ත්‍රිපිටකය
(7) 2. සුඛවග්ගො (7) 2. සුඛ වර්‍ගය
65
‘‘ද්වෙමානි , භික්ඛවෙ, සුඛානි. කතමානි ද්වෙ? ගිහිසුඛඤ්ච පබ්බජිතසුඛඤ්ච. ඉමානි ඛො, භික්ඛවෙ, ද්වෙ සුඛානි. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං පබ්බජිතසුඛ’’න්ති.
65
පබ්බජ්ජාසුඛ සූත්‍රය.
“මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,
“ගිහි සැපයද, පැවිදි සැපයද (යන දෙක) වෙත්.
“මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්.
“මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ පැවිදි සැපයක් වේද, මේ සැපය අග්‍රය.”
66
‘‘ද්වෙමානි, භික්ඛවෙ, සුඛානි. කතමානි ද්වෙ? කාමසුඛඤ්ච නෙක්ඛම්මසුඛඤ්ච. ඉමානි ඛො, භික්ඛවෙ, ද්වෙ සුඛානි. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං නෙක්ඛම්මසුඛ’’න්ති.
66
නෙක්ඛම්මසුඛ සූත්‍රය.
“මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,
“කාම සැපයද, නෛෂ්ක්‍රම්‍ය සැපයද (යන දෙදෙන) වෙත්.
“මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්.
“මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ නෛෂ්ක්‍රම්‍ය සැපයක් වේද, මේ සැපය අග්‍රයි.”
67
‘‘ද්වෙමානි, භික්ඛවෙ, සුඛානි. කතමානි ද්වෙ? උපධිසුඛඤ්ච නිරුපධිසුඛඤ්ච. ඉමානි ඛො, භික්ඛවෙ, ද්වෙ සුඛානි. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං නිරුපධිසුඛ’’න්ති.
67
නිරුපධි සූත්‍රය.
“මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,
“ලෞකික සැපයද, ලොකොත්තර සැපයද (යන දෙදෙන) වෙත්.
“මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්.
“මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ ලොකොත්තර සැපයක් වේද, මේ සැපය අග්‍රයි.”
68
‘‘ද්වෙමානි, භික්ඛවෙ, සුඛානි. කතමානි ද්වෙ? සාසවසුඛඤ්ච අනාසවසුඛඤ්ච. ඉමානි ඛො, භික්ඛවෙ, ද්වෙ සුඛානි. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං අනාසවසුඛ’’න්ති.
68
අනාසව සුඛ සූත්‍රය.
“මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,
“ආශ්‍රව සහිතවූ (සංසාර) සැපයද, ආශ්‍රව රහිතවූ (නිර්‍වාණ) සැපයද (යන දෙදෙන) වෙත්.
“මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්.
“මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ අනාසව සැපයක් වේද, මේ සැපය අග්‍රයි.”
69
‘‘ද්වෙමානි, භික්ඛවෙ, සුඛානි. කතමානි ද්වෙ? සාමිසඤ්ච සුඛං නිරාමිසඤ්ච සුඛං. ඉමානි ඛො, භික්ඛවෙ, ද්වෙ සුඛානි. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං නිරාමිසං සුඛ’’න්ති.
69
නිරාමිස සුඛ සූත්‍රය.
“මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,
“කාමාදී ආශ්‍රව සහිත සැපයද, කාම රහිත (නික්ලේශීවූ) නිවන් සැපයද (යන දෙදෙන) වෙත්.
“මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්.
“මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ නිරාමිස සැපයක් වේද, මේ සැපය අග්‍රයි.”
70
‘‘ද්වෙමානි, භික්ඛවෙ, සුඛානි. කතමානි ද්වෙ? අරියසුඛඤ්ච අනරියසුඛඤ්ච. ඉමානි ඛො, භික්ඛවෙ, ද්වෙ සුඛානි. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං අරියසුඛ’’න්ති.
70
අරිය සුඛ සූත්‍රය.
“මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,
“ආර්‍ය්‍යයන් පිළිබඳ සැපයද, අනාර්‍ය්‍ය (පෘථග්ජන)යන් පිළිබඳ සැපයද (යන දෙදෙන) වෙත්.
“මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්.
“මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ ආර්‍ය්‍ය සැපයක් වේද, මේ සැපය අග්‍රය.”
71
‘‘ද්වෙමානි , භික්ඛවෙ, සුඛානි. කතමානි ද්වෙ? කායිකඤ්ච සුඛං චෙතසිකඤ්ච සුඛං. ඉමානි ඛො, භික්ඛවෙ, ද්වෙ සුඛානි. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං චෙතසිකං සුඛ’’න්ති.
71
චෛතසික සුඛ සූත්‍රය.
“මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,
“කය පිළිබඳ සැපයද, චෛතසික සැපයද (යන දෙදෙන) වෙත්.
“මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්.
“මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ චෛතසික සැපයක් වේද, මේ සැපය අග්‍රයි.”
72
‘‘ද්වෙමානි, භික්ඛවෙ, සුඛානි. කතමානි ද්වෙ? සප්පීතිකඤ්ච සුඛං නිප්පීතිකඤ්ච සුඛං. ඉමානි ඛො, භික්ඛවෙ, ද්වෙ සුඛානි. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං නිප්පීතිකං සුඛ’’න්ති.
72
නිප්පීතික සුඛ සූත්‍රය.
“මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,
“ප්‍රීති සහගත සැපයද, ප්‍රීති රහිත (නිෂ්ප්‍රීතික) සැපයද යන දෙකයි.
“මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්.
“මහණෙනි, මේ විවිධවූ සැපයන් අතුරෙන් යම් මේ ප්‍රීති රහිත (නිෂ්ප්‍රීතික) සැපයක් වේද, මේ සැපය අග්‍රයි.”
73
‘‘ද්වෙමානි, භික්ඛවෙ, සුඛානි. කතමානි ද්වෙ? සාතසුඛඤ්ච උපෙක්ඛාසුඛඤ්ච . ඉමානි ඛො, භික්ඛවෙ, ද්වෙ සුඛානි. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං උපෙක්ඛාසුඛ’’න්ති.
73
උපෙක්ඛා සුඛ සූත්‍රය.
“මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,
“ප්‍රථම, වීතීය, තෘතීය ධ්‍යානයන් පිළිබඳ ඎත සැපයද, (චතුර්ත්‍ථද්‍ධ්‍යානය පිළිබඳ) උපෙක්‍ෂා සැපයද (යන දෙදෙන) වෙත්.
“මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්.
“මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ (චතුර්ත්‍ථධ්‍යානය පිළිබඳ) උපෙක්‍ෂා සැපයක් වේද, මේ සැපය අග්‍රය.”
74
‘‘ද්වෙමානි , භික්ඛවෙ, සුඛානි. කතමානි ද්වෙ? සමාධිසුඛඤ්ච අසමාධිසුඛඤ්ච. ඉමානි ඛො, භික්ඛවෙ, ද්වෙ සුඛානි. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං සමාධිසුඛ’’න්ති.
74
සමාධි සුඛ සූත්‍රය.
“මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,
“සමාධි (සහිත) සැපයද, අසමාධි (සහිත) සැපයද (යන දෙදෙන) වෙත්.
“මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්.
“මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ සමාධි සැපයක් වේද, මේ සැපය අග්‍රයි.”
75
‘‘ද්වෙමානි, භික්ඛවෙ, සුඛානි. කතමානි ද්වෙ? සප්පීතිකාරම්මණඤ්ච සුඛං නිප්පීතිකාරම්මණඤ්ච සුඛං. ඉමානි ඛො, භික්ඛවෙ, ද්වෙ සුඛානි. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං නිප්පීතිකාරම්මණං සුඛ’’න්ති.
75
නිප්පීතිකාරම්මණ සුඛ සූත්‍රය.
“මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,
“ප්‍රීතිය අරමුණුකොට උපන් (ප්‍රථම ද්වීතීය ධ්‍යාන) සැපයද, ප්‍රීතියෙන් පහව උපන් (තෘතීය චතුර්ත්‍ථ ධ්‍යාන) සැපයද (යන දෙදෙන) වෙත්.
“මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්.
“මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ ප්‍රීති විරහිත සැපයක් වේද, මේ සැපය අග්‍රය.”
76
‘‘ද්වෙමානි, භික්ඛවෙ, සුඛානි. කතමානි ද්වෙ? සාතාරම්මණඤ්ච සුඛං උපෙක්ඛාරම්මණඤ්ච සුඛං. ඉමානි ඛො, භික්ඛවෙ, ද්වෙ සුඛානි. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං උපෙක්ඛාරම්මණං සුඛ’’න්ති.
76
උපෙක්ඛාරම්මණ සුඛ සූත්‍රය.
“මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,
“සාතාරම්මණවූ (ප්‍රථමාදී ත්‍රිවිධ ධ්‍යානයන් අරමුණුකොට උපන්) සැපයද, (චතුර්ත්‍ථධ්‍යානය අරමුණුකොට උපන්) උපෙක්‍ෂාරම්මණ සැපයද (යන දෙදෙන) වෙත්.
“මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්.
“මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ උපෙක්‍ෂාරම්මණ සැපයක් වේද, මේ සැපය අග්‍රය.”
77
‘‘ද්වෙමානි, භික්ඛවෙ, සුඛානි. කතමානි ද්වෙ? රූපාරම්මණඤ්ච සුඛං අරූපාරම්මණඤ්ච සුඛං. ඉමානි ඛො, භික්ඛවෙ, ද්වෙ සුඛානි. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං අරූපාරම්මණං සුඛ’’න්ති.
77
අරූපාරම්මණ සුඛ සූත්‍රය.
“මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,
“(රූපාවචර චතුර්ත්‍ථ ධ්‍යානය අරමුණුකොට) රූපයන් අරභයා උපන් සැපයද, (අරූපාවචර ධ්‍යානයන් අරමුණුකොට) අරූපයන් අරභයා උපන් සැපයද (යන දෙදෙන) වෙත්.
“මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්.
“මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ අරූප ධ්‍යානයන් අරමුණුකොට උපන් සැපයක් වේද, මේ සැපය අග්‍රය.”