ත්‍රිපිටකය
16. එකධම්මපාළි 16. එකධර්ම වර්ගය
1. පඨමවග්ගො 1. ප්‍රථම වර්ගය
2. දුතියවග්ගො 2. බීජ වර්ගය
298
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා වා අකුසලා ධම්මා භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති යථයිදං, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨිකස්ස, භික්ඛවෙ, අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච අකුසලා ධම්මා භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තන්තී’’ති.
298
පඨම මිච්ඡාදිට්ඨි සූත්‍රය
[1] “මහණෙනි, යම් මිථ්‍යා දෘෂ්ටියක් (වැරදි දැකීමක්) කරණකොටගෙන නූපන්නාවූ අකුශල ධර්මයෝත් උපදිද්ද. උපන්නාවූ අකුශල ධර්මයන්ගේත් වැඩීම හා විශාලවීම ඇතිවේද,
[2] “මහණෙනි, ඒ බඳුවූ අන්‍ය එක ස්වභාවයකුදු මම නොමදකිමි.
[3] “මහණෙනි, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාහට පෙර නූපන්නාවූ අකුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ අකුශල ධර්මයෝත් වැඩීමට හා විශාලත්වයට පැමිණෙත්.”
299
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා වා කුසලා ධම්මා භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති යථයිදං , භික්ඛවෙ, සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිකස්ස , භික්ඛවෙ, අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච කුසලා ධම්මා භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තන්තී’’ති.
299
(මේ වර්ගයේ 2-8 සූත්‍රවල 2 ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡේදය මෙනි)
පඨමසම්මාදිට්ඨි සූත්‍රය
[1] “මහණෙනි, යම් සම්‍යක් දෘෂ්ටියක් නිවැරදිසේ දැනීමක් කරනකොටගෙන නූපන්නාවූ කුශලධර්මයෝත් උපදිද්ද. උපන්නාවූ කුශලධර්මයෝත් වැඩීමට හා විශාලත්වයට පැමිණෙත්ද,
[3] “මහණෙනි, සම්‍යක්දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාහට පෙර නූපන්නාවූ කුශලධර්මයෝත් උපදිත්. උපන්නාවූ කුශල ධර්මයෝත් වැඩීමට හා විශාලත්වයට පැමිණෙත්.”
300
‘‘නාහං , භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා නුප්පජ්ජන්ති උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති යථයිදං , භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨිකස්ස, භික්ඛවෙ, අනුප්පන්නා චෙව කුසලා ධම්මා නුප්පජ්ජන්ති උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්තී’’ති.
300
දුතිය මිච්ඡාදිට්ඨි සූත්‍රය
[1] “මහණෙනි, යම් මිථ්‍යා දෘෂ්ටියක් කරණකොටගෙන පෙර නූපන් කුශලධර්මයෝත් නූපදිද්ද, උපන් කුශලධර්මයෝත් පිරිහෙත්ද?
[3] “මහණෙනි, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාහට පෙර නූපන් කුශලධර්මයෝත් නූපදිත්. උපන් අකුශල ධර්මයෝත් පිරිහෙත්.”
301
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා අකුසලා ධම්මා නුප්පජ්ජන්ති උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති යථයිදං, භික්ඛවෙ, සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිකස්ස, භික්ඛවෙ, අනුප්පන්නා චෙව අකුසලා ධම්මා නුප්පජ්ජන්ති උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්තී’’ති.
301
දුතිය සම්මාදිට්ඨි සූත්‍රය
[1] “මහණෙනි, යම් සම්‍යක් දෘෂ්ටියක් කරණකොටගෙන පෙර නූපන් අකුශලධර්මයෝත් නූපදිද්ද, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්ද,
[3] “මහණෙනි, සම්‍යක්දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාහට පෙර නූපන් අකුශල ධර්මයෝත් නූපදිත්. උපන් අකුශල ධර්මයෝත් පිරිහෙත්.
302
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා මිච්ඡාදිට්ඨි උප්පජ්ජති උප්පන්නා වා මිච්ඡාදිට්ඨි පවඩ්ඪති යථයිදං, භික්ඛවෙ, අයොනිසොමනසිකාරො. අයොනිසො, භික්ඛවෙ, මනසි කරොතො අනුප්පන්නා චෙව මිච්ඡාදිට්ඨි උප්පජ්ජති උප්පන්නා ච මිච්ඡාදිට්ඨි පවඩ්ඪතී’’ති.
302
අයොනිසොමනසිකාර සූත්‍රය
[1] “මහණෙනි, යම් වැරදිසේ මෙනෙහි කිරීමක් කරණකොටගෙන පෙර නූපන් වැරදි දැකීම උපදීද, උපන් මිථ්‍යාදෘෂ්ටිය මහත්සේ වැඬේද,
[3] “මහණෙනි, වැරදිසේ මෙනෙහි කරන්නාහට පෙර නූපන්නාවූ මිථ්‍යාදෘෂ්ටියත් උපදී, උපන්නාවූ මිථ්‍යාදෘෂ්ටියත් මහත්සේ වැඬේ.”
303
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා සම්මාදිට්ඨි උප්පජ්ජති උප්පන්නා වා සම්මාදිට්ඨි පවඩ්ඪති යථයිදං, භික්ඛවෙ, යොනිසොමනසිකාරො. යොනිසො, භික්ඛවෙ, මනසි කරොතො අනුප්පන්නා චෙව සම්මාදිට්ඨි උප්පජ්ජති උප්පන්නා ච සම්මාදිට්ඨි පවඩ්ඪතී’’ති.
303
යොනිසොමනසිකාර සූත්‍රය
[1] “මහණෙනි, යම් නුවණින් මෙනෙහි කිරීමක් කරණකොටගෙන පෙර නූපන් සම්‍යක්දෘෂ්ටියත් උපදීද, උපන් සම්‍යක්දෘෂ්ටියත් වැඬේද,
[3] “මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට පෙර නූපන් සම්‍යග්දෘෂ්ටියත් උපදී, උපන් සම්‍යග්දෘෂ්ටියත් මහත් සේ වැඬේ.”
304
‘‘නාහං , භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන (යෙනෙවං (සී. ස්‍යා. කං. පී.)) සත්තා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති යථයිදං, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨියා, භික්ඛවෙ, සමන්නාගතා සත්තා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්තී’’ති.
304
නිරයුප්පත්ති සූත්‍රය
[1] “මහණෙනි, යම් මිථ්‍යා දෘෂ්ටියක් (වැරදි දැකීමක්) නිසා සත්වයෝ ශරීරය බිඳීයාමෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදිත්ද,
[3] “මහණෙනි, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්තවූ සත්වයෝ ශරීරය බිඳීමෙන් පසු මරණින් මත්තෙහි අපාය නම්වූ, දුගති නම් වූ විකාරව වැටෙන විනිපාත නම් වූ නරකයෙහි උපදිත්.
305
‘‘නාහං , භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති යථයිදං, භික්ඛවෙ, සම්මාදිට්ඨි. සම්මාදිට්ඨියා, භික්ඛවෙ, සමන්නාගතා සත්තා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තී’’ති.
305
සග්ගුප්පත්ති සූත්‍රය
[1] “මහණෙනි, යම් සම්‍යක් දෘෂ්ටියක් (යහපත් දැකීමක්) නිසා සත්වයෝ ශරීරය බිඳීමෙන් පසු මරණින් මත්තෙහි සුගති නම්වූ, ස්වර්ග ලෝකයෙහි උපදිත්ද,
[3] “මහණෙනි, සම්‍යග්දෘෂ්ටියෙන් යුක්තවූ සත්ත්වයෝ ශරීරය බිඳීමෙන් පසු මරණින් මත්තෙහි සුගති නම් වූ ස්වර්ග ලෝකයෙහි උපදිත්.”
306
‘‘මිච්ඡාදිට්ඨිකස්ස, භික්ඛවෙ, පුරිසපුග්ගලස්ස යඤ්චෙව කායකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං යඤ්ච වචීකම්මං...පෙ.... යඤ්ච මනොකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං යා ච චෙතනා යා ච පත්ථනා යො ච පණිධි යෙ ච සඞ්ඛාරා සබ්බෙ තෙ ධම්මා අනිට්ඨාය අකන්තාය අමනාපාය අහිතාය දුක්ඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු? දිට්ඨි හිස්ස (දිට්ඨි හි (සී. ස්‍යා. කං. පී.)), භික්ඛවෙ, පාපිකා. සෙය්‍යථාපි, භික්ඛවෙ , නිම්බබීජං වා කොසාතකිබීජං වා තිත්තකලාබුබීජං වා අල්ලාය පථවියා (පඨවියා (සී. ස්‍යා. කං. පී.)) නික්ඛිත්තං යඤ්චෙව පථවිරසං උපාදියති යඤ්ච ආපොරසං උපාදියති සබ්බං තං තිත්තකත්තාය කටුකත්තාය අසාතත්තාය සංවත්තති. තං කිස්ස හෙතු? බීජං හිස්ස (වීජං (සී. ස්‍යා. කං. පී.)), භික්ඛවෙ, පාපකං. එවමෙවං ඛො, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨිකස්ස පුරිසපුග්ගලස්ස යඤ්චෙව කායකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං යඤ්ච වචීකම්මං...පෙ.... යඤ්ච මනොකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං යා ච චෙතනා යා ච පත්ථනා යො ච පණිධි යෙ ච සඞ්ඛාරා සබ්බෙ තෙ ධම්මා අනිට්ඨාය අකන්තාය අමනාපාය අහිතාය දුක්ඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු? දිට්ඨි හිස්ස, භික්ඛවෙ, පාපිකා’’ති.
306
පාපකබීජ සූත්‍රය
[1] “මහණෙනි, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත වූ පුරුෂ පුද්ගලයා විසින් යම්බඳුවූ කායකර්මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ වාග්කර්මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්ණකරණු ලැබේද, මනාකොට ගන්නාලැබේද, යම්බඳුවූ මනඃකර්මයක් ස්වකීය දෘෂ්ටිය වූ පරිද්දෙන්ම සම්පූර්ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද යම්බඳුවූ චෙතනාවක් තමාගේ දෘෂ්ටිය එකඟ වනසේ සම්පූර්ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ ප්‍රාර්ථනාවක් තමාගේ දෘෂ්ටියට එකඟ වනසේ සම්පූර්ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ අධිෂ්ඨානයක් තමාගේදෘෂ්ටියට එකඟවන සේ සම්පූර්ණකරණු ලැබේද, මනාකොට ගන්නාලැබේද, යම්බඳුවූ (ඵස්සාදි) සංස්කාරයක් දෘෂ්ටියවූ පරිදි සම්පූර්ණ කරණු ලැබේද, සමාදන්වනු ලැබේද, ඒ සියලු ධර්මයෝ අයහපත පිණිස, නොකැමැති බැව් පිණිස, අමනාපය පිණිස අවැඩ පිණීස දුක් පිණීස පවතිත්. ඊට හේතු කවරේද? මහණෙනි යම්හෙයකින් දෘෂ්ටිය ලාමක වේද (එහෙයිනි).
[2] “මහණෙනි, කොසඹ ඇටයක් හෝ තිත්ත වැටකොලු ඇටයක් හෝ තිත්ත ලබු ඇටයක් හෝ තෙත් වූ පොළවෙහි සිටවන ලද්දේ, යම්බඳුවූ පෘථිවි රසයකුත් ඇදගණීද, යම්බඳු ආපෝ රසයකුත් ඇදගණීද, ඒ සියලු රසය තිත්තභාවය පිණිස කටුකභාවය පිණීස, අමධුර භාවය පිණිස පවතී. ඊට හේතු කවරේද? මහණෙනි, බීජය (ඇටය) ලාමක වේද එහෙයිනි.
[3] (මෙහි මේ සූත්‍රයේ 1 ඡේදය යොදාගතයුතුයි.)
307
‘‘සම්මාදිට්ඨිකස්ස, භික්ඛවෙ, පුරිසපුග්ගලස්ස යඤ්චෙව කායකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං යඤ්ච වචීකම්මං...පෙ.... යඤ්ච මනොකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං යා ච චෙතනා යා ච පත්ථනා යො ච පණිධි යෙ ච සඞ්ඛාරා සබ්බෙ තෙ ධම්මා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු? දිට්ඨි හිස්ස, භික්ඛවෙ, භද්දිකා. සෙය්‍යථාපි, භික්ඛවෙ, උච්ඡුබීජං වා සාලිබීජං වා මුද්දිකාබීජං වා අල්ලාය පථවියා නික්ඛිත්තං යඤ්චෙව පථවිරසං උපාදියති යඤ්ච ආපොරසං උපාදියති සබ්බං තං මධුරත්තාය සාතත්තාය අසෙචනකත්තාය සංවත්තති. තං කිස්ස හෙතු? බීජං හිස්ස, භික්ඛවෙ, භද්දකං. එවමෙවං ඛො, භික්ඛවෙ, සම්මාදිට්ඨිකස්ස පුරිසපුග්ගලස්ස යඤ්චෙව කායකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං යඤ්ච වචීකම්මං...පෙ.... යඤ්ච මනොකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං යා ච චෙතනා යා ච පත්ථනා යො ච පණිධි යෙ ච සඞ්ඛාරා සබ්බෙ තෙ ධම්මා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු? දිට්ඨි හිස්ස, භික්ඛවෙ, භද්දිකා’’ති.
307
හද්දකබීජ සූත්‍රය
[1] “මහණෙනි, සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ පුරුෂ පුද්ගලයා විසින් යම්බඳුවූ කායකර්මයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්ණකරනු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ වාක්කර්මයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්ණ කරනු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ මනඃකර්මයක් දෘෂ්ටියවූ පරිද්දෙන් සම්පූර්ණකරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ චේතනාවක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්ණ කරනු ලැබේද, මනාකොට ගන්නා ලැබේද යම්බඳු ප්‍රාර්ථනාවක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්ණකරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳු අධිෂ්ඨානයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්ණකරනු ලැබේද, මනාකොට ගන්නා ලැබේද යම්බඳු සංස්කාරයක් දෘෂ්ටියවූ පරිද්දෙන් සම්පූර්ණකරණු ලැබේද, සමාදන්වනු ලැබේද, ඒ සියලු ධර්මයෝ යහපත පිණිස කැමැතිබව පිණිස මනාපය පිණිස හිත පිණිස සැප පිණිස පවතිත්. ඊට හේතු කවරේද? මහණෙනි යම්හෙයකින් දෘෂ්ටිය යහපත් වේද (එහෙයිනි)
[2] මහණෙනි යම්සේ වනාහි උක් (බීජයක්) කරටියක් හෝ ඇල්වී බීජයක් හෝ මිදි බීජයක් හෝ තෙත්වූ පොළොවෙහි සිටවන ලද්දේ යම් පෘථුවි රසයකුත් ඇදගණීද යම් අපෝරසයකුත් ඇදගණීද, ඒ සියල්ල මිහිරි බැව් පිණිස රස බැව් පිණිස හාත්පසින් රස වැගිරීම පිණිස පවතී. ඊට හේතු කවරේද? මහණෙනි බීජය යහපත් හෙයිනි.
[3] (මෙහි මේ සූත්‍රයේ 1 ඡේදය යොදාගතයුතුයි.)
3. තතියවග්ගො 3. මක්ඛලී වර්ගය
4. චතුත්ථවග්ගො 4. අප්පමත්තක වර්ගය