ත්‍රිපිටකය
2. රථකාරවග්ගො 2. රථකාර වර්‍ගය
1. ඤාතසුත්තං 1. ඤාතභික්ඛු සූත්‍රය
2. සාරණීයසුත්තං 2. යාවජීව සරණීය සූත්‍රය
3. ආසංසසුත්තං 3. නිරාස සූත්‍රය
4. චක්කවත්තිසුත්තං 4. අරාජක චක්ක සූත්‍රය
5. සචෙතනසුත්තං 5. පචෙතන සූත්‍රය
6. අපණ්ණකසුත්තං 6. අපණ්ණක පටිපදා සූත්‍රය
7. අත්තබ්‍යාබාධසුත්තං 7. ව්‍යාබාධ සංවත්තන සූත්‍රය
8. දෙවලොකසුත්තං 8. දෙවලොකුප්පත්ති සූත්‍රය
9. පඨමපාපණිකසුත්තං 9. පාපනික සූත්‍රය
19
‘‘තීහි , භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො පාපණිකො අභබ්බො අනධිගතං වා භොගං අධිගන්තුං, අධිගතං වා භොගං ඵාතිං කාතුං. කතමෙහි තීහි? ඉධ, භික්ඛවෙ, පාපණිකො පුබ්බණ්හසමයං (මජ්ඣන්තිකසමයං (සී. ස්‍යා. කං. පී.)) න සක්කච්චං කම්මන්තං අධිට්ඨාති, මජ්ඣන්හිකසමයං න සක්කච්චං කම්මන්තං අධිට්ඨාති, සායන්හසමයං න සක්කච්චං කම්මන්තං අධිට්ඨාති. ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි අඞ්ගෙහි සමන්නාගතො පාපණිකො අභබ්බො අනධිගතං වා භොගං අධිගන්තුං, අධිගතං වා භොගං ඵාතිං කාතුං (ඵාතිකත්තුං (සී.), ඵාතිකාතුං (ස්‍යා. කං. පී.)).
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං, අධිගතං වා කුසලං ධම්මං ඵාතිං කාතුං. කතමෙහි තීහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු පුබ්බණ්හසමයං න සක්කච්චං සමාධිනිමිත්තං අධිට්ඨාති, මජ්ඣන්හිකසමයං න සක්කච්චං සමාධිනිමිත්තං අධිට්ඨාති, සායන්හසමයං න සක්කච්චං සමාධිනිමිත්තං අධිට්ඨාති. ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං, අධිගතං වා කුසලං ධම්මං ඵාතිං කාතුං.
‘‘තීහි , භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො පාපණිකො භබ්බො අනධිගතං වා භොගං අධිගන්තුං, අධිගතං වා භොගං ඵාතිං කාතුං. කතමෙහි තීහි? ඉධ , භික්ඛවෙ, පාපණිකො පුබ්බණ්හසමයං සක්කච්චං කම්මන්තං අධිට්ඨාති, මජ්ඣන්හිකසමයං...පෙ.... සායන්හසමයං සක්කච්චං කම්මන්තං අධිට්ඨාති. ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි අඞ්ගෙහි සමන්නාගතො පාපණිකො භබ්බො අනධිගතං වා භොගං අධිගන්තුං, අධිගතං වා භොගං ඵාතිං කාතුං.
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං, අධිගතං වා කුසලං ධම්මං ඵාතිං කාතුං. කතමෙහි තීහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු පුබ්බණ්හසමයං සක්කච්චං සමාධිනිමිත්තං අධිට්ඨාති, මජ්ඣන්හිකසමයං...පෙ.... සායන්හසමයං සක්කච්චං සමාධිනිමිත්තං අධිට්ඨාති. ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං, අධිගතං වා කුසලං ධම්මං ඵාතිං කාතු’’න්ති. නවමං.
19
“මහණෙනි, කරුණු තුනකින් යුක්තවූ වෙළඳ තෙම නොලැබූ ධන ලැබීමට හෝ, ලැබූ ධනය දියුණු කිරීමට හෝ සුදුසු නොවේ. කවර තුනකින්ද? මහණෙනි, මේ ලෝකයෙහි වෙළඳ තෙම උදය කාලයෙහි මනාව කටයුතු නොකරයිද, දවල් කාලයෙහි මනාව කටයුතු නොකරයිද, සවස් කාලයෙහි මනාව කටයුතු නොකරයිද, මහණෙනි, මේ අංග තුනෙන් යුත් වෙළඳ තෙම නොලැබූ ධන ලැබීමට හෝ, ලැබූ ධනය දියුණු කිරීමට හෝ සුදුසු නොවේ.
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි ධර්‍ම තුනකින් යුක්තවූ මහණතෙම නොලැබූ කුසල් ලබන්ටද, ලැබූ කුසල් දියුණු කරන්ටද සුදුසු නොවේ. කවර අඞ්ග තුනකින්ද? මහණෙනි, මහණතෙමේ උදය කාලයෙහි සමාධි අරමුණු මනාකොට නොවඩයිද, දවල් කාලයෙහි මනාකොට සමාධි නිමිත්ත නොවඩයිද, සවස් කාලයෙහි මනාකොට සමාධි නිමිත්ත නොවඩයිද, මහණෙනි, මේ ධර්‍ම තුනෙන් යුත් මහණ තෙමේ නොලැබූ කුශල ධර්‍ම ලැබීමට හෝ, ලැබූ කුශල ධර්‍ම දියුණු කිරීමට හෝ සුදුසු නොවේ.
“මහණෙනි, කරුණු තුනකින් යුත් වෙළඳ තෙමේ නොලැබූ ධනය ලැබීමටත් ලැබූ ධනය දියුණු කිරීමටත් සුදුසු වෙයි. කවර තුනකින්ද? මහණෙනි, වෙළඳ තෙමේ උදය කාලයෙහි මනාකොට කටයුතු කරයිද, දවල් කාලයෙහි මනාකොට කටයුතු කරයිද, සවස් කාලයෙහි මනාකොට කටයුතු කරයිද, මහණෙනි, මේ අඞ්ග තුනෙන් යුත් වෙළඳ තෙමේ නොලැබූ ධනය ලැබීමටද ලැබූ ධනය දියුණු කිරීමටද සුදුසු වෙයි.
“මහණෙනි, එසේම ධර්‍ම තුනකින් යුත් මහණතෙමේ නොලැබූ කුසල ධර්‍මයන් ලැබීමටත්, ලැබූ කුසල ධර්‍මයන් දියුණු කිරීමටත් සුදුසු වෙයි. කවර තුනකින්ද? මහණෙනි, මහණතෙමේ උදය කාලයෙහි සමාධි නිමිත්ත මනාකොට වඩයිද, දවල් කාලයෙහි සමාධි නිමිත්ත මනාකොට වඩයිද, සවස් කාලයෙහි සමාධි නිමිත්ත මනාකොට වඩයිද, මහණෙනි, මේ තුන් ධර්‍මයෙන් යුත් මහණ තෙමේ නොලැබූ කුශල ධර්‍මයන් ලැබීමටත්, ලැබූ කුශල ධර්‍මයන් දියුණු කිරීමටත් සුදුසු වෙයි.”
10. දුතියපාපණිකසුත්තං 10. දුතිය පාපණීක සූත්‍රය