ත්‍රිපිටකය
4. සමචිත්තවග්ගො 4. සමචිත්ත වර්‍ගය
33
‘‘අසප්පුරිසභූමිඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි සප්පුරිසභූමිඤ්ච. තං සුණාථ, සාධුකං මනසි කරොථ. භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘කතමා ච, භික්ඛවෙ, අසප්පුරිසභූමි? අසප්පුරිසො, භික්ඛවෙ, අකතඤ්ඤූ හොති අකතවෙදී. අසබ්භි හෙතං, භික්ඛවෙ, උපඤ්ඤාතං යදිදං අකතඤ්ඤුතා අකතවෙදිතා. කෙවලා එසා, භික්ඛවෙ, අසප්පුරිසභූමි යදිදං අකතඤ්ඤුතා අකතවෙදිතා. සප්පුරිසො ච ඛො, භික්ඛවෙ, කතඤ්ඤූ හොති කතවෙදී. සබ්භි හෙතං, භික්ඛවෙ, උපඤ්ඤාතං යදිදං කතඤ්ඤුතා කතවෙදිතා. කෙවලා එසා, භික්ඛවෙ, සප්පුරිසභූමි යදිදං කතඤ්ඤුතා කතවෙදිතා’’ති.
33
භූමි සූත්‍රය.
“මහණෙනි, අසත්පුරුෂ භූමියද, සත්පුරුෂ භූමියද තොපට දේශනා කරන්නෙමි. ඒ අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.”
“එසේය ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
“මහණෙනි, අසත්පුරුෂ භූමිය කවරේද? මහණෙනි, අසත්පුරුෂ තෙම කළ උපකාර නොදන්නේ වෙයි. කළගුණ ප්‍රකටකොට නොදන්නේ වෙයි. මහණෙනි, යම් මේ කළ ගුණ නොසැලකීමක් වේද, කළගුණ නොසැලකීම් භාවයක් වේද, මේ කාරණය අසත්පුරුෂයන් විසින් වර්‍ණනා කරණ ලද්දේය. මහණෙනි, යම් මේ කළගුණ නොසැලකීමක් වේද, කළගුණ නොසැලකීම් භාවයක් වේද, මේ කාරණය සම්පූර්‍ණයෙන් අසත්පුරුෂ භූමි නම් වේ.”
“මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි කළ උපකාර දන්නේ වෙයි. කළගුණ ප්‍රකටසේ දන්නේ වෙයි. යම් මේ කළ ගුණ දන්නා බවක්, ප්‍රකටසේ දන්නා බවක් වේද, මේ කාරණය සත්පුරුෂයන් විසින් වර්‍ණනා කරණ ලද්දේය. මහණෙනි, යම් මේ කළගුණ දන්නා භාවයක් වේද, කළගුණ ප්‍රකටසේ දන්නා භාවයක් වේද, සම්පූර්‍ණයෙන් මේ කාරණය සත්පුරුෂ භූමි නම් වේ.”
34
‘‘ද්වින්නාහං, භික්ඛවෙ, න සුප්පතිකාරං වදාමි. කතමෙසං ද්වින්නං? මාතු ච පිතු ච. එකෙන, භික්ඛවෙ, අංසෙන මාතරං පරිහරෙය්‍ය , එකෙන අංසෙන පිතරං පරිහරෙය්‍ය වස්සසතායුකො වස්සසතජීවී සො ච නෙසං උච්ඡාදනපරිමද්දනන්හාපනසම්බාහනෙන. තෙ ච තත්ථෙව මුත්තකරීසං චජෙය්‍යුං. න ත්වෙව, භික්ඛවෙ, මාතාපිතූනං කතං වා හොති පටිකතං වා. ඉමිස්සා ච, භික්ඛවෙ, මහාපථවියා පහූතරත්තරතනාය (පහූතසත්තරතනාය (සී. ස්‍යා. කං. පී.) තිකනිපාතෙ මහාවග්ගෙ දසමසුත්තටීකායං දස්සිතපාළියා සමෙති) මාතාපිතරො ඉස්සරාධිපච්චෙ රජ්ජෙ පතිට්ඨාපෙය්‍ය, න ත්වෙව, භික්ඛවෙ, මාතාපිතූනං කතං වා හොති පටිකතං වා. තං කිස්ස හෙතු? බහුකාරා (බහූපකාරා (ක.)), භික්ඛවෙ, මාතාපිතරො පුත්තානං ආපාදකා පොසකා ඉමස්ස ලොකස්ස දස්සෙතාරො. යො ච ඛො, භික්ඛවෙ, මාතාපිතරො අස්සද්ධෙ සද්ධාසම්පදාය සමාදපෙති නිවෙසෙති පතිට්ඨාපෙති, දුස්සීලෙ සීලසම්පදාය සමාදපෙති නිවෙසෙති පතිට්ඨාපෙති, මච්ඡරී චාගසම්පදාය සමාදපෙති නිවෙසෙති පතිට්ඨාපෙති, දුප්පඤ්ඤෙ පඤ්ඤාසම්පදාය සමාදපෙති නිවෙසෙති පතිට්ඨාපෙති, එත්තාවතා ඛො, භික්ඛවෙ, මාතාපිතූනං කතඤ්ච හොති පටිකතඤ්චා’’ති (පටිකතඤ්ච අතිකතඤ්චාති (සී. පී.)).
34
සුප්පතිකාර සූත්‍රය.
“මහණෙනි, දෙදෙනෙකුන්හට සුදුසු සේ කළගුණ සැළකීම නොකළ හැකියයි මම කියමි. කවර දෙදෙනෙකුන්ටද යත්. තමන් දාකළ මවටද, ජනක පියාටද වෙත්.
“මහණෙනි, වර්‍ෂ සියයක් ආයු ඇත්තාවූ, වර්‍ෂ සියයක් ජීවත් වන්නාවූ (පුතෙක්) එක් අංශයකින් මව පෝෂණය කරන්නේද, එක් අංශයකින් පියා පෝෂණය කරන්නේද, හෙතෙම ඔවුන්ගේ ඇඟ ඉලීමෙන්, පිරිමැදීමෙන්, නෑවීමෙන්, අත් පා මැඩීම් කිරීමෙන් ඔවුන්ට උපස්ථාන කෙරේද, එකී දෙමව්පියෝ එහිම හුන්නාහු මල මූත්‍ර පහ කෙරෙත්ද, මහණෙනි, (එපමණකිනුදු) මවු පිය දෙදෙනාට උපකාර කරණ ලද්දේ නොවේමය.
“මහණෙනි, යම් පුත්‍රයෙක් මව් පිය දෙදෙනා බොහෝ සප්තවිධ රත්නයන් ඇත්තාවූ, මේ මහා පෘථුවියෙහි ඉසුරු බව හා අධිපති බව ඇත්තාවූ චක්‍රවර්ති රාජ්‍යයෙහි පිහිටුවන්නේද, එපමණකිනිදු මහණෙනි, මවු පිය දෙදෙනාට උපකාර කරණ ලද්දේ හෝ කළ ගුණ සලකන ලද්දේ හෝ නොවේමය. ඊට හේතු කවරේද? මහණෙනි, මව් පිය දෙදෙනා පුත්‍රයන්ට බොහෝ උපකාර ඇත්තෝය. ඔවුන් වර්‍ධනය කරන්නෝය. පෝෂණය කරන්නෝය. මේ ලෝකය දක්වන්නෝය. එහෙයිනි.”
35
අථ ඛො අඤ්ඤතරො බ්‍රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං...පෙ.... එකමන්තං නිසින්නො ඛො සො බ්‍රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘කිංවාදී භවං ගොතමො කිමක්ඛායී’’ති? ‘‘කිරියවාදී චාහං, බ්‍රාහ්මණ, අකිරියවාදී චා’’ති. ‘‘යථාකථං පන භවං ගොතමො කිරියවාදී ච අකිරියවාදී චා’’ති?
‘‘අකිරියං ඛො අහං, බ්‍රාහ්මණ, වදාමි කායදුච්චරිතස්ස වචීදුච්චරිතස්ස මනොදුච්චරිතස්ස, අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං අකිරියං වදාමි. කිරියඤ්ච ඛො අහං, බ්‍රාහ්මණ, වදාමි කායසුචරිතස්ස වචීසුචරිතස්ස මනොසුචරිතස්ස, අනෙකවිහිතානං කුසලානං ධම්මානං කිරියං වදාමි. එවං ඛො අහං, බ්‍රාහ්මණ, කිරියවාදී ච අකිරියවාදී චා’’ති.
‘‘අභික්කන්තං, භො ගොතම...පෙ.... උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති.
35
කිංචාදී සූත්‍රය.
ඉක්බිති එක්තරා බ්‍රාහ්මණයෙක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු සාමීචි කථා කොට එක් පසෙක උන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ බ්‍රාහ්මණ තෙම භාගයවතුන් වහන්සේට මේ කාරණය සැළකෙලේය.
“භවත් ගෞතම තෙමේ කිනම් ලබ්ධි ඇත්තේද? කිනම් ප්‍රතිපත්තියක් ප්‍රකාශ කරන්නේද?”
“බ්‍රාහ්මණය, මම ක්‍රියාවාදී වෙමි. අක්‍රියාවාදීද වෙමි.”
“භවත් ගෞතම තෙමේ කෙසේ නම් ක්‍රියාවාදීත් වේද, අක්‍රියාවාදීත් වේද?”
“බ්‍රාහ්මණය, මම වනාහි කායදුශ්චරිතයාගේද, වාග්දුශ්චරිතයාගේද, මනොදුශ්චරිතයාගේද, නොකටයුතු බව කියමි. නොයෙක් ආකාර ලාමකවූ අකුශලධර්‍මයන් නොකට යුතු බව කියමි. බ්‍රාහ්මණය, මම වනාහි කායසුචරිතයාගේද, වාක්සුචරිතයාගේද, මනොසුචරිතයාගේද, කිරීම කියමි. තුන් වැදෑරුම් වූ කුශලධර්‍මයන් කිරීම කියමි. බ්‍රාහ්මණය, මෙසේ මම වනාහි ක්‍රියාවාදීත් වෙමි, අක්‍රියාවාදීත් වෙමි”
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතම තෙමේ අද පටන් දිවිහිම්කොට සරණ ගියාවූ උපාසකයෙක් කොට මා දරණ සේක්වා. (දැන වදාරණ සේක්වා.)”
36
අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි ; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අනාථපිණ්ඩිකො ගහපති භගවන්තං එතදවොච - ‘‘කති නු ඛො, භන්තෙ, ලොකෙ දක්ඛිණෙය්‍යා, කත්ථ ච දානං දාතබ්බ’’න්ති? ‘‘ද්වෙ ඛො, ගහපති, ලොකෙ දක්ඛිණෙය්‍යා - සෙඛො ච අසෙඛො ච. ඉමෙ ඛො, ගහපති, ද්වෙ ලොකෙ දක්ඛිණෙය්‍යා, එත්ථ ච දානං දාතබ්බ’’න්ති.
ඉදමවොච භගවා. ඉදං වත්වාන (වත්වා (සී. පී.) එවමීදිසෙසු ඨානෙසු) සුගතො අථාපරං එතදවොච සත්ථා -
‘‘සෙඛො අසෙඛො ච ඉමස්මිං ලොකෙ,
ආහුනෙය්‍යා යජමානානං හොන්ති;
තෙ උජ්ජුභූතා (උජුභූතා (ස්‍යා. කං. ක.)) කායෙන, වාචාය උද චෙතසා;
ඛෙත්තං තං යජමානානං, එත්ථ දින්නං මහප්ඵල’’න්ති.
36
දක්ඛිණෙය්‍ය සූත්‍රය.
ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තෙනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ අනාථපිණ්ඩික ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැලකෙළේය.
“ස්වාමීනි.ලොව ඍැදැහැවතුන්ගේද දන් ලැබීමට සුදුස්සෝ කීදෙනෙක් වෙත්ද? කොතැන්හි හෙවත් කවර පුද්ගලයෙකුට දන්දිය යුතුදු?’
“ගෘහපතිය. දෙදෙනෙක් වනාහි ලොව දක්ෂිණාර්‍හයෝවෙත්. (එනම්) ශෛක්‍ෂපුද්ගල තෙමේද (සිල්වත් පෘථග්ජනයා සහ සෝවාන් පුද්ගලයා පටන් අර්‍හත් මාර්‍ගය පිළිපන් පුද්ගලයා), අශෛක්‍ෂ රහත් පුද්ගලතෙමේද (යන දෙදෙනයි.) ගෘහපතිය. මේ දෙදෙන වනාහි දන්දීමට සුදුස්සෝය. තවද මේ පුද්ගලයන් කෙරෙහි දානය දිය යුතුයි”
භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක. සුගතවූ ශාස්තෲන් වහන්සේ මෙසේ වදාරා නැවත මේ ගාථාවද වදාළ සේක.
“මෙලොව (සප්තවිධ) ශෛක්‍ෂ පුද්ගල තෙමේද, අශෛක්‍ෂ පුද්ගල තෙමේද, දන් දෙන්නවුන්ගේ දන් පිළිගැනීමට සුදුස්සෝ වෙත්. ඔවුහු කයින්ද, වචනයෙන්ද, නැවත සිතින්ද ඎජු වූවෝය. දන් දෙන්නවුන්ට ඔවුහු පින් කෙතයි. එහි දෙන ලද්ද මහත් ඵල වේ.”
37
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තත්‍ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි - ‘‘ආවුසො භික්ඛවෙ’’ති. ‘‘ආවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච - ‘‘අජ්ඣත්තසංයොජනඤ්ච, ආවුසො, පුග්ගලං දෙසෙස්සාමි බහිද්ධාසංයොජනඤ්ච. තං සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවමාවුසො’’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච -
‘‘කතමො චාවුසො, අජ්ඣත්තසංයොජනො පුග්ගලො? ඉධාවුසො, භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො , අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. සො කායස්ස භෙදා පරං මරණා අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති. සො තතො චුතො ආගාමී හොති, ආගන්තා ඉත්ථත්තං. අයං වුච්චති, ආවුසො, අජ්ඣත්තසංයොජනො පුග්ගලො ආගාමී හොති, ආගන්තා ඉත්ථත්තං.
‘‘කතමො චාවුසො, බහිද්ධාසංයොජනො පුග්ගලො? ඉධාවුසො, භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො, අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. සො අඤ්ඤතරං සන්තං චෙතොවිමුත්තිං උපසම්පජ්ජ විහරති. සො කායස්ස භෙදා පරං මරණා අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති. සො තතො චුතො අනාගාමී හොති, අනාගන්තා ඉත්ථත්තං. අයං වුච්චතාවුසො, බහිද්ධාසංයොජනො පුග්ගලො අනාගාමී හොති, අනාගන්තා ඉත්ථත්තං.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු සීලවා හොති...පෙ.... සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. සො කාමානංයෙව නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති. සො භවානංයෙව නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති. සො තණ්හාක්ඛයාය පටිපන්නො හොති. සො ලොභක්ඛයාය පටිපන්නො හොති. සො කායස්ස භෙදා පරං මරණා අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති. සො තතො චුතො අනාගාමී හොති, අනාගන්තා ඉත්ථත්තං. අයං වුච්චතාවුසො, බහිද්ධාසංයොජනො පුග්ගලො අනාගාමී හොති, අනාගන්තා ඉත්ථත්ත’’න්ති.
අථ ඛො සම්බහුලා සමචිත්තා දෙවතා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තා දෙවතා භගවන්තං එතදවොචුං - ‘‘එසො, භන්තෙ, ආයස්මා සාරිපුත්තො පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ භික්ඛූනං අජ්ඣත්තසංයොජනඤ්ච පුග්ගලං දෙසෙති බහිද්ධාසංයොජනඤ්ච. හට්ඨා, භන්තෙ, පරිසා. සාධු, භන්තෙ, භගවා යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො භගවා - සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං (සම්මිඤ්ජිතං (සී. ස්‍යා. කං. පී.)) වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය , එවමෙවං - ජෙතවනෙ අන්තරහිතො පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ ආයස්මතො සාරිපුත්තස්ස සම්මුඛෙ පාතුරහොසි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. ආයස්මාපි ඛො සාරිපුත්තො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සාරිපුත්තං භගවා එතදවොච -
‘‘ඉධ, සාරිපුත්ත, සම්බහුලා සමචිත්තා දෙවතා යෙනාහං තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො, සාරිපුත්ත, තා දෙවතා මං එතදවොචුං - ‘එසො, භන්තෙ, ආයස්මා සාරිපුත්තො පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ භික්ඛූනං අජ්ඣත්තසංයොජනඤ්ච පුග්ගලං දෙසෙති බහිද්ධාසංයොජනඤ්ච. හට්ඨා, භන්තෙ, පරිසා. සාධු, භන්තෙ, භගවා යෙන ආයස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’ති. තා ඛො පන, සාරිපුත්ත, දෙවතා දසපි හුත්වා වීසම්පි හුත්වා තිංසම්පි හුත්වා චත්තාලීසම්පි හුත්වා පඤ්ඤාසම්පි හුත්වා සට්ඨිපි හුත්වා ආරග්ගකොටිනිතුදනමත්තෙපි තිට්ඨන්ති, න ච අඤ්ඤමඤ්ඤං බ්‍යාබාධෙන්ති (බ්‍යාබාධෙන්තීති (සබ්බත්ථ)). සියා ඛො පන (පන තෙ (සී. ස්‍යා. කං. පී.)), සාරිපුත්ත, එවමස්ස - ‘තත්ථ නූන තාසං දෙවතානං තථා චිත්තං භාවිතං යෙන තා දෙවතා දසපි හුත්වා වීසම්පි හුත්වා තිංසම්පි හුත්වා චත්තාලීසම්පි හුත්වා පඤ්ඤාසම්පි හුත්වා සට්ඨිපි හුත්වා ආරග්ගකොටිනිතුදනමත්තෙපි තිට්ඨන්ති න ච අඤ්ඤමඤ්ඤං බ්‍යාබාධෙන්තී’ති. න ඛො පනෙතං, සාරිපුත්ත, එවං දට්ඨබ්බං. ඉධෙව ඛො, සාරිපුත්ත, තාසං දෙවතානං තථා චිත්තං භාවිතං, යෙන තා දෙවතා දසපි හුත්වා...පෙ.... න ච අඤ්ඤමඤ්ඤං බ්‍යාබාධෙන්ති. තස්මාතිහ, සාරිපුත්ත, එවං සික්ඛිතබ්බං - ‘සන්තින්ද්‍රියා භවිස්සාම සන්තමානසා’ති. එවඤ්හි වො, සාරිපුත්ත, සික්ඛිතබ්බං. ‘සන්තින්ද්‍රියානඤ්හි වො, සාරිපුත්ත, සන්තමානසානං සන්තංයෙව කායකම්මං භවිස්සති සන්තං වචීකම්මං සන්තං මනොකම්මං. සන්තංයෙව උපහාරං උපහරිස්සාම සබ්‍රහ්මචාරීසූ’ති. ‘එවඤ්හි වො, සාරිපුත්ත, සික්ඛිතබ්බං. අනස්සුං ඛො, සාරිපුත්ත, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා යෙ ඉමං ධම්මපරියායං නාස්සොසු’’’න්ති.
37
සාරීපුත්ත සඤ්ඤෝජන සූත්‍රය.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි වසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම සැවැත් නුවර සමීපයෙහි වූ පූර්‍වාරාමයෙහි මිගාරමාතු නම්වූ (විශාඛා) උපාසිකාව විසින් කරවා පිළිගන්වන ලද ප්‍රාසාදයෙහි වැඩ වාසය කෙරෙයි. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම, “ඇවැත්නි, මහණෙනි,” කියා භික්‍ෂූන් ඇමතූයේය. ඒ භික්‍ෂූහු තුමූ, “ඇවැත්නි” කියා ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙම මෙසේ ප්‍රකාශ කෙළේය:
“ඇවැත්නි, අධ්‍යාත්ම සංයෝජන ඇති පුද්ගලයාද (අධ්‍යාත්ම නම් කාම භවයෙහි ඡන්‍දරාගය ඇත්තාවූ පුද්ගලයාද) බහිද්ධා සංයෝජන ඇති පුද්ගලයාද (බහිද්ධා නම් රූපා රූප භවයන්හි ඡන්‍දරාග ඇත්තාවූ පුද්ගලයාද) ප්‍රකාශ කරන්නෙමි. ඒ ශ්‍රවණය කරව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.” ඒ භික්‍ෂූහු තුමූ “එසේය, පින්වතුන් වහන්සැ” යි ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන්ට පිළිතුරු දුන්හ. ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම මෙසේ වදාළේය: “ඇවැත්නි, අධ්‍යාත්ම සංයෝජන ඇත්තාවූ පුද්ගල තෙම කවරේද?
“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් යුක්තවූයේ, ආචාර, ගෝචර දෙකින් යුක්තවූයේ, ස්වල්ප මාත්‍රවූ අකුශල ධර්මයන්හි බිය දක්නා සුලුව වාසය කෙරේද, ශික්‍ෂා පදයන් සමාදන්ව එහි හික්මේද,
“හෙතෙම ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි එක්තරා දිව්‍ය නිකායෙක්හි උපදී. හෙතෙම එයින් චුතවූයේ, යටට බස්නා ස්වභාව වූයේ, මේ මනුෂ්‍යාත්ම භාවයට එන්නේ වේ. ඇවැත්නි, මේ වනාහි අධ්‍යාත්මික (ඔරම්භාගිය) සංයෝජනයෙන් (බැඳීමෙන්) යුක්තවූ, යටට බස්නා සුලුවූ, මේ මනුෂ්‍යාත්මභාවයට එන්නාවූ පුද්ගල තෙමේයයි කියනු ලැබේ.
“ඇවැත්නි, බහිද්‍ධාසංයෝජනයෙන් (බැඳුමෙන්) යුක්තවූ පුද්ගල තෙම කවරේද?
“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් යුක්තවූයේ, ආචාර, ගෝචර දෙකින් යුක්තවූයේ, ස්වල්ප මාත්‍රවූ අකුශල ධර්මයන්හි බිය දක්නා සුලුව වාසය කෙරේද, ශික්‍ෂා පදයන් සමාදන්ව එහි හික්මේද,
“හෙතෙම එක්තරා ශාන්තවූ චිත්තවිමුක්තියකට පැමිණ වාසය කෙරෙයි. හෙතෙම ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි එක්තරා දිව්‍ය නිකායෙක්හි උපදී. හෙතෙම එයින් චුතවූයේ, පහළට නොබස්නා ස්වභාව වූයේ, මේ මිනිස් බවට නොඑන්නේ වේ. ඇවැත්නි, මේ වනාහි පහතට නොබස්නා ස්වභාවවූ, මේ මිනිස් බවට නොඑන්නාවූ, බාහිර සංයෝජනයෙන් යුක්තවූ, පුද්ගල තෙමේයයි කියනු ලැබේ.
හෙතෙම ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි එක්තරා දිව්‍ය නිකායෙක්හි උපදී. හෙතෙම එයින් චුතවූයේ, යටට බස්නා ස්වභාව වූයේ, මේ මනුෂ්‍යාත්ම භාවයට එන්නේ වේ. ඇවැත්නි, මේ වනාහි අධ්‍යාත්මික (ඔරම්භාගිය) සංයෝජනයෙන් (බැඳීමෙන්) යුක්තවූ, යටට බස්නා සුලුවූ, මේ මනුෂ්‍යාත්මභාවයට එන්නාවූ පුද්ගල තෙමේයයි කියනු ලැබේ.
හෙතෙම කාමයන්හිම කලකිරීම පිණිස, නොඇලීම පිණිස, විනාශය පිණිස පිළිපන්නේ වේ. හෙතෙම (තුන්) භවයන්හිම කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, විනාශය පිණිසද පිළිපන්නේ වේ. හෙතෙම තෘෂ්ණාව ක්‍ෂය කිරීම පිණිස පිළිපන්නේ වේ. හෙතෙම ලෝභය ක්‍ෂය කිරීම පිණිස පිළිපන්නේ වේ. හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි එක්තරා දිව්‍ය නිකායෙක්හි උපදී. හෙතෙම එයින් චුතවූයේ, අනාගාමී වූයේ, මේ මිනිසත් බවට නොඑන්නේ වේ. ඇවැත්නි, මේ වනාහි පහතට (කාමභවයට) නොබස්නා ස්වභාව වූ, මේ මිනිසත් බවට නොඑන්නාවූ, බාහිර සංයෝජනයෙන් යුක්තවූ, පුද්ගල තෙමේයයි කියනු ලැබේ.”
ඉක්බිත්තෙන් සමසිත් ඇත්තාවූ, බොහෝවූ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියාහුය. එක්පසෙක සිටියාවූ මේ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළාහුය.
“ස්වාමීනි, මේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම පූර්‍වාරාමයෙහි මිගාරමාතා ප්‍රාසාදයෙහි භික්‍ෂූන්ට, අධ්‍යාත්ම සංයෝජනය ඇති පුද්ගලයාද, බහිද්‍ධාසංයෝජනය ඇති පුද්ගලයාද දේශනා කෙරෙයි. ස්වාමීනි, (එහිවූ) පිරිස් තොමෝ සතුටු සිත් ඇත්තීය. ස්වාමීනි, භාග්‍යවත් තෙම අනුකම්පා කොට ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැන්හි පැමිණෙන සේක් නම් මැනව.”
භාග්‍යවතුන් වහන්සේ, තූෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිත්තෙන් භාග්‍යවත් තෙමේ, යම් සේ ශක්තිමත් පුරුෂයෙක් වූකලී හකුළුවන ලද්දාවූ අතක් දිගු කරන්නේ හෝ වේද, දිගු කරණ ලද්දාවූ අතක් හකුළුවන්නේ හෝ වේද, එපරිද්දෙන්ම ජේතවනාරාම විහාරයෙහි අතුරුදන් වූයේ, පූර්‍වාරාමයෙහි මිගාරමාතා ප්‍රාසාදයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් ඉදිරියෙහි පහළවූසේක. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අසුන්හි වැඩහුන් සේක. ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේද භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ, ශාරීපුත්‍ර ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ශාරීපුත්‍රය, මෙහි සමාන සිත් ඇත්තාවූ බොහෝ දේවතාවෝ මම යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. පැමිණ මා වැඳ එකත්පසෙක සිටියාහුය. ශාරීපුත්‍රය, එක් පසෙක සිටියාවූ ඒ දේවතාවෝ මට මෙසේ කීවාහුය. “ස්වාමීනි, මේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම පූර්‍වාරාමයෙහි මිගාරමාතා ප්‍රාසාදයෙහි භික්‍ෂූන්ට, අධ්‍යාත්ම සංයෝජනයෙන් යුත් පුද්ගලයාද, බහිද්‍ධාසංයෝජනයෙන් යුත් පුද්ගලයාද දේශනා කෙරෙයි. ස්වාමීනි, පිරිස් තොම තුටු පහටු සිත් ඇත්තීය. ස්වාමීනි, භාග්‍යවත් තෙමේ අනුකම්පා කොට ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට එළඹෙන සේක්වා, ශාරීපුත්‍රය, ඒ දේවතාවෝ වනාහි දසදෙනෙක්වද, විසිදෙනෙක්වද, තිස්දෙනෙක්වද, සතළිස්දෙනෙක්වද, පණස්දෙනෙක්වද, සැටදෙනෙක්වද, පිරිස් වශයෙන් රැස්ව, ඉදිකටු තුඩක් හෙළන පමණ තන්හි සිටිත්. නමුත් එකිනෙකා නොපෙළෙත්.
“ශාරීපුත්‍රය, ඉදින් තොපට මේ කරුණු ගැන මෙබඳු සිතක් ඇතිවිය හැකියි. යම් හෙයකින් ඒ දේවතාවෝ දසදෙනෙක්වද, විසිදෙනෙක්වද, තිස්දෙනෙක්වද, සතළිස්දෙනෙක්වද, පණස්දෙනෙක්වද, සැටදෙනෙක්වද, ඉදිකටු තුඩක් හෙළන පමණ තන්හිත් සිටිත්ද. එහෙත් එකිනෙකා නොපෙළෙත්ද, ඒකාන්තයෙන් එපරිද්දෙන් ඒ දේවතාවන් විසින් (ඒ සමාපත්ති) සිත වඩනලද්දේ, එහි (ඔවුන්ගේ දේව ලෝකයෙහිය) කියායි. ශාරීපුත්‍රය, මේ කාරණය එසේ නොසැලකිය යුතුය. (මක්නිසාදයත්) යම් හෙයකින් ඒ දේවතාවෝ දසදෙනෙක්වද, විසිදෙනෙක්වද, තිස්දෙනෙක්වද, සතළිස්දෙනෙක්වද, පණස්දෙනෙක්වද, සැටදෙනෙක්වද, ඉදිකටු තුඩක් හෙළන පමණ තන්හි සිටිත්ද. එහෙත් එකිනෙකා නොපෙළෙත්ද. ශාරීපුත්‍රය, ඒ දේවතාවන් විසින් එසේ කිරීමට හැකිවන සේ (සමාපත්ති) සිතක් වඩන ලද්දේ මේ ලෝකයෙහිමය. නොහොත් මේ ශාසනයෙහිමය.
“ශාරීපුත්‍රය, එහෙයින් මේ කරුණෙහි මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘සන්සුන් ඉඳුරන් ඇත්තෝ, සන්සුන් සිත් ඇත්තෝ වන්නෙමු’ යි (කියායි). ශාරීපුත්‍රය, තොප විසින් හික්මිය යුතු මෙසේමය. ශාරීපුත්‍රය, සන්සුන් ඉඳුරන් ඇත්තාවූ, සන්සුන් සිත් ඇත්තාවූ, තොපගේ කාය කර්මය ශාන්ත වන්නේමය. වාක් කර්මය ශාන්ත වන්නේමය. මනො කර්මය ශාන්ත වන්නේමය. ශාරීපුත්‍රය, ‘සමාන බඹසර ඇත්තන් කෙරෙහි ශාන්තවූම, කය සිත දෙකින් කරණ, පූජාව පමුණුවන්නෙමු’ යි තොප විසින් මෙසේම හික්මිය යුතුයි. යමෙක් තුමූ මේ ධර්ම දේශනාව නොඇසුවාහුද, ඒ අන්‍යතීර්ත්‍ථක පරිබ්‍රාජකයෝ පිරිහුණාහුම වෙත්.”
38
එවං මෙ සුතං - එකං සමයං ආයස්මා මහාකච්චානො වරණායං විහරති භද්දසාරිතීරෙ (කද්දමදහතීරෙ (සී. ස්‍යා. කං. පී.)). අථ ඛො ආරාමදණ්ඩො බ්‍රාහ්මණො යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මතා මහාකච්චානෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආරාමදණ්ඩො බ්‍රාහ්මණො ආයස්මන්තං මහාකච්චානං එතදවොච - ‘‘කො නු ඛො, භො කච්චාන, හෙතු කො පච්චයො යෙන ඛත්තියාපි ඛත්තියෙහි විවදන්ති, බ්‍රාහ්මණාපි බ්‍රාහ්මණෙහි විවදන්ති, ගහපතිකාපි ගහපතිකෙහි විවදන්තී’’ති? ‘‘කාමරාගාභිනිවෙසවිනිබන්ධ (කාමරාගවිනිවෙසවිනිබද්ධ (සී. ස්‍යා. කං. පී.)) පලිගෙධපරියුට්ඨානජ්ඣොසානහෙතු ඛො, බ්‍රාහ්මණ, ඛත්තියාපි ඛත්තියෙහි විවදන්ති, බ්‍රාහ්මණාපි බ්‍රාහ්මණෙහි විවදන්ති, ගහපතිකාපි ගහපතිකෙහි විවදන්තී’’ති.
‘‘කො පන, භො කච්චාන, හෙතු කො පච්චයො යෙන සමණාපි සමණෙහි විවදන්තී’’ති? ‘‘දිට්ඨිරාගාභිනිවෙසවිනිබන්ධපලිගෙධපරියුට්ඨානජ්ඣොසානහෙතු ඛො, බ්‍රාහ්මණ, සමණාපි සමණෙහි විවදන්තී’’ති.
‘‘අත්ථි පන, භො කච්චාන, කොචි ලොකස්මිං යො ඉමඤ්චෙව කාමරාගාභිනිවෙසවිනිබන්ධපලිගෙධපරියුට්ඨානජ්ඣොසානං සමතික්කන්තො, ඉමඤ්ච දිට්ඨිරාගාභිනිවෙසවිනිබන්ධපලිගෙධපරියුට්ඨානජ්ඣොසානං සමතික්කන්තො’’ති? ‘‘අත්ථි, බ්‍රාහ්මණ, ලොකස්මිං යො ඉමඤ්චෙව කාමරාගාභිනිවෙසවිනිබන්ධපලිගෙධපරියුට්ඨානජ්ඣොසානං සමතික්කන්තො, ඉමඤ්ච දිට්ඨිරාගාභිනිවෙසවිනිබන්ධපලිගෙධපරියුට්ඨානජ්ඣොසානං සමතික්කන්තො’’ති.
‘‘කො පන සො, භො කච්චාන, ලොකස්මිං යො ඉමඤ්චෙව කාගරාගාභිනිවෙසවිනිබන්ධපලිගෙධපරියුට්ඨානජ්ඣොසානං සමතික්කන්තො, ඉමඤ්ච දිට්ඨිරාගාභිනිවෙසවිනිබන්ධපලිගෙධපරියුට්ඨානජ්ඣොසානං සමතික්කන්තො’’ති? ‘‘අත්ථි, බ්‍රාහ්මණ, පුරත්ථිමෙසු ජනපදෙසු සාවත්ථී නාම නගරං. තත්ථ සො භගවා එතරහි විහරති අරහං සම්මාසම්බුද්ධො. සො හි, බ්‍රාහ්මණ, භගවා ඉමඤ්චෙව කාමරාගාභිනිවෙසවිනිබන්ධපලිගෙධපරියුට්ඨානජ්ඣොසානං සමතික්කන්තො , ඉමඤ්ච දිට්ඨිරාගාභිනිවෙසවිනිබන්ධපලිගෙධපරියුට්ඨානජ්ඣොසානං සමතික්කන්තො’’ති.
එවං වුත්තෙ ආරාමදණ්ඩො බ්‍රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා දක්ඛිණං ජාණුමණ්ඩලං පථවියං නිහන්ත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං උදානං උදානෙසි -
‘‘නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස, නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස, නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස. යො හි සො භගවා ඉමඤ්චෙව කාමරාගාභිනිවෙසවිනිබන්ධපලිගෙධපරියුට්ඨානජ්ඣොසානං සමතික්කන්තො, ඉමඤ්ච දිට්ඨිරාගාභිනිවෙසවිනිබන්ධපලිගෙධපරියුට්ඨානජ්ඣොසානං සමතික්කන්තො’’ති.
‘‘අභික්කන්තං, භො කච්චාන, අභික්කන්තං, භො කච්චාන! සෙය්‍යථාපි, භො කච්චාන, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්‍ය - ‘චක්ඛුමන්තො රූපානි දක්ඛන්තී’ති, එවමෙවං භොතා කච්චානෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං, භො කච්චාන, තං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං කච්චානො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති.
38
ආරාමදණ්ඩ සූත්‍රය.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් මහාකච්ඡාන ස්ථවිර තෙම චරණ නම් නුවර, කද්දම නම් විල්තෙර වාසය කරයි. එකල්හි වනාහි ආරාමදණ්ඩ නම් බ්‍රාහ්මණ තෙම ආයුෂ්මත් මහාකච්ඡාන ස්ථවිරයන් වෙත පැමිණ සතුටු සාමීචි කථාකොට එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ ආරාමදණ්ඩ බමුණු මහාකච්ඡාන ස්ථවිරයන්ට මේ කරුණ සැළකළේය.
“භවත් කච්චායනයෙනි, යමක් හේතුකොටගෙන ක්‍ෂත්‍රියයෝත් ක්‍ෂත්‍රියයන් සමග විවාද කෙරෙත්ද, බ්‍රාහ්මණයෝත් බ්‍රාහ්මණයන් සමග විවාද කෙරෙත්ද, ගෘහපතියෝත් ගෘහපතියන් සමග විවාද කෙරෙත්ද, ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද?
බ්‍රාහ්මණය, කාමරාගයෙහි ඇතුල්වීමය, කාමරාගයෙන් බැඳිමය, කාමරාගයෙහි ගිජුවීමය, කාමරාගයෙන් සිත වැළඳගැන්මය, කාමරාගයෙහි ගැලීමය යන මේ හේතුකොටගෙණ, ක්‍ෂත්‍රියයෝත් ක්‍ෂත්‍රියයන් සමග විවාද කෙරෙති, බමුණෝත්, බමුණන් සමග විවාද කෙරෙති, ගහපතියෝත් ගහපතියන් සමග විවාද කෙරෙති.”
“භවත් කච්චායනයෙනි, යමක් හේතුකොටගෙන ශ්‍රමණයෝත් ශ්‍රමණයන් සමග විවාද කෙරෙත්ද, ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද? “බ්‍රාහ්මණය, දෘෂ්ටිරාගයෙන් ඇතුල්වීමය, දෘෂ්ටිරාගයෙන් බැඳීමය, දෘෂ්ටිරාගයෙන් ගිජුවීමය, දෘෂ්ටිරාගයෙන් සිත වැළඳගැන්මය, දෘෂ්ටිරාගයෙහි ගැලී සිටීමය යන මේ හේතු කොට ගෙන ශ්‍රමණයෝත්, ශ්‍රමණයන් සමග විවාද කෙරෙත්.”
“භවත් කච්චායනයෙනි, කාමරාගයෙහි ඇතුල්වීමය, කාමරාගයෙන් බැඳිමය, කාමරාගයෙහි ගිජුවීමය, කාමරාගයෙන් සිත වැළඳගැන්මය, කාමරාගයෙහි ගැලීමය යන මේ දේ ඉක්මෙව්වාවූ කිසිවෙක් ඇද්ද? මෙම දෘෂ්ටිරාගයෙන් ඇතුල්වීමය, දෘෂ්ටිරාගයෙන් බැඳීමය, දෘෂ්ටිරාගයෙන් ගිජුවීමය, දෘෂ්ටිරාගයෙන් සිත වැළඳගැන්මය, දෘෂ්ටිරාගයෙහි ගැලී සිටීමය යන මේ දේ ඉක්මෙව්වාවූ කිසිවෙක් ඇද්ද?”
“බ්‍රාහ්මණය, කාමරාගයෙහි ඇතුල්වීමය, කාමරාගයෙන් බැඳිමය, කාමරාගයෙහි ගිජුවීමය, කාමරාගයෙන් සිත වැළඳගැන්මය, කාමරාගයෙහි ගැලීමය යන මේ දේ ඉක්මෙව්වාවූද, මෙම දෘෂ්ටිරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය යන මේ දේ ඉක්මෙව්වාද කිසිවෙක් ලෝකයෙහි නැත්තේය.
“භවත් කච්චායනයෙනි, මේ කාමරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය යන මේ දේ ඉක්මෙව්වාද, මෙම දෘෂ්ටිරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය යන මේ දේ ඉක්මෙව්වාද යම් කිසිවෙක් ලොව ඇත්නම් හෙතෙම කවරේද?”
“බ්‍රාහ්මණය, පූර්‍වදිශා ජනපදයන්හි සැවැත් නම් නුවරෙක් ඇත. අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ එහි දැන් වාසය කරණ සේක. බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි මේ කාමරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය යන මේ දේ ඉක්මගියසේක.. මේ දෘෂ්ටිරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය යන මේ දේද ඉක්මගිය සේක.
මෙසේ කී කල්හි ආරාමදණ්ඩ නම් බ්‍රාහ්මණ තෙම හුනස්නෙන් නැගිටපියා, උතුරු සළුව එකස්කොට, දකුණු දණමඬල බිම ගසා භාග්‍යවතුන් වහන්සේ යම් දිසාවෙක්හිද, ඒ දිශාවට වැඳ නමස්කාරකොට (ඇඳිලි බැඳ) (මෙසේ) ප්‍රීතිවාක්‍යය පහළ කෙළේය. (කෙසේදයත්) “යම් ඒ භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් මේ කාමරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය, මේ දෘෂ්ටිරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය යන මේ දේ ඉක්මගිය සේක්ද, ඒ භාග්‍යවත්, අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේට නමස්කාර වේවා.
ඒ භාග්‍යවත්, අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේට නමස්කාර වේවා.
ඒ භාග්‍යවත්, අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේට නමස්කාර වේවා.
‘භවත් කාත්‍යායනයෙනි, භවත් කාත්‍යායනයෙනි, ඉතාම යහපත. භවත් කාත්‍යායනයෙනි, මුව යටිකුරුකොට තබන ලද්දක් යම්සේ මුව උඩුකුරුකොට තබන්නේද, වසන ලද්දක් යම්සේ විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට යම්සේ මාර්‍ගය කියන්නේද, ඇස් ඇත්තාහු රූපයන් දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් යම්සේ දල්වන්නේද, එපරිද්දෙන් භවත් කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය දේශනා කරණ ලද්දේය. භවත් කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, මේ මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංඝයාද සරණ යෙමි. භවත් කාත්‍යායන ස්ථවිර තෙමේ අද පටන් දිවිහිම්කොට සරණ ගියාවු උපාසකයෙකුකොට මා දරණ සේක්වායි.”
39
එකං සමයං ආයස්මා මහාකච්චානො මධුරායං විහරති ගුන්දාවනෙ. අථ ඛො කන්දරායනො (කණ්ඩරායනො (සී. ස්‍යා. කං. පී.)) බ්‍රාහ්මණො යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මතා මහාකච්චානෙන සද්ධිං...පෙ.... එකමන්තං නිසින්නො ඛො කන්දරායනො බ්‍රාහ්මණො ආයස්මන්තං මහාකච්චානං එතදවොච - ‘‘සුතං මෙතං, භො කච්චාන, ‘න සමණො කච්චානො බ්‍රාහ්මණෙ ජිණ්ණෙ වුද්ධෙ මහල්ලකෙ අද්ධගතෙ වයොඅනුප්පත්තෙ අභිවාදෙති වා පච්චුට්ඨෙති වා ආසනෙන වා නිමන්තෙතී’ති. තයිදං, භො කච්චාන, තථෙව? න හි භවං කච්චානො බ්‍රාහ්මණෙ ජිණ්ණෙ වුද්ධෙ මහල්ලකෙ අද්ධගතෙ වයොඅනුප්පත්තෙ අභිවාදෙති වා පච්චුට්ඨෙති වා ආසනෙන වා නිමන්තෙති. තයිදං, භො කච්චාන, න සම්පන්නමෙවා’’ති.
‘‘අත්ථි, බ්‍රාහ්මණ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන වුද්ධභූමි ච අක්ඛාතා දහරභූමි ච. වුද්ධො චෙපි, බ්‍රාහ්මණ, හොති ආසීතිකො වා නාවුතිකො වා වස්සසතිකො වා ජාතියා, සො ච කාමෙ පරිභුඤ්ජති කාමමජ්ඣාවසති කාමපරිළාහෙන පරිඩය්හති කාමවිතක්කෙහි ඛජ්ජති කාමපරියෙසනාය උස්සුකො. අථ ඛො සො බාලො න ථෙරොත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති. දහරො චෙපි, බ්‍රාහ්මණ, හොති යුවා සුසුකාළකෙසො භද්‍රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා . සො ච න කාමෙ පරිභුඤ්ජති න කාමමජ්ඣාවසති, න කාමපරිළාහෙන පරිඩය්හති, න කාමවිතක්කෙහි ඛජ්ජති, න කාමපරියෙසනාය උස්සුකො. අථ ඛො සො පණ්ඩිතො ථෙරොත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡතී’’ති.
එවං වුත්තෙ කන්දරායනො බ්‍රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා දහරානං සතං (සුදං (සී. ස්‍යා. කං. පී.)) භික්ඛූනං පාදෙ සිරසා වන්දති - ‘‘වුද්ධා භවන්තො, වුද්ධභූමියං ඨිතා. දහරා මයං, දහරභූමියං ඨිතා’’ති.
‘‘අභික්කන්තං, භො කච්චාන...පෙ.... උපාසකං මං භවං කච්චානො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති.
39
මධුරා සූත්‍රය.
එක් සමයෙක්හි ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරතෙම මධුරා නම් නුවර ගුන්දා වනයෙහි වාසය කෙරෙයි. එකල්හි, කණ්ඩරායන නම් බ්‍රාහ්මණ තෙමේ මහා කාත්‍යායන ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ එකත්පස්ව උන්නේය. එකත්පසෙක උන්නාවූ කණ්ඩරායන බ්‍රාහ්මණතෙම ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන්ට මෙසේ සැලකෙළේය.
“භවත් කාත්‍යායනයෙනි, මවිසින් මෙසේ අසන ලද්දේය. (කෙසේද යත්) ‘මහා කාත්‍යායන ශ්‍රමණතෙමේ (ජරාවෙන්) ජීර්‍ණවූ, ජාතිමහල්ලකවූ, දීර්‍ඝ කාලයක් ඉක්මුණාවූ, පශ්විම වයසට පිළිවෙලින් පැමිණියාවූ බ්‍රාහ්මණයන් නොවඳියි. දැක හුනස්නෙන්ද නැගී නොසිටියි. ආසනයෙන්ද නොපවරයි.’ (කියායි.) භවත් කාත්‍යායනයෙනි, ඒ මේ කරුණු එසේමය.
භවත් කාත්‍යායනයෝ, (ජරාවෙන්) ජීර්‍ණවූ, වයොවෘද්‍ධවූ, ජාතිමහල්ලකවූ, දීර්‍ඝ කාලයක් ඉක්මුණාවූ, පශ්විම වයසට පිළිවෙලින් පැමිණියාවූ බ්‍රාහ්මණයන් නොවඳියි. දැක හුනස්නෙන්ද නැගී නොසිටියි. ආසනයෙන්ද නොපවරත්ද, “භවත් කාත්‍යායනයෙනි, ඒ මේ කාරණය නුසුදුසුමය.”
“බ්‍රාහ්මණය, (දතයුතු සියලු දේ) දන්නාවූ, (සියල්ල) දක්නාවූ, අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාවූ, වෘද්‍ධයන් වන කාරණයද, තරුණයන් වන කාරණයද ඇත. බ්‍රාහ්මණය, ඉදින් අසූ වයස් ඇත්තාවූ හෝ අනූ වයස් ඇත්තාවූ හෝ උත්පත්තියෙන් අවුරුදු සියයක් ඇත්තාවූ හෝ වෘද්‍ධයෙක් වේද, එහෙත් හෙතෙමේ කාමයන් පරිභෝග කෙරේද, ද්විවිධවූ කාමයන් මධ්‍යයෙහි වාසය කෙරේද, කාම දැවිල්ලෙන් හාත්පසින් දැවේද, කාම විතර්‍කයන් විසින් කනු (පෙළනු) ලැබේද, නොයෙක් කාමයන් සෙවීමෙහි උත්සාහවත් වේද, එසේ ඇති කල්හි, හෙතෙම බාලය. වෘද්‍ධ නැත, යන කොටසට යෙයි. (බාලයයි සලකනු ලැබේ.)
“බ්‍රාහ්මණය, ඉදින් තරුණ බැව් ඇති, මනාව කළුවූ කෙස් ඇති, සොඳුරු යොවුන් වියෙන් සමන්විතවූ, (තෙතිස් වයස් නොඉක්මවූ) පළමුවෙනි වයසින් යුක්තවූ, තරුණයෙක් වේද, එහෙත් හෙතෙම ද්විවිධ කාමයන් පරිභෝග නොකෙරේද, කාමයන් මධ්‍යයෙහි නොවසාද, කාම දැවිල්ලෙන් හාත්පස නොදැවේද, කාම විතර්‍කයන්ගෙන් කනු (පෙළනු) නොලැබේද, කාමයන් සෙවීමෙහි උත්සාහවත් නොවේද, එසේ ඇති කල්හි, හෙතෙම පණ්ඩිතය, ස්ථවිරය යන කොටසට පැමිණේ.”
මෙසේ වදාළ කල්හි කණ්ඩරායන නම් බ්‍රාහ්මණ තෙම හුනස්නෙන් නැගිට, උතුරු සළුව ඒකාංශකොට පොරවා, ‘තරුණවූ, භික්‍ෂූන්ගේ පාදයන් හිසින් වඳී. පින්වතුන් වහන්සේලා වෘද්‍ධයෝය. වෘද්‍ධ භූමියෙහි සිටියෝය. අපි තරුණයෝ වම්හ, තරුණ භූමියෙහි සිටුම්හ.
‘භවත් කාත්‍යායනස්ථවිරයන් වහන්ස, ඉතාම යහපත. භවත් කාත්‍යායනයෙනි, මුව යටිකුරුකොට තබන ලද්දක් යම්සේ මුව උඩුකුරුකොට තබන්නේද, වසන ලද්දක් යම්සේ විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට යම්සේ මාර්‍ගය කියන්නේද, ඇස් ඇත්තාහු රූපයන් දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් යම්සේ දල්වන්නේද, එපරිද්දෙන් භවත් කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය දේශනා කරණ ලද්දේය. භවත් කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, මේ මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංඝයාද සරණ යෙමි. භවත් කාත්‍යායන ස්ථවිර තෙමේ අද පටන් දිවිහිම්කොට සරණ ගියාවු උපාසකයෙකුකොට මා දරණ සේක්වා.”
40
‘‘යස්මිං, භික්ඛවෙ, සමයෙ චොරා බලවන්තො හොන්ති, රාජානො තස්මිං සමයෙ දුබ්බලා හොන්ති. තස්මිං, භික්ඛවෙ, සමයෙ රඤ්ඤො න ඵාසු හොති අතියාතුං වා නිය්‍යාතුං වා පච්චන්තිමෙ වා ජනපදෙ අනුසඤ්ඤාතුං. බ්‍රාහ්මණගහපතිකානම්පි තස්මිං සමයෙ න ඵාසු හොති අතියාතුං වා නිය්‍යාතුං වා බාහිරානි වා කම්මන්තානි පටිවෙක්ඛිතුං. එවමෙවං ඛො, භික්ඛවෙ, යස්මිං සමයෙ පාපභික්ඛූ බලවන්තො හොන්ති, පෙසලා භික්ඛූ තස්මිං සමයෙ දුබ්බලා හොන්ති. තස්මිං, භික්ඛවෙ, සමයෙ පෙසලා භික්ඛූ තුණ්හීභූතා තුණ්හීභූතාව සඞ්ඝමජ්ඣෙ සඞ්කසායන්ති (සඞ්කම්ම ඣායන්ති (ක.), සඤ්චායන්ති (සී. අට්ඨ.)) පච්චන්තිමෙ වා ජනපදෙ අච්ඡන්ති (භජන්ති (සී. ස්‍යා. කං. පී.)). තයිදං, භික්ඛවෙ, හොති බහුජනාහිතාය බහුජනාසුඛාය, බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං.
‘‘යස්මිං , භික්ඛවෙ, සමයෙ රාජානො බලවන්තො හොන්ති, චොරා තස්මිං සමයෙ දුබ්බලා හොන්ති. තස්මිං, භික්ඛවෙ, සමයෙ රඤ්ඤො ඵාසු හොති අතියාතුං වා නිය්‍යාතුං වා පච්චන්තිමෙ වා ජනපදෙ අනුසඤ්ඤාතුං. බ්‍රාහ්මණගහපතිකානම්පි තස්මිං සමයෙ ඵාසු හොති අතියාතුං වා නිය්‍යාතුං වා බාහිරානි වා කම්මන්තානි පටිවෙක්ඛිතුං. එවමෙවං ඛො, භික්ඛවෙ, යස්මිං සමයෙ පෙසලා භික්ඛූ බලවන්තො හොන්ති, පාපභික්ඛූ තස්මිං සමයෙ දුබ්බලා හොන්ති. තස්මිං, භික්ඛවෙ, සමයෙ පාපභික්ඛූ තුණ්හීභූතා තුණ්හීභූතාව සඞ්ඝමජ්ඣෙ සඞ්කසායන්ති, යෙන වා පන තෙන පක්කමන්ති (පපතන්ති (සී. ස්‍යා. කං. පී.)). තයිදං, භික්ඛවෙ, හොති බහුජනහිතාය බහුජනසුඛාය, බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන’’න්ති.
40
චොරබල සූත්‍රය.
“මහණෙනි, යම් කාලයෙක්හි සොරු බලවත් වූවාහු වෙත්ද, ඒ කාලයෙහි රජවරු දුර්‍වල වූවාහු වෙත්. මහණෙනි, එකල්හි රජුට (ඇතුළු නුවරට සිතු කෙණෙහි) පිවිසෙන්නට හෝ (ඇතුළු නුවරින්) නික්ම යාමට හෝ පසල් දනව්වෙහි කටයුතු දේ පාලනය කිරීමට හෝ පහසු නොවේ. ඒ කාලයෙහි බ්‍රාහ්මණ ගෘහපතියන්ටද යන්නට හෝ පිටත්ව යන්නට හෝ බාහිර කර්‍මාන්තයන් පරීක්‍ෂා කිරීමට හෝ පහසු නොවෙයි.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් කාලයෙක්හි පාප භික්‍ෂූහු බලවත් වූවාහු වෙත්ද, ඒ කාලයෙහි ප්‍රියශීලී භික්‍ෂූහු දුර්‍වල වූවාහු වෙත්. මහණෙනි, එකල්හි ප්‍රියශීලී භික්‍ෂූහු නිශ්ශබ්දවූවාහු, සඟ මැද තූෂ්ණිම්භූතව, දුර්මුඛව සිටිත්. පසල් දනව් හෝ සොයා යත්. මහණෙනි, ඒ මේ කාරණය බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්‍ථය පිණිස, දෙව්මිනිසුන්ට අවැඩ පිණිස, දුක් පිණිස වේ.”
රජබල සූත්‍රය.
“මහණෙනි, යම් කලෙක්හි රජවරු බලවත් වූවාහු වෙත්ද, එකල සොරු දුර්‍වල වූවාහු වෙත්. ඒ කාලයෙහි රජුට පිවිසෙන්නට හෝ නික්ම යන්නට හෝ පසල් දනව්වෙහි කටයුතු දේ පාලනය කිරීමට හෝ පහසු වේ. ඒ කාලයෙහි බමුණු ගැහැවියන්ටද පිවිසෙන්නට හෝ නික්මෙන්නට හෝ කර්‍මාන්තයන් පරීක්‍ෂා කරන්නට හෝ පහසු වෙයි.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් කාලයෙක්හි ප්‍රියශීලී භික්‍ෂූහු බලවත් වූවාහු වෙත්ද, ඒ කාලයෙහි පාප භික්‍ෂූහු දුර්‍වල වූවාහු වෙත්. මහණෙනි, ඒ කාලයෙහි පාප භික්‍ෂූහු සඟ මැද අතිශයින් නිශ්ශබ්දව, තූෂ්ණිම්භූතව, දුර්මුඛව සිටිත්. කොතැන්හි හෝ පලා යෙත්. මහණෙනි, ඒ මේ කාරණය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙව්මිනිසුන්ගේ හිත පිණිස, සැප පිණිස වේ.”
41
‘‘ද්වින්නාහං , භික්ඛවෙ, මිච්ඡාපටිපත්තිං න වණ්ණෙමි, ගිහිස්ස වා පබ්බජිතස්ස වා. ගිහී වා, භික්ඛවෙ, පබ්බජිතො වා මිච්ඡාපටිපන්නො මිච්ඡාපටිපත්තාධිකරණහෙතු න ආරාධකො හොති ඤායං ධම්මං කුසලං.
‘‘ද්වින්නාහං, භික්ඛවෙ, සම්මාපටිපත්තිං වණ්ණෙමි, ගිහිස්ස වා පබ්බජිතස්ස වා. ගිහී වා, භික්ඛවෙ, පබ්බජිතො වා සම්මාපටිපන්නො සම්මාපටිපත්තාධිකරණහෙතු ආරාධකො හොති ඤායං ධම්මං කුසල’’න්ති.
41
මිච්ඡාපටිපත්ති සූත්‍රය.
“මහණෙනි, මම දෙදෙනෙකුන්ගේ මිත්‍යා ප්‍රතිපත්තිය වර්‍ණනා නොකරමි. (එනම්): ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ යන දෙදෙනාගේයි. මහණෙනි, ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ වරදවා පිළිපන්නේ වේද, හෙතෙම වරදවා පිළිපන්නේ වේද, හෙතෙම වරදවා පිළිපැදීමේ කාරණය හේතුකොටගෙණ කුසල්වූ න්‍යාය ධර්‍මය (විදර්‍ශනා සහිත ආර්‍ය්‍ය මාර්‍ගය) සම්පාදනය කරන්නෙක් නොවේ.”
සම්මාපටිපත්ති සූත්‍රය.
“මහණෙනි, මම දෙදෙනෙකුන්ගේ සම්‍යක් ප්‍රතිපත්තිය වර්‍ණනා කරමි. (එනම්): ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ යන දෙදෙනාගේයි. මහණෙනි, ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ මනාකොට පිළිපන්නේ වේද, හෙතෙම මනාකොට පිළිපැදීම් හේතුකොටගෙණ කුසල්වූ න්‍යාය ධර්‍මය (විදර්‍ශනා සහිත ආර්‍ය්‍ය මාර්‍ගය) සම්පාදනය කරන්නෙක් වේ.”
42
‘‘යෙ තෙ, භික්ඛවෙ, භික්ඛූ දුග්ගහිතෙහි සුත්තන්තෙහි බ්‍යඤ්ජනප්පතිරූපකෙහි අත්ථඤ්ච ධම්මඤ්ච පටිවාහන්ති තෙ, භික්ඛවෙ, භික්ඛූ බහුජනාහිතාය පටිපන්නා බහුජනාසුඛාය, බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. බහුඤ්ච තෙ, භික්ඛවෙ, භික්ඛූ අපුඤ්ඤං පසවන්ති, තෙ චිමං සද්ධම්මං අන්තරධාපෙන්ති.
‘‘යෙ තෙ, භික්ඛවෙ, භික්ඛූ සුග්ගහිතෙහි සුත්තන්තෙහි බ්‍යඤ්ජනප්පතිරූපකෙහි අත්ථඤ්ච ධම්මඤ්ච අනුලොමෙන්ති තෙ, භික්ඛවෙ, භික්ඛූ බහුජනහිතාය පටිපන්නා බහුජනසුඛාය, බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. බහුඤ්ච තෙ, භික්ඛවෙ, භික්ඛූ පුඤ්ඤං පසවන්ති, තෙ චිමං සද්ධම්මං ඨපෙන්තී’’ති.
42
ධම්මපටිබාහන සූත්‍රය.
“මහණෙනි, යම් භික්‍ෂූහු වරදවා ගන්නා ලද්දාවූ, අකුරෙන් පමණක් සමානවූ, අර්ත්‍ථයෙන් අසමානවූ සූත්‍රාන්තයන් කරණකොටගෙන, අර්ත්‍ථයත්, පාළි ධර්‍මයක් ඉවත දමත්ද, මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ත්‍ථය පිණිස, දෙවි මිනිසුන්ට අවැඩ පිණිස, දුක් පිණිස පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුසල්ද රැස් කරත්. ඔවුහු මේ සද්‍ධර්‍මයද අතුරුදහන් කරන්නාහු වෙත්.”
ධම්මානුලොමක සූත්‍රය.
“මහණෙනි, යම් භික්‍ෂූහු මනාකොට ගන්නා ලද්දාවූ, ව්‍යඤ්ජනයෙන්ම නොව අර්ත්‍ථයෙන්ද සමානවූ සූත්‍රාන්තයන් කරණකොටගෙන, අර්ත්‍ථ කථාවද, පාළි ධර්‍මයද, සුදුසුසේ තබත්ද, මහණෙනි, ඒ භික්‍ෂූහු තුමූ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට අර්ත්‍ථය පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ කුසල්ද රැස් කරත්. ඔවුහු මේ සද්‍ධර්‍මය පිහිටුවත්. “