3. බාලවග්ගො | 3. බාල වර්‍ගය |
22
‘‘‘ද්වෙමෙ
|
22
බාලඅම්මය සූත්‍රය.
“මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් දෝෂය දෝෂ වශයෙන් නොදකීද, යමෙක් වරද දෙසන්නහුගේ දෝෂය දහම්වූ පරිද්දෙන් නොපිළිගණීද, මහණෙනි, මේ දෙදෙන වනාහි බාලයෝ වෙත්.”
පණ්ඩිත සූත්‍රය.
“මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් දෝෂය දෝෂ වශයෙන් දකීද, යමෙක් වරද දෙසන්නහුගේ දෝෂය දහම්වූ පරිද්දෙන් පිළිගණීද, මහණෙනි, මේ දෙදෙන වනාහි පණ්ඩිතයෝ වෙත්.”
|
23
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, තථාගතං අබ්භාචික්ඛන්ති. කතමෙ ද්වෙ? දුට්ඨො වා දොසන්තරො, සද්ධො වා දුග්ගහිතෙන
(දුග්ගහීතෙන (සී.)). ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ තථාගතං අබ්භාචික්ඛන්තී’’ති.
|
23
දුට්ඨ සූත්‍රය.
“මහණෙනි, මේ දෙදෙනෙක් තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නගත්. කවර දෙදෙනෙක්ද යත්: අභ්‍යන්තරයෙහි පිහිටි දොස් ඇත්තාවූ, ද්වේෂයෙන් දූෂිතවූ පුද්ගල තෙමේද, නොමනාව ගන්නාලද බැවින් (නුවණ නැති) සැදැහැවත් පුද්ගල තෙමේද යන දෙදෙනයි. මහණෙනි, මේ දෙදෙන වනාහි තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නගත්.”
|
24
‘‘‘ද්වෙමෙ, භික්ඛවෙ, තථාගතං අබ්භාචික්ඛන්ති. කතමෙ ද්වෙ? යො
|
24
භාසිත සූත්‍රය.
“මහණෙනි, මේ දෙදෙනෙක් තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නගත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, ප්‍රකාශ නොකරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේය, ප්‍රකාශ කරණ ලද්දේයයි කියාද, යමෙක් තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද, ප්‍රකාශ කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේය, ප්‍රකාශ නොකරණ ලද්දේයයි කියාද, මහණෙනි, මොහු දෙදෙන වනාහි තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නගත්.”
අනබ්භාවික්ඛණ සූත්‍රය.
“මහණෙනි, මේ දෙදෙනෙක් තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, ප්‍රකාශ නොකරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේය, ප්‍රකාශ නොකරණ ලද්දේයයි කියාද, යමෙක් තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද, ප්‍රකාශ කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේය, ප්‍රකාශ කරණ ලද්දේයයි කියාද, මහණෙනි, මේ දෙදෙන වනාහි තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියත්.”
|
25
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, තථාගතං අබ්භාචික්ඛන්ති. කතමෙ ද්වෙ? යො ච නෙය්‍යත්ථං සුත්තන්තං නීතත්ථො සුත්තන්තොති දීපෙති, යො ච නීතත්ථං සුත්තන්තං නෙය්‍යත්ථො සුත්තන්තොති දීපෙති. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ තථාගතං අබ්භාචික්ඛන්තී’’ති.
|
25
නෙය්‍යත්‍ථ සූත්‍රය.
“මහණෙනි, මේ දෙදෙනෙක් තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් කියත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් විස්තර කළ යුතු අර්ත්‍ථ ඇති සූත්‍රාන්තය පමුණුවන ලද්දාවූ අර්ත්‍ථ විස්තර ඇති සූත්‍රාන්තයයි ප්‍රකාශ කෙරේද, යමෙක් අර්ත්‍ථ ඇති, විස්තර කියා දෙන ලද සූත්‍රාන්තය විස්තර කළ යුතු අර්ත්‍ථ ඇති සූත්‍රාන්තයයි ප්‍රකාශ කෙරේද, මහණෙනි, මේ දෙදෙන වනාහි තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් කියත්.”
|
26
‘‘ද්වෙමෙ, භික්ඛවෙ, තථාගතං නාබ්භාචික්ඛන්ති. කතමෙ ද්වෙ? යො ච නෙය්‍යත්ථං සුත්තන්තං නෙය්‍යත්ථො සුත්තන්තොති දීපෙති
|
26
නීතත්‍ථ සූත්‍රය.
“මහණෙනි, මේ දෙදෙනෙක් තුමූ තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් විස්තර කළ යුතු අර්ත්‍ථ ඇති සූත්‍රාන්තය විස්තර කියා දෙන ලද සූත්‍රාන්තයයි දක්වයිද, යමෙක් විස්තර කරණ ලද සූත්‍රාන්තය විස්තර කළ යුතු අර්ත්‍ථ ඇති සූත්‍රාන්තයයි දක්වයිද, මහණෙනි, මේ දෙදෙන වනාහි තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියත්.”
|
27
‘‘පටිච්ඡන්නකම්මන්තස්ස
|
27
පටිච්ඡන්නකම්මන්ත සූත්‍රය.
“මහණෙනි, වැසුනාවූ හෙවත් පාප කර්ම ඇත්තහු විසින් ගති දෙකක් අතුරෙන් එක්තරා ගතියක් බලාපොරොත්තු විය යුතුයි. (එනම්) නරකය හා තිරිසන් යෝනිය (යන දෙකින් එකකි.)”
අපටිච්ඡන්නකම්මන්ත සූත්‍රය.
“මහණෙනි, (නොවැසුනාවූ) හෙවත් කුශලකර්ම ඇත්තහු විසින් ගති දෙකක් අතුරෙන් එක්තරා ගතියක් බලාපොරොත්තු විය යුතුයි. දේව ගතිය හා මනුෂ්‍ය ගතිය (යන දෙකින් එකකි.)”
|
28
‘‘මිච්ඡාදිට්ඨිකස්ස
|
28
මිච්ඡාදිට්ඨික සූත්‍රය.
“මහණෙනි, මිසදිටු ගත්තහු විසින් ගති දෙකක් අතුරෙන් එක්තරා ගතියක් බලාපොරොත්තු විය යුතුයි. නරකය හෝ තිරිසන් යෝනිය හෝ (යන දෙකින් එකකි.)”
|
29
‘‘සම්මාදිට්ඨිකස්ස, භික්ඛවෙ, ද්වින්නං ගතීනං අඤ්ඤතරා ගති පාටිකඞ්ඛා - දෙවා වා මනුස්සා වා’’ති.
|
29
සම්මාදිට්ඨික සූත්‍රය.
“මහණෙනි, සම්‍යක් දෘෂ්ටිකයා විසින් ගති දෙකක් අතුරෙන් එක්තරා ගතියක් බලාපොරොත්තු විය යුතුයි. දේව ගතිය හා මානුසික ගතිය (යන දෙකින් එකකි.)”
|
30
‘‘දුස්සීලස්ස, භික්ඛවෙ, ද්වෙ පටිග්ගාහා - නිරයො වා තිරච්ඡානයොනි වා. සීලවතො, භික්ඛවෙ, ද්වෙ පටිග්ගාහා - දෙවා වා මනුස්සා වා’’ති
(දෙවො වා මනුස්සො වාති (ක.)).
|
30
දුස්සීලපටිග්ගහන සූත්‍රය.
“මහණෙනි, දුශ්ශීල පුද්ගලයා පිළිගන්නාවූ (ස්ථාන) දෙකක් වෙත්. (එනම්) නරකය හා තිරිසන් යෝනිය ය.”
සීලපටිග්ගහන සූත්‍රය.
“මහණෙනි, සිල්වත් පුද්ගලයා පිළිගන්නාවූ (ස්ථාන) දෙකක් වෙත්. දෙව්ලොව හා මිනිස් ලොවය.”
|
31
‘‘ද්වාහං, භික්ඛවෙ, අත්ථවසෙ සම්පස්සමානො අරඤ්ඤවනපත්ථානි
(අරඤ්ඤෙ පවනපත්ථානි (සී. පී.)) පන්තානි සෙනාසනානි පටිසෙවාමි. කතමෙ ද්වෙ? අත්තනො ච දිට්ඨධම්මසුඛවිහාරං සම්පස්සමානො, පච්ඡිමඤ්ච
|
31
අරඤ්ඤ සූත්‍රය.
“මහණෙනි, මම කරුණු දෙකක් බලමින් ආරණ්‍ය සේනාසනයන්ද, මනුෂ්‍ය වාසයෙන් තොරවූ තැන්හි සේනාසනයන්ද, ගම්වලින් ඉතා දුරින් පිහිටි සේනාසනයන්ද සෙවනය කරමි. කවර කරුණු දෙකක්ද යත්, මගේම මෙලොව සැප විහරණය හා පසුව ඇතිවෙන ජන සමූහයාහට අනුකම්පාවය.”
|
32
‘‘ද්වෙ මෙ, භික්ඛවෙ, ධම්මා විජ්ජාභාගියා. කතමෙ ද්වෙ? සමථො ච විපස්සනා ච. සමථො, භික්ඛවෙ, භාවිතො කමත්ථ
(කිමත්ථ (ස්‍යා. කං.), කතමත්ථ (ක.)) මනුභොති? චිත්තං
|
32
විජ්ජාභාගිය සූත්‍රය.
“මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් (මාර්‍ගඥානය නම්) විද්‍යාව භජනය කරන්නෝ වෙත්. කවර දෙදෙනෙක්ද යත්, සමථය නම් හිතේ එකඟ භාවයද, විදර්‍ශනාව යයි කියන ලද සංස්කාර ඥානයද යන දෙදෙනයි. මහණෙනි, සමථය වඩන ලද්දේ කවර අර්ත්‍ථයක් සම්පාදනය කරයිද? චිත්තය වැඩෙයි. (මාර්‍ග) චිත්තය වඩන ලද්දේ කවර අර්ත්‍ථයක් සලසාද? යම් රාගයක්හි ඇලේද, ඒ රාගය පහවෙයි.
“මහණෙනි, විදර්‍ශනාව වඩන ලද්දේ කවර අර්ත්‍ථයක් සම්පාදනය කෙරේද? ප්‍රඥාව (මාර්ග ප්‍රඥාව) වැඩෙයි. ප්‍රඥාව වඩන ලද්දේ කවර අර්ත්‍ථයක් සිද්‍ධ කෙරේද? යම් අවිද්‍යාවක් වේද, එය ප්‍රහීණ වෙයි. මහණෙනි, රාගයෙන් කිලුටු කරණ ලද්දාවූ සිතද (කෙලෙසුන් කෙරෙන්) නොමිදෙයි. අවිද්‍යාවෙන් කිලුටු කරණ ලද්දාවූ ප්‍රඥාවද නොවැඩෙයි. මහණෙනි, මෙසේ වනාහි රාගයෙහි නොඇලීමෙන් චිත්ත විමුක්තියද, (ඵල සමාධියද) අවිද්‍යා විරාගයෙන් ප්‍රඥා විමුක්තියද ඇතිවේ.”
|