ත්‍රිපිටකය
13. එකපුග්ගලවග්ගො 13. එකපුග්ගල වර්ගය
170
‘‘එකපුග්ගලො , භික්ඛවෙ, ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං . කතමො එකපුග්ගලො? තථාගතො අරහං සම්මාසම්බුද්ධො. අයං ඛො, භික්ඛවෙ, එකපුග්ගලො ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන’’න්ති.
170
සම්මාසම්බුද්ධ සූත්‍රය
“මහණෙනි, එකම පුද්ගලයෙක් තෙම ලෝකයෙහි උපදනේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස උපදී. කවරනම් අසහාය පුද්ගලයෙක්ද? තථාගත (නම්වූ) අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේය. මහණෙනි, මේ අසහාය පුද්ගලතෙම වනාහි ලෝකයෙහි උපදනේ බොහෝදෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපදී.”
171
‘‘එකපුග්ගලස්ස, භික්ඛවෙ, පාතුභාවො දුල්ලභො ලොකස්මිං. කතමස්ස එකපුග්ගලස්ස? තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස. ඉමස්ස ඛො, භික්ඛවෙ, එකපුග්ගලස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මි’’න්ති.
171
දුල්ලභපුග්ගල සූත්‍රය
“මහණෙනි, ලෝකයෙහි එකම පුද්ගලයෙකුගේ පහළවීම දුර්ලභය. කවර එකම පුද්ගලයෙකුගේද? තථාගතවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයන්ගේය. මහණෙනි, මේ අසහාය පුද්ගලයාගේ ලොව පහළ වීම වනාහි දුර්ලභය.”
172
‘‘එකපුග්ගලො, භික්ඛවෙ, ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති අච්ඡරියමනුස්සො. කතමො එකපුග්ගලො? තථාගතො අරහං සම්මාසම්බුද්ධො. අයං ඛො, භික්ඛවෙ, එකපුග්ගලො ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති අච්ඡරියමනුස්සො’’ති.
172
අච්ඡරිය මනුස්ස සූත්‍රය
“මහණෙනි, ලෝකයෙහි එකම පුද්ගලයෙක් උපදනේ ආශ්චර්‍ය්‍ය මනුෂ්‍යයෙක්ව උපදී. කවර එකම පුද්ගලයෙක් ද? තථාගතවූ අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේය. මහණෙනි, ලෝකයෙහි මේ අසහාය පුද්ගල තෙම වනාහි උපදින්නේ ආශ්චර්‍ය්‍ය මනුෂ්‍යයෙක්ව උපදී.”
173
‘‘එකපුග්ගලස්ස, භික්ඛවෙ, කාලකිරියා බහුනො ජනස්ස අනුතප්පා (ආනුතප්පා (සී.)) හොති. කතමස්ස එකපුග්ගලස්ස? තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස. ඉමස්ස ඛො, භික්ඛවෙ, එකපුග්ගලස්ස කාලකිරියා බහුනො ජනස්ස අනුතප්පා හොතී’’ති.
173
අනුතප්ප සූත්‍රය
“මහණෙනි, එකම පුද්ගලයෙකුගේ කාලක්‍රියාව බොහෝ දෙනාට තැවිලි උපද වන්නීය. කවර එකම පුද්ගලයෙකුගේද යත්; තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේය. මහණෙනි, මේ අසහාය පුද්ගලයාගේ කාලක්‍රියාව බොහෝ දෙනාට තැවිලි උපදවන්නීය.
174
‘‘එකපුග්ගලො, භික්ඛවෙ, ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති අදුතියො අසහායො අප්පටිමො අප්පටිසමො අප්පටිභාගො අප්පටිපුග්ගලො අසමො අසමසමො ද්විපදානං අග්ගො. කතමො එකපුග්ගලො? තථාගතො අරහං සම්මාසම්බුද්ධො. අයං ඛො, භික්ඛවෙ, එකපුග්ගලො ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති අදුතියො අසහායො අප්පටිමො අප්පටිසමො අප්පටිභාගො අප්පටිපුග්ගලො අසමො අසමසමො ද්විපදානං අග්ගො’’ති.
174
අප්පටි පුග්ගල සූත්‍රය
“මහණෙනි, තමහට සරිලන දෙවැන්නකු නැතිවූ සමානයකු නැතිවූ, සම කරනට දෙයක් නැතිවූ ආත්මභාවයෙන් සමානයකු නැතිවූ, තමාගේ ධර්මයෙහි අඩුපාඩු ප්‍රකාශ කිරීමට කිසිවකු නැතිවූ, (‘මම බුදුවෙමි”යි ප්‍රතිඥා දෙන්නට සමර්ථවූ අන් කිසිවකු නැතිවූ, (සියලු පුද්ගලයන් හා අසමානවූ) අසම නම්ලද බුදුවරයන්ට සමානවූ, දෙව්මිනිසුන් අතුරෙන් අග්‍රවූ, එක පුද්ගලයෙක් ලෝකයේ උපදනේය. කවර එකම පුද්ගලයෙක්ද යත්; තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේය. මහණෙනි, තමාට සම දෙවැනියකු නැති, සහායයකු නැති, ප්‍රතිමායෙන් සමානයෙකු නැති, අප්‍රති සමවූ, ප්‍රතිභාගවීමට සුදුස්සකු නැති, අප්‍රතිපුද්ගලවූ, අසමවූ, අසමසමවූ මේ අසහාය පුද්ගල තෙම වනාහි දෙපා ඇත්තවුන්ට අග්‍රව උපදී.
175-186
‘‘එකපුග්ගලස්ස , භික්ඛවෙ, පාතුභාවා මහතො චක්ඛුස්ස පාතුභාවො හොති, මහතො ආලොකස්ස පාතුභාවො හොති, මහතො ඔභාසස්ස පාතුභාවො හොති, ඡන්නං අනුත්තරියානං පාතුභාවො හොති, චතුන්නං පටිසම්භිදානං සච්ඡිකිරියා හොති, අනෙකධාතුපටිවෙධො හොති, නානාධාතුපටිවෙධො හොති, විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියා හොති, සොතාපත්තිඵලසච්ඡිකිරියා හොති, සකදාගාමිඵලසච්ඡිකිරියා හොති, අනාගාමිඵලසච්ඡිකිරියා හොති, අරහත්තඵලසච්ඡිකිරියා හොති. කතමස්ස එකපුග්ගලස්ස? තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස. ඉමස්ස ඛො, භික්ඛවෙ, එකපුග්ගලස්ස පාතුභාවා මහතො චක්ඛුස්ස පාතුභාවො හොති, මහතො ආලොකස්ස පාතුභාවො හොති, මහතො ඔභාසස්ස පාතුභාවො හොති, ඡන්නං අනුත්තරියානං පාතුභාවො හොති, චතුන්නං පටිසම්භිදානං සච්ඡිකිරියා හොති, අනෙකධාතුපටිවෙධො හොති, නානාධාතුපටිවෙධො හොති, විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියා හොති, සොතාපත්තිඵලසච්ඡිකිරියා හොති, සකදාගාමිඵලසච්ඡිකිරියා හොති, අනාගාමිඵලසච්ඡිකිරියා හොති, අරහත්තඵලසච්ඡිකිරියා හොතී’’ති.
175-186
ධම්මපාතුභාව සූත්‍රය
[1] “මහණෙනි, එකම පුද්ගලයෙකුගේ පහළවීමෙන් මහත්වූ (ප්‍රඥා) චක්ෂුසයාගේ පහළවීම වේ. මහත්වූ (ප්‍රඥා) ආලෝකයාගේ පහළවීම වේ, මහත්වූ (ප්‍රඥා) දීප්තියකගේ පහළවීම වේ. සවැදෑරුම් අනුත්තරිය ධර්මයන්ගේ පහළවීම වේ, සිවුපිළිසිඹියාවන්ගේ ප්‍රත්‍යක්ෂ කිරීම වේ. නොයෙක් ධාතූන්ගේ ප්‍රතිවෙධය වේ. නානාප්‍රකාර ස්වභාවය දැනගැනීම ඇති වේ. මාර්ගඵලඥානය හා ඒ සමග යෙදුනු අවශෙෂ ධර්මයන්ගේ හා අර්හත් ඵලයාගේ ප්‍රත්‍යක්ෂකිරීම වේ. සොවාන් ඵලයාගේ ප්‍රත්‍යක්ෂකිරීම වේ. සකෘදාගාමී ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම වේ. අනාගාමී ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම වේ. අර්හත් ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම වේ.”
[2] “කවර එකම පුද්ගලයෙකුගේද යත්? තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේය. මහණෙනි, මේ අසහාය පුද්ගලයාගේ පහළවීමෙන් මහත්වූ (ප්‍රඥා) චක්ෂුසයාගේ පහළවීම වේ. මහත්වූ ප්‍රඥාලෝකයාගේ පහළවීම වේ. මහත්වූ ප්‍රඥාභාවයාගේ පහළවීම වේ. ෂඞ්විධ අනුත්තරිය ධර්මයන්ගේ පහළවීම වේ. චතුර්විධ ප්‍රතිසම්භිදා ධර්මයන්ගේ පහළවීම වේ. නොයෙක් ධාතූන්ගේම ප්‍රතිවේධය වේ. ඒ නානා ස්වභාවයන්ගේ ප්‍රතිවෙධය වේ. විද්‍යාවිමුක්ති ඵලයන්ගේ ප්‍රත්‍යක්ෂ කිරීමවේ. ශ්‍රොතාපත්ති ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීමවේ. සකෘදාගාමි ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම වේ. අනාගාමි ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම වේ. අර්හත් ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම වේ.
187
‘‘නාහං භික්ඛවෙ, අඤ්ඤං එකපුග්ගලම්පි සමනුපස්සාමි යො එවං තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිතං සම්මදෙව අනුප්පවත්තෙති යථයිදං, භික්ඛවෙ, සාරිපුත්තො. සාරිපුත්තො, භික්ඛවෙ, තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිතං සම්මදෙව අනුප්පවත්තෙතී’’ති.
187
සාරිපුත්තධම්මචක්ක සූත්‍රය
“මහණෙනි, යමෙක් තෙම තථාගතයන් වහන්සේ විසින් පවත්වනලද නිරුත්තරවූ ධර්මචක්‍රය මනා කොට (ඒ අනුවම) පවත්වාද, මහණෙනි, (එසේ කිරීමෙහි) මේ ශාරිපුත්‍රස්ථවිරයන් බඳුවූ අනෙක් එක පුද්ගලයෙකුදු මම (නුවණැසින්) නොම දකිමි. මහණෙනි, ශාරිපුත්‍රස්ථවිර තෙමේ තථාගතයන් විසින් පවත්වන ලද ශ්‍රේෂ්ඨ වූ ධර්මචක්‍රය මනා කොට ඒ අනුවම පවත්වයි.