ත්‍රිපිටකය
8. කල්‍යාණමිත්තාදිවග්ගො 8. කල්‍යාණමිත්‍ර වර්ගය
71
‘‘නාහං , භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති යථයිදං, භික්ඛවෙ, කල්‍යාණමිත්තතා. කල්‍යාණමිත්තස්ස, භික්ඛවෙ, අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්තී’’ති. පඨමං.
71
කල්‍යාණමිත්ත සූත්‍රය
“මහණෙනි, යම් කල්‍යාණ මිත්‍රතාවක් (යහපත් මිතුරන් ඇතිබවක්) හේතුකොටගෙණ නූපන් කුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි මේ වැනිවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, කල්‍යාණමිත්‍රයන් ඇත්තාහට නූපන්නාවූ කුශලධර්මයෝත් උපදිත්, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්.”
72
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති යථයිදං, භික්ඛවෙ, අනුයොගො අකුසලානං ධම්මානං, අනනුයොගො කුසලානං ධම්මානං. අනුයොගා, භික්ඛවෙ, අකුසලානං ධම්මානං, අනනුයොගා කුසලානං ධම්මානං අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්තී’’ති. දුතියං.
72
අකුසලානුයොග සූත්‍රය
“මහණෙනි, යම් අකුශල ධර්මයන්හි යෙදීමක් හා කුශලධර්මයන්හි නොයෙදීමක් නිසා නූපන් අකුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශලධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මෙ වැනිවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අකුශලධර්මයන්හි යෙදීමෙන්ද කුශලධර්මයන්හි නොයෙදීමෙන්ද, නූපන් අකුශල ධර්මයෝත් උපදිත්, උපන්නාවූ කුශලධර්මයෝත් පිරිහෙත්.”
73
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති යථයිදං, භික්ඛවෙ, අනුයොගො කුසලානං ධම්මානං, අනනුයොගො අකුසලානං ධම්මානං. අනුයොගා, භික්ඛවෙ, කුසලානං ධම්මානං, අනනුයොගා අකුසලානං ධම්මානං අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්තී’’ති. තතියං.
73
කුසලානුයොග සූත්‍රය
“මහණෙනි, යම් කුශල ධර්මයන්හි යෙදීමක් හා අකුශලධර්මයන්හි නොයෙදීමක් නිසා නූපන් කුශලධර්මයෝත් උපදිත් ද, උපන් අකුශලධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, කුශලධර්මයන්හි යෙදීමෙන් හා අකුශල ධර්මයන්හි නොයෙදීමෙන් (පෙර) නූපන් කුශල ධර්මයෝත් උපදිත්, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්.
74
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා බොජ්ඣඞ්ගා නුප්පජ්ජන්ති උප්පන්නා වා බොජ්ඣඞ්ගා න භාවනාපාරිපූරිං ගච්ඡන්ති යථයිදං, භික්ඛවෙ, අයොනිසොමනසිකාරො. අයොනිසො, භික්ඛවෙ, මනසි කරොතො අනුප්පන්නා චෙව බොජ්ඣඞ්ගා නුප්පජ්ජන්ති උප්පන්නා ච බොජ්ඣඞ්ගා න භාවනාපාරිපූරිං ගච්ඡන්තී’’ති. චතුත්ථං.
74
බොජ්ඣංගඅනුප්පාද සූත්‍රය
“මහණෙනි, යම් අනුවණින් මෙනෙහි කිරීමක් කරණකොටගෙණ නූපන් බොජ්ඣංගධර්මයෝ (ඥානයට කරුණුවන ධර්මයෝත්) නූපදිත්ද, උපන්නාවූ බොජ්ඣංගධර්මයෝත් සම්පූර්ණභාවයට නොයෙත් ද, මහණෙනි, මේ වැනිවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අනුවණින් මෙනෙහි කරන්නා තුළ නූපන් බොජ්ඣංග ධර්මයෝත් නූපදිත්, උපන්නාවූ බොජ්ඣංග ධර්මයෝත් වැඩීමට සම්පූර්ණ බවට නොයෙත්.”
75
‘‘නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙන අනුප්පන්නා වා බොජ්ඣඞ්ගා උප්පජ්ජන්ති උප්පන්නා වා බොජ්ඣඞ්ගා භාවනාපාරිපූරිං ගච්ඡන්ති යථයිදං, භික්ඛවෙ, යොනිසොමනසිකාරො . යොනිසො , භික්ඛවෙ, මනසි කරොතො අනුප්පන්නා චෙව බොජ්ඣඞ්ගා උප්පජ්ජන්ති උප්පන්නා ච බොජ්ඣඞ්ගා භාවනාපාරිපූරිං ගච්ඡන්තී’’ති. පඤ්චමං.
75
බොජ්ඣංගුප්පාද සූත්‍රය
“මහණෙනි, යම් නුවණින් මෙනෙහිකිරීමක් කරණකොට ගෙණ නූපන් බොජ්ඣංග ධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ බොජ්ඣංගධර්මයෝත් වැඩීමෙන් සම්පූර්ණභාවයට යෙත්ද, මහණෙනි, මේ වැනිවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නාවූ බොජ්ඣංග ධර්මයෝත් උපදිත්. උපන්නාවූ බොජ්ඣංගධර්මයෝත් වැඩීමෙන් සම්පූර්ණවීමට යෙත්.”
76
‘‘අප්පමත්තිකා එසා, භික්ඛවෙ, පරිහානි යදිදං ඤාතිපරිහානි. එතං පතිකිට්ඨං, භික්ඛවෙ, පරිහානීනං යදිදං පඤ්ඤාපරිහානී’’ති. ඡට්ඨං.
76
ඤාතිපරිහානි සූත්‍රය
“මහණෙනි, නෑයන්ගේ යම් පිරිහීමක් වේද, මේ පිරිහීම සුලුවේ. මහණෙනි, ප්‍රඥාවගේ යම් පිරිහීමක් වේද, පිරිහීම් අතුරින් මේ ප්‍රඥාවගේ පිරිහීම ලාමකය.
77
‘‘අප්පමත්තිකා එසා, භික්ඛවෙ, වුද්ධි යදිදං ඤාතිවුද්ධි. එතදග්ගං, භික්ඛවෙ, වුද්ධීනං යදිදං පඤ්ඤාවුද්ධි. තස්මාතිහ, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං - ‘පඤ්ඤාවුද්ධියා වද්ධිස්සාමා’ති. එවඤ්හි වො, භික්ඛවෙ , සික්ඛිතබ්බ’’න්ති. සත්තමං.
77
ඤාතිවුද්ධි සූත්‍රය
“මහණෙනි, නෑයන්ගේ යම් වැඩීමක් දියුණුවක් වේද, ඒ මේ වැඩීම සුලුවේ. මහණෙනි, ප්‍රඥාවගේ යම් වැඩීමක් වේද, වැඩීම් අතුරෙන් මේ ප්‍රඥා වැඩීම ශ්‍රේෂ්ඨවේ
“මහණෙනි, එහෙයින් මේ කාරණයෙහි මෙසේ හික්මිය යුතුයි. (කෙසේදයත්) ‘අපි ප්‍රඥා වැඩීමෙන් වැඩෙන්නෙමුයි’ කියායි. මහණෙනි, තොප විසින් වනාහි මෙසේ හික්මිය යුතුයි”
78
‘‘අප්පමත්තිකා එසා, භික්ඛවෙ, පරිහානි යදිදං භොගපරිහානි. එතං පතිකිට්ඨං, භික්ඛවෙ, පරිහානීනං යදිදං පඤ්ඤාපරිහානී’’ති. අට්ඨමං.
78
භොගපරිහානි සූත්‍රය
“මහණෙනි, යම් සම්පත් පිරිහීමක් වේද, ඒ මේ පිරිහීම සුලුවේ. මහණෙනි, පිරිහීම් අතුරෙන් ප්‍රඥාවගේ යම් පිරිහීමක් වේද මෙය පිරිහීම් අතුරෙන් ලාමක වන්නේය.”
79
‘‘අප්පමත්තිකා එසා, භික්ඛවෙ, වුද්ධි යදිදං භොගවුද්ධි. එතදග්ගං, භික්ඛවෙ, වුද්ධීනං යදිදං පඤ්ඤාවුද්ධි. තස්මාතිහ, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං - ‘පඤ්ඤාවුද්ධියා වද්ධිස්සාමා’ති. එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බ’’න්ති. නවමං.
79
භෝගවුද්ධි සූත්‍රය
“මහණෙනි, සම්පත්තියෙන් යම් වැඩීමක් වේද, ඒ මේ වැඩීම සුලුවේ. මහණෙනි, වැඩීම් අතුරෙන් යම් ප්‍රඥාවැඩීමක්වේද, ඒ මේ වැඩීම අග්‍රය. මහණෙනි එහෙයින් මෙහිලා තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ‘ප්‍රඥාව වැඩීමෙන් වැඩෙන්නෙමුයි’ කියායි මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.”
80
‘‘අප්පමත්තිකා එසා, භික්ඛවෙ, පරිහානි යදිදං යසොපරිහානි. එතං පතිකිට්ඨං, භික්ඛවෙ, පරිහානීනං යදිදං පඤ්ඤාපරිහානී’’ති. දසමං.
80
යසොපරිහානි සූත්‍රය
“මහණෙනි, යසසෙහි (කීර්තියෙහි හා පිරිවරෙහි) යම් පිරිහීමක්වේද, ඒ පිරිහීම සුලුවේ. මහණෙනි, ප්‍රඥාවෙහි යම් පිරිහීමක් වේද, පිරිහීම් අතුරෙන් ඒ ලාමකය.”