ත්‍රිපිටකය
15. අට්ඨානපාළි 15. අට්ඨාන වර්ගය
1. පඨමවග්ගො 1. පඨමවග්ගො
2. දුතියවග්ගො 2. දුතියවග්ගො
278
‘‘අට්ඨානමෙතං , භික්ඛවෙ, අනවකාසො යං එකිස්සා ලොකධාතුයා ද්වෙ රාජානො චක්කවත්තී අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්‍යුං. නෙතං ඨානං විජ්ජති . ඨානඤ්ච ඛො එතං, භික්ඛවෙ, විජ්ජති යං එකිස්සා ලොකධාතුයා එකො රාජා චක්කවත්තී උප්පජ්ජෙය්‍ය. ඨානමෙතං විජ්ජතී’’ති.
278
එකචක්කවත්ති සූත්‍රය.
“මහණෙනි, එක ලොක ධාතුවෙක්හි සක්විති රජවරු දෙදෙනෙක් පෙර නොව පසු නොව (එකවර) උපදනාහුය යන මේ කාරණයක් වේද ඒ හේතුරහිතයි. ප්‍රත්‍යය රහිතයි. මේ කාරණය විද්‍යමානනොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් ඇත්තේය. (එනම්) එක ලොකධාතුවෙක්හි එකම සක්විති රජෙක් උපදනේය යන මේ කාරණයක් වේද ඒ වනාහි විද්‍යමානවේ.”
279
‘‘අට්ඨානමෙතං, භික්ඛවෙ, අනවකාසො යං ඉත්ථී අරහං අස්ස සම්මාසම්බුද්ධො. නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො, එතං, භික්ඛවෙ, විජ්ජති යං පුරිසො අරහං අස්ස සම්මාසම්බුද්ධො. ඨානමෙතං විජ්ජතී’’ති.
279
පුරිසසම්මාසම්බොධි සූත්‍රය.
“මහණෙනි, ස්ත්‍රියක් තොම අර්හත්වූ සම්‍යක් සම්බුදුවරයෙක් වේය යන මේ කාරණයක් වේද, ඒ හේතුරහිතයයි. ප්‍රත්‍යය රහිතයි ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමාන වේ (එනම්) යම්හෙයකින් පුරුෂයෙක් අර්හත්වූ සම්‍යක් සම්බුදුවරයෙක් වේද, මේ කාරණය නම් විද්‍යමානවේ.
280
‘‘අට්ඨානමෙතං , භික්ඛවෙ, අනවකාසො යං ඉත්ථී රාජා අස්ස චක්කවත්තී. නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං, භික්ඛවෙ, විජ්ජති යං පුරිසො රාජා අස්ස චක්කවත්තී. ඨානමෙතං විජ්ජතී’’ති.
280
පුරිස චක්කවත්ති සූත්‍රය.
“මහණෙනි, ස්ත්‍රියක් තොම සක්විති රජෙක් වේය යන මේ කාරණය හේතුරහිතයි. ප්‍රත්‍යය රහිතයි. ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම්හෙයකින් පුරුෂයෙක් සක්විතිරජ වේද මේ කාරණය නම් විද්‍යමානවේ.”
281-283
‘‘අට්ඨානමෙතං, භික්ඛවෙ, අනවකාසො යං ඉත්ථී සක්කත්තං කාරෙය්‍ය...පෙ.... මාරත්තං කාරෙය්‍ය...පෙ.... බ්‍රහ්මත්තං කාරෙය්‍ය. නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං, භික්ඛවෙ, විජ්ජති යං පුරිසො සක්කත්තං කාරෙය්‍ය...පෙ.... මාරත්තං කාරෙය්‍ය...පෙ.... බ්‍රහ්මත්තං කාරෙය්‍ය. ඨානමෙතං විජ්ජතී’’ති.
281-283
පුරිසසක්කත්ත සූත්‍රය
“මහණෙනි, ස්ත්‍රියක් තොම ශක්‍ර ආත්මය ලබන්නීය යන මේ කාරණය හේතු රහිතයි ප්‍රත්‍යය රහිතයි. ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම් හෙයකින් පුරුෂයෙක් ශක්‍රආත්මය ලබන්නේය. මේ කාරණය නම් විද්‍යමාන වේ.”
පුරිසමාරත්ත සූත්‍රය
“මහණෙනි, ස්ත්‍රියක් තොම මාර ආත්මය ලබන්නීය යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම්හෙයකින් පුරුෂයෙක් මාර ආත්මය ලබන්නීය. මේ කාරණය නම් විද්‍යමාන වේ.”
පුරිසබ්‍රහ්මන්ත සූත්‍රය
“මහණෙනි, ස්ත්‍රියක්තොම බ්‍රහ්ම ආත්මය ලබන්නීය. යන මේ කාරණය හේතු රහිතයි ප්‍රත්‍යය රහිතයි. ඒ කාරණය විද්‍යමාන නොවේ. “මහණෙනි, මේ කාරණය නම් දක්නටලැබේ (එනම්) යම් හෙයකින් පුරුෂයෙක් බ්‍රහ්ම ආත්මය ලබන්නීය, යන මේ කාරණය නම් විද්‍යමානවේ”
284
‘‘අට්ඨානමෙතං, භික්ඛවෙ, අනවකාසො යං කායදුච්චරිතස්ස ඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්‍ය. නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං, භික්ඛවෙ, විජ්ජති යං කායදුච්චරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්‍ය. ඨානමෙතං විජ්ජතී’’ති.
284
කායදුච්චරිතවිපාක සූත්‍රය
“මහණෙනි, කාය දුශ්චරිතයෙන් ප්‍රියවූ, සිත්කළුවූ, මනවඩන්නාවූ විපාකයක් උපදනේයයි නම් කරුණක් වේද ඒ හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් සිදුනොවන්නේය. මහණෙනි, මේ කාරණය නම් සිදුවේ (එනම්) යම්හෙයකින් කායදුශ්චරිතයාගේ අප්‍රිය වූ, අකාන්තවූ අමනාපවූ විපාකයක් උපදනේය. යන මේ කාරණය නම් සිදුවන්නේය.”
285-286
‘‘අට්ඨානමෙතං, භික්ඛවෙ, අනවකාසො යං වචීදුච්චරිතස්ස...පෙ.... යං මනොදුච්චරිතස්ස ඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්‍ය. නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං, භික්ඛවෙ, විජ්ජති යං මනොදුච්චරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්‍ය. ඨානමෙතං විජ්ජතී’’ති.
285-286
වචීදුච්චරිතවිපාක සූත්‍රය
“මහණෙනි, වචී (වචන) දුශ්චරිතයෙන් ප්‍රියවූ, සිත්කලුවූ, මනවඩන්නාවූ විපාකයක් උපදනේයයි යම් කරුණක්වේද ඒ හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් සිදුනොවන්නේය. මහණෙනි මේ කාරණය නම් සිදුවේ. (එනම්) යම්හෙයකින් වචී (වචන) දුශ්චරිතයාගේ අප්‍රියවූ, අකාන්තවූ අමනාපවූ විපාකයක් උපදනේය යන මේ කාරණය නම් සිදුවන්නේය.”
“මහණෙනි, මනෝ (හිතේ) දුශ්චරිතයෙන් ප්‍රියවූ, සිත්කලුවූ, මනවඩන්නාවූ විපාකයක් උපදනේයයි යම් කරුණක් වේද ඒ හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් සිදුනොවන්නේය මහණෙනි, මේ කාරණය නම් සිදුවේ. (එනම්) යම්හෙයකින් මනෝ (හිතේ) දුශ්චරිතයාගේ අප්‍රියවූ, අකාන්තවූ අමනාපවූ විපාකයක් උපදනේය යන මේ කාරණය නම් සිදුවන්නේය.”
3. තතියවග්ගො 3. තතියවග්ගො