ත්‍රිපිටකය
අඞ්ගුත්තරනිකායො අඞ්ගුත්තරනිකායො
තිකනිපාතපාළි තික නිපාතය
1. බාලවග්ගො 1. බාල වර්‍ගය
1. භයසුත්තං 1. බාල භය සූත්‍රය
2. ලක්ඛණසුත්තං 2. කම්මලක්ඛණ සූත්‍රය
2
‘‘කම්මලක්ඛණො , භික්ඛවෙ, බාලො, කම්මලක්ඛණො පණ්ඩිතො, අපදානසොභනී (අපදානෙ සොභති (ස්‍යා. කං. පී.)) පඤ්ඤාති (පඤ්ඤත්ති (?)). තීහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො බාලො වෙදිතබ්බො. කතමෙහි තීහි? කායදුච්චරිතෙන, වචීදුච්චරිතෙන, මනොදුච්චරිතෙන. ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො බාලො වෙදිතබ්බො.
‘‘තීහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො වෙදිතබ්බො. කතමෙහි තීහි? කායසුචරිතෙන, වචීසුචරිතෙන, මනොසුචරිතෙන. ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො වෙදිතබ්බො.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං - ‘යෙහි තීහි ධම්මෙහි සමන්නාගතො බාලො වෙදිතබ්බො තෙ තයො ධම්මෙ අභිනිවජ්ජෙත්වා, යෙහි තීහි ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො වෙදිතබ්බො තෙ තයො ධම්මෙ සමාදාය වත්තිස්සාමා’ති. එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බ’’න්ති. දුතියං.
2
“මහණෙනි, බාල තෙම ක්‍රියාව ලක්‍ෂණ (හැඳින ගතයුතු කරුණ) කොට ඇත්තේය. පණ්ඩිත තෙමේ ක්‍රියාව ලක්‍ෂණ කොට ඇත්තේය. ප්‍රඥාව චරිතයෙන් ශෝභමාන වන්නීය” යි වදාළ සේක.
“මහණෙනි, ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාල යයි දත යුතුයි. කවර ධර්‍ම තුනකින්ද? කාය දුශ්චරිතයෙන්ද, වාග් දුශ්චරිතයෙන්ද, මනෝ දුශ්චරිතයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්‍ම තුනෙන් යුක්තවූයේ බාල යයි දතයුතු.
“මහණෙනි, ධර්‍ම තුනකින් යුක්තවූයේ පණ්ඩිතයයි දත යුතුයි. කවර තුනකින්ද යත්? කාය සුචරිතයෙන්ද, වාග් සුචරිතයෙන්ද, මනෝ සුචරිතයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්‍ම තුනෙන් යුක්තවූයේ පණ්ඩිතයයි දත යුතුයි. මහණෙනි, එහෙයින් යම් ධර්‍ම තුනකින් යුක්තවූයේ බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූයේ පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම සමාදන්ව වාසය කරන්නෙමියි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
3. චින්තීසුත්තං 3. බාලලක්ඛණ සූත්‍රය
4. අච්චයසුත්තං 4. අච්චය පටිකරණ සූත්‍රය
5. අයොනිසොසුත්තං 5. අයොනිසොපඤ්හ සූත්‍රය
6. අකුසලසුත්තං 6. අකුශල කම්ම සූත්‍රය
7. සාවජ්ජසුත්තං 7. සාවජ්ජ කම්ම සූත්‍රය
8. සබ්‍යාබජ්ඣසුත්තං 8. සව්‍යාපජ්ඣ කම්ම සූත්‍රය
9. ඛතසුත්තං 9. ඛතත්ත සූත්‍රය
10. මලසුත්තං 10. මලප්පහාණ සූත්‍රය