආදිම්පි මනසි කරොති, මජ්ඣම්පි මනසි කරොති, පරියොසානම්පි මනසි කරොති; වුට්ඨිතොපි තම්හා ආසනා තස්සා කථාය ආදිම්පි මනසි කරොති, මජ්ඣම්පි මනසි කරොති, පරියොසානම්පි මනසි කරොති. අයං වුච්චති, භික්ඛවෙ, පුථුපඤ්ඤො පුග්ගලො. ‘ඉමෙ ඛො, භික්ඛවෙ, තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මි’’’න්ති.
‘‘අවකුජ්ජපඤ්ඤො පුරිසො, දුම්මෙධො අවිචක්ඛණො;
අභික්ඛණම්පි චෙ හොති, ගන්තා භික්ඛූන සන්තිකෙ.
‘‘ආදිං කථාය මජ්ඣඤ්ච, පරියොසානඤ්ච තාදිසො;
උග්ගහෙතුං න සක්කොති, පඤ්ඤා හිස්ස න විජ්ජති.
‘‘උච්ඡඞ්ගපඤ්ඤො පුරිසො, සෙය්‍යො එතෙන වුච්චති;
අභික්ඛණම්පි චෙ හොති, ගන්තා භික්ඛූන සන්තිකෙ.
‘‘ආදිං කථාය මජ්ඣඤ්ච, පරියොසානඤ්ච තාදිසො;
නිසින්නො ආසනෙ තස්මිං, උග්ගහෙත්වාන බ්‍යඤ්ජනං;
වුට්ඨිතො නප්පජානාති, ගහිතං හිස්ස (ගහිතම්පිස්ස (ක.)) මුස්සති.
‘‘පුථුපඤ්ඤො ච පුරිසො, සෙය්‍යො එතෙහි (එතෙන (ක.)) වුච්චති;
අභික්ඛණම්පි චෙ හොති, ගන්තා භික්ඛූන සන්තිකෙ.
‘‘ආදිං කථාය මජ්ඣඤ්ච, පරියොසානඤ්ච තාදිසො;
නිසින්නො ආසනෙ තස්මිං, උග්ගහෙත්වාන බ්‍යඤ්ජනං.
‘‘ධාරෙති සෙට්ඨසඞ්කප්පො, අබ්‍යග්ගමානසො නරො;
ධම්මානුධම්මප්පටිපන්නො, දුක්ඛස්සන්තකරො සියා’’ති. දසමං;
30
“මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක්ද යත්, යටට නැමුණු නුවණ ඇති පුද්ගලයාය, ඔඩොක්කුවට සමාන නුවණ ඇති පුද්ගලයාය, පැතුරුණාවූ නුවණ ඇති පුද්ගලයාය යන තුන් දෙනයි.
“මහණෙනි, යටට නැමුණු ප්‍රඥා ඇති පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර භික්‍ෂූන්ගේ සමීපයෙහි ධර්‍මශ්‍රවණය පිණිස ආරාමයට යන්නේ වෙයි. ඔහුට භික්‍ෂූහු, මුල යහපත්වූද, මැද යහපත්වූද, අවසන යහපත්වූද, ධර්මය, අර්ත්‍ථ සහිතවූ, අක්‍ෂර ව්‍යඤ්ජන සහිතවූ, සියල්ලෙන් සම්පූර්‍ණවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව දේශනා කෙරෙද්ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ, ඒ කථාවෙහි මුල, මැද, අග මෙනෙහි නොකරයි. ඒ අස්නෙන් නැගිට්ටේ ද මෙනෙහි නොකරයි.
“මහණෙනි, යම්සේ වනාහි යටිකුරුකොට තැබූ කලයක් වේද, එහි වත්කරණ ලද්දාවූ ජලය ඉවත වැටෙයිද, රඳා නොසිටීද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර භික්‍ෂූන්ගේ සමීපයෙහි ධර්‍මශ්‍රවණය පිණිස ආරාමයට යන්නේ වෙයි. ඔහුට භික්‍ෂූහු, මුල යහපත්වූද, මැද යහපත්වූද, අවසන යහපත්වූද, ධර්මය, අර්ත්‍ථ සහිතවූ, අක්‍ෂර ව්‍යඤ්ජන සහිතවූ, සියල්ලෙන් සම්පූර්‍ණවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව දේශනා කෙරෙද්ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ, ඒ කථාවෙහි මුල, මැද, අග මෙනෙහි නොකරයි ද, ඒ අස්නෙන් නැගිට්ටේ ද මෙනෙහි නොකරයි ද, මහණෙනි, මේ යටිකුරුවූ නුවණ ඇති පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, ඔඩොක්කුවට බඳු නුවණ ඇති පුද්ගලයා කවරේද, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර භික්‍ෂූන්ගේ සමීපයෙහි ධර්‍මශ්‍රවණය පිණිස ආරාමයට යන්නේ වෙයි. ඔහුට භික්‍ෂූහු, මුල යහපත්වූද, මැද යහපත්වූද, අවසන යහපත්වූද, ධර්මය, අර්ත්‍ථ සහිතවූ, අක්‍ෂර ව්‍යඤ්ජන සහිතවූ, සියල්ලෙන් සම්පූර්‍ණවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව දේශනා කෙරෙද්ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ, ඒ කථාවෙහි මුල, මැද, අග මෙනෙහි කරයි. ඒ අස්නෙන් නැගිට්ටේ මෙනෙහි නොකරයි.
“මහණෙනි, යම්සේ පුරුෂයාගේ ඔඩොක්කුවෙහි තල, සහල්, අක්සුණු, ඩෙබර, යන නොයෙක් කැවිලි දාගන්නාහු වෙත්ද, හෙතෙම ඒ ආසනයෙන් සිහි මුළාවෙන් නැගිට්ටේ, සිහි මුළාවෙන් ඒ ඛාද්‍යාදිය විසිරෙන්නේය. මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර භික්‍ෂූන්ගේ සමීපයෙහි ධර්‍මශ්‍රවණය පිණිස ආරාමයට යන්නේ වෙයි. ඔහුට භික්‍ෂූහු, මුල යහපත්වූද, මැද යහපත්වූද, අවසන යහපත්වූද, ධර්මය, අර්ත්‍ථ සහිතවූ, අක්‍ෂර ව්‍යඤ්ජන සහිතවූ, සියල්ලෙන් සම්පූර්‍ණවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව දේශනා කෙරෙද්ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ, ඒ කථාවෙහි මුල, මැද, අග මෙනෙහි කරයි ද, ඒ අස්නෙන් නැගිට්ටේ මෙනෙහි නොකරයි ද, මහණෙනි, මේ ඔඩොක්කුවට බඳු ප්‍රඥා ඇත්තාවූ පුද්ගලයායි.
“මහණෙනි, පැතුරුණාවූ ප්‍රඥා ඇති පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර භික්‍ෂූන්ගේ සමීපයෙහි ධර්‍මශ්‍රවණය පිණිස ආරාමයට යන්නේ වෙයි. ඔහුට භික්‍ෂූහු, මුල යහපත්වූද, මැද යහපත්වූද, අවසන යහපත්වූද, ධර්මය, අර්ත්‍ථ සහිතවූ, අක්‍ෂර ව්‍යඤ්ජන සහිතවූ, සියල්ලෙන් සම්පූර්‍ණවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව දේශනා කෙරෙද්ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ, ඒ කථාවෙහි මුල, මැද, අග මෙනෙහි කරයි. ඒ අස්නෙන් නැගිට්ටේ ද මෙනෙහි කරයි.
“මහණෙනි, යම්සේ කලයක් මුව උඩුකුරුකොට තබන ලද්දේ, එහි වත්කරණලද ජලය රැඳී සිටීද, නොවැගිරේද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර භික්‍ෂූන්ගේ සමීපයෙහි ධර්‍මශ්‍රවණය පිණිස ආරාමයට යන්නේ වෙයි. ඔහුට භික්‍ෂූහු, මුල යහපත්වූද, මැද යහපත්වූද, අවසානය යහපත්වූද, ධර්මය, අර්ත්‍ථ සහිතවූ, අක්‍ෂර ව්‍යඤ්ජන සහිතවූ, සියල්ලෙන් සම්පූර්‍ණවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව දේශනා කෙරෙද්ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ, ඒ කථාවෙහි මුල, මැද, අග මෙනෙහි කරයි ද, ඒ අස්නෙන් නැගිට්ටේ ද මෙනෙහි කරයි ද, මහණෙනි, මේ පැතුරුණාවූ ප්‍රඥා ඇති පුද්ගලයායයි කියණු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
“නුවණ නැත්තාවූ, විචක්‍ෂණ නොවූ, යටිකුරු කළ ප්‍රඥා ඇත්තාවූ, පුරුෂ තෙම, ඉදින් නිතරද භික්‍ෂූන් වෙත යන්නේ වේද,
“එබඳුවූ පුරුෂතෙම ධර්‍ම කථාවෙහි මුලද, මැදද, අගද ඉගෙනීමට නොහැකිවේ. ඔහුට නුවණ නැත.
“ඇකයට, (ඔඩොක්කුවට) සමාන ප්‍රඥාව ඇත්තාවූ පුරුෂතෙම මොහුට වඩා (යටිකුරු ප්‍රඥා ඇත්තහුට වඩා) උතුම්යයි කියණු ලැබේ. ඉදින් භික්‍ෂූන් වෙත නිරතුරුද යන්නේ වේද,
“එබඳුවූ පුරුෂතෙම ධර්‍ම කථාවෙහි මුලද, මැදද, අගද, එම අස්නෙහි හුන්නේ, ඉගෙන (එම අස්නෙන්) නැගී සිටියේ නොදනී. ඔහු විසින් ඉගෙන ගන්නා ලද්දද වැනසේ.
“පැතුරුණු ප්‍රඥාව ඇති පුරුෂතෙම මොවුන් දෙදෙනාට වඩා ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ. ඉදින් භික්‍ෂූන් වෙත යන්නේ වේද,
“එබඳුවූ පුරුෂතෙම ඒ ආසනයෙහි සිට ඒ බණෙහි මුලද, මැදද, අගද උගෙණ දරයි. උතුම් අදහස් ඇත්තාවූ, සැක නොකළයුතු සිත් ඇත්තාවූ මනුෂ්‍යතෙම ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්නවූයේ, දුක් කෙළවර කරන්නෙක් වන්නේය.”