ත්‍රිපිටකය
අඞ්ගුත්තරනිකායො අඞ්ගුත්තරනිකායො
තිකනිපාතපාළි තික නිපාතය
1. බාලවග්ගො 1. බාල වර්‍ගය
1. භයසුත්තං 1. බාල භය සූත්‍රය
2. ලක්ඛණසුත්තං 2. කම්මලක්ඛණ සූත්‍රය
3. චින්තීසුත්තං 3. බාලලක්ඛණ සූත්‍රය
3
‘‘තීණිමානි, භික්ඛවෙ, බාලස්ස බාලලක්ඛණානි බාලනිමිත්තානි බාලාපදානානි . කතමානි තීණි? ඉධ, භික්ඛවෙ, බාලො දුච්චින්තිතචින්තී ච හොති දුබ්භාසිතභාසී ච දුක්කටකම්මකාරී ච. නො චෙදං (නො චෙතං (ස්‍යා. කං. ක.)), භික්ඛවෙ, බාලො දුච්චින්තිතචින්තී ච අභවිස්ස දුබ්භාසිතභාසී ච දුක්කටකම්මකාරී ච, කෙන නං පණ්ඩිතා ජානෙය්‍යුං (තෙන නං පණ්ඩිතා න ජානෙය්‍යුං (ක.), න නං පණ්ඩිතා ජානෙය්‍යුං (?)) - ‘බාලො අයං භවං අසප්පුරිසො’ති? යස්මා ච ඛො, භික්ඛවෙ, බාලො දුච්චින්තිතචින්තී ච හොති දුබ්භාසිතභාසී ච දුක්කටකම්මකාරී ච තස්මා නං පණ්ඩිතා ජානන්ති - ‘බාලො අයං භවං අසප්පුරිසො’ති. ඉමානි ඛො, භික්ඛවෙ, තීණි බාලස්ස බාලලක්ඛණානි බාලනිමිත්තානි බාලාපදානානි.
‘‘තීණිමානි, භික්ඛවෙ, පණ්ඩිතස්ස පණ්ඩිතලක්ඛණානි පණ්ඩිතනිමිත්තානි පණ්ඩිතාපදානානි. කතමානි තීණි? ඉධ, භික්ඛවෙ, පණ්ඩිතො සුචින්තිතචින්තී ච හොති සුභාසිතභාසී ච සුකතකම්මකාරී ච. නො චෙදං, භික්ඛවෙ, පණ්ඩිතො සුචින්තිතචින්තී ච අභවිස්ස සුභාසිතභාසී ච සුකතකම්මකාරී ච, කෙන නං පණ්ඩිතා ජානෙය්‍යුං - ‘පණ්ඩිතො අයං භවං සප්පුරිසො’ති? යස්මා ච ඛො, භික්ඛවෙ, පණ්ඩිතො සුචින්තිතචින්තී ච හොති සුභාසිතභාසී ච සුකතකම්මකාරී ච තස්මා නං පණ්ඩිතා ජානන්ති - ‘පණ්ඩිතො අයං භවං සප්පුරිසො’ති. ඉමානි ඛො, භික්ඛවෙ, තීණි පණ්ඩිතස්ස පණ්ඩිතලක්ඛණානි පණ්ඩිතනිමිත්තානි පණ්ඩිතාපදානානි. තස්මාතිහ.... තතියං.
3
“මහණෙනි, බාලයාගේ බාල ලක්‍ෂණ බාලයායයි දැනගැනීමට කරුණු බාල චරිත තුනක් වෙත්. කවර තුනක්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි බාල තෙම නපුරු සිතක්ම සිතන්නේ වෙයි. නපුරු වචනයක්ම කියන්නේ වෙයි. නපුරු ක්‍රියාවක්ම කරන්නේ වෙයි.
“මහණෙනි, මේ බාලතෙම ඉදින් නපුරු සිතක් නොසිතන්නේත් වේ නම්, නපුරු වචන නොකියන්නේත් වේ නම්, නපුරු ක්‍රියා නොකරන්නේත් වේ නම්, පණ්ඩිතයෝ ඔහු මේ පිනවත් තෙමේ බාලයෙක, අසත්පුරුෂයෙකැයි කිනම් කරුණකින් දැනගන්නාහුද.
“මහණෙනි, යම් හෙයකින් වනාහි බාල තෙම නපුරු සිතක්ම සිතන්නේ වෙයිද, නපුරු වචනයක්ම කියන්නේ වෙයිද, නපුරු ක්‍රියාවක්ම කරන්නේ වෙයිද, එහෙයින් පණ්ඩිතයෝ ඔහු මේ පින්වත් තෙමේ බාලයෙක පණ්ඩිතයෙකැයි දැනගන්නාහුය. මහණෙනි, මොහු වනාහි බාලයාගේ බාල ලක්‍ෂණ, බාල කරුණු, බාල චරිතයෝ වෙත්ය” යි වදාළ සේක.
“මහණෙනි, පණ්ඩිතයාගේ පණ්ඩිත ලක්‍ෂණ, පණ්ඩිත කරුණු, පණ්ඩිත චරිත තුනක් වෙති. කවර තුනක්ද? මහණෙනි, මේ ලෝකයෙහි පණ්ඩිත තෙම යහපත් සිතක්ම සිතන්නේ වෙයි. යහපත් වචනයක්ම කියන්නේ වෙයි. යහපත් ක්‍රියාවක්ම කරන්නේ වෙයි. මහණෙනි, ඉදින්, පණ්ඩිත තෙමේ යහපත් සිතක්ම සිතන්නේත්, යහපත් වචනයක්ම කියන්නේත්, යහපත් ක්‍රියාවක්ම කරන්නේත් නොවේ නම් පණ්ඩිතයෝ ඔහු මේ පින්වත් තෙමේ පණ්ඩිතයෙක, සත්පුරුෂයෙකැයි කුමකින් දැනගන්නාහුද,
“මහණෙනි, යම් හෙයකින් පණ්ඩිත තෙමේ යහපත් සිතක්ම සිතන්නේ වේද, යහපත් වචනයක්ම කියන්නේ වේද, යහපත් ක්‍රියාවක්ම කරන්නේ වේද, එහෙයින් ඥානවන්තයෝ මේ පින්වත් තෙමේ පණ්ඩිතයෙක, සත්පුරුෂයෙකැයි දැනගනිත්. මහණෙනි, මොහු පණ්ඩිතයාගේ පණ්ඩිත ලක්‍ෂණ, පණ්ඩිත කරුණු, පණ්ඩිත චරිත වෙත්..
“මහණෙනි, එහෙයින් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
4. අච්චයසුත්තං 4. අච්චය පටිකරණ සූත්‍රය
5. අයොනිසොසුත්තං 5. අයොනිසොපඤ්හ සූත්‍රය
6. අකුසලසුත්තං 6. අකුශල කම්ම සූත්‍රය
7. සාවජ්ජසුත්තං 7. සාවජ්ජ කම්ම සූත්‍රය
8. සබ්‍යාබජ්ඣසුත්තං 8. සව්‍යාපජ්ඣ කම්ම සූත්‍රය
9. ඛතසුත්තං 9. ඛතත්ත සූත්‍රය
10. මලසුත්තං 10. මලප්පහාණ සූත්‍රය