ත්‍රිපිටකය
(10) 5. බාලවග්ගො (10) 5. බාල වර්‍ගය
99
‘‘ද්වෙමෙ , භික්ඛවෙ, බාලා. කතමෙ ද්වෙ? යො ච අනාගතං භාරං වහති, යො ච ආගතං භාරං න වහති. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ බාලා’’ති.
99
අනාගතභාර සූත්‍රය.
“මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් (තමා වෙත) නොපැමිණි බර උසුලයිද, යමෙක් (තමා වෙත) පැමිණි බර නොඋසුලයිද, යන දෙදෙනයි.
“මහණෙනි, මේ දෙදෙන වනාහි බාලයෝ (අඥානයෝ) වෙත්.”
100
‘‘ද්වෙමෙ , භික්ඛවෙ, පණ්ඩිතා. කතමෙ ද්වෙ? යො ච අනාගතං භාරං න වහති, යො ච ආගතං භාරං වහති. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ පණ්ඩිතා’’ති.
100
ආගතභාර සූත්‍රය.
“මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් (තමා වෙත) පැමිණියාවූ බර උසුලයිද, යමෙක් (තමා වෙත) නොපැමිණියාවූ බර නොඋසුලයිද යන (දෙදෙනයි).
“මහණෙනි, මේ දෙදෙන වනාහි පණ්ඩිතයෝ වෙත්.”
101
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, බාලා. කතමෙ ද්වෙ? යො ච අකප්පියෙ කප්පියසඤ්ඤී, යො ච කප්පියෙ අකප්පියසඤ්ඤී. ඉමෙ ඛො, භික්ඛවෙ , ද්වෙ බාලා’’ති.
101
අකප්පියසඤ්ඤි සූත්‍රය.
“මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් අකැප වස්තුවෙහි කැපය යන හැඟීම ඇත්තේද, යමෙක් කැප වස්තුවෙහි අකැපය යන හැඟීම ඇත්තේද (යන දෙදෙනයි.)
“මහණෙනි, මේ දෙදෙන වනාහි බාලයෝ (අඥානයෝ) වෙත්.”
102
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, පණ්ඩිතා. කතමෙ ද්වෙ? යො ච අකප්පියෙ අකප්පියසඤ්ඤී, යො ච කප්පියෙ කප්පියසඤ්ඤී. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ පණ්ඩිතා’’ති.
102
කප්පියසඤ්ඤි සූත්‍රය.
“මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් අකැප වස්තුවෙහි අකැපය යන හැඟීම ඇත්තේද, යමෙක් කැප වස්තුවෙහි කැපය යන හැඟීම ඇත්තේද (යන දෙදෙනයි.)
“මහණෙනි, මේ දෙදෙන වනාහි පණ්ඩිතයෝ වෙත්.”
103
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, බාලා. කතමෙ ද්වෙ? යො ච අනාපත්තියා ආපත්තිසඤ්ඤී, යො ච ආපත්තියා අනාපත්තිසඤ්ඤී. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ බාලා’’ති.
103
අනාපත්තිසඤ්ඤි සූත්‍රය.
“මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් ඇවැත් (වැරදි) නොවූ දෙයෙහි ඇවැත්ය යන සංඥා ඇත්තේද, යමෙක් ඇවැත්වූ දෙයෙහි ඇවැත් නොවේය යන සංඥා ඇත්තේද (යන දෙදෙනයි.)
“මහණෙනි, මේ දෙදෙන වනාහි බාලයෝ (අඥානයෝ) වෙත්.”
104
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, පණ්ඩිතා. කතමෙ ද්වෙ? යො ච අනාපත්තියා අනාපත්තිසඤ්ඤී, යො ච ආපත්තියා ආපත්තිසඤ්ඤී. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ පණ්ඩිතා’’ති.
104
ආපත්තිසඤ්ඤි සූත්‍රය.
“මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් ඇවැත් නොවූ දෙයෙහි ඇවැත් නොවේය යන හැඟීම ඇත්තේද, යමෙක් ඇවැත්වූ දෙයෙහි ඇවැත්ය යන හැඟීම ඇත්තේද (යන දෙදෙනයි.)
“මහණෙනි, මේ දෙදෙන වනාහි පණ්ඩිතයෝ වෙත්.”
105
‘‘ද්වෙමෙ , භික්ඛවෙ, බාලා. කතමෙ ද්වෙ? යො ච අධම්මෙ ධම්මසඤ්ඤී, යො ච ධම්මෙ අධම්මසඤ්ඤී. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ බාලා’’ති.
105
අධම්මසඤ්ඤි සූත්‍රය.
“මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් අධර්‍මයෙහි ධර්‍මය යන සංඥා ඇත්තේද, යමෙක් ධර්‍මයෙහි අධර්‍මය යන සංඥා ඇත්තේද (යන දෙදෙනයි.)
“මහණෙනි, මේ දෙදෙන වනාහි බාලයෝ (අඥානයෝ) වෙත්.”
106
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, පණ්ඩිතා. කතමෙ ද්වෙ? යො ච ධම්මෙ ධම්මසඤ්ඤී, යො ච අධම්මෙ අධම්මසඤ්ඤී. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ පණ්ඩිතා’’ති.
106
ධම්මසඤ්ඤි සූත්‍රය.
“මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් අධර්‍මයෙහි අධර්‍මය යන සංඥා ඇත්තේද, යමෙක් ධර්‍මයෙහි ධර්‍මය යන සංඥා ඇත්තේද (යන දෙදෙනයි.)
“මහණෙනි, මේ දෙදෙන වනාහි පණ්ඩිතයෝ වෙත්.”
107
‘‘ද්වෙමෙ , භික්ඛවෙ, බාලා. කතමෙ ද්වෙ? යො ච අවිනයෙ විනයසඤ්ඤී, යො ච විනයෙ අවිනයසඤ්ඤී. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ බාලා’’ති.
107
අවිනය සඤ්ඤි සූත්‍රය.
“මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් විනය නොවූයෙහි විනය යන සංඥා ඇත්තේද, යමෙක් විනය වූයෙහි අවිනය යන සංඥා ඇත්තේද (යන දෙදෙනයි.)
“මහණෙනි, මේ දෙදෙන වනාහි බාලයෝ (අඥානයෝ) වෙත්.”
108
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, පණ්ඩිතා. කතමෙ ද්වෙ? යො ච අවිනයෙ අවිනයසඤ්ඤී, යො ච විනයෙ විනයසඤ්ඤී. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ පණ්ඩිතා’’ති.
108
විනය සඤ්ඤි සූත්‍රය.
“මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් විනය නොවූ දෙයෙහි අවිනය යන සංඥා ඇත්තේද, යමෙක් විනය වූවෙහි විනය යන සංඥා ඇත්තේද (යන දෙදෙනයි.)
“මහණෙනි, මේ දෙදෙන වනාහි පණ්ඩිතයෝ වෙත්.”
109
‘‘ද්වින්නං , භික්ඛවෙ, ආසවා වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං? යො ච න කුක්කුච්චායිතබ්බං කුක්කුච්චායති, යො ච කුක්කුච්චායිතබ්බං න කුක්කුච්චායති. ඉමෙසං ඛො, භික්ඛවෙ, ද්වින්නං ආසවා වඩ්ඪන්තී’’ති.
109
කුක්කුච්ච සූත්‍රය.
“මහණෙනි, දෙදෙනෙකුන්හට ක්ලේශයෝ වැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්: යමෙක් කුකුස් නොකටයුතු දෙයෙහි කුකුස් කෙරේද, යමෙක් කුකුස් කටයුත්තෙහි කුකුස් නොකෙරේද (යන දෙදෙනාටයි.)
“මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ වැඩෙත්.”
110
‘‘ද්වින්නං, භික්ඛවෙ, ආසවා න වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං? යො ච න කුක්කුච්චායිතබ්බං න කුක්කුච්චායති, යො ච කුක්කුච්චායිතබ්බං කුක්කුච්චායති. ඉමෙසං ඛො, භික්ඛවෙ, ද්වින්නං ආසවා න වඩ්ඪන්තී’’ති.
110
නකුක්කුච්ච සූත්‍රය.
“මහණෙනි, දෙදෙනෙකුන්හට ක්ලේශයෝ නොවැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්: යමෙක් කුකුස් නොකටයුත්තෙහි කුකුස් නොකරයිද, යමෙක් කුකුස් කටයුත්තෙහි කුකුස් කරයිද (යන දෙදෙනාටයි.)
“මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ නොවැඩෙත්.”
111
‘‘ද්වින්නං, භික්ඛවෙ, ආසවා වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං? යො ච අකප්පියෙ කප්පියසඤ්ඤී, යො ච කප්පියෙ අකප්පියසඤ්ඤී. ඉමෙසං ඛො, භික්ඛවෙ, ද්වින්නං ආසවා වඩ්ඪන්තී’’ති.
111
කප්පිය සඤ්ඤි සූත්‍රය.
“මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්‍රවයෝ වැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්: යමෙක් කැප නොවූ දෙයෙහි කැපය යන සංඥා ඇත්තේ වේද, යමෙක් කැපවූ දෙයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේද (යන මේ දෙදෙනාටයි.)
“මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ වැඩෙත්.”
112
‘‘ද්වින්නං, භික්ඛවෙ, ආසවා න වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං? යො ච අකප්පියෙ අකප්පියසඤ්ඤී, යො ච කප්පියෙ කප්පියසඤ්ඤී. ඉමෙසං ඛො, භික්ඛවෙ, ද්වින්නං ආසවා න වඩ්ඪන්තී’’ති.
112
අකප්පිය සඤ්ඤි සූත්‍රය.
“මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්‍රවයෝ නොවැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්: යමෙක් අකැපවූ දෙයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේද, යමෙක් කැපවූ දෙයෙහි කැපය යන සංඥා ඇත්තේ වේද (යන මේ දෙදෙනාටයි.)
“මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ නොවැඩෙත්.”
113
‘‘ද්වින්නං, භික්ඛවෙ, ආසවා වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං? යො ච ආපත්තියා අනාපත්තිසඤ්ඤී, යො ච අනාපත්තියා ආපත්තිසඤ්ඤී. ඉමෙසං ඛො, භික්ඛවෙ, ද්වින්නං ආසවා වඩ්ඪන්තී’’ති.
113
ආපත්ති සඤ්ඤි සූත්‍රය.
“මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්‍රවයෝ වැඩෙත්. කවර දෙදෙනෙකුන්හටද යත්: යමෙක් ඇවැත් නුවූවෙහි ඇවැත්ය යන සංඥා ඇත්තේ වේද, යමෙක් ඇවැත් වූවෙහි ඇවැත් නැත යන සංඥා ඇත්තේ වේද (යන දෙදෙනාටයි.)
“මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ වැඩෙත්.”
114
‘‘ද්වින්නං, භික්ඛවෙ, ආසවා න වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං? යො ච ආපත්තියා ආපත්තිසඤ්ඤී , යො ච අනාපත්තියා අනාපත්තිසඤ්ඤී . ඉමෙසං ඛො, භික්ඛවෙ, ද්වින්නං ආසවා න වඩ්ඪන්තී’’ති.
114
අනාපත්ති සඤ්ඤි සූත්‍රය.
“මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්‍රවයෝ නොවැඩෙත්. කවර දෙදෙනෙකුන්හටද යත්: යමෙක් ඇවැත් නුවූවෙහි ඇවැත් නොවේය යන සංඥා ඇත්තේ වේද, යමෙක් ඇවැත් වූවෙහි ඇවැත්ය යන සංඥා ඇත්තේ වේද (යන දෙදෙනාටයි.)
“මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ නොවැඩෙත්.”
115
‘‘ද්වින්නං, භික්ඛවෙ, ආසවා වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං? යො ච අධම්මෙ ධම්මසඤ්ඤී, යො ච ධම්මෙ අධම්මසඤ්ඤී. ඉමෙසං ඛො, භික්ඛවෙ, ද්වින්නං ආසවා වඩ්ඪන්තී’’ති.
115
ධම්මසඤ්ඤි සූත්‍රය.
“මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්‍රවයෝ වැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්: යමෙක් අධර්‍ම වූවෙහි ධර්‍මය යන සංඥා ඇත්තේ වේද, යමෙක් ධර්‍ම වූවෙහි අධර්‍මය යන සංඥා ඇත්තේ වේද (යන මේ දෙදෙනාටයි.)
“මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ වැඩෙත්.”
116
‘‘ද්වින්නං, භික්ඛවෙ, ආසවා න වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං? යො ච ධම්මෙ ධම්මසඤ්ඤී, යො ච අධම්මෙ අධම්මසඤ්ඤී. ඉමෙසං ඛො, භික්ඛවෙ, ද්වින්නං ආසවා න වඩ්ඪන්තී’’ති.
116
අධම්මසඤ්ඤි සූත්‍රය.
“මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්‍රවයෝ නොවැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්: යමෙක් අධර්‍ම වූවෙහි අධර්‍මය යන සංඥා ඇත්තේ වේද, යමෙක් ධර්‍ම වූවෙහි ධර්‍මය යන සංඥා ඇත්තේ වේද (යන දෙදෙනාටයි.)
“මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ නොවැඩෙත්.”
117
‘‘ද්වින්නං , භික්ඛවෙ, ආසවා වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං? යො ච අවිනයෙ විනයසඤ්ඤී, යො ච විනයෙ අවිනයසඤ්ඤී. ඉමෙසං ඛො, භික්ඛවෙ, ද්වින්නං ආසවා වඩ්ඪන්තී’’ති.
117
විනයසඤ්ඤි සූත්‍රය.
“මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්‍රවයෝ වැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්: යමෙක් විනය නොවූවෙහි විනය යන සංඥා ඇත්තේ වේද, යමෙක් විනය වූවෙහි විනය නොවේ යන සංඥා ඇත්තේ වේද (යන දෙදෙනාටයි.)
“මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ වැඩෙත්.”
118
‘‘ද්වින්නං, භික්ඛවෙ, ආසවා න වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං? යො ච අවිනයෙ අවිනයසඤ්ඤී, යො ච විනයෙ විනයසඤ්ඤී. ඉමෙසං ඛො, භික්ඛවෙ, ද්වින්නං ආසවා න වඩ්ඪන්තී’’ති.
118
අවිනය සඤ්ඤි සූත්‍රය.
“මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්‍රවයෝ නොවැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්: යමෙක් විනය නොවූවෙහි විනය නොවේ යන සංඥා ඇත්තේ වේද, යමෙක් විනය වූවෙහි විනය යන සංඥා ඇත්තේ වේද (යන දෙදෙනාටයි.)
“මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ නොවැඩෙත්.”