ත්‍රිපිටකය
(13) 3. දානවග්ගො (13) 3. දාන වර්‍ගය
142
‘‘ද්වෙමානි , භික්ඛවෙ, දානානි. කතමානි ද්වෙ? ආමිසදානඤ්ච ධම්මදානඤ්ච. ඉමානි ඛො, භික්ඛවෙ, ද්වෙ දානානි. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං දානානං යදිදං ධම්මදාන’’න්ති.
142
දාන සූත්‍රය.
“මහණෙනි, මේ දාන දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපස දානයද, ධර්‍ම දානයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි දානයෝ වෙත්. මහණෙනි, මේ දාන දෙක අතුරින් යම් මේ ධර්‍ම දානයක් වේද, මෙය අග්‍ර වෙයි.”
143
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, යාගා. කතමෙ ද්වෙ? ආමිසයාගො ච ධම්මයාගො ච. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ යාගා. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං යාගානං යදිදං ධම්මයාගො’’ති.
143
යාග සූත්‍රය.
“මහණෙනි, මේ යාගයෝ (පිදීම්) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස යාගයද, ධර්‍ම යාගයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි යාගයෝ වෙත්. මහණෙනි, මේ පිදීම් දෙක අතුරින් යම් මේ ධර්‍මයෙන් පිදීමක් වේද, මෙය අග්‍රය.”
144
‘‘ද්වෙමෙ , භික්ඛවෙ, චාගා. කතමෙ ද්වෙ? ආමිසචාගො ච ධම්මචාගො ච. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ චාගා. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං චාගානං යදිදං ධම්මචාගො’’ති.
144
චාග සූත්‍රය.
“මහණෙනි, මේ තෑගි දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, ආමිස තෑග්ගද, ධර්‍ම තෑග්ගද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි තෑගි වෙත්. මහණෙනි, මේ තෑගි දෙක අතුරෙන් යම් මේ ධර්‍මයෙන් කරණ තෑග්ගක් වේද, මෙය අග්‍රය.”
145
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, පරිච්චාගා. කතමෙ ද්වෙ? ආමිසපරිච්චාගො ච ධම්මපරිච්චාගො ච. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ පරිච්චාගා. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං පරිච්චාගානං යදිදං ධම්මපරිච්චාගො’’ති.
145
පරිච්චාග සූත්‍රය.
“මහණෙනි, මේ පරිත්‍යාගයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස පරිත්‍යාගයද, ධර්‍ම පරිත්‍යාගයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි පරිත්‍යාගයෝ වෙත්. මහණෙනි, මේ පරිත්‍යාග දෙක අතුරෙන් යම් මේ ධර්‍ම පරිත්‍යාගයක් වේද, මෙය අග්‍රය.”
146
‘‘ද්වෙමෙ , භික්ඛවෙ, භොගා. කතමෙ ද්වෙ? ආමිසභොගො ච ධම්මභොගො ච. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ භොගා. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං භොගානං යදිදං ධම්මභොගො’’ති.
146
භොග සූත්‍රය.
“මහණෙනි, මේ භෝගයෝ (වැළඳීම්) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස භෝගයද, ධර්‍ම භෝගයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි භෝගයෝ වෙත්. මහණෙනි, මේ වැළඳීම් දෙක අතුරෙන් යම් මේ ධර්‍ම භෝගයක් වේද, මෙය අග්‍රය.”
147
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, සම්භොගා. කතමෙ ද්වෙ? ආමිසසම්භොගො ච ධම්මසම්භොගො ච. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ සම්භොගා. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං සම්භොගානං යදිදං ධම්මසම්භොගො’’ති.
147
සම්භොග සූත්‍රය.
“මහණෙනි, මේ සම්භෝගයෝ (මනා බුදීම්) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස සම්භෝගයද, ධර්‍ම සම්භෝගයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි සම්භෝගයෝ වෙත්. මහණෙනි, මේ සම්භෝග (සමගිව වැළඳීම්) දෙක අතුරෙන් යම් මේ ධර්‍ම සම්භෝගයක් වේද, මෙය අග්‍රය.”
148
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, සංවිභාගා. කතමෙ ද්වෙ? ආමිසසංවිභාගො ච ධම්මසංවිභාගො ච. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ සංවිභාගා. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං සංවිභාගානං යදිදං ධම්මසංවිභාගො’’ති.
148
සංවිභාග සූත්‍රය.
“මහණෙනි, මේ සංවිභාගයෝ (බෙදාඳීම්) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස බෙදාදීමද, ධර්‍ම බෙදාදීමද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි බෙදාදීම් වෙත්. මහණෙනි, මේ බෙදාදීම් දෙක අතුරෙන් යම් මේ ධර්‍ම බෙදාදීමක් වේද, මෙය අග්‍රය.”
149
‘‘ද්වෙමෙ , භික්ඛවෙ, සඞ්ගහා. කතමෙ ද්වෙ? ආමිසසඞ්ගහො ච ධම්මසඞ්ගහො ච. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ සඞ්ගහා. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං සඞ්ගහානං යදිදං ධම්මසඞ්ගහො’’ති.
149
සඞ්ගහ සූත්‍රය.
“මහණෙනි, මේ සංග්‍රහයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස සංග්‍රහයද, ධර්‍ම සංග්‍රහයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි සංග්‍රහයෝ වෙත්. මහණෙනි, මේ සංග්‍රහ දෙක අතුරෙන් යම් මේ ධර්‍මයෙන් සංග්‍රහ කිරීමක් වේද, මෙය අග්‍රය.”
150
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, අනුග්ගහා. කතමෙ ද්වෙ? ආමිසානුග්ගහො ච ධම්මානුග්ගහො ච. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ අනුග්ගහා. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං අනුග්ගහානං යදිදං ධම්මානුග්ගහො’’ති.
150
අනුග්ගහ සූත්‍රය.
“මහණෙනි, මේ අනුග්‍රහයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස අනුග්‍රහයද, ධර්‍ම අනුග්‍රහයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි අනුග්‍රහයෝ වෙත්. මහණෙනි, මේ අනුග්‍රහ දෙක අතුරෙන් යම් මේ ධර්‍ම අනුග්‍රහයක් වේද, මෙය අග්‍රය.”
151
‘‘ද්වෙමා, භික්ඛවෙ, අනුකම්පා. කතමා ද්වෙ? ආමිසානුකම්පා ච ධම්මානුකම්පා ච. ඉමා ඛො, භික්ඛවෙ, ද්වෙ අනුකම්පා. එතදග්ගං, භික්ඛවෙ, ඉමාසං ද්වින්නං අනුකම්පානං යදිදං ධම්මානුකම්පා’’ති.
151
අනුකම්පා සූත්‍රය.
“මහණෙනි, මේ අනුකම්පාවෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස අනුකම්පාවද, ධර්‍ම අනුකම්පාවද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි අනුකම්පාවෝ වෙත්. මහණෙනි, මේ අනුකම්පා දෙක අතුරෙන් යම් මේ ධර්‍මයෙන් අනුකම්පා කිරීමක් වේද, මෙය අග්‍රය.”