ත්‍රිපිටකය
අඞ්ගුත්තරනිකායො අඞ්ගුත්තරනිකායො
තිකනිපාතපාළි තික නිපාතය
1. බාලවග්ගො 1. බාල වර්‍ගය
1. භයසුත්තං 1. බාල භය සූත්‍රය
2. ලක්ඛණසුත්තං 2. කම්මලක්ඛණ සූත්‍රය
3. චින්තීසුත්තං 3. බාලලක්ඛණ සූත්‍රය
4. අච්චයසුත්තං 4. අච්චය පටිකරණ සූත්‍රය
5. අයොනිසොසුත්තං 5. අයොනිසොපඤ්හ සූත්‍රය
6. අකුසලසුත්තං 6. අකුශල කම්ම සූත්‍රය
7. සාවජ්ජසුත්තං 7. සාවජ්ජ කම්ම සූත්‍රය
7
‘‘තීහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො බාලො වෙදිතබ්බො. කතමෙහි තීහි? සාවජ්ජෙන කායකම්මෙන, සාවජ්ජෙන වචීකම්මෙන, සාවජ්ජෙන මනොකම්මෙන...පෙ.... අනවජ්ජෙන කායකම්මෙන, අනවජ්ජෙන වචීකම්මෙන, අනවජ්ජෙන මනොකම්මෙන...පෙ..... සත්තමං.
7
“මහණෙනි, ධර්‍ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද?
“වරද සහිත කාය කර්‍මයෙන්ද, වරද සහිත වාක් කර්‍මයෙන්ද, වරද සහිත මනො කර්‍මයෙන්ද වෙයි. මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි.
“මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුයි. කවර තුනකින්ද ? නිරවද්‍ය කාය කර්‍මයෙන්ද, නිරවද්‍ය වාක් කර්‍මයෙන්ද, නරවද්‍ය මනො කර්‍මයෙන්ද වෙයි. මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතු.
“මහණෙනි, එහෙයින් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
8. සබ්‍යාබජ්ඣසුත්තං 8. සව්‍යාපජ්ඣ කම්ම සූත්‍රය
9. ඛතසුත්තං 9. ඛතත්ත සූත්‍රය
10. මලසුත්තං 10. මලප්පහාණ සූත්‍රය