ත්‍රිපිටකය
අඞ්ගුත්තරනිකායො අඞ්ගුත්තරනිකායො
තිකනිපාතපාළි තික නිපාතය
1. බාලවග්ගො 1. බාල වර්‍ගය
1. භයසුත්තං 1. බාල භය සූත්‍රය
1
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ (භද්දන්තෙ (ක.))’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘යානි කානිචි, භික්ඛවෙ, භයානි උප්පජ්ජන්ති සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො. යෙ කෙචි උපද්දවා උප්පජ්ජන්ති සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො. යෙ කෙචි උපසග්ගා උප්පජ්ජන්ති සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො. සෙය්‍යථාපි, භික්ඛවෙ, නළාගාරා වා තිණාගාරා වා (නළාගාරං වා තිණාගාරං වා (සී.)) අග්ගි මුත්තො (අග්ගිමුක්කො (සී.), අග්ගි මුක්කො (ස්‍යා. කං. පී.)) කූටාගාරානිපි ඩහති උල්ලිත්තාවලිත්තානි නිවාතානි ඵුසිතග්ගළානි පිහිතවාතපානානි; එවමෙවං ඛො, භික්ඛවෙ, යානි කානිචි භයානි උප්පජ්ජන්ති සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො. යෙ කෙචි උපද්දවා උප්පජ්ජන්ති සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො. යෙ කෙචි උපසග්ගා උප්පජ්ජන්ති සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො.
‘‘ඉති ඛො, භික්ඛවෙ, සප්පටිභයො බාලො, අප්පටිභයො පණ්ඩිතො. සඋපද්දවො බාලො, අනුපද්දවො පණ්ඩිතො. සඋපසග්ගො බාලො, අනුපසග්ගො පණ්ඩිතො. නත්ථි, භික්ඛවෙ, පණ්ඩිතතො භයං, නත්ථි පණ්ඩිතතො උපද්දවො, නත්ථි පණ්ඩිතතො උපසග්ගො.
‘‘තස්මාතිහ, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං - ‘යෙහි තීහි ධම්මෙහි සමන්නාගතො බාලො වෙදිතබ්බො තෙ තයො ධම්මෙ අභිනිවජ්ජෙත්වා, යෙහි තීහි ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො වෙදිතබ්බො තෙ තයො ධම්මෙ සමාදාය වත්තිස්සාමා’ති. එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බ’’න්ති. පඨමං.
1
“මහණෙනි, යම්කිසි භය උපදිත්ද, ඒ සියලු භය බාලයා කෙරෙන් උපදිත්. පණ්ඩිතයා කෙරෙන් නූපදිත්. යම්කිසි විපත්තීහු උපදිත්ද, ඒ සියලු විපත්තීහු බාලයා කෙරෙන් උපදිත්. පණ්ඩිතයාගෙන් නූපදිත්. යම්කිසි උවදුරු උපදිත්ද, ඒ සියලු උවදුරු බාලයා කෙරෙන් උපදිත්. පණ්ඩිතයාගෙන් නූපදිත්.
“මහණෙනි, යම්සේ වනාහි බට සෙවිලි ගෙයක් හෝ තණ සෙවිලි කළ ගෙයක් හෝ ගිනිගන්නා ලද්දේ, ඇතුළත පිටත (සුනුපිරියම්) කරණ ලද භික්ති ඇත්තාවූ මනාව සවිකළ දොරවල් ඇත්තාවූ, මනාව යෙදූ වා කවුළු ඇත්තාවූ, කූටාගාරයන්ද දවන්නේද, මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යම්කිසි භය කෙනෙක් උපදිත්ද, ඒ සියලු බිය බාලයා කෙරෙන් උපදිත්. පණ්ඩිතයා කෙරෙන් නූපදිත්.
“යම්කිසි විපත්තීහු උපදිත්ද, ඒ සියලු විපත් බාලයා කෙරෙන් උපදිත්. පණ්ඩිතයා කෙරෙන් නූපදිත්. යම්කිසි උපද්‍රව කෙනෙක් උපදිත්ද, ඒ සියලු උපද්‍රවයෝ බාලයා කෙරෙන් උපදිත්. පණ්ඩිතයා කෙරෙන් නූපදිත්.
“මහණෙනි, මෙසේ වනාහි බාල තෙම භය සහිත වේ. පණ්ඩිත තෙම භය සහිත නොවේ. බාල තෙම විපත්ති සහිත වේ. පණ්ඩිත තෙම විපත්ති සහිත නොවේ. බාල තෙම උවදුරු සහිත වේ. පණ්ඩිත තෙම උවදුරු සහිත නොවේ. මහණෙනි, පණ්ඩිතයා කෙරෙන් බියක් නැත්තේය. පණ්ඩිතයාගෙන් විපතක් නැත. පණ්ඩිතයා කෙරෙන් උවදුරක් නැත.
“මහණෙනි, එහෙයින් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
2. ලක්ඛණසුත්තං 2. කම්මලක්ඛණ සූත්‍රය
3. චින්තීසුත්තං 3. බාලලක්ඛණ සූත්‍රය
4. අච්චයසුත්තං 4. අච්චය පටිකරණ සූත්‍රය
5. අයොනිසොසුත්තං 5. අයොනිසොපඤ්හ සූත්‍රය
6. අකුසලසුත්තං 6. අකුශල කම්ම සූත්‍රය
7. සාවජ්ජසුත්තං 7. සාවජ්ජ කම්ම සූත්‍රය
8. සබ්‍යාබජ්ඣසුත්තං 8. සව්‍යාපජ්ඣ කම්ම සූත්‍රය
9. ඛතසුත්තං 9. ඛතත්ත සූත්‍රය
10. මලසුත්තං 10. මලප්පහාණ සූත්‍රය