ත්‍රිපිටකය
16. එකධම්මපාළි 16. එකධර්ම වර්ගය
1. පඨමවග්ගො 1. ප්‍රථම වර්ගය
2. දුතියවග්ගො 2. බීජ වර්ගය
3. තතියවග්ගො 3. මක්ඛලී වර්ගය
308
‘‘එකපුග්ගලො , භික්ඛවෙ, ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනඅහිතාය බහුජනඅසුඛාය, බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. කතමො එකපුග්ගලො? මිච්ඡාදිට්ඨිකො හොති විපරීතදස්සනො. සො බහුජනං සද්ධම්මා වුට්ඨාපෙත්වා අසද්ධම්මෙ පතිට්ඨාපෙති. අයං ඛො, භික්ඛවෙ, එකපුග්ගලො ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනඅහිතාය බහුජනඅසුඛාය, බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සාන’’න්ති.
308
මිච්ඡාදිට්ඨි සූත්‍රය
[1] “මහණෙනි, ලෝකයෙහි උපදනාවූ එකම පුද්ගලයෙක් බොහෝ දෙනාට අයහපත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ ජනයාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස උපදී.
“කවර නම් එකම පුද්ගලයෙක්ද?
[2] “විපරීත දර්ශන ඇති මිථ්‍යාදෘෂ්ටික තැනැත්තේය. හෙතෙම මහාජනයා දශ කුශලකර්මපථ නම් සද්ධර්මයෙන්) උදුරා දශ අකුශලකර්මපථ නම් අසද්ධර්මයෙහි පිහිටුවයි.
[3] “මහණෙනි, මේ එකම පුද්ගල තෙම ලොව උපදින්නේ බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස උපදී.
309
‘‘එකපුග්ගලො, භික්ඛවෙ, ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය, බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමො එකපුග්ගලො? සම්මාදිට්ඨිකො හොති අවිපරීතදස්සනො. සො බහුජනං අසද්ධම්මා වුට්ඨාපෙත්වා සද්ධම්මෙ පතිට්ඨාපෙති. අයං ඛො, භික්ඛවෙ, එකපුග්ගලො ලොකෙ උපපජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය, බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන’’න්ති.
309
සම්මාදිට්ඨි සූත්‍රය
[1] “මහණෙනි, ලොව උපදනාවූ එකම පුද්ගලයෙක් බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස බොහෝ ජනයාට අර්ථය පිණිස, දෙව් මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදී.
“කවර නම් එකම පුද්ගලයෙක්ද?
[2] “විපරීත දර්ශන නැති සම්‍යග්දෘෂ්ටික තැනැත්තේය. හෙතෙම මහාජනයා දශ අකුශලකර්මපථ නම් අසද්ධර්මයෙන් උදුරා, දශකුශලකර්මපථ නම් සද්ධර්මයෙහි පිහිටුවයි.
[3] “මහණෙනි, මේ එකම පුද්ගල තෙම ලොව උපදින්නේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස බොහෝ ජනයාට අර්ථය පිණිස, දෙව්මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදී.
310
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං මහාසාවජ්ජං යථයිදං, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨිපරමානි, භික්ඛවෙ, මහාසාවජ්ජානී’’ති (වජ්ජානීති (සී. ස්‍යා. කං.)).
310
මහාසාවජ්ජ සූත්‍රය
[1] “මහණෙනි, යම්සේ මිථ්‍යාදෘෂ්ටිය මහත් වරද සහිත වේද,
[2] “මහණෙනි, මේ බඳුවූ අනික් එක ස්වභාවයකුදු මම නොම දකිමි.
[3] “මහණෙනි, මහත් දොෂයන් අතරෙන් මිථ්‍යාදෘෂ්ටිය ඉතා මහත් දොෂ ඇත්තීය.”
311
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකපුග්ගලම්පි සමනුපස්සාමි යො එවං බහුජනඅහිතාය පටිපන්නො බහුජනඅසුඛාය, බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං යථයිදං, භික්ඛවෙ, මක්ඛලි මොඝපුරිසො. සෙය්‍යථාපි, භික්ඛවෙ, නදීමුඛෙ ඛිප්පං (ඛිපං (සී. ස්‍යා. කං. පී.)) උඩ්ඩෙය්‍ය (ඔඩ්ඩෙය්‍ය (සී.), උජ්ඣෙය්‍ය (ක.)) බහූනං මච්ඡානං අහිතාය දුක්ඛාය අනයාය බ්‍යසනාය; එවමෙවං ඛො, භික්ඛවෙ , මක්ඛලි මොඝපුරිසො මනුස්සඛිප්පං මඤ්ඤෙ ලොකෙ උප්පන්නො බහූනං සත්තානං අහිතාය දුක්ඛාය අනයාය බ්‍යසනායා’’ති.
311
මක්ඛලී සූත්‍රය
“මහණෙනි, යම්සේ මක්ඛලී නම් තුච්ඡ පුරුෂයා බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ ජනයාට අනර්ථය පිණිස, දෙවිමිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වේද, මහණෙනි, ඒ මේ බඳුවූ අනික් එක පුද්ගලයෙකුදු මම නොම දකිමි.
“මහණෙනි, යම්සේ ගංමුවදොරෙක්හි වූ කෙමනක් බොහෝ මත්ස්‍යයන්ට අහිත පිණිස දුක් පිණිස, අනර්ථය පිණිස, විනාශය පිණිස, අටවනු ලබන්නේ වේද, “මහණෙනි, එපරිද්දෙන්ම මක්ඛලී නම් තුච්ඡ පුරුෂයා බොහෝ සත්වයන්ට අහිත පිණිස, දුක් පිණිස, අනර්ථය පිණිස, විනාශය පිණිස මිනිස් කෙමනකැයි සිතමි.”
312
‘‘දුරක්ඛාතෙ , භික්ඛවෙ, ධම්මවිනයෙ යො ච සමාදපෙති (සමාදාපෙති (?)) යඤ්ච සමාදපෙති යො ච සමාදපිතො තථත්තාය පටිපජ්ජති සබ්බෙ තෙ බහුං අපුඤ්ඤං පසවන්ති. තං කිස්ස හෙතු? දුරක්ඛාතත්තා, භික්ඛවෙ, ධම්මස්සා’’ති.
312
දුරක්ඛාත සූත්‍රය
“මහණෙනි, නපුරුකොට ප්‍රකාශ කරණ ලද්දාවූ ධර්මවිනය ඇති ශාසනයෙක්හි යම් පුද්ගලයෙක් (යම් ප්‍රතිපත්තියක්) සමාදන් කරවයිද, යම් අතවැසියකු ලවාත් සමාදන් කරවයිද, යම් ඒ අතවැසි තෙමේද සමාදන් කරවන ලද්දේ ඔහුගේ වචනය පිළිගෙන ඒ වචනය පිණිස පිළිපදීද, ඒ සියල්ලෝ බොහෝ අකුසල් රැස් කෙරෙත්. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ ධර්මය නපුරුකොට ප්‍රකාශ කරණ ලද හෙයිනි.”
313
‘‘ස්වාක්ඛාතෙ , භික්ඛවෙ, ධම්මවිනයෙ යො ච සමාදපෙති යඤ්ච සමාදපෙති යො ච සමාදපිතො තථත්තාය පටිපජ්ජති සබ්බෙ තෙ බහුං පුඤ්ඤං පසවන්ති. තං කිස්ස හෙතු? ස්වාක්ඛාතත්තා, භික්ඛවෙ, ධම්මස්සා’’ති.
313
ස්වක්ඛාත සූත්‍රය
“මහණෙනි, මනාකොට ප්‍රකාශ කරණලද ධර්මවිනය ඇති ශාසනයෙක්හි යම් පුද්ගලයෙක් (යම් ප්‍රතිපත්තියක්) සමාදන් කරවයිද, යම් අතවැසියකු ලවාත් සමාදන් කරවයිද, යම් ඒ අතවැසි තෙමේද සමාදන් කරවන ලද්දේ ඔහුගේ වචනය පිළිගෙන ඒ පිණිස පිළිපදීද, ඒ සියල්ලෝ බොහෝ කුසල් රැස් කෙරෙත්. ඊට හේතු කවරේද? මහණෙනි, ධර්මය මනාකොට ප්‍රකාශ කරණ ලද හෙයිනි.”
314
‘‘දුරක්ඛාතෙ, භික්ඛවෙ, ධම්මවිනයෙ දායකෙන මත්තා ජානිතබ්බා, නො පටිග්ගාහකෙන. තං කිස්ස හෙතු? දුරක්ඛාතත්තා, භික්ඛවෙ, ධම්මස්සා’’ති.
314
දායකෙනමත්තාජානිතබ්බ සූත්‍රය
“මහණෙනි, වරදවා ප්‍රකාශ කරණ ලද්දාවූ ධර්මවිනය ඇති ශාසනයෙහි දායකයා විසින් (දෙන දෙයෙහි) පමණ දතයුතුයි (පිළිගන්නහු) විසින් දතයුතු නොවෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, ධර්මය (වරදවා) ප්‍රකාශ කරණලද හෙයිනි.”
315
‘‘ස්වාක්ඛාතෙ, භික්ඛවෙ, ධම්මවිනයෙ පටිග්ගාහකෙන මත්තා ජානිතබ්බා, නො දායකෙන. තං කිස්ස හෙතු? ස්වාක්ඛාතත්තා, භික්ඛවෙ, ධම්මස්සා’’ති.
315
පටිග්ගාහකෙන මත්තාජානිතබ්බ සූත්‍රය
“මහණෙනි, මනාකොට ප්‍රකාශකරණලද ධර්මවිනයඇති ශාසනයෙහි ප්‍රතිග්‍රාහකයා විසින් පමණ දතයුතුයි දායකයා විසින් දතයුතු නොවෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, ධර්මය මනාකොට ප්‍රකාශ කරණ ලද හෙයිනි.”
316
‘‘දුරක්ඛාතෙ, භික්ඛවෙ, ධම්මවිනයෙ යො ආරද්ධවීරියො සො දුක්ඛං විහරති. තං කිස්ස හෙතු? දුරක්ඛාතත්තා, භික්ඛවෙ, ධම්මස්සා’’ති.
316
දුක්ඛවිහාරී සූත්‍රය
“මහණෙනි, වරදවා ප්‍රකාශ කරණලද ධර්මවිනය ඇති ශාසනයෙහි යම් පුද්ගලයෙක් පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේ වේද, හෙතෙම දුකින් වෙසෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, ධර්මය වරදවා ප්‍රකාශ කරණ ලද හෙයිනි.”
317
‘‘ස්වාක්ඛාතෙ, භික්ඛවෙ, ධම්මවිනයෙ යො කුසීතො සො දුක්ඛං විහරති. තං කිස්ස හෙතු? ස්වාක්ඛාතත්තා, භික්ඛවෙ, ධම්මස්සා’’ති.
317
කුසීතදුක්ඛවිහරණ සූත්‍රය
“මහණෙනි, මනාකොට ප්‍රකාශ කරණලද ධර්මවිනය ඇති ශාසනයෙක්හි යම් පුද්ගලයෙක් කුසීත වේද, හෙතෙම දුකින් වෙසෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, ධර්මය මනා කොට ප්‍රකාශ කරණ ලද හෙයිනි.”
318
‘‘දුරක්ඛාතෙ, භික්ඛවෙ, ධම්මවිනයෙ යො කුසීතො සො සුඛං විහරති . තං කිස්ස හෙතු? දුරක්ඛාතත්තා, භික්ඛවෙ, ධම්මස්සා’’ති.
318
කුසීතසුඛවිහරණ සූත්‍රය
“මහණෙනි, වරදවා ප්‍රකාශ කරණලද ධර්මවිනය ඇති ශාසනයෙක්හි යම් පුද්ගලයෙක් කුසීත වේද, හෙතෙම සැපසේ වාසය කරයි. ඊට හේතු කවරේද? මහණෙනි, ධර්මය වරදවා ප්‍රකාශ කරණ ලද හෙයිනි.”
319
‘‘ස්වාක්ඛාතෙ, භික්ඛවෙ, ධම්මවිනයෙ යො ආරද්ධවීරියො සො සුඛං විහරති. තං කිස්ස හෙතු? ස්වාක්ඛාතත්තා, භික්ඛවෙ, ධම්මස්සා’’ති.
319
ආරද්ධවිරිය සූත්‍රය
“මහණෙනි, මනාකොට ප්‍රකාශ කරණලද ධර්මවිනය ඇති ශාසනයෙක්හි යම් පුද්ගලයෙක් පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේ වේද, හෙතෙම සැපසේ වාසය කරයි. ඊට හේතු කවරේද? මහණෙනි, ධර්මය මනාකොට ප්‍රකාශ කරණලද හෙයිනි.”
320
‘‘සෙය්‍යථාපි , භික්ඛවෙ, අප්පමත්තකොපි ගූථො දුග්ගන්ධො හොති; එවමෙවං ඛො අහං, භික්ඛවෙ, අප්පමත්තකම්පි භවං න වණ්ණෙමි, අන්තමසො අච්ඡරාසඞ්ඝාතමත්තම්පි’’.
320
ගූථොපම සූත්‍රය
[1] “මහණෙනි, යම්සේ ස්වල්ප මාත්‍රවූ අසුචිය වුවද දුගඳ වේද,
[2] “මහණෙනි, එපරිද්දෙන්ම ස්වල්පමාත්‍රයකුදු භවයෙහි ඉපදීම වර්ණනා නොකරමි.”
(පහත සූත්‍රවල 2 ඡේදය මේ සූත්‍රයේ 2 ඡේදය මෙනි.)
321
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, අප්පමත්තකම්පි මුත්තං දුග්ගන්ධං හොති... අප්පමත්තකොපි ඛෙළො දුග්ගන්ධො හොති... අප්පමත්තකොපි පුබ්බො දුග්ගන්ධො හොති... අප්පමත්තකම්පි ලොහිතං දුග්ගන්ධං හොති; එවමෙවං ඛො අහං, භික්ඛවෙ, අප්පමත්තකම්පි භවං න වණ්ණෙමි, අන්තමසො අච්ඡරාසඞ්ඝාතමත්තම්පි’’.
321
මුත්තොපම සූත්‍රය
“මහණෙනි, යම්සේ ස්වල්ප මාත්‍ර මූත්‍රය වුවද දුගඳ වේද,
ඛෙලොපම සූත්‍රය
“මහණෙනි, යම්සේ ස්වල්පමාත්‍ර කෙල වුවද දුගඳ වේද,
පුබ්බොපම සූත්‍රය
“මහණෙනි, යම්සේ ස්වල්පමාත්‍ර සැරව වුවද දුගඳ වේද,
ලොහිතොපම සූත්‍රය
“මහණෙනි, යම්සේ ස්වල්පමාත්‍ර ලේ වුවද දුගඳ වේද,
4. චතුත්ථවග්ගො 4. අප්පමත්තක වර්ගය