ත්‍රිපිටකය
2. රථකාරවග්ගො 2. රථකාර වර්‍ගය
1. ඤාතසුත්තං 1. ඤාතභික්ඛු සූත්‍රය
2. සාරණීයසුත්තං 2. යාවජීව සරණීය සූත්‍රය
3. ආසංසසුත්තං 3. නිරාස සූත්‍රය
4. චක්කවත්තිසුත්තං 4. අරාජක චක්ක සූත්‍රය
5. සචෙතනසුත්තං 5. පචෙතන සූත්‍රය
6. අපණ්ණකසුත්තං 6. අපණ්ණක පටිපදා සූත්‍රය
7. අත්තබ්‍යාබාධසුත්තං 7. ව්‍යාබාධ සංවත්තන සූත්‍රය
8. දෙවලොකසුත්තං 8. දෙවලොකුප්පත්ති සූත්‍රය
9. පඨමපාපණිකසුත්තං 9. පාපනික සූත්‍රය
10. දුතියපාපණිකසුත්තං 10. දුතිය පාපණීක සූත්‍රය
20
‘‘තීහි , භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො පාපණිකො නචිරස්සෙව මහත්තං වෙපුල්ලත්තං (මහන්තත්තං වා වෙපුල්ලත්තං වා (පී. ක.)) පාපුණාති භොගෙසු. කතමෙහි තීහි? ඉධ, භික්ඛවෙ, පාපණිකො චක්ඛුමා ච හොති විධුරො ච නිස්සයසම්පන්නො ච. කථඤ්ච, භික්ඛවෙ, පාපණිකො චක්ඛුමා හොති? ඉධ, භික්ඛවෙ, පාපණිකො පණියං ජානාති - ‘ඉදං පණියං එවං කීතං, එවං වික්කයමානං (වික්කීයමානං (?)), එත්තකං මූලං භවිස්සති, එත්තකො උදයො’ති (උද්දයොති (සී.)). එවං ඛො, භික්ඛවෙ, පාපණිකො චක්ඛුමා හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, පාපණිකො විධුරො හොති? ඉධ, භික්ඛවෙ, පාපණිකො කුසලො හොති පණියං කෙතුඤ්ච වික්කෙතුඤ්ච. එවං ඛො, භික්ඛවෙ, පාපණිකො විධුරො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, පාපණිකො නිස්සයසම්පන්නො හොති? ඉධ භික්ඛවෙ , පාපණිකං යෙ තෙ ගහපතී වා ගහපතිපුත්තා වා අඩ්ඪා මහද්ධනා මහාභොගා තෙ එවං ජානන්ති - ‘අයං ඛො භවං පාපණිකො චක්ඛුමා විධුරො ච පටිබලො පුත්තදාරඤ්ච පොසෙතුං, අම්හාකඤ්ච කාලෙන කාලං අනුප්පදාතු’න්ති. තෙ නං භොගෙහි නිපතන්ති - ‘ඉතො, සම්ම පාපණික, භොගෙ කරිත්වා (හරිත්වා (සී. ස්‍යා. කං.)) පුත්තදාරඤ්ච පොසෙහි, අම්හාකඤ්ච කාලෙන කාලං අනුප්පදෙහී’ති. එවං ඛො, භික්ඛවෙ, පාපණිකො නිස්සයසම්පන්නො හොති. ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි අඞ්ගෙහි සමන්නාගතො පාපණිකො නචිරස්සෙව මහත්තං වෙපුල්ලත්තං පාපුණාති භොගෙසු.
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු නචිරස්සෙව මහත්තං වෙපුල්ලත්තං පාපුණාති කුසලෙසු ධම්මෙසු. කතමෙහි තීහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු චක්ඛුමා ච හොති විධුරො ච නිස්සයසම්පන්නො ච. කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු චක්ඛුමා හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු චක්ඛුමා හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු විධුරො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු ආරද්ධවීරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු විධුරො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු නිස්සයසම්පන්නො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු යෙ තෙ භික්ඛූ බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡති පරිපඤ්හති - ‘ඉදං, භන්තෙ, කථං, ඉමස්ස කො අත්ථො’ති? තස්ස තෙ ආයස්මන්තො අවිවටඤ්චෙව විවරන්ති, අනුත්තානීකතඤ්ච උත්තානීකරොන්ති, අනෙකවිහිතෙසු ච කඞ්ඛාඨානියෙසු ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙන්ති. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු නිස්සයසම්පන්නො හොති. ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු නචිරස්සෙව මහත්තං වෙපුල්ලත්තං පාපුණාති කුසලෙසු ධම්මෙසූ’’ති. දසමං.
20
“මහණෙනි, අංග තුනකින් යුක්තවූ වෙළඳතෙම නොබෝ කලකින්ම ධනයෙහි මහත් බවටද, විපුල බවටද පැමිණේ. කවර තුනකින්ද? මහණෙනි, වෙළඳ තෙම නුවණ ඇත්තේ වේද, නුවණින් යුක්තවිය ඇත්තේ වේද, උදව් උපකාර ඇත්තේ වේද, (යන මේ තුනෙනි.)
“මහණෙනි, කෙසේනම් වෙළඳ තෙම නුවණ ඇත්තේ වේද, මහණෙනි, වෙළඳ තෙම වෙළඳ බඩු දන්නේ වෙයි. මේ මිලට ගත් බඩුව, මේ මිලට විකුණු කල මෙතරම් ඇත්තේයයි දන්නේය. මහණෙනි, මෙසේ වනාහි වෙළඳ තෙම නුවණ ඇත්තේ වේ.
“මහණෙනි, කෙසේ නම් වෙළඳ තෙම නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේ වේද, මහණෙනි, වෙළඳ තෙම බඩු ගැනීමටද, විකිණීමටද දක්‍ෂ වෙයි. මෙසේ වනාහි වෙළඳ තෙම නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් උදව් උපකාර ඇත්තේ වේද, මහණෙනි, ධනයෙන් ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, මහත් වස්තුව ඇත්තාවූ, යම් ගෘහපතියෝ හෝ ගෘහපති පුත්‍රයෝ වෙත්ද, ඔවුහු යම් වෙළඳකු ගැන මේ පින්වත් වෙළඳ තෙමේ නුවණ ඇත්තේය. නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේය, අඹු දරුවන් පෝෂ්‍ය කරන්ටද, අපටද කලින් කල ලාභය දෙන්නටද සමර්ත්‍ථයයි දැනගන්නාහුය. ඔවුහු ඒ වෙළෙන්දාට, ‘යහළුව මෙයින් අඹු දරුවන්ද පෝෂ්‍ය කරව, අපටද කලින් කල ලාභය දෙව’ යි ධනය දෙන්නාහුය. මහණෙනි, මෙසේ වනාහි වෙළඳ තෙම උදව් උපකාර ඇත්තෙක් වේ. මහණෙනි, මේ කරුණු තුනකින් යුක්තවූ වෙළඳ තෙම නොබෝ කලකින්ම ධනයෙහි මහත් විපුල බවටද පැමිණේ.
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි ධර්ම තුනකින් යුත් මහණතෙම ධර්මයන්හි මහත් විපුල බවට පැමිණෙන්නේය. කවර ධර්ම තුනකින්ද, මහණෙනි, මේ සස්නෙහි මහණතෙම නුවණ ඇත්තේවේද, නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේ වේද, උදව් උපකාරයන්ගේ පිහිට ඇත්තේ වේද, යන කරුණු තුනය.
“මහණෙනි, කෙසේනම් මහණතෙම නුවණ ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම මේ දුකයයි තත්‍වාකාරයෙන් දනීද, මේ දුක් නැතිකිරීමට පැමිණෙන මාර්‍ගයයයි තත්වූ පරිද්දෙන් දැනගණීද, මහණෙනි, මහණතෙම මෙසේ වනාහි නුවණ ඇත්තේ වෙයි.
“මහණෙනි, මහණතෙම කෙසේනම් නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම අකුශල කර්මයන් පහකරණු පිණිස, කුසල ධර්මයන්ගේ දියුණුව පිණිස, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේ වෙයිද, කුශල ධර්මයන්හි බලවත් වීර්‍ය්‍යය ඇත්තේ වෙයිද, බහා නොතබන ලද වීර්‍ය්‍යය ඇත්තේ වෙයිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණතෙම පිහිට ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම යම් ඒ භික්‍ෂූහු බහුශ්‍රුත වෙත්ද, ප්‍රගුණ කළ නිකාය ඇත්තාහුද, සූත්‍ර පිටකය දරන්නාහුද, විනය පිටකය දරන්නාහුද, උභය මාතෘකා දරන්නාහුද, ඒ භික්‍ෂූන් කරා කලින් කල පැමිණ ‘ස්වාමීණි, මෙය කෙසේද, මේ ධර්‍මයාගේ අර්ත්‍ථය කවරේදැ’ යි අසන්නේය. ඔහුට ඒ ආයුෂ්මත්හු නොවැටහුන දේ වටහාවත්. ප්‍රකට නොවූ දේ ප්‍රකට කෙරෙත්. නොයෙක් සැක කටයුතු ධර්‍මයන්හි සැක දුරුකරත්. මහණෙනි, මෙසේ වනාහි මහණතෙම පිහිට ඇත්තෙක් වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් මහණතෙම නොබෝ කලකින්ම ධර්‍මයන්හි මහත් බවට, විශාල බවට පැමිණෙයි.”